20160520

මේ ජීවිතයෙම සෝවාන් වෙන්න පුලුවන්ද?, හැම කෙනෙකුටම...


විදසුන් වඩන හැමෝම එකම බුදු සසුනක රහත් වෙන්නෙ නෑ.
ලක්ෂ ගණන් බුදු සසුන් වල ඉපදිලා
සෝවාන්වත් වෙන්නෙ නැතුව
විපස්සනා වඩන අය ඉන්නවා.



සමථ භාවනා
වඩන අයගේ
කෙලෙස් තැන්පත් වෙලා

හිතේ මෝහය පහළ වෙලා
 
හිත සිතිවිලි වලින් ශූන්‍ය වෙලා
කයෙහි වේදනා නොදැනෙන
නිර්වින්දනයකට පත් වෙනවා.

තමන් සෝවාන් වෙලා කියා
මුලාවකට පත් වෙන ඒ මිසදිටු පිරිස
මග ඵල ලැබීම
බාල්දියක් අරන් ළිඳකට ගිහින්
වතුර ඇදගෙන බොනවා තරම්
සරල දෙයක් ලෙස හිතාගෙන
මානයෙන් පිම්බිලා
විදසුන් වඩන අයට නින්දා කරනවා.

වතුර සොයා ගන්න වෙන්නෙ
විපස්සනා මාර්ගය අහගෙන
සියතින්ම පොළව කැණලා
පස්, ගල් ඉවත් කරමින්
විශාල ගල් බෝර දමා කඩමින්
විශාල වැයමකින් කියා
විපස්සනා වඩන්නා දන්නවා.
සමථ ක්‍රමයට නළ ළිං තනන අය
ඒ වෙනස දන්නෙ නෑ.

සෝවාන් වෙලා උන්
අනඳ හිමියන් වසර විසිපහක් තිස්සෙ
බුදුන් වහන්සේ දේශනා කළ දහම
කටපාඩමෙන් දැනගෙන
බුදුන් වහන්සේ ළඟම වැඩ සිටියත්
රහත් භාවය ලැබුවෙ
බුද්ධ පරිනිර්වාණයෙන් මාස 3කට පස්සෙ.

නොයෙක් ආකාරයෙ පාරමිතා ඇති අය
බුදු සසුන් වල උපදිනවා.
ඔවුන් විදසුන් වඩන අතර
තමන්ගෙ ගමනට සුදුසු පාරමිතා පුරා ගත යුතුයි.

දීපංකර පාද මූලයේ
අපේ බුදුන් වහන්සේ
ගේ
මා පිය දරු තනතුරු ලබන්නට පෙරුම් පිරූ 
යශෝධරා, රහල් කුමරු, මහා මායා, සුද්ධොදන වැන්නන්
මේ බුදු සසුන පහළ වෙන තුරා
බෝසතුන් සමග සසර සැරි සැරුවා.

අප බෝසතුන් සමග
මා පිය දරු තනතුරු
''උපාදාන'' කර ගැනීමෙන්
සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් දක්වා
ඔවුන්ගෙ ''භවය'' දීර්ඝ වුණා.
ඒ භවය දක්වා යන්නට
බෝසතුන්ට සමාන්තරව
ජාති ජරා ව්‍යාධි මරණ දුක් විඳිමින්
සසර සැරි සැරුවා.
මහාමායා දේවිය තවමත් ඇති.

සැරියුත් මුගලන් තෙරුන් වහන්සේලා
අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා ආදීන්
බුදු සසුන් සිය දහස් ගණන් පසු කරමින්
පෙරුම් පිරුවා.

ඔවුන් එක බුදු සසුනකම
සෝවාන් වුණේ නෑ කියා
බොහෝ දෙනා නින්දා කරන්න ඇති.

අවසාන වශයෙන් කිව යුතු
ඉතාම වැදගත් දෙයක් තියනවා.
විපස්සනා ලැබෙන හැම කෙනෙක්ම
බුදුන් වහන්සේගේ උපදෙස් අනුව
" හිස ගිනි ගත්තෙකු එගිනි නිවන සේ
විපස්සනා වැඩිය යුතුයි".


බුදු දහම, ශ්‍රාවක චරිත ගැන
විස්තර දැන ගන්නා විට
තමන්ගෙ ජීවිතය දෙසත් බලද්දි
වෙනත් පාරමිතා ඇති අයට
තමන්ගෙ ගමන පැහැදිලි වෙනවා.
ඔවුන් අමතර පෙරුම් පුරනවා.

නිවන් දැකීමේ අරමුණත් සමග
යම් අමතර අරමුණකින් සසරෙ සැරි සරමින්
ඒ සඳහා පෙරුම් පුරන අය
එක බුදු සසුනක ඉපදී
විදසුන් වැඩූ පමණින් මගඵල ලබන්නෙ නෑ.
ඔවුන් ලබන්නෙ පුහුණුවක් සහ
ප්‍රඥාව පමණයි.
ඒ ප්‍රඥාව සසර පුරා
ඔවුන් අනුව යනවා.

විදසුන් වඩන කවරෙකු වුවත්
විදසුන් වඩන මොහොතක් පාසා
කෙලෙස් නැසී සිත පිරිසිදු වී
ප්‍රඥාව පහළ වෙනවා.