මැරෙන්න බලාගෙන හරි
රස්සාවට හමුදාවට ගියාට
ඒකෙ වරදක් නෑ.
කවුරුත් රැකියාවක් කරල
ජීවත් වෙන්න ඕන.
යුද්ධෙට යන සමහරු
රට, ජාතිය බේරගන්න
කියල ෆෝම් වෙලා ගියාම
ඔක්කොම අවුල්.
අනික් පැත්තෙ ජනතාව මරන්න
ස්ත්‍රීන් දූෂණය කරන්න,
දේපල කොල්ල කන්න පෙළඹෙන්නෙ
ඒ වගේ මනස අවුල් වෙලා
උමතු වුණ අතළොස්සක්.
ඔවුන් කරන්නෙ තමන්ගෙ රට
යුධ අපරාධ කළ රටක් ලෙස
ලෝක අවමානයට වගේම
දෝෂ දර්ශනයට ලක් කිරීමයි.
හමුදාවෙ සොල්දාදුවෝ වුණත්
රට, ජාතිය බේරගන්න හිතන කොට
ඔවුන් කරන්නෙ රස්සාවක් බව
හැමෝටම අමතක වෙනවා.
දෙපැත්තෙන්ම එහෙම යන දෙන්නෙකුට
ප්‍රතිවාදී රටේ හැමෝම හතුරො වගේ.
ඇත්තටම එහෙම නැහැ.
අපි වගේ සාමාන්‍ය මිනිසුන්ට
යුද්ධය අදාළ නෑ.
අපි කැමතියි සාමයට...
අපි ඔක්කොම ශීලාචාර මිනිස්සු.
මිනිස්සු සත්තු වගේ
රැළ පිටින් කා කොටා ගැනීම
පහත් තිරිසන් වැඩක් නිසා
අපි ඒ කාර්යය අපි වෙනුවෙන් කරන්න
රැකියාවට පිරිසක් ගන්නවා.
ඔවුන් අපි වෙනුවෙන් මරා ගන්නවා.
අපි ඔවුන්ට වේතනයක් දෙනවා.
අපට වඩා පහසුවෙන්
දරුවා පාසලට දාගන්න ආදී
වරප්‍රසාද ඔවුන්ට ලබා දෙනවා.
ඔවුන් ඔවුන්ගෙ සේවය කරනවා.
අපි සාමාන්‍ය විදියට
අපේ වැඩපළ කරගෙන යනවා.
කවුරුත් සැනසිල්ලෙන් වෙසෙනවා.
මේ ශීලාචාර රටාවෙන් පැනලා
අපේ රට අපේ ජාතිය කියා හිතුවාම
සාමාන්‍ය අපටත් උණ හැදෙනවා.
ද්වේශයෙන් මනස රෝගී වෙනවා.
අනික් ජාතීන් අපේ හතුරො වෙනවා.
හැතැප්ම දහස් ගාණක් ඈත
යුද්ධයක් පටන් ගත්තත්
ඒ යුද්ධෙ දිහා බලාගෙන
ඒ රටවල් දෙකෙන් එකකට පක්ෂ වෙලා
දෙපැත්ත බෙදිලා හතුරො වෙන්න
අපි හරි දක්ෂයි.
අපි ඒ විදියට අපේ හිත්
ද්වේශයෙන් කිළිටි කර ගත්තාට
යුද්ධ කරන එක හමුදාවෙ වැඩක්.
ඒ රටවල් දෙකේ හමුදාව
ඒ යුද්ධෙ කරගනීවි.
අපි මේ රටේ ඉඳන්
අනුන්ගෙ යුද්ධයක් අපේ කරගෙන
දුක් විඳින්නෙ ඇයි.?
හමුදාවෙ අය මරා ගන්න ඕන
අනික් හමුදාවෙ අයත් එක්කයි.
යුද්ධ කරන්න ඕන හමුදාව.
සාමාන්‍ය මිනිස්සු රැකෙන්න ඕන.
සාමාන්‍ය මිනිස්සු රකින එක
හමුදාවෙ රැකියාව.
ජනතාව තමන්ගෙ රටේ වුණත්
ප්‍රතිවාදී රටේ වුණත්
ඔවුන් රැකීම හමුදා දෙකේම
වගකීමක්, යුතු කමක් වගේම
රැකියාවේ කොටසක්.
අයිති රට කුමක් වුණත්
හමුදාව කුමක් වුනත්
සියලු ජනතාව රැකීම
හමුදාවට අයිති වැඩක්.
රටවල් දෙකක් ක්‍රිකට් ගහද්දි
අපි බලාගෙන ඉන්නවා විතරයි.
අපේ ක්‍රීඩකයො දිනුවාම
අපි සතුටු වෙනවා තමයි.
පැරදුණාම අනිත් පැත්තෙ අයට
වෛරයක් උපදිනවා නම්
ඒක මානසික රෝගී තත්වයක්.
රටවල් දෙකක
හමුදාවයි හමුදාවයි සටන් කළාට
ජනතාවයි ජනතාවයි ඒ විදියට
හතුරො වෙලා සටන් කළ යුතු නෑ.
අපි සත්තු-තිරිසන්නු නොවෙයි.
අපිට සටන් කරන්න පුරුදු වුණ
අපෙන් වැටුපක් ගන්න හමුදාවක්
අපි දෙගොල්ලාටම තියනවා.
ඇයි අපි මානසිකව රෝගී වෙලා
අනුන්ගේ යුද්ධයෙන් දුක් විඳින්නෙ.?
අනික් රටට විරුද්ධ වෙන එක
අපේ රස්සාව උණොත් වරදිනවා.
කවුරුවත් අපට ගෙවන්නෙ නෑ.
කවුරුවත් අපිව ඒ කාර්යයට
යොදවලාත් නෑ.
අනික් රටේ මිනිසුන්ට අපි වෛර කරන්නෙ
අපේම ස්වයං තීරණයක් මත
අපේ මෝඩ කමේ ප්‍රමාණයටයි.
එහෙම වෙන්න ඕන නෑ.
හමුදාව කරන්නෙ රස්සාවක්.
රට ජාතිය රැකීම
අපේ පාලකයන්ට සහ
අපේ හමුදාවට අයිති වැඩක්.
අපි ඔවුන්ගේ ස්වාමියෝ.
ඔවුන් අපිව රකින්න ඕන.
රට ජාතිය වෙනුවෙන් කියලා
අපේ ආරක්ෂාව අමතක කරලා
අපි කරන්නෙ අපට අයිති නැති
බොරු වැඩක්.