20190122

මම ස්වාධීන ගැහැණුන්ට බයයි.

Related image

 Sithumini Rathnamalala[[[[ආගමික පිරිමි බොහෝදෙනා ගෑණුන්ට බය ඇයි ?
( බයයි කියන්නේ කටටවත් ගුටිකන්නවත් නෙවෙයි. ගෑනුන්ගේ නිදහස්කාමිත්වයට, හැකියාවන්ට සහ ස්වීයත්වයට) ]]]]]

අනිත් අය මම දන්නෙ නෑ..
මම ස්වාධීන ගැහැණුන්ට බයයි.
ස්වාධීන ගැහැණු
දුරාචාරයේ යෙදෙනවා වැඩියි.
ඇයට වෙන කරන්න දෙයක් නෑ.
ආරක්ෂාව සොයා ගන්න වෙනවා.
ආරක්ෂාව දෙන පිරිමි
ඉල්ලන දේ දෙන්න වෙනවා.

අනාචාරයේ යෙදෙන ගැහැණු
ස්වභාවයෙන්ම ස්වාදීනයි.
ශීලාචාර ගැහැණු
කාගේ හරි ආරක්ෂාව යටතෙ
සැනසිල්ලෙන් ජීවත් වෙනවා.
ස්වාධීන ගැහැණිය අනාරක්ෂිතයි.
ඔවුන් දුක් කරදර විඳිනවා.

ඇහැට කණට පෙනෙන
ස්වාධීන ගැහැනු පස්සෙන් එන
පිරිමි ප්‍රමාණය වැඩියි.
ඒ පිරිමිත් මත්පැන් බොන
දුරාචාරයේ යෙදෙන අය.

මම කැමතියි තනි වාහනයකට.
මගේ නිදහස තියෙන්නෙ
මාත් එක්ක යන වාහනයක.

ස්වාධීන ගැහැණු යන්නෙ
ඒ වෙලාවට තමන් කැමති
තමන්ට ප්‍රිය පිරිමියා එක්කයි.

ගැහැණු ඇත්තටම ස්වාධීන නෑ..
ඔවුන් ස්වාධීන වගේ ජීවත් වෙන්නෙ
ඔවුන්ට පිරිමින්ගෙ ආරක්ෂාව
තියන තැන් වල විතරයි.
පිරිමි නැති ගැහැණු අනාරක්ෂිතයි.

පිරිමියෙක් නැති ගැහැණිය
ආරක්ෂා වෙනවා නම්
ඇයට පිරිමි කල්ලියක්ම ඉන්නවා.
ගණිකාවට ඒ ආරක්ෂාව තියනවා.
බාර්වලට එන ගැහැණුන්ට
ඒ ආරක්ෂාව තියනවා.

තමන්ට ප්‍රයෝජනයක් නැති
ගැහැණියකට ආරක්ෂාව සපයන
පිරිමි මේ ලෝකෙ නෑ.
එහෙම අය ඉන්නවා නම්
ඔවුන් ආරක්ෂාව දීලා
පාවිච්චි කරල කරලා
ඇබ්බැහි වුණ අය තමයි.

ආරක්ෂාව සපයන අය
ගැහැණිය පාවිච්චි කරනවා.

විවාහයෙදි ඒ ආරක්ෂාව සපයලා
හිලව්වට ගැහැණිය භාවිතා කරනවා.

ස්වාධීන ගැහැණුන්ට කල්ලියක් විදියට
ආරක්ෂාව සපයන පිරිමි අතරෙ
මත්පැන් පානය කරමින්
කාමයෙහි නිදහසේ හැසිරෙන ගැහැණු
කල්ලියෙ අය මාරුවෙන් මාරුවට
පාවිච්චි කරනවා.

කොහොම කළත් අන්තිමට වෙන්නෙ
ගැහැණිය පාවිච්චි කරලා
ඉවත දැමීමයි.

ස්වීයත්වය සොයන ගැහැණිය
අතින් අත යනවා වැඩියි.
ස්වාධීන ගැහැණිය
බොහෝ පිරිමි පාවිච්චි කරනවා.
ඔබ දන්න ස්වාධීන ගැහැණු පාවිච්චි කරපු
පිරිමි ගණන ගණන් කරලා බලන්න.

පාවිච්චි කරලා හපවුණාමවත්
ගැහැණියකට ස්වාධීනව ඉන්න
මේ සමාජයෙ ඉඩකඩ අඩුයි.

ගැහැණියකට ස්වාධීනව ඉන්න ලැබෙන්නෙ
සිල්වත් මිනිසුන් සංවරව හැසිරෙන
පන්සලක පල්ලියක කෝවිලක විතරයි.
සෙනග ගැවසෙන්නෙ නැති දවසක
තනියම ගියොත් ඒ තැන්වලවත්
ආරක්ෂාවක් නැති වෙයි.

ස්වාධීන ගැහැනු කියා වර්ගයක්
මේ ලෝකෙ නෑ.

"ස්වාධීන ගැහැණිය" කියන්නෙ නම්බු නාමයක්.
විවාහ නොවී ගැහැණිය පාවිච්චි කරන්න
කාමුක පිරිමි භාවිතා කරන ඔටුන්නක්.
"දෙමාපියන්ගේ, නෑදෑයන්ගේ, සැමියාගේ
ආරක්ෂාවෙන් මිදිලා අපිත් එක්ක වරෙන්"
කියන ආරාධනය තමයි
"ස්වාධීන ගැහැණිය" කියන ඔටුන්නෙ
ඇතුල් පැත්තෙ ලියා තියෙන්නෙ.

ශීලාචාර ගැහැණු ස්වාධීන වෙන්නෙ
ශීලාචාර පිරිමින්ගෙ ආරක්ෂාව මැද
සුදුසු සම්ප්‍රදායික පරිසරයකයි..

20190118

බේබදු සරකානි සෝවාන් වුණේ කොහොමද?




මිනීමරු අංගුලිමාල අතිදක්ෂයෙක්.
ඔහු බුදු දහමට අනුව හැසිරීමෙන්
අර්හත්භාවයට පත්වුණා.

පළමු සිල්පදය 999 වතාවක් කැඩුවත්
අංගුලිමාල රහත් වුණා.
පස්වෙනි සිල්පදය කැඩූ සරකානි
සෝවාන් වීම අරුමයක් නොවෙයි.

ඔවුන් සීල සමාධි ප්‍රඥා තුනම
විපස්සනා වැඩීමෙන් ඇතිකරගත්තා.

පිළින්දවච්ච රහතන් වහන්සේ
ඵරුෂ වචන කිව්වා කියමින්
ධර්මය සමග පටලවා කැත කතා කීමෙන්
තමන් රහතෙක් කියා ඔප්පු කරන්න
සමන්ත හාමුදුරුවන්ට බැරි වුණා.
මත්පැන් බිව් සරකානි සෝවාන් වුණ කෙනෙක් කියා
අපේ රටේ මත්පැන් බොන අයත්
සමන්ත වර්ගයේ අමුතු ආතල් එකක් ගත්තාට
ඔවුන් සෝවාන් වෙන්නෙත් නෑ.

සරකානිට මත්පැන් බිව්වාට පස්සෙත්
තමන්ගේ කය වේදනා ගැන තියන සිහිය
සාමාන්‍ය මත්පැන් බොන කෙනෙකුට
මත්පැන් නොබිව්ව වෙලාවටවත් නෑ.

විපස්සනා වඩන කෙනෙකුට
තමන්ගේ කාය වේදනා දෙක ගැන
පවතින සිහිය සහ උපේක්ෂාව
ඒ පුහුණුවෙන් තොරව පවතින්නෙ නෑ.
කවදා හෝ පුහුණුවී තිබීම අවශ්‍යයි.

රාග ද්වේශ දෙකටම නොවැටී
මැද මාවතේ යන්න නම්
විපස්සනා පුහුණුව අවශ්‍යයි.

දෙපැත්තටම නොවැටී යන්න ලබන
පුහුණුව නැතුව කම්බියේ යන්න බෑ.

කම්බියේ යන්න දක්ෂයෙක්
මත්පැන් බිව්වත් කම්බියේ යාවි.
මත්පැන් බීල බිමවත් ඇවිදින්න බැරි කෙනෙක්
සරකානි දිහා බලාගෙන මත්පැන් බිව්වාට
ඔහුට කම්බියේ යන්න පුලුවන් වෙන්නෙ නෑ.

කම්බියේ යන්න දක්ෂයාට වුණත්
මත්පැන් බිව්වාට පස්සෙ
කම්බියේ ගමන් කිරීම අමාරුයි.
ඊට පස්සෙත් කම්බියේ යනවා නම්
ඔහු සුපිරි දක්ෂයෙක්.
මත්පැන් බීල බිමවත් ඇවිදින්න බැරි අය
පළමුවෙන් කම්බියේ යන්න පුහුණු වෙන්නෙ නැතුව
සරකනි ආදර්ශයට ගැනීම විහිළුවක්.

මත්පැන් බොන කෙනෙක් විපස්සනා වැඩුවොත්
සෝවාන් වීම කෙසේ වෙතත්
ආනාපාන සතිය පවා අසීරු වෙන්න පුලුවන්.
මත්පැන් බිව්වා කියා
සොබා දහම ඔහුට විපස්සනා වැඩීම
තහනම් කරන්නේ නෑ...
සිල් බිඳින අය තමයි
අනිවාර්යයෙන්ම විපස්සනා වැඩිය යුත්තේ.
සීලය තියන කෙනෙක් තරම් පහසුවෙන් නොවුණත්
ඔහුටත් විපස්සනා වඩන්න පුලුවන්.
මත්පැන් බීලසිහිය නැති කරගන්න
මත්පැන් බොන අයට සිහිය අත්‍යාවශ්‍යයි.

මත්පැන් බොන කෙනෙක් වුණත්
මත්පැන් බීමෙන් කයෙහි සිදු වෙන වෙනස්වීම්
සිහියෙන් දකිමින් ඒ වෙනස්වීම් වලට
උපේක්ෂාවෙන් වෙසෙන්න හැකි නම්
විපස්සනාව වැඩෙනවා.
කෝපයට පත් වෙන කෙනෙක් වුණත්
විපස්සනා වැඩුවොත්
කෝපයෙන් මත්වීම නිසා
සෝවාන් වීම අසීරු වෙන්න පුලුවන්.
කෝපයට පත්වීමෙන්
කයෙහි සිදු වෙන වෙනස්වීම්
සිහියෙන් දකිමින් ඒ වෙනස්වීම් වලට
උපේක්ෂාවෙන් වෙසෙන්න ඔහුට හැකි නම්
විපස්සනාව වැඩෙනවා.
ක්ලේශාශ්‍රව නැසීමෙන්
සෝවාන් වෙන්නත් පුලුවන්.

විපස්සනා නොවඩන කෙනෙක්
කෝපයට පත්වුණොත්
ඔහුට තමන් කෝපයට පත්වීම නිසා
කයෙහි වෙන වෙනස්වීම් වැටහෙන්නේ නෑ.
ඔහුට ඒ සංවේදී බව නැහැ.
ඔහු තමන්ගේ කයට වේදනාවලට
සංවේදී නහැ.
ඔහු තමන්ගේ කයෙහි ඇතිවෙන
අප්‍රිය වේදනා නිසා
කෝපයෙන් හැසිරෙනවා.

විපස්සනා වඩන තැනැත්තා
තමන්ගේ කයට වේදනාවලට
සංවේදී වෙන්න පුහුණු වෙනවා.
ඔහු කෝපයට පත් වෙද්දී
තමන්ගේ කය වෙනස් වෙන ආකාරය
ඔහු වේදනා ඇසුරෙන් පෙනෙනවා.
ඔහු ඒ අප්‍රිය වේදනාවලට
උපේක්ෂාවෙන් වෙසෙන්න පුහුණු වීම නිසා
ඔහු කෝපයෙන් හැසිරෙන්නේ නෑ.
ඔහුට කෝපය කායික වේදනාවක්.
ඔහුට මානසික වේදනාවක් නෑ.

මත්පැන් බොන කෙනෙක් වුණත්
මත්පැන් පානය කිරීමෙන් පසුව
තමන්ගේ කයෙහි ඇතිවෙන වේදනාවලට
සිහියෙන් උපේක්ෂාවෙන් වසන්නට හැකි නම්
ඔහු මත්පැනට ඇලෙන සංස්කාර නැසී
සිත පිරිසිදු වෙනවා.

විපස්සනා වඩන අයට
සීලය තියනවා නම්
විපස්සනාවට ඉන් රුකුලක් තියනවා.
සීලය නැති කෙනෙක් විපස්සනා වඩද්දි
සිහිය සහ උපේක්ෂාව වැඩෙන නිසා
සිල් බිඳින්න හේතු වෙන හැඟීම්
කයෙහි වේදනා මට්ටමේදිම දකිමින්
උපේක්ෂාවෙන් විසීම නිසා
ඔහුගෙ ශීලය වර්ධනය වෙනවා.

සරකානිත් අංගුලිමාල වගේ
විශේෂ පුද්ගලයෙක්.

මත්පැන් බොන අයත් සරකානි වගෙයි
කියා තමන් ගැන හිතනවා නම්
දසදින විපස්සනා පාඨමාලාවකට ගිහින්
සිහිය උපේක්ෂාව පවත්වා ගැනීමට
තමන්ගේ හැකියාව දියුණු කරගෙන ඇවිත්
මත්පැන් බීලා බලන්න.

මත්පැන් නොබොන අය පවා
තමන් සාමාන්‍ය ජීවිතේ ඉන්නෙත්
මත්පැන් බිව් අය වගෙයි කියා
ඒ දස දිනය තුළ වටහා ගන්නවා.

සරකානි සූත්‍රයේ මෙසේ සඳහන් වෙනවා.
එකල්හි මහානාම ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් මහානාම ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, “මෙහි සරකානි ශාක්‍ය තෙමේ කලුරිය කෙළේ ය. හෙතෙමේ විවසව නොහෙනසුලු නියත වූ සම්බොධිය පිහිට කොට ඇති සොවන්”යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ය. වහන්ස, එහි බොහෝ ශාක්‍යයෝ එක් ව රැස් ව අවමන් කෙරෙත්. ගරහත්. දොස් පහළ කෙරෙත්. පින්වත්නි, අසිරි යි. පින්වත්නි, පුදුම යි. යම් සරකානි ශාක්‍යයෙක් කලුරිය කෙළේ ද, හෙතෙමේ “විවස ව නොහෙනසුලු නියත වූ සම්බොධිය පිහිට කොට ඇති සොවන්”යි භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද්දේ ය. මෙහි දැන් කවරෙක් සොවන් නොවන්නේ ද, සරකානි ශාක්‍ය තෙමේ සිකපද රැකීමෙහි දුබලබවට පැමිණියේ ය. මත්පැන් පූයේ යි.

මහානාම, යම් ඒ උවසුවෙක් දිගුකලක් මුළුල්ලෙහි බුදුන් පිහිට කොට ගියේ දහම් පිහිට කොට ගියේ සඟන පිහිට කොට ගියේ නම් හෙතෙමේ කෙසේ නිරයට යන්නේ ද මහානාම, මැනවින් කියන්නෙක් “උවසු තෙමේ දිගුකලක් මුළුල්ලෙහි බුදුන් පිහිට කොට ගියේ දහම් පිහිට කොට ගියේ සඟන පිහිට කොට ගියේයි” ඒ යමෙකු ගෙන කියන්නේ නම් මැනවින් කියන්නා සරකානි ශාක්‍යයා ඇරබ කියන්නේ ය. මහානාම, උවසු වූ සරකානි ශාක්‍ය තෙමේ දිගුකලක් මුළුල්ලෙහි බුදුන් පිහිට කොට ගියේ ය. දහම් පිහිට කොට ගියේ ය. සඟන පිහිට කොට ගියේ ය. හෙතෙමේ කෙසේ නම් නිරයට යන්නේ ද?


මහානාම, සරකානි ශාක්‍ය තෙමේ මැරෙන කල ත්‍රිවිධ ශික්ෂා පිරිපුන් කරන සුලු වී ය.