දුක දකින්න ඕන මනසින් නොවෙයි..
කාය වේදනා මට්ටමෙන්.
උණු තේ එක සැපක් විදියට පෙනෙන්නෙ
මනසට මිසක් කයට නොවෙයි.
කයට දැනෙන දුක්ඛ වේදනාව
සුඛ වේදනාවක් විදියට මනසින් දකිනවා.
කයත් වේදනාත් උපේක්ෂාවෙන් නොදැක
සැප දුක වැරදියට දකින මනසින්
සැබෑ දුක දකින්න බැහැ.
මනසින් තර්කයෙන් දකින දුක
උණු තේ එක බොන වෙලාවට මතක නැහැ.
ඒ දුක දකින්නෙ විදසුන් වඩන්නෙක් පමණයි.
දුක දකින්න නම්
සතර සතිපට්ඨානය වැඩිය යුතුයි.
කාය වේදනා මට්ටමෙන්
දුක විඳ පසක් කළ යුතුයි.