20160217

පැස්ටෆාරියානු ආගමේ ලාංකික මුහුණුවර.


පැස්ටෆාරියානු ආගම
දේවවාදී ආගම් අදහමින්
ඒ ආගම් තුළින් තමන් දකින්න උත්සාහකොට
අසාර්ථක වී විස්සෝපයට පත්
බටහිර නිරාගමිකයන්ගෙ නිර්මාණයක්.
පැස්ටෆාරියානු පැරඩියට පදනම් වුණේ
ඔවුන් කලක් භාවිතා කළ
ආගමික ඇදහීම් සහ
දේවවාදී වත්පිළිවෙත්මයි.
ඒ නිසා ඔවුන්ගේ පැරඩිය සාර්ථකයි..

බටහිර පැරඩිය කරට ගත්
ලාංකික නිරාගමිකයන්ට
එවැන්නක් නිර්මාණය කරගන්න බැහැ.
ඔවුන් කිසිම ආගමක් ගැන
දන්නෙ නැහැ.
අපේ රටේ බහුතරයක් දේවවාදී නෑ.
බෞද්ධ - හින්දු දේව සංකල්ප
බටහිර පැරඩිය සමග පෑහෙන්නෙත් නෑ.

බටහිර ආගමිකයන් විසින්
ඔවුන්ගේ දේව භක්තියට පිටින් ඇන්දවූ
වස්තාභරණ එකතු කරගෙන
භක්තිය නැතිව ප්‍රකාශ කිරීම
බටහිර නිරාගමිකයන්ගේ
උපාය මාර්ගය වුණා.
දේව භක්තිය ප්‍රායෝගිකව පිළිපදින
ජීවන මාර්ගයක් නොවුණ නිසා
දේව භක්තිය හාස්‍යයට ලක් කිරීම
යම් ප්‍රමාණයකට සාර්ථක වුණා.

පන්සිල්, ආනාපාන සතිය, විපස්සනා වැනි
ප්‍රායෝගික ශීල, සමාධි, ප්‍රඥා අංග වලින් යුත්
බුදු දහමට පැස්ටෆාරියානු සරුවාලය
පෙරවා රැගෙන යනවිට
පැස්ටෆාරියානු ආගමට නව ජීවයක් ලැබෙනවා.
ශීල, සමාධි, ප්‍රඥා වලට
මොන ඇඳුමක් ඇන්දුවත් ප්‍රියයි.