20180216

අපරාධවලට හේතුව අවි භාවිතයේ නිදහසද?


ඇමරිකානු සිසුවෙක් ගිනි අවියකින්
ඉවක් බවක් නැතිව වෙඩි තබමින්
සහෝදර සිසු සිසුවියන් 17දෙනෙක්
එක තැන මරා දමන්නට හේතුවුණේ
ඔහුගේ කාමුක ඉල්ලීමකට කැමති නොවූ
එක ශීලාචාර සිසුවියක් නිසා පහළ වූ
අසීමිත කෝපයයි.
ගිනි අවියෙන් නිකුත් වුණ උණ්ඩ වලින්
සංකේතවත් වුණේ ඒ කෝපයයි.

මේ සිසුවාට ආගමික පදනමක් තිබුණා නම්
ඔහුගේ කෝපයෙන් මිදෙන්නට අවශ්‍ය වන
ආගමික ක්‍රම හැම ආගමකම තියනවා.
ආගමික ක්‍රමවලට හුරු නොවුණ අයත්
හිත සමනය කරගන්න භාවිතා කරන්නෙ
මේ ක්‍රම බව ඔවුන් දන්නෙ නෑ.
එවැනි ක්‍රම නැති අය මේ වගේ අනතුරු
සමාජයට සිදු කරනවා.

මේ වගේ අවස්ථාවන් වලින් බේරෙන්නට
විසඳුම් සොයන නිරාගමික සමාජය
අවි ආයුධ භාවිතයට ඇති නිදහස
මේ ප්‍රශ්නයට හේතුව මෙන් සලකමින්
අවි ආයුධ ඉවත් කරන්නට යෝජනා කළා.
ඒ විසඳුම සාර්ථක විසඳුමක්ද?

අපරාධකරුගෙන් අවි ආයුධ ඉවත් කිරීම
යුධ ටැංකියක තුවක්කුව අයින් කිරීමක්.
වාහනේ හානිකර බව ඒ වගේමයි.

මිනිසා තමයි හානිකරම අවිය.
අවි ආයුධ කියන්නෙ කියන්නෙ
ඒ හානිකර අවියෙ දිගුවක් විතරයි.

ඒක විසඳුමක් තමයි..
ඒත් ඉතාම බොළඳ මොන්ටිසෝරි විසඳුමක්.

පිස්සෙකුගෙන් ආයුධේ උදුරගන්නවාට වැඩි
විශේෂ බුද්ධිමත් කමක් ඒ විසඳුමේ නෑ.
සතෙකුට වුණත් ඒ විසඳුම හදා ගන්න පුලුවන්

මේ අපරාධකරුවා කඩුවක් අරන්
මේ පාසලට ගියානම්
දහයක් දොළහක් මරන්න ඉඩ තිබුණා.
මීට වැඩි වෙන්නත් තිබුණා.
පොල්ලක් අරන් ගියා නම් සිසුන් කීපදෙනෙක්
මරන තුරු විසඳුමක් නෑ.

වාහනේ නියුට්‍රල් එකට දැම්මා කියලා
එන්ජිම නතර වෙන්නෙ නෑ.
එන්ජිම නතරකරගන්න ක්‍රමයක් අවශ්‍යයි.

ඒ ක්‍රමය පවතින්නෙ ආගම් වල විතරයි.
විද්‍යාව සොයා ගත් විසඳුමක් නෑ.
විද්‍යාවෙන් උපකරණයක් හැදුවත්
කෝපයෙන් වියරු වැටෙන මිනිහා
සමනය කරගන්න ක්‍රමයක් හොයන්නෙ නෑ.
ඔහුට ඒක රෝගයක් නොවෙයි, ශක්තියක්.

ආවේගයක් එන මිනිහා හොයන්නෙ ආයුධයක්
ඒ ආවේගය සමනය කරගන්න හිතන්නෙ
තමන් දකින්න පුලුවන් ශීලයක් තියන මිනිහෙක්.
ශීලය තියන මිනිසුන්ට දැනටමත්
ඕන තරම් ක්‍රම ආගම් වල තියනවා.

අවි ආයුධ පාලනය කරන නීති කියන්නෙ
ඉතාම බොළඳ මොන්ටිසෝරි විසඳුමක්..

පිස්සෙකුගෙන් ආයුධේ උදුරගන්නවාට වැඩි
බුද්ධිමත් කමක් ඒ විසඳුමේ නෑ.
සතෙකුට වුණත් ඒ විසඳුම හදා ගන්න පුලුවන්

අවි ආයුධ පාලනය කරන නීති හැදුවට
ඒ අවි භාවිතා කරන මිනිස්සු
හැදෙන්නෙ නෑ..

පිස්සෙක් නීති වලින් ඇඳකට බැන්දාට
එයාගෙ පිස්සුව හොඳ වෙන්නෙ නෑ.
බෙහෙත් පෙති වලින් නිර්වින්දනය කළත්
ඔහු සුවපත් වෙන්නෙ නෑ.

තුවක්කුවෙන් තියන එකෙන් වෙන්නෙ
අතේ තියාගෙන ඉන්න කෙනාට ලැබෙන
බලයෙ ප්‍රමාණය විතරයි.

ඒ තුවක්කුව Fire වෙන්නෙ
ඔහුගෙ හිතේ දෙන ද්වේශයෙන්...
ඒ ද්වේශය පාලනය කරන්න තමයි
රජයෙන් නීතියත් ආගමෙන් සීලයත්
භාවිතා කරන්නෙ.
ඒ දෙකේදිම ආවේග පාලනය කරනවා.

වාහනේ නියුට්‍රල් එකට දැම්මා කියලා
එන්ජිම නතර වෙන්නෙ නෑ.
එන්ජිම නතරකරගන්න ක්‍රමයක් අවශ්‍යයි.

නීතිය හෝ සීලය ඇරුණාම
හිතේ තියන ආවේගයකින් නිදහස් වෙන්න
මේ ලෝකෙ තියන්නෙ ක්‍රම දෙකයි
එක්කො සමථ අනික විපස්සනා.

ලෝකෙ තියන හැම පිලිගත්ත ආගමක්ම
හිත සමාහිත කරගන්න භාවිතා වෙන්නෙ
සමථය මුල් කරගත් මානසික විසඳුම්.
ඒ විසඳුම් වලින් කරන්නෙ
ද්වේශයට හේතුවුණ අරමුණෙන් සිත අරන්
වෙනත් අරමුණකට යොමු කිරීමයි.

ආගමිකව නොවුණත් හැම කෙනෙක්ම
ගීත අහලා, රූපවාහිනී බලලා
මත්පැන් බීලා ආවේග සමනය කර ගන්නවා.

හැම කෙනෙකුටම කාලයට අමතරව
හිතේ ආවේග සමනය කරන ක්‍රම
භාවිතා කරනවා.

නිරාගමිකයාත් මේ ක්‍රම
නොදැනුවත්ව භාවිතා කරන අතරෙ
"මම ආගමික නෑ" කියලා උද්දාම වෙනවා.

සමථ ඇරෙන්න තියෙන විපස්සනා
වෙනත් ආගම් වලට මිශ්‍ර වෙලා නම්
ඒ බුදුන් වහන්සේ හොයා ගත්තට පස්සෙයි.
විපස්සනා තියෙන්නෙ බුදු දහමෙ විතරයි.
විපස්සනා අවශ්‍ය වෙන්නෙ
සමථයෙන් හිත තැන්පත් කිරීම
තවකාලික බව සහ
ඒ සමථය රැකගැනීමත්
අපහසු බව වැටහුණාමයි.

ගැටළු ඇති කරන අරමුණක් නිසා
කෙනෙකුගෙ හිත කැළඹිලා අවුල් සහගත වුණාම
''අරමුණ වෙනස් කිරීමෙන් හිත නිවා ගැනීම''
අසාර්ථක ක්‍රමයක් විදියට බුදුන් වහන්සේ දුටුවා.

අරමුණ වෙනස් කිරීමෙදි සිත නිවුණාට
අදාළ ප්‍රශ්නය විසඳෙන්නෙ නෑ.
අරමුණ පිළිබඳ තොරතුරු වල
හැඟීම ඇතිකරන කොටස අක්‍රිය නිසා
ඔහු සැබෑ ප්‍රශ්නයට සංවේදී නැහැ.

බුදුන් වහන්සේ සෙවූ kraමය නම්
ප්‍රශ්නයට සම්පූර්ණයෙන්ම සංවේදීව
සම්පජානෝ සතියෙන් යුතුව
උපේක්ෂාවෙන් වෙසෙමින්
ප්‍රශ්නය විසඳන ක්‍රමයයි.

ප්‍රශ්නයට මුහුණ දෙමින්
තමන්ගෙ හිත හොඳටම කැළඹිලා තියෙද්දි
ඒ කැළඹීමට සංවේදී නොවී
ප්‍රශ්නයට විසඳුම් දෙන්න හැකි වෙන
ප්‍රයෝගික විසඳුම සොයා ගන්න
බුදුන් වහන්සේ සමත් වුණා.

බුදුන් වහන්සේ අගය කළ තැනැත්තා
ප්‍රශ්නයකදි හිත කැළඹුණාම
'සිතෙහි ක්‍රෝධය ඉපදී තිබියදී'
කොයි විදියට හැසිරෙන කෙනෙක්ද?

''සිතෙහි ක්‍රෝධය ඉපදී තිබියදී
ඉතා වේගයෙන් දුවන රථයක් මෙන්
සිත මනාව හසුරුවා ගන්නා තැනැත්තා
නියම රියැදුරකු යැයි මම කියමි.
ඉතිරි ජනයා
නිකම් තෝන් ලණුව අල්ලන්නෝ ය.''

“යො වෙ උප්පතිතං කොධං
රථං භන්තං ච ධාරයෙ
තමහං සාරථිං බ‍්‍රෑමි
රස්මිග්ගාහො ඉතරො ජනො”

මෙහි බුදුන් වහන්සේ අගය කරන්නෙ
ක්‍රෝධය නැති තැනැත්තා නොවෙයි.
ක්‍රෝධය පවතිද්දී
හිත මනාව හසුරුවා ගන්නා තැනැත්තායි.

සිත සැනසිල්ලෙන් තියාගන්නා අරමුණෙන්
ප්‍රායෝගික ජීවිතයෙන් බැහැරවෙන්නෙ නැතුව
සිතේ සැනසිල්ල ලබාගන්න ක්‍රමය
විදසුන් වැඩීමයි.

හිත කැළඹෙන්නෙ අපේ කය අනුවයි.
හිත අනුව කයත් කැළඹෙනවා.

කයේ හෝමෝන වලින් සිත කැළඹෙනවා.
සිතේ කැළඹීමෙන් කයේ හෝමෝන ඇති වෙනවා.

ඇසින් අනතුරක් දැක්කාම
හිත කැළඹෙනවා.
ඒ අනුව අනතුරට මුහුණ දෙන්න හෝ
අනතුරෙන් පලායන්න අවශ්‍ය වෙන
හෝමෝන කයට එක් වෙනවා.
මේ හෝමෝන අනුව
නැවත හිත කැළඹෙනවා.

සිතේ වෙනස් වීම් වලට අනුව
කයට ඉබේම එක් වෙන
ප්‍රතික්‍රියා කාරක හෝමෝන නිසා
සතෙක් මෙන් ප්‍රතික්‍රියා නොකර
ඒ හෝමෝන මගින් කරන පෙළඹවීම
නොසලකා ක්‍රියා කරන්නට
විදසුන් වඩන්නෙක් පුහුණු වෙනවා.

කයෙහි ද්වේශය ඇති කරන හෝමෝන
සිතෙහි ඇති වෙලා තිබුණත් සිත කැළඹෙන්නෙ
ඒ හෝමෝන නිසා ඇති වෙන අප්‍රිය වේදනා
දුක්ඛ වශයෙන් ගැනීමෙනුයි.

මේ කැළඹිල්ල සතෙකුට අවශ්‍යයි.
මිනිසෙකුට අවශ්‍ය වෙන්නෙ
මනසෙන් විසඳන්න බැරි ප්‍රශ්නයකදියි.

මනසෙන් ප්‍රයෝජන ගන්න නම්
කයේ දුක්ඛ වේදනා ඇතිවුණාම
සිතේ ද්වේශය ඇති කර නොගෙන ඉන්න ක්‍රමය
විදසුන් වඩන කෙනෙක් විදියට
පුහුණු වීම අවශ්‍යයි.