ලාභාපේක්ෂාව වරදක් කියන
රජයේ වෛද්‍ය සංගමයට අපි කියනවා...
ජනතා සහයෝගය ලබාගන්න නම්
ලාභාපේක්ෂා කරන සයිටම් සමග
ලාභාපේක්ෂා කරන පෞද්ගලික රෝහල්
ජනසතු කරමු.
අධ්‍යාපනය සමග
සෞඛ්‍ය සේවයත් නිදහස් කරමු.
ලාභාපේක්ෂාව වෛද්‍ය අධ්‍යාපනයෙදි
වරදක් කියා අර්ථ දක්වන අතර
තනිකරම ලාභාපේක්ෂාවෙන්
පෞද්ගලික රෝහල් පැවැත්වීම
ඊටත් වඩා විශාල වරදක්.
වෛද්‍යවරයා ඍජුවම රෝගියා සමග
සම්බන්ධ වෙන්නෙ රෝහලේදියි.
අධ්‍යාපනය නිදහස් කරගන්න
ඔහුට උපකාර කල පුද්ගලයා
දැන් රෝගියෙක් වෙලා
පිළිසරණ පතාගෙන
ඔහු ළඟට ඇවිත්.
වෛද්‍ය අධ්‍යාපනයෙදි
ඔහු ඉතුරු කරගත් මුදලට
තවත් මුදලක් එකතු කරගන්න
දැන් අවස්ථාව ඇවිත්.
දැන් ඔහු ලාභය ගැන හිතනවා.
"ආයතනය මාර්ගයෙන්
මේ ලාභය එන්නෙ මටයි.
මේ ආයතනයෙ ලාභාපේක්ෂාව
ඉතාම නිවැරදියි.
මගේ අධ්‍යාපනයට වටිනාකමක් තියනවා.
ඒ අධ්‍යාපනය මේ රෝගියාට
නොමිලේ දෙන්න බෑ."
අධ්‍යාපනයට වටිනාකමක් තියන බව
අධ්‍යාපනය නොමිලේ ඉල්ලද්දි
ඔහුට එදා පෙනුණෙ නෑ.
ඔහු නොමිලේ ලැබූ අධ්‍යාපනය
ඔහුට අධ්‍යාපනයට වියදම් කළ රෝගියාට
පෞද්ගලික රෝහලේදි මුදලට විකුණද්දි
ලාභාපේක්ෂාව පෙරටත් වඩා වරදක් කියා
දැන් ඔහුට පෙනෙන්නෙ නෑ.
අධ්‍යාපනයෙදි ලාභාපේක්ෂාව
බරපතල වරදක් ලෙස අර්ථ දක්වන
බුද්ධිමත් වෛද්‍යවරයාට
රෝහලේදි රෝගියාට ප්‍රතිකාර කරද්දි
ලාභාපේක්ෂාව වරදක් විදියට
නොපෙනෙන්නෙ ඇයි.?
අවස්ථා දෙකේදිම
මේ දෙකම තීරණය කරන්නෙ
එකම වෛද්‍යවරයා බව රෝගියා දකින්නෙ නෑ.
වෛද්‍යවරයා ඉගෙන ගනිද්දි
උපාධි ආයතනය ලාභාපේක්ෂා කරනවා නම්
ඒ මුදල ගෙවන්න වෙන්නෙ ඔහුටයි.
ඒ නිසා "ලාභාපේක්ෂාව වැරදියි" කියල
ඔහු සටන් කරනවා.
දැන් ඔහුගෙ භූමිකාව මාරුවෙලා.
ඔහු ලාභ ලබන පැත්තට ආවම
පෞද්ගලික රෝහල ලබන ලාභයෙන් කොටසක්
වෛද්‍යවරයාට ලැබෙන නිසා
"රෝහලේ ලාභාපේක්ෂාව නිවැරදියි"
කියා ඔහු සටන් කරනවා.
වෛද්‍ය අධ්‍යාපනය වේවා
රෝගීන්ට කරන ප්‍රතිකාරය වේවා.
ලාභය තියෙන්නෙ තමන්ට නම්
වෛද්‍යවරයා ඒ සඳහා සටන් කරනවා.
වෛද්‍ය අධ්‍යාපනය ලබා පැමිණ
රෝගී තමන්ගෙන් හෙට මුදල් අයකරන වෛද්‍යවරයාට
නොමිලේ අධ්‍යාපනය දෙන්න කියා
රෝගියා ඔහු සමග අද සටනට යනවා.
ඒ සටන වෛද්‍යවරයාට හෙට මතක නෑ.
මතක් වුණත් කෙළෙහි ගුණ සිහිකරන්න
හදවතේ ඉඩ නෑ.
හදවත පිරී තියෙන්නෙ මුදලට ඇති ආශාවෙන්.
අධ්‍යාපනයට වියදම් නොකර
ලාභය ඉතුරු කරගන්න සටන් කරන
කුම්මැහි පිරිසකට උපකාර කිරීමෙන්
රෝගියා කරන්නෙ මන්ද බුද්ධික වැඩක්.
ඒත් රෝගියාගෙ හිත හොඳයි.
ඒ හිත හොඳ කමේ ලාභය
වෛද්‍යවරයාටයි.
රජයේ වෛද්‍ය සංගමයට අපි කියනවා...
ජනතා සහයෝගය ලබාගන්න නම්
ලාභාපේක්ෂා කරන සයිටම් සමග
ලාභාපේක්ෂා කරන පෞද්ගලික රෝහල්
ජනසතු කරමු.
අධ්‍යාපනය සමග
සෞඛ්‍ය සේවයත් නිදහස් කරමු.
ලාභාපේක්ෂාව වෛද්‍ය අධ්‍යාපනයෙදි
වරදක් කියා අර්ථ දක්වන අතර
තනිකරම ලාභාපේක්ෂාවෙන්
පෞද්ගලික රෝහල් පැවැත්වීම
ඊටත් වඩා විශාල වරදක්.
වෛද්‍යවරයා ඍජුවම රෝගියා සමග
සම්බන්ධ වෙන්නෙ රෝහලේදියි.
අධ්‍යාපනය නිදහස් කරගන්න
ඔහුට උපකාර කල පුද්ගලයා
දැන් රෝගියෙක් වෙලා
පිළිසරණ පතාගෙන
ඔහු ළඟට ඇවිත්.
වෛද්‍ය අධ්‍යාපනයෙදි
ඔහු ඉතුරු කරගත් මුදලට
තවත් මුදලක් එකතු කරගන්න
දැන් අවස්ථාව ඇවිත්.
දැන් ඔහු ලාභය ගැන හිතනවා.
"ආයතනය මාර්ගයෙන්
මේ ලාභය එන්නෙ මටයි.
මේ ආයතනයෙ ලාභාපේක්ෂාව
ඉතාම නිවැරදියි.
මගේ අධ්‍යාපනයට වටිනාකමක් තියනවා.
ඒ අධ්‍යාපනය මේ රෝගියාට
නොමිලේ දෙන්න බෑ."
අධ්‍යාපනයට වටිනාකමක් තියන බව
අධ්‍යාපනය නොමිලේ ඉල්ලද්දි
ඔහුට එදා පෙනුණෙ නෑ.
ඔහු නොමිලේ ලැබූ අධ්‍යාපනය
ඔහුට අධ්‍යාපනයට වියදම් කළ රෝගියාට
පෞද්ගලික රෝහලේදි මුදලට විකුණද්දි
ලාභාපේක්ෂාව පෙරටත් වඩා වරදක් කියා
දැන් ඔහුට පෙනෙන්නෙ නෑ.
අධ්‍යාපනයෙදි ලාභාපේක්ෂාව
බරපතල වරදක් ලෙස අර්ථ දක්වන
බුද්ධිමත් වෛද්‍යවරයාට
රෝහලේදි රෝගියාට ප්‍රතිකාර කරද්දි
ලාභාපේක්ෂාව වරදක් විදියට
නොපෙනෙන්නෙ ඇයි.?
අවස්ථා දෙකේදිම
මේ දෙකම තීරණය කරන්නෙ
එකම වෛද්‍යවරයා බව රෝගියා දකින්නෙ නෑ.
වෛද්‍යවරයා ඉගෙන ගනිද්දි
උපාධි ආයතනය ලාභාපේක්ෂා කරනවා නම්
ඒ මුදල ගෙවන්න වෙන්නෙ ඔහුටයි.
ඒ නිසා "ලාභාපේක්ෂාව වැරදියි" කියල
ඔහු සටන් කරනවා.
දැන් ඔහුගෙ භූමිකාව මාරුවෙලා.
ඔහු ලාභ ලබන පැත්තට ආවම
පෞද්ගලික රෝහල ලබන ලාභයෙන් කොටසක්
වෛද්‍යවරයාට ලැබෙන නිසා
"රෝහලේ ලාභාපේක්ෂාව නිවැරදියි"
කියා ඔහු සටන් කරනවා.
වෛද්‍ය අධ්‍යාපනය වේවා
රෝගීන්ට කරන ප්‍රතිකාරය වේවා.
ලාභය තියෙන්නෙ තමන්ට නම්
වෛද්‍යවරයා ඒ සඳහා සටන් කරනවා.
වෛද්‍ය අධ්‍යාපනය ලබා පැමිණ
රෝගී තමන්ගෙන් හෙට මුදල් අයකරන වෛද්‍යවරයාට
නොමිලේ අධ්‍යාපනය දෙන්න කියා
රෝගියා ඔහු සමග අද සටනට යනවා.
ඒ සටන වෛද්‍යවරයාට හෙට මතක නෑ.
මතක් වුණත් කෙළෙහි ගුණ සිහිකරන්න
හදවතේ ඉඩ නෑ.
හදවත පිරී තියෙන්නෙ මුදලට ඇති ආශාවෙන්.
අධ්‍යාපනයට වියදම් නොකර
ලාභය ඉතුරු කරගන්න සටන් කරන
කුම්මැහි පිරිසකට උපකාර කිරීමෙන්
රෝගියා කරන්නෙ මන්ද බුද්ධික වැඩක්.
ඒත් රෝගියාගෙ හිත හොඳයි.
ඒ හිත හොඳ කමේ ලාභය
වෛද්‍යවරයාටයි.