Niyomal Dias Gunawardena
[[මිනිසා සිතීමට පොළඹවන වෙනත් දර්ශනත් තියෙනවා ...
බුදු දහම පමණක් නොවෙයි ....]]
බුදු දහමෙන් ඔබට ලැබුණ ප්‍රයෝජනය
සිතීමට පෙළඹවීම පමණද?
ඔබ ඉන්න තැනින් එහාට ගොස්
ලබන්න ප්‍රයෝජනයක් බුදු දහමෙ නැද්ද?
Niyomal Dias Gunawardena
"ඔබ ඉන්න තැනින් එහාට ගිහින් ලබන ප්‍රයෝජන බුදු දහමේ නැතිද ?" යන්නේහි
ඉන්න තැනින් එහාට ගිහින් ලබන ප්‍රයෝජන යන්නෙන් අදහස් කරන්නේ
කුමක්ද.. ?
සිතීම - චින්තනය වැනි දෙයක්
බුදු දහමෙ අගය කරනවා මම දැකලා නෑ.
තර්කය හේතුවක් කරගන්න එපා කියලයි
බුදුන් වහන්සේ කියන්නෙ.
බුදු දහමෙ
දස්සනේන සම්පන්නෝ
දස්සනේන පහාතබ්බා වගේ යෙදුම්
හමුවෙනවා.
ඒත් සිතීමක් අදහස් වන්නේ නෑ.
හිත කියන්නෙත්
පසිඳුරන් වගේම ඉන්ද්‍රියයක්.
නොදන්නා කම නිසා
හිතට රජකම දුන්නට
අනික් පස්දෙනා වගේම
හිතත් පහසුවෙන් නොමග යන
දූෂණයට බර ඇමතියෙක්.
හිතට සත්‍යය දකින්න බැහැ..
සත්‍යය දැකිය යුත්තෙ ප්‍රඥාවෙන්..
සිතුවිල්ලෙන් නොවෙයි..
සිතුවිලි කියන්නෙ ඕපාදූප..
මොන දර්ශනයක වුණත්
සිතුවිලි වලින් විස්තර කරද්දි
අපිට අහන්න ලැබෙන්නෙ
කෙනෙක් වාර්තා කරන ඕපාදූප ටිකක්..
වචන මට්ටමෙන් හදාරන අයට
ත්‍රිපිටකයත් ඕපාදූප පොතක්..
බුදු දහමෙ අගය කරනවා මම දැකලා නෑ.
තර්කය හේතුවක් කරගන්න එපා කියලයි
බුදුන් වහන්සේ කියන්නෙ.
බුදු දහමෙ
දස්සනේන සම්පන්නෝ
දස්සනේන පහාතබ්බා වගේ යෙදුම්
හමුවෙනවා.
ඒත් සිතීමක් අදහස් වන්නේ නෑ.
හිත කියන්නෙත්
පසිඳුරන් වගේම ඉන්ද්‍රියයක්.
නොදන්නා කම නිසා
හිතට රජකම දුන්නට
අනික් පස්දෙනා වගේම
හිතත් පහසුවෙන් නොමග යන
දූෂණයට බර ඇමතියෙක්.
හිතට සත්‍යය දකින්න බැහැ..
සත්‍යය දැකිය යුත්තෙ ප්‍රඥාවෙන්..
සිතුවිල්ලෙන් නොවෙයි..
සිතුවිලි කියන්නෙ ඕපාදූප..
මොන දර්ශනයක වුණත්
සිතුවිලි වලින් විස්තර කරද්දි
අපිට අහන්න ලැබෙන්නෙ
කෙනෙක් වාර්තා කරන ඕපාදූප ටිකක්..
වචන මට්ටමෙන් හදාරන අයට
ත්‍රිපිටකයත් ඕපාදූප පොතක්..
ත්‍රිපිටකයෙ තියන ඕපාදූප සත්‍ය වෙන්නෙ
දහමක් බවට පත්වෙන්නෙ
විඳ ප්‍රත්‍යක්ෂ කරන කෙනෙකුටයි.
බුදු දහමෙ එන දර්ශනය
විඳ ප්‍රත්‍යක්ෂ කළයුතු මාර්ගයක්..
චින්තනයක් නොවෙයි..
ද්වේශය කියන්නෙ මොකක්ද?
ඒ ප්‍රශ්නයට පිළිතුරක් දීල
ද්වේශයෙ සැබෑ ස්වරූපය
කියා දෙන්න පුලුවන්
ලෝකෙ ඉන්න මොන දාර්ශනිකයාටද?
ද්වේශය ඇතිවුණ අවස්ථාවක්
සිහිපත් කරගන්නෙ නැතුව
ද්වේශය මොකක්ද කියල
ඔබට කියන්න පුලුවන්ද...?
හිතන්න පුලුවන්ද.
ඔබට ද්වේශය ඇති වුණාම
ඔබ තුළ ඇතිවෙන ද්වෙශයෙ
ස්වභාවය දැක්කොත්
ද්වේශයෙ ස්වභාවය
විඳ පසක් කරන්න ඔබට පුලුවන්..
ද්වේශය ඇති වුණාම
කය දරදඬු වෙනවා.
කයෙහි අප්‍රිය වේදනා ඇති වෙනවා.
සමහර අය වෙවුලනවා..
මවිල් කෙළින් වෙනවා.. දාඩිය දානවා.
දැඩි ද්වේශයක් නම්
ගහන්න මරන්න වුණත් ශක්තියක් ඇති වෙනවා.
ඔබ මේ විදියට
ඔබ තුළම ද්වේශය දැකලා තියනවාද?
මේ විදියට
ඔබ තුළම ද්වේශය දකින්න කියාදෙන
කිසිදු දර්ශනයක් ඔබ දන්නවාද?
ඒත්
ඔබ මේ වෙලාවෙ සිතේ මවාගන්න දර්ශනය
සැබෑවක් නොවෙයි..
ඔබ ද්වේශයෙන් ඉන්න වෙලාවක
ඒ අත්දැකීම විඳ ප්‍රත්‍යක්ෂ කරගන්න.
ඔබ වැනි පල් මෝඩයෙකුට
තමා තුළම ද්වේශය දකින්න
බොහෝ කල් ගත විය හැකියි..
හිතේ ඔබ ගැන ද්වේශයකින් තොරව වුණත්
මම එහෙම කියන කොට
ඔබ ඒ වචන වල ද්වේශය දැක්කා නම්
ඔබට මා සමග ද්වේශයක් ඇතිවෙන්න ඉඩ තිබුණා.
ඔබ පහසුවෙන් කේන්ති එන
මාන්නාධික කෙනෙක් නම්
විඳ ප්‍රත්‍යක්ෂ කළ හැකි ද්වේශයක්
මේ මොහොතෙත් ඔබේ හිතේ ඇති..
නැත්නම්
ඔබ ද්වේශයට පත් වුණ වෙලාවක
ද්වේශය විඳ ප්‍රත්‍යක්ෂ කර ගන්න.
බුදුන් වහන්සේ ද්වේශය කියන්නෙ
ඔබ හිතින් හිතන වචනයට නොවෙයි..
ඔබේ සිතත් කයත් එක්ව විඳින
ද්වේශ මූලික අත්දැකීමට.
හිත හොඳටම දියුණු කෙනෙකුට නම්
ද්වේශය හිතට ආව වෙලාවට
ඒ ද්වේශය ගැන සිහියෙන් ඉන්න
බුදුන් වහන්සේ උපදෙස් දෙනවා.
මේ උපදෙස්වල ද්වේශය ගැන
හිතන්න විදියක් කියලා නැහැ..
සිතෙහි ද්වේශය ඇති බව
සිහියෙන් දැකීම සහ
උපේක්ෂාවෙන් වීසීමයි කළයුතු..
සදොසං වා චිත්‌තං සදොසං චිත්‌තන්‌ති පජානාති,
ඉති අජ්‌ඣත්‌තං වා චිත්‌තෙ චිත්‌තානුපස්‌සී විහරති,
බහිද්‌ධා වා චිත්‌තෙ චිත්‌තානුපස්‌සී විහරති,
අජ්‌ඣත්‌තබහිද්‌ධා වා චිත්‌තෙ චිත්‌තානුපස්‌සී විහරති.
සමුදයධම්‌මානුපස්‌සී වා චිත්‌තස්‌මිං විහරති,
වයධම්‌මානුපස්‌සී වා චිත්‌තස්‌මිං විහරති,
සමුදයවයධම්‌මානුපස්‌සී වා චිත්‌තස්‌මිං විහරති.
අත්‍ථි චිත්‌තන්‌ති වා පනස්‌ස සති පච්‌චුපට්‌ඨිතා හොති,
යාවදෙව
ඤාණමත්‌තාය
පතිස්සතිමත්තාය.
අනිස්‌සිතො ච විහරති,
න ච කිඤ්‌චි ලොකෙ උපාදියති.
මේ උපදෙස් වලින් කියන්නෙ
තමන්ට දැනෙන මාත්‍රාවට
නැවත නැවත සිහිය පිහිටුවාගත හැකි මාත්‍රාවෙන්
පවතින කිසි දෙයක් අල්ලා නොගෙන
අනිශ්‍රිතව වෙසෙන්නයි.. -අනිස්‌සිතො ච විහරති,.
මේ ටික කරන්න
ඔබ වාඩිවෙලා දෑස් පියාගත යුතු නැහැ..
ඔබ කරන ඕනම දෙයක්
මේ සමග කරගෙන යන්න පුලුවන්.
අනිශ්‍රිතව වෙසෙන්න
එහෙම කරගෙන යද්දි
ඔබට දැනෙන මාත්‍රය ප්‍රමාණවත්- ඤාණමත්තාය
සිහිය පවත්වන මාත්‍රය ප්‍රමාණවත් -පතිස්සතිමත්තාය
ද්වේශය ඔබ නොවෙයි.. ආගන්තුකයි...
අනිශ්‍රිතව වෙසෙන්න.
ඔබ තුළ වෙනස්වීමක් පවතිනවා..
ඒ කිසිදු වෙනසක් අල්ලා නොගෙන
ද්වේශය ඇති සිත ඇති වෙන හැටි නැති වෙන හැටි
ඇතුළතින් සහ බැහැරින් දකිමින්
කිසිවක් නැවත අල්ලා නොගනිමින්
අනිශ්‍රිතව වෙසෙන්න.
ඔහු ද්වේශය විඳ ප්‍රත්‍යක්ෂ කරනවා.
ඔහුට ද්වේශය පිළිබඳව ප්‍රඥාව ඇති වෙනවා.
ඔබ එක මොහොතක් මේ විදියට ගත කළොත්
ඒ මොහොත දෙකක් වෙයි, තුනක් වෙයි...
ඔබ විඳින දුක පසක් වුණාට පස්සෙ
වෙන කෙනෙක් ද්වේශයෙන් දැවෙන කොට
ඔබට ඔහු විඳින දුකත් පෙනෙනවා.
ඒ දර්ශනය වෙනස්.
එතන චින්තනය නැහැ..
කරුණාව තියෙන්නෙ..
බුදුන් වහන්සේ ද්වේශය පිළිබඳව දෙන
මේ උපදෙස් ටික පිළිපදින්න පුලුවන් කෙනෙකුට
මොන තරම් ලොකු ද්වේශයක් ආවත්
කැළඹෙන්නෙ නැතුව ක්‍රියා කරන්න පුලුවන්..
ඔහුගෙ ද්වේශය
වචන වලට, ක්‍රියාවලට එක් වෙන්නෙ නෑ.
පන්සිල් රකින්න උත්සාහ කරන කෙනෙක් තුළ
මේ ගුණය ඉතා සියුම්ව වැඩෙනවා.
තව කෙනෙක් මරන්න පිහිය උස්සලා
මරන්නෙ නැතුව පිහිය වීසි කරන කෙනා සිල්වතෙක්.
ඔහු පරපණ නැසීමෙන් වැළකුණා.
ඒ මොහොතෙදි ඔහු ද්වේශය දකිනවා.
ද්වේශය තමා නොවන බව
ඉතා සියුම්ව දකිනවා.
ඔහුට ද්වේශය දැනෙන මාත්‍රය
ඔහුට මිදෙන්නට ප්‍රමාණවත්- ඤාණමත්තාය
ඔහු සිහිය පවත්වන මාත්‍රය
මිනී මැරීමෙන් වළකින්නට ප්‍රමාණවත් -පතිස්සතිමත්තාය
ද්වේශය ඔහු නොවෙයි.. ආගන්තුකයි...
අනිශ්‍රිතව වෙසෙන්න ඔහු ඉගෙන ගන්නවා..
ඔහු තුළ වෙනස්වීමක් පවතිනවා..
ඔහු සිතේ වෙනස අල්ලා නොගෙන
පවෙන් වළකිනවා.
ඉහත කී ආකාරයට වෙසෙන්න පුහුණුවෙන
අපරාධකාරයෙකුගෙ වුණත්
හිතේ ද්වේශය ඇති වුණාට
ඔහුගෙ හිතේ තැන්පත් කම බිඳෙන්නෙ නැහැ..
ද්වේශයෙන් හිත කැළඹෙන්නෙ
ඒ සමග ඇති වෙන සිතුවිලි නිසයි..
ද්වේශය නිසා නොවෙයි.
ද්වේශය ආවේගයක් පමණයි.
ද්වේශය ඉහත කී ආකාරයට
සිහියෙන් හා උපේක්ෂාවෙන් දකින කෙනෙක්
ඒ ද්වේශයෙන් කායිකව හෝ
වාචිකව හෝ මානසිකව හෝ
ප්‍රතික්‍රියා නොකරන නිසා
ඔහුගෙ සිතේ සමාධියත් පවතිනවා.
ඒ සමාධියන්
සමස්ත සිදුවීම දකින ඔහු
ද්වේශය පටන් ගත් තැන ඉඳන්ම දකිනවා.
ඔහුට ද්වේශය පිළබඳව
ප්‍රඥාව පහළ වෙනවා.
ඔබ මෙන්ම පුහුදුන් කෙනෙක් වන මමත්
මේ ක්‍රමයේ කෙළ පැමිණියෙක් නොවෙයි.
ඒත් මේ ක්‍රමය ප්‍රායෝගිකව පුහුණු වෙනවා.
ඒ ක්‍රමය සාර්ථක බව මම දන්නවා.
මේ ක්‍රමය හෝ මීට සමාන කළ හැකි වෙනත් ක්‍රමයක්
වෙනත් දර්ශන වල තියනවා කියා
ඔබ හිතනවාද?
බුදුන් වහන්සේගෙන් පසුව
වෙනත් දර්ශනවාදීන්
මේ දහමට සමාන මත
විටින් විට පහළ කරන අවස්ථා තියනවා.
ඒත් බුදුන් වහන්සේට කලින්
මෙවැනි ක්‍රමයක් පැවතී නැහැ..
මේ ක්‍රමය මේ ආකාරයෙන් නම්
වෙනත් කිසිම දහමක හො දර්ශනයක නැහැ.