සරලකරණයට
බුදුන් වහන්සේ තරම් දක්ෂයෙකු
අප දන්නා ඉතිහාසය තුළ නැත.
මිනිසා දුකෙන් මිදෙන
ඒකායන මාර්ගය විස්තර කරමින්
මිනිසා විඳින සියලු කායික මානසික දුක්
වාක්‍ය දෙකකට කැටි කරන්නට
උන්වහන්සේ සමත් විය.
මිනිසා වර්තමානයෙහි විඳින
කායික දුක් ඇත.
අව් වැසි උෂ්ණ සීතාදියෙන්,
රෝ දුක් ආබාධ තුවාල ආදියෙන්
ඔහු වර්තමානයෙහි දුක් විඳියි.
ඒ කායික දුක් නිසාත්
ඔහුට අසන්නට දකින්නට ලැබෙන
ඔහු අකමැති රූප ශබ්ද ආදියෙන්
ඇණුම් බැණුම් නින්දා අවමන් ආදියෙන්
ඔහු දොම්නසට පත් වෙයි.
දුක් සහ දොම්නස් විඳීම
වර්තමානයෙහි පවතින්නකි.
සිදුවූ අකැමති දේ ගැන සිතමින්
සිදු විය හැකි අකමැති දේ ගැන සිතමින්
අතීතය සහ අනාගතය හේතු කරගෙනද
ඔහු නොයෙක් සෝ තැවුල් විඳියි.
සෝ තැවුල් විඳින්නේ මනසින්ය.
එහෙත් සෝ තැවුල් වලට සමගාමීව
කයෙහිද දුක් වේදනා පවතී.
සෝ තැවුල් නම් වූ දුකෙන් මිදීමේ මග
කයෙහි දුක්වේදනා පිළිබඳව සිහියෙන් සහ
වේදනාවට උපේක්ෂාවෙන් විසීමෙන්
සෝ තැවුල් සමථවී ඉක්මවායාමයි.
සෝ තැවුල් ඇතිවන්නෙ
අතීතය පිළිබඳව බැවින්
වර්තමානයෙහි කයත් වේදනාත් පිළිබඳව
සිහියෙන් සහ උපේක්ෂාවෙන් විසීමෙන්
නව සංස්කාර ඇති නොවෙයි.
සිතේ සෝ තැවුල් ඇතිවන්නට හේතුවන
පැරණි සංස්කාරද ප්‍රහීණ වෙයි.
ඒ අනුව අතීත සහ වර්තමාන දුකෙන්
විපස්සනා වඩන්නා මිදෙයි.
වර්තමාන රෝ දුක් ආදියෙන් ඇතීවෙන
දුක් දොම්නස් සෝ තැවුල් මෙන්
වහාම ඉක්මවා යාම කළ නොහැක.
කායික දුකෙන් පීඩා විඳින මනස
කායික දුකට යොමු කොට
කායික දුක පිළිබඳව සිහියෙන් සිටීමෙන්
මානසිකව විඳින දොම්නසින්
ඔහුට මිදිය හැක.
මේ අවස්ථා දෙකෙහිම දුක නිවෙන්නේ
මනස කයට සහ වේදනාව ගැන
සිහියන් සිටින්නට යොමු කොට
උපේක්ෂාවෙන් විසීමෙනි.
1, සත්වයාගේ විශුද්ධියට,
2, සෝක පරිදේව සමතයට හා ඉක්මවීමට.
3, දුක් දොම්නස් අස්තංගත වීමට
4, ප්‍රඥාව ඉහළ යාමට
5, නිවන සාක්ශාත් කිරීමට
“එකම මාර්ගය” සතර සතිපට්ඨානයයි.
බුදුන් වහසේ දේශනා කළ
දුකෙන් මිදෙන ඒකායන මග
සතර සතිපට්ඨානයයි.
සතර සතිපට්ඨානය වඩන්නෙක්
කාය වේදනා චිත්ත ධම්ම හතරට
සිහිය පිහිටුවාගෙන උපේක්ෂාවෙන් විසීමෙන්
ඔහු සෝ තැවුල් ඉක්මවා යයි.
ඔහුගේ දොම්නස පහ වෙයි.
ඔහු විඳින්නේ කායික දුකක් පමණි.
ඔහුට මානසික දුකක් නැත.
සිතෙහි ඇතිවෙන සෝ තැවුල් සහ දොම්නස්
වේදනා සමව සරණ කොට පවතී.
සබ්බේ ධම්මා වේදනා සමොසරණා.
සිතෙහි සෝ තැවුල්, දොම්නස් ඇතිවෙන විට
ඒ හා සමගම කයෙහිද වේදනාවක් පවතී.
සිතට සමගාමී කායික වේදනා
සෝතැවුල්, දොම්නස් වල මුල් පුරුක්ය.
දෙකම එකම සංස්කාර වල
ස්වරූප දෙකකි.
එකම දුකකි.
සිතින් දුක් විඳින කෙනෙක්
සිත පිරිසිඳ දකින්නට නම්
දුකෙන් මිදෙන්නට නම්
කයෙහි වේදනාවද දැකිය යුතුය.
සිත පිරිසිඳ දකින්නා වේදනාවද දකී.
වේදනාව පිරිසිඳ දකින්නා සිතද දකී.
'' සුව වේදනා ය, දුක් වේදනා ය,
නොදුක් නොසුව වේදනා ය,
වේදනාත්‍රය පරිඥාත කල්හි
ආර්යශ්‍රාවකයාහට මත්තෙහි කටයුතු
කිසිවක් නැතැයි කියමි. ''
බුදුන් වහන්සේ
සරලවම දුකෙන් මිදෙන නිවන් මග මෙයයි.
=======================================
සල්ල සූත්‍රය
ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
1 සුව වේදනාවත් විඳියි.
2 දුක් වේදනාවත් විඳියි.
3 නොදුක් නොසුව වේදනාවත් විඳියි.
.
බුදුන් වහන්සේ තරම් දක්ෂයෙකු
අප දන්නා ඉතිහාසය තුළ නැත.
මිනිසා දුකෙන් මිදෙන
ඒකායන මාර්ගය විස්තර කරමින්
මිනිසා විඳින සියලු කායික මානසික දුක්
වාක්‍ය දෙකකට කැටි කරන්නට
උන්වහන්සේ සමත් විය.
මිනිසා වර්තමානයෙහි විඳින
කායික දුක් ඇත.
අව් වැසි උෂ්ණ සීතාදියෙන්,
රෝ දුක් ආබාධ තුවාල ආදියෙන්
ඔහු වර්තමානයෙහි දුක් විඳියි.
ඒ කායික දුක් නිසාත්
ඔහුට අසන්නට දකින්නට ලැබෙන
ඔහු අකමැති රූප ශබ්ද ආදියෙන්
ඇණුම් බැණුම් නින්දා අවමන් ආදියෙන්
ඔහු දොම්නසට පත් වෙයි.
දුක් සහ දොම්නස් විඳීම
වර්තමානයෙහි පවතින්නකි.
සිදුවූ අකැමති දේ ගැන සිතමින්
සිදු විය හැකි අකමැති දේ ගැන සිතමින්
අතීතය සහ අනාගතය හේතු කරගෙනද
ඔහු නොයෙක් සෝ තැවුල් විඳියි.
සෝ තැවුල් විඳින්නේ මනසින්ය.
එහෙත් සෝ තැවුල් වලට සමගාමීව
කයෙහිද දුක් වේදනා පවතී.
සෝ තැවුල් නම් වූ දුකෙන් මිදීමේ මග
කයෙහි දුක්වේදනා පිළිබඳව සිහියෙන් සහ
වේදනාවට උපේක්ෂාවෙන් විසීමෙන්
සෝ තැවුල් සමථවී ඉක්මවායාමයි.
සෝ තැවුල් ඇතිවන්නෙ
අතීතය පිළිබඳව බැවින්
වර්තමානයෙහි කයත් වේදනාත් පිළිබඳව
සිහියෙන් සහ උපේක්ෂාවෙන් විසීමෙන්
නව සංස්කාර ඇති නොවෙයි.
සිතේ සෝ තැවුල් ඇතිවන්නට හේතුවන
පැරණි සංස්කාරද ප්‍රහීණ වෙයි.
ඒ අනුව අතීත සහ වර්තමාන දුකෙන්
විපස්සනා වඩන්නා මිදෙයි.
වර්තමාන රෝ දුක් ආදියෙන් ඇතීවෙන
දුක් දොම්නස් සෝ තැවුල් මෙන්
වහාම ඉක්මවා යාම කළ නොහැක.
කායික දුකෙන් පීඩා විඳින මනස
කායික දුකට යොමු කොට
කායික දුක පිළිබඳව සිහියෙන් සිටීමෙන්
මානසිකව විඳින දොම්නසින්
ඔහුට මිදිය හැක.
මේ අවස්ථා දෙකෙහිම දුක නිවෙන්නේ
මනස කයට සහ වේදනාව ගැන
සිහියන් සිටින්නට යොමු කොට
උපේක්ෂාවෙන් විසීමෙනි.
1, සත්වයාගේ විශුද්ධියට,
2, සෝක පරිදේව සමතයට හා ඉක්මවීමට.
3, දුක් දොම්නස් අස්තංගත වීමට
4, ප්‍රඥාව ඉහළ යාමට
5, නිවන සාක්ශාත් කිරීමට
“එකම මාර්ගය” සතර සතිපට්ඨානයයි.
බුදුන් වහසේ දේශනා කළ
දුකෙන් මිදෙන ඒකායන මග
සතර සතිපට්ඨානයයි.
සතර සතිපට්ඨානය වඩන්නෙක්
කාය වේදනා චිත්ත ධම්ම හතරට
සිහිය පිහිටුවාගෙන උපේක්ෂාවෙන් විසීමෙන්
ඔහු සෝ තැවුල් ඉක්මවා යයි.
ඔහුගේ දොම්නස පහ වෙයි.
ඔහු විඳින්නේ කායික දුකක් පමණි.
ඔහුට මානසික දුකක් නැත.
සිතෙහි ඇතිවෙන සෝ තැවුල් සහ දොම්නස්
වේදනා සමව සරණ කොට පවතී.
සබ්බේ ධම්මා වේදනා සමොසරණා.
සිතෙහි සෝ තැවුල්, දොම්නස් ඇතිවෙන විට
ඒ හා සමගම කයෙහිද වේදනාවක් පවතී.
සිතට සමගාමී කායික වේදනා
සෝතැවුල්, දොම්නස් වල මුල් පුරුක්ය.
දෙකම එකම සංස්කාර වල
ස්වරූප දෙකකි.
එකම දුකකි.
සිතින් දුක් විඳින කෙනෙක්
සිත පිරිසිඳ දකින්නට නම්
දුකෙන් මිදෙන්නට නම්
කයෙහි වේදනාවද දැකිය යුතුය.
සිත පිරිසිඳ දකින්නා වේදනාවද දකී.
වේදනාව පිරිසිඳ දකින්නා සිතද දකී.
'' සුව වේදනා ය, දුක් වේදනා ය,
නොදුක් නොසුව වේදනා ය,
වේදනාත්‍රය පරිඥාත කල්හි
ආර්යශ්‍රාවකයාහට මත්තෙහි කටයුතු
කිසිවක් නැතැයි කියමි. ''
බුදුන් වහන්සේ
සරලවම දුකෙන් මිදෙන නිවන් මග මෙයයි.
=======================================
සල්ල සූත්‍රය
ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
1 සුව වේදනාවත් විඳියි.
2 දුක් වේදනාවත් විඳියි.
3 නොදුක් නොසුව වේදනාවත් විඳියි.
.
මහණෙනි,
ඇසු පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාද
1 සුව වේදනාවත් විඳියි.
2 දුක් වේදනාවත් විඳියි.
3 නොදුක් නොසුව වේදනාවත් විඳියි.
.
මහණෙනි,
එහි ලා ඇසූ පිරූ තැන් නැති පුහුදුන්හු හා
ඇසු පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාගේ
වෙසෙස කිමෙක් ද?
අදහස කවරේ ද?
වෙනස කිමෙක්ද?
ඇසු පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාද
1 සුව වේදනාවත් විඳියි.
2 දුක් වේදනාවත් විඳියි.
3 නොදුක් නොසුව වේදනාවත් විඳියි.
.
මහණෙනි,
එහි ලා ඇසූ පිරූ තැන් නැති පුහුදුන්හු හා
ඇසු පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාගේ
වෙසෙස කිමෙක් ද?
අදහස කවරේ ද?
වෙනස කිමෙක්ද?
.
මහණෙනි,
අසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
දුක් වේදනාවෙන් පහස්නා ලද්දේ ම
ශෝක කෙරෙයි. ක්ලාන්ත වෙයි. වැලපෙයි.
ළෙහි පැහැර හඬයි. මුළාවට පැමිණෙයි.
හෙතෙමේ
1, කායික වේදනාව ද
2, චෙතසික වේදනාව ද යන
වේදනා දෙකක් විඳී.
මහණෙනි,
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
දුක්වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක නො කරයි.
ක්ලාන්ත නො වෙයි. නො වැල පෙයි.
ළෙහි පැහැර නො හඬයි. මුළාවට නො පැමිණෙයි.
හේ කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි. .
මහණෙනි,
අසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
දුක් වේදනාවෙන් පහස්නා ලද්දේ ම
ශෝක කෙරෙයි. ක්ලාන්ත වෙයි. වැලපෙයි.
ළෙහි පැහැර හඬයි. මුළාවට පැමිණෙයි.
හෙතෙමේ
1, කායික වේදනාව ද
2, චෙතසික වේදනාව ද යන
වේදනා දෙකක් විඳී.
මහණෙනි,
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
දුක්වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක නො කරයි.
ක්ලාන්ත නො වෙයි. නො වැල පෙයි.
ළෙහි පැහැර නො හඬයි. මුළාවට නො පැමිණෙයි.
හේ කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි. .