20171022

නිවන හිස් දෙයක්ද???


නිවන කියන්නෙ හිස් දෙයක් කියන අය
සමතයෙන් සිතුවිලි නතර වූ අයයි.
ඔවුන් තුළත් කෙලෙස් තියනවා.
කෙලෙස් තියන තුරු නිවනක් නෑ.

නිවන හිස් වෙන්නෙ ලෝකයට සාපේක්ෂවයි.

නිවන් දුටු කෙනෙක් හිස් පුද්ගලයෙක් නොවෙයි.
නිවන් දුටු කෙනෙක් තුළ සීල සමාධි ප්‍රඥා පිහිටනවා.

රහතන් වහන්සේ කෙනෙක්
ශූන්‍ය සිතක් ඇත්තෙක් නොවේ.
සැතපෙන විට පවා
සම්පජානෝ සතියෙන් පසු වන්නෙකි.

සම්පජානෝ සතිය
බුදුන් වහන්සේ හඳුන්වන්නෙ
ආශ්චර්ය අද්භූත ධර්මයක් විදියටයි.

සරලව
සති සම්පජන්‍ය නම්
1,
විඳින සියලු වේදනාත්
2,
දැනෙන සියලු සංඥාත්
3,
ඇතිවෙන සියලු විතර්කත්
ඇතිවෙන ආකාරයත්, පවතින ආකාරයත්
නැති වෙන ආකාරයත් පිළිබඳව
සිහියෙන් පසු වීමයි.
මේ අවස්ථාව
රාග ද්වේශ මෝහ තුනෙන්ම
විනිර්මුක්තයි.

1,
විදිතා වේදනා උප්පජ්ජන්ති,
විදිතා වේදනා උපට්ඨහන්ති,
විදිතා වේදනා අබ්භත්ථං ගච්ඡන්ති.
2,
විදිතා සංඥා උප්පජ්ජන්ති,
විදිතා සංඥා උපට්ඨහන්ති,
විදිතා සංඥා අබ්භත්ථං ගච්ඡන්ති.
3,
විදිතා විතක්කා උප්පප්ජන්ති,
විදිතා විතක්කා උපට්ඨහන්ති,
විදිතා විතක්කා අබ්භත්ථං ගච්‌ඡන්‌ති;

සම්පජානෝ සතියෙන් පසුවෙන රහතුන් වහන්සේ
1,
දැනුවත්වම වේදනාවෝ උපදිත්.
දැනුවත්වම වේදනාවෝ පවතිත්..
දැනුවත්වම වේදනාවෝ අස්තයට යෙත්.
2,
දැනුවත්වම සංඥාවෝ උපදිත් ...
දැනුවත්වම සංඥාවෝ පවතිත්..
දැනුවත්වම සංඥාවෝ අස්තයට යෙත්.
3,
දැනුවත්වම විතර්කයෝ උපදිත්.
දැනුවත්වම විතර්කයෝ පවතිත්..
දැනුවත්වම විතර්කයෝ අස්තයට යෙත්.

"මම රහත්" කියන පුද්ගලයන් සහ
තමන් රහත් කියා හඟවමින්
ලාභ සත්කාර ලබන පුද්ගලයන්
සත්‍ය වශයෙන්ම මිසදිටු පුද්ගලයන් විනා
මග ඵල ලැබූවන් නොවෙයි.

සැබෑ මගඵල ලැබූවන්
තමන්ගෙ මග ඵල ගැන කතා කරමින්
අනුන්ගෙ කාලය නාස්ති කරන්නෙ නෑ.

සෝපාක සුනීත අංගුලිමාල වුණත්
පහසුවෙන් නිවන් දුටුවෙ
සතර සතිපට්ඨානය වැඩීමෙන්
පෙර ජීවිතවල කෙලෙස් ප්‍රහීණ කිරීම
පුහුණු කළ අය නිසයි.

ඔවුන් පහසුවෙන් නිවන් මගට වැටෙනවා.
සමහරු කලින් ගමන් කළ නිවන් මගට
වහාම ප්‍රවිෂ්ඨ වෙනවා.
තවත් සමහරු කල් අරගන්නවා.

අපි වගේ අය අනාගතයෙ නිවන් දකින්න
අද විදසුන් වඩමින් පුහුණු වෙනවා.


======================================

3 comments:

  1. කරුණාවෙන් ඔබතුමාගේ email address එකක් දෙනවද ?

    විපස්සනාව පිළිබඳව විමසුමට

    ReplyDelete
    Replies
    1. මට ඔබේ ඊමේල් ඇඩ්‍රස් එක දෙන්න.
      මෙතන පළ වෙන්නෙ නෑ.

      Delete
    2. ඔබ අහන සියලු ප්‍රශ්න වලට
      හොඳම විසඳුම ලැබෙන්නේ
      ප්‍රායෝගික පුහුණුවෙනුයි.
      ඔබට ඒ අත්දැකීම
      ප්‍රශ්න කොතෙක් ඇසුවත් ලැබෙන්නේ නෑ.

      මේ යොමුවෙන් ගොස් විස්තර බලන්න.
      http://vipassanapuhunuwa.blogspot.com/

      Delete