20180324

සමලිංගිකත්වය බුද්ධිමතුන්ගේ රෝගයක්. ( ප්‍රඥාවෙන් සුව කළ හැකියි.)


සමලිංගික ප්‍රඥාවන්තයන් නෑ.
ප්‍රඥාවන්ත සමලිංගිකයන් නෑ.
සමලිංගිකත්වය
බුද්ධිමතුන්ගේ රෝගයක්.

සමලිංගිකත්වය මෝඩකමක්.
ඒත් මෝඩ නූගත් සමලිංගිකයන්
විශේෂිත සිරකඳවුරු වල සිටියත්
සාමාන්‍ය සමාජය තුළ නෑ..

සමලිංගිකත්වය
බුද්ධිමත් කම නිසා ඇතිවෙන
මන්ද බුද්ධික බවේ අතුරු ලක්ෂණයක්.
වඩාත් නිවැරදිව කිව්වොත්
මඳ ප්‍රඥාවේ ලක්ෂණයක්.

සාමාන්‍යයෙන් බුද්ධිමතුන් තුළ දකින
මන්ද බුද්ධික බව වෙනත් අවස්ථාවන් වලත්
අපිට අහන්න දකින්න ලැබෙනවා.
සමලිංගිකත්වය ඉන් වෙනස් වන්නෙ නෑ.

නූගතුන් අතර සමලිංගිකත්වය තියෙන්නෙ
සිර කඳවුරු, හමුදා කඳවුරු වැනි
නීත්‍යානුකූල සිර කඳවුරු තුළ සහ
පන්සල් පල්ලි වැනි සංස්කෘතික සීමාවන් වලට
අකමැත්තෙන් කොටුවී දුක් විඳින
මානසික සිරකඳවුරු තුළයි.
ඔවුන් කම් සුවයට ඍජුවම ආදේශක සොයනවා.

සත්වෝද්‍යානවල ඉන්න සතුන් තුළත්
එවැනි අස්වාභාවික හැසිරීම් තියනවා.
අපේ සත්වෝද්‍යානෙත් තියනවා.
මිනිස්සුන්ටත් ඒ හැසිරීම් හුරු වෙන්නෙ
සංස්කෘතියෙ සීමාවන් ඉක්මවා යන අයට සහ
ඒ සීමාවන් තුළ අකමැත්තෙන් කොටු වුණ අයට
ඒ හිරවීම තුළ සොයාගන්න සිදුවෙන
අස්වාභාවික විසඳුම් නිසයි..

ඒ අස්වාභාවික තත්වය  සමාජය හෙළා දැකිය යුතු නෑ.
ඒ වගේම සමානාත්මතාවයෙන් භාරගත යුතුත් නෑ.

සමාජයෙන් කොන් නොවී හැසිරෙන්නට
සාමාන්‍ය සමාජය තුළ සමලිංගිකයන්
ඔවුන් විඳින උපකල්පිත කම්සුවයට
උපකල්පිත හේතු සාධක හොයාගෙන
තාර්කික ආවරණයක් මනසින් හදාගෙන
අපත් ඒ සිර කඳවුරට කොටු කරගන්න
අප්‍රමාණ උත්සාහයක් දරනවා.

අප ඉදිරියේ කවර තර්ක ඉදිරිපත් කළත්
ඔවුන් කම්සුව විඳින්නෙ චිත්ත රූපයක් සමගයි.
ඔවුන් දකින්නෙ තමන්ට අවශ්‍ය දේ විනා
සමස්තයට සාපේක්ෂව සත්‍ය දේ නොවෙයි.

සමස්තය නොදකින බුද්ධිමතා
"දකින වපසරිය" සාධාරණීකරණය කරගෙන
තමන්ගේ දුර්වලකම විශේෂත්වයක් ලෙස
සමාජයට ඔප්පු කිරීමට සමත් වීම නිසා
අද සමහරු සමලිංගිකත්වය පිළිගන්නවා.
ඒ ඔවුන්ගේ මන්ද බුද්ධිකභාවයට
සමලිංගික බවේ ඇතුළාන්ත ස්වභාවය
ගෝචර නොවීම නිසයි.

සමාජයේ සිටින තවත් බිරිසක්
සමලිංගික බව තමන් විඳින කම්සුවයට සමානයැයි
ඒ පිළිබඳ කිසිදු අත්දැකීමක් නැතිව
බුද්ධියෙන් උපකල්පනය කරනවා.
ඒ උපකල්පනයක් සමග එකඟ වෙලා
ඔවුනුත් සමලිංගිකයාගේ උපකල්පිත කම්සුවය
තර්කයෙන් සාධාරණීකරණය කරනවා.

සමලිංගිකයන් නොවී සමලිංගිකත්වයට
උල්පන්දන් දෙන පිරිසේ ඉන්න ස්ත්‍රී පුරුෂයන්
ජීවිතේ එක වරක් හෝ ඒ අත්දැකීම
විඳ පසක් කළ යුතුයි.
ඒ අත්දැකීම තමන්ගෙ සැබෑ අත්දැකීමට
හැම විදියෙන්ම සසඳා බැලිය යුතුයි.
කායික-මානසිකවත් පූර්ව අපර වශයෙනුත්
සංසන්දනය කොට විමසිය යුතුයි.
තර්කයෙන් එකඟවීම වංචාවක්.
පළමුවෙන්ම ආත්ම වංචාවක්.
බුද්ධිමතුන් ආත්ම වංචාවට දක්ෂයි.

චිත්තරූපයක් සමග කම් සුව විඳීම
ස්වයං වින්දනය බව කවුරුත් දන්නවා.
සමලිංගිකත්වයත් ඉන් වෙනස් වෙන්න
තමන් වෙනුවට වෙනත් සම වර්ගයේ කෙනෙක්
ආදේශ වෙලා සිටින නිසයි.

සමලිංගිකයා සංවාසයෙහි යෙදෙන්නෙ
විරුද්ධ ලිංගිකයා මෙන් සිතන
ආදේශකයක් සමගයි.

තමන් කම් සුව ලබන සමලිංගිකයා
විරුද්ධ ලිංගයට ආදේශකයක් නොවෙයි නම්
ඒ විදියට සමලිංගිකයන්ගෙන්
ලිංගික සුවයක් සොයන්නේ ඇයි.?

විරුද්ධ ලිංගයක් අවශ්‍ය වෙන්නෙ
ලිංගිකව සුවයක් ලබන්නටයි.
ඒ සුවය උපකල්පනයක් පමණයි.

බුද්ධිමතා ජීවත් වෙන්නෙ
උපකල්පන සමගයි.

ප්‍රඥාවන්තයන්
චිත්ත රූප මවාගෙන
විඳින්නෙ නෑ.
බුද්ධිමතුන්ට ලිංගික සුවයත්
උපකල්පන සමග විඳින්න පුලුවන්.
ඔහු තර්ක හදාගෙන සිත රවටාගෙන
කම් සුවය වැනි විකෘති යමක්
කම් සුවය මෙන් විඳිනවා.
බුද්ධිමතුන්ට වංචා කරන්න පුලුවන්.
ආත්ම වංචාව වඩාත් හොඳින් කරන්න
බුද්ධිමතුන්ට පුලුවන්.

ප්‍රඥාවන්තයා කියන්නෙ
මේ මොහොතෙ පවතින සත්‍යය
ඒ ආකාරයෙන්ම දකින කෙනෙක්.
ඔහු ස්ත්‍රී පුරුෂ වෙනසත් ඒ ආකාරයටම දකිනවා.
ඒ නිසා ප්‍රඥාවන්තයාට සමලිංගිකයන්ගෙන්
සැබෑ කම් සුවයක් විඳින්න බැහැ.

කාය වේදනා මට්ටමේ පටන්
ප්‍රඥාව දියුණු කරන කෙනෙකුට
සමලිංගිකත්වය සුව කරගන්න පුලුවන්.