20160905

සිරි ධම්ම හිමිත් මතු භවයක පසේ බුදු කෙනෙක් ???

සිරි ධම්ම හිමිත්
නියමිත කර්ම ගෙවා අවසන් කිරීමෙන් පසු
මතු යම් භවයක දෙව්දත් මෙන්
පසේ බුදු කෙනෙක් වෙන්න අවකාශ තියනවා.


බුදු දහමට අනුව හැඩ ගැසී...
බුදු දහම අවබෝධ කරගත් කෙනෙකු තුළ
ස්වභාවයෙන්ම වැඩී ප්‍රකට වෙන
බුද්ධ ශ්‍රාවකයෙකු තුළ ඇති ගුණ
ඔහු තුළ දකින්නට ඇත්තේ නෑ.

පසේ බුදු වෙන්න යන කෙනෙකුගෙ
චරිතය සහ මානසිකත්වය
ශ්‍රාවක බුදු කෙනෙකුගේ මෙන් නොවෙයි.
ශ්‍රාවක බුදු කෙනෙක් ස්වභාවයෙන්ම
දහම හොයන්නෙ තව කෙනෙකුගෙන්.
ඔහුගෙ ශ්‍රද්ධාව ප්‍රබලයි.
ඔහුට දහම දෙසන තැනැත්තා පිළිබඳව
බලවත් කෘතවේදීත්වයක්
ඔහු තුළ පවතිනවා.
මෙවැනි ස්වභාවයක් සිරිධම්ම හිමි තුළ නෑ.
ඔහු බුදු දහම පාවිච්චි කරන්නෙ
ඔහුට එන ගල්මුල් වලින් ආරක්ෂා වෙන්න පමණයි.

සම්බුදු කෙනෙකුට හෝ
උන්වහන්සේගේ රහත් කෙනෙකුට
තමා අවබෝධය ලබාගත් මාර්ගය
නැවත පවසන්න පුලුවන්.

සිරිධම්ම හිමි
ලබා ගත්තා කියන අවබෝධය
ඔහුට වචනයෙන් කියන්නත් බැරිලු.

මාර්ගය
වචනයෙන් කියන්න බැරි අපහසුතාවය ඇත්තේ
පසේ බුදු කෙනෙකුටයි.

බුදුන් වහන්සේට එවැනි අපහසුවක් නෑ.
බුදුන් වහන්සේ නිවනත්
නිවන් මගත්  පැහැදිලිව ප්‍රකාශ කරනවා.


ඔහු බුදු දහම ඇසුරෙන් කියන දේ
බුදු දහම නොවන අතර
"ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න නම්
ඉන්ද්‍රිය සංවරය ඇති කර නොගත යුතුය" වැනි දෙසුම්
බුදු දහමට ඉඳුරාම පටහැණියි.
සිරිධම්ම හිමිගේ අවබෝධයෙහි දුර්වලතාවය
මනාව පැහැදිලිවන්නේ ඔහු දෙසන ව්‍යාජ විපස්සනාවෙනි.
.
සිරිධම්ම හිමිගේ විපස්සනාව තුළ
කාය වේදනා සඳහන් නොවෙයි.
කාය වේදනා නැති තැන සතර සතිපට්ඨානයක් නැත.
ඔහු උගන්වන්නේ චිත්ත භාවනාවක් නොවෙයි.


හැම සත්වයෙක්ම
අසංඛ්‍ය කල්ප ලක්ෂ ගණනක් හෝ සසර සැරිසරා අවසන
 තුන්තරා බෝධියෙන් එකකින්  නිවන් දැකිය යුතුයි..
කිසිවෙක් සදාතනික නෑ..

බුදු සසුනක් තුළ
පසේ බුදු කෙනෙකු පහළ වෙන්නෙ නෑ.
බුදු සසුනක් තුළ උපදින
පසේ බුදු වීමට පෙරුම් පුරන චරිත
බුදු සසුනට එරෙහිව ක්‍රියා කිරීම
අපි බුදු සමයෙහිම අත්දැක තියන දෙයක්.

දෙව්දත්ටත්
තමා බුදු වී ඇතැයි
අන්ධ විශ්වාසයක් පැවතුණා.

ඔහුත් බුදු වී ඇතැයි සිතන පිරිසකුත්
ඔහු වටා රැස්ව සිටියා.
දෙව්දත්ට නම් ඍද්ධි ප්‍රාතිහාර්ය පෑමේ
හැකියාවකුත් තිබුණා.


සමථය වඩන අපරාධ කාරයෙකුටත්
සිතේ කෙලෙස් යටපත් වුණාම
ඍද්ධි ලබන්න පුළුවන්..

දෙව්දත් තෙරුන් සහ සිරිධම්ම තෙරුන් යන
මාන්නාධික පුද්ගලයන් දෙදෙනාම
බුදු දහම අවබෝධ කර නොගත් බව
ඔවුන්ගේ හැසිරීමෙන්, කල් ක්‍රියාවෙන් සහ
වෙනත් කළ කී දෙයින්
පැහැදිළි වුණා.

ඒ නිසා
සිරි ධම්ම හිමි
නියමිත කර්ම ගෙවා අවසන් කිරීමෙන් පසු
දෙව්දත් මෙන්ම මතු යම් භවයක
පසේ බුදු කෙනෙක් වෙන්න අවකාශ තියනවා.
=============================

සිරිධම්ම හිමි චිත්තානුපස්සනාව නමින් උගන්වන්නෙ තනිකර බොරුවක්.


No comments:

Post a Comment