20130105

අපරාධකාරයත් හොඳ මිනිහෙක්..

සීලය කියන්නෙ
හිත අසංවර වුණත්
කය වචනය දෙක
අසංවර කරගන්නෙ නැහැ
කියන එකයි.

පුහුදුන් මිනිස්සු
හැමතිස්සෙම හොඳත් නැහැ.
හැමතිස්සෙම නරකත් නැහැ.

ශීලය කියන්නෙ
සංවර බාහිර පෙනුමට.
අපරාධකාරයෙකුට වුණත්
සිල් රකින්න පුලුවන්.

සිල් රකින වෙලාවට
අපරාධකාරයත් හොඳ මිනිහෙක්..

සිල් බිඳගත්ත වෙලාවට
හොඳ මිනිහත් නරකයි.

හොඳම උදාහරණය මත් පැන්බීමයි.

කොයි තරම් ප්‍රඥාවන්තයෙක් වුණත්
කොයිතරම් යහපත් මිනිසෙක් වුණත්
මත්පැන් පානය කළාම
කය වචනය දෙක අසංවර වෙනවා.

ශීලය කියන්නෙ
සංවර බාහිර පෙනුමට
සහ බාහිර සමාජයට
ගැටළු ඇති නොකර
ජීවත්වීමටයි.

සිල් රකින වෙලාවට
අපරාධකාරයත් හොඳ මිනිහෙක්..

සිල් බිඳගත්ත වෙලාවට
හොඳ මිනිහත් නරකයි.

මොබයිල් ෆෝන් පැවිද්දට අකැපද?


Photo by Athula Siriwardhane

  • Thilina Wijesiri සීලේ රකින්නට නැතුවම බැරි හෑන්ඩ් පෝන්...

  • Susiri Ranjan Bulukumbura
    Thilina Wijesiri මල්ලි ඔය කතාවට මමනම් එකග නැහැ...

  • U Rasta G Bandaragoda ප්‍රභල හැඟිම් ප්‍රකාශ්ණයක්......!
    සීලය ගැන නම් කතා නොකරමි පින්තුරෙන් වත් ෆෝන් එකෙන් වත් ඕක මැනිය නොහැකි නිසා
    ඔබට ජය

  • Athula Siriwardhane .
    සුසිරි කියන්නෙ
    ශීලය රකින්න හෑන්ඩ් ෆෝන් අවශ්‍ය නෑ කියලද?

  • Susiri Ranjan Bulukumbura නැහැ අතුල සර්..
    මම කියන්නේ සීලය කියන දෙය ඔය වගේ දේවල් වලින් මනින්න බැහැ..
  • Thilina Wijesiri වෙනසක් තිබිය යුතු නැද්ද සර්? අපි ලෞකික දේවල් වලට බැඳිලා ඉන්න අය, උන්වහන්සේලා ඒවා අතහැරලා නිවන කරා යන අය, ඉතින් මේ දෙගොල්ලෝ අතර වෙනසක් තියෙන්නේ නැද්ද?


    Athula Siriwardhane .
    වෙනසක් තියෙන්නම ඕනද? තිළිණ
     
  • Athula Siriwardhane .
    ප්‍රඥාව බාහිර පෙනුමෙන්
    මනින්න බැහැ..
    ඒත් සීලය කියන්නෙම
    බාහිර පෙනුම...
  • Susiri Ranjan Bulukumbura තිලිණ මල්ලි... එහෙනම් හාමුදුරුවරුන්ට මේ යුගයේ ජීවත් වෙන්න බැරි වෙයි. අවශතා සහ උවමනා කිල දෙකක් තියෙනව. දුරකථනයක්, පරිගණකයක් කියන්නේ දැන් අවශතා..

  • Susiri Ranjan Bulukumbura අර පොඩි හාමුදුරුවෙන් මඩ වලෙන් පැන්න කතාව මට මතක් උනා..

  • Chinthaka Pitigalaarachchi මොනවා උනත් පූජ්‍ය පක්ශය විවෙචනය කරන්න යාම ටිකක් විතර හරි නෑ නේද...??
    මම කියන්නේ එතකොට ඇතිවෙන ප්‍රතිරූපයත් එක්ක සමස්ත සන්ඝරත්නය කෙරෙහිම අපේ අය තරමක නොගැලපෙන විදියට බලන්න පෙළඹෙනවා නෙද...??
    එතනදි පසුකාලීනව නරක ප්‍රතිඵල ඇතිවෙන්න පුලුවන් නේද...??
    මම දන්නේ නෑ.
    මම අහන්නේ මොකක්ද වඩාත් ගැලපෙන දේ කියලා...
    මෙතන කතා කරන වැඩිහිටියන්ගෙන්.......

  • U Rasta G Bandaragoda සක්විති කියන්නෙත් අන්න ඒ වගේ සීලෙන් හිටපු මනුස්සයෙක්ලු..... ඇයි බාහිරෙන් හරිම සිල්වත්ව ඉඳලනේ
    හවසට කැසිනෝ ගහපුවයි වෙච්ච දේවලුයි
    ඒ උදේට පෙන්නපු බාහිර සීලෙන් ඒව ඔන්න නෑලු

  • Athula Siriwardhane .
    සීලය කියන්නෙ
    හිත අසංවර වුණත්
    කය වචනය දෙක
    අසංවර කරගන්නෙ නැහැ

    කියන එකයි.

    ශීලය කියන්නෙ
    සංවර බාහිර පෙනුමට.
    අපරාධකාරයෙකුට වුණත්
    සිල් රකින්න පුලුවන්.
    ඒ වෙලාවට ඔහු හොඳ මිනිහෙක්..

    හොඳම උදාහරණය මත් පැන්බීමයි.
    කොයි තරම් ප්‍රඥාවන්තයෙක් වුණත්
    කොයිතරම් යහපත් මිනිසෙක් වුණත්
    මත්පැන් පානය කළාම
    කය වචනය දෙක අසංවර වෙනවා.

  • Athula Siriwardhane .
    ගිහි පැවිදි වෙනසක් නැහැ.. තිළිණ..
    සුගතියට යන අයගෙත්
    දුගතියට යන අයගෙත්
    පැහැදිලි වෙනස්කම් තියනවා.

  • Thilina Wijesiri ඔව් ඒක ඇත්ත, සුගතියට යන අයගෙත්
    දුගතියට යන අයගෙත්
    පැහැදිලි වෙනස්කම් තියනවා.
    පැවිදි කෙනෙක්ගේ අරමුණ නිවන අවබෝධ කර ගැනීමනම් එයට කාලයේ තාලයට හැඩ ගැසීමක් ඕන ද?

  • Athula Siriwardhane .
    සිවුරට ගැලපෙන්න ජීවත් නොවුණ අයට
    බුදුන් වහන්සෙ පවා නින්දා කළා, චින්තක.

    බස් කම්පැනි කාරයො

    පූජ්‍ය පක්ෂය කියන්නෙ
    වෙන පිරිසකට.
    අපි පූජ්‍ය පක්ෂය කිවයුත්තෙ
    සිත නැතත්
    කය හෝඅ වචනයවත්
    සංවර අයටයි..

  • Susiri Ranjan Bulukumbura මල්ලි හාමුදුරුවරු දෙපිරිසක් ඉන්නව ඔයා දන්නවනේ...
    ආරණ්‍ය වාසීව බණ භාවනා කරමින් තම ආත්මාර්ථය උදෙසා නිවන් අවබෝධ කරගන්න කටයුතු කරණ ගරු ස්වාමීන්වහනසේලා
    සහ
    ග්‍රාම වාසීව හිදිමින් තම දායක දායිකාවන්ගේ යහපත පතමින් පරාර්ථය උදෙසා කටයුතු කරන ගරු ස්වාමීන්වහන්සේලා කියල..

    ඉතින් මල්ලි දුරකථනයක්, පරිගණයක් පාවිච්චි කිරීම වගේ සාමාන්‍ය දේවල් (රියදුරු බලපත් ඉල්ල සිද්ධි අදාල නැහැ) වලින් සීලයටවත් ප්‍රඥාවටවත් හානියක් වෙන්නෙ නැහැ.

  • Athula Siriwardhane .
    පැවිදි කෙනෙක්ගේ අරමුණ
    නිවන අවබෝධ කර ගැනීම නම්
    එයට කාලයේ තාලයට හැඩ ගැසීමක්
    අවශ්‍යයිනෙ තිළිණ..


    ගිහි පැවිදි බහුතරයක්
    දුසිල්වත් වුණ සමාජයක
    ඔවුන්ටත් ඒ සමාජයට
    ගැලපෙන පරිදි
    හැඩ ගැහෙන්න වෙනවා.

    ඒත් එයින් අදහස් වෙන්නෙ නෑ
    කාලයේ තාලයට හැඩගැසෙන්න
    ගිහියන් මෙන් හෝ
    ඊටත් අන්ත අයුරින්
    හැස්‍රිය යුතුයි කියලා.

    මම හිතන්නෙ,
    එවැනි කාලයක ජීවත් වෙන
    පැවිදි කෙනෙක්ගේ අරමුණ
    නිවන අවබෝධ කර ගැනීම නම්
    ඔහු වඩාත් තිර අදිටනකින්
    විනය රැකිය යුතුයි,
    විදසුන් වැඩිය යුතුයි..
    සිත කය වචනය
    සකස් කරගත යුතුයි.

    කාලයට හා පරිසරයට
    හැඩ ගැසෙන්නේ ඒ ආකාරයෙන් විය යුතුයි.

  • Chinthaka Pitigalaarachchi Athula Siriwardhane, mahatha
    මම කියන්නේ ගිහියන් විසින් ස්වාමීන්වහන්සේ විවේචනය කිරීම නිසා
    ඇතිවෙන ප්‍රථිඵල.......
    පැවිදි අය අතර දෙයක් ගැන නෙවෙයි....

  • Athula Siriwardhane .
    සුසිරි,
    බුදු දහමට අනුව නම්
    ආත්මාර්ථය සලසා නොගන්නා කෙනෙකුට
    පරාර්ථය සැලසීමක් ගැන හිතන්නවත් බැහැ.


    ඔබ කියන එක කොටසක්
    බුදුන් වදාළ මග යන අය.
    ඔබ කියන අනික් පිරිස
    එසේ යන්නාක් මෙන් පෙන්වමින්
    තමන්ගේම මගක යන අය.

    වඩාත් ආත්මාර්ථකාමී එම පිරිසයි.
    මන්ද ඔවුන් තම ගමන යන්නේ
    තමන්ගෙන් කිසිම සේවයක්
    සිදු නොවෙන පිරිසකගේ
    කරපිටින් නිසයි.

  • Susiri Ranjan Bulukumbura Athula Siriwardhane >> ඔබ කියන්නේ ග්‍රාම වාසී ස්වාමීන් වහන්සේලාගෙන් සේවයක් නැහැ කියලද..

  • Thilina Wijesiri සර් ගේ පිළිතුර පැහැදිලියි.
    ඒ ලෙස වෙනස් විය යුතුයු.
    එතකොට පැවිදි වීමේදී සියල්ල අත්හල යුතු නැද්ද?
    ජංගම දුරකථන, පරිඝනක වැනි දේ පාවිච්චිය තවත් දේ අල්ලා ගන්නවා, ආශා කරනවා, තන්හාව වැඩි වෙනවා නෙවෙයි ද?


  • Athula Siriwardhane .
    ගිහියන්ට පැවිද්දන් විවේචනය කරන්න එපා
    කියල මම බුදුන් වහන්සේ වදාළ තැනක්
    මම නම් දන්නේ නැහැ.

    මම බුදු සසුනට සම්බන්ධ
    සියල්ල තීරණය කරන්නට
    ක්‍රියා කරන්නේ ඒ වචන අනුවයි.

    දුසිල් බව, පව්කාර කම,
    අපරාධ සමග
    නින්දා අපහාස එකටයි යන්නේ.

    සිල්වතෙකුට නින්දා අපහාස කළොත්
    ඒ සිල්වත් බව දියුණු කරගන්න
    හේතුවෙන අභියෝගයක්.

    දුසිල්වතාටත්
    තමන්ගෙ වැරදි දිගටම කරනවද
    නැද්ද කියල හිතා බලන්න
    නින්දා අපහාස ප්‍රයෝජනවත්....

    ගරු නම්බු වගේම
    නින්දා අපහාසත්
    ජීවිතයක අංග.

    හොඳ මිනිස්සු දෙකෙන්ම හැදෙනවා.
    නරක මිනිස්සු දෙකෙන්ම නැති වෙනවා.

  • Athula Siriwardhane .
    තිළිණ, සියල්ල අත්හළ යුතුයි
    කියන්නෙ කිසි දෙයක් නැතිව
    ජීවත් වෙනවා කියන එක නෙමෙයි.
    මට මොබයිල් ෆෝන් එකෙන්

    නිතර කතා කරන
    පොඩි හාමුදුරු කෙනෙක් ඉන්නවා.
    ඒ හාමුදුරුවො පැයක් දෙකක් කතා කළත්
    මම කතා කරනවා.
    ඒත් ඕපදූප වගේ දේවල් වලට
    කතාව හැරුණාම මම
    ඒ බව කියනවා.

    හිත සංවර කෙනෙකුට
    ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.
    ඒත් අසංවර කෙනා
    ප්‍රවේශම් වියයුතුයි.

    අවශ්‍යතාවයට ෆෝන් එක
    තියාගෙන ඉන්න කෙනාත්
    විනෝදෙට ෆෝන් එක තියන් ඉන්න කෙනාත්
    දැක්ක ගමන් පෙනෙනවා.

    මත් පැනෙන් වෙන ලොකුම හානිය
    හිත, කය, වචනය අසංවර වෙන එකයි..
    අත්හළයුත්තෙ ඒ දේ නරක නිසා නෙමෙයි.
    තමන් නරක නිසයි.
    ෆෝන් එක නරක දෙයක් නෙමෙයි.
    පාවිච්චි කරන කෙනා
    අනුවයි නරක් වෙන්නෙ.

  • Athula Siriwardhane .
    බුදුන් වහන්සෙත්
    මොබයිල් ෆෝන් පාවිච්චි කළේ නැතුවාට
    තවමත් නවීන විද්‍යාවට කරන්න
    හිතන්නවත් බැරි දේවල් කළා.

    ඒත් උන්වහන්සෙ
    කිසිම දෙයක් චූන් එක බලාගෙන
    කළේ නැහැ.

    භාණ්ඩයක උපයෝගිතාවය එකක්.
    චූන එක තවත් දෙයක්.

    ෆෝන් එක චූ
    න් එකට
    පාවිච්චි කිරීම
    කවුරු කළත් බොළඳ වැඩක්.

  • Susiri Ranjan Bulukumbura වයස අවු. 10-12 කාලයේම
    දෙමාපිය සහෝදර සහෝදරියන් අත්හැරල
    නෑදෑ හිතවතුන්, යහළුවන් , කෙලිසෙල්ලං අතහැර
    ඒ ගමන යන්න උත්සාහ කරන්න අපිට කාටවත් බැරිනිසා
    ගිහියො විදියට ජීවත් වෙනව


    නිවන් දකින්නට
    මහන වෙන්න
    සාසනය රැකෙන්න ඕන
    මෙච්චරකල් ගමේ අපේ ලගින් ඉදගෙන
    මේ සාසනය
    ධර්මය
    රැකපු නිසා
    තමයි මේ
    අහිංසක ස්වාමීන් වහන්සේලා
    ගිහියන්ගෙන් අපහාස විදින්නේ..

  • Chinthaka Pitigalaarachchi well said Susiri Ranjan Bulukumbura...

  • Athula Siriwardhane .
    අහිංසක ස්වාමීන් වහන්සේලාට
    ගිහියන් අපහාස නින්දා අපහාස කළොත්
    ඒ සිල්වත් බව දියුණු කරගන්න
    හේතුවෙන අභියෝගයක්.


    දුසිල්වතාටත්
    තමන්ගෙ වැරදි දිගටම කරනවද
    නැද්ද කියල හිතා බලන්න
    නින්දා අපහාස ප්‍රයෝජනවත්....

    ගරු නම්බු වගේම
    නින්දා අපහාසත්
    ජීවිතයක අංග.

    හොඳ මිනිස්සු දෙකෙන්ම හැදෙනවා.
    නරක මිනිස්සු දෙකෙන්ම නැති වෙනවා.

  • Athula Siriwardhane .
    සුසිරි කතා කරන්නෙ
    දේශපාලනය කරන අය වගේ
    පාක්ෂිකවයි.. පක්ෂපාතීවයි.

    සිවුරු දරන හැම කෙනෙක්ම
    බෞද්ධ භික්ෂුවක්ද?.
    දෙව්දත් පවා සිවුර දරා හිටියා.
    ඔහු බෞද්ධ භික්ෂුවක්ද?

    සැබෑ ස්වාමීන් වහන්සේලා කියන්නෙ
    කවුද කියල දැනගන්න
    ශාසනාවතරණය කියවන්න..

  • Chinthaka Pitigalaarachchi ස්වාමීන්වහන්සේ ගිහියන් විසින් විවෙචනය කිරීම තුලින් සමාජයට ඇතිවෙන ප්‍රතිලාභය මොකක්ද.....???
    එයින් කුමන ආකාරයේ ප්‍රථිඵලයක්ද ගිහියන් බලාපොරොත්තු වන්නේ...???
    එයාලව නිවැරදි කරලා, යහමඟට ගන්නද...??
    ඒක කල යුත්තේ ගිහියන්ද....???
    අපේ සමාජයේ ස්වාමීන්වහන්සේගේ තැන පහලට වැටුනොත් වෙන්න පුලුවන් දේවල් බොහොම නරකයි..

  • Athula Siriwardhane .
    සමාජයේ ජීවත් වෙන ඕනෑම කෙනෙකුට
    එම සමාජයේ කෙනෙක්ගේ
    හොඳ හා නරක දෙකම පිළිබඳව
    තමන්ගේ අදහස් පළ කරන්න
    අයිතියක් තියනවා.

    ගිහියන් මත යැපෙන කෙනෙක්
    ඔවුන් විශ්වාස කරන ආකාරයට
    ජීවත් වෙනවාද යන්න සෙවීමට
    හැම බෞද්ධයෙකුටම අයිතියක් තියනවා.

    පිරිසිදු චේතනාවෙනුත්
    නින්දා අපහාස කරන්න පුලුවන්.

    සත්‍ය නින්දා අපහාස කියන්නෙ
    වැරදි කරන කෙනෙකුට
    රෝගයක් වගෙයි.

    සුව වෙන්න නම් ඔහුට
    තමා නිවැරදි කර ගන්න වෙනවා.
    ඔහුට ලැබෙන ප්‍රතිලාභය එයයි.

    කරන කෙනාට යටි අරමුණු නැත්නම්
    ඔහුටත් එයින් ප්‍රතිලාභ තියනවා.

    එකක් ඔහු හරි වැරැද්ද
    හැදෑරිය යුතුයි.
    තමන් ඒ අනුව ජීවත් වීමට
    වෙර දැරිය යුතුයි.
    ඔහු හෙළා දකින විදියෙ වැරදි
    ඔහු අතින් සිදු වෙන්න යනකොට
    ඔහුට කලින්ට වඩා
    ඒ වරද කලුවට පෙනෙනවා.

    නින්දා අපහාස විඳින කෙන
    නිදහසට කරුණු හොයාගෙන
    තමන්ගෙ තුවාල වහගත්තත්
    කරන කෙනා හෝ හැදෙනවා.

  • Athula Siriwardhane .
    අපේ සමාජයේ
    ඉහළ සිටින සැබෑ ස්වාමීන්වහන්සේගේ තැන
    පහලට දාන්න ගිහියන්ට බැහැ, චින්තක..

    එහෙම නම් බුදුන් වහන්සේගෙ තැනත්
    පහළට දාන්න ගිහියන්ට පුලුවන් වේවි.

    ඒ තැන ගිහියන් හෝ රජය
    සකස් කර දුන් එකක් නෙමෙයි.

    තමන්ගෙ ශීලය හා ශික්ෂාකාමී බව තුළින්
    ලබාගත් පදනමක් ඇති තැනක්..
    • Susiri Ranjan Bulukumbura ඔව් මම ඒක පාක්ෂිකයි මෙතනදි කතා වුණු දේවල් වලදි.
      ස්වාමීන් වහන්සේලාගේ වැරදි තියෙනව ඒත් ඒව කතාකරන්න ‘‘මම‘‘ සුදුසු නැහැ.

      සංඝාධිකරණය ගැන ඔබලා දන්නවාද නැද්ද දන්නේ නැහැ..
      එය ක්‍රියාත්මක කිරීමට අවශය තීන්දු තීරණ මේ රටේ දේශපාලුවන් කරන්න ඕන දෙයක්.


      එතකොට ගිහියන්ට බැහැ ස්වාමීන් වහන්සේලාට අපහාස කරන්න..
      ස්වාමීන්වහනසේලාම උන්වහන්සේලාගේ විනයට අනුව කටයුතු කරයි.

      ඒක ගිහියන්ට අදාල කටයුත්තක් නෙමෙයි.

    • Athula Siriwardhane .
      Susiri ,
      අපේ ගම්පළාතෙ භික්ෂුවක් නිසා
      අවුල්වුණ පවුලක් ගැන මා දන්නවා.
      ඒ එකක් පමණයි..
      තවත් ඇති..

      එවැනි අවස්ථාවක
      ගිහියන්ට මුනිවත රකින්නට
      බල කරන ඔබ වැන්නන් නිසා
      ඔහු අදත් නිදැල්ලේ හැසිරෙනවා.

      සමාජයට කරදරයක් වන භික්ෂූන්
      නින්දා අපහාස වලට බඳුන් වීම
      ඔවුන්ගේම වරදින් සිදු වන්නක්.


      • U Rasta G Bandaragoda දැන් යන්නේ පෞද්ගලික කතා බහවල් වගේ .......!

      • Susiri Ranjan Bulukumbura ඒකට තමා නීතිය තියෙන්නේ..
        (සංඝාධිකරණයක් අවශ වෙන්නෙත් ඒකයි)

        ගිහියන් කොච්චර පවුල් විනාස කරල තියෙනවද...?
        එක මකුනෙක් කෑවම ඔක්කොම මරණවලු..

        මෙතන ගෘප් එකට අදාල නැති වාද සහ පුද්ගලික වාද නොවිය යුතුයි..

        මින් ඉදිරියට මම අදහස් පළ නොකරමි..
      • Susiri Ranjan Bulukumbura මෙතන ගෘප් එකට අදාල නැති වාද සහ පුද්ගලික වාද නොවිය යුතුයි..

        මින් ඉදිරියට මම අදහස් පළ නොකරමි..

      • Athula Siriwardhane .
        ස්තූතියි..

        මෙහි මා පළ කළ සියලුම අදහස්
        කාගේ හෝ ප්‍රකාශයකට

        පිළිතුරු අදහසක් පමණි.

        කාගේවත් අදහසකින්
        නින්දා අපහාස සිදු වෙන්නේ නැහැ.
        තමන් කරන දෙයිනුයි
        නින්දා අපහාස සිදුවන්නේ.

        මෙහි සිටින භික්ෂුව ගැනද
        මා වචනයක් හෝ කියා නැත.

        මාත් ඇතුලුව
        ගිහි පැවිදි සියල්ලන්ගේම ශීලය ගැන
        මම නිරන්තරයෙන්ම සැලකිලිමත් වෙමි.

        එසේම සිල් රැකීම හෝ පව්කිරීම
        ඕනෑම කෙනෙකුගේ ස්වාධීන අයිතියක් බවද
        මා එක හෙළා පිළි ගනිමි.

      • Susiri Ranjan Bulukumbura වාද කොරන්නත් එපෑය අතුල සර් පොඩි ආතල් එකකටත් එක්ක...

      • Athula Siriwardhane .
        මට නම් ආතල් එක තියෙන්නෙ
        වාද කරද්දි මතුවෙන
        මීට කලින් පහළ නොවුණ අදහස් නිසයි.
        ---------------------------------------------
        මත් පැන සිල්පද වලට එක්වීමෙ
        නියම අරුත මට වැටහුණේ
        මේ සංවාදෙදි.

        "කොයි තරම් ප්‍රඥාවන්තයෙක් වුණත්
        කොයිතරම් යහපත් මිනිසෙක් වුණත්
        මත්පැන් පානය කළාම
        කය වචනය දෙක අසංවර වෙනවා."
        ----------------------------------
        මේකත් ඒ වගේ
        අලුතෙන්ම පැහැදිළි වුණ දෙයක්..

        "සිල් රකින වෙලාවට
        අපරාධකාරයත් හොඳ මිනිහෙක්..

        සිල් බිඳගත්ත වෙලාවට
        හොඳ මිනිහත් නරකයි."
        --------------------------------------
        සීලය කියන්නෙ
        කොයිතරම් පහසුවෙන්
        බිඳෙන දෙයක්ද?

    ================================================================