20160528

සිරිධම්ම ගෝලයන්ගෙ විපස්සනාව සහ සැබෑ විපස්සනා මග...


Kurunagala Sugathaseela Himi
සතිපට්ටානය නම්, කයෙන් ලැබෙන අරමුණු කෙරෙහි සිහියෙන් දැනීම,
වේදනාව තුලින් මනස තුල ජනිත වන අරමුණු දැනගැනීම. ඒ දෙක නිසාත්, සිතේ හටගන්නා සිතිවිලි නිසාත් සිතට ලැබෙන අරමුණු දැනගැනීම. මේ සියල්ල තුල පවත්නා යතා ස්වභාවය නිවරදිව අවබෝධ කිරීම. මේ වනාහි සතිපට්ටානයයි.
==============================

ඔබට තුවාලයක් වුණාම
ඔබ ඒ අවස්ථාව
ඔබ ඉහත විස්තර කළ ආකාරයට
සතර සතිපට්ඨානයෙන් දකින්නෙ කොහොමද?

==============================Kurunagala Sugathaseela Himi //ඔබට තුවාලයක් වුණාම ඔබ ඒ අවස්ථාව/// කයට තුවාලයක් ඇති වුනාම තුවාලයක් ඇති වූ බව දැනගන්නවා.එයින් සිත තුල අකමැත්තක් හට ගත්තොත් ඒ අකමැත්ත හටගත් බවදැනගන්නවා.තවත් හේතුඵලය ඔස්සේ ගොස්, ඒ අකමැත්ත හටගන්නේ මෙවන් තුවාලයක් මට නොවෙන්න ඕන කියා චිත්‍රයක් කලින් දාගෙන හිටපු නිසා බව දැනගන්නවා, එසේ චිත්‍රයක් ඇති වුනේ මට ඕන විදියට ලෝකය පැවැත්විය යුතු බව සිතෙන නිසා බව දැනගන්නවා. එසේ වන්නේ මම තුල තවමත මම ජීවමාන වී ඇති නිසා බව දැනගන්නවා. ඒ සතර සතිපට්ටානයමයි. ඔබට මෙතරම් ගැඹුරට සතිපට්ටානය ඔස්සේ යා නොහැක්කේ ඔබේ පටු චින්තන රාමු නිසා මහත්මයා.
==================================


Sugathaseela Himi
ගේ සතර සතිපට්ඨානය හරියට
විත්තිකාරයාත් පැමිණිළිකාරයාත්
සාක්කිකාරයොත් නැතූව
නඩුවක් අහනවා වගෙයි.
ඒ අතරම
ඔවුන් සතිපට්ටානයේ ගැඹුරට යනවා යැයි
උදම් අනනවා.

මගේ මිතුරු කැළ අතර
විපස්සනා පුහුණුව ලැබූවන් ඉන්න බව
ඔවුන් දන්නෙ නෑ.
ඔවුන් ලෝකය කියා හිතන්නේ
පෝයට ආශ්‍රමයට එන
ක්ලෝනීකරණයෙන් බිහි කළ
සිරිදහම් අනුකාරකයන්.

විපස්සනා නමින්,
සමථ භාවනාවක් උගන්වන සිරිධම්ම ළඟ
විපස්සනා වඩන ගෝලයො ඉන්න විදියක් නෑ.
======================================

විපස්සනා වඩන්නෙකුට
ප්‍රතිලාභ පහක් අත්වෙනවා.

1,
සත්වයාගේ විශුද්ධියට,
2,
සෝක පරිදේව සමතයට හා ඉක්මවීමට.
3,
දුක් දොම්නස් අස්තංගත වීමට
4,
ප්‍රඥාව ඉහළ යාමට
5,
නිවන සාක්ශාත් කිරීමට
“එකම මාර්ගය” සතර සතිපට්ඨානයයි.

මිනිසාට පැමිණෙන
සියලු කායික දුක් දොම්නස් අඩුවෙන්නට සහ
මානසික සෝ තැවුල් සමනය වී ඉක්මවා යන්නට
එකම මග විපස්සනාවයි.


2,
සෝක පරිදේව සමතයට හා ඉක්මවීම
3,
දුක් දොම්නස් අස්තංගත වීම
එකම මාර්ගය” සතර සතිපට්ඨානයයි.

මේ සඳහා
බරපතල දැනුමක් අවශ්‍ය නෑ.
සිහිය අවශ්‍යයි.
සිහියෙන් දකින දේට නොබැඳී ඉන්න
උපේක්ෂාව අවශ්‍යයි.

විපස්සනා වලින් කරන්නෙ
මේ සඳහා කෙනෙක් පුහුණු කිරීමයි.

පුහුණු වෙන ක්‍රමයත් ඉතාම සරලයි.

_මහණෙනි, යම් මහණෙක්,
1, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
කයෙහි කය අනුව දකිමින් වෙසෙයි,

2, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[කයෙහි වෙනස් වීම්]
වේදනා වල වේදනා අනුව දකිමින් වෙසෙයි,

3, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
සිතෙහි සිත අනුව දකිමින් වෙසෙයි,

4, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[සිතෙහි වෙනස්වීම්]
දහම්හි දහම් අනුව දකිමින් වෙසෙයි,
අපි අපේ සරල ප්‍රශ්නය අනුව බලමු.

ඔබට තුවාලයක් වුණාම
ඔබ ඒ අවස්ථාව
සතර සතිපට්ඨානයෙන් දකින්නෙ කොහොමද?


---------------------------------

 
කායික තුවාලයකදි
මොනවද කරන්නෙ කියලා
සිරිධම්ම උගන්වන්නෙ නෑ..
ඔහුට ඒ සඳහා පහසුකම් නෑ.
කායික දුක් දොම්නස් වලින් මිදෙන්න
ඔහු ළඟ ක්‍රම නෑ.

ඔහු ළඟට එන අය
කායික දුක් දොම්නස් වලින් මිදෙන්නෙ
රසායනික නිර්වින්දක භාවිතයෙන්.
ඔවුන්ට කය දැනෙන්න විදියක් නෑ.

නිවැරදි සතිපට්ඨානය.

කයේ තුවාලයක් වුණාම
අවස්ථා හතරක් අපට දකින්න පුලුවන්.


කය = තුවාලය

වේදනා = දුක්ඛ වේදනාව

චිත්ත = ද්වේශ චිත්තය

ධම්ම = ව්‍යාපාදය
විපස්සනා වඩන කෙනෙක් නම්
මේ හතර පිළිබඳව සිහියෙන්
ඒ හතරටම උපෙක්ෂාවෙන් වෙසෙනවා.
ඔහුට හිතන්න දුක් වෙන්න ඉඩක් නෑ.
ඔහුගෙ හිත මේ හතර ගැන
සිහියෙන් පසු වෙනවා.

තුවාලෙ ගැන මොනවා හිතුවත්
හිතන කෙනෙක් ඉන්නවා නම්
ඔහු අනිවාර්යයෙන් දුක් විඳිනවා.
තර්කයට මොනවා හරි ගොතා කිව්වට
තුවාලයක් වුණාම
සිරිධම්මත් ගෝලයොත්
සාමාන්‍ය මිනිස්සු වගේ
දුක් විඳිනවා.

සමථ වඩන අය ඉන්නෙ
ඇසූ පිරූ තැන් නැති
පුහුදුන් කෙනෙකුගෙ තැනයි.

ඔහු තුවාලය ගැන හිතන නිසා
ඔහුට කාය වේදනා චිත්ත ධම්ම
එකක්වත් හරියට පෙනෙන්නෙ නෑ.
ඔහු සිහිය පිහිටුවා ගන්නෙ මොනවටද?

විපස්සනා ප්‍රායෝගිකව වැඩූ
ඇසූපිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයෙකුට හැර
සමථ යෝගියෙකුගෙන් සමථය උගත් කෙනෙකුට
විපස්සනා අත්දැකීම විස්තර කරන්න බෑ.

සල්ල සූත්‍රය
ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
1 සුව වේදනාවත් විඳියි.
2 දුක් වේදනාවත් විඳියි.
3 නොදුක් නොසුව වේදනාවත් විඳියි.
මහණෙනි,
ඇසු පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාද
1 සුව වේදනාවත් විඳියි.
2 දුක් වේදනාවත් විඳියි.
3 නොදුක් නොසුව වේදනාවත් විඳියි.

මහණෙනි,
එහි ලා ඇසූ පිරූ තැන් නැති පුහුදුන්හු හා
ඇසු පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාගේ
වෙසෙස කිමෙක් ද?
අදහස කවරේ ද?
වෙනස කිමෙක්ද?

මහණෙනි,
අසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
දුක් වේදනාවෙන් පහස්නා ලද්දේ ම
ශෝක කෙරෙයි. ක්ලාන්ත වෙයි. වැලපෙයි.
ළෙහි පැහැර හඬයි. මුළාවට පැමිණෙයි.
හෙතෙමේ
1, කායික වේදනාව ද
2, චෙතසික වේදනාව ද යන
වේදනා දෙකක් විඳී.
මහණෙනි,
ශ්‍රැතවත් අරීසවු තෙමේ
දුක්වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක නො කරයි.
ක්ලාන්ත නො වෙයි. නො වැල පෙයි.
ළෙහි පැහැර නො හඬයි. මුළාවට නො පැමිණෙයි.
හේ කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි. .

මුගලන් මහ රහතන් වහන්සේගේ කයෙහි ඇට කුඩු වෙනතුරු
ජීවත්විය නොහැකි තරමට සොරුන්ගෙන් පහර කෑවද
ශෝක නො කළෙහිය. ක්ලාන්ත නො විණ. නො වැලපුණෙහිය.
ළෙහි පැහැර නො හැඬීය. මුළාවට නො පැමිණෙහිය.
කායික වූ එක් වේදනාවක් වින්දා පමණි.
චෙතසික වේදනාව වින්දේ නැත..

නානා විධ දෘෂ්ඨි වලින්
ඔලුව කුරෝලු වුණ කෙනෙකුට
විපස්සනා අත්දැකීම ලබන්න බෑ.

බුදුන් වහන්සේගේ උපදෙස්
නිවැරදිව පිළිපදින කෙනෙකු
ඇසූ පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයෙකුට
විපස්සනා අත්දැකීම ඉතාම සරලව
විස්තර කරන්න පුලුවන්..

කයේ තුවාලයක් වුණාම
අවස්ථා හතරක් අපට දකින්න පුලුවන්.


කය = තුවාලය

වේදනා = දුක්ඛ වේදනාව.

චිත්ත = ද්වේශ චිත්තය

ධම්ම = ව්‍යාපාදය,
විපස්සනා වඩන කෙනෙක් නම්
මේ හතර පිළිබඳව සිහියෙන්
ඒ හතරටම උපෙක්ෂාවෙන් වෙසෙනවා.
සමස්ත අත්දැකීම මෙපණයි.

මේ මොහොතෙ
ඒ මොහොත පිළිබඳව සත්‍යය
ඔහුට පෙනෙනවා.
ඒ මොහොතෙ ඔහුට කාගෙවත් බණ අවශ්‍ය නෑ.
ඔහු දුක දකිනවා.
ඔහුගෙ දුකට
හේතුවෙන
කය = තුවාලය

වේදනා = දුක්ඛ වේදනාව.

චිත්ත = ද්වේශ චිත්තය

ධම්ම = ව්‍යාපාදය,
මේ තියෙන්නෙ ඔහු විඳින
සමස්ත දුකයි.
ඔහු ඒ සියල්ලටම උපේක්ෂාවෙන් වෙසෙනවා.
දුකෙන් මිදෙන මග එයයි.
ඔහු දුකෙන් මිදෙනවා.



කය = තුවාලය

වේදනා = දුක්ඛ වේදනාව

චිත්ත = ද්වේශ චිත්තය

ධම්ම = ව්‍යාපාදය
මේ හතරම තියෙද්දි
ඔහු උපේක්ෂාවෙන්
වෙසෙනවා.
අථ නිබ්බින්දති දුක්ඛෙ
ඔහු දැන් දුක විඳින්නෙ නෑ.
ඒස මග්ගෝ විසුද්ධියා.
විශුද්ධියට, පිරිසිදු වීමට
මාර්ගය එයයි.

සිරිධම්ම විපස්සනා දන්නෙ නැතුව
ඔහුට විපස්සනා උගන්වන්න බෑ.
මහා සතිපට්ඨානය කට පාඩම් වීම
විපස්සනා වඩන්නවත්
විපස්සනා උගන්වන්නවත්
සුදුසු කමක් නොවෙයි.

No comments:

Post a Comment