20130116

දුටු නිවනට යන මිනිස්සු.


බුදුන් වහන්සෙ
දුකෙන් මිදෙන මග විදියට විස්තර කරන්නෙ
හිස් වචන නෙමෙයි.

දිග ඇරගෙන පෙරළ පෙරළා බලමින්
කාලය කා දැමියයුතු හිස් වචන නෙමෙයි.

උන් වහන්සෙ විස්තර කරන්නෙ මාර්ගයක්.
තමන් තුළ දැකපු,
තමන් ගමන් කළ මාර්ගයක්.

උන් වහන්සෙ විස්තර කරන්නෙ
තමන් අත්විඳපු, අනික් කෙනෙකුටත්
විඳින්න පුලුවන් අත්දැකීම්.

රාගය කියන්නෙ
සීතල, උණුහුම වගේ
කයට දැනෙන දැනෙන අත්දැකීමක්.
[ කාමය වගේ ගොරෝසු හැඟීමක් ආවම
කයට දැනෙන දේ බලන්න. ]

ද්වේශය කියන්නෙ
කයට දැනෙන දැනෙන අත්දැකීමක්.
[ දැඩි කෝපය වගේ ගොරෝසු හැඟීමක් ආවම
කයට දැනෙන දේ බලන්න. ]

මෝහය කියන්නෙ
කයට දැනෙන දැනෙන අත්දැකීමක්.
[ නිදිමත වගේ ගොරෝසු හැඟීමක් ආවම
කයට දැනෙන දේ බලන්න. ]

සියුම් රාගික සිතිවිල්ලකදි වුණත්
අප්‍රසාදයකදි වුණත්
වෙනස් කම් වෙනවා..
ගොරෝසු, අවුල් හිත් වලට
පෙනෙන්නෙ නැහැ.

සිතේ ඇතිවෙන දේයක් නම්
ශරීරය තුළ විඳින්න පුලුවන්..

සබ්බේ ධම්මා වේදනා සමෝ සරණා.

ඒ වේදනාව දකිද්දි
ඉපදෙන දේ නිරුද්ධ වෙනවා.

ඒ නිරුද්ධ වීමත්
වින්ඳින්න පුලුවන්.

සමස්ත ශරීරයට
පටි සංවේදී කෙනෙකුට
මේ වෙනස් කම් පෙනෙනවා.
අනිත්‍යය දකිනවා.

ඉරියව් වෙනස් වෙනව පෙනෙනවා.
වේදනා වෙනස් වෙනවා පෙනෙනවා.
හිත වෙනස් වෙනවා පෙනෙනවා.
හිතේ ඇතිවෙන ධර්මතා
වෙනස් වෙනවා පෙනෙනවා.
අනිත්‍යය දකිනවා.

මේ අත්දැකීම ඇති තැනැත්තා
වචන කෑලි වලට කඩලා පෙන්වීමෙන්
නොමග යවන්න බැහැ.

ඒ අත්දැකීම විඳලා
තමාතුළ ඇත්ත දකිනවා විනා
වචන කෑලි වලට කැඩුවා කියල
තේරුම් ගන්න බැහැ.

ප්‍රඥාව පහළ වෙන්නෙ
අත්දැකීම සමස්තයක් ලෙස
සමස්ත කයට සංවේදීව
විඳීමෙන්.

ඒ විඳින මොහොතට
නාම රූප දෙකක් නැහැ.
ඒ දෙකම එකක් බව
ඔහු දන්නවා.

හිත එක තැනකට එකඟ කිරීමෙන්
මේ සත්‍යය අවබෝධ කරගන්න බැහැ.

සක්මන් භාවනාව වඩනවා කියමින්
දෙපා ගැටෙන තැනට හිත එකඟ කරලා
හිතේ අවුල සමනය කරගන්න පුලුවන්.
හිත නිද්‍රෝපගත කරන්න පුලුවන්.
ඒත් ඇවිදීම සහ
ඊට අදාළ වෙනස්වීම්
හරියටම දැනගන්න නම්
මුලු සිරුරටම දැනෙන දේ ගැන
සිහියෙන් ඉන්න අවශ්‍යයි

අනිච්ච කියන්නෙ
ඕනෑම මොහොතක
අපේ මුළු කය පුරාම
1, කය මට්ටමෙන් සිදුවෙන වෙනස් වීම..
එනම් ඉරියව් සහ වේදනා
සහ
2, සිත මට්ටමෙන් සිදුවෙන වෙනස් වීම්
එනම් රාගාදී සිත් සහ
නීවරණාදී ධර්මතා.

බුදුන් වහන්සේ දකින්න පුලුවන්
ධර්මය තුළයි.
ධර්මය දැකිය හැක්කේ
තමා තුළයි.

අනිච්ච වගේ වචන වලට
පුහු විකාර තෙරුම් දුන්නාම
තමන් වටා රොක්වෙන
අනාථ, අසරණ කල්ලියක් හදාගන්න පුලුවන්.
ඒ කල්ලියට නායකයා හැර
වෙනත් සරණක් නැහැ.
ඔවුන් බුදුන් වහන්සේගෙන් බිඳිලා..
ධර්මයෙන් බිඳිලා.
සංඝයාගෙන් බිඳිලා.
ඔවුන්ට දිවි තෙක්
ගැලවීමක් නැහැ.

කල්ලි නායකයා දෙන
විකෘති තේරුම් ගැන හිත හිතා
තමන් අමතක කරලා
මිථ්‍යා දෘෂ්ඨික කල්ලියක් ලෙස
ජීවත් වෙනවා හැර
ඔවුන්ට වෙනත් විකල්පයක් නැහැ.

ධර්මය කියල
හිතේ මවාගන්න දෙයකට මුළාවීම මත
මෝහය ප්‍රබලවීම හැර
වෙනත් සිදු වෙන යමක් නැහැ.

මෝහය ප්‍රබල වීම නිසා සිදුවෙන
වේදනා නොදැනී යාම
නිවන ලෙස හිතාගෙන
දුටු නිවනට යනවා කියමින්
එකතැන ඇවිදින්න පුලුවන්.

මිථ්‍යා දෘෂ්ඨිය කියන්නෙ
කාලයක් තිස්සෙ
මොහොතින් මොහොත සිදුවෙන
සිය දිවි නසා ගැනීමක්..

පුරුෂයාගේ නිදහස - කාන්තා විමුක්තිය

.

.
මම විශ්වාස කරනවා,
ගැහැණියක් සහ පිරිමියෙක්
වෙනත් සමීප සබඳතාවන්ගෙන්
කිලිටි නොවී දිගු කලක්
එකට විසිය යුතු බවට.

බොහෝ දෙනාට
ඒ තුළින් සිදුවෙන පරිණාමය
දැනගන්නට, විඳින්නට
ලැබෙන්නේ නැහැ..

ගැහැණියක් සහ පිරිමියෙක්
මොන ප්‍රශන ආවත්

වෙන් නොවී එකට ඉන්නවා නම්
ඔවුන්ගේ සබඳතාවය
බොරතෙල්, කළුතෙල් බවටත්..
කළුතෙල් ඩීසල් බවටත්,
ඩීසල් පෙට්‍රල් බවටත්
පත්වෙමින් ගොරෝසු,
ඕලාරික සබඳතාවයක සිට
සියුම් මෘදු සබඳතාවයකට
වර්ධනය වෙනවා.

පුරුෂයාගේ නිදහසත්,
කාන්තා විමුක්තියත් ඇත්තේ
ඒ තුළයි.

සැබෑ සබඳතාවයක
හිස් වුණොත් පිරවිය නොහැකි
අවකාශයක් ඇතිවෙනවා.

මෙවැනි සබඳතාවයක්
අපි සමීප මිතුරන් සමග
අත් විඳිනවා.

සහකරු හෝ සහකාරිය
එතැනට පත්වීමයි වියයුතු.

ගැහැණිය ජලය වගෙයි..

Mermaid, splash, splash, water, girl, tail

ගැහැණියට
තමන්ගෙ ආරක්ෂාව
තමන් සලසා ගත හැකි විදියෙ
මනසක් නැහැ.


එක විදියකින් බැරි නම්
වෙනත් විදියකින්
ගැහැණිය පොළඹවන්න පුලුවන්.
එක් පිරිමියෙකුට බැරි නම්
වෙනත් පිරිමියෙකුට
ගැහැණිය පොළඹවන්න පුලුවන්.

ගැහැණිය ජලය වගෙයි..
ඇගේ හැඩය සකස් වෙන්නෙ
ඇය දිනාගන්නා පිරිමියාට
රිසි විදියටයි.

ඔහු පියා වෙන්න පුලුවන්
සොයුරා වෙන්න පුලුවන්.
නෑදෑ පිරිමියෙක්,
මිතුරෙක් වෙන්න පුලුවන්..
සැමියා වෙන්න පුලුවන්,
අනියම් සැමියා වෙන්න පුලුවන්..
ගුරුවරයා වෙන්න පුලුවන්.
ආයතනයේ විධායක
නිලධාරියෙක් වෙන්න පුලුවන්.
පන්සලේ භික්ෂුවක් වෙන්න පුලුවන්..
පල්ලියෙ, කෝවිලේ,
පූජකයා වෙන්න පුලුවන්..
ඕනෑම පුරුෂයෙක් වෙන්න පුලුවන්..
ශිව ලිංගය වගේ
සංකේතයක් වෙන්නත් පුලුවන්..

ඇය තුටුපහටු කරන,
ඇයට ආරක්ෂාව සපයන බවට
ඇය විශ්වාස කරන
ඕනෑම කෙනෙකුට ඇය
කොයි මොහොතක හෝ
නැමෙනවා.

බොහෝ පිරිමින් ඇය
දිනාගන්නේ සහ
අවශ්‍ය නම්
අපයෝජනය කරන්නේ
ඒ මොහොතෙදියි.

ඒ මොහොතෙදි
ඇයට ඇය අයිති නැහැ.
ඇය ඔහු අතේ මැටි පිඩක්.

ඒ මොහොතෙදි ඇය
අගනා කලාකෘතියක් වෙන්නත් පුලුවන්..
වැඩකට නැති
මැටි ගුලියක් විදියට
කාණුවට විසි වෙන්නත් පුලුවන්..