සයිටම් ප්‍රශ්නෙදි රජයේ වෛද්‍යවරු තනි වෙන්නෙ
ඔවුන්ගේ අමානුෂික ලෙස ආත්මාර්ථකාමී පිළිවෙත නිසයි.
රජයේ රෝහල්
රජයේ වෛද්‍යවරුන්ගේ පෞද්ගලික බූදලයක් නොවෙයි.
රජයේ රෝහල් පෞද්ගලික වෛද්‍ය විදුහලක
සායනික පුහුණුව සඳහා ලබා නොදිය යුතුයි කියා
ජනතා අයිතියට බලපෑම් කරන්නට
නෛතිකවත් සදාචාරාත්මකවත් ඔවුන්ට අයිතියක් නෑ.
රජයේ රෝහල් සැබෑ ලෙස අයිති මහජනතාවටයි.
රජය වගකිවයුත්තේ මහ ජනතාවටයි.
ප්‍රජාතන්ත්‍රවාදී රටක රජය කියන්නෙ
මහජනතාව පත් කරන ලද මහජන්තා සේවකයායි.
අපෙ රටේ නූගත් ජනතාවට ඒ හැඟීම නැති වීම
හැම ක්ෂේත්‍රයකටම බලපාන ගැටළුවක්.
ඒත්
ජනතාව මේ ප්‍රශ්නයට මැදිහත් නොවී
තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්නෙත්
ඒ හැඟීම නැති නිසාමයි.
වෛද්‍යවරුන් තමන්ට වඩා බුද්ධිමත් කියන
මායාවෙන් උපන් හීනමානයත්
ඔවුන් තුළ තියනවා.
වෛද්‍ය විද්‍යාලයට යන දරුවාට
දෙමව්පියන් තුළ දකින්නට ලැබෙන
ඇදහිය නොහැකි වහල් භාවය
මුළු රටේම ජනතා සිත් සතන් තුළට
කාවැදී තියනවා.
මේ නිසා තම දෙමව්පියන් නෑදෑයන් හමුවේ
ඔවුන් පවත්වන අධිකාරී බලයෙන් මත්වෙන ඔවුන්
ඒ බලය සමස්ත සමාජය මතම පවත්වන්නට
උත්සාහ කරනවා.
මේ බලය තම දරුවාට ලබා දෙන්නට
යටිසිතින් හෝ එළිපිට සිහින මවන දෙමව්පියන්ට
වෛද්‍ය විද්‍යාල ශිෂ්‍යයයා හැඟෙන්නේ
තමන්ගේ දරුවාගේ පෙරගමන් කරුවෙක් වගෙයි.
රටේ ජනතාව මත්වී සිටින මේ මත් ද්‍රව්‍යය
සයිටම් ප්‍රශ්නය මතුවෙන තෙක්
හොඳින් ක්‍රියාත්මක වුණා.
රජයේ වෛද්‍ය විද්‍යාල වල ශිෂ්‍යයන්
කලා හෝ වාණිජ පීඨ සමග ගැටුණා නම්
ජනතාව වෛද්‍ය පීඨයේ සහයෝගය සඳහා
භාවිතා කරන්නට
වෛද්‍ය සිසුන්ට අපහසු වන්නේ නැහැ.
තමන්ගේ දරුවාට කෙණෙහිළිකම් කරන
පිට දරුවෙක් වැනි කලා හෝ වාණිජ පීඨ දරුවා
ඉබේම වැරදි කරු වෙනවා.
වෛද්‍ය සිසුන් දෙපිරිසක් අතර සටනකදී
එක පැත්තක් ගන්නට අපේ රටේ දෙමව්පියන්ට බැහැ.
ඔවුන් මේ දරුවන් දෙදෙනාටම යටත්.
එක දරුවෙක්
රජය මත යැපෙන, ජනතා මුදලින් යැපෙන
පැරණි යල් පැනගිය නිදහස් අධ්‍යාපන ක්‍රමයට
අධ්‍යාපනය ලබන්නෙක්.
අනෙක් දරුවා
එක වසර කප්පමෙහි සිට
මෙතෙක් කළාක් මෙන්
ඉගෙනුම මිලට ගන්නෙක්.
මුදලට ඉගෙනුම ලැබීම
ඔහුට අලුත් දෙයක් නොවෙයි..
දරුවාගේ අධ්‍යාපන තරඟයට
එක වසරේ සිටම නොයෙක් වියදම් දරමින්
වහලුන් මෙන් නොවිඳිනා දුක් වින්ද දෙමාපියන්ට
නිදහස් අධ්‍යාපනය යනු බොනිකර තරුවක්.
නිදහස් අධ්‍යාපනයට රජය වැය කරන මුදල්
නොයෙක් පුහු ව්‍යාපෘති මගින් ගසා කෑමෙන් පසු
ඉතිරිය නාස්ති වෙනවා.
පරිගණක අධ්‍යාපනය මේ සඳහා
ඉතාම හොඳ උදාහරණයක්.
ගෙදර පරිගණකයක් නැති දරුවෙකුට
පාසලින් ලැබෙන පරිගණක අධ්‍යාපනයක් නැහැ.
දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්
පළවෙනි වසර සඳහා ගෙවන අල්ලසෙහි සිට
අප්‍රමාණ වියදමක් කරන දෙමාපියන්ට
තමන්ගේ දරුවා මුදල් වියදම් කර
වෛද්‍යවරයෙක් කරගන්නට හැකිනම්
ඒ සිහිනයෙන් මත්වී සිටින දෙමාපියන් කිසිවෙක්
අකමැති නැහැ.
සයිටම් ප්‍රශ්නයේදී ජනතාව මුනිවත රකින
ප්‍රබලම හේතුව මේ හැඟීම විය හැකියි.
අද නිදහස් අධ්‍යාපනය ලෙස සැලකෙන්නේ
මුදලට ගත හැකි අධ්‍යාපනයයි.
නිදහස් අධ්‍යාපනය නමින් හඳුන්වමින්
රජය හරහා සමස්ත ජනතාවත්
පුද්ගලිකව මාපියනුත් ගසාකන මාෆියාව
දෙමාපියන්ගේ හිස මත පැටවුණ බරක්.
ඊනියා නිදහස් අධ්‍යාපනය ලබන බොහෝ දරුවන්
අධ්‍යාපනය මිලට ගන්නේ හවස පන්තිවලින්.
පාසලෙන් අධ්‍යාපනය ලබන දරුවන් සීමිතයි.
මේ රටාවට හුරුවී සිටින දෙමාපියන්ට
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කියන්නෙ
අඩු සුදුසුකම් වලින් දිනාගත හැකි කිරුළක්.
එක වසරකට රජයේ වෛද්‍ය පීඨ වලට තෙරෙන
සිසුන් දහසක් පමණ සංඛ්‍යවක් සහ
ඔවුන්ගේ දෙමව්පියන්ට නිදහස් අධ්‍යාපනය
රටේ සෙසු ජනතාවට නිදහස් නැහැ.
රජයේ පාසල් පාසල අවට වෙසෙන අයට හැර
නිදහස් අධ්‍යාපනික ආයතන නොවෙයි.
ඒ අයුරින්ම වෛද්‍ය විද්‍යාල සිහිනයත්
උසස්පෙළ ඉගෙනුම ලබන සිසුන්ට සහ
ඔවුන්ගේ දෙමාපියන්ට අවදානම් කඩුල්ලක්.
විශ්ව විද්‍යාල අත්පොතට අනුව
වෛද්‍ය විද්‍යාලයකට ඇතුල්වීමට අවශ්‍ය වන
රසායන, භෞතික, ජීව විද්‍යා අංශ වලින් S3ක් තිබීම
රජය පිළිගන්නා අවම සුදුසුකම වුවත්
S3ක් ගැන්නා දරුවෙකුට වෛද්‍ය විද්‍යාලය
සිහිනෙන්වත් දැකිය නොහැකි සුරවිමනක්.
විශ්ව විද්‍යාල අත්පොතට අනුව
රසායන, භෞතික, ජීව විද්‍යා අංශ වලින් S3ක් සහිතව
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට
තමන්ගේ දරුවා නිදහසේ යවා ගන්නට
අපේ අධ්‍යාපන ක්‍රමය තුළ
ලැබෙන්නට යන මේ අවස්ථාවට
කිසිම දෙමාපියෙක් විරුද්ධ වෙන්නෙ නැහැ.
13 වසරක් පුරා දරුවෙක් වෙනුවෙන් වෙහෙස වී
රජයේ වෛද්‍ය විද්‍යාලයට අවශ්‍ය Z-Score එක
දරුවාට ලබා දෙනවාට වඩා පහසුවෙන්
ලක්ෂ 120ක් සපයා ගැනීමට හැකි දෙමාපියන්
අප රටේ දැන් නැත්නම් ඉදිරියෙදි බිහි වේවි.
පෞද්ගලික පාසල් බිහිවෙද්දි විරුද්ධ වුණ
අදූරදර්ශී පිරිස අද නිහඬ වුණා මෙන්
පෞද්ගලික වෛද්‍ය විදුහල් වලට
අඩ විරුද්ධ වෙන පිරිසත් නිහඬ වෙන දවස
වැඩි ඈතක නොවෙන්න පුලුවන්.
කූට දේශපාලනඥයන්,
ජාවාරම්කාර විදුහල්පතිවරුන් සහ
ඔවුන්ගේ තැරැව්කරුවන් අත පවතින
අපේ රටේ නිදහස් අධ්‍යාපනය
මුදලට ගත හැකි තැනට පත් වීමෙන්
සමාජයේ යම් පිරිසකට හෝ
නිදහසක් ලැබෙනවා.
පුද්ගලික පාසල් පිළිබඳ ආකල්පයෙන්
ඒ නිදහස ඉව කරන අපේ දෙමාපියන්
තම දරුවා වෛද්‍යවරයෙක් කරගන්නට ඇති
පුළුල් අවස්ථාව යළිත් පටු කරගන්නට
කැමති වන්නේ නැහැ.
අපේ රටේ දෙමාපියන් අති බහුතරයක්
ඔවුන්ගේ දරුවාට ධන, නිල බල සමග
සමාජ පිළිගැනීමකට ලක්වෙන අයුරින්
වෛද්‍යවරයෙක් කරගන්නට ඇති සිහිනයට
පුළුල් නොවන නමුත් දොරටුවක් වන
පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලට
කැමති වීම වැළැක්විය හැකිද?