සරලව අවිද්‍යාව කියන්නෙ
විද්‍යාමාන විය යුතු දෙයක්
විද්‍යාමාන නොවීමයි.
එක ඇසක් වසාගත් කෙනෙකුට
ඒ ඇසට පෙනිය යුතු දේ
පෙනෙන්න නැහැ.
ඔහු ගන්න තීරණවලදි ඒ තීරණ ගන්නෙ
එක ඇසකින් දකින තොරතුරු මතයි.
මිනිසාගේ මනසෙහි තියන
එකැස් කණ ස්වභාවය අවිද්‍යාවයි.
ඔහු ඉන් මුදවා ගන්නෙ විදසුන මගින්.
විදසුන මගීන් ඔහුගේ සිහිය පුළුල්වෙද්දි
අනිත් ඇසත් විවර වීමෙන්
ඔහුගෙ දැක්ම සම්පූර්ණ වෙනවා.
ඔහු ප්‍රඥාවෙන් ලෝකය දකිනවා.
මිනිසා බුද්ධිය, විද්‍යාව,
මනෝ විද්‍යාව, දර්ශනය ආදී
නොයෙක් මෙවලම් නිපදවාගෙන
වසාගත් ඇසෙන් වෙන අඩුව
පිරිමසාගන්න හැදුවත්
ගැටළුව තව තවත් සංකීර්ණ වෙනවා මිස
විසඳුමක් ලැබෙන්නේ නැහැ..
කිසියම් දෙයක් ඉන්ද්‍රියක ස්පර්ශ වූ විට
ඉන් සංවේදනාවක් උපදිනවා.
ඔහු ඒ සංවේදනාව
ප්‍රිය වේදනාවක්
අප්‍රිය වේදනාවක්
ප්‍රිය අප්‍රිය නැති වේදනාවක්
ලෙස හඳුනා ගන්නවා.
එකම සංවේදනාව
ව්‍රෙක ඔහුට ප්‍රිය වෙනවා.
වරෙක අප්‍රිය වෙනවා.
සංවේදනාව සීතල හෝ
උණුසුම වෙන්න පුලුවන්.
ඔහු ඉන්න අවස්ථාවෙ සීතලට හා උණුසුමට සාපේක්ෂව
ඔහුට දැනෙන සීතල හෝ උණුසුම
ඔහුට ප්‍රිය හෝ අප්‍රිය වෙනවා.
එවිට ඇතිවෙන ප්‍රිය අප්‍රියභාවය මත
ඔහු ඒ ස්පර්ශය ලබා දුන් වස්තුවට ඇලෙනවා.
ඒ වස්තුව හිමිකරගන්නට වෑයම් කරනවා.
ඔහු වින්ද රසය තියෙන්නෙ
ඔහු නොදකින සංවේදනාව තුලයි.
බාහිර වස්තුව කරන්නෙ
ඔහු තුළ සංවේදනාවක්
උත්තේජනය කිරීම පමණයි.
ප්‍රිය සංවේදනාව
නැවත නැවත ලබා ගැනීමට
ඔබ ඒ වස්තුව හිමි කරගන්නත්
ඒ අසල ගැවසෙන්නත් පෙළඹෙනවා.
අප්‍රිය සංවේදනාවකින් මිදෙන්නත්
ඔහු නැවත නැවත උත්සාහ කරනවා.
ඒ සංවේදනා ඇති කරන වස්තූන්ට
දෙයාකාරයෙන් සලකනවා.
ප්‍රිය දේට රාගයෙන් හා
අප්‍රිය දේට ද්වේශයෙන් සලකනවා.
මිනිසා ඇතුළු සත්වයන් දන්නෙ
මේ ප්‍රිය අප්‍රිය බව පමණයි.
ඒ අවස්ථාව තෙක් සියල්ලම
අවිද්‍යාවටයි අයිති වෙන්නෙ.
ඔහු ඒ අවස්ථාව ප්‍රිය කිරීම සහ
අප්‍රිය කිරීම මත සිදුවෙන වෙනස
ඔහු දන්නෙ නැති නිසා
ඒ මොහොතෙත් අවිද්‍යාව තියනවා
මෝහය කියන්නෙ
අපි විඳින අත්දැකීම් වල
ප්‍රිය හෝ අප්‍රිය නොවන අත්දැකීම් වලටයි.
සංවේදනා හඳුනා ගන්නා අවස්ථාවෙදී
ප්‍රිය හෝ අප්‍රිය නොවන නිසා
අපි හඳුනා නොගෙන අත්හරින
සංවේදනා මෝහ ගණයට අයත් වෙනවා.
ඔබ පානය කරන වතුර
මෝහයට හොඳ උදා හරණයක්.
වතුරටත් රසක් සිසිලසක් හෝ උණුසුමක් තියනවා.
ඒත් ඔබට ඒ වෙනස් කම් දැනෙන්නෙ නැහැ..
වතුර කිවුල් රස නම් අකමැති වෙනවා.
රස වෙනසක් නැත්නම් වතුර වතුරමයි.
වතුරෙන් ඔබ ලබන අත්දැකීම
අයිතිවෙන්නෙ මෝහයටයි.
රාග ද්වේශ මෝහ තුනට
අත්දැකීමක් බෙදෙන්නට පෙර
අවිද්‍යාව තියනවා.
ප්‍රිය වුණත් අප්‍රිය වුණත්
ප්‍රිය හෝ අප්‍රිය නැති වුණත්
තමන් තුළ ඒ හැඟීම ඇති වෙන බව
ඒ මොහොතෙම නොපෙනෙන කෙනෙකුට
ඒ අවස්ථා තුනෙත් අවිද්‍යාව තියනවා.
අවිද්‍යාව කියන්නෙ මෝහය නොවෙයි.
මෝහය කියන්නෙ අවිද්‍යාව නොවෙයි.
මෝහය අවිද්‍යාවෙ එක අංගයක් පමණයි.
අවිද්‍යාව නිසා ඇතිවෙන
රාග ද්වේශ මෝහ සංස්කාර වලින්
එක අංගයක් පමණයි.
තමන් තුළ සිදු වෙන වෙනස් කම් ගැන
සිහිය පිහිටුවා නොගන්නා තුරු
සත්වයා තුළ අවිද්‍යාව තියනවා.
දවසෙ හැම මොහොතක්ම ගතවෙන්නෙ අවිද්‍යාවෙන්.
අවිද්‍යාව නිසා සංස්කාර උපදිනවා.
අවිද්‍යාව නැති වෙන්නෙ විදසුන වැඩීමෙන්.
සිතත් කයත් වෙනස් වෙන හැටි දකින,
ඒ වෙනස් වීම වලට උපේක්ෂාව වඩන
ඒ වෙනස්වීම් වලට ඇති වෙන ප්‍රිය අප්‍රිය බව හෝ
ප්‍රිය අප්‍රිය නොවන බව දකින
ඒ සියල්ලටම උපේක්ෂාවෙන් වෙසෙන සුළු පිරිසක්
මොහොතින් මොහොත අවිද්‍යාව නැති කරනවා.
අවිද්‍යාව නැසෙන විට
ප්‍රඥාව පහළ වෙනවා.
සංවාදයට විවෘතයි.