අවුරුදු විස්සකට විතර පස්සෙ
ඊයෙ ආයෙමත් "ධවල භීෂණ" බැලුවා.
මේ අවුරුදු විස්සට
රට කොයිතරම් සෝදාපාලුවකට ලක් වෙලාද කියල
ආයෙමත් ප්‍රබලව හිතුණෙ
ඊයෙ හැන්දෑවෙ තමයි.
ඒ දවස්වල මුලින්ම "ධවල භීෂණ" බලනකොට
සෝබියර්ට රඟපෑව ( නැසීගිය ) වික්ටර් රාමනායක
වද දෙන්න ඇදන් ගිය වෙලාවෙ
මුලින්ම දෙන මර ලතෝනියෙ ඉඳලා
වරින් වර නොකඩවාම ඇස් වලින් කඳුලු කඩා වැටුණා
මට මතකයි.
කිසිම හේතුවක් නැතුව
නිකරුණේ 89 භීෂණයෙන් දුක් වින්ද පරම්පරාවකට
තමන්ගෙ හිත්වල කැකෑරුණ දුක, බය ආදිය සෝදා හරින්න
"ධවල භීෂණ" උත්තේජනයක් වුණා කියලයි මට හිතුණෙ.
කොළඹ විශ්ව විද්‍යාලයෙ තිබුණ සම්මන්ත්‍රණයකදි
මම මේ අදහස මුල්කරගෙන කරපු අදහස් දැක්වීමකට පස්සෙ
ජැක්සන් මගෙන් ඇහුවා කවි ලියනවද කියලා.
ඊයෙ ජැක්සනුත් ඇවිත් හිටියා.
ඇත්තටම ඔහුත් දුර්මුඛ වෙන්න ඇති.
නාටයයෙන් පස්සෙ ඔහු අදහස් දක්වද්දි
ඒ බව ධර්මසිරිට සඟවන්න
ඔහු උත්සාහ කළා කියලයි මට හිතෙන්නෙ.
අදහස් දැක්වීම් කිව්වට
මඩ ගැසීම හෝ බටර් ගෑම හැරෙන්නට
වෙනත් යමක් අපේ රටේ දකින්න අමාරුයි.
වෙනත් යමක් දකින්න නැති නිසාම
සැබෑ අදහස් දැක්වීමක් වුණත් වැටෙන්නෙ
ඔය ගණ දෙකට තමයි.
ඒත් ධර්මසිරි ඔය දෙකෙන්ම
කම්පා වෙන කෙනෙක් නොවෙයි කියලයි
මම හිතන්නෙ.
ඊයෙ නාටයය නොදැනුනේ
ෂෝන් පෝල් සාත්‍රේවත්,
සිරිල් සී පෙරේරාවත්,
ධර්මසිරි බණ්ඩාරනායකවත් නිසා
නොවන බව සහතිකයි.
නාට්‍යය නොදැනුණේ
නවක නළුනිලියන්ගෙ රඟපෑමෙ
පැහැදිළි දුර්වලකම් නිසා බවත් සහතිකයි.
ඊයෙ ඒ සිරකාමර ඇතුළේ නම්
"කිසිම වැදගත් දෙයක් වුණේ නැහැ.
සිදුවුණදේවල්වලත්
කිසිම වැදගත්කමක් නැහැ"
කියන්න පුලුවන්.
දුරාචාරය, පාපතර බව,
පවට බය නැතිකම, විලි ලැජ්ජ නැතිකම ආදී
ජාතික ගුණාංගයන්ගෙන් හැරෙන්නට
අනික් හැම අතින්ම
පරම්පරාවෙන් පරම්පරාවට
වේගයෙන් පිරිහෙන අපේ රටේ
මේ ප්‍රථිඵලය හැරෙන්නට පොදුවේ වෙනත් දෙයක්
බලාපොරොත්තු විය නොහැකි බව සත්‍යයක්.
සාත්‍රේගෙ නිර්මාණයේ කැරලිකරුවන් තුළත්
ඕනම කැරැල්ලක යටිපෙළ ක්‍රියාකාරීන්තුළ දක්නට ලැබෙන,
බොළඳ මන්ද බුද්ධිකබවත් සමගම
ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන,
දරාසිටීමෙ ගුණය නැතත් ඒ ගුණය අගය කරන,
ඒ ගුණය ඇතිකරගන්නට දත කන
අහිංසක උදාරත්වයක් තියනවා.
මේ නිශ්පාදනයෙ නවක නළුනිළියන්ට
ඒ බව අවබෝධවෙලා තියනබවක්
ඔවුන්ගෙ රඟපැමෙන් හා
දෙබස් හැසිරවීමෙන් නම් පෙනෙන්නෙ නැහැ.
දෙබස්වල තියන හැඟීම්
ඔවුන් ඉදිරිපත් කළ ආකාරයෙන් මතුවුණ හැඟීම නම්
කැරලිකරුවන් කියන්නෙ "තනිකරම මෝඩ රැළක්"
කියන අවබෝධය විතරයි.
අද කැරලි ගැන අපට තියන අවබෝධයත්
එයට හේතුවක් වෙන්න ඇති.
සාත්‍රේගෙ නිර්මාණයේ කැරලිකරුවන්
සැබැවින්ම ප්‍රශ්න වලට මුහුණ දෙද්දී
ඔවුන්ගෙ චරිත වෙනස්වුණා.
දුර්වලයින් ශක්තිමත් අයගෙන් ආදර්ශ අරන්
ශක්තිමත් වුණා.
සැබැවින්ම දුර්වල ප්‍රංශුවා පවා
අවසානයේ
ඔහුගේ අවාසනාවන්ත ඉරණමට බඳුන්වෙන විදියට
තීරණාත්මක වුණා.
සාත්‍රේගෙ දෙබස්වලින් සිදුවෙන ඒ පරිවර්තනය
රඟපෑම් වලින්වත් දෙබස් හැසිරවීම වලින්වත්
පැහැදිලිව ඉදිරිපත් කරන්න
නවක නළු නිලියන් අසමත්වීම
නාට්‍යයේ සැබෑ අරුතට බලවත් හානියක්.
බොහෝ විට
හඬ උස්පහත් කිරීම හැරෙන්නට
ඒ ඒ චරිතයට අදාළව
වචන වල තියන සැබෑ හැඟීම
නලු නිලියන් තේරුම් නොගැනීම නිසා
කැරලිකාර චරිත අතර පවා
චරිතවල ඇති ප්‍රබල වෙනස්කම්වත්
චරිතවල අනන්‍යතාවයන්වත්
ඉස්මතු වුණේ නැහැ.
ප්‍රංශුවා නියෝජනය කරන්නෙ
අනවබෝධයෙන් හා අන්ධ භක්තියෙන්
කැරලිකරුවන් පසුපස වැටෙන
රණකාමයෙන් මත්වුණ බාල පරම්පරාවයි.
අද නම් මේ පරම්පරාවට අයිති
වැඩිහිටියන් පවා ඉන්නවා.
හෙන්‍රි හා සෝබියර් එකම පරාසයක අත්දැකීම් ඇති
උගත්, ධනවත් කම් අතින්
තළ දෙකක වෙසෙන කැරලිකරුවන් නියෝජන කරනවා.
වෛද්‍ය ශ්ෂ්‍යයෙක් වන උගත් හෙන්‍රි
හදවතින්ම කැරැල්ලට සහභාගි නොවුණත්
තර්කයෙන් හා අත්දැකීමෙන් තමා මෙහෙයවා ගන්නෙක්.
සෝබියර් හැඟීම්බරයි,
ඔහු විසින් නියෝජනය කරන්නේ
හැඟීමට රුකුල් දෙන්නට අවශ්‍ය
සංයමය හා බුද්ධිය නැතිව
වේලාසනින්ම දිවි පුදන
තදියම්කාර කැරලිකරුවන් පිරිසයි.
ඇත්තටම ලුසීගෙ චරිතය තුළ
චරිත දෙකක් තියනවා.
එනම් හැඟීම්බර ගැහැණිය සහ
බුද්ධිමත් ගැහැණියයි.
පොදුවෙ ගත්තාම, අවසාන වශයෙන්
ගැහැණියගෙ බුද්ධියත් පාලනය වෙන්නෙ
හදවතින්ම නිසා
ඒ දෙකම ලුසීගෙන් නියෝජනය කරන්න
සාත්‍රේ සමත් වෙලා තියනවා.
( කොහොමත් අමතර ප්‍රශ්න වැලක් ඇති නොවී
ගැහැණු දෙන්නෙක් එක සිරකාමරයක් තුළ තියන්න
සාත්‍රේටවත් නොහැකි වීම තේරුම් ගත හැකියි.)
කැනෝරි කියන්නෙ
අත්දැකීම් වලින් පදම් වුණ
නිවුණ ගිනිකන්දක් වැනි චරිතය.
ශෝන් කියන්නෙ
සුපුරුදු සංකීර්ණ කැරලිකාර නායකයා.
සමාජය ගැන ඇති පුද්ගලික ආකල්පය
පුද්ගලික හැඟීම්,
පුද්ගලික අවශ්‍යතා මත ක්‍රියාකරන නමුත්
ඒ සියල්ලට සමාජීය ආකෘතියක් හදලා පෙන්වමින්
පුද්ගලිකත්වය පොදු අරමුණුවලින් වසන් කරගෙන
තමන්ගෙ අරමුණ කරා කල්ලියක් මෙහෙයවිය හැකි නමුත්
පුද්ගලිකත්වයත් ප්‍රතිරූපයත් අතරෙ ගැටුම නිසා
ඒ මේ අත වැනෙන
සුපුරුදු සංකීර්ණ දේශපාලන නායකයා.
මෙවැනි විවිධ චරිත රැසක්
එකම දෙයක් කරලා
එකම ගැටලුවකට මුහුණ දීලා
එකම කාමරයක් ඇතුළෙ කොටු වුණාම ඇතිවිය යුතු
නාට්‍යමය අවස්ථා සහ
ඉන් ජනිත විය හැකි රසය ඉතා ඉහළයි.
එහෙත් මේ නව නිශ්පාදනයෙ
සිර කුටිය තුළ කැරලිකරුවන් පිරිස
රඟපාන ආකාරයෙනුත්,
දෙබස් හැසිරවීමෙනුත්
එකම චරිතයක විවිධ අවස්ථා මිසක්
විවිධ අත්දැකීම් තලවල
කැරලිකරුවන්ගෙ අනන්‍යතා ලක්ෂණ හෝ
ඒ තල අතර පරාසය
වෙන්කොට හඳුනාගත හැකි තරම්
පැහැදිලිව ඉස්මතුවුණේ නැහැ.
පළමු දර්ශනයෙදි
අපේ හිත්වල ඇතිවුණ කඩා වැටීම සමනය වෙලා
අපි නාට්‍යයට යළි අවතීර්ණ වෙන්නෙ
දෙවෙනි දර්ශනයෙදි
ඩබ්ලිව්. ජයසිරිත් වර්ණතුංග සේනානායකත්
හමුදා නිළධාරීන් ලෙස
සිය රංගනය ඇරඹීමෙන් පසුවයි.
ඉතා සරලව, සංයමයෙන්, කාලානුරූපව හා නිරායාසයෙන්
ඔවුන් කළ රඟපෑම
පීලි පැන තිබුණු අපේ උද්‍යෝගය
නැවත පීල්ලට ගන්න සමත් වුණා.
නවක නළුනිළියන්ගෙ රඟපෑම් වලදි
වේදිකාව මත කැපවීම හා
ඒ සඳහා දැරූ වෑයමේ අඩුවක්
පෙනුණෙ නැහැ.
අනවබෝධයත් නුපුහුණුබවත් කියන දෙකම
ඔවුන්ට ජය ගත නොහැකි සාධක නෙමෙයි.
සිර කුටියේ කැරලිකරුවන් අතරෙ
එක් පැරණි නලුවෙක් දෙන්නෙක්
වරින් වර හෝ සහභාගි වුණොත්
මේ අඩුව යම් දුරකට හෝ මග හැර ගන්න
නවකයන්ට රුකුලක් වේයැයි කියා සිතෙනවා.
ඒ වගේම පැරණි නලු නිළියන්
ඉඳහිට හෝ පෙර පුහුණුවීම් වලට පැමිණ
පූර්වාදර්ශයන් සැපයිය හැකි නම්
එය නවක නළු නිළියන්ට
විශාල රුකුලක් විය හැකියි.
ධර්මසිරි විශ්වාසය පළකලාක් මෙන්ම
ඉදිරි දර්ශන වලදී
ඔවුන් තමතමන්ගේ චරිත සහ
ඒ චරිතවල බොළඳ බව හා මිශ්‍ර වුණ උදාරත්වය
නිවැරදිව ග්‍රහණය කර ගනීවි කියලා
අපි උදක්ම බලා පොරොත්තු වෙනවා.
"ධවල භීෂණ" නව නිශ්පාදනය
ඉහත කී දුර්වලතා මත
නරඹා නොසිටියයුතු නාට්‍යයක් නම් නෙමෙයි.
"ධවල භීෂණ" යළි යළිත් නරඹන්න
හේතුවක් අවශ්‍යනම්
ෂෝන් පෝල් සාත්‍රෙ,
සිරිල් සී පෙරේරා,
ධර්මසිරි බණ්ඩාරනායක යන තිදෙනා
විතරක් වුණත්
හොඳ හේතු තුනක්.
අදත් හවස 6.45ට
ලයනල් වෙන්ඩ්ට් රඟහළේ
"ධවල භීෂණ" වේදිකා ගතවෙනවා.
ඊයෙ ශාලාව සම්පූර්ණයෙන්ම වගේ පිරුණා.
අදත් එසේම වේවා කියා
ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා.
සුබ පතනවා
ඊයෙ හැන්දෑවෙ තමයි.
ඒ දවස්වල මුලින්ම "ධවල භීෂණ" බලනකොට
සෝබියර්ට රඟපෑව ( නැසීගිය ) වික්ටර් රාමනායක
වද දෙන්න ඇදන් ගිය වෙලාවෙ
මුලින්ම දෙන මර ලතෝනියෙ ඉඳලා
වරින් වර නොකඩවාම ඇස් වලින් කඳුලු කඩා වැටුණා
මට මතකයි.
කිසිම හේතුවක් නැතුව
නිකරුණේ 89 භීෂණයෙන් දුක් වින්ද පරම්පරාවකට
තමන්ගෙ හිත්වල කැකෑරුණ දුක, බය ආදිය සෝදා හරින්න
"ධවල භීෂණ" උත්තේජනයක් වුණා කියලයි මට හිතුණෙ.
කොළඹ විශ්ව විද්‍යාලයෙ තිබුණ සම්මන්ත්‍රණයකදි
මම මේ අදහස මුල්කරගෙන කරපු අදහස් දැක්වීමකට පස්සෙ
ජැක්සන් මගෙන් ඇහුවා කවි ලියනවද කියලා.
ඊයෙ ජැක්සනුත් ඇවිත් හිටියා.
ඇත්තටම ඔහුත් දුර්මුඛ වෙන්න ඇති.
නාටයයෙන් පස්සෙ ඔහු අදහස් දක්වද්දි
ඒ බව ධර්මසිරිට සඟවන්න
ඔහු උත්සාහ කළා කියලයි මට හිතෙන්නෙ.
අදහස් දැක්වීම් කිව්වට
මඩ ගැසීම හෝ බටර් ගෑම හැරෙන්නට
වෙනත් යමක් අපේ රටේ දකින්න අමාරුයි.
වෙනත් යමක් දකින්න නැති නිසාම
සැබෑ අදහස් දැක්වීමක් වුණත් වැටෙන්නෙ
ඔය ගණ දෙකට තමයි.
ඒත් ධර්මසිරි ඔය දෙකෙන්ම
කම්පා වෙන කෙනෙක් නොවෙයි කියලයි
මම හිතන්නෙ.
ඊයෙ නාටයය නොදැනුනේ
ෂෝන් පෝල් සාත්‍රේවත්,
සිරිල් සී පෙරේරාවත්,
ධර්මසිරි බණ්ඩාරනායකවත් නිසා
නොවන බව සහතිකයි.
නාට්‍යය නොදැනුණේ
නවක නළුනිලියන්ගෙ රඟපෑමෙ
පැහැදිළි දුර්වලකම් නිසා බවත් සහතිකයි.
ඊයෙ ඒ සිරකාමර ඇතුළේ නම්
"කිසිම වැදගත් දෙයක් වුණේ නැහැ.
සිදුවුණදේවල්වලත්
කිසිම වැදගත්කමක් නැහැ"
කියන්න පුලුවන්.
දුරාචාරය, පාපතර බව,
පවට බය නැතිකම, විලි ලැජ්ජ නැතිකම ආදී
ජාතික ගුණාංගයන්ගෙන් හැරෙන්නට
අනික් හැම අතින්ම
පරම්පරාවෙන් පරම්පරාවට
වේගයෙන් පිරිහෙන අපේ රටේ
මේ ප්‍රථිඵලය හැරෙන්නට පොදුවේ වෙනත් දෙයක්
බලාපොරොත්තු විය නොහැකි බව සත්‍යයක්.
සාත්‍රේගෙ නිර්මාණයේ කැරලිකරුවන් තුළත්
ඕනම කැරැල්ලක යටිපෙළ ක්‍රියාකාරීන්තුළ දක්නට ලැබෙන,
බොළඳ මන්ද බුද්ධිකබවත් සමගම
ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන,
දරාසිටීමෙ ගුණය නැතත් ඒ ගුණය අගය කරන,
ඒ ගුණය ඇතිකරගන්නට දත කන
අහිංසක උදාරත්වයක් තියනවා.
මේ නිශ්පාදනයෙ නවක නළුනිළියන්ට
ඒ බව අවබෝධවෙලා තියනබවක්
ඔවුන්ගෙ රඟපැමෙන් හා
දෙබස් හැසිරවීමෙන් නම් පෙනෙන්නෙ නැහැ.
දෙබස්වල තියන හැඟීම්
ඔවුන් ඉදිරිපත් කළ ආකාරයෙන් මතුවුණ හැඟීම නම්
කැරලිකරුවන් කියන්නෙ "තනිකරම මෝඩ රැළක්"
කියන අවබෝධය විතරයි.
අද කැරලි ගැන අපට තියන අවබෝධයත්
එයට හේතුවක් වෙන්න ඇති.
සාත්‍රේගෙ නිර්මාණයේ කැරලිකරුවන්
සැබැවින්ම ප්‍රශ්න වලට මුහුණ දෙද්දී
ඔවුන්ගෙ චරිත වෙනස්වුණා.
දුර්වලයින් ශක්තිමත් අයගෙන් ආදර්ශ අරන්
ශක්තිමත් වුණා.
සැබැවින්ම දුර්වල ප්‍රංශුවා පවා
අවසානයේ
ඔහුගේ අවාසනාවන්ත ඉරණමට බඳුන්වෙන විදියට
තීරණාත්මක වුණා.
සාත්‍රේගෙ දෙබස්වලින් සිදුවෙන ඒ පරිවර්තනය
රඟපෑම් වලින්වත් දෙබස් හැසිරවීම වලින්වත්
පැහැදිලිව ඉදිරිපත් කරන්න
නවක නළු නිලියන් අසමත්වීම
නාට්‍යයේ සැබෑ අරුතට බලවත් හානියක්.
බොහෝ විට
හඬ උස්පහත් කිරීම හැරෙන්නට
ඒ ඒ චරිතයට අදාළව
වචන වල තියන සැබෑ හැඟීම
නලු නිලියන් තේරුම් නොගැනීම නිසා
කැරලිකාර චරිත අතර පවා
චරිතවල ඇති ප්‍රබල වෙනස්කම්වත්
චරිතවල අනන්‍යතාවයන්වත්
ඉස්මතු වුණේ නැහැ.
ප්‍රංශුවා නියෝජනය කරන්නෙ
අනවබෝධයෙන් හා අන්ධ භක්තියෙන්
කැරලිකරුවන් පසුපස වැටෙන
රණකාමයෙන් මත්වුණ බාල පරම්පරාවයි.
අද නම් මේ පරම්පරාවට අයිති
වැඩිහිටියන් පවා ඉන්නවා.
හෙන්‍රි හා සෝබියර් එකම පරාසයක අත්දැකීම් ඇති
උගත්, ධනවත් කම් අතින්
තළ දෙකක වෙසෙන කැරලිකරුවන් නියෝජන කරනවා.
වෛද්‍ය ශ්ෂ්‍යයෙක් වන උගත් හෙන්‍රි
හදවතින්ම කැරැල්ලට සහභාගි නොවුණත්
තර්කයෙන් හා අත්දැකීමෙන් තමා මෙහෙයවා ගන්නෙක්.
සෝබියර් හැඟීම්බරයි,
ඔහු විසින් නියෝජනය කරන්නේ
හැඟීමට රුකුල් දෙන්නට අවශ්‍ය
සංයමය හා බුද්ධිය නැතිව
වේලාසනින්ම දිවි පුදන
තදියම්කාර කැරලිකරුවන් පිරිසයි.
ඇත්තටම ලුසීගෙ චරිතය තුළ
චරිත දෙකක් තියනවා.
එනම් හැඟීම්බර ගැහැණිය සහ
බුද්ධිමත් ගැහැණියයි.
පොදුවෙ ගත්තාම, අවසාන වශයෙන්
ගැහැණියගෙ බුද්ධියත් පාලනය වෙන්නෙ
හදවතින්ම නිසා
ඒ දෙකම ලුසීගෙන් නියෝජනය කරන්න
සාත්‍රේ සමත් වෙලා තියනවා.
( කොහොමත් අමතර ප්‍රශ්න වැලක් ඇති නොවී
ගැහැණු දෙන්නෙක් එක සිරකාමරයක් තුළ තියන්න
සාත්‍රේටවත් නොහැකි වීම තේරුම් ගත හැකියි.)
කැනෝරි කියන්නෙ
අත්දැකීම් වලින් පදම් වුණ
නිවුණ ගිනිකන්දක් වැනි චරිතය.
ශෝන් කියන්නෙ
සුපුරුදු සංකීර්ණ කැරලිකාර නායකයා.
සමාජය ගැන ඇති පුද්ගලික ආකල්පය
පුද්ගලික හැඟීම්,
පුද්ගලික අවශ්‍යතා මත ක්‍රියාකරන නමුත්
ඒ සියල්ලට සමාජීය ආකෘතියක් හදලා පෙන්වමින්
පුද්ගලිකත්වය පොදු අරමුණුවලින් වසන් කරගෙන
තමන්ගෙ අරමුණ කරා කල්ලියක් මෙහෙයවිය හැකි නමුත්
පුද්ගලිකත්වයත් ප්‍රතිරූපයත් අතරෙ ගැටුම නිසා
ඒ මේ අත වැනෙන
සුපුරුදු සංකීර්ණ දේශපාලන නායකයා.
මෙවැනි විවිධ චරිත රැසක්
එකම දෙයක් කරලා
එකම ගැටලුවකට මුහුණ දීලා
එකම කාමරයක් ඇතුළෙ කොටු වුණාම ඇතිවිය යුතු
නාට්‍යමය අවස්ථා සහ
ඉන් ජනිත විය හැකි රසය ඉතා ඉහළයි.
එහෙත් මේ නව නිශ්පාදනයෙ
සිර කුටිය තුළ කැරලිකරුවන් පිරිස
රඟපාන ආකාරයෙනුත්,
දෙබස් හැසිරවීමෙනුත්
එකම චරිතයක විවිධ අවස්ථා මිසක්
විවිධ අත්දැකීම් තලවල
කැරලිකරුවන්ගෙ අනන්‍යතා ලක්ෂණ හෝ
ඒ තල අතර පරාසය
වෙන්කොට හඳුනාගත හැකි තරම්
පැහැදිලිව ඉස්මතුවුණේ නැහැ.
පළමු දර්ශනයෙදි
අපේ හිත්වල ඇතිවුණ කඩා වැටීම සමනය වෙලා
අපි නාට්‍යයට යළි අවතීර්ණ වෙන්නෙ
දෙවෙනි දර්ශනයෙදි
ඩබ්ලිව්. ජයසිරිත් වර්ණතුංග සේනානායකත්
හමුදා නිළධාරීන් ලෙස
සිය රංගනය ඇරඹීමෙන් පසුවයි.
ඉතා සරලව, සංයමයෙන්, කාලානුරූපව හා නිරායාසයෙන්
ඔවුන් කළ රඟපෑම
පීලි පැන තිබුණු අපේ උද්‍යෝගය
නැවත පීල්ලට ගන්න සමත් වුණා.
නවක නළුනිළියන්ගෙ රඟපෑම් වලදි
වේදිකාව මත කැපවීම හා
ඒ සඳහා දැරූ වෑයමේ අඩුවක්
පෙනුණෙ නැහැ.
අනවබෝධයත් නුපුහුණුබවත් කියන දෙකම
ඔවුන්ට ජය ගත නොහැකි සාධක නෙමෙයි.
සිර කුටියේ කැරලිකරුවන් අතරෙ
එක් පැරණි නලුවෙක් දෙන්නෙක්
වරින් වර හෝ සහභාගි වුණොත්
මේ අඩුව යම් දුරකට හෝ මග හැර ගන්න
නවකයන්ට රුකුලක් වේයැයි කියා සිතෙනවා.
ඒ වගේම පැරණි නලු නිළියන්
ඉඳහිට හෝ පෙර පුහුණුවීම් වලට පැමිණ
පූර්වාදර්ශයන් සැපයිය හැකි නම්
එය නවක නළු නිළියන්ට
විශාල රුකුලක් විය හැකියි.
ධර්මසිරි විශ්වාසය පළකලාක් මෙන්ම
ඉදිරි දර්ශන වලදී
ඔවුන් තමතමන්ගේ චරිත සහ
ඒ චරිතවල බොළඳ බව හා මිශ්‍ර වුණ උදාරත්වය
නිවැරදිව ග්‍රහණය කර ගනීවි කියලා
අපි උදක්ම බලා පොරොත්තු වෙනවා.
"ධවල භීෂණ" නව නිශ්පාදනය
ඉහත කී දුර්වලතා මත
නරඹා නොසිටියයුතු නාට්‍යයක් නම් නෙමෙයි.
"ධවල භීෂණ" යළි යළිත් නරඹන්න
හේතුවක් අවශ්‍යනම්
ෂෝන් පෝල් සාත්‍රෙ,
සිරිල් සී පෙරේරා,
ධර්මසිරි බණ්ඩාරනායක යන තිදෙනා
විතරක් වුණත්
හොඳ හේතු තුනක්.
අදත් හවස 6.45ට
ලයනල් වෙන්ඩ්ට් රඟහළේ
"ධවල භීෂණ" වේදිකා ගතවෙනවා.
ඊයෙ ශාලාව සම්පූර්ණයෙන්ම වගේ පිරුණා.
අදත් එසේම වේවා කියා
ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා.
සුබ පතනවා