20160729

කෝපය තනිකර චෛතසික දෙයක් නොවෙයි.


කෝපය කියන්නෙ
 තනිකර චෛතසික දෙයක් නොවෙයි..
කෝපයට පත් වූ වෙලාවට ශරීරයේ ඇතිවන වෙනස් කම්
 ඔබ කෝපයේ ස්වරූපයෙන් සිත තුළ අත් දකිනවා.
කායික චෛතසික දෙකම එක් වුණාම
අපි විඳින දේ කෝපයයි.

කෝපය කියෙන්නෙ තමන්ගෙ දුක
අනෙකාට දෙන්නට හේතු වෙන ආවේගයක්.
කෝපය තමන්ට දුකක් නොවෙයි නම්
අනුන්ට දුකක් දෙන්න අවශ්‍ය වෙන්නෙ නෑ.
ඉගෙන ගතයුත්තෙ
තමන් දුක් නොවිඳ ඉන්නා ක්‍රමයයි.

කෝපයෙ කායිකව දැනෙන වෙනස
 සිහියෙන් දකිමින්
 ඒ වෙනසට උපේක්ශාවෙන් ඉන්න
 විපස්සනා වඩා පුහුණු වීමෙන්
 මේ චෛතසික වේදනාව
 අපිට නොවිඳ ඉන්න පුලුවන්.

ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
 කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි. .


ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
1 සුව වේදනාවත් විඳියි.
2 දුක් වේදනාවත් විඳියි.
3 නොදුක් නොසුව වේදනාවත් විඳියි.
මහණෙනි,
ඇසු පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාද
1 සුව වේදනාවත් විඳියි.
2 දුක් වේදනාවත් විඳියි.
3 නොදුක් නොසුව වේදනාවත් විඳියි.

මහණෙනි,
එහි ලා ඇසූ පිරූ තැන් නැති පුහුදුන්හු හා
 ඇසු පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාගේ
 වෙසෙස කිමෙක් ද?
අදහස කවරේ ද?
වෙනස කිමෙක්ද?

මහණෙනි,
ඇසූ පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
 දුක් වේදනාවෙන් පහස්නා ලද්දේ ම
 ශෝක කෙරෙයි. ක්ලාන්ත වෙයි. වැලපෙයි.
ළෙහි පැහැර හඬයි. මුළාවට පැමිණෙයි.
හෙතෙමේ
1, කායික වේදනාව ද
2, චෙතසික වේදනාව ද යන
 වේදනා දෙකක් විඳී.
මහණෙනි,
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
 දුක්වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක නො කරයි.
ක්ලාන්ත නො වෙයි. නො වැල පෙයි.
ළෙහි පැහැර නො හඬයි. මුළාවට නො පැමිණෙයි.
හේ කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි.
.

.

.කය - වේදනා - සිත..
එකක් තනි කරන්න හෝ
එකක් බැහැර කරන්න අවශ්‍ය නෑ.
සමස්ත අත්දැකීම තමයි කෝපය.

කය වේදනා සිත

මේ තුනම තමයි ...
කෝපය කියන අත්දැකීම..
හිතන එක නතර කළොත්
කය - වේදනා දෙක දැනෙනවා.

කය නතර කරගෙන ඉන්න නිසයි
ඔබ හිතේ කෝපය වැඩියෙන් දකින්නෙ.

ගහ ගන්න මිනිස්සුන්ට හිත පෙනෙන්නෙ නෑ.
බැණ ගන්න මිනිස්සුන්ට කය පෙනෙන්නෙ නැහැ.
ගහ බැන ගන්නෙ නැතුව
සිහියෙන් සහ උපේක්ෂාවෙන් ඉන්න අයට
කය වේදනා සිත තුනම පෙනෙනවා.

ඔවුන් ඒ අවස්ථාව තුළ
තමාත්,
තමාට සාපෙක්ෂව සිදුවීමත්
ප්‍රඥාවෙන් දකිනවා.

20160725

ඔබේ කයෙහි මේ මොහොතෙහි පවතින වේදනා...



වේදනා වර්ග තුනකි.
සුඛ වේදනා
 දුක්ඛ වේදනා
 අදුක්ඛමාසුඛ වේදනා.

 ඔබ මින් හඳුනන්නේ වේදනා වර්ග දෙකකි.
සුඛ වේදනා දුක්ඛ වේදනා ඔබට හඳුනා ගත හැක.
උදාහරණ සොයා ගත හැක.
අදුක්ඛමාසුඛ වේදනා ගැන ඔබ කිසිවක් දන්නේ නැත.

ඔබේ සියලු දුකට හේතුව්න්නේ
 මේ වේදනා වර්ග තුනයි.
මේ වේදනාවලට ඔබ දක්වන
 ප්‍රතික්‍රියාවයි..

මේ වේදනා වර්ග තුන හඳුනාගන්නාතුරු
 ඔබ බොදුනුවෙක් වීමට සුදුසු නොවෙයි.
බුදු දහමට අනුව
 මේ වේදනා තුන පිරිසිඳ දත් තැනැත්තාට
 තවත් කළයුතු කිසිවක් නැතැයි කියමි.

මේ මොහොතෙහි
 ඔබේ කය දෙස සිහියෙන් දකිතොත්
 සුඛ වේදනා දුක්ඛ වේදනා මෙන්ම
 අදුක්ඛමාසුඛ වේදනාද ඔබට හඳුනාගත හැක.

අවිද්‍යාව නැසෙන්නේ මෝහය නැසෙන්නේ
 අදුක්ඛමාසුඛ වේදනා පිළිබඳ සිහියෙන් විසීමෙනි.
සුඛ වේදනා පිළිළිබඳ සිහියෙන් විසීමෙන්
 රාගානුසය කෙලෙස් නැසෙයි.
දුක්ඛ වේදනා පිළිබඳ සිහියෙන් විසීමෙන්
 රාගානුසය කෙලෙස් නැසෙයි.

අදුක්ඛමාසුඛ වේදනා හඳුනාගන්නට ඔබට හැකිද.?

ඔබේ කයෙහි මේ මොහොතෙහි පවතින
 සුඛ වේදනා මොනවාද?

ඔබේ කයෙහි මේ මොහොතෙහි පවතින
 දුක්ඛ වේදනා මොනවාද?

----කඩඉම් ප්‍රශ්නය----
ඔබේ කයෙහි
 මේ මොහොතෙහි පවතින
''අදුක්ඛමාසුඛ වේදනා'' මොනවාද?

20160724

සිරිධම්ම හිමිට විවෘත අභියෝගයක්. 2016 ජූලි 24


වේදනා පච්චයා තණ්හා
මාතෘකා කරගෙන
පැය එකහමාරක හෝ දෙකක දේශනයක්
ඔබ කැමති තැනක පවත්වා
අන්තර් ජාලයට මුදා හැර
ඔබ රහතෙක් බව ඔප්පු කරන්න.

වේදනා පච්චයා තණ්හා දේශනය මගින්
එක් එක් වේදනාවෙන් තණ්හාව උපදින අයුරු විස්තර කරන්න.
 1
සුඛ වේදනාවෙන් තණ්හාව උපදින අයුරු ,
2
දුක්ඛ වේදනාවෙන් තණ්හාව උපදින අයුරු ,
3
අදුක්ඛමාසුඛ වේදනාවෙන් තණ්හාව උපදින අයුරු,
එකින් එක වෙන වෙනම විස්තර කරන්න.

බුදුන් වහන්සේ විසින්
කිසිදු ගුරු උපදේශයක් රහිතව සොයා ගත්,
බුදු දහමටම ආවේණික වූ මේ පරමාර්ථ සත්‍යය
මෙතෙක් කිසිදු ආගමක, විද්‍යාවක
ඡායා මාත්‍ර වශයෙන් හෝ සඳහන් වී නැත.

වේදනා යනු පටිච්ච සමුප්පාදයෙහි
සිත කය දෙකෙන්ම විඳ පසක් කළ හැකි එකම පුරුකයි.

සිතත් කයත් යා කරන පුරුක වේදනායි.
බාහිර ලෝකයත් සිතත් යා කරන පුරුක වේදනායි.
සමස්ත ජීවිතයම පෙරට ගෙන යන හේතුව වේදනායි.
සත්වයා විඳින සියලුම දේට මුල වේදනායි.

වේදනාව නිසා උපදින තණ්හාව
සියලු සත්වයා විඳින සසර දුකට හේතුවයි.
සමස්ත බුදු දහමේ කේන්ද්‍රය සහ හරය වේදනා පච්චයා තණ්හායි.

සුව වේදනා, දුක් වේදනා, නොදුක් නොසුව වේදනා නම් වූ
මේ වේදනාත්‍රය පරිඥාත කල්හි
ආර්යශ්‍රාවකයාහට මත්තෙහි කටයුතු කිසිවක් නැතැයි කියමි.
.
ලොවට අභියෝග කරන පරිදි ඔබ රහතෙක් නම්
සුව වේදනාවෙන් රාගානුසයය ප්‍රහීණ කළ අයුරුත්,
දුක් වේදනාවෙන් පටිඝානුසයය ප්‍රහීණ කළ අයුරුත්,
නොදුක් නොසුව වේදනාවෙන් අවිජ්ජානුසයය ප්‍රහීණ කළ අයුරුත්
ඔබ මනාව දන්නවා ඇති.
මේ තුන් ආකාර වේදනා අනුසාරයෙන්
ආර්යශ්‍රාවකයා තෘෂ්ණාව සිඳින අයුරු
ඔබේ දේශනයෙන් විස්තර කරන්න.

ඔබ රහත් වී නැති බව ඔබටම පසක් වන්නට
ඔබේ මේ දේශනය හේතු වේවා.



<div class="fb-share-button" data-href="http://sansaranee.blogspot.com/2016/07/2016-24.html" data-layout="button" data-size="large" data-mobile-iframe="true"><a class="fb-xfbml-parse-ignore" target="_blank" href="https://www.facebook.com/sharer/sharer.php?u=http%3A%2F%2Fsansaranee.blogspot.com%2F2016%2F07%2F2016-24.html&amp;src=sdkpreparse">Share</a></div>
______________________________________________________________









Share this IMAGE





20160723

බුදුන් වහන්සේගේ දැනුම් සම්භාරය ගැන අල්ප මාත්‍ර ඉඟියක්..

බුදුන් වහන්සේගේ දැනුම් සම්භාරය අසම සමයි.
මේ ලිපිය ඒ දැනුම පිළිබඳ අල්පමාත්‍ර වූ ඉඟියක්.


කිසිවෙක් මේ ලිපිය කියවාවි කියා
මම විශ්වාස කරන්නෙ නැහැ.
පළ කරන්නෙ කියවන්නත් නොවෙයි.

මෙහි පළවෙන්නෙ
බුදුන් වහන්සේගෙ ඥාණ සැත්තෑ තුනකින්
පළවෙනි ඥාණයට අඩංගු වෙන
දැනුම් සම්භාරයෙ මාතෘකා ටික පමණයි.
ඒ දැනුම වෙනමයි..

මේ දීර්ඝ ලැයිස්තුව
උඩින් පල්ලෙන් බලාගෙන යන අතරෙ
මේ ලැයිස්තුව පහසුවෙන් කියවන්නවත් අපහසු
අපේ අංශුමාත්‍ර මනසින්
බුදුන් වහන්සේගෙ හැකියාව මැනීම
කළ හැකි දෙයක්ද කියා...
ඔබම කල්පනා කර බලන්න,

අප වෙනුවෙන්
දුකෙන් මිදෙන හැටි හොයාගන්න
විශේෂ ඥාණ 73ක් උන්වහන්සේ රැස් කළා.

1. කිසෙයින් ශ්‍රොත්‍රාවධානයෙහි (අසන ලද්දෙහි) ප්‍රඥාව
ශ්‍රැතමයඥාන වෙයි යත්:

‘මේ ධර්‍මයෝ  මැනැවින් දතයුත්තාහ’යි  සොතාවධාන යැ හෙවත් ශ්‍රැතය යි. ඒ ශ්‍රැතය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.

‘මේ ධර්‍මයෝ (සාමාන්‍ය ලක්‍ෂණාවබොධ වශයෙන්) පිරිසිඳ දතයුත්තාහ’යි (දෙසන්නහුගේ ධර්‍මය) සොතාවධාන නමැ. ඒ දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.

‘මේ ධර්‍මයෝ ප්‍රහාතව්‍යයෝ යැ’ යනු සොතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.

‘මේ ධර්‍මයෝ වැඩියයුත්තාහ’ යනු සොතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.

‘මේ ධර්‍මයෝ ප්‍රත්‍යක්‍ෂ කළයුත්තාහ’ යනු සොතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.

‘මේ ධර්‍මයෝ පරිහාණිය සෙවුනාහ’ යනු සොතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.

‘මේ ධර්‍මයෝ ස්ථිතිය සෙවුනාහ’ යනු සොතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.

‘මේ ධර්‍මයෝ (මත්තෙහි විශෙෂාධිගම විසින්) විශෙෂය සෙවුනාහ’ යනු සොතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.

‘මේ ධර්‍මයෝ ආර්‍ය්‍යමාර්‍ග සඞ්ඛ්‍යාත නිර්‍වෙදය සෙවුනාහ’ යනු සොතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.

‘සියලු සංස්කාරයෝ අනිත්‍යයෝ යැ’ යනු සොතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.

‘සියලු සංස්කාරයෝ දුඃඛයෝ යැ’ යනු සොතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.

‘සියලු ධර්‍මයෝ අනාත්මයෝ යැ’ යනු සොතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.

‘මේ දුඃඛාර්‍ය්‍යසත්‍ය යැ’ යනු සොතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.

‘මේ දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍ය යැ’ යනු සොතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.

‘මේ දුඃඛනිරොධාර්‍ය්‍යසත්‍ය යැ’ යනු සොතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.

‘මේ දුඃඛනිරොධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යැ’ යනු සොතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යි.

(2)

කිසෙයින් මේ ධර්‍මයෝ අභිඥෙයහ’යි සොතාවධාන වෙයි, එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන වෙයි යත්:

එක් ධර්‍මයෙක් අභිඥෙය යැ: හැම සත්හු ආහාරයෙන් සිටුනාහ.

ධර්‍මයෝ දෙදෙනෙක් අභිඥෙයහ: සඞ්ඛතාසඞ්ඛතධාතූහු දෙදෙන යි.

ධර්‍මයෝ තිදෙනෙක් අභිඥෙයයෝ යැ: (කාමරූපාරූප යන) තුන් ධාතූහු යි.

ධර්‍මයෝ සතර දෙනෙක් අභිඥෙයයෝ යැ: චතුරාර්‍ය්‍යසත්‍යයෝ යි.

ධර්‍මයෝ පස් දෙනෙක් අභිඥෙයයෝ යැ: පඤ්චවිමුක්තායතනයෝ යි.

ධර්‍මයෝ ස දෙනෙක් අභිඥෙයයෝ යැ: ෂඩානුත්තරියයෝ යි.

ධර්‍මයෝ සත් දෙනෙක් අභිඥෙයයෝ යැ: සප්තනිර්දශවස්තූහු යි.

ධර්‍මයෝ අට දෙනෙක් අභිඥෙයයෝ යැ: අෂ්ටඅභිභායතනයෝ යි.

ධර්‍මයෝ නව දෙනෙක් අභිඥෙයයෝ යැ: නව අනුපූර්‍වවිහාරයෝ යි.

ධර්‍මයෝ දශ දෙනෙක් අභිඥෙයයෝ යැ: (සම්‍යග්දෘෂ්ටි ආදි) දශනිර්‍ජරවස්තූහු යි.

(3)

මහණෙනි, සියල්ල අභිඥෙය යැ, මහණෙනි, කවර සියල්ල අභිඥෙය වෙයි යත්:

මහණෙනි, ප්‍රසාදචක්‍ෂුස (අභිඥෙය) මැනැවින් දතයුතු යැ. රූපයෝ දතයුත්තාහ. චක්‍ෂූර්විඥානය දතයුතු යැ. චක්ඛුසම්ඵස්සය දතයුතු යැ. චක්‍ෂූර්විඥානය හා සම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශප්‍රත්‍යයෙන් සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ යම් වෙදයිතයෙක් උපදී නම් එ ද දතයුතු යි.

ශ්‍රොතප්‍රසාදය දතයුතු යැ. ශබ්දයෝ දතයුත්තාහ ... ඝ්‍රාණප්‍රසාදය දතයුතු යැ. ගන්‍ධයෝ දතයුත්තාහ ... ජීව්හාප්‍රසාදය දතයුතු යැ රසයෝ දතයුත්තාහ … කායප්‍රසාදය දතයුතු යැ. ස්ප්‍රෂ්ටව්‍යයෝ දතයුත්තාහ ... භවාඞ්ගමනස දතයුතු යැ. ධර්‍මාලම්භනයෝ දතයුත්තාහ ... මනොවිඥානය දතයුතු ය. මනොසම්ඵස්සය දතයුතු යැ මනොසම්ඵස්සප්‍රත්‍යයෙන් සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වෙදයිතයෙක් උපදී නම් එ ද දතයුතු යි.”

රූපය දතයුතු යැ. වෙදනාව දතයුතු යැ. සංඥාව දත යුතු යැ. සංස්කාරයෝ දතයුත්තාහ. විඥානය දතයුතු යි.

ප්‍රසාදචක්‍ෂූස දතයුතු යැ. ශ්‍රොත්‍රප්‍රසාදය දතයුතු යැ. ඝ්‍රාණප්‍රසාදය දතයුතු යැ. ජීහ්වාප්‍රසාදය දතයුතු යැ. කායප්‍රසාදය දතයුතු යැ. භවාඞ්ගමනස දතයුතු යැ. රූපයෝ දතයුත්තාහ. ශබ්දයෝ දතයුත්තාහ. ගන්‍ධයෝ දතයුත්තාහ. රසයෝ දතයුත්තාහ. ස්ප්‍රෂ්ටව්‍යයෝ දතයුත්තාහ. ධර්‍මාලම්බනයෝ දතයුත්තාහ.

චක්‍ෂුර්විඥානය දතයුතු යැ. ශ්‍රොත්‍ර‍විඥානය දතයුතු යැ. ඝ්‍රාණවිඥානය දතයුතු යැ. ජිහ්වාවිඥානය දතයුතු යැ. කායවිඥානය දතයුතු යැ. මනොවිඥානය දතයුතු යි.

චක්ඛුසම්ඵස්සය දතයුතු යැ. සොතසම්ඵස්සය දතයුතු යැ. ඝාණසම්ඵස්සය දතයුතු යැ. ජීව්හාසම්ඵස්සය දතයුතු යැ. කායසම්ඵස්සය දතයුතු යැ. මනොසම්ඵස්සය දතයුතු යි.

චක්‍ෂුස්සංස්පර්‍ශයෙන් උපන් වෙදනාව දතයුතු යැ. ශ්‍රොත්‍රසංස්පර්‍ශයෙන් උපන් වෙදනාව දතයුතු යැ. ඝ්‍රාණසංස්පර්‍ශයෙන් උපන් වෙදනාව දතයුතු යැ. ජිහ්වාසංස්පර්‍ශයෙන් උපන් වෙදනාව දතයුතු ය. කායසංස්පර්‍ශයෙන් උපන් වෙදනාව දතයුතු යැ. මනස්සංස්පර්‍ශයෙන් උපන් වෙදනාව දතයුතු යි.

රූපසංඥාව දතයුතු යැ, ශබ්දසංඥාව දතයුතු යැ, ගන්‍ධසංඥාව දතයුතු යැ, රසසංඥාව දතයුතු යැ, ස්ප්‍රෂ්ටව්‍යසංඥාව දතයුතු යැ, ධර්‍මසංඥාව දතයුතු යි.

රූපසඤ්චෙතනාව දතයුතු යැ, ශබ්දසඤ්චෙතනාව දතයුතු යැ, ගන්‍ධසඤ්චෙතනාව දතයුතු යැ, රසසඤ්චෙතනාව දතයුතු යැ, ස්ප්‍රෂ්ටව්‍යසඤ්චෙතනාව දතයුතු යැ, ධර්‍මසඤ්චෙතනාව දතයුතු යි.

රූපතෘෂ්ණාව දතයුතු යැ, ශබ්දතෘෂ්ණාව දතයුතු යැ, ගන්‍ධතෘෂ්ණාව දතයුතු යැ, රසතෘෂ්ණාව දතයුතු යැ, ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණාව දතයුතු යැ, ධර්‍මතෘෂ්ණාව දතයුතු යි.

රූපවිතර්‍කය දතයුතු යැ, ශබ්දවිතර්‍කය දතයුතු යැ, ගන්‍ධවිතර්‍කය දතයුතු යැ, රසවිතර්‍කය දතයුතු යැ, ස්ප්‍රෂ්ටව්‍යවිතර්‍කය දතයුතු යැ, ධර්‍මවිතර්‍කය දතයුතු යි.

රූපවිචාරය දතයුතු යැ. ශබ්දවිචාරය දතයුතු යැ. ගන්‍ධ චාරය දතයුතු යැ. රසවිචාරය දතයුතු යැ. ස්ප්‍රෂ්ටව්‍යවිචාරය දතයුතු යැ. ධර්‍මවිචාරය දතයුතු යි.

පෘථිවිධාතුව දතයුතු යැ. අබ්ධාතුව දතයුතු යැ. තෙජොධාතුව දතයුතු යැ. වායුධාතුව දතයුතු යැ. ආකාශධාතුව දතයුතු යැ. විඥානධාතුව දතයුතු යි.

පඨවිකසිණය දතයුතු යැ. ආපොකසිණය දතයුතු යැ. තෙජොකසිණය දතයුතු යැ. වායොකසිණය දතයුතු යැ. නීලකසිණය දතයුතු යැ. පීතකසිණය දතයුතු යැ. ලොහිතකසිණය දතයුතු යැ. ඔදාතකසිණය දතයුතු යැ. ආකාසකසිණය දතයුතු යැ. විඤ්ඤාණකසිණය දතයුතු යී.

කෙස් දතයුතු යැ. ලොම් දතයුතු යැ. නිය දතයුතු යැ. දත් දතයුතු යැ. සම් දතයුතු යැ. මස් දතයුතු යැ. නහර දතයුතු යැ. ඇට දතයුතු යැ. ඇටමිදුළු දතයුතු යැ. වකුගඩුව දතයුතු යැ. හදවත් දතයුතු යැ. අක්මාව දතයුතු යැ. දළබුව දතයුතු යැ. බඩදිව දතයුතු යැ. පපුමස දතයුතු යැ. අතුනු දතයුතු යැ. අතුනුබහන් දතයුතු යැ. නො පැසුණු අහර (උදරිය) දතයුතු යැ. පැසුණු අහර (කරීස) දතයුතු යැ. පිත් දතයුතු යැ. සෙම් දතයුතු යැ. පූයා දතයුතු යැ. ලෙහෙ දතයුතු යැ. සෝදිය දතයුතු යැ. මෙදතෙල් දතයුතු යැ. කඳුළු දතයුතු යැ. වුරුණු තෙල් දතයුතු යැ. කෙළ දතයුතු යැ. මුකුණු දතයුතු යැ. සඳමිඳුළු දතයුතු යැ. සුලුදිය දතයුතු යැ. හිස්මුල් දතයුතු යි.

චක්‍ෂුරායතනය දතයුතු යැ. රූපායතනය දතයුතු යැ. ශ්‍රොත්‍රායතනය දතයුතු යැ. ශබ්දායතනය දතයුතු යැ. ඝ්‍රාණායතනය දතයුතු යැ. ගන්‍ධායතනය දතයුතු යැ. ජිහ්වායතනය දතයුතු යැ. රසායතනය දතයුතු යැ. කායායතනය දතයුතු යැ. ස්ප්‍රෂ්ටව්‍යායතනය දතයුතු යැ. මනායතනය දතයුතු යැ. ධර්‍මායතනය දතයුතු යි.

චක්‍ෂුර්‍ධාතුව දතයුතු යැ. රූපධාතුව දතයුතු යැ. චක්‍ෂූර්විඥාන ධාතුව දතයුතු යැ. ශ්‍රොත්‍රධාතුව දතයුතු යැ. ශබ්දධාතුව දතයුතු යැ. ශ්‍රොත්‍ර‍විඥානධාතුව දතයුතු යැ. ඝ්‍රාණධාතුව දතයුතු යැ. ගන්‍ධධාතුව දතයුතු ය. ඝ්‍රාණවිඥානධාතුව දතයුතු යැ. ජිව්හාධාතුව දතයුතු යැ. රසධාතුව දතයුතු යැ. ජිහ්වාවිඥානධාතුව දතයුතු යැ. කායධාතුව දතයුතු යැ. ස්ප්‍රෂ්ටව්‍යධාතුව දතයුතු යැ. කායවිඥානධාතුව දතයුතු යැ. මනොධාතුව දතයුතු යැ. ධර්‍මධාතුව දතයුතු යැ. මනොවිඥානධාතුව දතයුතු යි.

චක්‍ෂුරින්‍ද්‍රිය දතයුතු යැ. ශ්‍රොත්‍රෙන්‍ද්‍රිය දතයුතු යැ. ඝ්‍රාණෙන්‍ද්‍රිය දතයුතු යැ. ජිහ්වෙන්ද්‍රිය දතයුතු යැ. කායෙන්‍ද්‍රිය දතයුතු යැ. මනින්‍ද්‍රිය දතයුතු යැ. ජිවිතෙන්‍ද්‍රිය දතයුතු යැ. ස්ත්‍රීන්‍ද්‍රිය දතයුතු යැ. පුරුෂෙන්‍ද්‍රිය දතයුතු යැ. සුඛෙන්‍ද්‍රිය දතයුතු යැ. දුඃඛෙන්‍ද්‍රිය දතයුතු යැ, සොමනස්සින්‍ද්‍රිය දතයුතු යැ. දොමනස්සින්‍ද්‍රිය දතයුතු යැ. උපෙක්ඛින්‍ද්‍රිය දතයුතු යැ. සද්ධින්‍ද්‍රිය දතයුතු යැ. විරියින්‍ද්‍රිය දතයුතු යැ. සතින්‍ද්‍රිය දතයුතු යැ. සමාධින්‍ද්‍රිය දතයුතු යැ. පඤ්ඤින්‍ද්‍රිය දතයුතු යැ. අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්‍ද්‍රිය දතයුතු යැ, අඤ්ඤින්‍ද්‍රිය දතයුතු යැ, අඤ්ඤාතාවින්‍ද්‍රිය දතයුතු යි.

කාමධාතුව දතයුතු යැ. රූපධාතුව දතයුතු යැ. අරූපධාතුව දතයුතු යැ. කාමභවය දතයුතු යැ. රූපභවය දතයුතු යැ. අරූපභවය දතයුතු යැ. සංඥාභවය දතයුතු යැ. අසංඥාභවය දතයුතු යැ. නෛවසංඥානාසංඥාභවය දතයුතු යැ. එකවොකාරභවය දතයුතු යැ. චතුවොකාරභවය දතයුතු යැ. පඤ්චවොකාරභවය දතයුතු යි.

ප්‍රථමධ්‍යානය දතයුතු යැ. ද්විතීයධ්‍යානය දතයුතු යැ. තෘතීයධ්‍යානය දතයුතු යැ. චතුර්ථධ්‍යානය දතයුතු යැ. මෛත්‍රීචිත්තවිමුක්තිය දතයුතු යැ. කරුණාචිත්තවිමුක්තිය දතයුතු යැ. මෘදුතාචිත්තවිමුක්තිය දතයුතු යැ. උපෙක්‍ෂාචිත්තවිමුක්තිය දතයුතු යැ. ආකාසානඤ්චායතන සමාපත්තිය දතයුතු යැ. විඤ්ඤාණඤ්චායතනසමාපත්තිය දතයුතු යැ. ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිය දතයුතු යැ. නෙවසඤ්ඤානසඤ්ඤායතනසමාපත්තිය දතයුතු යි.

අවිද්‍යාව දතයුතු යැ. සංස්කාරයෝ දතයුත්තාහ. විඥානය දතයුතු යැ. නාමරූපය දතයුතු යැ. ෂඩායතනය දතයුතු යැ. ස්පර්‍ශය දතයුතු යැ. වෙදනාව දතයුතු යැ. තෘෂ්ණාව දතයුතු යැ. උපාදානය දතයුතු යැ. භවය දතයුතු යැ. ජාතිය දතයුතු යැ. ජරාමරණ දතයුතු යි.

දුඃඛය දතයුතු යැ. දුඃඛසමුදය දතයුතු යැ. දුඃඛනිරොධය දතයුතු යැ. දුඃඛනිරොධගාමිනී ප්‍රතිපදා දතයුතු යැ. රූපය දතයුතු යැ. රූපසමුදය දතයුතු යැ. රූපනිරොධය දතයුතු යැ. රූපනිරොධගාමිනී ප්‍රතිපදා දතයුතු යැ.

වෙදනාව දතයුතු යැ … සංඥාව දතයුතු යැ ... සංස්කාරයෝ දතයුත්තාහ ... විඥානය දතයුතු යි ...

චක‍්‍ෂුස දතයුතු යැ ... ජරාමරණ දතයුතු යැ. ජරාමරණසමුදය දතයුතු යැ. ජරාමරණනිරොධය දතයුතු යැ. ජරාමරණනිරොධගාමිනී ප්‍රතිපදා දතයුතු යි.

දුඃඛයාගේ පරිඥාර්‍ත්‍ථය දතයුතු යැ. දුඃඛසමුදයාගේ ප්‍රහාණාර්‍ත්‍ථය දතයුතු යැ. දුඃඛනිරොධයාගේ සාක්‍ෂාත්ක්‍රියාර්‍ත්‍ථය දතයුතු යැ. දුඃඛනිරොධගාමිනීප්‍රතිපදාවගේ භාවනාර්‍ත්‍ථය දතයුතු යි.

රූපයාගේ පරිඥාර්‍ත්‍ථය දතයුතු යැ. රූපසමුයාගේ ප්‍රහාණාර්‍ත්‍ථය දතයුතු යැ. රූපනිරොධයාගේ සාක්‍ෂාත්ක්‍රියාර්‍ත්‍ථය දතයුතු යැ. රූපනිරොධගාමිනී ප්‍රතිපදාවගේ භාවනාර්‍ත්‍ථය දතයුතු යි.

වෙදනාවගේ ... සංඥාවගේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ ... චක්‍ෂුස්හුගේ ... ජරාමරණයාගේ පරිඥාර්‍ත්‍ථය දතයුතු යැ. ජරාමරණසමුදයාගේ ප්‍රහාණාර්‍ත්‍ථය දතයුතු යැ. ජරාමරණනිරොධයාගේ සාක‍්ෂාත්ක්‍රියාර්‍ත්‍ථය දතයුතු යැ. ජරාමරණනිරොධගාමිනීප්‍රතිපදාවගේ භාවනාර්‍ත්‍ථය දතයුතු යි.

දුඃඛයාගේ පරිඥාප්‍රතිවෙධාර්‍ත්‍ථය දත යුතු යැ. දුඃඛසමුදයාගේ ප්‍රහාණප්‍රතිවෙධාර්‍ත්‍ථය දතයුතු යැ. දුඃඛනිරොධයාගේ සාක‍්ෂාත්ක්‍රියාප්‍රතිවෙධාර්‍ත්‍ථය දතයුතු යැ. දුඃඛනිරොධගාමිනීප්‍රතිපදාවගේ භාවනාප්‍රතිවෙධාර්‍ත්‍ථය දතයුතු යි.

රූපයාගේ පරිඥාප්‍රතිවෙධාර්‍ත්‍ථය දත යුතු යැ. රූපසමුදයාගේ ප්‍රහාණප්‍රතිවෙධාර්‍ත්‍ථය දතයුතු යැ. රූපනිරොධයාගේ සාක‍්ෂාත්ක්‍රියාප්‍රතිවෙධාර්‍ත්‍ථය දතයුතු යැ. රූපනිරොධගාමිනීප්‍රතිපදාවගේ භාවනාප්‍රතිවෙධාර්‍ත්‍ථය දතයුතු යි.

වෙදනාවගේ ... සංඥාවගේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ ... චක්‍ෂුස්හුගේ ... ජරාමරණයාගේ ... පරිඥාප්‍රතිවෙධාර්‍ත්‍ථය දතයුතු යැ. ජරාමරණසමුදයාගේ ප්‍රහාණප්‍රතිවෙධාර්‍ත්‍ථය දතයුතු යැ. ජරාමරණනිරොධයාගේ සාක‍්ෂාත්ක්‍රියාප්‍රතිවෙධාර්‍ත්‍ථය දතයුතු යැ. ජරාමරණනිරොධගාමිනීප්‍රතිපදාවගේ භාවනාප්‍රතිවෙධාර්‍ත්‍ථය දතයුතු යි.

දුඃඛය දතයුතු යැ. දුඃඛසමුදය දතයුතු යැ. දුඃඛනිරොධය දතයුතු යැ. දුඃඛයාගේ සමුදයනිරොධය දතයුතු යැ. දුඃඛයාගේ ඡන්දරාග නිරොධය දතයුතු යැ. දුඃඛයාගේ ආස්වාදය දතයුතු යැ. දුඃඛයාගේ ආදීනවය දතයුතු යැ. දුඃඛයාගේ නිස්සරණය දතයුතු යි.

රූපය දතයුතු යැ. රූපසමුදය දතයුතු යැ. රූපනිරොධය දත යුතු යැ. රූපයාගේ සමුදයනිරොධය දතයුතු යැ. රූපයාගේ ඡන්දරාගනිරොධය දතයුතු යැ. රූපයාගේ ආස්වාදය දතයුතු යැ. රූපයාගේ ආදීනවය දතයුතු යැ. රූපයාගේ නිස්සරණය දතයුතු යි.

වෙදනාව දතයුතු යැ. ... සංඥාව දතයුතු යැ. ... සංස්කාරයෝ දතයුත්තාහ. ... විඥානය දතයුතු යැ. ... චක්‍ෂුස දතයුතු යැ. ... ජරාමරණ දතයුතු යැ. ජරාමරණසමුදය දතයුතු යැ. ජරාමරණනිරොධය දතයුතු යැ. ජරාමරණයාගේ සමුදයනිරොධය දතයුතු යැ. ජරාමරණයාගේ ඡන්දරාගනිරොධය දතයුතු යැ. ජරාමරණයාගේ ආස්වාදය දතයුතු යැ. ජරාමරණයාගේ ආදීනවය දතයුතු යැ. ජරාමරණයාගේ නිස්සරණය දතයුතු යි.

දුඃඛය දතයුතු යැ. දුඃඛසමුදය දතයුතු යැ. දුඃඛනිරොධය දතයුතු යැ. දුඃඛනිරොධගාමිනීප්‍රතිපදා දතයුතු යැ. දුඃඛයාගේ ආස්වාදය දතයුතු යැ. දුඃඛයාගේ ආදීනවය දතයුතු යැ. දුඃඛයාගේ නිස්සරණය දතයුතු යි.

රූපය දතයුතු යැ. රූපසමුදය දතයුතු යැ. රූපනිරොධය දතයුතු යැ. රූපනිරොධගාමිනීප්‍රතිපදාව දතයුතු යැ. රූපයාගේ ආස්වාදය දතයුතු යැ. රූපයාගේ ආදීනවය දතයුතු යැ. රූපයාගේ නිස්සරණ දතයුතු යි.

වෙදනාව දතයුතු යැ ... සංඥාව දතයුතු යැ ... සංස්කාරයෝ දතයුත්තාහ ... විඥානය දතයුතු යැ ... චක්‍ෂුස දතයුතු යැ ... ජරාමරණ දතයුතු යැ ... ජරාමරණසමුදය දතයුතු යැ ... ජරාමරණනිරොධය දතයුතු යැ. ජරාමරණනිරොධගාමිනීප්‍රතිපදාව දතයුතු යැ. ජරාමරණයාගේ ආස්වාදය දතයුතු යැ. ජරාමරණයාගේ ආදීනවය දතයුතු යැ. ... ජරාමරණයාගේ නිස්සරණය දතයුතු යි.

අනිච්චානුපස්සනාව දතයුතු යැ. දුක්ඛානුපස්සනාව දතයුතු යැ.අනත්තානුපස්සනාව දතයුතු යැ. නිබ්බිදානුපස්සනාව දතයුතු යැ. විරාගානුපස්සනාව දතයුතු යැ. නිරොධානුපස්සනාව දතයුතු යැ. පටිනිස්සග්ගානුපස්සනාව දතයුතු යි.

රූපයෙහි අනිච්චානුපස්සනාව දතයුතු යැ. රූපයෙහි දුක්ඛානුපස්සනාව දතයුතු යැ. රූපයෙහි අනත්තානුපස්සනාව දතයුතු යැ.රූපයෙහි නිබ්බිදානුපස්සනාව දතයුතු යැ. රූපයෙහි විරාගානුපස්සනාව දතයුතු යැ. රූපයෙහි නිරොධානුපස්සනාව දතයුතු යැ. රූපයෙහි පටිනිස්සග්ගානුපස්සනාව දතයුතු යි.

වෙදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයන්හි .... චක්‍ෂුසෙහි ... ජරාමරණයෙහි අනිච්චානුපස්සනාව දතයුතු යැ. ජරාමරණයෙහි දුඃඛානුපස්සනාව දතයුතු යැ. ජරාමරණයෙහි අනත්තානුපස්සනාව දතයුතු යැ. ජරාමරණයෙහි නිබ්බිදානුපස්සනාව දතයුතු යැ. ජරාමරණයෙහි විරාගානුපස්සනාව දතයුතු යැ. ජරාමරණයෙහි නිරොධානුපස්සනාව දතයුතු යැ. ජරාමරණයෙහි පටිනිස්සග්ගානුපස්සනාව දතයුතු යි.

පූර්‍වකර්‍මප්‍රත්‍යයෙන් මෙහි ඉපැදීම දතයුතු යැ. (උපන්හුගේ) පැවැත්ම දතයුතු යැ. සංස්කාරනිමිත්ත දතයුතු යැ. ආයතිප්‍රතිසන්‍ධිහෙතු වු කර්‍මය දතයුතු යැ. ප්‍රතිසන්‍ධිය දතයුතු යැ. ගතිය දතයුතු යැ. ස්කන්‍ධයන්ගේ නිපැත්ම දතයුතු යැ. විපාකප්‍රවෘත්තිය දතයුතු යැ. ජාතිය දතයුතු යැ. ජරාව දතයුතු යැ. ව්‍යාධිය දතයුතු යැ. මරණය දතයුතු යැ. ශොකය දතයුතු යැ. පරිදෙවය දතයුතු යැ. උපායාසය දතයුතු යි.

අනුත්පාදය දතයුතු යැ. අප්‍රවෘත්තිය දතයුතු යැ. අනිමිත්ත දතයුතු යැ. අනායූහනය දතයුතු යැ. අප්‍රතිසන්‍ධිය දතයුතු යැ. අගතිය දතයුතු යැ. නො නිපැත්ම දතයුතු යැ. විපාකයාගේ නො පැවැත්ම දතයුතු යැ. නො පහළවීම දතයුතු යැ. නො දිරීම දතයුතු යැ. අව්‍යාධිය දතයුතු යැ. නො මැරීම දතයුතු යැ. ශොක නො කිරීම දතයුතු යැ. නො වැලපීම දතයුතු යැ. අනුපායාසය දතයුතු යි.

උත්පාදය දතයුතු යැ. අනුත්පාදය දතයුතු යැ. පැවැත්ම දතයුතු යැ. නො පැවැත්ම දතයුතු යැ. සංස්කාරනිමිත්ත දතයුතු යැ. අනිමිත්ත දතයුතු යැ. කර්‍මායූහනය දතයුතු යැ. අනායූහනය දතයුතු යැ. ප්‍රතිසන්‍ධිය දතයුතු යැ. අප්‍රතිසන්‍ධිය දතයුතු යැ. ගතිය දතයුතු යැ. අගතිය දතයුතු යැ. නිර්‍වෘත්තිය දතයුතු යැ. අනිර්‍වෘත්තිය දතයුතු යැ. උපප්‍රාප්තිය දතයුතු යැ. අනුපප්‍රාප්තිය දතයුතු යැ. ජාතිය දතයුතු යැ. අජාතිය දතයුතු යැ. ජරාව දතයුතු යැ. අජරාව දතයුතු යැ. ව්‍යාධිය දතයුතු යැ. අව්‍යාධිය දතයුතු යැ. මරණය දතයුතු යැ. අමරණය දතයුතු යැ. ශොකය දතයුතු යැ. අශොකය දතයුතු යැ. පරිදෙවය දතයුතු යැ. අපරිදෙවය දතයුතු යැ. උපායාසය දතයුතු යැ. අනුපායාසය දතයුතු යි..

උත්පාදය දුකැ යි දතයුතු යැ. ප්‍රවෘත්තිය දුක යි දතයුතු යැ. සඞ්ඛාරනිමිත්ත දුකැ යි දතයුතු යැ. කර්‍මායූහනය දුකැ යි දතයුතු යැ. ප්‍රතිසන්‍ධිය දුකැ යි දතයුතු යැ. ගතිය දුකැ යි දතයුතු යැ. නිර්‍වෘත්තිය දුකැ යි දතයුතු යැ. උප්ප්‍රාප්තිය දුකැ යි දතයුතු යැ. ජාතිය දුකැ යි දතයුතු යැ. ජරාව දුකැ යි දතයුතු යැ. ව්‍යාධිය දුකැ යි දතයුතු යැ. මරණය දුකැ යි දතයුතු යැ. ශොකය දුකැ යි දතයුතු යැ. පරිදෙවය දුක යි දතයුතු යැ. උපායාසය දුකැ යි දතයුතු යි.

අනුත්පාදය සුඛ යැ යි දතයුතු යැ. අප්‍රවෘත්තිය සුඛ යැ යි දතයුතු යැ. අනිමිත්ත සුඛ යැ යි දතයුතු යැ. අනායූහනය සුඛ යැ යි දතයුතු යැ. අප්‍රතිසන්‍ධිය සුඛ යැ යි දතයුතු යැ. අගතිය සුඛ යැ යි දතයුතු යැ. අනිර්‍වෘත්තිය සුඛ යැ යි දතයුතු යැ. අනුපප්‍රාප්තිය සුඛ යැ යි දතයුතු යැ. අජාතිය සුඛ යැ යි දතයුතු යැ. අජරාව සුඛ යැ යි දතයුතු යැ. අව්‍යාධිය සුඛ යැ යි දතයුතු යැ. අමරණය සුඛ යැ යි දතයුතු යැ. අශොකය සුඛ යැ යි දතයුතු යැ. අපරිදෙවය සුඛ යැ යි දතයුතු යැ. අනුපායාසය සුඛ යැ යි දතයුතු යි.

උත්පාදය දුක යැ අනුත්පාදය සුඛ යැ යි දතයුතු යැ. ප්‍රවෘත්තිය දුක යැ අප්‍රවෘත්තිය සුඛ යැ යි දතයුතු යැ. සංස්කාරනිමිත්ත දුක යැ අනිමිත්ත සුඛ යැ යි දතයුතු යැ. කර්‍මායූහනය දුක යැ අනායූහනය සුඛ යැ යි දතයුතු යැ. ප්‍රතිසන්‍ධිය දුක යැ අප්‍රතිසන්‍ධිය සුඛ යැ යි දතයුතු යැ. ගතිය දුක යැ අගතිය සුඛ යැ යි දතයුතු යැ. නිර්‍වෘත්තිය දුක යැ අනිර්‍වෘත්තිය සුඛ යැ යි දතයුතු යැ. උපප්‍රාප්තිය දුක යැ අනුපප්‍රාප්තිය සුඛ යැ යි දතයුතු යැ. ජාතිය දුක යැ අජාතිය සුඛ යැ යි දතයුතු යැ. ජරාව දුක යැ අජරාව සුඛ යැ යි දතයුතු යැ. ව්‍යාධිය දුක යැ අව්‍යාධිය සුඛ යැ යි දතයුතු යැ. මරණය දුක යැ අමරණය සුඛ යැ යි දතයුතු යැ. ශොකය දුක යැ අශොකය සුඛ යැ යි දතයුතු යැ. පරිදෙවය දුක යැ අපරිදෙවය සුඛ යැ යි දතයුතු යැ. උපායාසය දුක යැ අනුපායාසය සුඛ යැ යි දතයුතු යි.

උත්පාදය බියෙකැ යි දතයුතු යැ. ප්‍රවෘත්තිය බියෙකැ යි දතයුතු යැ. සංස්කාරනිමිත්ත බියෙකැයි දතයුතු යැ. කර්‍මායූහනය බියෙකැ යි දතයුතු යැ. ප්‍රතිසන්‍ධිය බියෙකැ යි දතයුතු යැ. ගතිය බියෙකැ යි දතයුතු යැ. නිර්‍වෘත්තිය බියෙකැ යි දතයුතු යැ. උපප්‍රාප්තිය බියෙකැ යි දතයුතු යැ. ජාතිය බියෙකැයි දතයුතු යැ. ජරාව බියෙකැ යි දතයුතු යැ. ව්‍යාධිය බියෙකැ යි දතයුතු යැ. මරණය බියෙකැ යි දතයුතු යැ. ශොකය බියෙකැයි දතයුතු යැ. පරිදෙවය බියෙකැ යි දතයුතු යැ. උපායාසය බියෙකැ යි දතයුතු යි.

අනුත්පාදය ක්‍ෂෙම යැ යි දතයුතු යැ. අප්‍රවෘත්තිය ක්‍ෂෙම යැ යි දතයුතු යැ. අනිමිත්ත ක්‍ෂෙම යැ යි දතයුතු යැ. අනායූහනය ක්‍ෂෙම යැ යි දතයුතු යැ. අප්‍රතිසන්‍ධිය ක්‍ෂෙම යැ යි දතයුතු යැ. අගතිය ක්‍ෂෙම යැ යි දතයුතු යැ. අනිර්‍වෘත්තිය ක්‍ෂෙම යැ යි දතයුතු යැ. අනුප්ප්‍රාප්තිය ක්‍ෂෙම යැ යි දතයුතු යැ. අජාතිය ක්‍ෂෙම යැ යි දතයුතු යැ. අජරාව ක්‍ෂෙම යැ යි දතයුතු යැ. අව්‍යාධිය ක්‍ෂෙම යැ යි දතයුතු යැ. අමරණය ක්‍ෂෙම යැ යි දතයුතු යැ. අශොකය ක්‍ෂෙම යැ යි දතයුතු යැ. අපරිදෙවය ක්‍ෂෙම යැ යි දතයුතු යැ. අනුපායාසය ක්‍ෂෙම යැ යි දතයුතු යි.

උත්පාදය බියෙකැ අනුපාදය ක්‍ෂෙම යැ යි දතයුතු යැ. ප්‍රවෘත්තිය බියෙකැ අප්‍රවෘත්තිය ක්‍ෂෙම යැ යි දතයුතු යැ. සංස්කාරනිමිත්ත බියෙකැ අනිමිත්ත ක්‍ෂෙම යැ යි දතයුතු යැ. ආයූහනය බියෙකැ අනායූහනය ක්‍ෂෙම යැ යි දතයුතු යැ. ප්‍රතිසන්‍ධිය බියෙකැ අප්‍රතිසන්‍ධිය ක්‍ෂෙම යැ යි දතයුතු යැ. ගතිය බියෙකැ අගතිය ක්‍ෂෙම යැ යි දතයුතු යැ. නිර්‍වෘත්තිය බියෙකැ අනිර්‍වෘත්තිය ක්‍ෂෙම යැ යි දතයුතු යැ. උපප්‍රාත්තිය බියෙකැ අනුපප්‍රාප්තිය ක්‍ෂෙම යැ යි දතයුතු යැ. ජාතිය බියෙකැ අජාතිය ක්‍ෂෙම යැ යි දතයුතු යැ. ජරාව බියෙකැ අජරාව ක්‍ෂෙම යැ යි දතයුතු යැ. ව්‍යාධිය බියෙකැ අව්‍යාධිය ක්‍ෂෙම යැ යි දතයුතු යැ. මරණය බියෙකැ අමරණය ක්‍ෂෙම යැ යි දතයුතු යැ. ශොකය බියෙකැ අශොකය ක්‍ෂෙම යැ යි දතයුතු යැ. පරිදෙවය බියෙකැ අපරිදෙවය ක්‍ෂෙම යැ යි දතයුතු යැ. උපායාසය බියෙකැ අනුපායාසය ක්‍ෂෙම යැ යි දතයුතු යි.

උත්පාදය වට්ටාමිස ලොකාමිස සහිත බැවින් සාමිස යැයි දතයුතු යැ. ප්‍රවෘත්තිය සාමිස යැයි දතයුතු යැ. සංස්කාරනිමිත්ත සාමිස යැයි දතයුතු යැ. ආයූහනය සාමිස යැ යි දතයුතු යැ. ප්‍රතිසන්‍ධිය සාමිස යැයි දතයුතු යැ. ගතිය සාමිස යැයි දතයුතු යැ. නිර්‍වෘත්තිය සාමිස යැයි දතයුතු යැ. උපප්‍රාප්තිය සාමිස යැයි දතයුතු යැ. ජාතිය සාමිස යැයි දතයුතු යැ. ජරාව සාමිස යැයි දතයුතු යැ. ව්‍යාධිය සාමිස යැයි දතයුතු යැ. මරණය සාමිස යැයි දතයුතු යැ. ශොකය සාමිස යැයි දතයුතු යැ. පරිදෙවය සාමිස යැයි දතයුතු යැ. උපායාසය සාමිස යැයි දතයුතු යි.

අනුත්පාදය නිරාමිස යැ යි දතයුතු යැ. අප්‍රවෘත්තිය නිරාමිස යැ යි දතයුතු යැ. අනිමිත්ත නිරාමිස යැ යි දතයුතු යැ. අනායූහනය නිරාමිස යැ යි දතයුතු යැ. අප්‍රතිසන්‍ධිය නිරාමිස යැ යි දතයුතු යැ. අගතිය නිරාමිස යැ යි දතයුතු යැ. නො නිපැත්ම නිරාමිස යැ යි දතයුතු යැ. අනුපප්‍රාප්තිය නිරාමිස යැ යි දතයුතු යැ. අජාතිය නිරාමිස යැ යි දතයුතු යැ. අජරාව නිරාමිස යැ යි දතයුතු යැ. අව්‍යාධිය නිරාමිස යැ යි දතයුතු යැ. අමරණය නිරාමිස යැ යි දතයුතු යැ. අශොකය නිරාමිස යැ යි දතයුතු යැ. අපරිදෙවය නිරාමිස යැ යි දතයුතු යැ. අනුපායාසය නිරාමිස යැ යි දතයුතු යි.

උත්පාදය සාමිස යැ අනුත්පාදය නිරාමිස යැ යි දතයුතු යැ. ප්‍රවෘත්තිය සාමිස යැ අප්‍රවෘත්තිය නිරාමිස යැ යි දතයුතු යැ. සංස්කාරනිමිත්ත සාමිස යැ අනිමිත්ත නිරාමිස යැ යි දතයුතු යැ. ආයූහනය සාමිස යැ අනායූහනය නිරාමිස යැ යි දතයුතු යැ. ප්‍රතිසන්‍ධිය සාමිස යැ, අප්‍රතිසන්‍ධිය නිරාමිස යැ යි දතයුතු යැ. ගතිය සාමිස යැ අගතිය නිරාමිස යැ යි දතයුතු යැ. නිර්‍වෘත්තිය සාමිස යැ අනිර්‍වෘත්තිය නිරාමිස යැ යි දතයුතු යැ. ජාතිය සාමිස යැ අජාතිය නිරාමිස යැ යි දතයුතු යැ. ජරාව සාමිස යැ අජරාව නිරාමිස යැ යි දතයුතු යැ. ව්‍යාධිය සාමිස යැ අව්‍යාධිය නිරාමිස යැ යි දතයුතු යැ. මරණය සාමිස යැ අමරණය නිරාමිස යැ යි දතයුතු යැ. ශොකය සාමිස යැ අශොකය නිරාමිස යැ යි දතයුතු යැ. පරිදෙවය සාමිස යැ අපරිදෙවය නිරාමිස යැ යි දතයුතු යැ. උපායාසය සාමිස යැ අනුපායාසය නිරාමිස යැ යි දතයුතු යි.

උත්පාදය සංස්කාරහ යි දතයුතු යැ. ප්‍රවෘත්තිය සංස්කාරහ යි දතයුතු යැ. නිමිත්ත සංස්කාරහ යි දතයුතු යැ. ආයූහනය සංස්කාරහ යි දතයුතු යැ. ප්‍රතිසන්‍ධිය සංස්කාරහ යි දතයුතු යැ. ගතිය සංස්කාරහ යි දතයුතු යැ. නිර්‍වෘත්තිය සංස්කාරහ යි දතයුතු යැ. උපප්‍රාප්තිය සංස්කාරහ යි දතයුතු යැ. ජාතිය සංස්කාරහ යි දතයුතු යැ. ජරාව සංස්කාරහ යි දතයුතු යැ. ව්‍යාධිය සංස්කාරහ යි දතයුතු යැ. මරණය සංස්කාරහ යි දතයුතු යැ. ශොකය සංස්කාරහ යි දතයුතු යැ. පරිදෙවය සංස්කාරහ යි දතයුතු යැ. උපායාසය සංස්කාරහ යි දතයුතු යි.

අනුත්පාදය නිර්‍වාණ යැ යි දතයුතු යැ. අප්‍රවෘත්තිය නිර්‍වාණ යැ යි දතයුතු යැ. අනිමිත්ත නිර්‍වාණ යැ යි දතයුතු යැ. අනායූහනය නිර්‍වාණ යැ යි දතයුතු යැ. අප්‍රතිසන්‍ධිය නිර්‍වාණ යැ යි දතයුතු යැ. අගතිය නිර්‍වාණ යැ යි දතයුතු යැ. අනිර්‍වෘත්තිය නිර්‍වාණ යැ යි දතයුතු යැ. අනුපප්‍රාප්තිය නිර්‍වාණ යැ යි දතයුතු යැ. අජාතිය නිර්‍වාණ යැ යි දතයුතු යැ. අජරාව නිර්‍වාණ යැ යි දතයුතු යැ. අව්‍යාධිය නිර්‍වාණ යැ යි දතයුතු යැ. අමරණය නිර්‍වාණ යැ යි දතයුතු යැ. අශොකය නිර්‍වාණ යැ යි දතයුතු යැ. අපරිදෙවය නිර්‍වාණ යැ යි දතයුතු යැ. අනුපායාසය නිර්‍වාණ යැ යි දතයුතු යි.

උත්පාදය සංස්කාරයහ අනුත්පාදය නිවනැ යි දතයුතු යැ. ප්‍රවෘත්තිය සංස්කාරයහ අප්‍රවෘත්තිය නිවනැ යි දතයුතු යැ. නිමිත්ත සංස්කාරයහ අනිමිත්ත නිවනැ යි දතයුතු යැ. ආයූහනය සංස්කාරයහ අනායූහනය නිවනැ යි දතයුතු යැ. ප්‍රතිසන්‍ධිය සංස්කාරයහ අප්‍රතිසන්‍ධිය නිවනැ යි දතයුතු යැ. ගතිය සංස්කාරයහ අගතිය නිවනැයි දතයුතු යැ. නිර්‍වෘත්තිය සංස්කාරයහ. අනිර්‍වෘත්තිය නිවනැ යි දතයුතු යැ. උපප්‍රාප්තිය සංස්කාරයහ අනුපප්‍රාප්තිය නිවනැ යි දතයුතු යැ. ජාතිය සංස්කාරයහ අජාතිය නිවනැ යි දතයුතු යැ. ජරාව සංස්කාරයහ අජරාව නිවනැ යි දතයුතු යැ. ව්‍යාධිය සංස්කාරයහ අව්‍යාධිය නිවනැ යි දතයුතු යැ. මරණය සංස්කාරයහ අමරණය නිවනැ යි දතයුතු යැ. ශොකය සංස්කාරයහ අශොකය නිවනැ යි දතයුතු යැ. පරිදෙවය සංස්කාරයහ අපරිදෙවය නිවනැ යි දත යුතු යැ. උපායාසය සංස්කාරයහ අනුපායාසය නිවනැ යි දතයුතු යි.

පළමු වන බණවරයි

පරිග්‍රහාර්‍ත්‍ථය (ආර්‍ය්‍යමාර්‍ගසම්ප්‍රයුක්තධර්‍මයන් පරිග්‍රහණය කරන බව) දතයුතු යැ. (අන්‍යොන්‍ය) පරිවාරාර්‍ත්‍ථය දතයුතු යැ. (භාවනායෙන්) වැඩීම් වශයෙන් පරිපූරාර්‍ත්‍ථය ගතයුතු යැ. (සමාධි අරමුණෙහි) ඒකාග්‍රාර්‍ත්‍ථය දතයුතු යැ. අවික්‍ෂාපාර්‍ත්‍ථය දතයුතු යැ. (වීර්‍ය්‍යවශයෙන්) ප්‍රග්‍රහාර්‍ත්‍ථය දතයුතු යැ. (අරමුණෙහි නො විසිරෙන) අවිසාරාර්‍ත්‍ථය දතයුතු යැ. (නො කැළඹුණු හෙයින්) අනාවිලාර්‍ත්‍ථය දතයුතු යැ. (අවිකම්පිත හෙයින්) අනිඤ්ජනාර්‍ත්‍ථය දතයුතු යැ. ඒකත්‍වයෙහි පිහිටා සිටීම් වශයෙන් චිත්තයාගේ ස්ථිතාර්‍ත්‍ථය දතයුතු යැ. ආලම්බනාර්‍ත්‍ථය දතයුතු යැ. ගොචරාර්‍ත්‍ථය දතයුතු යැ. ප්‍රහාණාර්‍ත්‍ථය දතයුතු යැ. පරිත්‍යාගාර්‍ත්‍ථය දතයුතු යැ. (දුභතොවුට්ඨාන වශයෙන්) ව්‍යුත්‍ථානාර්‍ත්‍ථය දතයුතු යැ. නිවර්‍තනාර්‍ත්‍ථය දතයුතු යැ. ශාන්තාර්‍ත්‍ථය දතයුතු යැ. ප්‍රණීතාර්‍ත්‍ථය දතයුතු යැ. විමුක්තාර්‍ත්‍ථය දතයුතු යැ. අනාස්‍ර‍වාර්‍ත්‍ථය දතයුතු යැ. තරණාර්‍ත්‍ථය දතයුතු යැ. අනිමිත්තාර්‍ත්‍ථය දතයුතු යැ. අප්‍රණීහිතාර්‍ත්‍ථය දතයුතු යැ. ශූන්‍යතාර්‍ත්‍ථය දතයුතු යැ. එකරසාර්‍ත්‍ථය දතයුතු යැ. අනතිවර්‍තනාර්‍ත්‍ථය දතයුතු යැ. යුගනන්‍ධාර්‍ත්‍ථය දතයුතු යැ. නෛර්‍ය්‍යාණාර්‍ත්‍ථය දතයුතු යැ. හෙත්‍වර්‍ත්‍ථය දතයුතු යැ. දර්‍ශනාර්‍ත්‍ථය දතයුතු යැ. අධිපතිභාවාර්‍ත්‍ථය දතයුතු යි.

ශමථයාගේ අවික්‍ෂෙපාර්‍ත්‍ථය (අවික්‍ෂෙප ස්වභාවය) දතයුතු යැ. විදර්‍ශනාවගේ අනුපස්සනාර්‍ත්‍ථය දතයුතු යැ. ශමථවිදර්‍ශනාවන්ගේ එකරසාර්‍ත්‍ථය දතයුතු යැ. යුගනන්‍ධයාගේ අනතිවර්‍තනාර්‍ත්‍ථය දතයුතු යි.

ශික්‍ෂාවගේ සමාදානාර්‍ත්‍ථය දතයුතු යැ. අලම්බනයාගේ ගොචරාර්‍ත්‍ථය දතයුතු යැ. ලීනචිත්තයාගේ ප්‍රග්‍රහාර්‍ත්‍ථය දතයුතු යැ. උද්ධත චිත්තයාගේ නිග්‍රහාර්‍ත්‍ථය දතයුතු යැ. ලීනොද්ධත දෙකින් විශුද්ධ (චිත්ත) යන්ගේ අධ්‍යුපෙක්‍ෂණාර්‍ත්‍ථය දතයුතු යැ. විශෙෂාධිගමාර්‍ත්‍ථය දතයුතු යැ. (ආර්‍ය්‍යමාර්‍ගයාගේ) පහළවීම් වශයෙන් උත්තරිප්‍රතිවෙධාර්‍ත්‍ථය දතයුතු යැ. (චතුස්සත්‍යප්‍රතිවෙධ වශයෙන්) සත්‍යාභිසමයාර්‍ත්‍ථය දතයුතු යැ. (ඵලසමාපත්ති වශයෙන්) නිරොධයෙහි ප්‍රතිස්ථාපකාර්ත්ථය දතයුතු යි.

ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ අධිමොක්‍ෂාර්‍ත්‍ථය දතයුතු යැ. වීර්ය්‍යෙන්‍ද්‍රියයාගේ ප්‍රග්‍රහාර්‍ත්‍ථය දතයුතු යැ. සමෘතීන්‍ද්‍රියයාගේ (අරමුණට එළැඹ සිටීම් වශයෙන්) උපස්ථානාර්‍ත්‍ථය දතයුතු යැ. සමාධීන්‍ද්‍රියයාගේ අවික්‍ෂොපාර්‍ත්‍ථය දතයුතු යැ. ප්‍රඥෙන්‍ද්‍රියයාගේ දර්‍ශනාර්‍ත්‍ථය දතයුතු යි.

ශ්‍රද්ධාබලයාගේ අශ්‍රද්ධායෙන් අකම්ප්‍යාර්‍ත්‍ථය දතයුතු යැ. වීර්‍ය්‍යබලයාගේ කුසීදභාවයෙන් අකම්ප්‍යාර්‍ත්‍ථය දතයුතු යැ. ස්මෘතිබලයාගේ ප්‍රමාදයෙන් අකම්ප්‍යාර්‍ත්‍ථය දතයුතු යැ. සමාධිබලයාගේ උද්ධතභාවයෙන් අකම්ප්‍යාර්‍ත්‍ථය දතයුතු යැ. ප්‍රඥාබලයාගේ අවිද්‍යායෙන් අකම්ප්‍යාර්‍ත්‍ථය දතයුතු යි.

ස්මෘතිසම්බොධ්‍යඞ්ගයාගේ උපස්ථානාර්‍ත්‍ථය දතයුතු යැ. ධර්‍මවිචයසම්බොධ්‍යඞ්ගයාගේ (විමසීම් විසින්) ප්‍රවිචයාර්‍ත්‍ථය දතයුතු යැ. වීර්‍ය්‍යසම්බොධ්‍යඞ්ගයාගේ ප්‍රග්‍රහාර්‍ත්‍ථය දතයුතු යැ. ප්‍රීතිසම්බොධ්‍යඞ්ගයාගේ ස්ඵුරණාර්‍ත්‍ථය දතයුතු යැ ප්‍රශ්‍රබ්ධිසම්බොධ්‍යඞ්ගයාගේ ව්‍යුපශමාර්‍ත්‍ථය දත යුතු යැ. සමාධිසම්බොධ්‍යඞ්ගයාගේ අවික්‍ෂෙපාර්‍ත්‍ථය දතයුතු යැ. උපෙක්‍ෂාසම්බොධ්‍යඞ්ගයාගේ ප්‍රතිසංඛානාර්‍ත්‍ථය දතයුතු යි.

සම්‍යග්දෘෂ්ටිහුගේ දර්‍ශනාර්‍ත්‍ථය දතයුතු යැ. සම්‍යක්සංකල්පයාගේ (සිත අරමුණට නැඟිම් විසින්) අභිනිරොපණාර්‍ත්‍ථය දතයුතු යැ. සම්‍යග්වචනයාගේ (වාක්සංවර විසින්) පරිග්‍රහාර්‍ත්‍ථය දතයුතු යැ. සම්‍යක්කර්‍මන්තයාගේ (කායසංවර විසින්) සමුත්‍ථානාර්‍ත්‍ථය දතයුතු යැ. සම්‍යගාජීවයාගේ පරිශුද්ධාර්‍ත්‍ථය දතයුතු යැ. සම්‍යග්ව්‍යායාමයාගේ ප්‍රග්‍රහාර්‍ත්‍ථය දතයුතු යැ. සම්‍යක්ස්මෘතිහුගේ උපස්ථානාර්‍ත්‍ථය දතයුතු යැ. සම්‍යක්සමාධිහුගේ අවික්‍ෂෙපාර්‍ත්‍ථය දතයුතු යි.

ඉන්‍ද්‍රියයන්ගේ අධිපත්‍යර්‍ත්‍ථය දතයුතු යැ. බලයන්ගේ අකම්ප්‍යාර්‍ත්‍ථය දතයුතු යැ. බොධ්‍යඞ්ගයන්ගේ නිර්ය්‍යාණාර්‍ත්‍ථය දතයුතු යැ. මාර්‍ගයාගේ හෙත්‍වර්‍ත්‍ථය දතයුතු යැ. සතිපට්ඨානයන්ගේ (අරමුණෙහි එළැඹ සිටීම් වශයෙන්) උපස්ථානාර්‍ත්‍ථය දතයුතු යැ. සම්‍යක්ප්‍රධානයන්ගේ ප්‍රදහනාර්‍ත්‍ථය දතයුතු යැ. ඍද්ධිපාදයන්ගේ සමෘද්ධ්‍යර්‍ත්‍ථය දතයුතු යැ. සත්‍යයන්ගේ තථාර්‍ත්‍ථය දතයුතු යැ. සතර ආර්‍ය්‍ය මාර්‍ගප්‍රයොගයන්ගේ ප්‍රතිප්‍රශ්‍රබ්ධ්‍යර්‍ත්‍ථය දතයුතු යැ. ඵලයන්ගේ සාක්‍ෂාත්ක්‍රියාර්‍ත්‍ථය දතයුතු යි.

විතර්‍කයාගේ අභිනිරොපණාර්‍ත්‍ථය දතයුතු යැ. විචාරයාගේ අනුමජ්ජතාර්‍ත්‍ථය දතයුතු යැ. ප්‍රීතියගේ විසරණාර්‍ත්‍ථය (පැතිරීම) දතයුතු යැ. සුඛයාගේ අභිසන්‍දන (තෙමීම්) අර්‍ත්‍ථය දතයුතු යැ. චිත්තයාගේ (සමාධි වශයෙන්) ඒකාග්‍රතාර්‍ත්‍ථය දතයුතු යි.

ආවර්‍ජනාර්‍ත්‍ථය දතයුතු යැ. (විඥානයාගේ) විජානනාර්‍ත්‍ථය දතයුතු යැ. (ප්‍රඥාවගේ) ප්‍රජානනාර්‍ත්‍ථය දතයුතු යැ. (සංඥාවගේ) සඤ්ජානනාර්‍ත්‍ථය දතයුතු යැ. (සමාධිහුගේ) ඒකාලම්බනාර්‍ත්‍ථය දතයුතු යැ. අසහාය වූ උදයාර්‍ත්‍ථය දතයුතු යැ. අභිඥා (ඥාතපරිඥා) වගේ ඥාතාර්‍ත්‍ථය දතයුතු යැ. තීරණපරිඥාවගේ (අනිත්‍යාදි වශයෙන්) තීරණාර්‍ත්‍ථය දතයුතු යැ. ප්‍රහාණපරිඥාවගේ (ප්‍රතිපක්‍ෂධර්ම) පරිත්‍යාගාර්‍ත්‍ථය දතයුතු යැ. භාවනාවගේ ඒකරසාර්‍ත්‍ථය දතයුතු යැ. සාක්‍ෂාත්ක්‍රියාවගේ ස්පශ්‍රන (වින්‍දන) අර්‍ත්‍ථය දතයුතු යැ. ස්කන්‍ධයන්ගේ ස්කන්‍ධාර්‍ත්‍ථය දතයුතු යැ. ධාතූන්ගේ(ශූන්‍යාදි) ධාත්‍වර්‍ත්‍ථය දතයුතු යැ. ආයතනයන්ගේ ආයතනාර්‍ත්‍ථය දතයුතු යැ. සඞ්ඛත ධර්‍මයන්ගේ (ප්‍රත්‍යසමවායෙන් කරන ලද විසින්) සඞ්ඛතාර්‍ත්‍ථය දතයුතු යැ. අසඞ්ඛතධාතූහුගේ අසඞ්ඛතාර්‍ත්‍ථය දතයුතු යි.

(චිත්තයාගේ ආරම්මණ චින්තනාදි) චිත්තාර්‍ත්‍ථය දතයුතු යැ. චිත්තයාගේ අනන්තරභාවාර්‍ත්‍ථය දතයුතු යැ. (ගොත්‍රභූ-මාර්‍ග) චිත්තයාගේ (නිමිත්තනිමිත්තප්‍රවෘත්තියෙන්) ව්‍යුත්‍ථානාර්‍ත්‍ථය දතයුතු යැ. චිත්තයාගේ (නිර්‍වාණයෙහි) විවර්‍තනාර්‍ත්‍ථය දතයුතු යැ. චිත්තයාගේ හෙත්‍ථර්ත්ථය දතයුතු යැ. චිත්තයාගේ (වස්ත්‍වාලම්බනාදීන් පිළිබඳ) ප්‍රත්‍යයාර්‍ත්‍ථය දතයුතු යැ. චිත්තයාගේ (චක්‍ෂුරාදි වස්තූන්ට) වස්තුභාවාර්‍ත්‍ථය දතයුතු යැ. චිත්තයාගේ (කාමාවචරාදි) භූම්‍යර්‍ත්‍ථය දතයුතු යැ. චිත්තයාගේ (රූපාදි) ආලම්බනාර්‍ත්‍ථය දතයුතු යැ. චිත්තයාගේ (ආලම්බන) ගොචරාර්‍ත්‍ථය දතයුතු යැ. චිත්තයාගේ චර්‍ය්‍යාර්‍ත්‍ථය දතයුතු යැ. චිත්තයාගේ (දූරසන්තික ආලම්බනග්‍රහණ වශයෙන්) ගතාර්‍ත්‍ථය දතයුතු යැ. චිත්තයාගේ (අරමුණු ගැනීමට) අභිනීහරණාර්‍ත්‍ථය දතයුතු යැ. මාර්‍ගචිත්තයාගේ (වට්ටයෙන්) නිර්‍ය්‍යාණාර්‍ත්‍ථය දතයුතු යැ. චිත්තයාගේ නිස්සරණාර්‍ත්‍ථය දතයුතු යි.

ඒකත්‍වයෙහි (එක් අරමුණෙහි) ආවර්‍ජනාර්‍ත්‍ථය දතයුතු යැ. එකත්‍වයෙහි විජානනාර්‍ත්‍ථය දතයුතු යැ. එකත්‍වයෙහි ප්‍රජානනාර්‍ත්‍ථය දතයුතු යැ. එකත්‍වයෙහි සඤ්ජානනාර්‍ත්‍ථය දතයුතු යැ. එකත්‍වයෙහි එකොදයාර්‍ත්‍ථය දතයුතු යැ. එකත්‍වයෙහි උපනිබන්‍ධානාර්‍ත්‍ථය දතයුතු යැ. එකත්‍වයෙහි (ප්‍රථමධ්‍යාන වශයෙන්) ප්‍රස්කන්දනාර්‍ත්‍ථය දතයුතු යැ. එකත්‍වයෙහි (ද්වීතීයධ්‍යාන වශයෙන්) ප්‍රසීදනාර්‍ත්‍ථය දතයුතු යැ. එකත්‍වයෙහි (තෘතීයධ්‍යාන වශයෙන්) සන්තිට්ඨානාර්‍ත්‍ථය දතයුතු යැ. එකත්‍වයෙහි (චතුර්ථධ්‍යාන වශයෙන්) විමුච්චනාර්‍ත්‍ථය දතයුතු යැ. එකත්‍වයෙහි (ප්‍රත්‍යවෙක්‍ෂා වශයෙන්) ‘තෙල ශාන්ත යැ යි‘ දර්‍ශනාර්‍ත්‍ථය දතයුතු යැ. එකත්‍වයෙහි යානීකෘතාර්‍ත්‍ථය (යෙදූ යානයක් මෙන් කළ අර්‍ත්‍ථය) දතයුතු යැ. එකත්‍වයෙහි මැනැවින් පටන්ගන්නා ලද වීර්‍ය්‍යය ඇති බව දතයුතු යැ. එකත්‍වයෙහි පරිග්‍රහාර්‍ත්‍ථය දතයුතු යැ. එකත්‍වයෙහි පරිවාරාර්‍ත්‍ථය දතයුතු යැ. එකත්‍වයෙහි පරිපූරාර්‍ත්‍ථය දතයුතු යැ. එකත්‍වයෙහි සමවධානාර්‍ත්‍ථය දතයුතු යැ. එකත්‍වයෙහි අධිෂ්ඨානාර්‍ත්‍ථය දතයුතු යැ. එකත්‍වයෙහි ආසෙවනාර්‍ත්‍ථය දතයුතු යැ. එකත්‍වයෙහි භාවනාර්‍ත්‍ථය දතයුතු යැ. එකත්‍වයෙහි බහුලවශයෙන් කරන බව දතයුතු යැ. එකත්‍වයෙහි මොනොවට නැඟීසිටි බව දතයුතු යැ. එකත්‍වයෙහි මෙනොවට මිඳුණ බව දතයුතු යැ. එකත්‍වයෙහි (ශ්‍රොතාපත්තිමාර්‍ගබොධ්‍යඞ්ගයන්ගේ) අවබොධාර්‍ත්‍ථය දතයුතු යැ. එකත්‍වයෙහි (සකෘදාගාමීමාර්‍ගබොධ්‍යඞ්ගයන්ගේ) අනුබොධාර්‍ත්‍ථය දතයුතු යැ. එකත්‍වයෙහි (අනාගාමීමාර්‍ගබොධ්‍යඞ්ගයන්ගේ) ප්‍රතිබොධාර්‍ත්‍ථය දතයුතු යැ. එකත්‍වයෙහි (අර්‍හන්මාර්‍ගබොධ්‍යඞ්ගයන්ගේ) සම්බොධාර්‍ත්‍ථය දතයුතු යැ. එකත්‍වයෙහි (ශ්‍රොතාපත්තිමාර්‍ගබොධ්‍යඞ්ගයන්ගේ) බොධනාර්‍ත්‍ථය දතයුතු යැ. එකත්‍වයෙහි (සකෘදාගාමීමාර්‍ගබොධ්‍යඞ්ගයන්ගේ) අනුබොධනාර්‍ත්‍ථය දතයුතු යැ. එකත්‍වයෙහි (අනාගාමීමාර්‍ගබොධ්‍යඞ්ගයන්ගේ) ප්‍ර‍තිබොධනාර්‍ත්‍ථය දතයුතු යැ. එකත්‍වයෙහි (අර්‍හන්මාර්‍ගබොධ්‍යඞ්ගයන්ගේ) සම්බොධනාර්‍ත්‍ථය දතයුතු යැ. එකත්‍වයෙහි (ශ්‍රොතාපත්තිමාර්‍ගබොධ්‍යඞ්ගයන්ගේ) බොධිපාක්‍ෂිකාර්‍ත්‍ථය දතයුතු යැ. එකත්‍වයෙහි (සකෘදගාමීමාර්‍ගබොධ්‍යඞ්ගයන්ගේ) අනුබොධිපාක්‍ෂිකාර්‍ත්‍ථය දතයුතු යැ. එකත්‍වයෙහි (අනාගාමිමාර්‍ගබොධ්‍යඞ්ගයන්ගේ) ප්‍ර‍තිබොධිපාක්‍ෂිකාර්‍ත්‍ථය දතයුතු යැ. එකත්‍වයෙහි (අර්‍හන්මාර්‍ගබොධ්‍යඞ්ගයන්ගේ) සම්බොධිපාක්‍ෂිකාර්‍ත්‍ථය දතයුතු යැ. එකත්‍වයෙහි (විදර්‍ශනාප්‍රඥාවශයෙන්) ජ්‍යොතනාර්‍ත්‍ථය දතයුතු යැ. එකත්‍වයෙහි (ශ්‍රොතාපත්තිමාර්‍ගඥාන වශයෙන්) උද්‍යොතනාර්‍ත්‍ථය දතයුතු යැ. එකත්‍වයෙහි (සකෘදාගාමීමාර්‍ගඥාන වශයෙන්) අනුද්‍යොතනාර්‍ත්‍ථය දතයුතු යැ. එකත්‍වයෙහි (අනාගාමීමාර්‍ගඥාන වශයෙන්) ප්‍රතිද්‍යොතනාර්‍ත්‍ථය දතයුතු යැ. එකත්‍වයෙහි (අර්‍හන්මාර්‍ගඥානවශයෙන්) සංද්‍යොතනාර්‍ත්‍ථය දතයුතු යි.

(ආර්‍ය්‍යමාර්‍ගයාගේ) ප්‍රකාශනාර්‍ත්‍ථය දතයුතු යැ. (ප්‍රභාස්වර බැවින්) විරොචනාර්‍ත්‍ථය දතයුතු යැ. ක්ලෙශයන්ගේ සන්තාපනාර්‍ත්‍ථය දතයුතු යැ. (නිර්‍මල නිර්‍වාණලම්බන බැවින්) අමලාර්‍ත්‍ථය දතයුතු යැ. (සම්ප්‍රයුක්තමලරහිත බැවින්) විමලාර්‍ත්‍ථය දතයුතු යැ. (ආලම්බන කරන මල රහිත බැවින්) නිර්‍මලාර්‍ත්‍ථය දතයුතු යැ. (කෙලෙස් විෂම නැති බැවින්) ශමාර්‍ත්‍ථය දතයුතු යැ. විවෙකාර්‍ත්‍ථය දතයුතු යැ. විවෙකචර්‍ය්‍යාර්‍ත්‍ථය දතයුතු යැ. විරාගාර්‍ත්‍ථය දතයුතු යැ. විරාගචර්‍ය්‍යාර්‍ත්‍ථය දතයුතු යැ. නිරොධාර්‍ත්‍ථය දතයුතු යැ. නිරොධචර්‍ය්‍යාර්‍ත්‍ථය දතයුතු යැ. වොස්සග්ගාර්‍ත්‍ථය දතයුතු යැ. වොස්සග්ගචර්‍ය්‍යාර්‍ත්‍ථය දතයුතු යැ. විමුක්ත්‍යර්‍ත්‍ථය දතයුතු යැ. විමුක්තිචර්‍ය්‍යාර්‍ත්‍ථය දතයුතු.

(කර්‍කතෘකම්‍යතා) ඡන්‍දාර්‍ත්‍ථය දතයුතු යැ. ඡන්‍දයාගේ මූලාර්‍ත්‍ථය දතයුතු යැ. ඡන්‍දයාගේ (සහජාතයනට ප්‍රතිෂ්ඨා බැවින්) පාදාර්‍ත්‍ථය දතයුතු යැ. ඡන්‍දයාගේ (අධිපති බැවින්) ප්‍රධානාර්‍ත්‍ථය දතයුතු යැ. ඡන්‍දයාගේ සමෘද්ධ්‍යර්‍ත්‍ථය දතයුතු යැ. ඡන්‍දයාගේ අධිමොක්‍ෂාර්ත්ථය දතයුතු යැ. ඡන්‍දයාගේ ප්‍රග්‍රහාර්ත්ථය දතයුතු යැ. ඡන්‍දයාගේ උපස්ථානාර්ත්ථය දතයුතු යැ. ඡන්‍දයාගේ අවික්‍ෂෙපාර්ත්ථය දතයුතු යැ. ඡන්‍දයාගේ දර්‍ශනාර්ත්ථය දතයුතු.

වීර්‍ය්‍යාර්‍ත්‍ථය දතයුතු යැ. වීර්‍ය්‍යයාගේ මූලාර්‍ත්‍ථය දතයුතු යැ. වීර්‍ය්‍යයාගේ ප්‍රතිෂ්ඨාර්‍ත්‍ථය දතයුතු යැ. වීර්‍ය්‍යයාගේ ප්‍රධානාර්‍ත්‍ථය දතයුතු යැ. වීර්‍ය්‍යයාගේ සමෘද්ධ්‍යර්‍ත්‍ථය දතයුතු යැ. වීර්‍ය්‍යයාගේ අධිමොක්‍ෂාර්‍ත්‍ථය දතයුතු යැ. වීර්‍ය්‍යයාගේ ප්‍රග්‍රහාර්‍ත්‍ථය දතයුතු යැ. වීර්‍ය්‍යයාගේ උපස්ථානාර්‍ත්‍ථය දතයුතු යැ. වීර්‍ය්‍යයාගේ අවික්‍ෂෙපාර්‍ත්‍ථය දතයුතු යැ. වීර්‍ය්‍යයාගේ දර්‍ශනාර්‍ත්‍ථය දතයුතු.

(චින්තානාදි) චිත්තාර්‍ත්‍ථය දතයුතු යැ. චිත්තයාගේ මූලාර්‍ත්‍ථය දතයුතු යැ. චිත්තයාගේ ප්‍රතිෂ්ඨාර්‍ත්‍ථය දතයුතු යැ. චිත්තයාගේ ප්‍රධානාර්‍ත්‍ථය දතයුතු යැ. චිත්තයාගේ අධිමොක්‍ෂාර්‍ත්‍ථය දතයුතු යැ. චිත්තයාගේ ප්‍රග්‍රහාර්‍ත්‍ථය දතයුතු යැ. චිත්තයාගේ උපස්ථානාර්‍ත්‍ථය දතයුතු යැ. චිත්තයාගේ අවික්‍ෂෙපාර්‍ත්‍ථය දතයුතු යැ. චිත්තයාගේ දර්‍ශනාර්‍ත්‍ථය දතයුතු.

වීමංසාර්‍ත්‍ථය දතයුතු යැ. වීමංසාවගේ මූලාර්‍ත්‍ථය දතයුතු යැ. වීමංසාවගේ ප්‍රතිෂ්ඨාර්‍ත්‍ථය දතයුතු යැ. වීමංසාවගේ ප්‍රධානාර්‍ත්‍ථය දතයුතු යැ. වීමංසාවගේ සමෘධ්‍යර්‍ත්‍ථය දතයුතු යැ. වීමංසාවගේ අධිමොක්‍ෂාර්‍ත්‍ථය දතයුතු යැ. වීමංසාවගේ ප්‍රග්‍රහාර්‍ත්‍ථය දතයුතු යැ. වීමංසාවගේ උපස්ථානාර්‍ත්‍ථය දතයුතු යැ. වීමංසාවගේ අවික්‍ෂෙපාර්‍ත්‍ථය දතයුතු යැ. වීමංසාවගේ දර්‍ශනාර්‍ත්‍ථය දතයුතු.

දුඃඛයාගේ පීඩනාර්‍ත්‍ථය දතයුතු යැ. දුඃඛයාගේ සඞ්ඛතාර්‍ත්‍ථය දතයුතු යැ. දුඃඛයාගේ සන්තාපාර්‍ත්‍ථය දතයුතු යැ. දුඃඛයාගේ විපරිණාමාර්‍ත්‍ථය දතයුතු.

සමුදයාගේ ආයූහනාර්‍ත්‍ථය දතයුතු යැ. සමුදයාගේ නිදානාර්‍ත්‍ථය දතයුතු යැ. සමුදයාගේ සංයොගාර්‍ත්‍ථය දතයුතු යැ. සමුදයාගේ පරිබොධාර්‍ත්‍ථය දතයුතු.

නිරොධයාගේ නිස්සරණාර්‍ත්‍ථය දතයුතු යැ. නිරොධයාගේ විවෙකාර්‍ත්‍ථය දතයුතු යැ. නිරොධයාගේ අසඞ්ඛතාර්‍ත්‍ථය දතයුතු යැ.නිරොධයාගේ අමෘතාර්‍ත්‍ථය දතයුතු.

මාර්‍ගයාගේ නිර්‍ය්‍යාණාර්‍ත්‍ථය දතයුතු යැ. මාර්‍ගයාගේ හෙත්‍වර්‍ත්‍ථය දතයුතු යැ. මාර්‍ගයාගේ දර්‍ශනාර්‍ත්‍ථය දතයුතු යැ. මාර්‍ගයාගේ ආධිපත්‍යාර්‍ත්‍ථය දතයුතු.

යථාස්වභාවාර්‍ත්‍ථය දතයුතු යැ. අනාත්මාර්‍ත්‍ථය දතයුතු යැ. සත්‍යාර්‍ත්‍ථය දතයුතු යැ. ප්‍රතිවෙධාර්‍ත්‍ථය දතයුතු යැ. වෙසෙසින් දතයුතු අර්‍ත්‍ථය දතයුතු යැ. ඥාතතීරණපරිඥායෙන් දතයුතු අර්‍ත්‍ථය දතයුතු යැ. ධර්‍මාර්‍ත්‍ථය දතයුතු යැ. (ශූන්‍යතාදි) ධාත්‍වර්‍ත්‍ථය දතයුතු යැ. දතහැකි අර්‍ත්‍ථය දතයුතු යැ. සාක්‍ෂාත්කර්‍තව්‍යාර්‍ත්‍ථය දතයුතු යැ. ඥානයෙන් ස්පර්‍ශ කළයුතු අර්‍ත්‍ථය දතයුතු යැ. (ප්‍රත්‍යවේක්‍ෂාඥානයෙන්) මොනොවට අවබෝධ කළයුතු අර්‍ත්‍ථය දතයුතු.

නෛෂ්ක්‍රම්‍ය (කාමච්ඡන්‍ද ප්‍රතිපක්‍ෂඅලොභ) ය දතයුතු යැ. අව්‍යාපාදය දතයුතු යැ. (සත්‍යානමිද්ධප්‍රතිපක්‍ෂ) අලොකසංඥාව දතයුතු යැ. අවික්‍ෂෙපය දතයුතු යැ. ධම්මවවත්‍ථාන (නිශ්චය) ය දතයුතු යැ. ඥානය දතයුතු යැ. (අරතිප්‍රතිපක්‍ෂ) ප්‍රාමොද්‍යය දතයුතු.

ප්‍රථමධ්‍යානය දතයුතු යැ. ද්වීතීයධ්‍යානය දතයුතු යැ. තෘතීයධ්‍යානය දතයුතු යැ. චතුර්ථධ්‍යානය දතයුතු යැ. ආකාසානඤ්චායතන සමාපත්තිය දතයුතු යැ. විඤ්ඤාණඤ්චායතනසමාපත්තිය දතයුතු යැ. ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය දතයුතු යැ. නෙවසඤ්ඤනාසඤ්ඤායතන සමාපත්තිය දතයුතු.

අනිත්‍යානුදර්‍ශනය දතයුතු යැ. දුඃඛානුදර්‍ශනය දතයුතු යැ. අනාත්මානු දර්‍ශනය දතයුතු යැ. නිර්‍වෙදානුදර්‍ශනය දතයුතු යැ. විරාගනුදර්‍ශනය දතයුතු යැ. නිරොධානුදර්‍ශනය දතයුතු යැ. ප්‍රතිනිඃසර්‍ගානුදර්‍ශනය දතයුතු යැ. ක්‍ෂයානුදර්‍ශනය දතයුතු යැ. ව්‍යයානුදර්‍ශනය දතයුතු යැ. විපරිණාමානුදර්‍ශනය දතයුතු යැ. අනිමිත්තානුදර්‍ශනය දතයුතු යැ. අප්‍රණිහිතානුදර්‍ශනය දතයුතු යැ. ශූන්‍යතානුදර්‍ශනය දතයුතු යැ. අධිප්‍රඥා සඞ්ඛ්‍යාත ධර්‍මවිදර්‍ශනාව දතයුතු යැ. යථාභූතඥානදර්‍ශනය දතයුතු යැ. ආදීනවානුදර්‍ශනය දතයුතු යැ. පටිසඞ්ඛා (අනිත්‍ය-දුඃඛ-අනාත්මා)නුදර්‍ශනය දතයුතු යැ. විවර්‍තානුදර්‍ශනය (ගොත්‍ර‍භූඥාන)ය දතයුතු.

සෝවන් මාර්‍ගය දතයුතු යැ. සෝවන් ඵලසමාපත්තිය දතයුතු යැ. සකෘදගාමී මාර්‍ගය දතයුතු යැ. සකෘදගාමී ඵලසමාපත්තිය දතයුතු යැ. අනාගාමී මාර්‍ගය දතයුතු යැ. අනාගාමී ඵලසමාපත්තිය දතයුතු යැ.අර්‍හන්මාර්‍ගය දතයුතු යැ. අර්‍හත්ඵලසමාපත්තිය දතයුතු.

අධිමොක්‍ෂ (නිශ්චය කිරීම්) අර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධෙන්‍ද්‍රිය දතයුතු යැ. ප්‍රග්‍රහ (උත්සහ) අර්‍ත්‍ථයෙන් වීර්යෙන්ද්‍රිය දතයුතු යැ. අපිලාපන (අරමුණෙහි බැසගැනීම්) අර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රිය දතයුතු යැ. අවික්‍ෂෙපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රිය දතයුතු යැ. දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥෙන්‍ද්‍රිය දතයුතු.

අශ්‍රද්ධායෙහි නො සැලෙන අර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධාබලය දතයුතු යැ. කුසීත බැව්හි නො සැලෙන අර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යබලය දතයුතු යැ. ප්‍රමාදයෙහි නො සැලෙන අර්‍ත්‍ථයෙන් ස්මෘතිබලය දතයුතු යැ. උද්ධත බැව්හි නො සැලෙන අර්‍ත්‍ථයෙන් සමාධිබලය දතයුතු යැ. අවිද්‍යායෙහි නො සැලෙන අර්‍ත්‍ථයෙන් ප්‍රඥාබලය දතයුතු.

අපිලාපනාර්‍ත්‍ථයෙන් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය දතයුතු යැ. විමසීම් අර්‍ත්‍ථයෙන් ධර්‍මවිචයසම්බොධ්‍යඞ්ගය දතයුතු යැ. ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යසම්බොධ්‍යඞ්ගය දතයුතු යැ. පැතිරීම් අර්‍ත්‍ථයෙන් ප්‍රීතිසම්බොධ්‍යඞ්ගය දතයුතු යැ. සන්හිඳීම් අර්‍ත්‍ථයෙන් ප්‍රශ්‍රබ්ධිසම්බොධ්‍යඞ්ගය දතයුතු යැ. නො විසිරීම් අර්‍ත්‍ථයෙන් සමාධිසම්බොධ්‍යඞ්ගය දතයුතු යැ. අනිත්‍යාදි විසින් ප්‍රත්‍යවෙක්‍ෂා කිරීම් අර්‍ත්‍ථයෙන් උපෙක්‍ෂාසම්බොධ්‍යඞ්ගය දතයුතු.

(සත්‍ය) දර්‍ශනාර්‍ත්‍ථයෙන් සම්‍යග්දෘෂ්ටිය දතයුතු යැ. අරමුණට නැඟිම් අර්‍ත්‍ථයෙන් සම්‍යක්සංකල්පය දතයුතු යැ. (සතර වාක්සංවර) පරිග්‍රහාර්‍ත්‍ථයෙන් සම්‍යග්වචනය දතයුතු යැ. (ත්‍රිවිධ කායසංවර) සමුත්‍ථානාර්‍ත්‍ථයෙන් සම්‍යක්කර්‍මාන්තය දතයුතු යැ. පරිශුද්ධාර්‍ත්‍ථයෙන් සම්‍යගාජීවය දතයුතු යැ. ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් සම්‍යග්ව්‍යායාමය දතයුතු යැ. අරමුණෙහි බැසගැනීම් අර්‍ත්‍ථයෙන් සම්‍යක්ස්මෘතිය දතයුතු යැ. අවික්‍ෂෙපාර්‍ත්‍ථයෙන් සම්‍යක්සමාධිය දතයුතු.

ආධිපත්‍යාර්‍ත්‍ථයෙන් ඉන්ද්‍රියෝ දතයුත්තාහ. අකම්ප්‍යාර්‍ත්‍ථයෙන් බලයෝ දතයුත්තාහ. නිර්‍ය්‍යාණාර්‍ත්‍ථයෙන් බොධ්‍යඞ්ගයෝ දතයුත්තාහ. හෙත්‍වර්‍ත්‍ථයෙන් මාර්‍ගය දතයුතු යැ. අපිලාපනාර්‍ත්‍ථයෙන් සතිපට්ඨානයෝ දතයුත්තාහ. උත්සාහ කිරීම් අර්‍ත්‍ථයෙන් සම්‍යක්ප්‍රධානයෝ දතයුත්තාහ. නිෂ්පත්ත්‍යර්‍ත්‍ථයෙන් ඍද්ධිපාදයෝ දතයුත්තාහ. යථාස්වාභාවාර්‍ත්‍ථයෙන් සත්‍යයෝ දතයුත්තාහ.

අවික්‍ෂෙපාර්‍ත්‍ථයෙන් ශමථය දතයුතු යැ. (අනිත්‍යාදිවශයෙන්) පුනපුනා බැලීම් අර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව දතයුතු යැ. (විමුක්තිරසයෙන්) එකකෘත්‍යාර්‍ත්‍ථයෙන් ශමථවිදර්‍ශනාව දතයුතු යැ. නො ඉක්ම පවත්නා අර්‍ත්‍ථයෙන් (ශමථ විදර්‍ශනාවන්ගේ) යුගනන්‍ධය දතයුතු.

සංවරාර්‍ත්‍ථයෙන් ශීලවිශුද්ධිය දතයුතු යැ. අවික්‍ෂෙපාර්‍ත්‍ථයෙන් චිත්තවිශුද්ධිය දතයුතු යැ, දර්‍ශනාර්‍ත්‍ථයෙන් දෘෂ්ටිවිශුද්ධිය දතයුතු යැ. මිදීම් අර්‍ත්‍ථයෙන් (තදඞ්ග) විමොක්‍ෂය දතයුතු යැ. ජානනාර්‍ත්‍ථයෙන් විද්‍යාව දතයුතු යැ. පරිත්‍යාගාර්‍ත්‍ථයෙන් ඵලවිමුක්තිය දතයුතු යැ. සමුච්ඡෙදාර්‍ත්‍ථයෙන් ක්‍ෂය (මාර්‍ග ඥානය) දතයුතු යැ. ප්‍රතිප්‍රශ්‍රබ්ර්‍-අර්‍ත්‍ථයෙන් අනුත්පාද (ඵල ඥානය) දතයුතු යැ.

(කර්තුකාම්‍යතා) ඡන්‍දය මූලාර්‍ත්‍ථයෙන් දතයුතු යැ. (යොනිසෝ) මනස්කාරය (කුසල් දහම් නඟන බැවින්) සමුත්‍ථානාර්‍ත්‍ථයෙන් දතයුතු යැ. ස්පර්‍ශය සමවධානාර්‍ත්‍ථයෙන් දතයුතු යැ. වෙදනාව සමොසරණ (රැස්වීම්) අර්‍ත්‍ථයෙන් දතයුතු යැ. සමාධිය ප්‍රමුඛාඅර්‍ත්‍ථයෙන් දතයුතු යැ. ස්මෘතිය අධිපතිභාවාඅර්‍ත්‍ථයෙන් දත යුතු යැ. (මාර්‍ග) ප්‍රඥාව තදුත්තර (ශ්‍රෙෂ්ඨ) අර්‍ත්‍ථයෙන් දතයුතු යැ. (ඵල) විමුක්තිය (ස්ථිර බැවින්) සාරාර්‍ත්‍ථයෙන් දතයුතු යැ. අමෘතයට ප්‍රතිෂ්ඨාභූත නිර්‍වාණය පර්‍ය්‍යවසාන (නිෂ්ඨා) අර්‍ත්‍ථයෙන් දතයුතු යැ.

යම් යම් ධර්‍ම කෙනෙක් අභිමුඛ කොට දන්නා ලද වෙත් ද ඒ ඒ ධර්‍මයෝ ඥාතයෝ වෙති. ඒ ධර්‍මයන් දන්නා අර්‍ත්‍ථයෙන් ඥාන වෙයි. ප්‍රකාරයෙන් (දන්නා අර්‍ත්‍ථයෙන්) ප්‍රඥා වේ. එයින් කියනු ලැබෙයි: ‘ඉමේ ධම්මා අභිඤ්ඤෙය්‍යාති සොතාවධානං, තංපජානනා පඤ්ඤ සුතමයෙ ඤාණං’යි.

අභිඥෙය නිර්දෙශ යි.

දෙවැනි බණවර යි.

(1)

කිසෙයින් ‘මේ ධර්‍මයෝ පිරිසිඳ දතයුත්තාහ’ යන දෙශනාව සොතාවධාන (ශ්‍රැත) ය වෙයි, එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන වෙයි යත්:

එක් ධර්‍මයෙක් පිරිසිඳ දතයුතු වෙයි: සාස්‍ර‍ව වූ උපාදානයන්ට හිත වූ ස්පර්‍ශය යි.

ධර්‍මයෝ දෙදෙනෙක් පිරිසිඳ දතයුතු වෙති: නාමරූපයෝ යි.

ධර්‍මයෝ තිදෙනෙක් පිරිසිඳ දතයුතු වෙති: තුන වෙදනාවෝ යි.

ධර්‍මයෝ සතර දෙනෙක් පිරිසිඳ දතයුතු වෙති: සතර ආහාරයෝ යි.

ධර්‍මයෝ පස්දෙනෙක් පිරිසිඳ දතයුතු වෙති: පඤ්චොපාදානස්කන්‍ධයෝ යි.

ධර්‍මයෝ සදෙනෙක් පිරිසිඳ දතයුතු වෙති: අධ්‍යාත්මික ෂඩායතනයෝ යි.

ධර්‍මයෝ සත්දෙනෙක් පිරිසිඳ දතයුතු වෙති: සප්තවිඥානස්ථීතීහු යි.

ධර්‍මයෝ අටදෙනෙක් පිරිසිඳ දතයුතු වෙති: අෂ්ටලොකධර්‍මයෝ යි.

ධර්‍මයෝ නවදෙනෙක් පිරිසිඳ දතයුතු වෙති: නවසත්ත්‍වාවාසයෝ යි.

ධර්‍මයෝ දසදෙනෙක් පිරිසිඳ දතයුතු වෙති: දස ආයතනයෝ යි.

(2)

මහණෙනි, සියල්ල පිරිසිඳ දතයුතුයැ. මහණෙනි, පිරිසිඳ දතයුතු සියල්ල කවර යත්:

මහණෙනි, චක්‍ෂුස පිරිසිඳ දතයුතු යැ. රූපයෝ පිරිසිඳ දතයුත්තාහ. චක්‍ෂුර්විඥානය පිරිසිඳ දතයුතු යැ. චක්ඛුසම්ඵස්සය පිරිසිඳ දතයුතු යැ. චක්ඛුසම්ඵස්ස ප්‍රත්‍යයෙන් සුව වේවයි දුක් වේවයි නො දුක් නො සුව වේවයි යම් වෙදයිතයෙක් උපදී නම් එ ද පිරිසිඳ දතයුතු යැ.

ශ්‍රොත්‍ර‍ය පිරිසිඳ දතයුතු යැ. ශබ්දයෝ පිරිසිඳ දතයුත්තාහ ... ඝ්‍රාණය පිරිසිඳ දතයුතු යැ. ගන්‍ධයෝ පිරිසිඳ දත්යුත්තාහ ... ජිහ්වාව පිරිසිඳ දතයුතු යැ. රසයෝ පිරිසිඳ දතයුත්තාහ ... කය පිරිසිඳ දතයුතු යැ. ස්ප්‍රෂ්ටව්‍ය පිරිසිඳ දතයුතු යැ. ... මනස පිරිසිඳ දතයුතු යැ. ධර්‍මයෝ පිරිසිඳ දතයුත්තාහ. මනොවිඥානය පිරිසිඳ දතයුතු යැ. මනොසම්ඵස්සය පිරිසිඳ දතයුතු යැ. මනොසම්ඵස්සය ප්‍රත්‍යයෙන් සුව වේවයි දුක් වේවයි නො දුක් නො සුව වේවයි යම් වෙදයිතයෙක් උපදී නම්, එ ද පිරිසිඳ දතයුතු.

රූපය පිරිසිඳ දතයුතු යැ. වෙදනාව පිරිසිඳ දතයුතු යැ. සංඥාව පිරිසිඳ දතයුතු යැ. සංස්කාරයෝ පිරිසිඳ දතයුත්තාහ. විඥානය පිරිසිඳ දතයුතු යැ. චක්‍ෂුස ... ජරාමරණය ... අමෘතයට ප්‍රතිෂ්ඨා වූ නිර්‍වාණය නිෂ්ඨාර්‍ත්‍ථයෙන් පිරිසිඳ දතයුතු යැ.

යම් යම් ධර්‍ම කෙනකුන් ප්‍රතිලාභය සඳහා වෑයම් කරන්නහු විසින් ඒ ඒ ධර්‍මයෝ ලබන ලද්දාහු වෙත් ද, මෙසේ ඒ ධර්‍මයෝ පිරිසිඳ දත්තාහු ද තීරණය කරන ලද්දාහු ද වෙත්.

නෛෂ්ක්‍රම්‍යය ප්‍රතිලාභය පිණිස වෑයම් කරන්නහු විසින් නෛෂ්ක්‍රම්‍යය ලද්දේ වෙයි. මෙසේ ඒ ධර්‍මය පිරිසිඳ දන්නා ලද්දේ ද තීරණය කරන ලද්දේ ද වේ.

අව්‍යාපාදය ප්‍රතිලාභය පිණිස වෑයම් කරන්නහු විසින් අව්‍යාපාදය ලද්දේ ද වෙයි. මෙසේ ඒ ධර්‍මය පිරිසිඳ දන්නා ලද්දේ ද තීරණය කරන ලද්දේ ද වේ.

ආලොකසංඥාව ප්‍රතිලාභය පිණිස වෑයම් කරන්නහු විසින් ආලොක සංඥාව ලද්දේ ද වෙයි. මෙසේ ඒ ධර්‍මය පිරිසිඳ දන්නා ලද්දේ ද තීරණය කරන ලද්දේ ද වේ.

අවික්‍ෂෙපය ප්‍රතිලාභය පිණිස වෑයම් කරන්නහු විසින් අවික්‍ෂෙපය ලද්දේ වෙයි. මෙසේ ඒ ධර්‍මය පිරිසිඳ දන්නා ලද්දේ ද තීරණය කරන ලද්දේ ද වේ.

ධම්මවවත්‍ථාන (විචිකිත්සා ප්‍රතිපක්‍ෂඥාන) ය ප්‍රතිලාභය පිණිස වෑයම් කරන්නහු විසින් ධම්මවවත්‍ථානය ලද්දේ වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.

(අවිද්‍යා ප්‍රතිපක්‍ෂ) ඥානය ප්‍රතිලාභය පිණිස වෑයම් කරන්නහු විසින් ඥානය ලද්දේ ද වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.

ප්‍රාමොද්‍ය (අරතිප්‍රතිපක්‍ෂප්‍රීති) ය ප්‍රතිලාභය පිණිස වෑයම් කරන්නහු විසින් ප්‍රමොද්‍යය ලද්දේ ද වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.

ප්‍රථමධ්‍යානය ප්‍රතිලාභය පිණිස වෑයම් කරන්නහු විසින් ප්‍රථමධ්‍යානය ලද්දේ ද වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.

ද්වීතියධ්‍යානය ... තෘතීයධ්‍යානය ... චතුර්ථධ්‍යානය ප්‍රතිලාභය පිණිස වෑයම් කරන්නහු විසින් චතුර්ථධ්‍යානය ලද්දේ ද වෙයි. මෙසේ ඒ ධර්‍මය පිරිසිඳ දන්නා ලද්දේ ද තීරණය කරන ලද්දේ ද වේ.

ආකාසානඤ්චායතනසමාපත්තිය ප්‍රතිලාභය පිණිස වෑයම් කරන්නහු විසින් ආකාසානඤ්චායතනසමාපත්තිය ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.

විඤ්ඤාණඤ්චායතනසමාපත්තිය ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් විඤ්ඤාණඤ්චායතනසමාපත්තිය ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.

ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිය ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිය ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.

නෙවසඤ්ඤනාසඤ්ඤායතනසමාපත්තිය ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් නෙවසඤ්ඤනාසඤ්ඤායතනසමාපත්තිය ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.

අනිච්චානුපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් අනිච්චානුපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.

දුක්ඛානුපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් දුක්ඛානුපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.

අනත්තානුපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් අනත්තානුපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.

නිබ්බිදානුපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් නිබ්බිදානුපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.

විරාගානුපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් විරාගානුපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.

නිරොධානුපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් නිරොධානුපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.

පටිනිස්සග්ගානුපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් පටිනිස්සග්ගානුපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.

ඛයානුපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් ඛයානුපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.

වයානුපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් වයානුපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.

විපරිණාමානුපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් විපරිණාමානුපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.

අනිමිත්තානුපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් අනිමිත්තානුපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.

අප්පණිහිතානුපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් අපප්ණිහිතානුපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.

සුඤ්ඤතානුපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් සුඤ්ඤතානුපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.

අධිපඤ්ඤාධම්මවිපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් අධිපඤ්ඤාධම්මවිපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.

යථාභූතඥානදර්‍ශනය ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් යථාභූතඥානදර්‍ශනය ලද්දේ වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.

ආදීනවානුපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් ආදීනවානුපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.

පටිසඞ්ඛානුපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් පටිසඞ්ඛානුපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.

විවට්ටානුපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් විවට්ටානුපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.

ස්‍රොතාපත්තිමාර්‍ගය ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් ස්‍රොතාපත්තිමාර්‍ගය ලද්දේ වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.

සකෘදගාමීමාර්‍ගය ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් සකෘදගාමීමාර්‍ගය ලද්දේ වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.

අනාගාමීමාර්‍ගය ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් අනාගාමීමාර්‍ගය ලද්දේ වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.

අර්‍හන්මාර්‍ගය ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් අර්‍හන්මාර්‍ගය ලද්දේ වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.

යම් යම් ධර්‍මයන් ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් ඒ ඒ ධර්‍මයෝ ලද්දාහු වෙති, මෙසේ ඒ ධර්‍මයෝ පරිඥාත ද තීරණය කරන ලද්දාහු ද වෙත්. ඒ දන්නා අර්‍ත්‍ථයෙන් ඥාන වෙයි. ප්‍රකාරයෙන් දන්නා අර්‍ත්‍ථයෙන් ප්‍රඥා වේ. එයින් කියනු ලැබෙයි. “ඉමෙ ධම්මා පරිඤ්ඤෙය්‍යා’ති සොතාවධානං, තං පජානනාපඤ්ඤා සුතමයෙ ඤාණං”යී

පරිඥෙය නිර්දෙශ යි.

(3)

කිසෙයින් මේ ධර්‍මයෝ ප්‍රහාතව්‍යයෝ යැ යන දෙශනාව සොතාවධාන වේ ද, එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමය ඥාන වේ ද යත්:

එක් ධර්‍මයෙක් ප්‍රහාතව්‍ය වෙයි: අස්මිමාන යි.

ධර්‍මයෝ දෙදෙනෙක් ප්‍රහාතව්‍යයෝ යැ: අවිද්‍යා ද භවතෘෂ්ණාව ද යන දෙක යි.

ධර්‍මයෝ තිදෙනෙක් ප්‍රහාතව්‍යයෝ යැ: ත්‍රිවිධ තෘෂ්ණාව යි.

ධර්‍මයෝ සතරදෙනෙක් ප්‍රහාතව්‍යයෝ යැ: චතුරොඝයෝ යි .

ධර්‍මයෝ පස්දෙනෙක් ප්‍රහාතව්‍යයෝ යැ: පඤ්චනීවරණයෝ යි.

ධර්‍මයෝ සදෙනෙක් ප්‍රහාතව්‍යයෝ යැ: ෂට්තෘෂ්ණාකායයෝ යි.

ධර්‍මයෝ සත්දෙනෙක් ප්‍රහාතව්‍යයෝ යැ: සප්තඅනුශයධර්‍මයෝ යි.

ධර්‍මයෝ අටදෙනෙක් ප්‍රහාතව්‍යයෝ යැ: අෂ්ටමිථ්‍යාත්‍වයෝ යි.

ධර්‍මයෝ නවදෙනෙක් ප්‍රහාතව්‍යයෝ යැ: නව තෘෂ්ණාමූලකයෝ යි.

ධර්‍මයෝ දසදෙනෙක් ප්‍රහාතව්‍යයෝ යැ: දශමිථ්‍යාත්‍වයෝ යි.

ප්‍රහාණයෝ දෙදෙනෙකි: සමුච්ඡෙදප්‍රහාණ යැ, ප්‍රතිප්‍රශ්‍රබ්ධිප්‍රහාණ යි. ලොකොත්තර වූ ක්‍ෂයගාමීමාර්‍ගය වඩන්නහුට සමුච්ඡෙදප්‍රහාණය ද එලක්‍ෂණයෙහි ප්‍රතිප්‍රශ්‍රබ්ධිප්‍රහාණය ද වේ.

ප්‍රහාණයෝ තිදෙනෙකි: යම් නෛෂ්ක්‍රම්‍යයෙක් වේ ද, තෙල කාමයන්ගේ නිඃසරණ යැ. යම් අරූපධ්‍යානයෙක් වේ ද, තෙල රූපයන්ගේ නිඃසරණ යැ. උපන්නා වූ ප්‍රත්‍යයන් විසින් කරන ලද ප්‍රතීත්‍යසමුත්පන්න (ඒ ඒ ප්‍රත්‍යයන් නිසා උපන්) වූ යම්කිසි සංස්කාරයෙක් වේ ද, අර්‍හත්ඵල නිරොධය ඒ සංස්කාරයාගේ නිඃසරණ යි. (අශුභධ්‍යාන-අනාගාමීමාර්‍ග සඞ්ඛ්‍යාත) නෛෂ්ක්‍රම්‍ය ලැබුවහු විසින් කාමයෝ (විෂ්කම්භණ සමුච්ඡේද විසින්) ප්‍රහීණ කරන ලද්දාහු ද පරිත්‍යාග කරන ලද්දාහු ද වෙති. (අරූපධ්‍යාන - අර්‍හන්මාර්‍ග සඞ්ඛ්‍යාත) ආරූප්‍ය නිඃසරණය ලැබූවහු විසින් රූපයෝ (විෂ්කම්භණ සමුච්ඡෙද විසින්) ප්‍රහීණ කරන ලද්දාහු ද පරිත්‍යාග කරන ලද්දාහු ද වෙති. (නිර්‍වාණ - අර්‍හත්ඵල සඞ්ඛ්‍යාත) නිරොධ නිඃසරණය ලැබූවහු විසින් (නිඃසරණ - ප්‍රතිප්‍රශ්‍රබ්ධිප්‍රහාණයෙන්) සංස්කාරයෝ ප්‍රහීණ කරන ලද්දාහු ද පරිත්‍යාග කරන ලද්දාහු ද වෙත්.

ප්‍රහාණයෝ සතර දෙනෙකි: පරිඥාප්‍රතිවෙධයෙන් ප්‍රතිවෙධ කරන්නේ දුඃඛසත්‍යය දුරු කෙරෙයි. ප්‍රහාණප්‍රතිවෙධයෙන් ප්‍රතිවෙධ කරන්නේ සමුදයසත්‍යය දුරු කෙරෙයි. සාක්‍ෂාත්ක්‍රියාප්‍රතිවෙධයෙන් ප්‍රතිවෙධ කරන්නේ නිරොධසත්‍යය දුරු කෙරෙයි. භාවනාප්‍රතිවෙධයෙන් ප්‍රතිවෙධ කරන්නේ මාර්‍ගසත්‍යය දුරු කෙරේ.

ප්‍රහාණයෝ පස්දෙනෙකි: විෂ්කම්භණප්‍රහාණ යැ. තදඞ්ගප්‍රහාණ යැ. සමුච්ඡෙදප්‍රහාණ යැ. ප්‍රතිප්‍රශ්‍රබ්ධිප්‍රහාණ යැ. නිඃසරණප්‍රහාණ යි. ප්‍රථමධ්‍යානය වඩන්නහුට නීවරණයන්ගේ විෂ්කම්භණප්‍රහාණය ද, විදර්‍ශනාසම්ප්‍රයුක්තසමාධිය වඩන්නහුට දෘෂ්ටිගතයන්ගේ තදඞ්ගප්‍රහාණය ද, ලොකොත්තර වූ ක්‍ෂය (නිර්‍වාණ) ගාමීමාර්‍ගය වඩන්නහුට සමුච්ඡෙදප්‍රහාණය ද, ඵලක්‍ෂණයෙහි ප්‍රතිප්‍රශ්‍රබ්ධිප්‍රහාණය ද, නිරොධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය නිඃසරණප්‍රහාණය ද වේ.

(4)

මහණෙනි, සියල්ල ප්‍රහාතව්‍ය යැ. මහණෙනි, කවර සියල්ල ප්‍රහාතව්‍ය වෙයි යත්:

“මහණෙනි, චක්‍ෂුස ප්‍රහාතව්‍ය යැ.‘රූපයෝ ප්‍රහාතව්‍යයෝ යැ. චක්‍ෂුර්විඥානය ප්‍රහාතව්‍ය යැ. චක්‍ෂුර්විඥානයසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය ප්‍රහාතව්‍ය යැ. චක්‍ෂුඃස්පර්‍ශප්‍රත්‍යයෙන් සුඛ වූ හෝ දුක්ඛ වු හෝ අදුක්ඛමසුඛ වූ හෝ යම් වෙදනායෙක් උපදී නම් හෙ ද ප්‍රහාතව්‍ය යැ.

ශ්‍රොත්‍ර‍ය ප්‍රහාතව්‍ය යැ. ශබ්දයෝ ප්‍රහාතව්‍යයෝ යැ ... ඝ්‍රාණය ප්‍රහාතව්‍ය යැ. ගන්‍ධයෝ ප්‍රහාතව්‍යයෝ යැ. ... ජීහ්වාව ප්‍රහාතව්‍ය යැ. රසයෝ ප්‍රහාතව්‍යයෝ යැ. ... කය ප්‍රහාතව්‍ය යැ. ස්ප්‍රෂ්ටව්‍යයෝ ප්‍රහාතව්‍යයෝ යැ ... මනස ප්‍රහාතව්‍ය යැ. ධර්‍මයෝ ප්‍රහාතව්‍යයෝ යැ. මනොවිඥානය ප්‍රහාතව්‍ය යැ. මනොවිඥානසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය ප්‍රහාතව්‍ය යැ. මනඃස්පර්‍ශයෙන් සුඛ වූ හෝ දුක්ඛ වූ හෝ අදුක්ඛමසුඛ හෝ යම් වෙදනායෙක් උපදී නම් හෙ ද ප්‍රහාතව්‍ය යි.

රූපය (අනිත්‍යාදිවශයෙන්) දක්මින් (කෙලෙසුන්) දුරු කෙරෙයි. වෙදනාව (අනිත්‍යාදිවශයෙන්) දක්මින් (කෙලෙසුන්) දුරු කෙරෙයි. සංඥාව (අනිත්‍යාදිවශයෙන්) දක්මින් (කෙලෙසුන්) දුරු කෙරෙයි. සංස්කාරයන් (අනිත්‍යාදිවශයෙන්) දක්මින් (කෙලෙසුන්) දුරු කෙරෙයි. විඥානය (අනිත්‍යාදිවශයෙන්) දක්මින් (කෙලෙසුන්) දුරු කෙරෙයි. චක්‍ෂුස ... ජරාමරණය ... අමතොගධ නිර්‍වාණය නිෂ්ඨාර්‍ත්‍ථයෙන් දක්මින් (කෙලෙසුන්) දුරු කෙරේ.

යම් යම් කෙනෙක් ප්‍රහීණ වූවාහු වෙත් ද ඒ ඒ ධර්‍මයෝ පරිත්‍යාග කරන ලද්දාහු වෙත්. එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ. ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යැ. එයින් කියනු ලැබෙයි. “ඉමෙ ධම්මො පහාතබ්බා’ති සොතාවධානං, තං පජානනා පඤ්ඤා සුතම‍යෙ ඤාණං”යි.

ප්‍රහාතව්‍යනිර්දෙශ යි.

තුන් වැනි බණවර යි.

(5)

කිසෙයින් ‘මේ ධර්‍මයෝ වැඩියයුත්තාහ, යන දෙශනාව සොතාවධාන වෙයි. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන වෙයි යත්:

එක් ධර්‍මයෙක් වැඩිය යුතු යැ: (මධුරසුඛවෙදනා සඞ්ඛ්‍යාත) සාතය හා සම්ප්‍රයුක්ත කායගතාසතිය යි:

ධර්‍මයෝ දෙදෙනෙක් වැඩියයුත්තාහ: ශමථය ද විදර්‍ශනාව ද යන දෙක යි.

ධර්‍මයෝ තිදෙනෙක් වැඩියයුත්තාහු යැ: (සවිතර්‍කසවිචාරාදි) තුන් සමාධීහු යැ.

ධර්‍මයෝ සතර දෙනෙක් වැඩියයුත්තාහු යැ: (කායානුපස්සනාදි) සතරසතිපට්ඨානයෝ යි.

ධර්‍මයෝ පස්දෙනෙක් වැඩියයුත්තාහු යැ: (පීතිඵරණතාදි) පඤ්චාඞ්ගික වූ චතුර්ථධ්‍යානසමාධිය යි.

ධර්‍මයෝ සදෙනෙක් වැඩියයුත්තාහු යැ: (බුද්ධානුස්සති ආදි) සවැදෑරුම් අනුස්මෘතිස්ථානයෝ යි.

ධර්‍මයෝ සත්දෙනෙක් වැඩියයුත්තාහු යැ: සප්තබොධ්‍යඞ්ගයෝ යි.

ධර්‍මයෝ අටදෙනෙක් වැඩියයුත්තාහු යැ: ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය යි.

ධර්‍මයෝ නවදෙනෙක් වැඩියයුත්තාහු යැ: (ශීලවිශුද්ධිආදි) පරිශුද්ධභාවයට ප්‍රධාන කාරණ වූ නවධර්‍මයෝ යි.

ධර්‍මයෝ දසදෙනෙක් වැඩියයුත්තාහු යැ: දසකසිණායතනයෝ යි.

භාවනාවෝ දෙදෙනෙකි: ලෞකිකභානාව යැ, ලොකොත්තරභාවනා යි.

භාවනාවෝ තිදෙනෙකි: රූපාවචරකුශලධර්‍මයන්ගේ භාවනා යැ, අරූපාවචරකුශලධර්‍මයන්ගේ භාවනා යැ, අපර්‍ය්‍යාපන්න (ලොකොත්තර) කුශල ධර්‍මයන්ගේ භාවනා යි. රූපාවචරකුශලධර්‍මයන්ගේ හීන වූ භාවනාවක් ඇත. මධ්‍ය වු භාවනාවක් ඇත. ප්‍රණීත වූ භාවනාවක් ඇත. අරූපාවචර කුශලධර්‍මයන්ගේ හීන වූ භාවනාවක් ඇත.මධ්‍ය වූ භාවනාවක් ඇත. ප්‍රණීත වූ භාවනාවක් ඇත. අපර්‍ය්‍යාපන්නකුශලධර්‍මයන්ගේ භාවනාව ප්‍රණීත යි.

භාවනා සතරෙකි: දුඃඛසත්‍යය පරිඥාප්‍රතිවෙධයෙන් ප්‍රතිවෙධ කෙරෙමින් (ආර්‍ය්‍යමාර්‍ගය) වඩයි. සමුදයසත්‍යය ප්‍රහාණප්‍රතිවෙධයෙන් ප්‍රතිවෙධ කෙරෙමින් වඩයි. නිරොධසත්‍යය සාක්‍ෂාත්ක්‍රියාප්‍රතිවෙධයෙන් ප්‍රතිවෙධ කෙරෙමින් වඩයි. මාර්‍ගසත්‍යය භාවනාප්‍රතිවෙධයෙන් ප්‍රතිවෙධ කෙරෙමින් වඩයි. මොහු සතරභාවනා යි.

අනෙකුදු භාවනා සතරෙකි. එසනභාවනා යැ. පටිලාභභාවනා යැ. එකරසභාවනා යැ. ආසෙවනභාවනා යි.

එසනභාවනා කවර යත්: සමවතට සමවන් සියල්ලන්ගේ ඒ පූර්‍වභාගයෙහි උපන් ධර්‍මයෝ අර්පණොත්පාදනයෙහි සමානකෘත්‍ය වෙත් නු යි මේ එසනභාවනා යැ.

ප්‍රතිලාභභාවනා කවර යත්: සමවතට සමවන් සියල්ලන්ගේ එහි උපන් ධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්ම පවත්නාහු නු යි මේ ප්‍රතිලාභභාවනා යැ.

එකරසභාවනා කවර යත්: අධිමොක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්‍‍ධෙන්‍ද්‍රියය වඩන්නහුට ශ්‍රද්‍‍ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් සතර ඉන්‍ද්‍රියයෝ (විමුක්තිරසයෙන්) එකකෘත්‍ය වෙත් නු යි ඉන්‍ද්‍රියයන්ගේ එකරසභාවයෙන් භාවනා යැ. ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්යෙන්‍ද්‍රිය වඩන්නහුට වීර්යෙන්‍ද්‍රියයාගේ වශයෙන් සතර ඉන්‍ද්‍රියයෝ සමානකෘත්‍ය වෙත් නු යි ඉන්‍ද්‍රියයන්ගේ එකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. අපිලාපනාර්‍ත්‍ථයෙන් ස්මෘතින්‍ද්‍රිය වඩන්නහුට ස්මෘතීන්‍ද්‍රියයාගේ වශයෙන් සතර ඉන්‍ද්‍රියයෝ සමානකෘත්‍ය වෙත් නු යි ඉන්‍ද්‍රියයන්ගේ එකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. අවික්‍ෂෙපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රිය වඩන්නහුට සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් සතර ඉන්‍ද්‍රියයෝ සමානකෘත්‍ය වෙත් නු යි ඉන්‍ද්‍රියයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥෙන්‍ද්‍රිය වඩන්නහුට ප්‍රඥෙන්‍ද්‍රියයාගේ වශයෙන් සතර ඉන්‍ද්‍රියයෝ සමානකෘත්‍ය වෙත් නු යි ඉන්‍ද්‍රියයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යි.

අශ්‍රද්ධායෙහි අකම්ප්‍යාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධාබලය වඩන්නහුට ශ්‍රද්ධාබලයාගේ වශයෙන් සතර බලයෝ සමානකෘත්‍ය වෙත් නු යි බලයන්ගේ එකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. කෞසීද්‍යයෙහි අකම්ප්‍යාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යබලය වඩන්නහුට වීර්‍ය්‍යබලයාගේ වශයෙන් සතරබලයෝ සමානකෘත්‍ය වෙත් නු යි බලයන්ගේ එකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. ප්‍රමාදයෙහි අකම්ප්‍යාර්‍ත්‍ථයෙන් ස්මෘතිබලය වඩන්නහුට ස්මෘතිබලයාගේ වශයෙන් සතර බලයෝ එකරස වෙත් නු යි බලයන්ගේ එකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. ඖද්ධත්‍යයෙහි අකම්ප්‍යාර්‍ත්‍ථයෙන් සමාධිබලය වඩන්නහුට සමාධිබලයාගේ වශයෙන් සතර බලයෝ එකරස වෙත් නු යි බලයන්ගේ එකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ . අවිද්‍යායෙහි අකම්ප්‍යාර්‍ත්‍ථයෙන් ප්‍රඥාබලය වඩන්නහුට ප්‍රඥාබලයාගේ වශයෙන් සතර බලයෝ එකරස වෙත් නු යි බලයන්ගේ එකරසාර්‍ත්‍ථයෙන් භාවනා යි.

අපිලාපනාර්‍ත්‍ථයෙන් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය වඩන්නහුට ස්මෘතිසම්බොධ්‍යඞ්ගයාගේ වශයෙන් ෂඩ්බොධ්‍යඞ්ගයෝ එකරස වෙත් නු යි බොධ්‍යඞ්ගයන්ගේ එකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. ප්‍රවිචයාර්‍ත්‍ථයෙන් ධර්‍මවිචයසම්බොධ්‍යඞ්ගය වඩන්නහුට ධර්‍මවිචයසම්බොධ්‍යඞ්ගයාගේ වශයෙන් ෂඩ්බොධ්‍යඞ්ගයෝ එකරස වෙත් නු යි බොධ්‍යඞ්ගයන්ගේ එකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යසම්බොධ්‍යඞ්ගය වඩන්නහුට වීර්‍ය්‍යසම්බොධ්‍යඞ්ගයාගේ වශයෙන් ෂඩ්බොධ්‍යඞ්ගයෝ එකරස වෙත් නු යි බොධ්‍යඞ්ගයන්ගේ එකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. ස්ඵරණ (පැතිරීම්) අර්‍ත්‍ථයෙන් ප්‍රීතිසම්බොධ්‍යඞ්ගය වඩන්නහුට ප්‍රීතිසම්බොධ්‍යඞ්ගයාගේ වශයෙන් ෂඩ්බොධ්‍යඞ්ගයෝ එකරස වෙත් නු යි බොධ්‍යඞ්ගයන්ගේ එකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. උපශමාර්‍ත්‍ථයෙන් ප්‍රශ්‍රබ්ධිසම්බොධ්‍යඞ්ගය වඩන්නහුට ප්‍රශ්‍රබ්ධිසම්බොධ්‍යඞ්ගයාගේ වශයෙන් ෂඩ්බොධ්‍යඞ්ගයෝ එකරස වෙත් නු යි බොධ්‍යඞ්ගයන්ගේ එකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. අවික්‍ෂෙපාර්‍ත්‍ථයෙන් සමාධිසම්බොධ්‍යඞ්ගය වඩන්නහුට සමාධිසම්බොධ්‍යඞ්ගයාගේ වශයෙන් ෂඩ්බොධ්‍යඞ්ගයෝ එකරස වෙත් නු යි බොධ්‍යඞ්ගයන්ගේ එකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. ප්‍රතිසඞ්ඛ්‍යානාර්‍ත්‍ථයෙන් උපෙක්‍ෂාසම්බොධ්‍යඞ්ගය වඩන්නහුට උපෙක්‍ෂාසම්බොධ්‍යඞ්ගයාගේ වශයෙන් ෂඩ්බොධ්‍යම්ගයෝ එකරස වෙත් නු යි බොධ්‍යඞ්ගයන්ගේ එකරසාර්‍ත්‍ථයෙන් භාවනා යි .

දර්‍ශනාර්‍ත්‍ථයෙන් සම්‍යග්දෘෂ්ටිය වඩන්නහුට සම්‍යග්දෘෂ්ටියගේ වශයෙන් සප්තමාර්‍ගාඞ්ගයෝ එකරස වෙත් නු යි මාර්‍ගඞ්ගයන්ගේ එකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. අභිනිරොපණාර්‍ත්‍ථයෙන් සම්‍යක්සංකල්පය වඩන්නහුට සම්‍යක්සංකල්පයාගේ වශයෙන් සප්තමාර්‍ගාඞ්ගයෝ එකරස වෙත් නු යි මාර්‍ගඞ්ගයන්ගේ එකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. පරිග්‍රහාර්‍ත්‍ථයෙන් සම්‍යග්වචනය වඩන්නහුට සම්‍යග්වචනයාගේ වශයෙන් සප්තමාර්‍ගාඞ්ගයෝ එකරස වෙත් නු යි මාර්‍ගඞ්ගයන්ගේ එකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. සමුත‍්ථානාර්‍ත්‍ථයෙන් සම්‍යක්කර්‍මාන්තය වඩන්නහුට සම්‍යක්කර්‍මාන්තයාගේ වශයෙන් සප්තමාර්‍ගාඞ්ගයෝ එකරස වෙත් නු යි මාර්‍ගඞ්ගයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. ව්‍යවදාන (පරිශුද්ධි) අර්‍ත්‍ථයෙන් සම්‍යගාජීවය වඩන්නහුට සම්‍යගාජීවයාගේ වශයෙන් සප්තමාර්‍ගාඞ්ගයෝ එකරස වෙත් නු යි මාර්‍ගඞ්ගයන්ගේ එකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් සම්‍යග්ව්‍යායාමය වඩන්නහුට සම්‍යග්ව්‍යායාමයගේ වශයෙන් සප්තමාර්‍ගාඞ්ගයෝ එකරස වෙත් නු යි මාර්‍ගාඞ්ගයන්ගේ එකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. උපස්ථානාර්‍ත්‍ථයෙන් සම්‍යග්ස්මෘතිය වඩන්නහුට සම්‍යක්ස්මෘතියගේ වශයෙන් සප්තමාර්‍ගාඞ්ගයෝ එකරස වෙත් නු යි මාර්‍ගාඞ්ගයන්ගේ එකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. අවික්‍ෂොපාර්‍ත්‍ථයෙන් සම්‍යක්සමාධිය වඩන්නහුට සම්‍යක්සමාධිහුගේ වශයෙන් සප්තමාර්‍ගාඞ්ගයෝ එකරස වෙත් නු යි මාර්‍ගාඞ්ගයන්ගේ එකරසාර්‍ත්‍ථයෙන් භාවනා යි. මේ එකරස භාවනා යි.

ආසෙවනාභාවනා කවර යත්: “මෙ සස්නෙහි මහණ තෙම පෙරවරු කාලයෙහි දු (වශීප්‍රාප්තසමාධිය) ආසෙවන කෙරෙයි. මධ්‍යාහ්නකාලයෙහි දු ආසෙවන කෙරෙයි. සවස්කාලයෙහි දු ආසෙවන කෙරෙයි. පෙරබත්හි දු ආසෙවන කෙරෙයි. පසුබත්හි දු ආසෙවන කෙරෙයි. පෙරයම්හි දු ආසෙවන කෙරෙයි. මැදියම්හි දු ආසෙවන කෙරෙයි. අලුයම්හි දු ආසෙවන කෙරෙයි. රැයි දු ආසෙවන කෙරෙයි. දාවල්හි දු ආසෙවන කෙරෙයි. රෑදාවල්හි දු ආසෙවන කෙරෙයි. කෘෂ්ණපක්‍ෂයෙහි දු ආසෙවන කෙරෙයි. ශුක්ලපක්‍ෂයෙහි දු ආසෙවන කෙරෙයි. වසන්හි දු ආසෙවන කෙරෙයි. හිමත්හි දු ආසෙවන කෙරෙයි. ගිමන්හි දු ආසෙවන කෙරෙයි. පළමුවයස් හි දු ආසෙවන කෙරෙයි. මැදිම්වයස් හි දු ආසෙවන කෙරෙයි. පැසිම්වයස්හි දු (වශීප්‍රාප්තසමාධිය) ආසෙවන කෙරෙයි. මේ ආසෙවනභාවනා යි.

මොහු සතර භාවනා යි.

අනෙකුදු භාවනා සතරෙකි. (නෙක්ඛම්මාදි) භාවනාවිශෙෂයෙහි උපන් (සමාධි පඤ්ඤා සඞ්ඛ්‍යාත යුගනන්‍ධ) ධර්‍මයන් (ඔවුනොවුන්) නො ඉක්මැ පවත්නා බැවින් භාවනා යැ. (ශ්‍රද්ධාදි) ඉන්‍ද්‍රියයන්ගේ එකරස භාවයෙන් භාවනා යැ. තදනුච්ඡවික වීර්‍ය්‍යධූරභාවයෙන් භවානා යැ. අසෙවනාභාවයෙන් භාවනා යි.

කිසෙයින් ඒ භාවනාවිශෙෂයෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් (නො ඉක්මැ පවත්නා බැවින්) වූ භාවනා වෙයි යත්:

කාමචඡන්‍දය දුරලන්නාහට නෛෂ්ක්‍රම්‍යවශයෙන් උපන් (සමාධි - ප්‍රඥා සඞඛ්‍යාත යුගනන්‍ධ) ධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ නෛෂ්ක්‍රම්‍යභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. ව්‍යාපාදය දුරලන්නාහට අව්‍යපාදවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ අව්‍යාපාදභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. ථීනමිද්ධය දුරලන්නාහට අලොකසංඥාවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ අලොකසංඥාභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. උද්ධච්චය දුරලන්නාහට අවික්‍ෂෙපවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ අවි‍ක්‍ෂෙපභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. විචිකිච්ඡාව දුරලන්නාහට ධර්‍මනිශ්චයවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ ධම්මවවත්‍ථානභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. අවිද්‍යාව දුරලන්නාහට ඥානවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ ඥානභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. අරතිය දුරලන්නාහට ප්‍රාමොද්‍යවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ ප්‍රමොද්‍යභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යි.

නීවරණයන් දුරලන්නාහට ප්‍රථමධ්‍යානවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ ප්‍රථමධ්‍යානභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ විතර්‍කවිචාරයන් දුරලන්නාහට ද්වීතීයධ්‍යානවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ ද්වීතියධ්‍යානභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. ප්‍රීතිය දුරලන්නාහට තෘතීයධ්‍යානවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ තෘතීයධ්‍යානභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. සුඛදුඃඛයන් දුරලන්නාහට චතුර්ථධ්‍යානවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ චතුර්ථධ්‍යානභාවනායෙහි උපන් ධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යි.

රූපසංඥාව - ප්‍රතිඝසංඥාව - නානාත්‍වසංඥාව දුරලන්නාහට ආකාසානඤ්චායතන සමාපත්තිවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ ආකාසානඤ්චායතන සමාපත්තිභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. ආකාසානඤ්චායතනසංඥාව දුරලන්නාහට විඤ්ඤාණඤ්චයතනසමාපත්ති වශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ විඤ්ඤාණඤ්චායතනසමාපත්තිභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. විඤ්ඤාණඤ්චායතනසංඥාව දුරලන්නාහට ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති වශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ ආකිඤ්චඤ්ඤායතනසමාපත්ති භාවනායෙහි උපන් ගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. ආකිඤ්චඤ්ඤායතනසංඥාව දුරලන්නාහට නෙවසඤ්ඤානාඤ්ඤායතනසමාපත්ති වශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ නෙවසඤ්ඤානාඤ්ඤායතන භාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යි.

නිත්‍යසංඥාව දුරලන්නාහට අනිත්‍යානුදර්‍ශනා වශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ අනිත්‍යානුදර්‍ශනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. සුඛසංඥාව දුරලන්නාහට දුඃඛානුදර්‍ශනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ දුඃඛානුදර්‍ශනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. ආත්මසංඥාව දුරලන්නාහට අනාත්මානුදර්‍ශනා වශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ අනාත්මානුදර්‍ශනාභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. නන්‍දිය (සප්‍රීතිකතෘෂ්ණාව) දුරලන්නාහට නිර්‍වෙදානුදර්‍ශනාවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ නිර්‍වෙදානුදර්‍ශනාභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ, රාගය (නිෂ්ප්‍රීතිකතෘෂ්ණාව) දුරලන්නාහට විරාගානුදර්‍ශනා වශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්ම පවත්නාහු නු යි ඒ විරාගානුදර්‍ශනාභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. සමුදය දුරලන්නාහට නිරොධානුදර්‍ශනාවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ නිරොධානුදර්‍ශනාභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. ආදානය (ග්‍රහණය) දුරලන්නාහට පටිනිස්සග්ගානුපස්සනාවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ පටිනිස්සග්ගානුපස්සනාභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. ඝනසංඥාව දුරලන්නාහට ක්‍ෂයානුදර්‍ශනාවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ ක්‍ෂයානුදර්‍ශනාභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. කර්‍මායූහනය දුරලන්නාහට ව්‍යානුදර්‍ශනාවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ ව්‍යානුදර්‍ශනාභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. ධ්‍රැවසංඥාව දුරලන්නාහට විපරිණාමානුදර්‍ශනාවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක් මැ පවත්නාහු නු යි ඒ විපරිණාමානුදර්‍ශනාභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. (නිත්‍ය) නිමිත්තසංඥාව දුරලන්නාහට අනිමිත්තානුදර්‍ශනාවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ අනිමිත්තානුදර්‍ශනාභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. ප්‍රණිධිය (සුඛ ප්‍රාර්ථනාව) දුරලන්නාහට අප්‍රණිහිතානුදර්‍ශනාවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ අප්‍රණිහිතානුදර්‍ශනාභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. ආත්මාභිනිවෙශය දුරලන්නාහට ශුන්‍යතානුදර්‍ශනාවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ ශුන්‍යතානුදර්‍ශනා භාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. නිත්‍යසාරආත්මසාරාදි විසින් ග්‍රහණයාගේ අභිනිවෙශය දුරලන්නාහට අධිප්‍රඥාධර්‍මවිදර්‍ශනාවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ අධිප්‍රඥාධර්‍මවිදර්‍ශනාභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. සම්මොහාභිනිවෙශය දුරලන්නාහට යථාභූතඥානදර්‍ශනවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ යථාභූතඥානදර්‍ශනභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. ආලයාභිනිවෙශය දුරලන්නාහට ආදීනවානුදර්‍ශනාවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ ආදීනවානුදර්‍ශනාභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. අනුපායග්‍රහණය දුරලන්නාහට පටිසඞ්ඛානුපස්සනාවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ පටිසඞ්ඛානුපස්සනාභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. සංයොගාභිනිවෙශය (කාමායොගාදික්ලෙශයප්‍රවෘත්තිය) දුරලන්නාහට විවර්‍තානුදර්‍ශනාවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ විවර්‍තානුදර්‍ශනාභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ.

දෘෂ්ටීන් හා සමග එක් තැන්හි සිටි ක්ලෙශයන් දුරලන්නාහට ස්‍රොතාපත්තිමාර්‍ගවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ ස්‍රොතාපත්තිමාර්‍ගභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. ඖදාරික (කාමරාගව්‍යාපාද) ක්ලෙශයන් දුරලන්නාහට සකෘදාගාමීමාර්‍ගවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ සකෘදාගාමීමාර්‍ගභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. අණුසහගත (කාමරාග - ව්‍යාපාද) ක්ලෙශයන් දුරලන්නාහට අනාගාමීමාර්‍ගවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ අනාගාමීමාර්‍ගභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. සියලු ක්ලෙශයන් දුරලන්නාහට අර්‍හන්මාර්‍ගවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ අර්‍හන්මාර්‍ගභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යි.

මෙසෙයින් ඒ භාවනාවිශෙෂයෙහි උපන් යුගනන්‍ධ ධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යි.

කිසෙයින් ඉන්‍ද්‍රියයන්ගේ එකරස (කෘත්‍ය) භාවයෙන් භාවනා වෙයි යත්:

කාමච්ඡන්‍දය දුරලන්නාහට නෛෂ්ක්‍රම්‍යවශයෙන් පඤ්චෙන්‍ද්‍රියයෝ (විමුක්තිරසයෙන් හෝ කෘත්‍යරසයෙන්) එකරස වෙත් නු යි ඉන්‍ද්‍රියයන්ගේ එකරසභාවයෙන් භාවනා යැ. ව්‍යාපාදය දුරලන්නාහට අව්‍යාපාදවශයෙන් පඤ්චෙන්‍ද්‍රියයෝ එකරස වෙත් නු යි ඉන්‍ද්‍රියයන්ගේ එකරසභාවයෙන් භාවනා යැ ... සියලු ක්ලෙශයන් දුරලන්නාහට අර්‍හන්මාර්‍ගවශයෙන් පඤ්චෙන්‍ද්‍රියයෝ එකරස වෙත් නු යි ඉන්‍ද්‍රියයන්ගේ එකරසභාවයෙන් භාවනා යි.

මෙසෙයින් ඉන්‍ද්‍රියයන්ගේ එකරසභාවයෙන් භාවනා වේ.

කිසෙයින් තදනුච්ඡවිකවීර්‍ය්‍යධුරභාවයෙන් භාවනා වෙයි යත්:

කාමච්ඡන්‍දය දුරලන්නේ නෛෂ්ක්‍රම්‍යවශයෙන් වීර්‍ය්‍යය පවත්වා නු යි. තදනුච්ඡවිකවීර්‍ය්‍යධුරභාවයෙන් භාවනා යැ. ... ව්‍යාපාදය දුරලන්නේ අව්‍යාපාදවශයෙන් වීර්‍ය්‍යය පවත්වා නු යි. තදනුච්ඡවිකවීර්‍ය්‍යධුරභාවයෙන් භාවනා යැ. ... සියලු ක්ලෙශයන් දුරලන්නේ අර්‍හන්මාර්‍ගවශයෙන් වීර්‍ය්‍යය පවත්වා නු යි. තදනුච්ඡවිකවීර්‍ය්‍යධුරභාවයෙන් භාවනා යි.

මෙසෙයින් තදනුච්ඡවිකවීර්‍ය්‍යධුරභාවයෙන් භාවනා වේ.

කිසෙයින් අසෙවනාර්‍ත්‍ථයෙන් භාවනා වෙයි යත්:

කාමච්ඡන්‍දය දුරලන්නේ නෛෂ්ක්‍රම්‍යය ආසෙවන කෙරේ නු යි ආසෙවනාර්‍ත්‍ථයෙන් භාවනා යැ. ව්‍යාපාදය දුරලන්නේ අව්‍යාපාදය ආසෙවන කෙරේ නු යි ආසෙවනාර්‍ත්‍ථයෙන් භාවනා යැ. ... සියලු ක්ලෙශයන් දුරලන්නේ අර්‍හන්මාර්‍ගය ආසෙවන කෙරේ නු යි ආසෙවනාර්‍ත්‍ථයෙන් භාවනා යි.

මෙසෙයින් අසෙවනාර්‍ත්‍ථයෙන් භාවනා වේ. මොහු සතර භාවනා යි.

රූපය (අනිත්‍යාදි වශයෙන්) දක්නේ ( භාවිතව්‍යභාවනාව) වඩයි. වෙදනාව (අනිත්‍යාදිවශයෙන්) දක්නේ (භාවිතව්‍යභාවනාව) වඩයි. සංඥාව (අනිත්‍යාදි වශයෙන්) දක්නේ (භාවිතව්‍යභාවනාව) වඩයි. සංඥාව (අනිත්‍යාදිවශයෙන්) දක්නේ (භාවිතව්‍යභාවනාව) වඩයි. සංස්කාරයන් (අනිත්‍යාදිවශයෙන්) දක්නේ (භාවිතව්‍යභාවනාව) වඩයි. විඥානය (අනිත්‍යාදිවශයෙන්) දක්නේ (භාවිතව්‍යභාවනාව) වඩයි. චක්‍ෂුස ... ජරාමරණය ... අමතොගධනිර්‍වාණය නිෂ්ඨාර්‍ත්‍ථයෙන් දක්නේ (භාවිතව්‍යභාවනාව) වඩයි.

යම් යම් ධර්‍ම කෙනෙක් වඩන ලද්දාහු වෙත් ද ඒ ඒ ධර්‍මයෝ එකරස වෙත්. එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ. ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යැ. එයින් කියනු ලැබෙයි. “ඉමෙ ධම්මා භාවෙතබ්බා’ති සොතාවධානං තං පජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං”යි

භාවෙතබ්බ නිද්දෙස යි.

සතරවැනි බණවර යි.

(6)

කිසෙයින් මේ ධර්‍මයෝ සාක්‍ෂාත්කර්‍තව්‍යහ යන දෙශනාව සොතාවධාන (ශ්‍රැතය) වේ ද, එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන වෙයි යත්:

එක් ධර්‍මයෙක් සාක්‍ෂාත්කර්‍තව්‍ය යැ: අර්‍හත්ඵල විමුක්තිය යි.

ධර්‍මයෝ දෙදෙනෙක් සාක්‍ෂාත්කර්‍තව්‍ය වෙති: ත්‍රිවිද්‍යා ද අර්‍හත්‍වඵලය ද යන දෙක යි.

ධර්‍මයෝ තුන් දෙනෙක් සාක්‍ෂාත්කර්‍තව්‍ය වෙති: ත්‍රිවිද්‍යා යි.

ධර්‍මයෝ සතරදෙනෙක් සාක්‍ෂාත්කර්‍තව්‍ය වෙති: සතර ශ්‍රාමණ්‍ය ඵලයෝ යි.

ධර්‍මයෝ පස්දෙනෙක් සාක්‍ෂාත්කර්‍තව්‍ය වෙති: පඤ්චවිධ ධර්‍මස්කන්‍ධයෝ යි.

ධර්‍මයෝ සදෙනෙක් සාක්‍ෂාත්කර්‍තව්‍ය වෙති: ෂට්අභිඥාවෝ යි.

ධර්‍මයෝ සත්දෙනෙක් සාක්‍ෂාත්කර්‍තව්‍ය වෙති: සප්ත ක්‍ෂීණාස්‍ර‍ව බලයෝ යි.

ධර්‍මයෝ අටදෙනෙක් සාක්‍ෂාත්කර්‍තව්‍ය වෙති: අෂ්ටවිමොක්‍ෂයෝ යි.

ධර්‍මයෝ නවදෙනෙක් සාක්‍ෂාත්කර්‍තව්‍ය වෙති: නවඅනුපූර්‍වනිරොධයෝ යි.

ධර්‍මයෝ දසදෙනෙක් සාක්‍ෂාත්කර්‍තව්‍ය වෙති: දශඅශෛක්‍ෂ ධර්‍මයෝ යි.

(7)

මහණෙනි, සියල්ල සාක්‍ෂාත්කර්‍තව්‍ය යැ. මහණෙනි, කවර සියල්ල සාක්‍ෂාත්කර්‍තව්‍ය වෙයි යත්:

මහණෙනි, චක්‍ෂුස සාක්‍ෂාත්කර්‍තව්‍ය යැ. රූපයෝ සාක්‍ෂාත්කර්‍තව්‍යයෝ යැ. චක්‍ෂුර්විඥානය සාක්‍ෂාත්කර්‍තව්‍ය යැ. චක්‍ෂුර්විඥානසම්ප්‍රයුක්ත ස්පර්‍ශය සාක්‍ෂාත්කර්‍තව්‍ය යැ. චක්‍ෂුඃස්පර්‍ශප්‍රත්‍යයෙන් සුඛ වූ හෝ දුක්ඛ වූ හෝ අදුක්ඛමසුඛ වූ හෝ යම් වෙදනායෙක් උපදී නම් හෙ ද සාක්‍ෂාත්කර්‍තව්‍ය යි.

ශ්‍රොතය සාක්‍ෂාත්කර්‍තව්‍ය යැ. ශබ්දයෝ සාක්‍ෂාත්කර්‍තව්‍යයෝ යැ … ඝ්‍රාණය සාක්‍ෂාත්කර්‍තව්‍ය යැ. ගන්‍ධයෝ සාක්‍ෂාත්කර්‍තව්‍යයෝ යැ ... ජිහ්වාව සාක්‍ෂාත්කර්‍තව්‍ය යැ. රසයෝ සාක්‍ෂාත්කර්‍තව්‍යයෝ යැ. ... කය සාක්‍ෂාත්කර්‍තව්‍ය යැ. ස්ප්‍රෂ්ටව්‍යයෝ සාක්‍ෂාත්කර්‍තව්‍යයෝ යැ ... මනස සාක්‍ෂාත්කර්‍තව්‍ය යැ. ධර්‍මයෝ සාක්‍ෂාත්කර්‍තව්‍යයෝ යැ. මනොවිඥානය සාක්‍ෂාත්කර්‍තව්‍ය යැ. මනඃස්පශ්‍රය සාක්‍ෂාත්කර්‍තව්‍ය යැ. මනඃස්පර්‍ශප්‍රත්‍යයෙන් සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වෙදනායෙක් උපදී නම් හෙ ද සාක්‍ෂාත්කර්‍තව්‍ය යි.

රූපය (අනිත්‍යාදි වශයෙන්) දක්මින් ප්‍රත්‍යක්‍ෂ කෙරෙයි. වෙදනාව දක්මින් ප්‍රත්‍යක්‍ෂ කෙරෙයි. සංඥාව දක්මින් ප්‍රත්‍යක්‍ෂ කෙරෙයි. සංස්කාරයන් දක්මින් ප්‍රත්‍යක්‍ෂ කෙරෙයි. විඥානය දක්මින් ප්‍රත්‍යක්‍ෂ කෙරෙයි. චක්‍ෂුස ... ජරාමරණ … අමතොගධ නිර්‍වාණය නිෂඨාර්‍ත්‍ථයෙන් දක්මින් ප්‍රත්‍යක්‍ෂ කෙරේ.

යම් යම් ධර්‍ම කෙනෙක් (ආලම්බන-ප්‍රතිලාභ විසින්) ප්‍රත්‍යක්‍ෂ කරන ලද්දාහු වෙත් ද ඒ ඒ ධර්‍මයෝ ස්පර්‍ශ කරන ලද්දාහු වෙත්. එය ඥතාර්‍ත්‍ථයෙන් ඥාන යැ. ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි “ඉමෙ ධම්මා සච්ඡිකාතබ්බා’ති සොතාවධනාං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං”යි.

සච්ඡිකාතබ්බ නිද්දෙස යි.

(8)

කිසෙයින් ‘මේ ධර්‍මයෝ පරිහාණිය සෙවුනාහ, මේ ධර්‍මයෝ ස්ථිතිය සෙවුනාහ, මේ ධර්‍මයෝ විශෙෂය සෙවුනාහ, මේ ධර්‍මයෝ නිර්‍වෙධය සෙවුනාහ යන දෙශනාව සොතාවධාන වෙයි, එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන වෙයි යත්:

ප්‍රථමධ්‍යානලාභීහට කාමසහගත (වස්තුකාම-ක්ලෙශකාමාලම්බන) සංඥාමනස්කාරයෝ පවතිත් නම් හානභාගියධර්‍ම වෙයි. ඒ ප්‍රථමධ්‍යානය අනුව පවත්නා නිකාන්තිය පිහිටා නම් ස්ථිතිභාගියධර්‍ම වෙයි. අවිතර්‍කසහගත (ද්වීතියධ්‍යානාලම්බන) වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් විශෙෂභාගියධර්‍ම වෙයි. විරාගූපසංහිත වූ නිර්‍වෙදසහගත (විදර්‍ශනාලම්බන) වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් නි‍ර්‍වෙධභාගියධර්‍ම වේ.

ද්විතීයධ්‍යානලාභීහට විතර්‍කසහගත (ප්‍රථමධ්‍යානාලම්බන) වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් හානභාගියධර්‍ම වෙයි. ඒ ද්විතීයධ්‍යානය අනුව පවත්නා නිකාන්තිය පිහිටා නම් ස්ථිතිභාගියධර්‍ම වෙයි. උපෙක්‍ෂාසහගත (තෘතීයධ්‍යානාලම්බන) වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් විශෙෂභාගියධර්‍ම වෙයි. විරාගූපසංහිත වූ නිර්‍වෙදසහගත සංඥාමනස්කාරයෝ පවතිත් නම් නි‍ර්‍වෙධභාගියධර්‍ම වේ.

තෘතීයධ්‍යානලාභීහට ප්‍රීතිසුඛසහගත (ද්විතීයධ්‍යානලම්බන) වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් හානභාගියධර්‍ම වෙයි. ඒ තෘතීයධ්‍යානය අනුව පවත්නා නිකාන්තිය පිහිටා නම් ස්ථිතිභාගියධර්‍ම වෙයි. උපෙක්‍ෂාසුඛසහගත (චතුර්ථධ්‍යානාලම්බන) වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් විශෙෂභාගියධර්‍ම වෙයි. විරාගූපසංහිත වූ නිර්‍වෙදසහගත සංඥාමනස්කාරයෝ පවතිත් නම් නි‍ර්‍වෙදභාගියධර්‍ම වේ.

චතුර්ථධ්‍යානලාභීහට උපෙක්‍ෂාසුඛසහගත (තෘතීයධ්‍යානලම්බන) වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් හානභාගියධර්‍ම වෙයි. ඒ චතුර්ථධ්‍යානය අනුව පවත්නා නිකාන්තිය පිහිටා නම් ස්ථිතිභාගියධර්‍ම වෙයි. ආකාසානඤ්චායතනාරම්මණ වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් විශෙෂභාගියධර්‍ම වෙයි. විරාගූපසංහිත වූ නිර්‍වෙදසහගත (විදර්‍ශනාලම්බන) වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් නි‍ර්‍වෙධභාගියධර්‍ම වේ.

ආකාසානඤ්චායතනලාභීහට රූපසහගත (රූපධ්‍යානාලම්බන) වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් හානභාගිය ධර්‍ම වෙයි, ඒ ආකාසානඤ්චායතනය අනුව පවත්නා නිකාන්තිය පිහිටා නම් ස්ථිතිභාගියධර්‍ම වෙයි. විඤ්ඤාණඤ්චායතන සහගත වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් විශෙෂභාගියධර්‍ම වෙයි. විරාගූපසංහිත වූ නිර්‍වෙදසහගත වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් නි‍ර්‍වෙධභාගියධර්‍ම වේ.

විඤ්ඤාණඤ්චාචායතනලාභීහට ආකාසානඤ්චායතන සහගත වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් හානභාගියධර්‍ම වෙයි, ඒ විඤ්ඤාණඤ්චායතනය අනුව පවත්නා නිකාන්තිය පිහිටා නම් ස්ථිතිභාගියධර්‍ම වෙයි. ආකිඤ්චඤ්ඤායතන සහගත වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් විශෙෂභාගියධර්‍ම වෙයි. විරාගූපසංහිත වූ නිර්‍වෙදසහගත වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් නි‍ර්‍වෙධභාගියධර්‍ම වේ.

ආකිඤ්චඤ්ඤායතනලාභීහට විඤ්ඤාණඤ්චායතන සහගත වූ සංඥාමනසිකාරයෝ පවතිත් නම් හානභාගියධර්‍ම වෙයි. ඒ ආකිඤ්චඤ්ඤායතනය අනුව පවත්නා නිකාන්තිය පිහිටා නම් ස්ථිතිභාගියධර්‍ම වෙයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතන සහගත වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් විශෙෂ භාගියධර්‍ම වෙයි. විරාගූපසංහිත වූ නිර්‍වෙදසහගත සංඥාමනස්කාරයෝ පවතිත් නම් නි‍ර්‍වෙධභාගියධර්‍ම වේ.

එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන නමැ. ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා නමි. එයින් කියනු ලැබෙයි: “ඉමෙ ධම්මා හානභාගියා, ඉමෙ ධම්මා ඨිතිභාගියා, ඉමෙ ධම්මා විස්සෙභාගියා, ඉමෙ ධම්මා නිබ්බෙධභාගියාති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං”යි.

හානභාගියචතුක්කනිද්දෙස යි.

(9)

කිසෙයින් සියලු සංස්කාරයෝ අනිත්‍යයෝ යැ සියලු සංස්කාරයෝ දුඃඛයෝ යැ සියලු ධර්‍මයෝ අනාත්ම යැ යන දෙශනාව සොතවධාන වේ ද, එය දැනගන්නා ප්‍ර‍ඥාව ශ්‍රැතමයඥාන වේ ද යත්:

රූපය ක්‍ෂය වන බැවින් අනිත්‍ය යැ. ප්‍ර‍තිභය සහිත බැවින් දුඃඛ යැ. ආත්මසාර රහිත බැවින් අනාත්ම යැ යනු සොතවධාන (ශ්‍රැත) යැ. එය දැනගන්නා ප්‍ර‍ඥාව ශ්‍රැතමයඥාන යි.

වෙදනාව ... සංඥාව ... සංස්කාරයෝ ... විඥානය ... චක්‍ෂුස … ජරාමරණය ක්‍ෂය වන බැවින් අනිත්‍ය යැ. ප්‍ර‍තිභය සහිත බැවින් දුඃඛ යැ. ආත්මසාර රහිත බැවින් අනාත්ම යැ යනු සොතවධාන යැ. එය දැනගන්නා ප්‍ර‍ඥාව ශ්‍රැතමයඥාන යි. එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන නමැ. ප්‍ර‍ජානනාර්‍ත්‍ථයෙන් ප්‍ර‍ඥා නමි. එයින් කියනු ලැබෙයි: “සබ්බේ සඞ්ඛාරා අනිච්චා සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා සබ්බෙ ධම්මා අනත්තා’ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං”යි.

ලක්ඛණතතිකනිද්දෙස යි.

(10)

කිසෙයින් මේ දුඃඛාර්‍ය්‍යසත්‍ය යැ, මේ දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍ය යැ, මේ දුඃඛනිරොධාර්‍ය්‍යසත්‍ය යැ, මේ දුඃඛනිරොධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යැ යන දෙශනාව සොතාවධාන වෙයි, එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන වෙයි යත්:

එහි ‘දුඃඛාර්‍ය්‍යසත්‍යය’ කවර යත්: ජාතිය ද දුක යැ, ජරාව ද දුක යැ, මරණය ද දුක යැ, සොකපරිදෙවදුක්ඛදොමනස්සඋපායාසයෝ ද දුඃඛයෝ යැ, අප්‍රියයන් සමග එක්වීම දුක යැ, ප්‍රියයන් කෙරෙන් වෙන්වීම දුක යැ, යම් හෙයෙකින් ඉස්නේ නො ලබා නම් හෙ ද දුක යැ, සැකෙවින් පඤ්චොපාදානස්ක්‍න්ධයෝ දුඃඛයෝ යි.

එහි ‘ජාති’ කවර යත්: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායෙහි යම් ඉපදීමෙක් මොනොවට ඉපදීමෙක් අවක්‍රාන්තියෙක් ප්‍රකට වැ පහළවීමෙක් ස්කන්‍ධයන්ගේ පහළවීමෙක් ආයතනයන්ගේ පහළවීමෙක් වේ ද මේ ‘ජාති‘ යයි කියනු ලැබේ.

එහි ‘ජරා’ කවර යත්: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායෙහි යම් දිරීමෙක් දිරන බවෙක් (දන්තාදීන්ගේ) කැඩුණු බවෙක් (කෙශාදීන්ගේ) පැසුණු බවෙක් ඇඟරැළි වැටුණු බවෙක් ආයුෂයාගේ පිරිහීමෙක් ඉන්‍ද්‍රියයන්ගේ මිහිකිරීමෙක් වේ ද මේ ‘ජරා’ ය යි කියනු ලැබේ.

එහි ‘මරණ‘ කවරෙ යත්: ඒ ඒ සත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායෙහි යම් ච්‍යුතියෙක් ච්‍යුත වන බවෙක් (ස්කන්‍ධයන්ගේ) බිඳීමෙක් අතුරුදහන් වීමෙක් මෘත්‍යු සඞ්ඛ්‍යාත මරණයෙක් කාලක්‍රියායෙක් ස්කන්‍ධයන්ගේ භෙදයෙක් කලෙවරයාගේ නික්‍ෂෙපයෙක් ජීවිතෙන්‍ද්‍රියයාගේ සිඳිමෙක් වේ ද මේ ‘මරණ’ යයි කියනු ලැබේ.

එහි ‘ශෝක’ කවරෙ යත්: ඥාතිව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දාහුගේ භොගව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දාහුගේ රොගව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දාහුගේ ශිලව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දාහුගේ දෘෂ්ටිව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දාහුගේ අන්‍යතරාන්‍යතර ව්‍යසනයෙකින් සමන්විත වූවහුගේ අන්‍යතරාන්‍යතර දුඃඛහෙතුවෙකින් පහස්නා ලද්දාහුගේ යම් ශොකයෙක් ශොක කරන අයුරෙක් ශොක කළ බවෙක් ඇතුළත ශොකයෙක් ඇතුළත පරිශොකයෙක් චිත්තයාගේ හාත්පස දැවීමෙක් දොම්නසෙක් ශොකශල්‍යයෙක් වේ ද මේ ‘ශොක’ යයි කියනු ලැබේ.

එහි ‘පරිදෙව’ කවරෙ යත්: ඥාතිව්‍යසනයෙක් හෝ පහස්නා ලද්දාහුගේ භොගව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දාහුගේ රොගව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දාහුගේ ශිලව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දාහුගේ දෘෂ්ටිව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දාහුගේ අන්‍යතරාන්‍යතරව්‍යසනයෙකින් යුක්ත වූවහුගේ අන්‍යතරාන්‍යතර දුක් හෙතුවෙකින් පහස්නා ලද්දාහුගේ යම් නම කියා හැඬීමෙක් ගුණ කියා හැඬීමෙක් නම කියා හඬනා අයුරෙක් ගුණ කියා හඬන අයුරෙක් නම කියා හඬන බවෙක් ගුණ කියා හඬන බවෙක් වචනයෙක් ප්‍රලාපයෙක් විප්‍රලාපයෙක් පුනපුනා ලපනයෙක් ලපනාකාරයෙක් ලාලප්පිත බවෙක් වේ ද මේ ‘පරිදෙව’ යි කියනු ලැබේ.

එහි ‘දුක්ඛ‘ කවරෙ යත්: කායික වූ යම් නොමිහිරෙක් කායික වූ දුකෙක් කායස්පර්‍ශයෙහි උපන් අසාත වූ දුඃඛවෙදයිතයෙක් කායස්පර්‍ශයෙහි උපන් අසාත වූ දුඃඛවෙදනායෙක් වේ ද මේ ‘දුකැ’ යි කියනු ලැබේ.

එහි ‘දොම්නස’ කවරෙ යත්: චෛතසික වූ යම් නොමිහිරෙක් චෛතසික වු දුකෙක් චිත්තස්පර්‍ශයෙහි උපන් අසාත වූ දුඃඛවෙදයිතයෙක් චිත්තස්පර්‍ශයෙහි උපන් අසාත වූ දුඃඛවෙදනායෙක් වේ ද මේ ‘දොම්නසැ’යි කියනු ලැබේ.

එහි ‘උපායාස’ කවරෙ යත්: ඥාතිව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහුගේ භොගව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහුගේ රොගව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහුගේ ශීලව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහුගේ දෘෂ්ටිව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහුගේ අන්‍යතරාන්‍යතර ව්‍යසනයෙකින් යුක්ත වූවහුගේ අන්‍යතරාන්‍යතර දුක් හෙතුවෙකින් පහස්නා ලද්දහුගේ යම් ආයාසයෙක් දැඩි ආයාසයෙක් ආයාසිත බවෙක් උපායාසිත බවෙක් වේ ද මේ ‘උපායාස’ යි කියනු ලැබේ.

එහි ‘අප්‍රියසම්ප්‍රයොගදුඃඛ’ කවරෙ යත්: මෙලොවැ යම් අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ රූප ශබ්ද ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍ය කෙනෙක් වෙත් ද, තවද යම් අවැඩ කැමැති වූ අහිත කැමැති වූ නොසුව කැමැති වූ අයොගක්‍ෂෙම කැමැති වූ සත්ත්‍ව කෙනෙක් හෝ වෙත් ද ඔවුන් සමග යම් සඞ්ගතියෙක් (එක් වීමෙක්) සමාගමයෙක් සමවධානයෙක් මිශ්‍රීභාවයෙක් (මුසු වීමෙක්) වේ ද මේ ‘අප්‍රියසම්ප්‍රයොගදුඃඛ’යි කියනු ලැබේ.

එහි ‘ප්‍රියවිප්‍රයොගදුඃඛ’ කවරෙ යත්: මෙලො වැ යම් ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ රූප ශබ්ද ගන්‍ධ රස ස්පෂ්ටව්‍ය කෙනෙක් වෙත් ද, තවද මවු හෝ පියා හෝ බෑයා හෝ බූන හෝ මිත්‍රයෝ හෝ යහළුවෝ හෝ නෑසහලේනෑයෝ හෝ වැඩ කැමැති වූ හිත කැමැති වූ සුව කැමැති වූ යම් කෙනෙක් වෙත් ද ඔවුන් සමග යම් නො එක්වීමෙක් අසමාගමයෙක් අසහභාවයෙක් අමිශ්‍රීභාවයෙක් වේ ද මේ ‘ප්‍රියවිප්‍රයොගදුඃඛ’ යි කියනු ලැබේ.

එහි යමක් ඉස්නේ නො ලබා නම් හෙ ද දුක යැ යනු කවරෙ යත්: ජාතිය ස්වභාව කොට ඇති සත්ත්‍වයනට මෙබඳු තෘෂ්ණාවක් උපදි: ‘ඇපි ජාතිය ස්වභාව කොට ඇතියමෝ නො වන්නමෝ නම් එකැතින් අපට ජාතිය නො ද පැමිණේ නම් ඉතා යෙහෙකැ’යි. එතෙකුදු වත් තෙල ඉච්ඡායෙන් නො ලැබියහැකි වෙයි. මෙ ද ‘යමක් ඉස්නේ නො ලබා නම් හෙ ද දුක’ නම් වෙයි. ජරාව ස්වභාව කොට ඇති සත්ත්‍වයනට ... ව්‍යාධිය ස්වභාව කොට ඇති සත්ත්‍වයනට ... මරණය ස්වභාව කොට ඇති සත්ත්‍වයනට ... සොකපරිදෙවදුක්ඛදොමනස්ස - උපායාසයන් ස්වභාව කොට සත්ත්‍වයනට මෙබඳු ඉච්ඡායෙක් උපදී: ‘ඇපි සොකපරිදෙවදුකඛදොමනස්ස උපායාස ස්වභාව කොට ඇතියමෝ නො වන්නමෝ නම් අපට සොකපරිදෙවදුක්ඛදොමනස්ස උපායාසයෝ නො ද පැමිණෙන්නාහු නම් ඉතායෙහෙකැ’යි. එතෙකුදු වත් තෙල ඉච්ඡායෙන් නො ලැබියහැකි වෙයි. මෙද යමක් ඉස්නේ නො ලබා නම් හෙ ද දුක’ නම් වෙයි.

එහි ‘සැකෙවින් පඤ්චොපාදානස්කන්‍ධදුඃඛයෝ කවරහ යත්: හෙ මෙසේ යැ: රූපොපාදානස්කන්‍ධ යැ වෙදනොපාදානස්කන්‍ධ යැ සංඥොපාදානස්කන්‍ධ යැ සංස්කාරොපාදානස්කන්‍ධ යැ විඥානොපාදානස්කන්‍ධ යි. මොහු ‘සැකෙවින් පඤ්චොපදානස්කන්‍ධයෝ දුඃඛයෝ’ යැ යි කියනු ලැබෙත්. මේ දුඃඛාර්‍ය්‍යසත්‍ය යැ යි කියනු ලැබේ.

දුක්ඛසච්චනිද්දෙස යි.

එහි දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය කවරෙ යත්:

පුනර්භවය ඇතිකරන්නා වූ නන්‍දිරාගය හා එක් වැ යෙදුණු ඒ ඒ භවයෙහි ඇලෙනසුලු වූ යම් තෘෂ්ණාවක් වේ ද, ඒ මෙසේ යැ: කාමතෘෂ්ණා යැ භවතෘෂ්ණා යැ විභවතෘෂ්ණා යි. ඒ තෘෂ්ණාව උපදනී නම් කොතන්හි උපදී ද පිහිටාසිටින්නී කොතන්හි පිහිටාසිටී ද යත්: ලොවැ යම් ප්‍රියස්වභාවයෙක් මධුරස්වභාවයෙක් වේ ද තෙල ප්‍රියමධුරස්වභාවයෙහි උපදනා වූ, ඒ තෘෂ්ණාව උපදි. පවත්නී වූ ඒ තෘෂ්ණාව තෙල ප්‍රියමධුරස්වභාවයෙහි පවත්නී ය.

ලොකයෙහි ප්‍රියස්වභාවය මධුරස්වභාවය කිමැ යත්: ලොවැ චක්‍ෂුස ප්‍රියස්වභාව යැ මධුරස්වභාව යි. ඒ තෘෂ්ණාව උපදනී තෙල චක්‍ෂුසෙහි උපදී. පවත්නී තෙල චක්‍ෂුසෙහි පවතී. ලොවැ ශ්‍රොත්‍ර‍ය ... ලොවැ ඝ්‍රාණය ... ලොවැ ජීහ්වාව ... ලොවැ මනස ප්‍රියරූප යැ සාතරූප යි. ඒ තෘෂ්ණාව උපදනී තෙල මනසෙහි උපදී. පවත්නී තෙල මනසෙහි පවතී.

ලොකයෙහි රූපය ප්‍රියරූප යැ සාතරූපයි. ඒ තෘෂ්ණාව උපදනී තෙල රූපයෙහි උපදී. පවත්නී තෙල රූපයෙහි පවතී. ලොවැ ශබ්දයෝ ... ලොවැ ධර්‍මයෝ ... ලොවැ චක්‍ෂුර්විඥානය ... ලොවැ මනොවිඥානය … ලොවැ චක්‍ෂුඃස්පර්‍ශය ... ලොවැ මනඃස්පර්‍ශය … ලොවැ චක්‍ෂුඃස්පර්‍ශයෙන් උපන් වෙදනාව ... ලොවැ මනඃස්පර්‍ශයෙන් උපන් වෙදනාව ... ලොවැ රූප සංඥාව ... ලොවැ ධර්‍මසංඥාව ... ලොවැ රූපසඤ්චෙතනාව ... ලොවැ ධර්‍මසඤ්චෙතනාව ... ලොවැ රූපතෘෂ්ණාව ... ලොවැ ධර්‍මතෘෂ්ණාව ... ලොවැ රූපවිතර්‍කය ... ලොවැ ධර්‍මවිතර්‍කය ... ලොවැ රූපවිචාරය ... ලොවැ ධර්‍මවිචාරය ප්‍රියරූප යැ සාතරූප යි. උපදනා වූ ඒ තෘෂ්ණාව තෙල ධර්‍මවිචාරයෙහි උපදී. බැසසිටුනා ඒ තෘෂ්ණාව තෙල ධර්‍මවිචාරයෙහි පවතී. මේ ‘දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍ය යැ’යි කියනු ලැබේ.

සමුදයසච්චනිද්දෙස යි.

එහි ‘දුඃඛනිරොධාර්‍ය්‍යසත්‍යය’ කවරෙ යත්:

ඒ තෘෂ්ණාවගේ මැ යම් අශෙෂ කොට මාර්‍ගයෙන් නිරුද්ධ කිරීමෙක් ත්‍යාගයෙක් දුරැලීමෙක් මිදීමෙක් නො ඇලීමෙක් වේ ද එය යි. යළි ප්‍රහීණ වන්නා වු ඒ තෘෂ්ණාව කොහි ප්‍රහීණ වේ ද නිරුද්ධ වන්නී කොහි නිරුද්ධ වේ ද යත්. ලොවැ යත් යම් ප්‍රිය ස්වභාවයෙක් මධුරස්වභාවයෙක් වේ ද ප්‍රහීණ වන මේ තෘෂ්ණාව තෙල ප්‍රියමධුරස්වභාවයෙහි ප්‍රහීණ වෙයි. නිරුද්ධ වන්නී තෙල ප්‍රියමධුරස්වභාවයෙහි නිරුද්ධ වෙයි.

ලොවැ ප්‍රියස්වභාවය මධුරස්වභාවය කිමැ යත්: ලොවැ චක්‍ෂුස ප්‍රියරූප යැ සාතරූප යි. මේ තෘෂ්ණාව ප්‍රහීණ වන්නී තෙල චක්‍ෂුසෙහි ප්‍රහීණ වෙයි. නිරුද්ධ වන්නී තෙල චක්‍ෂුසෙහි නිරුද්ධ වේ ... ලොවැ ධර්‍මවිචාරය ප්‍රියරූප යැ සාතරූප යි. ප්‍රහීණ වන ඒ තෘෂ්ණාව තෙල ධර්‍මවිචාරයෙහි ප්‍රහීණ වෙයි. නිරුද්ධ වන්නී තෙල ධර්‍මවිචාරයෙහි නිරුද්ධ වේ. මේ ‘දුඃඛනිරොධාර්‍ය්‍යසත්‍ය’ යැ යි කියනු ලැබේ.

නිරොධසච්චනිද්දෙස යි.

එහි ‘දුඃඛනිරොධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය’ කවරෙ යත්:

මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය මැ යි. ඒ මෙසේ යැ: සම්‍යග්දෘෂ්ටි යැ සම්‍යක්සංකල්ප යැ සම්‍යග්වචන යැ සම්‍යග්කර්‍මාන්ත යැ සම්‍යගාජීව යැ සම්‍යක්ව්‍යායාම යැ සම්‍යක්ස්මෘති යැ සම්‍යක්සමාධි යි.

එහි ‘සම්‍යග්දෘෂ්ටි’ කවර යත්: දුඃඛසත්‍යයෙහි ඥාන යැ දුඃඛසමුදයසත්‍යයෙහි ඥාන යැ දුඃඛනිරොධයෙහි ඥාන යැ දුඃඛනිරොධගාමිනීප්‍රතිපදායෙහි ඥාන යි.

එහි ‘සම්‍යක්සංකල්ප’ කවරෙ යත්: නෛෂ්ක්‍රම්‍යසංකල්ප වැ අව්‍යාපාද සංකල්ප යැ අවිහිංසා සංකල්ප යි. මේ ‘සම්‍යක්සංකල්ප’ යයි කියනු ලැබේ.

එහි ‘සම්‍යග්වාචා’ කවර යත්: මෘෂාවාදයෙන් වෙන්වීම යැ පිසුනු වචනයෙන් වෙන්වීම යැ ඵරුෂවචනයෙන් වෙන්වීම යැ ප්‍රලාප බසින් වෙන්වීම යි. මේ ‘සම්‍යග්වචන’ යයි කියනු ලැබේ.

එහි ‘සම්‍යක්කර්‍මාන්ත’ කවරෙ යත්: ප්‍රාණඝාතයෙන් වෙන්වීම යැ අදත්තාදානයෙන් වෙන්වීම යැ කාමමිථ්‍යාචාරයෙන් වෙන්වීම යි. මේ ‘සම්‍යක්කර්‍මාන්ත’ යයි කියනු ලැබේ.

එහි ‘සම්‍යගාජීව’ කවරෙ යත්: මෙ ලොවැ ආර්‍ය්‍යශ්‍රාවක තෙම මිථ්‍යාආජීවය හැරපියා සම්‍යගාජිවයෙන් ජීවිකාව කෙරෙයි, මේ ‘සම්‍යගාජීව’ යයි කියනු ලැබේ.

එහි ‘සම්‍යග්ව්‍යායාම’ කවරෙ යත්: මෙ සස්නෙහි මහණ තෙම නූපන් ලාමක වූ අකුශලධර්‍මයන්ගේ නො ඉපැදීම පිණිස වීර්‍ය්‍යච්ඡන්දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍යය පවත්වයි, සිත දැඩි කොට ගනී, ප්‍රධන්වීර්‍ය්‍යය පවත්වයි, උපන් ලාමක වූ අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස ... නූපන් කුශල ධර්‍මයන්ගේ ඉපදීම පිණිස ... උපන් කුශලධර්‍මයන්ගේ (නැවත නැවත ඉපදීම්වශයෙන්) ස්ථිතිය පිණිස අවිනාශය පිණිස බහුල බව පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස සම්පූර්‍ණ වීම පිණිස වීර්‍ය්‍යච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, විර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත දැඩි කොට පිහිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. මේ ‘සම්‍යග්ව්‍යායාම’ යයි කියනු ලැබේ.

එහි ‘සම්‍යක් සමෘති’ කවර යත්: මෙ සස්නෙහි මහණ තෙම රූපකායයෙහි කෙලෙසුන් තවන වීර්‍ය්‍ය ඇත්තේ සම්‍යග්ඥාන ඇත්තේ සමෘතිමත් වූයේ කාය සඞ්ඛ්‍යාත ලොකයෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍යය දුරු කොට කය අනුව බලමින් වෙසෙයි. වෙදනාවන්හි වෙදනා අනුව බලමින් ... චිත්තයෙහි සිත අනුව බලමින් ... ස්කන්‍ධාදි ධර්‍මයන්හි කෙලෙසුන් තවන වීර්‍ය්‍යය ඇත්තේ සම්‍යග්ඥානයෙන් යුක්ත වූයේ ස්මෘතිමත් වූයේ සකන්‍ධාදිධර්‍ම සඞ්ඛ්‍යාත ලොකයෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍යය දුරු කොට ධර්‍මයන් අනුව බලමින් වෙසේ. මේ ‘සම්‍යක්සමෘති’ යයි කියනු ලැබේ.

එහි ‘සම්‍යක් සමාධි’ කවරෙ යත්: මෙ සස්නෙහි මහණ තෙම කාමච්ඡන්දයෙන් වෙන් වැ මැ ශෙෂනීවරණ සඞ්ඛ්‍යාත අකුශලධර්‍මයන්ගෙන් වෙන් වැ මැ විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවෙකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි, විතර්‍කවිචාරයන්ගේ සංහිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති චිත්තයාගේ එකොදිභාවය ඇති අවිතර්‍ක වූ අවිචාර වු සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වෙසෙයි, ප්‍රීතියගේ ද විරාගයෙන් උපෙක්‍ෂා ඇත්තේ වෙසෙයි, ස්මෘතිමත් වූයේ ද සම්‍යග්ඥාන ඇත්තේ නාමකයින් සුවය ද විඳියි, යම් ධ්‍යානයක් හෙතු කොට ගෙන ඒ ධ්‍යානසමඞ්ගී පුද්ගලයා උපෙක්‍ෂා ඇත්තේ යැ ස්මෘතිමත් වූයේ යැ සුඛවිහරණ ඇත්තේ යැ යි ආර්‍ය්‍යයෝ ප්‍රකාශ කෙරෙත් ද ඒ තෘතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. කායික සුඛයාගේ ද ප්‍රහාණයෙන් කායිකදුඃඛයාගේ ද ප්‍රහාණයෙන් පළමු මැ සොම්නස් දොම්නසුන්ගේ අස්තඞ්ගමයෙන් දුක් නො වූ සුව නොවූ උපෙක්‍ෂායෙන් උපන් ස්මෘතිපාරිශුද්ධිය ඇති සතරවැනි ධ්‍යානයට පැමිණ වෙසෙයි. මේ ‘සම්‍යක්සමාධි’ යයි කියනු ලැබේ. මේ ‘දුඃඛනිරොධගාමිණී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය’ යයි කියනු ලැබේ.

මග්ගසච්චනිද්දෙස යි.

ඒ සොතාවධාන ඥතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එහෙයින් කියනු ලැබෙයි. “ඉදං දුක්ඛං අරියසච්චං ඉදං දුක්ඛසමුදයො අරියසච්චං ඉදං දුක්ඛනිරොධො අරියසච්චං ඉදං දුක්ඛනිරොධගාමිනීපටිපදා අරියසච්චං යනු සොතාවධාන යි, එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමය ඥාන “යි.

මෙසේ සොතාවධානයෙහි ප්‍රඥාව ශ්‍රැතමයඥාන යි.

චතුසච්චනිද්දෙස යි.

ශ්‍රැතමයඥාන නි‍ර්‍දෙශ යි.


ඥානකථා නිමි.