20150107

Stephen Howking දහම නොදුටු සැබෑ නිරාගමිකයෙක්



"විභාග වලින් මනින බුද්ධිය පිළිබඳව
පුරාජේරු කියවන බාලයන් පරාජිතයන්ය"
------------------------------------------
අයින්ස්ටයින් මෙන්ම ස්ටීවන් හෝකින්ග්ද
විභාග වලින් මනින බුද්ධිය නොවටිනා බව
දැනගෙන සිටි බව පෙනෙනවා.
වටිනාකම ගිණිය නොහැකි ප්‍රඥාව සෙවූ ඔහුට
ප්‍රඥාවට මාර්ගය හමු නොවීම ඔහුගේ අවාසනාවක්.
 

"මම මරණයට බය නැහැ. ඒත් මට මැරෙන්න හදිස්සිත් නැහැ. ඊට කලින් කරන්න ගොඩක් දේවල් මට තියනවා. මම මොළය සලකන්නේ, අංගෝපාංග වැඩ කිරීම නැවතුනු පසු ක්‍රියා විරහිතවන පරිගණකයක් විදියට. කැඩ්ච්ච පරිගණකවලට දිව්‍යලෝකයක් හෝ පසු ආත්මයක් නැහැ; ඒක අඳුරට බය මිනිස්සු වෙනුවෙන් ගොතපු සුරංගනා කතාවක්." ~ස්ටීවන් හෝකින්ග්

ස්ටීවන් හෝකින්ග් දහම නොදුටු සැබෑ නිරාගමිකයෙක්

~ස්ටීවන් හෝකින්ග්ගෙ අදහස
හොඳ ස්වාධීන චින්තනයක්..
ඒත් ඔහුගෙ පරිගණකය
කොතරම් නිරෝගීද?
කොයිතරම් හොඳ ක්‍රියාකාරිත්වයෙන්
පවතිනවාද..?
ඒ පරිගණකයෙ ක්‍රියාකාරිත්වයෙන්
නෙට්වර්ක් එකට ගැටළු ඇති වෙනවාද?
ඔහු මෙහෙම කියන්නෙ මෝහය නිසාද...
නැත්නම් නෙට්වර්ක් එකට සංවේදී
හොඳ පරිගණකයක් විදියටද?

ස්ටීවන් හෝකින්ග් ගෙ පරිගණකයෙ මෙමරි එක
කාමය, කෝපය, නිදි මත, නොසන්සුන්කම
චකිතය වගේ වයිරස් වලින් පිරිලා
ඒ දේවල් වරින්වර ඕපන් වෙද්දි
තමන්ගෙ උපාංග වලට සහ
තමන් ඉන්න නෙට්වර්ක් එකට
හානි වනවා නම්
ඔහු නෙට්වර්ක් එකට බරක්..

ස්ටීවන් හෝකින්ග් පරිගණකයෙ
කාමය, කෝපය, වගේ වයිරස් වලින්
ස්ටීවන් හෝකින්ග් පරිගණකයෙ  උපාංග වලට සහ
ස්ටීවන් හෝකින්ග් පරිගණකය තියන නෙට්වර්ක් එකට
හානියක් නොවෙන්න ශීලය අවශ්‍යයි.

ඒ දුර්වලකම් මතු  නොවී
පවත්වාගන්න ලෞකික සමාධිය අවශ්‍යයි.

ඒ දෙක තියනවා නම්
ඒ දුර්වලකම් ඕපන් වෙද්දි
ඒ වෙනස් කම් ගැන සිහියෙන් සහ
ඒ වෙනස්කම් වලට උපේක්ෂාවෙන්
ඒ වෙලාවට
මවුස් එකත් කී බෝඩ් එකත්
පාවිච්චි නොකර ඉඳලා
ඕපන් වුණ ෆයිල්
ඔටෝ ඩිලීට් වෙන විදියට ඉන්නත්
ස්ටීවන් හෝකින්ග්ස්ට පුලුවනි.

ශීලය සමාධිය ප්‍රඥාව තියනවා නම්
ලබන ජීවිතයක් තිබුණත් නැතත්
ඔහුට මේ මොහොතෙ
ස්වර්ගයෙ ජීවත් වෙන්න පුලුවන්.
අන්ධ භක්තිකයෙන් ස්ටීවන් හෝකින්ග් අදහන
නිරාගමික අනුගාමිකයන්ටත්
ඔහුගෙ පුරාජේරුව අහලා
මේ ලබන බොළඳ තෘප්තිය ඉක්මවා ගිය
යහපතක් ඔහුගෙන් සිදු වෙයි..
ස්වර්ගය මිථ්‍යාවක් වුණත් නැතත්...
මේ මොහොත සත්‍යයක්..
======================================


ස්ටීවන්ට ප්‍රඥාව තිබුණ බව
ඔහුගෙ මුහුණ බැලුවාම පෙනෙනවා.
ඔහු තමන් ඉන්න තත්වයෙන්
දුක් වින්දෙ නැති බව පෙනෙනවා.
මෙතෙක් ආ ගමන තුළ ඔහු
ප්‍රඥාව ලබාගෙන තියනවා.
ප්‍රඥා මාර්ගය කියන්නෙ
ඔහු ඉන්න තැන සිට
ඉදිරියට යන්නට ඔහු දන්නෙ නැහැ.

ප්‍රඥාව වැඩෙන විදියට්‍ර
මේ මොහොත ගත කරන මග ඔහුට රහසක්.

දෙවියන් වහන්සේ නෑ කියා ඔප්පු කරන්න කෙනෙකුට බෑ.

ඒත්
විද්‍යාව නිසා
දෙවියන් වහන්සේ පිලිබඳ අවශ්‍යතාවය නැති වෙනවා.
- ස්ටීවන් හෝකින්..

විද්‍යාව නිසා
දෙවියන් වහන්සේ පිලිබඳ අවශ්‍යතාවය
නැති වෙනවා නම් සාධාරණයි..

පල්ලියට, කෝවිලට ගිහින්
ඒ දේශනා වලට ඇහුම් කන් දීලා
ප්‍රශ්නයක් අරන් ගෙදර එන
තර්කයට බර විද්වතුන්
දෙවියන් වහන්සේගෙන් මුදවාගන්න
අවශ්‍ය තරම් ගැටළු රැසක්
විද්‍යාව විසින් සපයනවා.
ඔවුන් දෙවියන්ගෙන් ඈත් වෙනවා.

ජීවත් වෙද්දි මතුවෙන
විසඳුමක් නොපෙනෙනන ප්‍රශ්නයක් අරන්
පල්ලියට, කෝවිලට ගිහින්
හිත සනසාගෙන ආපහු එන
සරල බැතිමතාගේ අවශ්‍යතාවය
විද්‍යාවට කවදාවත්ම ඉටු කරන්න බැරිවෙයි..

සැබැ නිරාගමිකයා යනු
විශ්ව ධර්මතාවය
අන්ධ භක්තියෙන් විශ්වාස කිරීමෙන් මිදී
විශ්ව ධර්මතාවය අවබෝධ කරගන්නායි..

විද්‍යාවෙ දැනුම ආදේශකයක් කර ගැනීමෙන් හෝ
විදසුනෙන් ධර්මය හඳුනා ගැනීමෙන් තොරව
අකලට මෝරන නිරාගමිකයා
මේ මහා අනෙක් දෙය
විස්වාස කිරීමෙන් මිදී
සමීප වෙන්නෙ තිරිසනාටයි..
ඔහු පසුවෙන්නෙ මෝහයෙන්..
භක්තියට හා විශ්වාසයට
ආදේශකය විය යුත්තෙ
මෝහය නොවෙයි.
ප්‍රඥාවයි..
අවම වශයෙන් දැනුම හෝ වියයුතුයි..
හොඳම ආදේශකය ප්‍රඥාවයි
.======================
ස්ටීවන් විද්‍යාව තුලින්
ප්‍රඥාව සොයා ගත් නිරාගමිකයෙක්

ප්‍රඥාව කියන්නෙ
වෙනස්වීමට, අනිත්‍යයට අනුගත වීම බව
ඔහු අවබෝධ කරගත්තා,.



ඔහු බුද්ධිය ලෙස හැඳින්වූයේ ප්‍රඥාවයි.
ඔහු බුද්ධිය ලෙස හැඳින්වූයේ
වෙනසට අනුගත වීමයි.

එනම් විපස්සනාවයි.

මොහොතින් මොහොතට
සිදු වෙන සියල්ලටම
විනිශ්චයෙන් තොරව අනුගත වන්නා
රහතන් වහන්සේයි..


තම සිත තුළත් කය තුළත් සිදුවෙන
සියලුම වෙනස්කම් පිළිබඳව සිහියෙන්
තම සිත තුළත් කය තුළත් සිදුවෙන්
සියලුම වෙනස්කම් පිළිබඳව උපේක්ෂාවෙන් සිටින කෙනෙක්
වෙනසට උපරිමයෙන් අනුගත කෙනෙක්.
"ආර්ය ශ්‍රාවකයාට
කායික වේදනා නෑ.
මානසික වේදනා පමණයි."

ස්ටීවන් දුක හඳුනන නිසා
ඔහුට හැකි පමණින් ඔහුගෙ ක්‍රමයකට
ඔහු දුකෙන් මිදෙන මග සොයා ගත්තා.
ඒ මග බුදුන් වහන්සේ සොයාගත් මගෙහි
අතීතයට අදාළ කොටසයි.

වර්තමානය ගතකරන ආකරය
ඔහු දැන සිටින්නට නැහැ..
ඔහු සිදු වූ දෙයින් උපේක්ෂාව දියුණු කළා.
හැම මොහොතක්ම සිහියෙන් ගත කළ යුතු බව සහ
හැම දෙයක් ගැනම සිහියෙන් සිටිය යුතු බව
ඔහු දැන සිටින්නට නැහැ..

ප්‍රඥා මාර්ගය
හමුවුණ කෙනෙකුගෙ ජීවිතයෙ
මේ වෙනස්කම් වෙනවා.

1,
සත්වයාගේ විශුද්ධිය

2, සෝක පරිදේව සමතයට හා ඉක්මවීම

3, දුක් දොම්නස් අස්තංගත වීම

4, ප්‍රඥාව ඉහළ යාම

5, නිවන සාක්ශාත් කිරීම

ඒ සඳහා ආගමක් ඇදහිය යුතු නැහැ..
මේ මොහොතෙ තම සිත සහ කය තුළ
සිදුවෙන දේ ගැන සිහිය තියනවා නම්
ඒ දකින දේට
උපේක්ෂාව තියනවා නම්
ප්‍රඥාව පහළ වෙනවා.
ඔබ කෝපයෙන් හැසිරෙන විට
ඒ මොහොතෙ තම සිත සහ කය තුළ
සිදුවෙන දේ ගැන සිහිය තියනවා නම්
ඒ දකින දේට
උපේක්ෂාව ඇති කරගත්තොත්
ඔබේ කෝපයත්, එහි ප්‍රතිඵලත්,
කෝපයෙන් හැසිරීම ගැනත්
ප්‍රඥාව පහළ වෙනවා.
අනික් හැම දෙයක් ගැනම එහෙමයි..

ඒත් එතන සිට ඉදිරියට යන්නට
කෝපයට පත්නොවෙන වෙලාවටත්
කෝපයට හේතු වෙන කෙලෙස්
ඕපන්  කරගෙන ඩිලීට් කරන්නට
මාර්ගයෙහි ඉදිරියට යා යුතුයි..

මතු ඇතිවෙන කෝපයත් එහි බලපෑමත්
දැනට වඩා අඩු කරගන්නට..
කෝපය නිසා විඳින දුක
දැනට වඩා අඩු කරගන්නට..
මාර්ගයෙහි ඉදිරියට යා යුතුයි..

1, සත්වයාගේ විශුද්ධියට,
2, සෝක පරිදේව සමතයට හා ඉක්මවීමට.
3, දුක් දොම්නස් අස්තංගත වීමට
4, ප්‍රඥාව ඉහළ යාමට
5, නිවන සාක්ශාත් කිරීමට
“එකම මාර්ගය” සතර සතිපට්ඨානයයි.

ප්‍රඥා මාර්ගය හමුනොවීම ස්ටීවන්ගේ අවාසනාවක්.

#athulasiriwardhane