20140418

Facebook මිතුරන් Block කිරීමට අටුවාවක්.



මිනිස්සු කියන්නෙ හැම දුර්වලකමක්ම තියන අය.
එක්කෙනෙක් අනිකාට වඩා හොඳයි කියන්න බැහැ.
අපි හැමෝම එහෙමයි.


හැම දුර්වලකමක්ම තියන
නොගැලපෙන අය හමු වුණාම
එකට ගැවසෙනකොට
ඒ දුර්වලකම් මතු වෙනවා.
මොන විදියෙන් හරි ඔවුන් සමග ගැටීම
ඔවුන් හදා දෙන ට්‍රැක් එකේ දිවීමක්..
මම ඔවුන් බ්ලොක් කරනවා..
සමහර අය ඔවුන්ගේ ද්වේශය
ඉන් පසුවත් මුදා හරීවි.
ඔවුන් ද්වේශයෙන් පිළිස්සුණත්
මම ඒ ගැන දන්නෙ නෑ..
ඔවුන්ගෙ ද්වේශයෙ ඵල විපාක
ඔවුන් විඳීවි..

ඔවුන් අපි ගැන හිතන විදිය
අපේ විදිය කියල හිතන අයත් ඉඳීවි.
ඒ ඔවුන්ගෙ යම් සාම්‍යයක් තියන නිසා.

අපි ගැන හරියට දන්න කෙනෙක්
අනික් අය මොනවා කිව්වත්
සැලෙන්නෙ නැහැ.
හැලෙන්නෙ නැහැ.

අනුන්ගෙ සහතික වලට
නොසොයා නොබලා එල්ලිලා ඉන්න අය
වෙන කාගෙ හරි සහතිකයක් නිසා
නොසොයා නොබලා හැලෙන එක
කාට වුණත් ලොකු උපකාරයක්...

මා විසින් බ්ලොක් කළ
මට නොගැලපෙන අය
ඔවුනොවුන් අතරෙ
ඉතාම හොඳ මිතුරන්.
මාව ප්‍රශ්නයක් වුණාම
ඔවුන් එකතු වෙනවා..
ඔවුන් මට නොගැලපීම
මගේ වරදක් විය හැකියි.

අපට නොගැලපෙන අය එක්ක ගැටෙමින්
අපට ගැලපෙන අයට බරක් වෙනවාට වඩා
නොගැලපෙන අය ඈත් කරලා
ගැලපෙන අය සමග හොඳින් ජීවත් වීම
හිතට සැනසිල්ලයි..