20160124

පවතින දුක, දුක් නොවිඳ පසු කරන්න


.
ඔබට හිසේ කැක්කුමක් දැනෙද්දි
කැක්කුම යම් සීමාවකට එනතුරු
ඒ හිසේ කැක්කුම පවතිද්දිම
අප්‍රසාදයකින් තොරව
එදිනෙදා කටයුතු වල ඔබ යෙදෙනවා.

විදසුනෙන් දියුණු කරන
විශේෂ මානසිකත්වය ඒ වගෙයි.


විදසුන් වඩන්නා ඒ මානසිකත්වය
උවමනාවෙන්ම පිහිටුවා ගන්න නිසා
ඔහුට ඉහළ පරාසයක වේදනා
ඊට වඩා ප්‍රබල උපේක්ෂාවකින්
පසු කරන්න පුලුවන්.

අථ නිබ්බින්දති දුක්ඛේ.
දුක නොවිඳින්නෙ එහෙම
යි. 

පවතිදුක
ඔබ දුක් නොවිඳ පසු කරනවා.
 
පළමුවෙන්ම
හිසේ කැක්කුම දැනෙන වෙලාවට
ඔබට ඒ ගැන සිහිය පහළ වෙනවා.
මෝහය නැහැ.
ඒ හිසේ කැක්කුම ගැන කැමැත්තක්
ඔබේ හිතේ නෑ.
රාගය නැහැ.
යම් සීමාවක් දක්වා අකමැත්තකුත් නෑ.
ද්වේශය නැහැ.
ඒ කාලය තුළ
හිසේ කැක්කුම ගැන ඔබේ හිතේ තියෙන්නෙ
උපේක්ෂාවක්.
ඒ දසුන විශේෂයි.

විදසුනෙන් කරන්නෙ
පවතින වේදනාව පිළිබඳව සිහියෙන්
ඒ වේදනාවට උපේක්ෂාවෙන්
පවතින දුකකින් දුක් නොවිඳින පරාසය
ඉහළ දැමීමයි

විදසුනෙන් කරන්නෙ
හිසේ කැක්කුමෙහි උපරිමයට ගියත්
දැනෙන හිසේ වේදනාව දුකක් ලෙස නොවිඳ
ඒ පිළිබඳව සිහියෙන්
ඒ වේදනාවට උපේක්ෂාවෙන් ඉන්න
ඔබ පුහුණු කිරීමයි.
විදර්ශනාව යනු
1, 

මෝහයෙන් අඳුරු නොවී,
2, 

රාග, ද්වේශ දෙකෙන් කිලිටි නොවී,
අපට මේ මොහොතෙහි දැනෙන දේ
එහි සැබෑ ස්වරූපයෙන්ම දැකීමයි.


විදසුන නොමැතිව
එදිනෙදා ජීවිතය තුළ
ඔබ විඳින්න ඉඩ තිබුණ දුක් සම්භාරයක්

විදසුන මගින් ඔබ දුක් නොවිඳ පසු කරනවා.

ඒ වගේම විදසුන මගින්
වේදනා විදියට මතුවෙන සංස්කාර නැසී යාම නිසා
ඔබේ හිතත් පිරිසිදු වෙනවා.
ඔබේ ප්‍රඥාවත් ඉහළ යනවා.

==================================
1, 
සත්වයාගේ විශුද්ධියට,
2, 

සෝක පරිදේව සමතයට හා ඉක්මවීමට.
3, 

දුක් දොම්නස් අස්තංගත වීමට
4, 

ප්‍රඥාව ඉහළ යාමට
5, 

නිවන සාක්ශාත් කිරීමට
“එකම මාර්ගය” සතර සතිපට්ඨානයයි.