20170217

සයිටම් වහමු.. මමත් එන්නම් ඔබ සමග...


සයිටම් වහමු..
මමත් එන්නම් ඔබ සමග...
මම කියන්නම් වහන ක්‍රමය.

"සයිටම් ආයතනයේ වෛද්‍යවරුන්ට ප්‍රමිතිය නෑ"
කියා අපි ඔවුන්ට චෝදනා කරනවා නම්
මේ ක්‍රමයට ක්‍රියා කළ යුතුයි.

[අද අපේ වෛද්‍යවරුන්ට නීතිගත ප්‍රමිතියක් නෑ.]

1,
වෛද්‍යවරයෙකු පත් කරන නිර්ණායක
රටේ නීතියක් විදියට නීති ගත කරගනිමු..
2,
ඒ නීති මත සයිටම් එකට නඩු දාමු..
3,
නීති මාර්ගයෙන් සයිටම් එක වහමු.

මේ පිළිවෙළට වැඩ කරනවා නම්
මම ඒ පාර්ශවයට එකතු වෙනවා.

රටේ නීතිවල සහාය නොසොයා
නීතිමය පදනමකින් තොරව
හිතුමතේට වැඩ කරන පිරිසක් සමග
වියරුවෙන් මෙන් හැසිරෙන්නටත්
මේ දක්වා
රටේ නීතියට අනුව ක්‍රියා කරන
සයිටම් එකට විරුද්ධව ක්‍රියා කිරීමටත්
නීතිගරුක ජනතාවට බැහැ.

ආරම්භයක් විදියට
"වෛද්‍යවරයෙකු පත් කරන නිර්ණායක
රටේ නීතියක් විදියට නීති ගත කරගන්න.."

ඒ සඳහා ජනතා සහාය ඉල්ලන්න.
මමත් ඒ පාර්ශවයට එකතු වෙනවා.

තමන්ට ප්‍රතිකාර කරන්නට එන
වෛද්‍යවරු පත් කරන නිර්ණායක
රටේ නීතියක් විදියට නීති ගත කිරීම
ජනතාව සතු වගකීමක්.


නිර්ණායක නීතිගත කරගෙන
ඒ නීති අනුව "ප්‍රමිතිය නෑ" කියා
සයිටම් එකට නඩු දාන්න..
සයිටම් එක වහන්න

නීතියට පිටින් වැඩ කරන්න
ජනතාව ඉත්තන් කර ගැනීම බාල වැඩක්.

මැරයන්, දාමරිකයන් නොවන
නීති ගරුක ජනතාවක් විදියට
එවැන්නකට සහාය දෙන්න බැහැ...