මේ ඡායාරූපය දකින කෙනෙකුට
සමන්ත භද්‍ර හිමිත් අනික් අයත් අතර
වෙනසක් පෙනෙනවා.
මේ වෙනස දකින කෙනෙකුට
ඔහු රහත් වුණ කෙනෙක් මෙන්
හිතෙන්න පුලුවන්.
මේ ස්වභාවය ඉතා මහළු අය තුළත්
සිනමා නළුවන්, දේශපාලනඥයන් වැනි
සමාජ අවධානයට ලක්වෙන
පුද්ගලයන් තුළත් තියනවා.
ඔවුන්ද මෝහය තුළට වී
ඒ අවස්ථා පසු කරනවා.
මෙවැන්නන් තුළ ඇතිවෙන
සතුට දුක භය ආදී හැඟීම්
කුඩා දරුවන් මෙන් ඔවුන් සසල කරනවා.
ඔවුන්ට සාමාන්‍ය සමජයේ
හැසිරෙන්නට ගියොත්
මේ ධ්‍යානය රැක ගන්නට බැහැ.
ඒ නිසා ඔවුන්
අනුගාමිකයන් පවුරක් කරගෙන
ආරක්ෂිතව පසු වෙනවා.
ඔහු දේශනා කරන හිතේ ශූන්‍ය ස්වභාවය
මේ ඡායාරූපය තුළ දකින්න පුලුවන්.
මේ හිස් මානසික ස්වභාවය
බුදු දහම තුළ සඳහන් වෙන්නෙ
නිවන ලෙස නොවෙයි.
මේ මනසෙහි තියෙන්නේ මෝහයයි.
මෝහයෙන් පසුවෙන තැනැත්තා
කියන්නේ මොනවාද යන්න ගැනත්
එහි බරපතල කම ගැනත්
ඔහුට අදහසක් නෑ.
මෝහයෙන් කියන දේ වැරදී
ගැටළු පැන නගින විට
ඒ මෝහයෙන්ම ක්‍රියා කරමින්
සමාව ගැනීමටද ඔහුට හැකිය.
තමාත් සමග සියල්ල අත්හළ ස්වභාවයක්
මෝහය තුළ පවතිනවා.
සියලු අරමුණු, සාපේක්ෂක බැහැර කොට
එක අරමුණකට සිත එකඟ කරගෙන
වඩා ගන්නා ලෞකික ධ්‍යාන ලැබූ
මෙවැනි කෙනෙකු තුළ ඇත්තේ මෝහයයි.
ඔහු මෝහයෙන් පසු වන්නේ මොනවාටද?
ඔහු මෝහයෙන් පසු වන්නේ
ඔහුගේ වේදනා, සංඥා සහ විතර්කවලටයි.
රහතන් වහන්සේ තුළ මෝහය නැහැ.
රහතන් වහන්සේගේ සිත ශූන්‍ය නැහැ.
රහතන් වහන්සේ තමා අල්ලාගන්නේත් නෑ.
අත්හරින්නේත් නෑ.
තමා ගැන සිහියෙන් පසු වෙනවා.
රහතන් වහන්සේ පසු වෙන්නෙ
සම්පජානෝ සතියෙන්.
රහතන් වහන්සේ හඳුනා ගැනීම
බාහිර චර්යාවන්ගෙන් කළ නොහැකි බව
බුදුන් වහන්සේ ප්‍රකාශ කොට තියනවා.
තමන් ගැන සිහියෙන් පසුවෙන කෙනෙකු
සාමාන්‍ය මිනිසුන්ගෙන් වෙන්කොට
හඳුනාගන්න ක්‍රමයක් නෑ.
රහත් වූ කෙනෙක් කියා
ලෞකික ධ්‍යාන වැඩූවන්ට රැවටීම
බුදුන් වහන්සේගේ කාලයටත් පෙර සිටම
පැවතුණ මුලාවක්.
මෝහයෙන් පසුවෙන කෙනෙකුට සාපේක්ෂක නැහැ.
ඔහුගෙ සිත අරමුණු ස්පර්ශ කරන්නෙ නැහැ.
හිත ශූන්‍ය නිසා හැඟීම්, සිතිවිලි නෑ.
රහතන් වහන්සේ කියන්නෙ
උපරිමයෙන් සිහිය පිහිටුවා ගත් කෙනෙක්.
උත්සාහයකින්, වෑයමකින් තොරව
තමන් පිළිබඳව සියයට සියයක්ම
සිහියෙන් පසු වෙන කෙනෙක්.
ඔහුගේ වේදනා, සංඥා සහ විතර්ක පිළිබඳව
ඇතිවීම, පැවතීම, නැතිවීම යන
අවස්ථා තුනම ගැන සිහියෙන් පසුවෙනවා.
'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
රහතන් වහන්සේගේ සිහිය පිළිබඳව
ආනන්ද තෙරුන් වහන්සේට පවසන
බුදුන් වහන්සේගේ වදන් මේ.
ආනන්දය,
තථාගතයන් ගේ
මේ ආශ්චර්යය අද්භූත ධර්මය ද දරව:
ආනන්දය,
තථාගතයන්ට
1,
දැනුවත්වම වේදනාවෝ උපදිත්.
දැනුවත්වම වේදනාවෝ පවතිත්..
දැනුවත්වම වේදනාවෝ අස්තයට යෙත්.
2,
දැනුවත්වම සංඥාවෝ උපදිත් ...
දැනුවත්වම සංඥාවෝ පවතිත්..
දැනුවත්වම සංඥාවෝ අස්තයට යෙත්.
3,
දැනුවත්වම විතර්කයෝ උපදිත්.
දැනුවත්වම විතර්කයෝ පවතිත්..
දැනුවත්වම විතර්කයෝ අස්තයට යෙත්.
ආනන්දය,
තෙපි තථාගතයන් වහන්සේ ගේ
මේ ආශ්චර්යය අද්භූත ධර්මය ද දරව.
'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
රහත් සිත ශූන්‍ය නැත.
සිත ශූන්‍ය වීම රහත් බව නොවේ.
සිත ශූන්‍ය වීම මෝහයට පත් වීමයි.
කයත් වේදනා දැනෙන කෙනෙකුගේ
සිත ශූන්‍ය විය නොහැක.
හින්දු සමථ භාවනා ක්‍රමවලින්
ලෞකික ධ්‍යාන උපදවා ගෙන
කාය වේදනා වලින් සිත මුදවා ගැනීමෙන්
සිත ශූන්‍ය කරගැනීම රහත් බව නොවේ.
නිවන් දුටු කෙනෙකු ශූන්‍යතාවය දැකීම
ඔහු පහළ කරගන්නා ප්‍රඥාවේ අංගයකි.
විදසුන් වඩා සිහිය පිහිටුවන
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
1, විඳින සියලු වේදනාත්
2, දැනෙන සියලු සංඥාත්
3, ඇතිවෙන සියලු විතර්කත්
මේ මොහොතෙහිම ඇතිවෙන ආකාරයත්,
පවතින ආකාරයත්, නැති වෙන ආකාරයත් පිළිබඳව
සම්පජානෝ සතියෙන් වෙසෙයි.
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ගේ සිත ශූන්‍ය නොවේ.
ඔහු සැතපෙන විට පවා සම්පජානෝ සතියෙන් වෙසෙයි.
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
සම්පජානෝ සතියෙන් වෙසෙන අවස්ථාවෙහි
සියලු වේදනා, සංඥා, විතර්ක පිළිබඳව පවතින සිහිය නිසා
මෝහය දුරුවී ඇත.
සියලු වේදනා, සංඥා, විතර්ක පිළිබඳව
සිහියෙන් වෙසෙන නිසා රාග, ද්වේශද ඇති නොවෙයි.
එහෙයින් නව සංස්කාර ඇති වීමක් නැත.
නව සංස්කාර ඇති නොවෙන නිසා
අනුසය කෙලෙස් සංස්කාර ලෙස මතුවී
වේදනා, සංඥා, විතර්ක පහළ වුවත්
සිහියෙන් සහ උපේක්ෂාවෙන් විසීමෙන්
උපදින උපදින සංස්කාර නිරුද්ධ වීමෙන්
කෙලෙස් නැසී සිත පිරිසිදු වෙයි.
සව් කෙලෙසුන් නසා නිවන් දකින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
පිරිනිවන් පාන තුරුම සම්පජානෝ සතියෙන් වෙසෙයි.
විදසුන් වඩන ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාට ආතාපී ගුණය අවශ්‍යයි.
ආතාපි සම්පජානෝ සතිමා විහරති.
නිවන් දුටු ආර්ය ශ්‍රාවකයාට ආතාපී ගුණය අවශ්‍ය නොවෙයි.
නිවන් සාක්ෂාත් කළ ආර්ය පුද්ගලයා
1,
දැනුවත්වම වේදනාවෝ උපදිත්.
දැනුවත්වම වේදනාවෝ පවතිත්..
දැනුවත්වම වේදනාවෝ අස්තයට යෙත්.
2,
දැනුවත්වම සංඥාවෝ උපදිත් ...
දැනුවත්වම සංඥාවෝ පවතිත්..
දැනුවත්වම සංඥාවෝ අස්තයට යෙත්.
3,
දැනුවත්වම විතර්කයෝ උපදිත්.
දැනුවත්වම විතර්කයෝ පවතිත්..
දැනුවත්වම විතර්කයෝ අස්තයට යෙත්.
1,
විඳින සියලු වේදනාත්
2,
දැනෙන සියලු සංඥාත්
3,
ඇතිවෙන සියලු විතර්කත්
ඇතිවෙන ආකාරයත්, පවතින ආකාරයත්
නැති වෙන ආකාරයත් පිළිබඳව
ඔහු සම්පජානෝ සතියෙන් වෙසෙයි.
සම්පජානෝ සතිමා විහරති.
සමන්ත භද්‍ර හිමිත් අනික් අයත් අතර
වෙනසක් පෙනෙනවා.
මේ වෙනස දකින කෙනෙකුට
ඔහු රහත් වුණ කෙනෙක් මෙන්
හිතෙන්න පුලුවන්.
මේ ස්වභාවය ඉතා මහළු අය තුළත්
සිනමා නළුවන්, දේශපාලනඥයන් වැනි
සමාජ අවධානයට ලක්වෙන
පුද්ගලයන් තුළත් තියනවා.
ඔවුන්ද මෝහය තුළට වී
ඒ අවස්ථා පසු කරනවා.
මෙවැන්නන් තුළ ඇතිවෙන
සතුට දුක භය ආදී හැඟීම්
කුඩා දරුවන් මෙන් ඔවුන් සසල කරනවා.
ඔවුන්ට සාමාන්‍ය සමජයේ
හැසිරෙන්නට ගියොත්
මේ ධ්‍යානය රැක ගන්නට බැහැ.
ඒ නිසා ඔවුන්
අනුගාමිකයන් පවුරක් කරගෙන
ආරක්ෂිතව පසු වෙනවා.
ඔහු දේශනා කරන හිතේ ශූන්‍ය ස්වභාවය
මේ ඡායාරූපය තුළ දකින්න පුලුවන්.
මේ හිස් මානසික ස්වභාවය
බුදු දහම තුළ සඳහන් වෙන්නෙ
නිවන ලෙස නොවෙයි.
මේ මනසෙහි තියෙන්නේ මෝහයයි.
මෝහයෙන් පසුවෙන තැනැත්තා
කියන්නේ මොනවාද යන්න ගැනත්
එහි බරපතල කම ගැනත්
ඔහුට අදහසක් නෑ.
මෝහයෙන් කියන දේ වැරදී
ගැටළු පැන නගින විට
ඒ මෝහයෙන්ම ක්‍රියා කරමින්
සමාව ගැනීමටද ඔහුට හැකිය.
තමාත් සමග සියල්ල අත්හළ ස්වභාවයක්
මෝහය තුළ පවතිනවා.
සියලු අරමුණු, සාපේක්ෂක බැහැර කොට
එක අරමුණකට සිත එකඟ කරගෙන
වඩා ගන්නා ලෞකික ධ්‍යාන ලැබූ
මෙවැනි කෙනෙකු තුළ ඇත්තේ මෝහයයි.
ඔහු මෝහයෙන් පසු වන්නේ මොනවාටද?
ඔහු මෝහයෙන් පසු වන්නේ
ඔහුගේ වේදනා, සංඥා සහ විතර්කවලටයි.
රහතන් වහන්සේ තුළ මෝහය නැහැ.
රහතන් වහන්සේගේ සිත ශූන්‍ය නැහැ.
රහතන් වහන්සේ තමා අල්ලාගන්නේත් නෑ.
අත්හරින්නේත් නෑ.
තමා ගැන සිහියෙන් පසු වෙනවා.
රහතන් වහන්සේ පසු වෙන්නෙ
සම්පජානෝ සතියෙන්.
රහතන් වහන්සේ හඳුනා ගැනීම
බාහිර චර්යාවන්ගෙන් කළ නොහැකි බව
බුදුන් වහන්සේ ප්‍රකාශ කොට තියනවා.
තමන් ගැන සිහියෙන් පසුවෙන කෙනෙකු
සාමාන්‍ය මිනිසුන්ගෙන් වෙන්කොට
හඳුනාගන්න ක්‍රමයක් නෑ.
රහත් වූ කෙනෙක් කියා
ලෞකික ධ්‍යාන වැඩූවන්ට රැවටීම
බුදුන් වහන්සේගේ කාලයටත් පෙර සිටම
පැවතුණ මුලාවක්.
මෝහයෙන් පසුවෙන කෙනෙකුට සාපේක්ෂක නැහැ.
ඔහුගෙ සිත අරමුණු ස්පර්ශ කරන්නෙ නැහැ.
හිත ශූන්‍ය නිසා හැඟීම්, සිතිවිලි නෑ.
රහතන් වහන්සේ කියන්නෙ
උපරිමයෙන් සිහිය පිහිටුවා ගත් කෙනෙක්.
උත්සාහයකින්, වෑයමකින් තොරව
තමන් පිළිබඳව සියයට සියයක්ම
සිහියෙන් පසු වෙන කෙනෙක්.
ඔහුගේ වේදනා, සංඥා සහ විතර්ක පිළිබඳව
ඇතිවීම, පැවතීම, නැතිවීම යන
අවස්ථා තුනම ගැන සිහියෙන් පසුවෙනවා.
'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
රහතන් වහන්සේගේ සිහිය පිළිබඳව
ආනන්ද තෙරුන් වහන්සේට පවසන
බුදුන් වහන්සේගේ වදන් මේ.
ආනන්දය,
තථාගතයන් ගේ
මේ ආශ්චර්යය අද්භූත ධර්මය ද දරව:
ආනන්දය,
තථාගතයන්ට
1,
දැනුවත්වම වේදනාවෝ උපදිත්.
දැනුවත්වම වේදනාවෝ පවතිත්..
දැනුවත්වම වේදනාවෝ අස්තයට යෙත්.
2,
දැනුවත්වම සංඥාවෝ උපදිත් ...
දැනුවත්වම සංඥාවෝ පවතිත්..
දැනුවත්වම සංඥාවෝ අස්තයට යෙත්.
3,
දැනුවත්වම විතර්කයෝ උපදිත්.
දැනුවත්වම විතර්කයෝ පවතිත්..
දැනුවත්වම විතර්කයෝ අස්තයට යෙත්.
ආනන්දය,
තෙපි තථාගතයන් වහන්සේ ගේ
මේ ආශ්චර්යය අද්භූත ධර්මය ද දරව.
'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
රහත් සිත ශූන්‍ය නැත.
සිත ශූන්‍ය වීම රහත් බව නොවේ.
සිත ශූන්‍ය වීම මෝහයට පත් වීමයි.
කයත් වේදනා දැනෙන කෙනෙකුගේ
සිත ශූන්‍ය විය නොහැක.
හින්දු සමථ භාවනා ක්‍රමවලින්
ලෞකික ධ්‍යාන උපදවා ගෙන
කාය වේදනා වලින් සිත මුදවා ගැනීමෙන්
සිත ශූන්‍ය කරගැනීම රහත් බව නොවේ.
නිවන් දුටු කෙනෙකු ශූන්‍යතාවය දැකීම
ඔහු පහළ කරගන්නා ප්‍රඥාවේ අංගයකි.
විදසුන් වඩා සිහිය පිහිටුවන
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
1, විඳින සියලු වේදනාත්
2, දැනෙන සියලු සංඥාත්
3, ඇතිවෙන සියලු විතර්කත්
මේ මොහොතෙහිම ඇතිවෙන ආකාරයත්,
පවතින ආකාරයත්, නැති වෙන ආකාරයත් පිළිබඳව
සම්පජානෝ සතියෙන් වෙසෙයි.
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ගේ සිත ශූන්‍ය නොවේ.
ඔහු සැතපෙන විට පවා සම්පජානෝ සතියෙන් වෙසෙයි.
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
සම්පජානෝ සතියෙන් වෙසෙන අවස්ථාවෙහි
සියලු වේදනා, සංඥා, විතර්ක පිළිබඳව පවතින සිහිය නිසා
මෝහය දුරුවී ඇත.
සියලු වේදනා, සංඥා, විතර්ක පිළිබඳව
සිහියෙන් වෙසෙන නිසා රාග, ද්වේශද ඇති නොවෙයි.
එහෙයින් නව සංස්කාර ඇති වීමක් නැත.
නව සංස්කාර ඇති නොවෙන නිසා
අනුසය කෙලෙස් සංස්කාර ලෙස මතුවී
වේදනා, සංඥා, විතර්ක පහළ වුවත්
සිහියෙන් සහ උපේක්ෂාවෙන් විසීමෙන්
උපදින උපදින සංස්කාර නිරුද්ධ වීමෙන්
කෙලෙස් නැසී සිත පිරිසිදු වෙයි.
සව් කෙලෙසුන් නසා නිවන් දකින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
පිරිනිවන් පාන තුරුම සම්පජානෝ සතියෙන් වෙසෙයි.
විදසුන් වඩන ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාට ආතාපී ගුණය අවශ්‍යයි.
ආතාපි සම්පජානෝ සතිමා විහරති.
නිවන් දුටු ආර්ය ශ්‍රාවකයාට ආතාපී ගුණය අවශ්‍ය නොවෙයි.
නිවන් සාක්ෂාත් කළ ආර්ය පුද්ගලයා
1,
දැනුවත්වම වේදනාවෝ උපදිත්.
දැනුවත්වම වේදනාවෝ පවතිත්..
දැනුවත්වම වේදනාවෝ අස්තයට යෙත්.
2,
දැනුවත්වම සංඥාවෝ උපදිත් ...
දැනුවත්වම සංඥාවෝ පවතිත්..
දැනුවත්වම සංඥාවෝ අස්තයට යෙත්.
3,
දැනුවත්වම විතර්කයෝ උපදිත්.
දැනුවත්වම විතර්කයෝ පවතිත්..
දැනුවත්වම විතර්කයෝ අස්තයට යෙත්.
1,
විඳින සියලු වේදනාත්
2,
දැනෙන සියලු සංඥාත්
3,
ඇතිවෙන සියලු විතර්කත්
ඇතිවෙන ආකාරයත්, පවතින ආකාරයත්
නැති වෙන ආකාරයත් පිළිබඳව
ඔහු සම්පජානෝ සතියෙන් වෙසෙයි.
සම්පජානෝ සතිමා විහරති.
තේරුම් ගන්න උත්සහා කරනවා
ReplyDeleteබුදුන්කල විසූ දෙවිදත් චරිතය මෙ හා සම වේද ?
Deleteදෙව්දත් තෙර කුසලය අඳුනගෙන හිටියෙ නෑ. ස්වාභාවිකවම අසත්පුරුෂ ගතිගුණ වල රැඳිල හිටියෙ.
Deleteමේ කුසල් කරනව කියා සිතාගෙන මෝහය තුල සිරවී සිටීමක් වගේ පෙනෙන්නෙ. අරහත් වෙන්න ආසා කෙනෙක් මුලාවට පත් වෙලා වගේ. නො එසේනම් හිතා මතා මිනිසුන් මුලාකිරීමක්. මේ දෙකෙන් කෝකද කියල තවම හිතාගන්න අමාරුයි.
සංසරණී,
ReplyDelete//ආනන්දය,
තථාගතයන් ගේ
මේ ආශ්චර්යය අද්භූත ධර්මය ද දරව:
ආනන්දය,
තථාගතයන්ට
1,
දැනුවත්වම වේදනාවෝ උපදිත්.
දැනුවත්වම වේදනාවෝ පවතිත්..
දැනුවත්වම වේදනාවෝ අස්තයට යෙත්.
2,
දැනුවත්වම සංඥාවෝ උපදිත් ...
දැනුවත්වම සංඥාවෝ පවතිත්..
දැනුවත්වම සංඥාවෝ අස්තයට යෙත්.
3,
දැනුවත්වම විතර්කයෝ උපදිත්.
දැනුවත්වම විතර්කයෝ පවතිත්..
දැනුවත්වම විතර්කයෝ අස්තයට යෙත්.
ආනන්දය,
තෙපි තථාගතයන් වහන්සේ ගේ
මේ ආශ්චර්යය අද්භූත ධර්මය ද දරව.//
නිවන සාක්ෂාත් කළ සියළු උත්තමයන් තුල මෙතරම් සති සම්පජඥ්ඥයක් නොපැවතීමටද හැකියි. මෙය තථාගතයන් වහන්සේලාටම විශේෂ බවකුයි හැඟෙන්නේ.
නමුත් ඔබේ අනෙක් අදහස් වලට එකඟ වෙමි. නිවන සාක්ෂාත් කළ සියළු උත්තමයන් ක්ලේෂ ප්‍රහාණය සහ සම්මා සතියද සහිත දසාංගික ( අංග 10කින් සමන්විත ) රහතන් වහන්සේ කියන්නේ ඒ නිසාවෙන්නෙ. ඉතින් රහතන්වහන්සේලා තුල පවතින මේ අංග 10න් එනම්,
1. සම්මා දිට්ඨිය
2. සම්මා සංකප්පය
3. සම්මා වාචා
4. සම්මා කම්මන්ත
5. සම්මා ආජීවය
6. සම්මා වායාමය
7. සම්මා සතිය
8. සම්මා සමාධිය
9. සම්මා විමුක්තිය
10. සම්මා විමුක්ති ඥාණ දර්ශණය
තුලම උන්වහන්සේලා වැඩ සිටින නිසා පෙනිය යුතු ගතිගුණ අපමණ තිබෙයි.
උදාහරණයකට,
සම්මා සංකප්පයට අයිති නෙක්ඛම්ම සංකප්පය හෙවත්, කාමයන්ගේන් ( ඇස, කණ, නාසය, දිව, කය පිනවන දේ වලින් )වෙන්වීමට ඇති සංකල්පනාව, අදහස, කැමත්ත, පෙලඹවීම, බොහෝ විට බාහිරට පෙනෙන දෙයකි.
නමුත් මේ කිසිම දේයක අංශු මාත්‍රයක්වත් නොපෙනෙන කෙනෙක් රහතන්වහන්සේ නමක් ලෙස පෙනීසිටීම ඉතාම කණගාටුවට කරුණක්. එහෙම කෙනෙක්ගෙ පැවැත්ම තියෙන්නෙ බෞද්ධ ගිහි සමාජයෙ තියන නොදැනුවත්කම නිසා. ඒ නිසා මෙවැනි ළිපි වලින් කරන දැනුවත්කිරීම් ඉතාම වටිනව.
සම්පජානෝ සතිය පිළිබඳව
Deleteමේ ලිපිය කියවන්න.
සම්පජානෝ සතිය -බුදු දහමෙහි ආශ්චර්යය සහ අද්භූත ධර්මය
http://sansaranee.blogspot.com/2016/12/blog-post_12.html
සම්පජානෝ සතිය රහතන් වහන්සේටත් පොදුයි.
තත්+ආගත
වචනාර්ථයෙන් "මේ මොහොතට පැමිණි"
කියන අදහසින් සිහිය පැවැත්වීම අතින්
සියලුම රහතන් වහන්සේ ලා සමානයි..
සසර විසූ කාලය මත සහ
පෙරුම් පිරූ කාලය අනුව
ප්‍රඥාව වෙනස් වෙනවා.
බොහෝම ස්තූතියි සංසරණී,
Delete3. ආශ්චර්‍ය්‍ය ධර්ම සූත්‍රය
මෙම සුත්‍ර දේශණාව තථාගත බුදුරජාණන් වහන්සේටම විශේෂ වූ ආශ්චර්ය අද්භූත කරණු 18ක් පිළිබඳ වදාළ දේශණාවකි.
සියළුම රහතන්වහන්සේලාටත් මෙම ධර්මතාවය පොදු බව දැක්වෙන සූත්‍ර දේශණාවක් දැක්විය හැකිනම් ඉතාම වටින බවකුයි හැඟෙන්නෙ.
"තථාගත" යන වචනයෙහි අර්ථය මීට වඩා වෙනස් විදිහකිනුයි මා දැන සිටින්නේ. නමුත් දැක්වියහැකි ත්‍රිපිඨක මූලාශ්‍රය සහිතවම මා ඒය නැවත විමසා බලා දක්වන්නම්.
මේ කොටස ඔබ උපුටාගත් සූත්‍ර දේශණාව දැක්විය හැකිනම් ලොකු උදව්වක්. මා හටද එය කියවා බැලිය හැකියි.
ස්තූතියි.
අච්ඡරියබ්භුත සූත්‍රය
Deletehttp://www.thripitakaya.org/tipitakaya/Index/89?s=222
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » උපරි පන්නාසකය » සුඤ්‌ඤත වර්ගය
තථාගත යනු බුදුන් වහන්සේ පමණද?
තත්+ආගත යනු
වර්තමානයට පැමිණි තැනැත්තායි....
බුදු පසේබුදු මහ රහත් සියල්ලෝම
"මේ මොහොතට" පැමිණියෝ වෙති.
සම්පජානෝ සතියෙන් වෙසෙන්නෝය.