20170307

Facebook ත්‍රස්තවාදීන්ගෙන් කරදරද?


සැබෑ විරුද්ධ මතධාරීන් කවුද?

විරුද්ධ මතධාරීන් අතර නොකඩවාම වාද කරන
ශීලාචාර  මහත්වරුත් ඉන්නවා.
ඔවුන්ට කියවන්න පුලුවන්, හිතන්න පුලුවන්,
පැහැදිලිව ලියන්න පුලුවන්.

ආවේගශීලී වෙන විරුද්ධ මතධාරී පිරිස
අතින් පයින් විසඳුම් සොයන මතවාදී ගොලුවන් පිරිසක්.

පැහැදිලිව ලියන මතය කියවාගන්නටත්
කියවාගත් දේ වටහා ගන්නටත්
තමන්ගෙ මතය වචනයට නගා
පිළිවෙළට ලියා ගන්නටත් නොහැකිව
කුණුහරුප කියන, අවලාද නගන,
නින්දා අපහාස කරන ගෝත්‍රිකයන්
විරුද්ධ මතධාරීන් කියා පෙනෙන්නෙ
ඒ ආවේගශීලී විරෝධයෙන් පමණයි...
ඔවුන් දරණ මතයක් නෑ..
මතයක් තිබුණත් ප්‍රකාශ කරන්න දන්නෙ නෑ..

ආවේගයෙන් වෙවුලන ඔවුන් සුදුසු
ශීලාචාර සංවාදවලට නොවෙයි.
ඒ හැඟුම් බර චරිත සුදුසු
පාරෙ බෝඩ් උස්සගෙන කෑ ගහන්න,
වතුර පාරට කඳුලු ගෑස් වලට
ඉස්සරහට යවන්න විතරක් බව
රජයේ වෛද්‍ය සංගමයත් අන්තරේත්
හොඳටම දන්නවා.

කතා කරන්න පුලුවන් දෙතුන් දෙනෙක්
වේදිකාවට නැගලා ඔවුන් ෆෝම් කළාට පස්සෙ
ඔවුන් හිටු කියල වැඩේට බහිනවා.

ෆෝම් කරපු කථිකයන්, සුනිල්/නන්දා මාලනීලා
රට පැනලා ජීවිත රැක ගනිද්දි 89 දි මැරුම් කෑවෙත්
ඉදිරියෙදි කැරැල්ලක් ආවොත් මැරුම් කන්නෙත්
මේ කියවන්න බැරි, හිතන්න බැරි,
කතා කරගන්න බැරි, ලියන්න බැරි
ඊනියා විරුද්ධ මතධාරී ගොලුවන් පිරිසම තමයි.

අදහස වචනයට නගන්නට බැරි නම්
අතට අහුවෙන දේකින් පහර දීම හැර
වෙනත් විකල්පයක් නැහැ.

උතුරෙ අවි අතට ගත්තෙත්
දකුණෙ අවි අතට ගත්තෙත්
මිනිසුන් ලෙස ශීලාචාරව අදහස් පළකිරීමට
තමන්ගේ ඇති නොහැකියාවෙන් හැඟුම් බරවී
අවිචාරයෙන් හැසුරුණ පිරිසයි.

ඔබත් ඔවුන්ගෙන් කෙනෙක් නම්
ආවේගයෙන් වෙවුලන වෙලාවට
මේ බුදු වදන සිහි කරන්න.

සිතෙහි ක්‍රෝධය ඉපදී තිබියදී
ඉතා වේගයෙන් දුවන රථයක් මෙන්
සිත මනාව හසුරුවා ගන්නා තැනැත්තා
නියම රියැදුරකු යැයි මම කියමි.

සාමාන්‍ය රිය එළවන අන් ජනයා
නිකම් තෝන් ලණුව අල්ලන්නෝ ය.

“යො වෙ උප්පතිතං කොධං
රථං භන්තං ච ධාරයෙ
තමහං සාරථිං බ‍්‍රෑම්
රස්මිග්ගාහො ඉතරො ජනො”