20150101

මැතිවරණයක් යනු ලියා නටන නාඩගමකි.




මගේ ෆේස්බුක් මිතුරන් අතර
මට සිටින පස මිතුරන් සොයාගෙන
ඔවුන් බ්ලොක් කරදමන්නට මට අවශ්‍ය නම්
මා කළ යුත්තේ
මගේ ළඟම මිතුරන් පිරිසක්
මගේ සතුරන් අතරට එක්කොට...
ඔවුන් ලවා මට විරුද්ධව
මඩ ගැස්වීමය..




මිතුරු පැල අතර
පසමිතුරු පැල වලට
පොහොර යෙදීමය.
පසමිතුරු පැල  උසට වැඩුණු පසු
කලකට නොවැවෙන සේ කප්පාදු කළ හැක..


මැතිවරණයක් යනු
එකම කණ්ඩායමක් විවිධ චරිත තෝරාගෙන
පිල් බෙදී කරන නාඩගමකි..
සැබෑ මිතුරන් හෝ සතුරන් එහි නැත.

පවතින ක්‍රමයට විරුද්ධ පිරිස
ඡන්ද සටන අනුව තෝරාගන්නට සහ
ඔවුන් අඩපණ කරන්නට හෝ
මිතුරු පිළට එක් කරගන්නට
මැතිවරණය භාවිතා වෙයි..

එම මිතුරු කණ්ඩායම පිල් බෙදී
මායාවී සටන කරගෙන යන අතර
පවතින ක්‍රමයට වඩාත් ගැලපෙන්නා රජවී
කණ්ඩායමේ සියල්ලන්ටම වාසිදායක ලෙස
රටවැසියා පාලනය කරයි..

රැඟුම අන්ධයන් මෙන් විඳින්න.......?????


මවාගත් හැඟීමෙන් රඟන්නට හෝ
රැඟුම අන්ධයන් මෙන් විඳින්නට තරම්
සිත කිළිටි නොවූ ප්‍රඥාවන්තයන් අතළොස්ස
මේ ඇස්බැන්දුමෙහි සැබෑ ස්වරූපය දකිති..
රාගයෙන් හෝ ද්වේශයෙන් හෝ මෝහයෙන්
නොකිළිටිව වෙසෙති.