මේ ඡායාරූපය දකින කෙනෙකුට
සමන්ත භද්‍ර හිමිත් අනික් අයත් අතර
වෙනසක් පෙනෙනවා.
මේ වෙනස දකින කෙනෙකුට
ඔහු රහත් වුණ කෙනෙක් මෙන්
හිතෙන්න පුලුවන්.
මේ ස්වභාවය ඉතා මහළු අය තුළත්
සිනමා නළුවන්, දේශපාලනඥයන් වැනි
සමාජ අවධානයට ලක්වෙන
පුද්ගලයන් තුළත් තියනවා.
ඔවුන්ද මෝහය තුළට වී
ඒ අවස්ථා පසු කරනවා.
මෙවැන්නන් තුළ ඇතිවෙන
සතුට දුක භය ආදී හැඟීම්
කුඩා දරුවන් මෙන් ඔවුන් සසල කරනවා.
ඔවුන්ට සාමාන්‍ය සමජයේ
හැසිරෙන්නට ගියොත්
මේ ධ්‍යානය රැක ගන්නට බැහැ.
ඒ නිසා ඔවුන්
අනුගාමිකයන් පවුරක් කරගෙන
ආරක්ෂිතව පසු වෙනවා.
ඔහු දේශනා කරන හිතේ ශූන්‍ය ස්වභාවය
මේ ඡායාරූපය තුළ දකින්න පුලුවන්.
මේ හිස් මානසික ස්වභාවය
බුදු දහම තුළ සඳහන් වෙන්නෙ
නිවන ලෙස නොවෙයි.
මේ මනසෙහි තියෙන්නේ මෝහයයි.
මෝහයෙන් පසුවෙන තැනැත්තා
කියන්නේ මොනවාද යන්න ගැනත්
එහි බරපතල කම ගැනත්
ඔහුට අදහසක් නෑ.
මෝහයෙන් කියන දේ වැරදී
ගැටළු පැන නගින විට
ඒ මෝහයෙන්ම ක්‍රියා කරමින්
සමාව ගැනීමටද ඔහුට හැකිය.
තමාත් සමග සියල්ල අත්හළ ස්වභාවයක්
මෝහය තුළ පවතිනවා.
සියලු අරමුණු, සාපේක්ෂක බැහැර කොට
එක අරමුණකට සිත එකඟ කරගෙන
වඩා ගන්නා ලෞකික ධ්‍යාන ලැබූ
මෙවැනි කෙනෙකු තුළ ඇත්තේ මෝහයයි.
ඔහු මෝහයෙන් පසු වන්නේ මොනවාටද?
ඔහු මෝහයෙන් පසු වන්නේ
ඔහුගේ වේදනා, සංඥා සහ විතර්කවලටයි.
රහතන් වහන්සේ තුළ මෝහය නැහැ.
රහතන් වහන්සේගේ සිත ශූන්‍ය නැහැ.
රහතන් වහන්සේ තමා අල්ලාගන්නේත් නෑ.
අත්හරින්නේත් නෑ.
තමා ගැන සිහියෙන් පසු වෙනවා.
රහතන් වහන්සේ පසු වෙන්නෙ
සම්පජානෝ සතියෙන්.
රහතන් වහන්සේ හඳුනා ගැනීම
බාහිර චර්යාවන්ගෙන් කළ නොහැකි බව
බුදුන් වහන්සේ ප්‍රකාශ කොට තියනවා.
තමන් ගැන සිහියෙන් පසුවෙන කෙනෙකු
සාමාන්‍ය මිනිසුන්ගෙන් වෙන්කොට
හඳුනාගන්න ක්‍රමයක් නෑ.
රහත් වූ කෙනෙක් කියා
ලෞකික ධ්‍යාන වැඩූවන්ට රැවටීම
බුදුන් වහන්සේගේ කාලයටත් පෙර සිටම
පැවතුණ මුලාවක්.
මෝහයෙන් පසුවෙන කෙනෙකුට සාපේක්ෂක නැහැ.
ඔහුගෙ සිත අරමුණු ස්පර්ශ කරන්නෙ නැහැ.
හිත ශූන්‍ය නිසා හැඟීම්, සිතිවිලි නෑ.
රහතන් වහන්සේ කියන්නෙ
උපරිමයෙන් සිහිය පිහිටුවා ගත් කෙනෙක්.
උත්සාහයකින්, වෑයමකින් තොරව
තමන් පිළිබඳව සියයට සියයක්ම
සිහියෙන් පසු වෙන කෙනෙක්.
ඔහුගේ වේදනා, සංඥා සහ විතර්ක පිළිබඳව
ඇතිවීම, පැවතීම, නැතිවීම යන
අවස්ථා තුනම ගැන සිහියෙන් පසුවෙනවා.
'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
රහතන් වහන්සේගේ සිහිය පිළිබඳව
ආනන්ද තෙරුන් වහන්සේට පවසන
බුදුන් වහන්සේගේ වදන් මේ.
ආනන්දය,
තථාගතයන් ගේ
මේ ආශ්චර්යය අද්භූත ධර්මය ද දරව:
ආනන්දය,
තථාගතයන්ට
1,
දැනුවත්වම වේදනාවෝ උපදිත්.
දැනුවත්වම වේදනාවෝ පවතිත්..
දැනුවත්වම වේදනාවෝ අස්තයට යෙත්.
2,
දැනුවත්වම සංඥාවෝ උපදිත් ...
දැනුවත්වම සංඥාවෝ පවතිත්..
දැනුවත්වම සංඥාවෝ අස්තයට යෙත්.
3,
දැනුවත්වම විතර්කයෝ උපදිත්.
දැනුවත්වම විතර්කයෝ පවතිත්..
දැනුවත්වම විතර්කයෝ අස්තයට යෙත්.
ආනන්දය,
තෙපි තථාගතයන් වහන්සේ ගේ
මේ ආශ්චර්යය අද්භූත ධර්මය ද දරව.
'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
රහත් සිත ශූන්‍ය නැත.
සිත ශූන්‍ය වීම රහත් බව නොවේ.
සිත ශූන්‍ය වීම මෝහයට පත් වීමයි.
කයත් වේදනා දැනෙන කෙනෙකුගේ
සිත ශූන්‍ය විය නොහැක.
හින්දු සමථ භාවනා ක්‍රමවලින්
ලෞකික ධ්‍යාන උපදවා ගෙන
කාය වේදනා වලින් සිත මුදවා ගැනීමෙන්
සිත ශූන්‍ය කරගැනීම රහත් බව නොවේ.
නිවන් දුටු කෙනෙකු ශූන්‍යතාවය දැකීම
ඔහු පහළ කරගන්නා ප්‍රඥාවේ අංගයකි.
විදසුන් වඩා සිහිය පිහිටුවන
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
1, විඳින සියලු වේදනාත්
2, දැනෙන සියලු සංඥාත්
3, ඇතිවෙන සියලු විතර්කත්
මේ මොහොතෙහිම ඇතිවෙන ආකාරයත්,
පවතින ආකාරයත්, නැති වෙන ආකාරයත් පිළිබඳව
සම්පජානෝ සතියෙන් වෙසෙයි.
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ගේ සිත ශූන්‍ය නොවේ.
ඔහු සැතපෙන විට පවා සම්පජානෝ සතියෙන් වෙසෙයි.
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
සම්පජානෝ සතියෙන් වෙසෙන අවස්ථාවෙහි
සියලු වේදනා, සංඥා, විතර්ක පිළිබඳව පවතින සිහිය නිසා
මෝහය දුරුවී ඇත.
සියලු වේදනා, සංඥා, විතර්ක පිළිබඳව
සිහියෙන් වෙසෙන නිසා රාග, ද්වේශද ඇති නොවෙයි.
එහෙයින් නව සංස්කාර ඇති වීමක් නැත.
නව සංස්කාර ඇති නොවෙන නිසා
අනුසය කෙලෙස් සංස්කාර ලෙස මතුවී
වේදනා, සංඥා, විතර්ක පහළ වුවත්
සිහියෙන් සහ උපේක්ෂාවෙන් විසීමෙන්
උපදින උපදින සංස්කාර නිරුද්ධ වීමෙන්
කෙලෙස් නැසී සිත පිරිසිදු වෙයි.
සව් කෙලෙසුන් නසා නිවන් දකින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
පිරිනිවන් පාන තුරුම සම්පජානෝ සතියෙන් වෙසෙයි.
විදසුන් වඩන ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාට ආතාපී ගුණය අවශ්‍යයි.
ආතාපි සම්පජානෝ සතිමා විහරති.
නිවන් දුටු ආර්ය ශ්‍රාවකයාට ආතාපී ගුණය අවශ්‍ය නොවෙයි.
නිවන් සාක්ෂාත් කළ ආර්ය පුද්ගලයා
1,
දැනුවත්වම වේදනාවෝ උපදිත්.
දැනුවත්වම වේදනාවෝ පවතිත්..
දැනුවත්වම වේදනාවෝ අස්තයට යෙත්.
2,
දැනුවත්වම සංඥාවෝ උපදිත් ...
දැනුවත්වම සංඥාවෝ පවතිත්..
දැනුවත්වම සංඥාවෝ අස්තයට යෙත්.
3,
දැනුවත්වම විතර්කයෝ උපදිත්.
දැනුවත්වම විතර්කයෝ පවතිත්..
දැනුවත්වම විතර්කයෝ අස්තයට යෙත්.
1,
විඳින සියලු වේදනාත්
2,
දැනෙන සියලු සංඥාත්
3,
ඇතිවෙන සියලු විතර්කත්
ඇතිවෙන ආකාරයත්, පවතින ආකාරයත්
නැති වෙන ආකාරයත් පිළිබඳව
ඔහු සම්පජානෝ සතියෙන් වෙසෙයි.
සම්පජානෝ සතිමා විහරති.
සමන්ත භද්‍ර හිමිත් අනික් අයත් අතර
වෙනසක් පෙනෙනවා.
මේ වෙනස දකින කෙනෙකුට
ඔහු රහත් වුණ කෙනෙක් මෙන්
හිතෙන්න පුලුවන්.
මේ ස්වභාවය ඉතා මහළු අය තුළත්
සිනමා නළුවන්, දේශපාලනඥයන් වැනි
සමාජ අවධානයට ලක්වෙන
පුද්ගලයන් තුළත් තියනවා.
ඔවුන්ද මෝහය තුළට වී
ඒ අවස්ථා පසු කරනවා.
මෙවැන්නන් තුළ ඇතිවෙන
සතුට දුක භය ආදී හැඟීම්
කුඩා දරුවන් මෙන් ඔවුන් සසල කරනවා.
ඔවුන්ට සාමාන්‍ය සමජයේ
හැසිරෙන්නට ගියොත්
මේ ධ්‍යානය රැක ගන්නට බැහැ.
ඒ නිසා ඔවුන්
අනුගාමිකයන් පවුරක් කරගෙන
ආරක්ෂිතව පසු වෙනවා.
ඔහු දේශනා කරන හිතේ ශූන්‍ය ස්වභාවය
මේ ඡායාරූපය තුළ දකින්න පුලුවන්.
මේ හිස් මානසික ස්වභාවය
බුදු දහම තුළ සඳහන් වෙන්නෙ
නිවන ලෙස නොවෙයි.
මේ මනසෙහි තියෙන්නේ මෝහයයි.
මෝහයෙන් පසුවෙන තැනැත්තා
කියන්නේ මොනවාද යන්න ගැනත්
එහි බරපතල කම ගැනත්
ඔහුට අදහසක් නෑ.
මෝහයෙන් කියන දේ වැරදී
ගැටළු පැන නගින විට
ඒ මෝහයෙන්ම ක්‍රියා කරමින්
සමාව ගැනීමටද ඔහුට හැකිය.
තමාත් සමග සියල්ල අත්හළ ස්වභාවයක්
මෝහය තුළ පවතිනවා.
සියලු අරමුණු, සාපේක්ෂක බැහැර කොට
එක අරමුණකට සිත එකඟ කරගෙන
වඩා ගන්නා ලෞකික ධ්‍යාන ලැබූ
මෙවැනි කෙනෙකු තුළ ඇත්තේ මෝහයයි.
ඔහු මෝහයෙන් පසු වන්නේ මොනවාටද?
ඔහු මෝහයෙන් පසු වන්නේ
ඔහුගේ වේදනා, සංඥා සහ විතර්කවලටයි.
රහතන් වහන්සේ තුළ මෝහය නැහැ.
රහතන් වහන්සේගේ සිත ශූන්‍ය නැහැ.
රහතන් වහන්සේ තමා අල්ලාගන්නේත් නෑ.
අත්හරින්නේත් නෑ.
තමා ගැන සිහියෙන් පසු වෙනවා.
රහතන් වහන්සේ පසු වෙන්නෙ
සම්පජානෝ සතියෙන්.
රහතන් වහන්සේ හඳුනා ගැනීම
බාහිර චර්යාවන්ගෙන් කළ නොහැකි බව
බුදුන් වහන්සේ ප්‍රකාශ කොට තියනවා.
තමන් ගැන සිහියෙන් පසුවෙන කෙනෙකු
සාමාන්‍ය මිනිසුන්ගෙන් වෙන්කොට
හඳුනාගන්න ක්‍රමයක් නෑ.
රහත් වූ කෙනෙක් කියා
ලෞකික ධ්‍යාන වැඩූවන්ට රැවටීම
බුදුන් වහන්සේගේ කාලයටත් පෙර සිටම
පැවතුණ මුලාවක්.
මෝහයෙන් පසුවෙන කෙනෙකුට සාපේක්ෂක නැහැ.
ඔහුගෙ සිත අරමුණු ස්පර්ශ කරන්නෙ නැහැ.
හිත ශූන්‍ය නිසා හැඟීම්, සිතිවිලි නෑ.
රහතන් වහන්සේ කියන්නෙ
උපරිමයෙන් සිහිය පිහිටුවා ගත් කෙනෙක්.
උත්සාහයකින්, වෑයමකින් තොරව
තමන් පිළිබඳව සියයට සියයක්ම
සිහියෙන් පසු වෙන කෙනෙක්.
ඔහුගේ වේදනා, සංඥා සහ විතර්ක පිළිබඳව
ඇතිවීම, පැවතීම, නැතිවීම යන
අවස්ථා තුනම ගැන සිහියෙන් පසුවෙනවා.
'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
රහතන් වහන්සේගේ සිහිය පිළිබඳව
ආනන්ද තෙරුන් වහන්සේට පවසන
බුදුන් වහන්සේගේ වදන් මේ.
ආනන්දය,
තථාගතයන් ගේ
මේ ආශ්චර්යය අද්භූත ධර්මය ද දරව:
ආනන්දය,
තථාගතයන්ට
1,
දැනුවත්වම වේදනාවෝ උපදිත්.
දැනුවත්වම වේදනාවෝ පවතිත්..
දැනුවත්වම වේදනාවෝ අස්තයට යෙත්.
2,
දැනුවත්වම සංඥාවෝ උපදිත් ...
දැනුවත්වම සංඥාවෝ පවතිත්..
දැනුවත්වම සංඥාවෝ අස්තයට යෙත්.
3,
දැනුවත්වම විතර්කයෝ උපදිත්.
දැනුවත්වම විතර්කයෝ පවතිත්..
දැනුවත්වම විතර්කයෝ අස්තයට යෙත්.
ආනන්දය,
තෙපි තථාගතයන් වහන්සේ ගේ
මේ ආශ්චර්යය අද්භූත ධර්මය ද දරව.
'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
රහත් සිත ශූන්‍ය නැත.
සිත ශූන්‍ය වීම රහත් බව නොවේ.
සිත ශූන්‍ය වීම මෝහයට පත් වීමයි.
කයත් වේදනා දැනෙන කෙනෙකුගේ
සිත ශූන්‍ය විය නොහැක.
හින්දු සමථ භාවනා ක්‍රමවලින්
ලෞකික ධ්‍යාන උපදවා ගෙන
කාය වේදනා වලින් සිත මුදවා ගැනීමෙන්
සිත ශූන්‍ය කරගැනීම රහත් බව නොවේ.
නිවන් දුටු කෙනෙකු ශූන්‍යතාවය දැකීම
ඔහු පහළ කරගන්නා ප්‍රඥාවේ අංගයකි.
විදසුන් වඩා සිහිය පිහිටුවන
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
1, විඳින සියලු වේදනාත්
2, දැනෙන සියලු සංඥාත්
3, ඇතිවෙන සියලු විතර්කත්
මේ මොහොතෙහිම ඇතිවෙන ආකාරයත්,
පවතින ආකාරයත්, නැති වෙන ආකාරයත් පිළිබඳව
සම්පජානෝ සතියෙන් වෙසෙයි.
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ගේ සිත ශූන්‍ය නොවේ.
ඔහු සැතපෙන විට පවා සම්පජානෝ සතියෙන් වෙසෙයි.
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
සම්පජානෝ සතියෙන් වෙසෙන අවස්ථාවෙහි
සියලු වේදනා, සංඥා, විතර්ක පිළිබඳව පවතින සිහිය නිසා
මෝහය දුරුවී ඇත.
සියලු වේදනා, සංඥා, විතර්ක පිළිබඳව
සිහියෙන් වෙසෙන නිසා රාග, ද්වේශද ඇති නොවෙයි.
එහෙයින් නව සංස්කාර ඇති වීමක් නැත.
නව සංස්කාර ඇති නොවෙන නිසා
අනුසය කෙලෙස් සංස්කාර ලෙස මතුවී
වේදනා, සංඥා, විතර්ක පහළ වුවත්
සිහියෙන් සහ උපේක්ෂාවෙන් විසීමෙන්
උපදින උපදින සංස්කාර නිරුද්ධ වීමෙන්
කෙලෙස් නැසී සිත පිරිසිදු වෙයි.
සව් කෙලෙසුන් නසා නිවන් දකින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
පිරිනිවන් පාන තුරුම සම්පජානෝ සතියෙන් වෙසෙයි.
විදසුන් වඩන ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාට ආතාපී ගුණය අවශ්‍යයි.
ආතාපි සම්පජානෝ සතිමා විහරති.
නිවන් දුටු ආර්ය ශ්‍රාවකයාට ආතාපී ගුණය අවශ්‍ය නොවෙයි.
නිවන් සාක්ෂාත් කළ ආර්ය පුද්ගලයා
1,
දැනුවත්වම වේදනාවෝ උපදිත්.
දැනුවත්වම වේදනාවෝ පවතිත්..
දැනුවත්වම වේදනාවෝ අස්තයට යෙත්.
2,
දැනුවත්වම සංඥාවෝ උපදිත් ...
දැනුවත්වම සංඥාවෝ පවතිත්..
දැනුවත්වම සංඥාවෝ අස්තයට යෙත්.
3,
දැනුවත්වම විතර්කයෝ උපදිත්.
දැනුවත්වම විතර්කයෝ පවතිත්..
දැනුවත්වම විතර්කයෝ අස්තයට යෙත්.
1,
විඳින සියලු වේදනාත්
2,
දැනෙන සියලු සංඥාත්
3,
ඇතිවෙන සියලු විතර්කත්
ඇතිවෙන ආකාරයත්, පවතින ආකාරයත්
නැති වෙන ආකාරයත් පිළිබඳව
ඔහු සම්පජානෝ සතියෙන් වෙසෙයි.
සම්පජානෝ සතිමා විහරති.