20170403

ඔබට එය සරලව පැවසිය නොහැකි නම්....




Comments
Sithumini Rathnamalala
Sithumini Rathnamalala අයින්ස්ටයින් කියපුවා කී දෙනෙකුට තේරුණා ද ?

Athula Siriwardhane
Athula Siriwardhane .
තමන් හරියටම වටහාගෙන 
සරලව කියන දේ 

අහන කෙනාට තේරෙනවයි කියා
කිසිම සහතිකයක් නෑ Sithumini...

සබ්බ පාපස්ස අකරණං ගාථාවට
සමස්ත බුද්ධ ශාසනයම කැටි කළා.
ඒ ගාථාව අහන කිසිම කෙනෙක්
බුදු දහම විඳ පසක් කරල නැත්නම්
ඒ කියන දේ වටහාගන්න පුලුවන් වෙන්නෙ නෑ.

ඒ ගාථාවෙ තේරුම 
සාමාන්‍ය මට්ටමෙන් හෝ විග්‍රහ කරන්න නම්
චතුරාර්ය සත්‍යය සහ පටිච්ච සමුපාදය
සතර සතිපට්ඨානය ප්‍රායෝගිකව වැඩීමෙන්
විඳ පසක් කොට තිබිය යුතුයි.

බුදු සසුන ගැන 
දළ අදහසක් ඇතිකරගන්න
ඒ ගාථාව ප්‍රමාණවත්.

අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය පිළිබඳව
නිරන්තරයෙන් විමසන අයට දිය හැකි
සරල පිළිතුරක් දෙන ලෙස 
වරක් අයින්ස්ටයින්ගෙන් ඉල්ලා සිටි
ඔහුගේ ලේකම්වරියකට දුන් පිළිතුරක් 
අපට අහන්නට ලැබෙනවා.
එහි විවිධ රූපකද පවතිනවා.

"ඔබ රත්වුණ විදුලි උදුනක් මත
විනාඩියක් අත තබාගෙන ඉන්න.
ඔබට ඒ කාලය පැයක් මෙන් දනේවි.
පියකරු තරුණියක් සමග
පැයක් ගත කරන්න.
ඔබට මිනිත්තුවක් මෙන් දැනේවි.
ඔන්න සාපේක්ෂතාවාදය."

ඔබ වටහාගත් දෙයක් 
සරලව පැවසීම පහසුයි.

Athula Siriwardhane
Athula Siriwardhane
බිරිඳ තවත් කරුණක් එක් කළා.

"අස්සජි රහතන් වහන්සේගෙ එක වාක්‍යයෙන්
උපතිස්ස සෝවාන් වුණේ එහෙනම්...

හොඳටම ප්‍රඥාව තියන කෙනෙකුට
ඒ ටිකත් ප්‍රමාණවත් වෙන්න පුළුවන්"

යෙ ධම්මා හේතුප්පභවා 
තේසං හේතුං තථාගතො ආහ

සැරියුත් තෙරුන් වහන්සේ
ප්‍රඥාවෙන් දෙවැනිවූයේ
බුදුන් වහන්සේට පමණයි.

Sithumini Rathnamalala
Sithumini Rathnamalala 
තේරුම් ගන්නා ගැන නොසලකනවා නම්, තමන් කියූ දේ සරලව කියා ඇති බව ඕනෑම කෙනෙකුට කිව හැකියි. සරල හෝ සංකීර්ණ බව මනින මිම්ම ඔබ හදාගන්නේ කොහොමද

Athula Siriwardhane
Athula Siriwardhane 
සරලව කියන්නෙ

අවශ්‍ය සියලුම දේ තියන කුඩාම විග්‍රහය.


ජල අණුව =H2+O

Athula Siriwardhane
Athula Siriwardhane .
ඉමිනා පූතිකායෙන පස්සෙන
සො ධම්මං පස්සති, සො මං පස්සති

සො පටිච්ච සමුප්පාදං පස්සති
සො ධම්මං පස්සති

Sithumini Rathnamalala
Sithumini Rathnamalala 
Simple සහ minimal කියලා දෙකක් තියෙනවා. ඔබ කතා කරන්නේ සරල කම නොව අවම බව ගැනයි ඉහත කොමෙන්ටුව අනුව නම්

Athula Siriwardhane
Athula Siriwardhane 
දෙකම...එකට

Sithumini Rathnamalala
Sithumini Rathnamalala 
දෙක දෙකක් බව අවබෝධ කරගත්තා නම් යහපත්

Athula Siriwardhane
Athula Siriwardhane 
දෙක දෙකක්..

ඒත් මේ කියන සරල බවට
අවමය අවශ්‍යතාවයක්..


එක ජල අණුවක් කියන්නෙ අවමය.
ජලය කියන්නෙ ඇත්ත නොවෙයි..
ජලය කියන්නෙ එක අණුවක්.
ජලයෙ අවමය ජල අණුව.
ඒත් සරලව ඇත්තම කියනවා නම්
ජල අණුව කියන්නෙ වායු දෙකක්.

Sithumini Rathnamalala
Sithumini Rathnamalala 
සරල සහ අවම කියන්නේ එකිනෙකින් ඉතා වෙනස් සංකල්ප දෙකක්. ඔබ ඒ ගැන තව ටිකක් හිතලා බලන්න.
Athula Siriwardhane
Athula Siriwardhane 
විස්තර කරන්න..

Sithumini Rathnamalala
Sithumini Rathnamalala 
හැදෑරීම ඔබේ වගකීම නේද ? මම ෆේස්බුක් එකේ ටියුටෝරියල් කරන්නේ නැහැනේ අතුල. වටහා ගත යුතු දේ මම පෙන්වා දුන්නා. 

ඔබ ඔබේ මනස පිලිබඳ ඇස ඇරගෙන ඉන්නා කෙනෙක් නිසා සිතා බැලීමෙන්ම පමණක් වුවත් අවබෝධ වේවි.

Athula Siriwardhane
Athula Siriwardhane 
ඔබ සංවාද වලට දක්වන (..................) ලොකු පාඩුවක්...
Sithumini Rathnamalala
Sithumini Rathnamalala මම සංවාද කියන්නේ කවුරුන් හෝ කාට හෝ උගන්වනවාට නොවෙයි. ස්වයං අධ්‍යයනයකට අවශ්‍ය පමණ කෙරෙන බෙදාහදාගැනීමකට පමණයි. ඔබෙන් කවදාවත් මම දෙයක් විස්තර කරන්න ඉල්ලා තියෙනවද? අවශ්‍ය කරුණ මතුවූ පසු අධ්‍යයනයෙන් උගෙනිමයි මගේ ක්‍රමය. මට ගුරුන් නැහැ එනිසා. මම හිතන්නේ ඔබටත් එය එහෙමයි. මගෙන් විස්තර ඉල්ලන්නේ ඇත්තටමද කියා ඔබම සිතන්න.

Athula Siriwardhane
Athula Siriwardhane .
පොතපතෙන් ලබාගන්න රේඛීය දැනුමට වඩා
සජීවී පුද්ගලයෙක් සමග සංවාදයෙන් ඉගෙන ගන්න

මම වඩා කැමතියි.
මට ඔහු ළඟ ඇති මට අවශ්‍ය සියල්ල
සංවාදයෙන් උකහාගන්න පුලුවන්.
පොතකින් ගන්න පුලුවන් දෙන ටික විතරයි..
Sithumini Rathnamalala
Sithumini Rathnamalala  
මම කාගේවත් ගුරා වෙන්න කැමතිත් නැහැ. මට ගුරුන් අවශ්‍යත් නැහැ. ශිෂ්‍යයන් සමඟ වුවත් මම කරන්නේ අධ්‍යයනයට අවශ්‍ය කරුණු බෙදාහදා ගැනීම පමණයි.

Athula Siriwardhane
Athula Siriwardhane 
ඔබ මේ කියන දේත් 

කවුරු හරි ඉගෙන ගත්තොත්
ඔබ ගුරා වෙනවා.

Athula Siriwardhane
Athula Siriwardhane 
"මට අවශ්‍ය දැනුම පමණයි"

දැනුම පිළිබඳව සීමිත නිර්ණායක තියනවා..
ලැබෙන තැන, දෙන කෙනා ආදිය ගැන

කිසිම නිර්ණායකයක් නෑ..
ලංකාවෙ වෛද්‍ය විද්‍යාල වගෙයි..

Sithumini Rathnamalala
Sithumini Rathnamalala 
මම නම් තවත් කෙනෙකුගේ දැනුම උකහා ගන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද එය ඔහුගේ හෝ ඇයගේ දැනුම. එය මගේ දැනුමට සාපේක්ෂව වැරදි වෙන්නත් පුළුවන්.

මම කරන්නේ මගේ දැනුම් පද්ධතියක් ගොඩනැගීමට උත්සාහ කිරීම. එය සාපේක්ෂයි. වෙන කෙනෙකුට අනුව වැරදි වෙන්න පුළුවන්.
නිරපේක්ෂ සත්‍යයක් පිලිබඳ විස්වාසය මා තුළ නැහැ.

Athula Siriwardhane
Athula Siriwardhane 
දැනුම: මට ඔබේද මගේද කියා සීමාවක් නෑ.

දැනුම කියන්නෙ එකිනෙකා අතර
Overlap වෙන පොදු සාධකයක්..

Share වෙන තරමට සහෘද බව වැඩි වෙනවා.

Sithumini Rathnamalala
Sithumini Rathnamalala 
වෙන කෙනෙක් ගුරා යැයි සිතුවාට මට එය අදාළ නැහැ.

Sithumini Rathnamalala
Sithumini Rathnamalala 
දැනුම පුද්ගලානුබද්ධයි. හරියටම කියනවා නම් සංජානනානුබද්ධයි. නිරපේක්ෂ දැනුම් නැහැ. පොදු කියන්නේ දැනුමේ පොදු බවට නොවෙයි, සංජානනයන්ගේ පොදු බවටයි, දැනුම පොදුයි කියා සිතීමම ගැටළුවක්.

Athula Siriwardhane
Athula Siriwardhane .
සංජානනයයි සම්පූර්ණ අත්දැකීමයි අතර
මනස තියන තුරු දැනුම අසම්පූර්ණයි.


සංජානනය සම්පජානෝ සතිය වුණාම
ඒ මොහොත පිළිබඳව දැනුම අංග සම්පූර්ණයි...
ඒත් පුද්ගලයාට සහ සම්පජානෝ සතියට සාපේක්ෂව.

Sithumini Rathnamalala
Sithumini Rathnamalala 
ඔවු, නිරපේක්ෂ දැනුම කියා දෙයක් නැහැ.

Athula Siriwardhane
Athula Siriwardhane .
රහතන් වහන්සේගෙ මේ මොහොත ගැන දැනුම
නිරපේක්ෂ වෙන අවස්ථා තියෙන්න පුලුවන්.