20170808

මහනුවර වජිරබුද්ධි හිමි තවත් ව්‍යාජ රහත් හිමි නමක්


මේ තවත් ව්‍යාජ රහත් හිමි නමක්.

වජිරබුද්ධි හිමි රහත් වී නැති බව දැනගන්නට
දීර්ඝ ධර්ම දේශනාවක් අවශ්‍ය නෑ.
මේ වාක්‍ය දෙක ප්‍රමාණවත්.

"අවිජ්ජාව ඇති උනේ මොකක් නිසාද?
ආසව නිසා, කාමාසව, භවාසව, අවිජ්ජාසව නිසා."
(මහනුවර වජිරබුද්ධි හිමි )

"ආශ්‍රව නිසා අවිද්‍යාව ඇති වෙනවා"
කීම සම්පූර්ණ අසත්‍යයක්. හිතලුවක්.
ආශ්‍රව ඇති වෙන්නෙත් අවිද්‍යාව නිසයි.

අවිද්‍යාව දුකෙහි මූලාශ්‍රයයි.
සියල්ලටම හේතුව අවිද්‍යාවයි.

ආශ්‍රව ඇති වන්නෙත් අවිද්‍යාව නිසයි.
විදසුන් වඩා රහත් වුණ කෙනෙකුට
මේ වාක්‍ය දෙක කියන්න බැහැ.

"අවිජ්ජාව ඇති උනේ මොකක් නිසාද?
ආසව නිසා. කාමාසව, භවාසව, අවිජ්ජාසව නිසා."
(මහනුවර වජිරබුද්ධි හිමි )

"අම්මා ඉපදෙන්නේ දරුවාගෙන්"
කියලා දරුවෙක් ඉන්න අම්මා කෙනෙකුට
කියන්න පුලුවන්ද?

බුදුන් වහන්සේ
පටිච්ච සමුපාදය ආරම්භ කරන්නෙ
අවිද්‍යාවෙන්.

අවිද්‍යාව කියන්නෙ
ඵස්ස, වේදනා, සංඥා අවස්ථාවන්හි
සිහිය පවත්වන්නට නොහැකි වීමයි.

අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා.
[ අවිජ්ජා ] සංඛාර විඥ්ඥාණ
[ ඵස්ස වේදනා සංඥා ] සංඛාර විඥ්ඥාණ
අවිද්‍යාව පවතින්නෙ
ඵස්ස වේදනා සංඥා
අවස්ථා තුනෙයි.

කාය වේදනා පිළිබඳව සිහිය
පිහිටුවා ගැනීමෙන් අවිද්‍යාව දුරු වෙනවා.


සතර සතිපට්ඨානයෙන්
කාය වේදනා පිළිබඳව
සිහිය පිහිටුවා ගන්නා කෙනෙක්
ඵස්ස, වේදනා, සංඥා අවස්ථාවන්හි
සිහිය පිහිටුවා ගැනීමෙන්
අවිද්‍යාව දුරු වෙනවා.


මහණෙනි,
ස්පර්ශාහාරය පරිඥාත කල්හි
වේදනාත්‍රය පරිඥාත වේ.
වේදනාත්‍රය පරිඥාත කල්හි
ආර්යශ්‍රාවකයාහට මත්තෙහි කටයුතු
කිසිවක් නැතැයි කියමි.

වේදනා පරිඥාත වීමෙන්
වේදනා සම්පූර්ණයෙන් දැනෙන කෙනෙක්
වේදනානුපස්සනාව මගින්
කෙලෙස් නසන්නේ කෙසේදැයි
බුදුන් වහන්සේ විස්තර කරනවා.

මේ පිළිබඳව බුදුන් වහන්සේ
මේ ආකාරයට විස්තර කරනවා.

මහණෙනි,
මේ වේදනා තුනෙකි.
කවර තුනෙක් ද යත්:
සුව වේදනා ය,
දුක් වේදනා ය,
නොදුක්නොසුව වේදනා යි.
මහණෙනි,
සුවවේදනාවෙන් රාගානුසයය පහකටයුතු ය.
දුක්වේදනාවෙන් පටිඝානුසයය පහකටයුතු ය.
නොදුක් නොසුව වේදනාවෙන්
අවිජ්ජානුසයය පහකටයුතු යි.

මහණෙනි,
යම් කලෙක මහණහට
සුවවේදනාවෙන් රාගනුසයය ප්‍රහීණ වූයේ වේ ද
දුක්වේදනාවෙන් පටිඝානුසයය ප්‍රහීණ වුයේ වේ ද
නොදුක් නොසුව වේදනාවෙන්
අවිජ්ජානුසයය ප්‍රහීණ වූයේ වේ ද
මහණෙනි,
පහ වූ රාගානුසයය ඇති මේ මහණ
තෘෂ්ණාව සිඳදැම්මේ ය.
සංයොජන මුලිනුපුටා හළේ ය.
මැනවින් මනාවබොධයෙන්
දුක් කෙළවර කෙළේ යයි
කියනු ලැබේ.

වජිරබුද්ධි හිමියන්ගේ ධ්‍යාන
විදර්ශනාවෙන් උපන් ධ්‍යාන නොවෙයි.
සමථ භාවනාවෙන් උපන් ධ්‍යානයි.

විදර්ශනා වඩන කෙනෙක්
අනිවාර්යයෙන් කාය භාවනා වැඩිය යුතුයි.

වජිරබුද්ධි හිමියන්
රහත් වෙලාද කියා පරීක්ෂා කරන්න
යම් කෙනෙකුට අවශ්‍ය නම්
මේ කොටස පහදා දෙන්නට
ඔහුට කියන්න.

මහණෙනි,
සුවවේදනාවෙන් රාගානුසයය පහකටයුතු ය.
දුක්වේදනාවෙන් පටිඝානුසයය පහකටයුතු ය.
නොදුක් නොසුව වේදනාවෙන්
අවිජ්ජානුසයය පහකටයුතු යි.

සච්චක සූත්‍රයේ
බුදුන් වහන්සේ සච්චකගෙන් අහනවා
"අග්ගිවෙස්සන,
කාය
භාවනා නොදන්නා ඔබ
චිත්ත භාවනා කෙසේ දැන ගන්නද "

අපටත්
වජිරබුද්ධි හිමියන්ගෙන් අහන්න තියෙන්නෙ
ඒ ප්‍රශ්නයමයි.

"වජිරබුද්ධි හිමියනි,
කාය
භාවනා නොදන්නා ඔබ
චිත්ත භාවනා කෙසේ දැන ගන්නද "