20150916

මරණ දඬුවමද? කැලෑ නීතියද?


මහින්ද පාලන සමයේ
අපරාධ නඩුවල සැකකරුවන්
ආයුධ පෙන්වන්න ගෙන ගොස් කළ මිනීමැරුම්

ගෝත්‍රික ම්ලේච්ඡ ක්‍රියා ලෙස හඳුන්වන්නට
යහපත් ජනතාව පෙළඹුණා.


එකම ඝාතන සිද්ධියකට සම්බන්ධ
සැකකරුවන් තිදෙනෙකු

අත්අඩංගුවට පත් වි
ඔවුන් පොලිස් අත්අඩංගුවේ දී මියයාම සහ
සිව්වැන්නද පොලිස් වෙඩි පහරින්ම මියයාම
මහින්ද පාලනය වැනි
ආශ්චර්යමත් කාලයක පමණක් සිදුවිය හැකි
අපූර්ව සිද්ධි මාලාවක්.

අධිකරණයෙන් නඩු විභාග කොට
අපරාධකරුවාට නිදොස් නොවන බව
නීතියෙන් ඔප්පු කොට මරණ දඬුවමක් දෙන්නෙ
සමාජයෙ සිටින අපරාධකරුවන් විය හැකි අය අතර
නීතියට බිය පිරිස වරදට බිය කරන්නයි..

මරණ දඬුවම විත්තිකරුවාට දඬුවමක් නොවෙයි..

මරණ දඬුවමට විරුද්ධ වෙන
බොහෝ දෙනෙක් කතා කරන්නෙ
මේ සත්‍යය ගැන අවබෝධයක් නැතිවයි..

මරණ දඬුවම දෙන්නෙ
විත්තිකරුවාට දඬුවමක් ලෙස නම්
එය පළිගැනීමක් සහ මුග්ධ ක්‍රියාවක්.
දඬුවමක් ලබන කෙනෙකුට
හැදෙන්න අවස්ථාවක්
දඬුවමෙන් පසුව තිබිය යුතුයි..


මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම් දීම
බොහෝ රටවල සිදුවෙන දෙයක්..
එසේ කරන්නේ ඔවුන් සමාජයෙන් ඉවත්කිරීමට නොවේ.
මත්ද්‍රව්‍ය ජාවාරම නතර කිරීමටත් නොවේ.
පාලනය කිරීමට පමණි.

නීතියට බිය කිරීම රාශ්ඨ්‍ර පාලනයේ අංගයක්.

සමාජයේ විශාල කොටසක් වැරදි නොකරන්නෙ
ඔවුන් යහපත් නිසා හෝ පවට බිය නිසා නොවෙයි..
නීතියට බිය නිසයි.
දියේ ගිලෙන කෙනෙකුට දර කොටයක් මෙන්
ඔවුන්ටත් නීති අවශ්‍යයි.

රථවාහන රියදුරන් පාරේ වමෙන් යන්නෙ,
නිශ්චිත වේගයකින් යන්නෙ,
මාර්ග නීති පිළිපදින්නෙ,
නීතියට බිය නිසයි.

නීතියෙන් පණවන දඩ ගැසීමේ පටන්
සිර කිරීම ආදී සියලු දඬුවම් වලින් කරන්නේ
මිනිසා වරදට බිය වැද්දීමක්..
මරණ දඬුවම එහි උපරිමයයි..

අධිකරණයෙන් නඩු විභාග කොට
අපරාධකරුවාට නිදොස් නොවන බව
නීතියෙන් ඔප්පු කොට මරණ දඬුවම දීම
සාධාරණ ක්‍රියාවලියක්..
අපරාධකරුවන් ලෙස රටට පෙන්වන සැක කරුවන්
ආයුධ පෙන්වන්නට ගෙනගොස් මරණ දඬුවම දීම
එවැන්නක් නොවෙයි.

පොලීසියෙන් ආයුධ පෙන්නන්න ගෙන ගොස්
මරා දැමූ අය අතර නිවැරදි කරුවන් සිටියාද කියන්න
කිසිවෙකුත් දන්නේ නැහැ..
පොලීසියට ඕනෑ තරමක් සැක කරුවන් අල්ලා
අපරාධකරුවන් ලෙස හඳුන්වා
මරන්නට පුලුවන්.

---------------------------------------------------------------------
පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් මියයාම ගැන ඇතැමුන් එල්ල කරන චෝදනාවලට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පිළිතුරු වශයෙන් සිදුකළ ප්‍රකාශයකි, මේ.
“පොලිස් අත්අඩංගුවේදී කවුරු හරි සැකකරුවෙකු මිය ගියා නම් ඒ ගැන පරීක්ෂණ පවත්වන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ හැටියට මහේස්ත්‍රාත්වරයෙකු විසින්. ඒක තමයි නීතිය. ඉතින් මහේස්ත්‍රාත්වරයා එම ස්ථානවලට ගොස් පරික්ෂා කරලා තියෙනවා. සාක්ෂි සටහන් කරනවා. ඒ වගේම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා සැලකිල්ලට ගන්නවා. අවශ්‍ය නම් පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකළ වෛද්‍යවරුන්ගේ සාක්ෂි කැඳවනවා. කැඳවලා ඒ ගැන තීරණයක් ලබාදෙනවා. ඒ අනූව එම විමර්ශන අධිකරණ විසින් සිදුකරනවා. පොලීසිය කරන්නේ විමර්ශනයක් සඳහා සහය ලබාදීම පමණයි. මීට පෙර වුණත් පොලිස් අත්අඩංගුවේදී මිය ගිය සැම සැකකරුවෙක් සම්බන්ධයෙන්ම අධිකරණය තීරණයක් ලබාදී තිබෙනවා".

මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ සිදුවු පොලිස් කොස්තාපල්වරයා සහ ඔහුගේ බිරිඳ ඝාතනයේ ප්‍රධාන සැකකරු කැටයම් චින්තක නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් අටක් යොදවා ඇති බවද හෙතෙම පැවසීය.
-------------------------------------------------------------

පොලිස් අත් අඩංගුවේදී මියගිය තිදෙනා
ඝාතනය නොවූ බවට අධිකරණයත් සාක්ෂි දැරීම
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගේ නිදහසට කරුණයි.
ඒ අවස්ථාවේ සිටි සියලු දෙනාම
එකම ප්‍රකාශයක් කළොත්
ඒ ප්‍රකාශය සාක්ෂි වශයෙන් පිළි ගන්නට
අධිකරණයට සිදු වෙනවා.
ඔවුන් කළා යැයි කියන අපරාධය කළේ
ඔවුන් විසින්මද යන්න කිසිවෙක් සොයන්නේ නෑ.

ප්‍රධාන සැකකරු කැටයම් චින්තක නැමැත්තා
අත්අඩංගුවට ගැනීම සඳහා
පොලිස් කණ්ඩායම් අටක් යොදවා කළ පරීක්ෂණ
මෙසේ සාර්ථක වෙයි..
-------------------------------------------------------------
මාතර කඹුරුපිටියේදී පොලිස් කොස්තාපල් වරයෙක් සහ ඔහුගේ  බිරිද ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන කැටයම් චින්තක හෙවත් චින්තක වසන්ත නැමැත්තා  පොලීසිය සමග ඇතිවු  වෙඩි හුවමාරුවකදී මියයයි.

ඝාතනයෙන් පසු සැගව සිටි මෙම පුද්ගලයා සෙවීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබුණු බවත්,ඉකුත් රාත්‍රීයේ නයිගල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් හා මොහු අතර ගැටුමක් ඇතිවුණු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

4, පොලීසිය විසින් තමන් වටකර ඇති බව දැනගත් සැකකරු පොලීසියට වෙඩිතැබූ බවත්, එහිදී පොලීසිය විසින් එල්ල කළ ප්‍රතිප්‍රහාරයේදී සැකකරු ජීවිතක්ෂයට පත්වූ බවත් හෙතෙම කියා සිටියේය.

2, 3, මෙම ඝාතනයේ තවත් සැකකරුවන් දෙදෙනෙක් පසුගියදා අත් අඩංගුවේ සිටියදී සගවා තිබු  ආයුධ පෙන්වීමට ගොස්  දෙනගම වැවට වැටී මිය ගියේය.

මෙසේ වැවේ ගිලීමෙන් මරණයට පත්ව ඇත්තේ 24 හැවිරිදි ලියනආරච්චි කොස්වත්තගේ ධනුෂ්ක සඳරුවන් නොහොත් (සුරංග) නැමැත්තා සහ 31 හැවිරිදි සමරසිංහගේ ජනක ප්‍රසන්න නැමති හක්මන මීඇල්ල ප්‍රදේශයේ පදිංචි කරුවන් දෙදෙනෙකි.

1, ඊට පෙර මෙම  සිද්ධියේ තවත්  සැකකරුවෙක්  ඕවිටිගම ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්විය.
ඕවිටිගම ප‍්‍රදේශයේ සගවා තිබූ ආයුධ තොගයක් පරීක්ෂා කිරීමට පොලිසිය සැකකරු රැගෙන ගොස් ඇති අතර එහිදී සැකකරු හදිසියේම එම අවියක් රැගෙන පොලිසියට වෙඩි තැබීමට උත්සාහ කර ඇති බව  වාර්තා විය. එහිදී පොලිසිය පෙරලා වෙඩි තැබීමෙන් අජිත් පි‍්‍රයදර්ශන නමැති මෙම සැකකරු මියගියේය
Source: http://lfn.lk/local-news/item/757/757
------------------------------------------------------------.

මේ සැක කරුවන් සැබැවින්ම ඝාතන කළාද
නැත්නම් .....
වෙනත් කෙනෙක් හෝ පිරිසක් කළ ඝාතනවල සැකය
ඔවුන් වෙතට යොමු කළාද කියා
කවදාවත්ම හෙළි නොවනු ඇත.

මුල් අපරාධවල සැබෑ ඝාතකයා
මේ සිදුවීම්වල නියමුවෙක් වුවත්
ඔහු මේ ඝාතන කරවන්නේ
තමා ආරක්ෂා වීමට වුවත්
සිදුවීම ගැන සෙවීම මේ ඝාතන සමග වැළලී යාම
ස්වභාවයකි.

ඔවුන්ගේ පරීක්ෂණ වලදී
ඉදිරිපත්වෙන සාක්ෂි අනුව
පොලිස් අත් අඩංගුවේදී මියගිය තිදෙනා
ඝාතනය නොවූ බවට අධිකරණය සාක්ෂි දැරුවත්
ඔවුන් කළා යැයි කියන අපරාධය සිදුකළේ
ඔවුන් විසින්මද යන්න කිසිවෙක් සොයන්නේ නෑ.

එකම සිද්ධියක් සඳහා අත් අඩංගුවට පත් වූ
සැක කරුවන් තිදෙනෙකු සමාන ආකාර වලට
අත් අඩංගුවේදී මිය යාමත්
සිව්වැන්නාද පොලිස් වෙඩි පහරින්ම මිය යාමත්
ඔවුන් කළ හෝ කළායැයි කියන වරද
පොලිස් කොස්තාපල්වරයෙකු සහ
ඔහුගේ බිරිඳ ඝාතනය වීමත්
හින්දි චිත්‍රපටියක සිදුවීම් මාලාවක් වැන්න.

එහෙත්
සිදුවන්නට ඇත්තේ කුමක්දැයි සැකකළද
ජනතාව නිහඬව සිටියහ.

මේ ක්‍රියාවලිය සමග ගැටෙන්නට ගොස්
වැවේ පැන මාංචු පිටින් පීනන්නට
ජනතාව ඉදිරිපත් නොවීම
අරුමයක් නොවෙයි.

එහෙත් 
පිටතට නොපෙන්වූ ද්වේශය
ඔවුන් තුළ කැකෑරීම සාමාන්‍ය සිදුවීමක්.
සාමය රකින්නන් දුන් ආදර්ශය මත
ඔවුන් වෙත යොමු කළ නොහැකි ද්වේශය
අපරාධ වල සැකකරුවන් කෙරෙහි යොමුවීමත්
එවැනිම සාමාන්‍ය දෙයක්.

මේ සිද්ධි වලින් උත්තේජනය වූ
රටේ ආවේගශීලී ජනතාව
නීතිය අතට ගන්නට දැරූ උත්සාහයන්
රට පුරා තැන් තැන් වලින් වාර්තා විය.

කැලෑ නීතිය  අනුගමනය කරන වියරු මිනිසුන්
නඩු නැතිව  විත්තිකරුවා මරන්නට පෙළඹී
අනුමාන හා සැක කිරීම් මත
නිදොස් අහිංසක මිනිසුන් ඝාතනය කරන්නට
පෙළඹෙනු ඇත.

මහමග සිදුවෙන රිය අනතුරකදී
රියදුරා සම්පූර්ණයෙන්ම නිදොස් වුවත්
කැලෑ නීතිය අනුව ක්‍රියා කරන ජනතාව
ඔහු පහරදී මරාදැමීම
සිදු විය හැකි දෙයක තිබිණ.

ම්ලේච්ඡ ගෝත්‍රික ක්‍රමයට
විත්තිකරුවා නඩු නැතිව මරන්නට වලිකන
වියරු මිනිසුන් තරම් පහසුවෙන් සහ
අඳබාල ආකාරයෙන්
නීතිය මරණ දඬුවම දෙන්නේ නැත.

පොලීසියත් උසාවියත්
නිවැරදිව ක්‍රියා කරනු ඇතැයි
විශ්වාස කරන ජනතාවක්
නීතිය අතට ගන්නේ නැත.

රාජ්‍ය ආයතන කැලෑ නීතිය අනුව
සැකකරුවන් අත් අඩංගුවේ මරා දාන විට
ජනතාවත් කැලෑ නීතිය අනුව ක්‍රියා කිරීම
අතුරු ඵලයක් පමණි.

හමුදාව විසින් කළා යැයි සැක කරන
යුධ අපරාධ පිළිබඳව
ජනතා විශ්වාසය ගොඩ නැගෙන්නට
පොලීසියේ කෙටි දුර මෙහෙයුම් සහ
ඉන් උද්දීපනය වූ ආවේගශීලී පිරිස්
කැලෑ නීතිය අතට ගැනීම හේතුවන්නට ඇත.

ජනතාවත් පොලීසියත් හැසිරෙන ආකාරයට
හමුදාවේ සමහර සෙබලුන් දකුණේ හැසිරෙන ආකාරයට
හමුදා සෙබළුන් නොහැසිරෙනු ඇතැයි සිතන්නට
අපට හේතු නැත.

ආගම් ජාති භේද වලින් තොරව
ජනතාව රකින්නට ඇති ආයතනවල
සාමාජිකයන්ගෙන් සුළු පිරිසක්
ම්ලේච්ඡ ගෝත්‍රික ක්‍රමයට අපරාධවල යෙදීමත්
ඉතිරි බහුතරය එම අපරාධ වසන් කිරීමත් සිදුවන විට
ජනතාව අතර සිටින ආවේගශීලීන්
ඔවුන් අනුව හැසිරීම රට අරාජික වීමක්.

මහින්ද පාලනය විසින්
මෙවැනි සිදුවීම් වලදී
මුනිවත රකින්නට ඇත්තේ
ජනතාව පොලීසියට බිය වූ විට
රටේ උදාවෙන තත්වය අනුව
රජය කැමති ආකාරයට
බියපත් ජනතාව නිදහසේ පෙළන්නට
ඔවුන්ට හැකිවන නිසා විය හැක.

රටේ යහපාලනය පැතූ බහුතර ජනතාව 
අරාජික පාලන ක්‍රමය ප්‍රතික්ෂේප කළ නමුදු
පොලීසියත් අධිකරණයත් යථා පරිදි ක්‍රියා කරන බවට
පදනම් සහිත විශ්වාසයක්
නව රජය විසින් ජනතාව තුළ ගොඩ නැගිය යුතුය.

අද රට පිරිහී වැටී ඇති අගාධය අනුව
මිනිසුන් ලෙස ඇදහිය නොහැකි දරුණු අපරාධ
නිරන්තරයෙන් සිදුවෙන විට
අනාරක්ෂිතභාවයෙන් පෙළෙන රටේ ජනතාව
මිනී මැරුම් හා ළමා අපචාරවලට
මරණ දඬුවම පැණවීම ඉල්ලා සිටිනවා නම්
ඔවුන් කැලෑ නීතියට යොමුවෙනවාට වඩා
මරණ දඬුවම පැණවීම සුදුසු නොවේද?