20131210

චේ ගුවේරා සැබෑ සූරයෙක්, ධීරයෙක් සහ වීරයෙක්.







සූර වීර ධීර කියන්නෙ
එකිනෙකට වෙනස්
ගුණාංග තුනක්.

වීරයෙක් වෙන්න
එක් එක් අවස්ථාවලදි
මේ ගුණාංග තුනම
වෙන වෙනම අවශ්‍යයි.

වීරයෙකුට මේ ගුණාංග තුනම තියනවා.

සූර කියන්නෙ
අනික් අයට වඩා දක්ෂ කෙනෙක්.
සූර සරදියෙල් කියන්නෙ එනිසායි.
ඔහු සතුරාට කෙළින් මුහුණ දෙන්න නැහැ.
ප්‍රයෝග සම්පත්තියෙන්
අරමුණ සාක්ෂාත් කරගන්නවා.

ඔහු විරුවෙක් නොවෙයි.
ගරිල්ලා සටන් කරුවන්
දිනුවත් සූරයන් විනා
වීරයන් නොවෙයි.
ජිල්මාට් වලින් දිනන්නේ සූර
න්.

චරිතය බාල නම් ඔවුන්
සූරකපටියන් විය හැකියි.

ධීරයා කියන වචන
අපට නිතර අහන්න නොලැබුණත්
ධීරයා කියන්නෙ
තමන්ට ජයගත නොහැකි
ප්‍රබල ශක්තියකට එරෙහිව
දණින් නොවැටී මුහුණ දෙන කෙනෙක්.

මද්දුම බණ්ඩාර එවැන්නෙක්.

සියතින් ගෙළ සිඳගෙන
සැතත් කොපුවේ ලාගෙන
මැරී වැටුණ සීගිරි කාශ්‍යපත් ධීරයෙක්.

තමන් මරන්න ආපු මිනීමරුවන්ට
චේ ගුවේරා මුහුණ දුන් ආකාරයත්
ඒ විදියයි.
"මම දන්නවා උඹ ආවෙ මාව මරන්න බව.
වෙඩිතියපං, ඉවර කරපං."
ටෙරාන් තුවක්කුව එල්ල කරල
චකිතයෙන් ඉන්න කොට
"වෙඩි තියපං නිවටයා.
උඹ මරන්න යන්නෙ මිනිහෙක්"
ටෙරාන් ඔහුට වෙඩි තිව්වෙ
කකුල් වලට සහ අත් වලට.
කෑගැහෙන එක වළක්වගන්න
චේ අතේ මැණික් කටුව හපාගත්තා.

කියුබානුවන් තුළ
ත් සිංහල ගති ඇති.
චේට වෙඩි තිව්ව ටෙරාන් කියුබානුවෙක්.
කැස්ත්‍රෝ වෙනුවෙන් කියලයි මම හිතන්නෙ. 
ඒක වෙනම කතාවක්
සැබෑ විරුවා යනු
ස්ථිර අරමුණක් ඇතිව ඉදිරියට ගොස්
ඒ අරමුණ සාක්ෂාත් කරගන්නා
තැනැත්තායි.

චේ ගුවේරා සූරයෙක්, ධීරයෙක්.. සහ වීරයෙක්.

අද පවතින අසාධාරණයට
විරුද්ධව සැබෑ හඬ නගන්නෝ
ධීරයන් පමණකි.

මන්ද,
පවතින තත්වය යටතේ
කෙසේවත්
ඔවුන්ට ජයගත නොහැකි බැවිනි.

අද ධීරයන් මෙන් පෙනෙන බොහෝ දෙන
ඒ සඳහා පත්කරන ලද කුලීකරුවන්ය.

සෙස්සෝ ආත්ම ලාභය තකා
බොර දියේ මාළු බාන්නෝය.

ඔවුන් සාර්ථක වුවහොත්

පත්කරන ලද කුලීකරුවන් වී
මාළුත් කුලියට බාමින්
ආත්මයත් විකුණමින්
බඩ ගෝස්තරයත් සලසාගත හැකිය.

අද තත්වයට මුහුණ දීමට ඇති
එකම අවිය විදසුනයි.

පවත්නා තත්වය ගැන සිහියෙන්
ඉන් කැළඹෙන සිත ගැන සිහියෙන්,
එම තත්වයට උපේක්ෂාවෙන් සිටීමෙන්
බැහැරින් මෙන්ම ඇතුළතින්ද
නොකෙළෙසී විසිය හැකිය.