20171029

සයිටම් විරෝධය අහෝසියි. සයිටම් විරෝධීන්ගේ සැබෑ මුහුණුවර???



සයිටම් විරෝධය අහෝසියි.
සයිටම් සිසුන් ජයගනියි.

සයිටම් විරෝධීන්ගේ සැබෑ මුහුණුවර
දැක ගැනීමට සූදානම් වන්න.

සයිටම් ආයතනය අහෝසියි.
ලාභ නොලබන ආයතනයක් ඇති කෙරෙයි.
සයිටම් සිසුන්ගේ අනාගතය සහතිකයි.
ගෙවා ඉගෙනගැනීමේ පහසුව දිගටම.
ප්‍රමිතිය වෛද්‍ය සභාවට අනුකූලව.
දුප්පතුන්ට ශිෂ්‍යත්ව සහ ණය සහන.
නව කළමණාකරණයක්.

දැන් සයිටම් විරෝධීන්ගේ ඉල්ලීම්වලින්
නොලැබුණේ මොනවාද?
සයිටම් ආයතනය රජයට පවරා ගැනීම හැර
ඔවුන්ගේ අන් සියලුම ඉල්ලීම් ඉටුවී ඇත.

සයිටම් ආයතනය අහෝසි වූ පසු
පිහිටුවන නව ආයතනය ලාභ නොලබන ආයතනයකි.
බටහිර රටවල් වල පුද්ගලික වෛද්‍ය විද්‍යාල
රජය සම්බන්ධ ලාභ නොලබන ආයතන නිසා
අපේ රටේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලද
ඒ අනුව විය යුතු බවට යෝජනා කළේ ඔවුන්ය.
දැන් එම ඉල්ලීම ඉටුවී තිබේ.
ඉදිරියේදී බිහිවෙන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලද
මේ ආකාරයටම ක්‍රියාත්මක කළ හැක.

උසස් පෙළ ප්‍රතිඵල අනුව සියයට හතළිහක්
සහ ඉතිරි සියයට හැට දිස්ත්‍රික් කෝටාවෙන් ගෙන
වෛද්‍ය පීඨවලට 1300ක් බඳවා ගත් පසුව
දිස්ත්‍රික් කෝටාව්ලින් බඳවා ගන්නා සිසුන්ට වඩා
ඉහළ සුදුසුකම් සහිත සහ අවම සුදුසුකම් සහිත
දස්ගාණක් සිසුන්ට වියදම සිය අතින් ගෙවා
වෛද්‍ය සභාව පිළිගත් වෛද්‍යවරයෙකු වන්නට
දොරටුව විවර වී ඇත.

දැන් වෛද්‍යවරයෙකු වීමේ අවස්ථාව
ධනවතුන්ට පමණක් සීමා වූ සිහිනයක් නොවේ.
අවශ්‍ය වියදම කළමණාකරණය කරගත හැකි
අවම සුදුසුකම් ඇති අයට අවස්ථාව තිබේ.
ඉල්ලුම අනුව නව විද්‍යාල විවෘත වනු ඇත.

සයිටම් විරෝධීන් දිගින් දිගටම ඉල්ලා සිටි
අවම ප්‍රමිතියද වෛද්‍ය සභාවට අනුව
නව ආයතනයට සිසුන් බඳවා ගැනීමේදී
ක්‍රියාත්මක වනු ඇත.
මෙතෙක් පිළිගත් අවම ප්‍රමිතිය
වෙනස් නොකරන බවත් වෛද්‍ය සභා සභාපති
ප්‍රකාශකොට ඇති හෙයින් එහිද ගැටළු නැත.

ඉක්බිති සයිටම් විරෝධීන්ට හැර
අන් සියල්ලන්ටම සතුටින් එකඟ විය හැකි
සාධාරණ විසඳුමක් මෛත්‍රී විසින්
ලබා දී ඇත.

සයිටම් විරෝධය කවරක් සඳහාද යන්න
මෙතෙක් විවාදිත වූයේ ඔවුන්ගේ ඉල්ලීම්
මෙතෙක් ඉටු නොවී පැවතීම නිසා විය හැකිය.
එහෙත් ඔවුන් ඉල්ලූ සියලු දේ ඉටුවීමෙන් පසුව
තවදුරටත් සයිටම් විරෝධය එසේම නම්
ඔවුන් හෙළි නොකරන යටි අරමුණක් එහි ඇත.
එම යටි අරමුණ වන්නේ
"ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු ප්‍රමාණය
අඩුකර ගැනීම" නොවන්නේද යන ගැටළුව
වෛද්‍ය සිසුන් විසින් විසඳාගත යුතුය.

නිරෝගී ජීවිත අනතුරේ -වේදනා නාශක වසංගතයක්

ඔපියොයිඩ් වසංගතයෙන් කිසිදු රෝහලක්
මිදී නැති බවට ප්‍රවෘත්ති ඇමරිකාවේ පළ වූයේ
2016 වසරේ මුල් භාගයේදීය.
කිසියම් ආකාරයක වේදනා නාශකයක් නිසා
දිනකට මිය යන ප්‍රමාණය 44ක් බව
ඒ දිනවල වාර්තා විය.

රෝගීන්ට ප්‍රතිකාර කිරීම
වෙළඳ ව්‍යාපාරයක් වූ පසු
අරමුණ ලාභ ලැබීමයි.

ලාභය උපයන්නට නම් රෝගීන් සිටිය යුතුය.
නිරෝගී මිනිසුන් රෝගීන් විය යුතුය,
ඔවුන් වෛද්‍යවරුන් වෙත පැමිණිය යුතුය.
ඔවුන් නියම කරන බෙහෙත් මිලදී ගත යුතුය.

මේ දාමයේ ඔසු නිෂ්පාදකයාට හිමිවන්නේ
අද්විතීය ස්ථානයක් වන අතර
ඔහු තිරය පිටුපස සිට වෛද්‍ය ක්ෂේත්‍රය පුරා
සිය අණසක පතුරවන අදිසි හස්තයයි.

ප්‍රතිශක්තිකරණයේ සිටම ඔසු වලට හුරු කරන
නව පරපුරේ සියලු අසරණ ජීවීන්
"ආහාර මෙන්ම ඖෂධද මිනිසාට අත්‍යාවශ්‍යයි"
යන විශ්වාසයේ එල්බ ගෙන සියලු කැක්කුම් වේදනා
ඖෂධවල පිහිටෙන්ම සුව කරගන්නට යොමු වෙති.

රෝගයක් ඇතත් නැතත් ඖෂධ විකිණීම
අද ජාවාරමක් වී ඇති බවට සහතිකයක්
බටහිරෙන්ම ලැබීම අපූරු අනතුරු ඇඟවීමකි.

රෝග නොවැළඳුනු අයත්
රෝගීන් ලෙස සලකා දුන් බෙහෙතෙන්
මිනිසුන් මරන්නට වෛද්‍ය සහාය ලබාගත්
ඔසු නිෂ්පාදක කපූර් මේ මාරාන්තික ජාවාරමේ
ඒක් කුඩා සාධකයක් පමණක් විය හැක.

මෙය කියවන ඔබ පවා මේ දාමයේ
තවත් එක පුරුකක් නොවිය හැකිද?

විවේකයෙන් සුව වන රෝග කීයකට නම්
වේදනාවෙන් මිදෙන්නට සිතාගෙන
අදාළ රෝගය එසේම තිබියදී
වේදනා නාශකයකින් වේදනාව සඟවා
නිරෝගී පුද්ගලයෙකු මෙන් ඔබ රඟපෑවේද?

මනස නිරෝගී චරිතය රඟ පාන විට
කය රෝගී බව සඟවන්නට ප්‍රතිකාර කළ
ඔබේ වෛද්‍යවරයා සහ ෆාමසි කරුවාට
රෝගය සුව කරන්නටද ගෙවිය යුතුය.

වේදනා නාශකය යනු වෛද්‍යවරයාටත්
ෆාමසි කරුවාටත්, ඔසු නිෂ්පාදකයාටත්
අත්තිකාරම් ලෙස ලැබෙන බෝනස් එකකි.
සැබෑ මිළ ඔවුන්ට ලැබෙන්නේ ඔබේ රෝගය
ඔබ මාරාන්තිකව වසඟයට ගත් දාටයි.

වේදනා නාශකයෙන් සඟවා තැබූ රෝග ලක්ෂණය
සුව කිරීම අසීරු වී ඔඩු දුවද්දී
ව්‍යාපාරිකයාද ඒ තරමට ලාභ උපයන්නේය.

රෝග ලක්ෂණ වලට බියවී
රෝග ඇතත් නැතත් ප්‍රතිකාර සොයා
අනවශ්‍ය අවස්ථාවන්හිදී
අනවශ්‍ය ඖෂධ භාවිතයෙන් රෝගීන් වළක්වා ගැනීම
රෝග වැළැක්වීමට වඩා අද බැරෑරුම්ය.

මේ නිසාම ලෝක සෞඛ්‍ය සංවිධානය පවා
අද ඔබට දෙවරක් සිතන්නට කියයි.
1 ප්‍රතිකාරය අවශ්‍යද?
2, ප්‍රතිකාරය සුදුසුද?

ලෝක සෞඛ්‍ය සංවිධානයේ
පණිවිඩය සරලය. පැහැදිලිය.
1, අනවශ්‍ය ඖෂධවලින් වළකින්න.
2, නුසුදුසු ඖෂධවලින් වළකින්න.
මේ දෙක වැරදුණොත් ජීවිතයත් අනතුරේ.

කිසිම වෛද්‍යවරයෙක් සර්වඥ නැත.
ඔහු රෝගය වැරදියට කියවන්න පුලුවන්.
ඔබේ පැමිණිල්ල රෝගයක් නොවෙන්නත් පුලුවන්.
බෙහෙත නිරෝගී ඔබට විෂ වෙන්න පුලුවන්.
ඕපියොයිඩ් නිසා නිරෝගීන් මිය ගිහින්.
තවත් එවැනිදේ සිදු වෙන්න පුලුවන්.
ඒත් වාර්තාවන්නේ රෝගයකින් සිදුවූ
මරණයක් ලෙස විය හැකියි.

දිය වැඩියා රෝගයට දෙන බෙහෙතෙන්
රුධිර පීඩනය වැඩිවී රෝගියා මළොත්
ඔහු මිය ගියේ අධික රුධිර පීඩනය නිසා
කියා මරණ වාර්තාවේ දකින්න පුලුවන්.

විශේෂඥයෙක් වුනත්
සිය ගණනකට සුළු කාලයක් තුළ
ප්‍රතිකාර කරද්දි වැරදි සිදු විය හැක.
වෛද්‍යවරයා දෙන්නෙ ඔහු හදපු බෙහෙතක් නොවෙයි.
ඔහු දෙන බෙහෙත වැරදිය හැක.
අනවශ්‍ය විය හැක.

සමහරු බෙහෙතක් දෙන්නෙ
ඔහු ලබන කොමිස් නිසා විය හැක.

ජෝන් කපූර් වෛද්‍යවරු මිළට ගත්තා.
ලෝකෙටම ඉන්නෙ එවැනි අය එක්කෙනක් නොවෙයි.
චන්න ජයසුමන වැනි වෛද්‍යවරුන් පවා
කොමිස් ලබා දෙන ඖෂධ මාෆියාව පිළිබඳව
විවේචනාත්මකව කතා කරති.

බෙහෙත කුමක් වුණත්
හානියක් වුණාම අපිට අහන්න ලැබෙන
"බෙහෙත් හදන්නෙ මම නොවෙයි"
පොදු පිළිතුර සමග වාද කළ හැක්කේ කාටද?.

එදා සාත්තර කාරයන් ඇදහූ අයුරින්ම
අද වෛද්‍යවරුත් බැතිමත්ව ''අදහන්න'' පුරුදු වීම
බොහෝ දෙනෙකුට ඇති ගැටළුවක්.

වෛද්‍යවරු නොදන්නා රෝග නැත්ද?.
වෛද්‍යවරු නොදන්නා ප්‍රතිකාර නැත්ද?.
මේ දෙක වැරදීමෙන් වෛද්‍යවරුන්ට වරදින විට
ඒ වැරදිවල හානිය සිදුවන්නේ ඔබටයි.

වෛද්‍යවරයෙකුට වැරදුණොත්
ඔහුවත් දන්නෙ නැති වෙන්න පුලුවන්.
ඒත් ඒ වරද යන්නෙ ඔබේ පිටින්.
වන්දි ගෙවන්නේ ඔබයි.

දෙවරක් හිතන්න.
1 ප්‍රතිකාරය අවශ්‍යද?
2, ප්‍රතිකාරය සුදුසුද?

ඔබ වෙළඳසැලකට ගිහින් යමක් ඉල්ලද්දි
කවදාවත්ම ව්‍යාපාරිකයා ඔබ හරවා එවන්නෙ නෑ.
ව්‍යාපාරිකයා මේ ප්‍රශ්න දෙක අහන්නෙ නෑ.
1 ප්‍රතිකාරය අවශ්‍යද?
2, ප්‍රතිකාරය සුදුසුද?

ඔහුගෙ ආදායම රඳා පවතින්නෙ
මේ දෙක මත නොවෙයි.
ඔබ මිලට ගන්නා ප්‍රතිකාර සහ
ඖෂධ ප්‍රමාණය මතයි.
1 ප්‍රතිකාරය අවශ්‍යද?
2, ප්‍රතිකාරය සුදුසුද?
මේ දෙකට පිළිතුර "ඔව්" කියා ඔබ සිතීම මතයි.

අද කාලයේ වෛද්‍ය වෘත්තිය
අති උදාර හදවතක් ඇති
යස ඉසුරු සම්පත් වලට කෑදර නැති
උතුම් මිනිසුන්ට පමණක් යෙදිය හැකි තරම්
අවදානම් සහගත, පහත් වෘත්තියක් බවට
කණගාටුදායක ලෙස පත්ව ඇත්තේ
වෘත්තියෙහි වරදක් නිසා නොව
එහි යෙදෙන සමහර මිනිසුන්ගේ
පහත් ගතිගුණ සහ පහත් සිතුම් පැතුම් නිසා
රෝගියා පාරිභෝගිකයෙක් වී
නිරෝගියාට පවා ප්‍රතිකාර කිරීම
ජාවාරමක් වී ඇති නිසාය.

මූලාශ්‍ර වූ පුවත දිවයින පත්‍රයෙන්
===================================
රෝගීන්ට මරණය
; දොස්‌තරලාට අල්ලස්‌ බෙහෙත් සමාගම් හිමිකාර ප්‍රකෝටිපතියා අත්අඩංගුවට

 ලොව ප්‍රධාන පෙළේ බෙහෙත් සමාගමක්‌ වන 'ඉන්සිස්‌ තෙරපියුටික්‌ස්‌' සමාගමේ නිර්මාතෘවරයා වන ප්‍රකෝටිපති ජෝන් කපූර් ප්‍රබල වේදනා නාශකයක්‌ රෝගීන්ට වැඩි වශයෙන් නිර්දේශ කිරීම සඳහා වෛද්‍යවරුන්ට අල්ලස්‌ ලබාදීමේ චෝදනා මත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 පිළිකා රෝගීනට ස්‌නායු පද්ධතිය ආශ්‍රිතව ඇතිවන වේදනාව ලිහිල් කිරීම සඳහා භාවිත කරන 'ඔපියොයිඩ්' නමැති වේදනා නාශකය භාවිත කළ රෝගීන් මිය යැම ඉහළ යැම හේතුවෙන් වසර ගණනක්‌ පැවැත් වූ පරීක්‍ෂණවලින් පසු ප්‍රකෝටිපති බෙහෙත් සමාගම් හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.

 මෙහිදී කපූර්ට අයත් බෙහෙත් සමාගම ඉහත කී වේදනා නාශකය පිළිකාවක්‌ නොවැළඳුණු පුද්ගලයන්ට විශාල වශයෙන් නිර්දේශ කිරීම සඳහා වෛද්‍යවරුන්ට හා බෙහෙත් ශාලාවලට විශාල අල්ලස්‌ මුදල් ලබාදී ඇති බවට චෝදනා එල්ලවී තිබේ.

 මෙම චෝදනාවලට වරදකරු වුවහොත් 74 හැවිරිදි ප්‍රකෝටිපති බෙහෙත් ව්‍යාපාරික කපූර්ට සිර දඬුවම් ඇතුළු වෙනත් දඬුවම් ලැබීමට නියමිත බව විදෙස්‌ මාධ්‍ය වාර්තා ප්‍රකාශ කරයි.

 'ඔපියොයිඩ්' වේදනා නාශක බෙහෙත් වර්ගයට අදාළව සිදුවූ රෝගී මරණ සංඛ්‍යාව ඉහළ යැම නිසා හටගත් තත්ත්වය හදිසි මහජන සෞඛ්‍ය අපදා තත්ත්වයක්‌ ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පෙරේදා (26 දා) ප්‍රකාශයට පත් කළේය.

Divaina ඒමන්ති මාරඹේ

20171025

සිදුහත් අබිනික්මන් කරන්න ආසන්නම හේතුව පස්වෙනි නිමිත්තක්.

 නයනා කුමාරි කියන්නේ
ගැහැණියක් නොවෙයි පිරිමියෙක් කියා
අපට හිතෙන තරමට  ආදරය විවාහය ගැන දැක්ම
ප්‍රඥාවන්තයි, ප්‍රායෝගිකයි.
සිදුහත් කුමරු අබිනික්මන් කරන්න
ආසන්නම හේතුව වුණ පස්වෙනි නිමිත්ත
නයනා කුමාරිගේ විවාහයට ශක්තියක්.

සිදුහත් කුමරු දුකෙන් මිදෙන්න හේතුව වුණේ
ලෙඩෙක් මළකඳක් මහල්ලෙක් ශ්‍රමණ රුවක් වුණාට
ඔහු ගිහිගෙයින් නික්මුණේ නිළියන්ගෙ විප්‍රකාර දැකලා.

අද කාලයේ නිළියක් වන නයනා කුමාරි
මේ සත්‍යය දිනපතා දකිමින්
අදටත් සුමිත් සමග ජීවත් වෙන්නෙ
ඒ කලකිරීම මත වෙනත් කෙනෙකු වෙත
යොමුවෙන්න බැරි තරම් වටිනා හේතු
සුමිත් කියන චරිතය තුළ
ඇය දකින නිසා බව ඇගේ පිළිගැනීමයි.

විවාහයක පදනම රාගය කරගත් අය
උදේට තමන් ළඟ ඉන්න පිරිමියා එපා කියා
වෙනත් කෙනෙක් සොයා යන නමුත්
දෙවන රැය අවසානයේත් දර්ශනය ඒකමයි.

මේ සත්‍ය
නොදැක අත්තෙන් අත්තට පනින
රාගික කුරුල්ලෝ තෙමී නහිනවා.

  • සමලිංගික ආදරය එක්තරා මානසික ලෙඩක්.
  • අපේ රටේ මුල්තැන දෙන්නේ පුරුෂ පාර්ශ්වයට.
  • වයසින් වැඩිමල් කෙනෙක් එක්ක ජීවිතය ගෙනයද්දි ජීවිතය පහසුයි.
  • ජීවත් වෙන්න තියෙන එකම බලා‍පොරොත්තුව තමයි ආදරය.
  • ආදරය ඇතුළේ රාගය ප්‍රතිශතය පනහක් තියෙන්න ඕන
  • විවාහය ලියාපදිංචි කළ යුතුයි.
  • ආදරය කරද්දි එක තැනකට එන්න දැඩි සටනකට එනවා.
  • විවාහයෙන් පස්සේ උදේට නැගිටින්නේ කුණු කෙළ පෙරාගෙන.
  • ඒක තමයි යථාර්ථය.

''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
රිවිර පුවත් පතින්...
ආදරයට නිර්වචනයක් දෙන්න?
ආදරය කියන්නේ ජීවත් වීම කියලයි මම හිතන්නේ. ආදරය තිබුණොත් තමයි ජීවත් වෙන්නේ. ජීවත් වෙන්න තියෙන එකම බලා‍පොරොත්තුව තමයි ආදරය.
පාසල් ප්‍රේමය සුන්දරයිද?
එහෙම ප්‍රේමයක් මට නම් පාස‍ලේ තිබුණේ නැහැ. මට ඒ අත්දැකීම නැහැ.


ආදරය මුලින්ම දැනෙද්දි වයස කීයද?
පාසල් කාලෙදි තමයි මටත් ආදරය ගැන දැනෙන්නේ. මම කෙනෙක්ට ආදරය කළා. එයා අදටත් දන්නෙ නැහැ මම එයාට ආදරය කළා. එතකොට වයස අවුරුදු දහතුනක් දාහතරක් ඇති.


මුලින්ම ආදරය ප්‍රකාශ කරන්න ඕන පිරිමි ළමයාද?
අපේ රටේ තියෙන සංස්කෘතිය, සදාචාරය, සභ්‍යත්වය එක්ක එදා ඉඳන් පවත්වාගෙන ඇවිත් තියෙන්නෙත් ඔය විදිහට. ගැහැනියක් ඉස්සර වුණොත් වැරදි විදිහටයි හිතන්නේ. අපේ රටේ මුල්තැන දෙන්නේ පුරුෂ පාර්ශ්වයට. අපට ලැබෙන කෙනාට අපි ආදරය කරන්න පෙලඹිලා තියෙනවා.


අප්‍රකාශිත ආදරයක් තිබුණාද?
ඔව්, මම කෙනකුට ආදරය කළා. අද වෙනකම් කවුරුත් දන්නෙ නැහැ.


ජනප්‍රිය නළුවෝ කීදෙනෙක්ට ආදරය කරලා තියෙනවාද?
ටෙලි නාට්‍ය, චිත්‍රපටවල රංගනයේදීෙ ආදරය කළාට සැබෑ ජීවිතයේ එහෙම ආදරය කරන්න ඉඩ ලැබුණේ නැහැ. මම ක්ෂේත්‍රයට ආපු මුල්ම ටෙලි නාට්‍යයෙන් මට සුමිත්ව ලැබුණා. එතැනින් තමයි මගේ ගමන ආරම්භ වුණේ. පළමු ටෙලි නාට්‍යයේදී තමයි මට සහාය අධ්‍යක්ෂවරයා මුණ ගැහෙන්නේ. එයත් එක්ක තමයි මම ආදරය පටන් ගත්තේ. ප්‍රථම ආදරය තමයි ඒ.


ආදරය කරද්දි පෙම්වතා වැඩිමල් විය යුතුද?
තාවකාලික ආදරයට නම් වයස් භේදයක් නැතිවෙන්න පුළුවන්. විවාහ ජීවිතයකට ඇතුළත් වෙලා පවුල් ජීවිතයක් ගත කරනවා නම් විවාහ වෙන කෙනා වැඩිමහල් විය යුතුයි කියලා. සම වයසේ දෙන්නෙක් එක්ක වගේ වයසින් බාල කෙනෙක් එක්ක ජීවිතය ගෙනයද්දි හැලහැප්පීම් වැඩියි. නමුත් වයසින් වැඩිමල් කෙනෙක් එක්ක ජීවිතය ගෙනයද්දි ජීවිතය පහසුයි.


වයසින් බාල කෙනෙක්ට ආදරය හිතිලා නැද්ද?
අපි මනුස්සයෝනේ. එහෙම හිතෙන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. නමුත් බුද්ධිය කියලා දෙයක් තියෙනවා අපට. මට ‍පොඩි වයසෙදි තමයි සුමිත්ව ලැබුණේ. මගේ හිතේ හිටියේ සුමිත් විතරයි. නමුත් විවාහවෙලා දරුමල්ලෝ ලබලා සමාජයට යද්දි අපි ආස දේවල් තව කෙනෙක්ගෙන් දකිනවා වෙන්න පුළුවන්. නමුත් එතැනදි බුද්ධිය පාවිච්චි කරන්න ඕන. අපේ හිතගන්න අය දන්නේ නැතුව ඇති එහෙම දෙයක් තිබුණා කියලා.


පෙම්වතාගෙන් ලැබුණු මුල්ම තෑග්ග මතකද?
ඔව්, ඔහු මට මුලින්ම දුන්නේ මුද්දක්. ඒක ගෙදරට හොරු පැනපු වෙලාවේ අරන් ගිහින්නේ.


පිරිමියෙක්ගේ ආදරය හිතෙන්නේ මොන ගතිගුණවලටද?
සුමිත්ට කැමති වුණේ එයාගේ ආඩම්බරකමට. ඊට පස්සේ හිත ගියේ එයාගේ දැනුවත්කමට. රූපයටත් හිත ගියා. මම නිතරම හිතුවේ මට වඩා බුද්ධිමත් කෙනෙක් තමයි මට ඕනේ කියලා. මිල මුදල් වගේ බාහිර දේ ගැන මුලින් සිතුවිල්ලක් ආවෙ නැහැ. මම බලා‍පොරොත්තු වුණ කෙනාව සුමිත් ළඟ තිබුණා. වයසින් මුහුකුරා ගියත් අදටත් ඒ බුද්ධිමතාට කැමතියි.


ආදරය විවාහයෙන් කෙළවර විය යුතුද?
කාන්තාවක් නම් ආදරය කරන්නේ විවාහ වීමේ බලා‍පොරොත්තුවෙන්. මම ඒ දේ සාර්ථක කරගත්තා. සුමිත් ලැබුණු වෙලාවේ මම හිතුවා ඔහුමයි විවාහ කරගන්නේ කියලා. අවුරුදු නවයක් ආදරය කරලා සුමිත්ව ලබාගත්තා. අද දකින්නේ කෙනෙක්ට ආදරය කරනවා, වෙන කෙනෙක් එක්ක ජීවත් වෙනවා. තව කෙනෙක් එක්ක විවාහවෙලා අවුරුද්දෙන් දෙකෙන් වෙන්වෙනවා. අද ඒ දේ මෝස්තරයක් වෙලා. සුමිත්ව මුලින්ම ලැබෙද්දි මම නිකම්ම නිකම් ගමේ කෙල්ලෙක්. නමුත් ඔහුත් එක්ක විවාහ වෙද්දි මම ලංකාවේ ජනප්‍රියම නිළිය. එදා ඕන නම් තිබුණා සුමිත්ට පයින් ගහලා යන්න. සුමිත්ටයි, මටයි මිල මුදල්, ගෙවල් දොරවල් තිබුණ දෙන්නෙක් ‍නෙවෙයි. ඒ කා‍ලේ ඕන තරම් ඉහළ යෝජනා ආවා. ඉතින් මටත් තිබුණා සුමිත්ට පයින් ගහලා වෙන කෙනෙක් විවාහ කරගන්න.


ආදරය ඇතුළේ රාගයට කොච්චර ප්‍රතිශතයක් තියෙන්න ඕනද?
මම හිතන්නේ පනහක් තියෙන්න ඕන කියලා. අනෙක් පනහට ඉවසීම හුරු කිරීම, තේරුම් ගැනීමත් අයිති වෙනවා.


විවාහයෙන් පස්සේ බොහෝදෙනා වෙනස් වෙනවා. ඒ ඇයි?
අවුරුදු නවයක් මාත් ආදරය කරලා විවාහ වුණ කෙනෙක්. විවාහයෙන් පස්සේ දෙන්නා එක වහලක් යට එක කාමරයකට, එක ඇඳකට එනවා. විවාහයෙන් පස්සේ දෙන්නගේ ගඳ සුවඳ දැනෙන්න පටන් ගන්නවා. ගොඩක් වෙලාවට දකිනකොට, ආශ්‍රය කරද්දි මගේ කියන හැඟීම තියෙනවා. දෙතැනක ඉද්දි එක තැනකට එන්න දැඩි සටනකට එනවා. ආදරය කරන කා‍ලේ සුමිත් මාව බලන්න එද්දි නෑවා, චුයින්ගම් එකක් කෑවා. ෆර්ෆියුම් ගාලා හරි ලස්සනට ඉන්නවා. ඔහු කතා කරලා යන්නේ හරි ප්‍රියමනාපව. එක කාමරයක ඉද්දි උදේට නැගිටින්නේ කුණු කෙළ පෙරාගෙන.

දත් මදින්නේ පහුවෙලා. ඒක තමයි යථාර්ථය. මේවායේ අවබෝධයක් තියෙන්න ඕන. චූටි චූටි දේවල් නිසයි ගැටලු වෙන්නේ. අපි සුන්දර දේට කැමතියි. මටත් දැනුණා.. සුමිත් ආදරය කළා. විවාහ වුණාට පස්සේ වෙනම පුද්ගලයෙක් මාත් වින්දා. ඒ දේ අවබෝධ කරගෙන නොගැළපීම් ගළපාගෙන ජීවත්වීමයි වැදගත් වෙන්නේ.

විවාහය ලියාපදිංචි කළ යුතුද?
ආදරය කරන කා‍ලේ විවාහ වෙනවා කියන එකේ සදාචාරයක් තියෙනවා. පවුල් පසුබිම හරහා ඒ දේ කරන්න වෙනවා. කාන්තාවන් විශේෂයෙන්ම එහෙම දේවල් බලා‍පොරොත්තු වෙනවා. සමහරක් අය විවාහ නොවී බොහොම ආදරයෙන් දරු මල්ලෝ හදාගෙන ඒ අයගේ ජීවිත ගෙනියනවා. දරුවෙක්ට දෙමව්පියන්ගේ අනන්‍යතාව අවශ්‍ය නිසා විවාහය ලියාපදිංචි කළ යුතුයි.


විරහව එක ජේදයකින් විස්තර කරන්න?
විරහව දුකක්. ඒ දේ දරාගන්න බැරි දෙයක්.


සමලිංගික ආදරය සමාජ සම්මතයට පටහැනිද?
පටහැනිම තමයි. අනුමත කරන්න බැරි දෙයක්. එහෙම වෙන්නේ එක්තරා මානසික ලෙඩක් ලෙසයි.


* ආදරය එක් සහකරුවකුට පමණක් සීමා විය යුතුද?
එහෙම කරගන්න පුළුවන් නම් හොඳයි. නමුත් එහෙම සම්බන්ධකම් ඇතිවෙන්න පුළුවන්. බුද්ධියෙන් ඒ දේවල් පාලනය කරගන්න පුළුවන් වෙන්න ඕන කියලයි මම හිතන්නේ.


තිළිණි කරුණාරත්න Rivira.lk

20171022

නිවන හිස් දෙයක්ද???


නිවන කියන්නෙ හිස් දෙයක් කියන අය
සමතයෙන් සිතුවිලි නතර වූ අයයි.
ඔවුන් තුළත් කෙලෙස් තියනවා.
කෙලෙස් තියන තුරු නිවනක් නෑ.

නිවන හිස් වෙන්නෙ ලෝකයට සාපේක්ෂවයි.

නිවන් දුටු කෙනෙක් හිස් පුද්ගලයෙක් නොවෙයි.
නිවන් දුටු කෙනෙක් තුළ සීල සමාධි ප්‍රඥා පිහිටනවා.

රහතන් වහන්සේ කෙනෙක්
ශූන්‍ය සිතක් ඇත්තෙක් නොවේ.
සැතපෙන විට පවා
සම්පජානෝ සතියෙන් පසු වන්නෙකි.

සම්පජානෝ සතිය
බුදුන් වහන්සේ හඳුන්වන්නෙ
ආශ්චර්ය අද්භූත ධර්මයක් විදියටයි.

සරලව
සති සම්පජන්‍ය නම්
1,
විඳින සියලු වේදනාත්
2,
දැනෙන සියලු සංඥාත්
3,
ඇතිවෙන සියලු විතර්කත්
ඇතිවෙන ආකාරයත්, පවතින ආකාරයත්
නැති වෙන ආකාරයත් පිළිබඳව
සිහියෙන් පසු වීමයි.
මේ අවස්ථාව
රාග ද්වේශ මෝහ තුනෙන්ම
විනිර්මුක්තයි.

1,
විදිතා වේදනා උප්පජ්ජන්ති,
විදිතා වේදනා උපට්ඨහන්ති,
විදිතා වේදනා අබ්භත්ථං ගච්ඡන්ති.
2,
විදිතා සංඥා උප්පජ්ජන්ති,
විදිතා සංඥා උපට්ඨහන්ති,
විදිතා සංඥා අබ්භත්ථං ගච්ඡන්ති.
3,
විදිතා විතක්කා උප්පප්ජන්ති,
විදිතා විතක්කා උපට්ඨහන්ති,
විදිතා විතක්කා අබ්භත්ථං ගච්‌ඡන්‌ති;

සම්පජානෝ සතියෙන් පසුවෙන රහතුන් වහන්සේ
1,
දැනුවත්වම වේදනාවෝ උපදිත්.
දැනුවත්වම වේදනාවෝ පවතිත්..
දැනුවත්වම වේදනාවෝ අස්තයට යෙත්.
2,
දැනුවත්වම සංඥාවෝ උපදිත් ...
දැනුවත්වම සංඥාවෝ පවතිත්..
දැනුවත්වම සංඥාවෝ අස්තයට යෙත්.
3,
දැනුවත්වම විතර්කයෝ උපදිත්.
දැනුවත්වම විතර්කයෝ පවතිත්..
දැනුවත්වම විතර්කයෝ අස්තයට යෙත්.

"මම රහත්" කියන පුද්ගලයන් සහ
තමන් රහත් කියා හඟවමින්
ලාභ සත්කාර ලබන පුද්ගලයන්
සත්‍ය වශයෙන්ම මිසදිටු පුද්ගලයන් විනා
මග ඵල ලැබූවන් නොවෙයි.

සැබෑ මගඵල ලැබූවන්
තමන්ගෙ මග ඵල ගැන කතා කරමින්
අනුන්ගෙ කාලය නාස්ති කරන්නෙ නෑ.

සෝපාක සුනීත අංගුලිමාල වුණත්
පහසුවෙන් නිවන් දුටුවෙ
සතර සතිපට්ඨානය වැඩීමෙන්
පෙර ජීවිතවල කෙලෙස් ප්‍රහීණ කිරීම
පුහුණු කළ අය නිසයි.

ඔවුන් පහසුවෙන් නිවන් මගට වැටෙනවා.
සමහරු කලින් ගමන් කළ නිවන් මගට
වහාම ප්‍රවිෂ්ඨ වෙනවා.
තවත් සමහරු කල් අරගන්නවා.

අපි වගේ අය අනාගතයෙ නිවන් දකින්න
අද විදසුන් වඩමින් පුහුණු වෙනවා.


======================================

සමන්ත හිමි බෞද්ධයෙක් නොවෙයි.


බුදු දහමේ මූලිකම කරුණු දෙකක් අනුව
සමන්ත හිමි බෞද්ධයෙක් නොවෙයි.

සිත ශූන්‍ය නම් ඔහු රහතෙක් නොවෙයි.
සමතුලිත ආත්මයක් ඇති ඔහු රහතෙක් නොවෙයි.

සමතුලිත ආත්මයක් පදනම් වූ
සමන්ත දහම බුදු දහම නොවෙයි.
ඔහුගේ ගෝලයන් බෞද්ධයන් නොවෙයි
.

රහතන් වහන්සේ කෙනෙක්
ශූන්‍ය සිතක් ඇත්තෙක් නොවේ.
සැතපෙන විට පවා
සම්පජානෝ සතියෙන් පසු වන්නෙකි.

සම්පජානෝ සතිය
බුදුන් වහන්සේ හඳුන්වන්නෙ
ආශ්චර්ය අද්භූත ධර්මයක් විදියටයි.

1,
විදිතා වේදනා උප්පජ්ජන්ති,
විදිතා වේදනා උපට්ඨහන්ති,
විදිතා වේදනා අබ්භත්ථං ගච්ඡන්ති.
2,
විදිතා සංඥා උප්පජ්ජන්ති,
විදිතා සංඥා උපට්ඨහන්ති,
විදිතා සංඥා අබ්භත්ථං ගච්ඡන්ති.
3,
විදිතා විතක්කා උප්පප්ජන්ති,
විදිතා විතක්කා උපට්ඨහන්ති,
විදිතා විතක්කා අබ්භත්ථං ගච්‌ඡන්‌ති;


සම්පජානෝ සතියෙන් පසුවෙන රහතුන් වහන්සේ
1,
දැනුවත්වම වේදනාවෝ උපදිත්.
දැනුවත්වම වේදනාවෝ පවතිත්..
දැනුවත්වම වේදනාවෝ අස්තයට යෙත්.
2,
දැනුවත්වම සංඥාවෝ උපදිත් ...
දැනුවත්වම සංඥාවෝ  පවතිත්..
දැනුවත්වම සංඥාවෝ  අස්තයට යෙත්.
3,
දැනුවත්වම විතර්කයෝ උපදිත්.
දැනුවත්වම විතර්කයෝ පවතිත්..
දැනුවත්වම විතර්කයෝ අස්තයට යෙත්.

සරලව
සති සම්පජන්‍ය නම්
1,
විඳින සියලු වේදනාත්
2,
දැනෙන සියලු සංඥාත්
3,
ඇතිවෙන සියලු විතර්කත්
ඇතිවෙන ආකාරයත්, පවතින ආකාරයත්
නැති වෙන ආකාරයත් පිළිබඳව
සිහියෙන් පසු වීමයි.
මේ අවස්ථාව
රාග ද්වේශ මෝහ තුනෙන්ම
විනිර්මුක්තයි.

මේ අනුව
සම්පජානෝ සතියෙන් පසුවෙන රහතුන්
සියලු වේදනා, සියලු සංඥා,
සියලු විතර්ක ගැන සිහියෙන් පසු වෙයි.
සමන්ත හිමිගේ දහමෙහි
සම්පජානෝ සතියක් ඇත්තේම නැත.
ඇත්තේ සිත ශූන්‍ය කිරීමකි.

සියලු වේදනා, සියලු සංඥා,
සියලු විතර්ක ගැන සිහියෙන් පසු වෙන
රහතන් වහන්සේගේ සිත ශූන්‍ය නැත.

සිත ශූන්‍ය වීම විමුක්තිය, මෝක්ෂය
ආදී වශයෙන් හැඳින් වෙන්නේ හින්දු දහමේය.
හින්දු දහමට අනුව ඔහු රහතෙක් වුවත්
බුදු දහමට අනුව ඔහු මිස දිටුවෙකි.

ආත්ම සංකල්පය ඇත්තේද හින්දු දහමේය.
අනිච්ච දුක්ඛ අනත්ත වූ තිලකුණු
ප්‍රධාන පදනම වූ බුදු දහම
ආත්ම සංකල්පය බැහැර කරයි.

ආත්මය සමතුලිත කිරීමෙන්
මෝක්ෂය, විමුක්තිය ලබන
සමන්ත හිමිගේ රහත් බව
හින්දු දහමට අනුව ලබන
ලෞකික දැහැනක ඵලයක් විනා
රාග, ද්වේශ, මෝහ ක්ෂය කොට ලද
නිර්මල රහත් බව නොවෙයි.

"මගේ සිත ශූන්‍යයි.
ආත්මය සමතුලිතයි.
මම රහත්."
මේ සුපතල ප්‍රකාශයට අනුව
සමන්ත හිමි රහත් වෙලා ඇත්තේ
හින්දු ආගමික සංකල්ප පදනම් වී
ඔහුම හදාගත් සමන්ත දහමට අනුව විනා
බුදුන් වහන්සේගේ දහමට අනුව නොවෙයි.
ඔහුගෙ ගෝලයන් බෞද්ධයන් නොවෙයි.

සිත ශූන්‍ය වීමෙන් මෝක්ෂය ලැබූ
ආත්මය සමතුලිත වූ
හින්දු ආගමික සංකල්ප මත පිහිටමින්
බුදු දහම විකෘති කොට දෙසන
සමන්ත දහම REMIX දහමක්.

වෙනත් ආගමක් බුදු දහම මුසු කොට
ඔබේම දහමක් හදාගෙන ඒ අනුව රහත් වුණා කියා
බෞද්ධයන් පිරිසක් අතර වැජඹෙන්න
ශ්‍රී ලාංකිකයෙකු ලෙස ඔබටත් පුලුවන්.
---------------------------------------------------
වැඩි විස්තර සඳහා මේ ලිපි කියවන්න.
  1. සිරිධම්ම හිමි, ඔබ රහතෙක් නොවෙයි.
  2. සිරිධම්ම විපස්සනාව බොනිකර තරුවක්.
  3. සිරිධම්ම හිමි සහ අතුල සිරිවර්ධන -VFM නාලිකාවේ සංවා...
  4. - නොවිඳීම -VFM සංවාදයෙන් කොටසක් - සිරිධම්ම හිමි සහ අතුල සිරිවර්ධන
  5. සිරිධම්ම හිමි රහත් වෙන්නත් පුලුවන් .. නොවෙන්නත් පුලුවන්
  6. සිරිධම්ම හිමිට විවෘත අභියෝගයක්. 2016 ජූලි 24
  7. සිරි ධම්ම හිමිත් මතු භවයක පසේ බුදු කෙනෙක් ???
  8. ත්‍රිපිටකයෙ නැති සත්‍යයක් සිරිධම්ම හිමිගෙ අවබෝධය තුළ තියනවාද?
  9. සමථයෙන් රාගය ප්‍රහීණ වේ? - නොවේ? -සිරිධම්ම ගෝලයෙක්...
  10. බුදුන් වහන්සේ, මර්වින් සිල්වා සහ සිරිධම්ම හිමි ...
  11. සිරිධම්ම ගෝලයන්ගෙ විපස්සනාව සහ සැබෑ විපස්සනා මග......
  12. සමථ විපස්සනා විවාදාභිමුඛ හමුව 2 -සිරිධම්ම හිමි - අ...
  13. සැබෑ විපස්සනාව සහ සිරිධම්ම හිමි දෙසන ව්‍යාජ විපස්සනාව...
  14. මේ ජීවිතයෙම සෝවාන් වෙන්න පුලුවන්ද?, හැම කෙනෙකුටම.....
  15. ප්‍රායෝගික විපස්සනා අත්දැකීමක්.
  16. පුහුදුන් තැනැත්තාගේ විඳීම ආර්ය ශ්‍රාවකගෙන් වෙනස් ව...
  17. "සිහිය නැති වූ විට කලබල නොවන්න" -සිරිධම්ම හිමිට ...
  18. සාපේක්ෂක ඉවත් කරන්න! නිවන නොමිලේ.
  19. සිරි සදහම් ආශ්‍රමවාසීන්ගේ නිදහස වහා බිඳෙන සුළුය. 
  20. රහතන් වහන්සේ තුළ අඳුර නැහැ... ආලෝකය පමණයි.

20171016

ගීතය කවියේ විලංගුවෙන් මුදා ගනිමු.

නින්ද විරසක රාත්‍රියේ...
හීතට වද දෙන ප්‍රේමයේ..
හීන පැදකුණු කරන සයනේ
කඳුළු බර වැඩි නෑ .
රැහැයියනි ඔය විරහ ගී නවතා
පාඩුවේ මට ඉන්න දෙනවද
කඳුළු බර වැඩි නෑ....
මේ, කඳුළු බර වැඩි නෑ...

ප්‍රේමයක් යනු රිදුමක්ම පමණී.
අපට ඒ බව පසක් වී තිබිණී.
ඇනුණ විසකටු දරා ගන්නට බෑ...
විරහ ගීයක කිසිදු අරුතක් නෑ..

කදෝකිමි එළි කුමට මා නිවසේ
සඳ කිරණ ඇවිලුණා පෙර දවසේ
නිලන සිහිලැල් සිනා කඳුරක් නෑ....
වන්දනාවක පවා සුවයක් නෑ ...

රචනය: නයනසේන වන්නිනායක

වන්නිගේ මේ ගීතය
සාර්ථක ලෙස කාව්‍යාකෘතියෙන් මිදුණ
කාව්‍යමය ගීතයක්.

පසුගිය කාලයේ කවි මෙන් ලියන ගීත
නවකයන් විසින් යොදන කවි වැනි තනු සහිත
එකාකාරී ගීත ඇසීම අප්‍රසන්න වූ කාලයක්.
පද රචනාව කියවද්දී
ඇදෙන්නේ නැති ස්ථාවර වචන
අදින්නට යෙදූ තනු නිසා
සමස්ත ගීයේම පිරිමි කම නැසී
නපුංසක ස්වභාවයක් දක්නට ලැබුණා.

කවියත් ගීතයත් දෙයාකාර නිර්මාණයන්.

කවිය බොහෝ දුරට හැඟීමට වඩා
අරුතට හා විරිතට මුල්තැන දී ගයන
උපේක්ෂා සහගත නිර්මාණයක්.

ගීතයෙහි පදනම වන්නේ
රචකයාගේත් සංගීතඥයාගේත්
ගායකයාගේත් තුන් ඈඳුතු ප්‍රයත්නයක්.
එහි මූලික අරමුණ හැඟීම් ප්‍රකාශනයයි.
රචකයා ඒ සඳහා දරන වෑයමේදී
හැඟීම් ප්‍රකාශනය සඳහා වූ
පුළුල් නිම්වළල්ලක් සැපයීම මගින්
සංගීතඥයාත් ගායකයාත් නිදහස් වී
නිර්මාණය සාර්ථක වෙනවා.

කවියෙක් විරිතකට අනුව කවි ලියන්නේම
විරිතට අනුව ගායනා කිරීමේ අරමුණෙන්මයි.
වාණිජ අරමුණෙන් මුදල් සඳහා ලියන
යාන්ත්‍රික ගී පද රචකයාට යාන්ත්‍රික රාමුවක කවි ලිවීම
නිර්මාණාත්මක ගී ලියනවාට වඩා පහසුයි.
විරිතකට ලියන ගීතයට තනුව යොදන සංගීතඥයා
ඒ විරිත තුළ අත පය විලංගු ලූ සිරකරුවෙක් වීම
වැළැක්වීමට අසීරු අපරාධයක්.

සංගීතඥයා අතිදක්ෂයෙක් නම්
ඒ සිර ගෙයින් මිදෙන්නට සමත් වන නමුත්
වාණිජත්වයට වහල්වී කාලය ගැන සිතන
දක්ෂ සංගීතඥයා පවා විරිතට යට වෙනවා.
මඳ දක්ෂතා ඇති සංගීතඥයන්
ඒ කාව්‍යාකෘතියේම හිරවෙනවා.

කාව්‍යාකෘතියෙන් මිදී ලියන්නාට
යාන්ත්‍රික බව ඉක්මවන නිර්මාණශීලී බවත්
වචන වල රිද්මය තුළ සැඟවෙන
කවිත්වයේ සවිමත් පදනමක් නැති
අල්පප්‍රාණ ගී පද රචකයන්
කාව්‍යාකෘතියෙන් නිදහස් වීමට අසමත්.

පැහැදිලි කවි පෙළක් වන 'සුදු හාමිනේ' රචනාව
මඳ වශයෙන් හෝ කාව්‍යාකෘතියෙන් මිදී
කවියේ හැඟීම තීව්‍ර කරමින් ගයන්නට
නන්දා මාලනිය සමත් වෙනවා.

සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ
දීගෙක ගිහින් දරු පිරිවර මැද සුවසේ
ලේලිය කැටුව මගෙ පුතු වෙන් විය රහසේ
මං විතරයි තනියම දැන් මගෙ නිවසේ

උඹලගෙ තාත්තා ඇත දුර බලාගෙන
කවදා දූ පුතුන් ඒ දැයි පතාගෙන
වේවැල් කැඩුණු පුටුවේ වක ගසාගෙන
මං ඉන්නවා නෙතු කඳුළැල් දරාගෙන

දරුවන් ඇඳුම් ඇඟැලුම් ගෙන සිඹින්නෙමී
මනසින් එදා කෙළි සෙල්ලම් දකින්නෙමී
මරණයෙ දොරකඩට සපැමිණ සිටින්නෙමී
ලේ කිරි පෙවූ දරුවන් දැක මියෙන්නෙමී.

ගායනය සංගීතය නන්දා මාලිනි
රචනය සුනිල් ආරියරත්න

රිද්මය හොඳින් හඳුනන සේකර
ඉතා කාව්‍යාත්මක නමුත් කවි නොවූ
ගී ලියන්නට සමත් වුණා.

පාලු අඳුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි
යුගයෙන් යුගයට හදවත් ඉල්ලන
බලාපොරොත්තුව, පැතුම ඇයයි...

අසාරවූ මහ පොළව මමයි
ගලා බසින දිය දහර ඇයයි
යුගයෙන් යුගයට හදවත් නලවන
සදාකාලිකවු සැපත ඇයයි...

කැළැව මැද ක‍ටු පඳුර මමයි
පිපී වැනෙන මල් පොකුර ඇයයි
යුගයෙන් යුගයට හදවත් පුරවන
අඳුරු වේදනා කැටිය ඇයයි...

සේකර - අමරදේව නිර්මාණයක්.

මේ ගීය අමරදේවයන් ගයන්නේත්
කවි ගායනයකට හුරු රිද්මයකින් වුවත්
අපිට කවියක් මෙන් දැනෙන්නේ නැහැ.

අහසට පිඹිනා එරන් කළේයා
පොළවට පිඹිනා භූමි කළේයා
විරිතට අනුව
සසර වසන තුරු නිවන් දකින තුරු
කියා ඇරඹෙන ගී පද රචනාව
ඉන් මිදී වෙනත් මගක ගන්නා අයුරු
ඉතාමත්ම අපූර්වයි.

සසර වසන තුරු
නිවන් දකින තුරු
පින් කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා
හේතු වාසනා

රත්නමාලි සෑ කිරණයි මහ බෝ සෙවණයි
තිසා වැවයි සීගිරියයි මගේ උරුමයයි

සසර වසන තුරු
නිවන් දකින තුරු
පින් කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා
හේතු වාසනා

පද රචනය : ඩෝල්ටන් අල්විස්
ගායනය : ඩබ්. ඩී. අමරදේව

රසඥතාවයක් ඇති සියල්ලන් තුළම
දේශාභිමානී හැඟුම් දනවන
මේ මියුරු ගීතය පිළිබඳ
අතුරු කතාවක් ඩොල්ටන් අල්විස්ගෙ බිරිඳ වන
ආරියවති සේනානායක මෙසේ පවසනවා.

"ඩෝල්ටන්ගේ කවිය වගේම ගීතත් හරිම සරලයි. එයා කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් සරල බසක් තමයි යොදා ගෙන තිබුණේ. ලිව්ව පද රචනයේ තනුව තිබුණා. සංගීතඥයාට වුණත් තනු දාන්න හරිම ලේසියි. අපි අතරේ භාවිත වන වචනවලින්ම තමයි එයා ගීත නිර්මාණය කළේ. ඒ සරල බව එයාගේ ගීත කලාව ඔපමට්ටම් කළා.
ඩෝල්ටන් අතින් ලියැවුණු ගීත අතුරින් වඩාත්ම කැමැති ගීතය 'සසර වසන තුරු' බව එයා කීප වරක් මට කියා තිබුණා. එයා කිව්වේ ක්ෂණිකව එයා අතින් ලියැවුණු පිරිත් සජ්ජායනාවක දෝංකරයෙන් මතුවලා ආපු මේ ගීතය කියලා.
මේ ගීතය ලියනු ලැබුවේ ගෙදරදී. මට මතක හැටියට 1972 වසරේදී විතර. එදා පසළොස්වක පෝය දිනයක්. එදා රෑ දොළහට විතර ඇති. රේඩියෝ එකේ මහ පිරිත විකාශය වෙනවා. මගේ අම්මත් ඩෝල්ටනුත් පිරිත් අසමින් හිටියා. ඔය අතරේ ඩෝල්ටන් නිදිමතයි කියලා අම්මාට පිරිත් අහන්න රේඩියෝව දාලා එයා නිදාගන්න ගියා. මමත් නිදාගන්න ගියා. කොහොම හරි පැය කීපයක නින්දෙන් පසු මාව හදිසියේ ඇහැර වුණේ කාමරයේ මහත්තයා ඇහැරගෙන කරන ලියන කියන දේවල් නිසා. මම ඇයි මේ රෑ ඇහැරගෙන කියලා මහත්තයාගෙන් ඇහුවාම එයා ඔය ලිව්ව ගීතය මගේ අතට දුන්නා. ඒක දැකපු මම පුදුමයට පත් වුණා. ඒ පාර මහත්තයා මට කිව්වා මේක පිරිතකින් පස්සේ බිහි වෙච්ච සිංදුවක්. මේක මම අමරදේවට දෙනවා කියලා.

පිරිත් යන රේඩියෝව දාලා තියෙද්දීම එයාට ටික වෙලාවකින් නින්ද ගියාලු. නින්දේදී එයාට සිහිනයක් පේන්න පටන් ගත්තලු. ඒ හීනේ තමයි මහත්තයා සුදු ඇඳගෙන සුදු මල් වට්ටියක් අතින් අරගෙන පළමුව ශ්‍රී මහා බෝධිය ළඟට ගිහින් වැඳලා ඊළඟට රුවන්වැලි සෑය ළඟට ගිහින් වැඳලා පස්සේ තිසා වැවෙන් නාලා ආයෙත් රුවන්වැලි සෑයට මල් වට්ටියක් පූජා කරලා ඉවර වුණාලු. ඊට පස්සේ සීගිරියට ගිහින් සීගිරිය නගින්න හදන තැනම වම් පැත්තේ සිංහාසනයක් වගේ එකක වාඩි වෙලා මහත්තයා ගිමන් හැරියාලු. එක පාරටම ඇහැරුනාලු. සසර වසන තුරු - නිවන් දකින තුරු - පින් කෙත හෙළ රන් දෙරණේ - යළි උපදින්නට හේතු වාසනා වේවා කියන වචන මාලාවක් එක්කම මහ නාදයක් එයාගේ කණට ඇතුළු වුණාලු. ඒ පාර එයා එක පාරට ඇඳෙන් බිමට බැහැලා කාමරයේ ලයිට් එක දාලා පෑන අරන් ලියාගෙන ලියාගෙන ගියාලු. ගීතය ලියලා ඉවර වුණා විතරයිලු එයාව සසල වෙලා ගියාලු කොහොමද මම මේ ගීතය ලිව්වේ කියලා. ඔය වෙලාව පාන්දර හතරට විතර ඇතිලු.

මුළු සිංහල ජාතියේම වංශ කතාව ගත්තහම මේ පද ස්වල්පයේ ඒ සියල්ල ඇතුළත්. අපේ සංස්කෘතිය, බෞද්ධ හැදියාව, සිංහලයාගේ අදීන කලා කුසලතා ගැන කියන්න වෙන වචන ටිකක් ඇතැයි කියලා 
මම හිතන්නේ නැහැ."
"සසර වසන තුරු"
කාව්‍යාකෘතියෙන් මිදී ලියා
කාව්‍යාකෘතියෙන් මිදී ගායනා කළ
සුවිශේෂී ගීතයක්.

පැරණි රාගධාරී ගීත සහ හින්දි ගීත අනුකරණ ගීතවල
මේ කාව්‍යාකෘතියෙන් මිදුණු රචනා
දකින්නට ලැබුණා.

කෙනෙක් උත්සාහ කළත් ඒ ගීත
කවි මෙන්ගායනා කරන්නට නොහැකියි.

සිරි බුද්ධ ගයා විහාරේ
වඳිනේමූ මෝක්ෂ පතාලා
ශාක්‍ය තිලෝනා වැඩ සිටි එදිනා
මරංග්නන් පරදාලා...
බුද්ධගයා.. සිරි බුද්ධගයා
විහාරේ වඳීනේමූ මෝක්ෂ පතාලා

ශ්‍රී මහ බෝධී වෙත සැදි ඒ
විදුරසුනේ දී මුනිරාජා...
ආ දස බිම්බර මාර සේනා
පෙරුම් බලෙන් පරදාලා

බුද්ධගයා.. සිරි බුද්ධගයා
විහාරේ වඳිනේමූ මෝක්ෂ පතාලා

ප්‍රාතිහාර්ය පෑ දස බලධාරී
ජය බිම මේ විශාලා
සාසන ආලෙ ඇති ලෝ වාසී
බවදුක නසනා සේමා
වඳිනේමූ මෝක්ෂ පතාලා...

සිරි බුද්ධගයා විහාරේ
වඳිනේමූ මෝක්ෂ පතාලා

එච්. ඩබ්ලිව්. රූපසිංහ - රුක්මණී දේවී
සී. වීරසේකර / එච්. ඩබ්ලිව්. රූපසිංහ
1939 වසරේ HMV තැටියක්

මේ ගීතය තුළ සංගීතය
ගීතමය සංවාදයේ ප්‍රධාන භූමිකාවක්....

අපේ ගීත වලට තනු යොදන විට
සංගීතය සංවාදාත්මක ලෙස
සජීවී ලෙස සහභාගි වෙනවාද?
අපේ බොහොමයක් ගීතවල
සංගීතය පසුබිම් සංගීතයක් පමණයි..

දකුනු ඉන්දියානු සංගීතඥයන්
ඉතාම සාර්ථකව සංවාදාත්මකව
සංගීතය යොදාගන්නවා.

දමිළ භාෂාව ඉතා රළු වචන සහිත
අපට නුහුරු භාෂාවක්.
එවැනි භාෂාවකින් ගැයෙන ගීත
ඉතාම මිහිරි තනු යොදා ඇති බව
අපිට පෙනෙනවා.

මේ දමිළ ගීතයෙහි පද රචනය බලන්න.

මලරේ මෞනමා
මෞනමේ වේදමා
මලර්ගල් පේසුමා
පේසිනාල් ඕයුමා
අන්බේ

මේ ගීතයට තනුව යෙදීමේදී
පද වැලේ විරිත නොසලකා හරින සංගීතඥයා නිසා
ගීතය වෙනම තලයකට පත් වෙනවා.
එක වචනයක් ඔහුට පේලියක්.

ඔහු පද වැල බෙදා ගන්නෙ මෙසේයි.

මලරේ...........
මෞනමා...........
මෞනමේ...........
වේදමා...........

මලර්ගල්...........
පේසුමා...........
පේසිනාල්...........
ඕයුමා...........

අන්බේ.
 
 

මහින්ද මෛත්‍රීගේ අනුකම්පා ලිස්ට් එකේ.



මෛත්‍රී වසර තුනකට ආසන්න කාලයක්
ආත්මාරක්ෂාව සලසා ගනිමින්
ඒකාබද්ධ විපක්ෂයේ කෙණෙහිළි මැද
ඉතා ඉවසීමෙන් කටයුතු කළේය.

අපායේ ඉන්ටවල් එක හමාර කරමින්
සිය පාලන බලය අතට ගත් මෛත්‍රී
කැරලිකාර මන්ත්‍රීවරුන් සහ
කැරලිකාර ආසන සංවිධායකයන් ඉවත් කිරීම
පසුගිය දිනවල ක්‍රමානුකූලව ඇරඹුවේය.

දැන් කුමාර වෙල්ගම, මහින්දානන්දාදීන්
ශ්‍රීලනිපයෙන් පිටුවහල් කළ අනාථයන්ය.
ප්‍රධාන විදුලි සැපයුම විසන්ධි කොට ඇත.
දැන් ඔවුන් දේශපාලනය කළ යුත්තේ
ඔවුන්ගේම ජෙනරේටරයෙනි.

මේ සත්ක්‍රියාව දිගටම කිරීම
මෛත්‍රීට කරගෙන යා නොහැකි බව
මහින්ද මෙන්ම මෛත්‍රීද දනී.
මෛත්‍රීගේ ශ්‍රීලනිප බලවතුන් සුද්දය
මහින්දගෙන් නැවැත්වීමට ඔහුට සිදු වෙයි.
"මහින්ද ඉවත් කරාවිද නැද්ද"
සැකයේ වාසිය මහින්දටය.

මහින්දට එසේ නොකරන බව කියමින්
ගඟ හත් ගව්වක් තියා මෛත්‍රී ජනපති
මේ අමුඩය ගැසුවේ ඒ නිසාවෙනි.

මහින්දගේ ඡන්ද පදනම නැතිව
මන්දානන්දලාට අනාගතයක් නැත.
මහින්ද සිය කැමැත්තෙන් ශ්‍රීලනිපය
හැර යන්නේ නැති බව අපිදු දනිමු.

ශ්‍රීලනිපයෙන් සිය කැමැත්තෙන් ඉවත් වීම
දේශපාලනික සිය දිවි නසා ගැනීමකි.

ඔහුගේ දේශපාලන බලය
ප්‍රබලව ගොඩ නගා ගන්නට නම්
ඔහුගේ කැමැත්තෙන් තොරව,
බලෙන් පක්ෂයෙන් නෙරපීම අත්‍යාවශ්‍යය.
ඔහු ඉවත් කිරීම ඔහුට ලාභයකි.
මෛත්‍රී ඇතුලු පක්ෂයට අලාභයකි.
ඒ බව දන්නා ඔහු කැමති දෙයක් කියයි.
කැමති දෙයක් කරයි.

මහින්ද අයාලේ යන විට ඉවත් නොකිරීම
මෛත්‍රීට මෙන්ම ශ්‍රීලනිපක්ෂයටම
හානිකර ලෙස වර්ධනය වන විට
කළ යුතු හොඳම දේ කරමින්
මෛත්‍රී ඔහු අනුකම්පා ලිස්ට් එකට දමයි.
දැන් මහින්ද කුමක් කළත් වැඩක් නැත.

ඔහුගේ ඡන්ද ටික එක්කෝ ගෙදර නවතියි.
නැත්නම් සුපුරුදු ලෙස ශ්‍රීලනිපයට වැටෙයි.
ඒ ඡන්ද පොහොට්ටුවට දාගන්නට හැකිවන සේ
බැසිල් මහින්ද සමග සමීප ඇසුරක්ද නැත.
මහින්ද පරාජය කළේ බැසිල් බවට
මහින්දගේ දරුවන් කළ චෝදනාව
මහින්ද වාදී පාක්ෂිකයන් අමතක නොකරති.

ගෝටා තම චූටි හොටෙන් බිත්තරය කොණහමින්
එළියට එන්න එළියක් සොයා වෙහෙසෙයි.
කුරුළු තුඩ පෙනෙන විටම
විරුද්ධවාදීන් එක්වී
යුධ අපරාධ චෝදනා, මිනීමෝරු චෝදනා
එළියට අදිමින් ඔහුගේ එළිය අඳුරු කරති.

ඒකාබද්ධ පක්ෂය නිසා පිරිහුණ
විමල්ද වක්‍රාකාරයෙන් ඔහුගේ සහාය මෛත්‍රීට බව
පසුගියදා ප්‍රසිද්ධ හමුවකින් පෙන්වා දුන්නේය.
ඔහු රහසේ මෛත්‍රී හමුවී ආත්මය නසා නොගෙන
සන්ධානයෙන් ටිකට් එක ඉල්ලාගෙන මෛත්‍රී ළඟට
ඉස්සරහ දොරෙන්ම පැමිණියේය.
ඔහු ආවේ මන්ද යන්න මෛත්‍රීද දනී.

මෛත්‍රී  පළාත්පාලන ඡන්දයට
ඉදිරිපත් වන්නේ සන්ධානයෙනි.
විමල් දිනේශ් වැනි සන්ධාන මන්ත්‍රීවරු පිරිස
මන්ත්‍රී ධුර ලබා ගන්නේ ශ්‍රීලනිප ඡන්ද වලිනි.
දැන් ඔවුන්ගේ පිරිසට නාම යෝජනා ගන්නට නම්
ඔවුන් මහින්ද අත හැර මෛත්‍රීට යටත් විය යුතුය.
එසේ නොකළ හොත් ඔවුන්ගේ ග්‍රාමීය සහ නාගරික
ඡන්ද පදනම කැඩී බිඳි ප්‍රධාන පක්ෂ දෙකට
එකතු වන බව ඔවුහු දනිති.

විමල් මෛත්‍රී හමුවූයේ රට වෙනුවෙන් නොවේ.

මහින්ද කුඩා කාලයේ පවුලට නොගැලපෙන
ගමේ රස්තියාදුකාර කොල්ලන් හා එක්ව
ගම පුරා සෙල්ලමේ යෙදී කෑමට ගෙදර එද්දී
මෛත්‍රී අවුරුදු දාහතරෙන් පහළොවෙන් පටන්ගෙන
ප්‍රජා ශාලා තනමින්, ගොවිපොළවල් තනමින්
තරුණ වියට එළඹුණේ සමාජ සේවයෙන් බව
චතුරිකා දියණිය සිය ජනාධිපති තාත්තා ගැන
ලියා තබා ඇත.

වසර පණහක් තිස්සේ දේශපාලන බිමේ
තිරයෙන් පිටුපසට වී ඔහු ගතකළ
ශිශිර තාරක සමය පුරාම ඔහු
ඩී. එස්., ඩඩ්ලි, බණ්ඩාරනායක, සිරිමාවෝ,
ජේ. ආර්. ප්‍රේමදාස, චන්ද්‍රිකා, රනිල්,
මහින්ද ආදී සියලුම නායකයන්
ප්‍රශ්නවලට මුහුණ දුන් ආකාරය ගැන
හදාරා නැත්නම් අත්දැකීමෙන් ලද
ඉවක් ඔහු සතුව ඇති බව පෙනෙයි.

පඹයා කිසිවක් කරන්නේ නැතත්
සියල්ල ඔහුගේ වාසියට සිදු වෙයි.
පඹයා පාට් එකට මිනිසුන් මුළා වුවද
එය මෛත්‍රීගේ උපක්‍රම වලට ගැළපෙන සේ
ඔහුම නිර්මාණය කරගත් භූමිකාවක් විනා
ඉඳහිට ඔහු බලය පෙන්වන විට පෙනෙන
සැබෑ චරිතය නොවන බව නිසැකය.

එජාප මන්ත්‍රී නායකයාගේ පටන්
රවි, සාගල, අඛිල වැනි ඇමති වරුද
රාජිත අර්ජුන වැනි ඇමතිවරුද කළේ
මෛත්‍රීට බිල වැටෙන ආකාරයේ වැරදි වැඩයි.

පාදෙණිය, නෙවිල් හා රාජිත
සයිටම් විරෝධය ගොඩ නැගූ
දොස්තර තුන් කට්ටුවයි.
සයිටම් විරෝධයෙන් මේ තිදෙනාගේම
පාර්ශව වලට ජය ලැබෙද්දී
ජනතාව පරාද වෙයි.

නව වෛද්‍යවරු 6000කටත් වඩා
සයිටම් විරෝධය තුළ හිරවී සිටිද්දී
පාදෙණිය ඇතුලු චැනල් දොස්තර වරු
ඒ හිඟයෙන් උපරිම පල නෙලමින්
දිනපතා සැඳෑවේ සිත්සේ පොල් කඩද්දී
රජයේ රෝහලේ පෝඑලිම දකින ජනතාව
එදා වේලට තියන තුට්ටු දෙක රැගෙන ගොස්
පාදෙණියලා බැහැදකින්නට 2000ක් ගෙවා
කෙටි චැනල් පෝලිමට එක් වෙයි.
බෙහෙත් වලට වියදම් කරන්නේ හෙට වෙලට
කරන්නට ඇති වියදමයි.

පාදෙණියලා සකස් කරදුන් පසුබිමේ
දොස්තර රාජිත දොස්තර නෙවිල්ට ගෙවන
මිලියන විස්සෙන් ලැබෙන ප්‍රතිලාභය දන්නේ
රාජිතම පමණක් විය හැක.
පාදෙණියට වෙනුවෙන් අමතර පොල්ගොඩක්
ඔහුගේ මල්ලට වැටෙනවා ඇත.

මෙවැනි අතිශය වාසි දායක පසුබිමක
දොස්තර රාජිත සයිටම් ගින්නට පිදුරු දමන විට
ග්‍රාම සේවක මෛත්‍රී මැදිහත් වී සියලු පාර්ශව කැඳවා
ඔවුන් සමග විද්‍යාත්මකව සාකච්ඡා කළේය.
ඒ සකච්ඡා අනුව ක්‍රියා කළ මෛත්‍රී
සැබෑ සාධනීය පිළිතුරු ලබා දී
ඔවුන්ගේ විරෝධය බල රහිත කිරීමෙන්
කොන්දේසි විරහිතව අහෝසි කිරීමක් ඉල්ලා
ජනතාව ඉදිරියේ අපහාස විඳින තැනට
සයිටම් විරෝධය අතරමං කළේය.

රාජිතගේ ව්‍යාපෘතියක් ලෙස
රජයට පවරා ගන්නා ලද
නෙවිල් රෝහල විවෘත කිරීමට පැමිණි මෛත්‍රී
දුර දක්නා නුවණින් යුතුව
ඒ ව්‍යාපෘතියේ සියලු වගකීම
රාජිතට හිමිවන ආකාරයට පසෙකට වී බලා හිඳ
ආරාධිත අමුත්තෙකු ලෙසම ඉන් පිටව ගියේය.
ඔහු සභාව ඇමතුවේවත් නැත.

ඛණිජ තෙල් වර්ජනය සිදුවන විට
සැලසුම් සහගතව හෝ නැතිව
ඇමති අර්ජුන අතුරුදහන් වී සිටිද්දී
මහත්වරුන් මෙන් හැසීරෙන්නට උපදෙස් දී
ආරක්ෂක හමුදා වර්ජන බිමට යැවූ ඔහු
ගේට්ටුවේ එල්ලී වහසි බස් බිණූ වර්ජකයා
"ඇයි අපිව එළියට දැම්මේ?" යි අසමින්
හඬා වැටෙමින් එළියට යන තැනට
එහි වර්ජකයන් පත් කළේය.

රවිද මේ ව්‍යාපාරයෙහි පෙරමුණ ගත් කෙනෙකි.
අවසානයේ ඔහුට ඇමතිකමද නමද අහිමි විය.
ඩීල් මත සිය කාර්යය පැහැර හැරි විජේදාසගේ
ප්‍රතිරූපයම කැපී ගියේය.

රනිල් රැක ගන්නේයැයි කියමින්
බැඳුම් කර චෝදනාව මෛත්‍රී පිටට එද්දී
මෛත්‍රී බැඳුම්කර කොමිසම පත් කළේය.
දැන් ඒ තොරතුරු මත නඩු පැවරීම
එජාප ඇමතිනී තලතාට භාරය.
ඇය නිහඬව සිටියත් පක්ෂය නසී.
ඇය ක්‍රියා කළත් පක්ෂය නසී.

දැන හෝ නොදැන කළ දෙයින්
නම කැත වන විට ඉවසමින් කල් බැලූ මෛත්‍රී
නිසි කල් යල් බලා ක්‍රියාත්මක වෙමින්
ඉඳහිට ගන්නා ප්‍රබල තීරණ මගින්
ඔවුන් කළ වැරදි වැඩ නැවත ආපිට කැරකෙන
පාරාවළලු කරන්නට මෛත්‍රී සමත් විය.
අවසානයේ ඔවුන් කළ වැරදි වැඩ වලින්
අවාසි වූයේ වැරදි කළ ඔවුන්ටමය.

සම්මුති රජය සාර්ථක කර ගන්නවා වෙනුවට
ස්වාර්ථ කාමීව සිය ඡන්ද පදනම සඳහා
රනිල් ඇතුළු මැති ඇමති වරු ප්‍රයෝගකාරී ක්‍රියා කරද්දී
දූර දර්ශී මෛත්‍රී ඒ වලට පැනීමෙන් වැළකී
ආත්මාරක්ෂාව පමණක් සලසා ගනිමින්
සිය මැති ඇමති වරුද සමග සම්මුතිය තුළ රැඳී සිටියේය.
එජාපය මෛත්‍රීට ඇටවූ උගුළේ හිරවිය.

මීළඟට මේ ලැයිස්තුවේ සිටින්නේ
මංගල සමරවීර බව පෙනෙයි.
මෛත්‍රී කපන්නට ඔහු ක්‍රියා කළ හොත්
ඔහු විසි කරන පාරා වළල්ලද
ඔහු සොයා එනු නියතය.

එජාපය සහ එහි නායකයන්ද
මෛත්‍රී බලයට ගේන ආ රාජිත වැනි
දෙපිටකාට්ටු අවස්ථාවාදීන්ද
අගමැතිකම් ජනපතිකම් ගැන
සිහින මවමින් ජනතාව අමතක කිරීම
ඔවුන්ගේම පරිහානියට හේතු වෙයි.

එජාපය තනි ආණ්ඩුවකට සිහින මවමින්
මරාගෙන මැරෙන න්‍යායකින් හැසිරෙද්දී
ශ්‍රීලනිපය ආත්මාරක්ෂාව පමණක්
සලසා ගන්නට මෙහෙයවන
මෛත්‍රීගේ ස්ථාවරය මධ්‍යස්ථය.
අවම වශයෙන් රටට එසේ පෙනෙයි.
ඒ නිසා ඔහු තවමත් රැකී සිටියි.

මේ වාතාවරණය තුළ සිදුවුණ
වැදගත්ම සිදුවීම වන්නේ
මහින්ද බේබද්දෙකුගේ තත්වයට පත් කරමින්
ඔහු මෙසේ අනුකම්පා ලිස්ට් එකට දැමීමය.
දැන් ඔහු වැල්ලේ එරුණ අලියෙකු මෙන්
දඟලන දඟලන තරමට ගිලෙනු ඇත.

පඹයා කරණම් ගැසීම අවශ්‍ය නැත.
කුඹුර කුරුල්ලන්ගෙන් රැකෙනවා නම්
අපිට ඒ සේවය ප්‍රමාණවත්ය.












20171015

දුකෙන් මිදීමත්, නිවනත් ඇත්තේ කොහේද?


මහණෙනි,
කුසල් රැස යැයි
යමකට කියනු ලබන්නේ නම්
නිවැරදිව කිව යුත්තේ
මේ සතර සතිපට්ඨානයන්ටයි.
මහණෙනි, මේ සතර සතිපට්ඨාන යනු
සම්පූර්ණයෙන්ම කුසල් රැසයි.

මේ බඹයක් පමණ වූ ශරීරය තුල
දුකත්,
දුකට හේතුවත්,
එය නැති කිරීමත්,
නැති කිරීමේ මාර්ගයත් ඇත්තේය.
[ බුදු රජාණන්වහන්සේ ]

මේ බඹයක් පමණ වූ ශරීරය තුල
කයෙහි කය අනුව,
වේදනා වල වේදනා අනුව
සිතෙහි සිත අනුව
සිතෙහි වෙනස්වීම් අනුව දකිමින්
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට
ලෝභ-ද්වේශ දෙකෙන් තොරව වෙසෙන
මාර්ගය සතර සතිපට්ඨානයයි.

1, සත්වයාගේ විශුද්ධියට,
2, සෝක පරිදේව සමතයට හා ඉක්මවීමට.
3, දුක් දොම්නස් අස්තංගත වීමට
4, ප්‍රඥාව ඉහළ යාමට
5, නිවන සාක්ශාත් කිරීමට
“එකම මාර්ගය” සතර සතිපට්ඨානයයි.

කවර වූ සතරෙක්ද?

___මහණෙනි, යම් මහණෙක්,
1, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
කයෙහි කය අනුව දකිමින් වෙසෙයි,

2, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[කයෙහි වෙනස් වීම්]
වේදනා වල වේදනා අනුව දකිමින් වෙසෙයි,

3, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
සිතෙහි සිත අනුව දකිමින් වෙසෙයි,

4, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[සිතෙහි වෙනස්වීම්]
දහම්හි දහම් අනුව දකිමින් වෙසෙයි,

සද්ධර්මය පිරිහීමට හේතුව.

සතර සතිපට්ඨානය
අභාවිතත්වය හා අබහුලීකත්වය
සද්ධර්ම පරිහානියට හේතුවෙයි.

චතුන්‌නං සතිපට්‌ඨානානං
අභාවිතත්‌තා අබහුලීකතත්‌තා
සද්‌ධම්‌මපරිහානං හොති.
-----------------------------
=පරිහානසුත්‌තං, සීලට්‌ඨිතිවග්‌ගො, සතිපට්‌ඨානසංයුත්‌තං

20171007

සංස්කෘතියෙන් මිදීමත් සංස්කෘතික වහල් කමක්.

සංස්කෘතියේ වහලෙක් වීමත්
ස්වාමියෙක් වීමත් දෙකම
එක වගේ වහල් මානසිකත්ව දෙකක්.

සංස්කෘතියට පටහැණිව ස්වාධීන විය යුතුයි
කියන තේමාව මත ලියන බොහෝ දේවල්....
කාටවත් කරන්න බෑ..
ලියන කවුරුවත් කරන්නෙත් නෑ..

තමන්ගෙ සීමාවකට හැමෝම
පවතින සංස්කෘතියට යටත්.

තමන්ගෙ සීමාව තමයි නිවැරදිම සීමාව කියලා
හැමෝම හිතනවා.

එහෙම හිතන සමහරු
අනිත් අය එතනට අනුගත කරගන්න
උත්සාහ කරනවා.

සංස්කෘතියට පටහැණිව ස්වාධීන විය යුතුයි
කියල කියන එක තේරුමක් නෑ.
කාටවත් ඒක කරන්න බෑ..
කවුරුවත් කරන්නෙත් නෑ..

පවතින සංස්කෘතියට
හැකි ප්‍රමාණයට අනුගත වීමත්
හැකි ප්‍රමාණයට පටහැණි වීමත්
අවශ්‍යතා අනුව හැමෝම කරනවා.

එකම සංස්කෘතික තලයක වුණත්
දෙන්නෙකුට එකම විදියට ඉන්න බෑ.

ලෝකය ගැන මොකුත් නොදන්න
ළදරුවෙකුට ඇරෙන්න වෙන කෙනෙකුට
සංස්කෘතියෙන් වියුක්තව ජීවත් වෙන්න බෑ..

සංස්කෘතික ඇඳුම් වර්ග
ප්‍රතික්ෂේප කරන්න පුලුවන්.
ඇඳුම ප්‍රතික්ෂේප කරන්න බෑ.

මුස්ලිම් කාන්තාවන්ට
බුර්කාව අඳින්න එපා කියල
ලෝකෙම මිනිස්සු කිව්වත්
බුර්කාව ගැලෙව්වොත් එන ප්‍රශ්න විසඳාගන්න
ඔවුන්ට බැරි වෙන්න පුලුවන්.

සුළු පිරිසක් බුර්කාව නිසා
හිතින් දුක් විඳින්න පටන් අරන් තියනවා.
බුර්කාව අඳින අය ඒක නිසා විඳින
කායික දුකට වඩා ලොකු දුකක්
ඒකට විරුද්ධ අය මානසිකව විඳිනවා.

තමන් කැමති ඇඳුමක් අඳින ගමන්
වහල් බවේ ප්‍රමාණය අනුව
අනුන්ගෙ ඇඳුම විවේචනය කරන්නෙ
තමන්ට සාපේක්ෂවයි.
අපි වගේ අඳින්න කියලයි
ඔවුන් කියන්නෙ..
ඒ තවත් සංස්කෘතියක්..

බුර්කා සංස්කෘතියෙ අයට වඩා
වෙනස් ප්‍රශ්න ජීන්ස් සංස්කෘතියෙ තියනවා.
සාරි ඔසරි සංස්කෘතියෙත් ප්‍රශ්න තියනවා.
මොන ඇඳුම ඇන්දත් ප්‍රශ්න ඇති වෙනවා.

සංස්කෘතියේ වහලෙක් වීමත්
ස්වාමියෙක් වීමත් දෙකම
එක වගේ වහල් මානසිකත්ව දෙකක්.


 



20171005

බිළිඳු ළදරුවා මහමග දමා ගිය පූජනීය වෛද්‍ය ශිෂ්‍ය දියණියනි


ඇය නිවැරදි නැත.
ඇය වැරදි නොකළාද නොවේ.
අද කාලයේ පියෙකු නැති දරුවන්ට ලැබෙන
බොහෝ මව්වරුන් සමග සසඳන විට
ඇය පූජනීයයි.

ඇය වෛද්‍ය ශිෂ්‍යාවකි.
ඇය තරුණයෙකුට ප්‍රේම කළාය.
ඔහුද වෛද්‍ය ශිෂ්‍යයෙක් විය හැක.
ඇය ගැබ් ගත්තාය.
දස මසක් තිස්සේ ඇය දරුවා
කුස තුළ නොනසා රැක ගත්තාය.
නොදන්නා පෙදෙසකට පැමිණ
නිවසක නවාතැන් ගෙන දරුවා බිහි කොට
දරුවාද සමග නවාතැනට පැමිණියාය.
තවත් දින දොළහක් තිස්සේ
තනිව කිසිදු පිළිසරණක් නැතිව
දරුවා හදාගන්නට තැත් කළාය.

ඇයට පෙම්වතාගෙන් සරණක් නැත.
ඇගේ දෙමාපියන්ගෙන් සරණක් නැත.
ඔවුන්ගේ නෑසියන් වෙත යා නොහැකිය.
හිතවතුන්ගෙන්ද සරණක් නැත.

මෙවන් පසුබිමක් සහිතව
තවම දෙමාපියන්ගෙන් යැපෙන
සරසවි සිසුවියක වශයෙන් වෙසෙමින්
ඇය සිය දරුවාගේ වගකීමත් දරාගෙන
නාඳුනන පළාතක කුලී ගෙයක වසමින්
දස එකුන් මස් දින 12ක්
ඇගේ කිරිකැටි දරුවා රැක ගන්නට
දැරූ වෑයම පිළිබඳව
ඔබ සිතන්නේ කුමද?.

ඇය වෛද්‍ය ශිෂ්‍යාවකි.
දරුවා ගබ්සා කරන්නට අවශ්‍ය වී නම්
සැතත් හිතත් ඇති කෙනෙක්
සරසවි බිමෙන්ම සොයාගන්නට තිබිණි.
ක්ෂේත්‍රය රකින්නට වැරදි වැසීම
කිසිසේත්ම නුහුරු කාරියක් නොවන
වෛද්‍ය ක්ෂේත්‍රයෙහි සරණ පැතුවා නම්
ඇයට මේ දරුවාගෙන් නිදහස් වන්නට
බොහෝ කාලයක් තිබිණ.

ඒ දිගු කලටත් වඩා
ඇය බිළිඳු ළදරුවාත් රැකගෙන
දින දොළහක් තිස්සේ ළතවීමෙන් පසුව
දරුවා නොමරා, හානියක් නොකොට
මග දමා ගියේ ඇයි?

ඇය දරුවකු ප‍්‍රසූත කළ බව
දෙමව්පියන් දැනගතහොත්
ඇය මරාදමනු ඇතැයි ඇය සිතූ බව
ඇය පොලීසියට කියා ඇත.

වෛද්‍යවරුන් වෙන්නට යන සිසුන්ගේ
දෙමාපියන්ගේ චින්තන රටාවත්
ඔවුන්  අහස උසට තබන බලාපොරොත්තුත්
ඔවුන් සමාජයෙන් බලාපොරොත්තුවන
ගරු සම්මාන සහ සත්කාරත්
දියණිය ප්‍රසූත කළ දරුවා නිසා
අහිමි කරගන්න ඔවුන් කැමති නොවනු ඇත.

එවන් දෙමව්පියන්ගෙන්,
දරුවා ඔහුගේ නොවන බව කියන
ඇගේ පෙම්වතාගෙන් මෙන්ම
දූෂණය වූ කාන්තාවන්ගේ ගැබ් නසන්නට
සැත් අමෝරාගෙන බලා සිටින රීරි යකුන්ගෙන්
ළදරුවා රැකගෙන ජීවත් කරගන්නට
මේ සරසවි දියණිය දැරූ උත්සාහය
අද වැනි කුරිරු සමාජ පසුබිමක
පූජනීය, ගෞරවණීය කාරියකි.

දරුවා සුරැකිව බිහිකොට
දින දොළහක් පුරා හදා වඩා ගත්
ඇය සැසඳීම කළ යුත්තේ
සියලු රැකවරණ මැද වෙසෙන
වාසනාවන්ත මව්වරුන් සමග නොවේ.
තමන්ගේ කුසේ ඉන්නා දරුවා
සැතකින් කැබලි කරමින් ඝාතනය කොට
කැබලි ටික ඉවත ලන්නට පෙළඹෙන
කුරිරු මව්වරුන් සමගය.

පේරා සරසවි බිමේ තුරුලතා
කතා කළ හැකිනම් කියාවී
මා ඔබට වෙන් කළ සෙනෙහසින්
හන්තාන කම්පා කළ හැකී....
මහ වැලිය උතුරා ගලා යන්නට
මා ඔබට පෑ සෙනෙහස ඇතී.

මිනිස් හිත්වල තෙතක් නෑ
දෙතොල සනහන දිය පොදක් නෑ
මේ රුදුරු කාන්තාරයේ
එකම දිය බිංදුව ඔබයි
නිබඳ මා ළඟ රැඳී
මහද ගිනිදැල් නිවූයේ ඔබ...

අද
ඔබ මෙසේ මේ මාවතේ
දමා යන්නේ බිළිඳුනේ
නුඹ මගේ වූ පවින්
නුඹ මරන්නට සැත් අමෝරා
බලා ඉන්නා ලෝකයෙන්
හෙටත්
නුඹ රකින්නට බැරි නිසාවෙනි
කමා කළ මැන බිළිඳුනේ.

=================================================
මූලාශ්‍ර වූ ප්‍රවෘත්තිය
දරුවා මහ මග දමාගිය සරසවි සිසුවියට ඇප(උපාලි ආනන්ද) ලංකාදීප පුවත්පත

දින 12ක් වයසැති තම දරුවා මග දමා ගියැයි අධිකරණයට ඉදිරිපත් කළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවියක (22) රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුනවෙල මහතා නියෝග කළේය.

රාත‍්‍රි කාලයේ බෙහෙත් ශාලාවක් අසල බිම දමා ගොස් කෲරත්වයට භාජනය කර පලා යාමේ චෝදනාව සම්බන්ධයෙන් ඇය පොලොන්නරුවේදී සැකපිට අත් අඩංගුවට ගෙන තිබිණි.

මව සහ දරුවා සම්බන්ධයෙන් ඞී එන් ඒ පරික්ෂණ වාර්තාවක්  කැඳවන ලෙසට දුන් නියෝගයක් කළ ඞී.එන්.ඒ පරික්ෂණයේදී දරුවාගේ මව අදාළ සරසවි සිසුවිය බවට  සියයට සියයක්ම තහවුරු වී තිබේ.

එම දරුවා දැනට නිරෝගීව අනුරාධපුර ශික්ෂණ රෝහලේ රැකවරණ ලබමින් සිටී.

දරුවා ඔතා තිබූ සුදු රෙදි කැබැල්ලේ සුනඛයෙකුගේ අත් සහ කකුල්  ඇති බවට සලකුණු දක්නට තිබී ඇති අතර එම සුනඛයා දරුවාට කිසිදු හානියක් නොකර තිබීම පිලිබදව පොලිසිය විමතියට පත්වූ බව අධිකරණයේදී කියැවිණි.

දරු ප‍්‍රසූතියක් අපේක්ෂාවෙන් පුලියන්කුලම ප‍්‍රදේශයේ කුලී නිවසක නවාතැන් ගෙන සිටි විශ්ව විද්‍යාල වෛද්‍ය සිසුවියක  මීට දින කිහිපයකට පෙර අනුරාධපුර ශික්ෂණ රෝහලේදී දරුවකු ප‍්‍රසූත කර එම දරුවාද රැගෙන යළි කුලී නිවසට පැමිණ ඇති බව අනාවරණය වී ඇත.

ඇය එම ප‍්‍රදේශයේ තරුණයකු සමග පේ‍්‍රම සබඳතාවක් ඇති කර ගෙන ඇති අතර පසුව ගැබිණියක බවට පත්ව ඇති බවත් ඒ බව සිය මවට පියාට හෝ පවුලේ කිසිවකුට පවසා නැති බවත් අනාවරණය වූ බව පොලිසිය පැවසීය.

ඇය දරුවකු ප‍්‍රසූත කළ බව දෙමව්පියන් දැනගත හොත් තමා මරා දමනු ඇතැයි බිය නිසා  දරුවා මෙලෙස දමා පැන ගිය බව සැකකාර මව පොලිසියට ප‍්‍රකාශ කර තිබේ.

ඇය අත් අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ආ අවස්ථාවේ සිය කුසින් බිහි කළ දරුවා දෙස බැලීමට පවා ඇය දැඩි අකමැත්තක් පල කළ බවද පැවසේ.

ඇය කුලියට සිටි නිවසේ කාන්තාවට පවසා ඇත්තේ තම සැමියා ජපානයේ රැකියාවක් කරන බවයි.




20171004

නොගැලපෙන හදවත් බද්ධ කල හැකිද?

දසුන් නිෂාන්ට මෙන්ම සචිනි සෙව්වන්දිට
ජීවිතය අහිමි වූයේ හදවත නිසාය.

"පුතේ බාධා වුණානෙ.
ඔය ගමන යන්න එපා"
වැඩිහිටියන් කියනු අප අසා තිබේ.

ඒ බස නො අසා පිටවී යන අයට
ඒ අවස්ථාවට පමණක් සාපේක්ෂව
ඒ කතාවෙහි ඇත්ත නැත්ත ගැන
දැන ගන්නට ලැබෙයි.

සමහරවිට වැඩිහිටියා නිවැරදිය.
හැමවිටම නිවැරදි නැත.

මේ හදවත් බද්ධයේදීත්
වෛද්‍යවරුන්ගේ පුද්ගලික වර්ජනය මත
සැත්කමට බාධා වීම
සැත්කම අසාර්ථක වීම පිළිබඳව
අසුභ පෙර නිමිත්තක්ද?

සචිනිගේ ජීවිතයේ අවදානම
ඇගේ හදවතේ ක්‍රියාකාරිත්වය අඩු වීමද?
ඒ අඩුවීම නිසා ඇය මරණයට පත්වීමද?

හදවතේ ක්‍රියාකාරිත්වය අඩු වීම
මාරාන්තික නැත්නම් ඇයට ජීවත් වන්නට
හදවත් බද්ධයක් අවශ්‍යද?

අඩු ක්‍රියාකාරිත්වයක් සහිත හදවත
ඇය මරණයට පත් නොකරනවා නම්
ඇයට හුරු පුරුදු ඇගේ හදවත සමග
ජීවත්වන්නට සුදුසු වාතාවරණයක්
හදවත් බද්ධයකට වාඩා
ඇයට සුදුසුද? නැද්ද?

මාස හයක් තිස්සේ කල් බලමින් සිට
හදවතක් ලැබී සැත්කම සූදානම් වෙද්දී
වෛද්‍යවරු කොටසක් සැත්කම වර්ජනය කිරීමෙන්
පළමු හදවත විනාශ වී යැමෙන් පසු
දෙවන වරට ලැබුණ හදවත
ඇයට ගැලපුණාද, නැද්ද?

පළමු හදවත නාස්ති වීමෙන් පසු
"වෛද්‍යවරු හදවත් මරාගත්තා"
කියා දොස් පවරන විට ඉන් මිදීමට
නිසි පරීක්ෂණ වලින් තොරව
හදිසියේ සැත්කම කළාද?

හදවතේ ක්‍රියාකාරිත්වය අඩු වීම
මාරාන්තික නැත්නම් ඒ අඩුපාඩුව සමග
ඇය රැකගෙන ජීවත් වන්නට
දෙමාපියන් එකඟ වේද?

පවුලක් ලෙස සැලකූ විට
ජන්ම අඩුපාඩු සහිත දරුවන් හෝ
පසුව අඩුපාඩු ඇති වෙන දරුවන්
ඒ අඩුපාඩු සමග පිළිගන්නට නොහැකිවීම
සචිනිගේ මරණයට හේතුවද?

සචිනිගේ හදවත ක්‍රියාකාරිත්වය අඩුවීම
හදවතේ පමණක් ප්‍රශ්නයක්ද?

සමස්ත ශරීරය, මොළය, ස්නායු පද්ධතිය
මේ සියල්ලේම පොදු ගුණාකාරයක් ලෙස
හදවතේ ක්‍රියාකාරිත්වය අඩුවුණා නම්
හදවතක් බද්ධ කිරීම පමණක්
ඇය සුව කරන්නට ප්‍රමාණවත් වේද?

සචිනිගේ හදවත රෝගී නම්
හදවත් බද්ධය සාර්ථක විසඳුමක්.
ඇගේ ශරීරය රෝගී නම්
හදවත් බද්ධයක් සාර්ථක වෙයිද?

පරණ රෙද්දකට අලුත් රෙද්දකින්
එළලන්න බැරි බව අපි දන්නවා.

ඇගේ රෝගී බවට හේතුව
ඇගේ හදවත පමණක් නොව
හදවතත් ඇතුළුව මුලු සිරුරේම නම්
වෙනත් නිරෝගී හදවතක්
රෝගී සිරුරට ගැළපේද.?

"අඩි පහක් හයක් ඇවිද්දත්
ඇය වෙහෙස වෙනවා" කියා
සචිනිගේ පියා කියනවා.
මේ වෙහෙසට එකම හේතුව
හදවත දුර්වල වීම පමණක්ද?

සමස්ත ශරීරය දුර්වල වෙද්දී
හදවත ඉතිරි විය හැකිද?
ඒ හදවත වෙනුවට වෙනත් හදවතක්
බද්ධ කර ඇය සුව කරන්නට නම්
සමස්ත ශරීරය සුවපත් කළයුතු නේද?

මේ දුර්වලතා සමග ඇයට ඇගේ ලෝකයේ
ළදරුවෙක් මෙන් ජීවත් විය හැකි ලෙස
පරිසරය සකස් කර දුන්නා නම්
ඇය කොපමණ කලක් ජීවත් වේද?

සොබා දහමෙන් ඇයට ලැබුන කාලය
සතුටෙන් ජීවත්වන්නට ඇයට ඉඩ දුන්නා නම්
ඇගේ ජීවිතයට ප්‍රමාණවත් නැද්ද?

මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නට
සමාජයක් ලෙස අපට නොහැකි වීම නිසා
සචිනි සෙව්වන්දි ඒ පවුලට අහිමි විය.

සියලුම බාහිර සම්පත්වලින් පිරිපුන්
දසුන් නිෂාන්, ගෝමරී වැන්නන් පවා
මනසේ ක්‍රියාකාරිත්වය විකෘති වීමෙන්
විසඳුම් නැති ප්‍රශ්නවලට මැදිවී
හදවතේ ක්‍රියාකාරිත්වය
සියතින්ම නතර කරගනිති.

හදවත් නොගැලපීම නිසා
ජීවිත කාලය දික් කරන්නට ගත්
මාරාන්තික අවදානම වැරදී ගියෙන්
සචිනිගේ ජීවිත කාලය කෙටි විය.

දසුන් නිෂාන් මිය ගියේත්
තමාට නොගැලපෙන හදවතක්
බද්ධ කරගන්නට දැරූ වෑයම
අසාර්ථක වීමෙන් නොවේද?

දසුන් නිෂාන්ගේ ජීවිතය
අඩුපාඩු සමග පිළිගන්නට
දසුන් නිෂාන්ට නොහැකිවීම
ඔහුගේ මරණයට හේතුවයි.

සචිනි සෙව්වන්දි
අඩුපාඩු සමග පිළිගන්නට
සමාජයට නොහැකිවීම
ඇගේ මරණයට හේතුවද?

20171002

කෙලෙස් නැසීමෙන් ප්‍රඥාව

මම සොයන්නෙ සමාධිය නොවෙයි.

අමුතු සමාධියක් අවශ්‍ය නෑ

මා තුළ සිදුවෙන වෙනස ගැන සිහියෙන්
ඒ වෙනසට උපෙක්ෂාවෙන් වෙසෙනවා

සම්මා සතියෙන් උපන් සම්මා සමාධිය.,

මම සොයන්නෙ
කෙලෙස් නැසීමෙන් ලැබෙන ප්‍රඥාවයි.

මගේ කෙලෙස් නැසෙන ක්‍රමය මේකයි.

ඔබට මේ ටික තේරුම් ගන්න නම්
සතර සතිපට්ඨානය අවශ්‍යයි.

කායානුපස්සනා සහ වේදනානුපස්සනා දෙක
අනිවාර්යයි...

මෙතැන් සිට බුදුන් වහන්සේගේම වචන.

වේදනා තුනෙකි.
සුව වේදනා ය,
දුක් වේදනා ය,
නොදුක් නොසුව වේදනා යි.

සුවවේදනාවෙන් රාගානුසයය පහකටයුතු ය.
දුක්වේදනාවෙන් පටිඝානුසයය පහකටයුතු ය.
නොදුක් නොසුව වේදනාවෙන්
අවිජ්ජානුසයය පහකටයුතු යි.

යම් කලෙක මහණහට
1, සුවවේදනාවෙන් රාගානුසයය ප්‍රහීණ වූයේ වේ ද
2, දුක්වේදනාවෙන් පටිඝානුසයය ප්‍රහීණ වුයේ වේ ද
3, නොදුක් නොසුව වේදනාවෙන්
අවිජ්ජානුසයය ප්‍රහීණ වූයේ වේ ද
පහ වූ රාගානුසයය ඇති මේ මහණ තෘෂ්ණාව සිඳදැම්මේ ය.
සංයොජන මුලිනුපුටා හළේ ය.
මැනවින් මනාවබොධයෙන්
දුක් කෙළවර කෙළේ යයි කියනු ලැබේ.

වේදනාව නොදන්නා (වෙදනා) නිස්සරණය නොදක්නා
සුව වේදනාව විඳින්නහුට රාගානුසය වේ.

වේදනාව නොදන්නා (වෙදනා) නිස්සරණය නොදක්නා
දුක් වේදනාව විඳින්නහුට පටිඝානුසය වේ.

තථාගතයන් විසින් ශාන්තය යි වදාළ
නොදුක් නොසුව වේදනාව ද පතන්නේ
දුකෙන් නොමැ මිදෙයි.

යම් හෙයකින් කෙලෙස් තවන වෙර ඇති මහණ
සති සම්පජන්‍යය අත් නොහැර වඩාද,
එහෙයින් ඒ පණඩිත තෙමේ සියලු වේදනා පිරිසිඳ දනී.

හෙතෙමේ වේදනා පිරිසිඳ දැන
කෙලෙස් රහිත වූයේ නිවනට පැමිණියේ දහම්හි පිහිටියේ
මරණින් මතු පැනවීමකට නො පැමිණේ.
-1.20.3. පහාන සූත්‍රය
==================================

 වසර දෙදහස් පන්සියයකට පෙර
අංගුලිමාලගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය
විපස්සනා
අදත් එදා මෙන්ම
දාමරිකයන් සිල්වතුන් කරයි.

සිරකරුවන් දහසකට අධික පිරිසක් සඳහා
1994 අප්‍රේල් මස 4දා සිට දස දිනක් පුරා
ඉන්දියාවේ නවදිල්ලියේ තිහාර් සිපිරිගෙයිහිදී
එස්.එන්.ගොයෙන්කා තුමා සහ ඔහුගේ සහායක ගුරුවරුන්
පවත්වන ලද විපස්සනා පාඨමාලාව පිළිබඳ
වාර්තා චිත්‍රපටයකි.

සිංහල උප සිරැසි සහිතයි.


විපස්සනා පුහුණුව
විපස්සනා, 

එනම් ඇති දෑ ඇතිසැටියෙන් දැකීම 
ඉන්දියාවෙහි ඉගැන්වෙන අති පැරණිම භාවනා ක්‍රමයකි. 
වසර දෙදහස් පන්සියයකට පෙර 
විශ්වීය රෝගයනට විශ්ව සාධාරණ ඔසුවක් ලෙස 
මේ ජීවත් වීමේ කලාව ඉගැන්විණ. 

දසදිනක නේවාසික පාඨමාලාවක් මගින් 

විපස්සනා භාවනා ක්‍රමය පිළිබඳව මූලික කරුණු 
එයට සහභාගිවන්නන්ට ඉගැන්වෙන අතර 
ඵලදායී ප්‍රතිඵල ප්‍රමාණවත් අයුරින් ලැබෙන 
පුහුණුවක්ද ලැබෙයි. 

පාඨමාලාව සඳහා කිසිදු අයකිරීමක්, 

එනම් ආහාර හා නවාතැන් සඳහාවත් 
අයකිරීමක් කරනු නොලැබේ. 
සියලුම වියහියදම් සැපයෙන්නේ 
පාඨමාලාවකට සහභාගිවීමෙන් 
යහපත් ප්‍රතිඵල ලැබූ අය විසින් 
අන් අයටත් එම ප්‍රතිඵලම හිමිකර ගැනීමට 
අවස්ථාව ලබාදෙන චේතනාවෙන් පුදන 
දානමය පරිත්‍යාගයෙනි.

භාවනා මධ්‍යස්ථාන විශාල සංඛ්‍යාවක සහ 

මධ්‍යස්ථාන නොවන, තාවකාලිකව කුලියට ගන්නා  ස්ථානවලද
 පාඨමාලා පැවැත්වේ. 
 http://vipassanapuhunuwa.blogspot.com/
වෙබ් අඩවියෙහි ඇති පාඨමාලා ලැයිස්තුවෙන් 
තෝරාගත් පාඨමාලාවක් ඉල්ලුම් කළ හැක.


රෝගීන්ට පෙර වෛද්‍යවරුන්ට හදවත් බද්ධ කළ යුතුයි.

දෙවන හදවත් බද්ධය අසාර්ථකයි.

රෝගීන්ට හදවත් බද්ධ කිරීමට පෙර
වෛද්‍යවරුන්ට හදවත් බද්ධ කළ යුතුයි.

පළමු හදවත් බද්ධය සාර්ථක විය.

එක් වෛද්‍යවරයෙක් මාධ්‍ය මගින් පෙනී සිට
සියලු ගරු සම්මාන තමන්ට ලබා ගැනීමට
ප්‍රසිද්ධියේ කටයුතු කළේය.
ඔහු ලක්ෂ විස්සක රැකියාවක් අත් හැර දමා
ලංකාවට පැමිණි බවද කියැවිණ.

අද වෛද්‍යවරුන්ගේ සිතැඟි දන්නා කෙනෙක්
මෙවැනි ප්‍රවෘත්තියක් දුටු සැණින් සිතා ගන්නේ
අපේ රටේදීත් ඔහු ලබන මාසික ආදායම
අවම වශයෙන් ලක්ෂ විස්සක්වත් ඇති බවයි.
ඔහුගේ මේ ප්‍රචාරක ව්‍යායාමය
ඒ විස්සත් වැඩි කරගැනීමටද?

රටට සේවය කිරීමේ චේතනා පෙරදැරිව
සද්භාවයෙන් පැමිණෙන වෛද්‍යවරයෙක්
වෛද්‍ය කණ්ඩායමක් එක්ව කරන ක්‍රියාවක්
තමන්ගේ ඒක පුද්ගල ජයග්‍රහණයක් ලෙස
ලොවට හුවා දක්වන්නට උත්සාහ නොකරන බව
සාමාන්‍ය දැනීමක් ඇත්තෙකු වුව දනී.

මේ මාධ්‍ය සන්දර්ශනයේ අරමුණත්
සාමාන්‍ය දැනීමක් ඇත්තෙකුට රහසක් නොවේ.
මේ දැන්වීම නිසා ඔහුගේ ඉල්ලුම ඉහළ යන බව
සමාජයට රහසක් නොවේ.
උණ හෙම්බිරිස්සාවකට වුව ප්‍රතිකාර ගන්නට
හදවත් බද්ධ කරන කෙනෙක් වෙත යාමට
අපේ ජනතාව කැමතිය.

පුද්ගලික රෝහලක හදවත් බද්ධ කරන
නුදුරු දිනකදී ඔහුගේ මේ දැන්වීම
කෝටි ගණනක ප්‍රතිලාභ ගෙන දෙනු ඇත.

ලිපියෙහි මාතෘකාව විය යුත්තේ
වෛද්‍යවරු කණ්ඩායමක් විසින් කරන ලද
පළමු හදවත් බද්ධයේ සාර්ථකත්වයයි.
එක් වෛද්‍යවරයෙක් නොවේ.

මේ සම්මානය කණ්ඩායමටම බෙදී නොයාම
කණ්ඩායමේ සමහරුන්ගේ විරෝධයට හේතු විය.

''ඇත්තටම වෙලා තියෙන්නේ
විශේෂඥ වෛද්‍යවරුන් තුන්දෙනෙක්
සැත්කම කරන්න අකමැති ‍වීමයි''
සෙව්වන්දිගේ පියා පවසයි.
(දිනමිණ)

මුල් සැත්කමේ සාර්ථකත්වය ඊට සම්බන්ධවූ සැමට හිමිවන නමුත් එහිදී කිහිපදෙනකු පමණක් විශේෂයෙන් මතුවී සෙසු අය‍ගේ සේවය නිසි ඇගයීමකට ලක් නොවුණු බවත් නිර්වින්දන වෛද්‍ය විශේෂඥ ජගති පෙරේරා මහත්මිය  ප්‍රකාශ කළාය. -දිනමිණ

දරුවා පාසල් යවන්නට
රෝහල වර්ජනය කරන්නාට
හදවත් බද්ධය අදාළ නැත.
ඔහුගේ අරමුණ ඔහුගේ දරුවාය.

අද කාලේ වෛද්‍යවරයෙකුට හිසේ ඇම්මක් හැදුණත්
ආසන්නම විසඳුම ලෙස හුරු වී ඇති වර්ජනය
දෙවෙනි හදවත් බද්ධයට බාධාවක් වූයේ
"පළමු හදවත් බද්ධයේ ගෞරවය
සමහරු තනියම අයිති කරගත්තා"යැයි කෙරුණු
නරුම චෝදනාවක්ද සමගිනි.

තනි ප්‍රචාරක ප්‍රයත්නය පිළිබඳව
ප්‍රචාරණචාරී වෛද්‍යවරයා වැරදිය.
මරණ මංචකයේ සිටින
රෝගී යුවතිය ප්‍රාණ ඇපයට ගනිමින්
ඊට දැක්වූ කුරිරු ප්‍රතිචාරය පිළිබඳව
වෛද්‍ය කණ්ඩායම වැරදිය.

එක් වෛද්‍යවරයෙකු විසින්
සියලු සම්මාන ලබා ගැනීමට දැරූ
අවකල් ප්‍රයත්නයෙහි අනිටු ප්‍රතිඵල වලින්
ජීවිත අවදානමකට මුහුණ පෑවේ
දෙවැනි හදවත් බද්ධයට සූදානම් වූ
අසරණ යුවතිය විනා වෛද්‍යවරයා හෝ
ඔහු සමග සැත්කම කොට
ගරු සම්මාන පිළිබඳව සිතින් විඳ වූ
වෛද්‍ය කණ්ඩායමද නොවේ.
හදවත් බද්ධය අසාර්ථක වී
අවසානයේ මිය ගියේද ඇයයි.

ක්‍රිකට් මැච් එකක් දිනාගැනීම වුවත්
කණ්ඩායම් හැඟීමෙන් තොරව කළ නොහැක.

හදවත් බද්ධය ක්‍රිකට් මැච් එකකට වඩා
කොතරම් සියුම් දෙයක්ද කියා අපි දනිමු.

ගරු සම්මාන සඳහා කඹ ඇදීමෙන්
කණ්ඩායම් හැඟීම බිඳුණු පසු ඇතිවෙන
අවුල් සහගත මානසිකත්වය තුළ
හදවත් බද්ධයක් වැනි අවදානම් සැත්කමක්
ඒ වෛද්‍ය කණ්ඩායමට කළ හැකිද?

මරණාසන්නව පසුවෙන රෝගී යුවතියකගේ
අවදානමේ වැටුණ ජීවිතයක් සමග සෙල්ලමකට
වෛද්‍ය කණ්ඩායමක් පොළඹවන්නට තරම්
ගරු සම්මාන ලැබීම වැදගත්වන්නේ ඇයි.?

වෛද්‍යවරයෙකුට ගරු සම්මාන යනු
විනිමය වටිනාකමක් ඇති බලයකි.
පළමු හදවත් බද්ධය
සාර්ථක වීමෙන් පසුව
මේ කණ්ඩායමේ වෛද්‍යවරුන්ගේ
චැනල් විනිමය අනුපාතිකය
බොහෝ පුද්ගලයන් ඉහළ දමා ඇත.

ඒ වෛද්‍යවරු චැනල් කරන
ඔවුන්ගේ අනුග්‍රාහක රෝගීන්ට
වහාම වැඩි විනිමය අනුපාතිකයක් ගෙවා
ප්‍රතිකාර ගන්නට ඉදිරියට සිදු වන්නේ
දැන් ඔවුන් හදවත් බද්ධයක් කළ
සුවිශේෂී කණ්ඩායමක වෙසෙන
අපූර්ව වෛද්‍යවරුන් පිරිසක් නිසාය.

හදවතක් වෙනුවට වෙනත් හදවතක් බද්ධ කිරීම
ගරාජයක කාර්මිකයෙක් වයර් දෙකක් අමුණනවාට වඩා
ගසකට රිකිල්ලක් බද්ධ කරනවාට වඩා
අතිශය සංකීර්ණ, සංවේදී මානුෂික ක්‍රියාවකි.

තනි තනි පුද්ගලයන් වශයෙන්ද
සියලුම වෛද්‍යවරුන්ගේ සමාධිය
මනාව පවත්වාගත යුතු අතර
සමස්ත කණ්ඩායමම එක්කෙනෙක් මෙන්
එක අරමුණකින් ක්‍රියාකළයුතු ආකාරයේ
මාරාන්තික වගකීමක් ඔවුන් මත ඇත..

මුදල් මත දෝලනය වෙන
මුදල් පහසුවෙන් ගලා එන මේ වෘත්තිය තුළ
අද වෛද්‍යවරු වශයෙන් පෙනී සිටින බහුතරය
වෘත්තීය අයිතිවාසිකම් ගැන කම්කරුවන් මෙන් හිතන
කම්කරුවන් මෙන් වර්ජන කරන, උද්ඝෝෂණ කරන
කම්කරුවන් මෙන්ම හැසිරෙන පිරිසකි.

වෛද්‍ය වර්ජනයකදී වර්ජනය කෙරෙන්නේ
බාහිර රෝගී අංශයේ පමණක් වුවද
වෛද්‍යවරයෙක් දෙන්නෙකුගේ පුද්ගලික කරුණු මත
දැඩි සත්කාර ඒකකයේ, හෘද සැත්කම් අංශයේ පවා
සති දෙක තුන වර්ජන ක්‍රියාත්මක වෙයි.

වර්ජන කාලය තුළ
පොරොත්තු ලැයිස්තුවෙන් ගැලවී
පුද්ගලික රෝහල් කරා යන රෝගීන්ගෙන්
වර්ජක වෛද්‍ය වරුන්ගේ බැංකු ගිණුම්
අමතරව තර නොවන්නේද?

රෝගියාගේ සුවසෙත වෙනුවෙන්
රෝගියාගේ ජීවිතය බේරාගන්නට
ආත්ම පරිත්‍යාගයෙන් ක්‍රියා කළ යුතු
පුහුණු වෛද්‍ය කණ්ඩායමක්
''එදා වේල සොයන්නට දවසම විඳවන
නුපුහුණු කම්කරුවෙකුගෙ මානසිකත්වයෙන්''
ශල්‍යාගාරය තුළ අඬදබර කරගෙන
හදවත් බද්ධයක් කිරීම කළ හැකිද?

දෙවැනි හදවත් බද්ධය ගැන
මාධ්‍යවල වාර්තා වුණ සමහර කරුණු අනුව
හදවතක් ඉවත් කොට
හදවතක් බද්ධ කරන්න තරම්
සවිමත් කාරුණික මානුෂික හදවත් ඇති
කාරුණික වෛද්‍ය කණ්ඩායමක්
මහනුවර රෝහලේ දැනට නැති බව
අද වනවිට මුළු රටම දනී.

ගරු සැලකිලි ලබා ගැනීම සඳහා කඹ අදින වෛද්‍යවරු
මානසික සංවරයෙන්, චිත්ත සමාධියෙන් තොරව කරන
සියුම් හදවත් බද්ධයක් සාර්ථක වන්නේ කෙසේද?

සියල්ල මුදල් මත දෝලනය වෙන
සියල්ල මුදල වටා කැරකෙන නිසාවෙන්
රසායනාගාරයක මේසය මත මීයන්ගෙ තත්වයට
අද මිනිස් ජීවිත වැටිලා තියෙන්නෙ.

''එක හදවත් බද්ධයක් සාර්ථක නම්
දහයක් අසාර්ථක වුණත් මොකද?''
වෛද්‍යවරු තර්ක කරනවා.
සාමාන්‍ය ජනතාවත් ඒ අන්දමට
සහෝදර මිනිස් ජීවිත ගැන හිතනවා.
ඒ චින්තනය වෛද්‍යවරුන්ට පහසුවක්.

පොදු ජනතා චින්තනයෙන් පණ ලබන
වෛද්‍යවරු රැසක් පසුගිය කාලයේ
ෆේස්බුක් සමාජ ජාලය තුළ සැරිසැරුවා.

ප්‍රතිශක්තිකරණය වැරදීම නිසා
ආබාධිත වෙන, මරණයට පත් වෙන දරුවන්,
ගබ්සාවෙන් ඝාතනය කරන ළදරුවන් ගැන
වෛද්‍ය මත සහ ආකල්ප වල ස්වභාවය
ෆේස්බුක් සංවාදවල හෙළි වුණා.

කුසේ ඉන්න ළදරුවෙක්
සැතකින් ඇන මරන්න ක්‍රියා කරන
යාන්ත්‍රික හිතක් ඇති වෛද්‍යවරුන්ට
හදවත් බද්ධයක් කරන්න තරම්
සන්සුන් සංවේදී හිතක් හදා ගන්න
ඉතාම අමාරු වෙයි.

ෆේස්බුක් එකේ අපට හමුවෙන
සමහර වෛද්‍යවරු
"ඔවුන් දරන ආකල්ප සහ චර්යාව අනුව"
මස් කඩයක මස් කපන්න හැර
වෛද්‍ය වෘත්තියට සුදුසු අය කියා
කියන්න අපහසුයි.

අද බොහෝ වෛද්‍යවරුන්ගේ අරමුණ
හැකිතරම් මුදල් සහ ඉසුරු සෙවීමයි.
මේ ආකල්පය සමාජයට රහසක් නොවෙයි.

රෝගීන්ගේ සුව සෙත පිළිබඳව
ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව
වෛද්‍යවරුන්ගෙ ආකල්ප ගැන විශ්වාසය
ඉතාම පිරිහුණ යුගයක් මේ.

මිනිස් ජීවිත ගැන තනි තීරණ ගන්නට
වෛද්‍යවරුන්ට බලය ඇතැයි සිතමින්
ඒ අනුව ක්‍රියා කරන වෛද්‍යවරුන් නිසා
ඔවුන්ගේ බල ප්‍රදේශය තුළ පවතින
මිනිස් ජීවිත අවදානම්.

මේ බලය වෛද්‍යවරුන්ගේ උරුමයක් වුවත්
ඒ බලය යහපතට හේතුවෙන්නෙ
වෛද්‍යවරයා කරුණාවන්ත නම් විතරයි.

අද වෛද්‍යවරු තුළ කරුණාව හිඟයි.
කරුණාව ඇති වෛද්‍යවරු හිඟයි.

------------------------------------------------
මේ ලිපිය
යසඉසුරු පතන
අකාරුණික වෛද්‍යවරුන්ට
අභියෝගයක්.

ආත්ම පරිත්‍යාගී
කාරුණික වෛද්‍යවරුන්ට
ප්‍රණාමයක්.