20160616

බුදුන් වහන්සේ, මර්වින් සිල්වා සහ සිරිධම්ම හිමි සමානද?

බුදුන් වහන්සේට තමා සමාන කර සිතන
ඒ බව ලොවට නොබියව ප්‍රකාශ කරන සිරිධම්ම හිමියන්
ඒ බැව් සනාථ කිරීමට ඉදිරිපත් කරන්නේ
" ලෝකයා බුදුන් වහන්සේට
නින්දා අපහාස අවමන් කළ අයුරින්
තමන්ටද නින්දා අපහාස කරන නිසා
තමන් උන්වහන්සේට සමානයි." 
යන තර්කයයි.
ඔහුගේ අනුගාමිකයන් මේ තර්කය පිළිගන්නවා ඇති.

1
 
බුදුන් වහන්සේ දේශනා කළේ
කිසිවෙක් පෙර නොඇසූ විරූ දහමක්.
උන් වහන්සේ
සර්වකාලීන ආගමික ශාස්තෘන් අතර
විප්ලවකාරී චරිතයක්.
ඔවුන් උන් වහන්සේ පරදින තුරු බලා සිටියා.

බුදුන් වහන්සේට මිනිස්සු නින්දා අපහාස කළා.
ප්‍රසිද්ධියේ ගැරහුවා. අවමන් කළා.
අවකල් ක්‍රියාවල යෙදුණා කියා චෝදනා කළා.

ඔබ උන්වහන්සේගෙ අනුගාමිකයෙක් විය හැකියි.
------------------------------------------------------

2
සිරිධම්ම හිමි දේශනා කරන්නෙ
බුදු දහම නොවෙයි.
ඔහුගේ දහම බොදුනුවන් පෙර නොඇසූ විරූ දහමක්.

සිරිධම්ම හිමි ධර්ම දේශක භික්ෂූන් අතර
විප්ලවකාරී චරිතයක්.
ඔවුන් සිරිධම්ම හිමි පරදින තුරු බලා සිටිනවා.

සිරිධම්ම හිමි ට මිනිස්සු නින්දා අපහාස කරනවා.
ප්‍රසිද්ධියේ ගරහනවා. අවමන් කරනවා..
අවකල් ක්‍රියාවල යෙදුණා කියා චෝදනා කළා.

ඔබ සිරිධම්ම හිමිගෙ අනුගාමිකයෙක් විය හැකියි.
--------------------------------------------------

3
 
මර්වින් සිල්වා කලේ
වෙනස් තාලේ දේශපාලනයක්.
ඔහු සමකාලීන දේශපාලනඥ
න් අතර
විප්ලවකාරී චරිතයක්.
ඔවුන් ඔහු පරදින තුරු බලා සිටියා.

මර්වින්ට මිනිස්සු නින්දා අපහාස කළා.
ප්‍රසිද්ධියේ ගැරහුවා.
අවකල් ක්‍රියාවල යෙදුණා කියා චෝදනා කළා.

ඔබ ඔහුගෙ අනුගාමිකයෙක් විය හැකියි.
.
=========================================
මේ චරිත වලට
ලෝකයා සැලකූ ආකාරයෙහි යම් යම් සමානතා ඇති නිසා
ඔවුන් සමාන චරිත ලෙස ඔබ පිළිගන්නවාද?

පුද්ගලයන් දෙදෙනෙකුට හෝ තිදෙනෙකුට
ලෝකයා සලකන ආකාරය සමාන නිසා
චරිත වශයෙන් සමාන ලෙස සලකන්නට
ඔබෙන් ඉල්ලන සිරිධම්ම හිමි ගැන
ඔබ සිතන්නේ කුමක්ද?

ඔහුගේ ඉල්ලීම පිළිගෙන
ඔහු බුදුන් වහන්සේටත් ඉහළින් සිතා ඉන්නා අය ගැන
ඔබ සිතන්නේ කුමක්ද?

No comments:

Post a Comment