මම කංසා පිළිබඳව
ශක්‍යතා අධ්‍යයනයක් කළා...
1979-80 විතර
එක දවසක් කංසා භාවිතා කරලා
මානසික ඒකාග්‍රතාවය
විඳ පසක් කළ මොහොතේ
"ඒ මානසික ඒකාග්‍රතාවය
කංසා නැතුව ඇති කරගන්නවා" කියා
මම අදිටන් කළා.
සිතේ අවුල නැති කරගන්න,
සිත එකඟ කරගන්න
සඳහා කංසා භාවිතා කිරීම
ඇවිදින්න පුලුවන් කෙනෙක්
කිහිලිකරුවක් භාවිතා කරනවා වගෙයි.
සිත එකඟ කරගන්න කංසා අවශ්‍ය නෑ.
මිනිස් සිත තුළම ප්‍රතිපාදන තියනවා.
මම සොයාගත්ත විසඳුම
කංසාවලින් ලබන ඒකාග්‍රතාවයට වඩා
එහා ගිය පුළුල් විසඳුමක්.
ඒ මානසිකත්වය තමයි,
පිරිසක් සමග සටන් වලදි
බෲස් ලී භාවිතා කරන්නෙ.
ඔහු ඒ මානසිකත්වයට කියන්නෙ
"නි-මානසිකත්වය" කියලා.
"මනසක් නෑ" කියන අදහසින්.
කංසා වලින් තාවකාලිකව
එවැනි ප්‍රතිඵලයක් ලබා දෙනවා.
සිතුවිලි අඩු වෙනවා...
සිත නතර වෙනවා.
Wu-hsin නම් වූ සංසිද්ධිය
නැත්නම් No-Mindedness කියන්නෙ
සියලු සිතිවිලි සහ හැඟීම්
පිට කර වසාගත් හිස් මනසක් නෙමෙයි
එසේම සිතෙහි නිසල බව
හෝ සිතෙහි නිහඬතාවයද නොවෙයි.
සිතෙහි සමාහිත බව හා නිසල බවද අවශ්‍ය නමුදු
නි-මනස නම් සිද්ධාන්තය සකස්වන්නේ
සිතුවිලි අල්ලා නොගැනීම මගිනි.
කුන්ග්-ෆු සටන් කරුවෙක් හැසිරෙන්නේ
කැඩපතක් මෙනි.
කැඩපත කිසිවක් රඳවා ගන්නේ නැත.
කිසිවක් පිළිකෙව් කරන්නේද නැත.
එයට ලැබෙන දේ එය රඳවා නොගනියි.
නි-මනස හැඟීම් වලින් නොකෙළෙසෙන ලෙස
ප්‍රතිශක්තිකරණය කළ මනසකි.
චිත්ත ඒකාග්‍රතාවය වර්ග දෙකයි.
එකක් සියලු අරමුණුවලින් මිදී
සිත කේන්ද්‍රයට ගෙනත් එහි විසීම.
මේ කේන්ද්‍රගත මානසිකත්වය
ලෞකික ධ්‍යාන වල තියනවා.
ඔහුට බාහිර අරමුණු නොදැනී යනවා.
ධ්‍යානලාභීන් සමාජයෙන් සැඟවී
තමන්ගේ ලෝකයක ජීවත් වෙනවා.
මත්ද්‍රව්‍යවලින් කරන්නෙත්
මේ ආකාරයට සමාජයෙන් මිදීමක්.
තමන්ගේ තැනකට වී සුවයෙන් පසු වෙන්න නම්
චිත්ත ඒකාග්‍රතාවය ප්‍රමාණවත්.
පාරෙ තොටේ ඇවිද්දොත්
වාද විවාද කළොත් දැහැන බිඳෙනවා.
මේ චිත්ත ඒකාග්‍රතාවය තමයි
සිදුහත් කුමරු ප්‍රතික්ෂේප කළේ.
ඔහු සොයා ගත් ක්‍රමය හාත් පසින්ම වෙනස්.
ඒ ක්‍රමයට කරන්නෙ කේන්ද්‍රයට
සිත අරගෙන ඇවිත්, එතන ඉන්න අතරෙ
කේන්ද්‍රය වටේ තියන සියල්ලම
වෙනස් වෙන ආකාරය ගැන
සිහියෙන් පසු වෙන එකයි.
මේ සිහිය බුදු දහමෙ හඳුන්වන්නෙ
"සම්පජානෝ සතිය" වශයෙනුයි.
මේ තත්වයට සිහිය පත් කරගන්න නම්
තමන්ගේ සමස්ත කයටම දැනෙන
හැම දෙයක් ගැනම සිහියෙන් ඉන්න වෙනවා.
ඇසට එන රූප, කනට ඇසෙන ශබ්ද,
.... සමට දැනෙන ස්පර්ශ ආදී වශයෙන්
සියලු දේ ගැන සිහියෙන් ඉන්න වෙනවා.
ඒ සිහිය ඇති කරගන්න කෙනෙකුට
කයට දැනෙන වේදනා සියල්ලම
දකින තරමට සිහිය දියුණු විය යුතුයි.
( කංසාවලින් මේ හැකියාව දුර්වල කරනවා.)
කයට දැනෙන වේදනා සියල්ලම දකින ඔහුට
ඔහු තුළ සිදුවෙන වෙනස් කම් සියල්ල
සිහියෙන් විඳින්න හැකි වෙනවා.
"වේදනා තුන පරිඥාත කළ තැනැත්තාට
වේදනා සියල්ල පිරිසිඳ දත් කෙනාට
වෙන කල යුතු දෙයක් නෑ" කියා
බුදුන් වහන්සේ පවසනවා.
"වේදනාත්‍රය පරිඥාත කල්හි
ආර්යශ්‍රාවකයාහට මත්තෙහි කටයුතු
කිසිවක් නැතැ'යි කියමි."
එදිනෙදා ජීවිතයෙදි
මේ සිහිය භාවිතා කරන අයගෙ
සිහිය වඩාත් පුළුල්.
ඔවුන්ට විශාල වපසරියක සිදු වෙන
බොහෝ වෙනස්කම් එකවර දකින්න පුලුවන්.
සංගීත සංධ්වනියක් මෙහෙයවන
සංගීතඥයාට තියෙන්නෙ
සම්පජානෝ සතිය.
ඔහුට සියලු සංගීත භාණ්ඩ වාදනය කරන
අන් වාදකයන්ට තියෙන්නෙ
සරල චිත්ත ඒකාග්‍රතාවය.
ඔවුන්ගේ පරාසය ඉතා පටුයි.
සරල චිත්ත ඒකාග්‍රතාවය
බුදුන් වහන්සේට පෙරත් තිබුණා.
බඹයක් වූ කය තුළ
සමස්ත ලෝකයම විඳින ක්‍රමය
සම්පජානෝ සතිය සොයා ගනු ලැබුවේ
බුදුන් වහන්සේ විසිනුයි.
බුදුන් වහන්සේගේ වචනවලින්
දැනුවත්වම වේදනාවෝ පවතිත්..
දැනුවත්වම වේදනාවෝ අස්තයට යෙත්.
2, දැනුවත්වම සංඥාවෝ උපදිත් ...
දැනුවත්වම සංඥාවෝ පවතිත්..
දැනුවත්වම සංඥාවෝ අස්තයට යෙත්.
3, දැනුවත්වම විතර්කයෝ උපදිත්.
දැනුවත්වම විතර්කයෝ පවතිත්..
දැනුවත්වම විතර්කයෝ අස්තයට යෙත්.
විදිතා වේදනා උපට්ඨහන්ති,
විදිතා වේදනා අබ්භත්ථං ගච්ඡන්ති.
2, විදිතා සංඥා උප්පජ්ජන්ති,
විදිතා සංඥා උපට්ඨහන්ති,
විදිතා සංඥා අබ්භත්ථං ගච්ඡන්ති.
3, විදිතා විතක්කා උප්පප්ජන්ති,
විදිතා විතක්කා උපට්ඨහන්ති,
විදිතා විතක්කා අබ්භත්ථං ගච්‌ඡන්‌ති;
අයං, භික්‌ඛවෙ,
සමාධි භාවනා භාවිතා බහුලීකතා
සති සම්‌පජඤ්‌ඤාය සංවත්‌තති.
මජ්‌ඣිම නිකාය මජ්ඣිම පන්නාසකය ගහපති වර්ගය
2.1.3 සෙඛ සූත්‍රය
No comments:
Post a Comment