20130207

මනෝ විද්‍යාව සහ බුදු දහම




මනෝ විද්‍යාව කියන්නෙ
බුදු දහමෙන් අංශුමාත්‍රයක
අසම්පූර්ණ දැනුමක්.

මනෝ විද්‍යාව කියන්නෙ
මිනිසුන්ගෙ චර්යාවන්
තනි පුද්ගලයන් ලෙස හා
කණ්ඩායම් ලෙස ගෙන
කරන ලද සමීක්ශණ මගින්
ඇතිකරගන්නා ලද නිගමනයි.

මොළය හා ස්නායු පද්ධතිය
පිළිබඳව කරනලද
වෛද්‍ය විද්යාත්මක
හැදෑරීම් හැරුණු කොට
මනෝ විද්‍යාව
විද්‍යාවක් ලෙස හෝ
නොපිලිගැනෙන
දියාරු විද්‍යාවක්.

මනෝ විද්‍යාව කියන්නෙ
පාර්ශ්වික දැනුමක්.

රිටක් මුදුනෙ කරණම් ගහන්න
හැකියාව තියෙන නමුත්
ඒ බව නොදන්නා
දක්ශ කරණම් කාරයෙක්
අංග විකලයෙක් මෙන් හැසිරෙනවා බලා
ඒ සීමාව තුළ හදාගත්ත
පාර්ශ්වික දැනුමක්.

මිනිස් සමාජයට,
විශේශයෙන්ම අන්‍යාගමික අයට සහ
බුදු දහම වටහාගත නොහැකි අයට
එයින් යම් සේවයක් වෙනවා.

බුදුන් වහන්සෙ සිත පිලිබඳ සොයා ගත්තෙ
අනුන්ගෙ චර්යාවන් මගින් හෝ
සමීක්ශණ ප්‍රශ්න පත්‍ර ඇසුරෙන් නෙමෙයි.
තමන්ගෙම සිත දිහා බලලයි.
උන්වහන්සෙ කියන දේ සත්‍යද කියල
අපිට සොයා බලන්න තියෙන්නෙත්
තමන්ගෙම සිත දිහා බලලයි.

උන් වහන්සේ කරන ලද වර්ගීකරණයන්
මනෝ විද්‍යාඥයින්ට
ඔවුන්ගෙ දැනුමෙන්
ස්පර්ශ කරන්නවත් බැහැ.

මනෝ විද්‍යාඥයින්
සිත වශයෙන් හඳුන්වන්නෙ
මිනිස් මනසෙන්
සියයට පහක් දහයක් පමණ වන
උඩු හිත විතරයි.

කෙලෙස් වලින් වැසුණ ඉතිරි කොටස
ඔවුන් හඳුන්වන්නෙ
මිනිසාට පාලනයක් නැති
උප විඤ්ඤාණය විදියටයි.

අපරාධයක යෙදෙන අවස්ථාවෙදි
ස්ත්‍රී දූශකයා පාලනය වෙන්නෙ
මනෝ විද්‍යාවෙ
උප විඤ්ඤාණය වශයෙන් හඳුන්වන
ක්ශේත්‍රය මගිනුයි.
ඔහු මෙන්ම
ප්‍රබල කාමුක හැඟීම් ඇත්තාත්
පාලනය වෙන්නෙ
උප විඤ්ඤාණය මගිනුයි.
ඔහු මෙන්ම
තීව්‍ර කාමුක හැඟීම් ඇත්තාත්
පාලනය වෙන්නෙ
උප විඤ්ඤාණය මගිනුයි.
තමන්ගේ නෙත් සිත් පිනවන අන්දමින්
අඩ නිරුවත් ඇඳුම අඳින්නට
දැරියන්ට නිදහස ලබා දෙන්නැයි
ඉල්ලීම් බලපෑම් කරන අයට
ඒ උවමනාව ඇති කරන්නෙත්
උප විඤ්ඤාණයෙන්මයි.

ඒ නිසා
කාමය සුවයක් සේ විඳින
හැම කෙනෙක්ම පාලනය වෙන්නේ
උප විඤ්ඤාණයෙනුයි.

නීතියේ රැහැනට හසු වුණොත්
දඬුවම දෙනවා විනා
මනෝ විද්‍යාඥයින්ට
රසායනික නිර්වින්දනයෙන් එහාට
උප විඤ්ඤාණය
පාලනය කළ හැකි
විසඳුමක් නැහැ.

උප විඤ්ඤාණය
පාලනය කළ හැකි සහ
පිරිසිදු කළ හැකි
විසඳුම තියෙන්නෙ
බුදු දහමෙ විතරයි.

බුදු දහමෙ හරය සහ
මූලිකම ප්‍රායෝගික පිළිවෙත වන
විදසුනෙන් කරන්නෙ
මෙම උප විඤ්ඤාණය ලෙස
හඳුන්වන කොටස
පාලනය කර ගන්නා ගමන්
ඒ ක්ශෙත්‍රය
මිනිස් සිත බවට පත්වනතුරුම
පිරිසිදු කිරීමයි.

රහතන් වහන්සේ කෙනෙකුට
උප විඤ්ඤාණයක් නැහැ.

බුදුන්වහන්සෙ
වර්ගීකරණයට ලක් කළේ
පූර්ණ මිනිස් සිතයි.
උන්වහන්සෙ
මිනිසාගේ චිත්ත ශක්තිය
උපරිම ලෙස
නිදහස් කරගත හැකි ආකාරය අනුව
බුදු පසේබුදු මහ රහත් යනුවෙන්
වර්ග තුනකට වෙන්කළා.
අප අතරත් ඔවුන්
ඒ තුන් ආකාරයට ජීවත් වෙනවා.

බුදුන් වහන්සේ
කයට ඇතිවෙන වේදනා
සුඛ, දුක්ඛ, අදුක්ඛම සුඛ යනුවෙන්
වේදනා වර්ග තුනකට වෙන් කළා.

මිනිස් සිතට ඇතිවෙන හැඟීම්,
සිතුවිලි ආදිය
රාග, ද්වේශ මෝහ යනුවෙන්
වර්ග තුනකට වෙන් කලා.

මුලු සිතම
අනිච්ච, දුක්ඛ, අනත්ත ලෙස
මූලික ලක්ශණ තුනකට
වර්ගීකරණය කළා.

බුදුන් වහන්සේ
ඒ අයුරින් මිනිස් සිත
අණු පරමාණු වැනි මට්ටමකටත්
ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන වැනි මට්ටමකටත්,
ඉන් එහාට
නිරන්තරයෙන් දැවෙන, කම්පනය වෙන
“සබ්බේ ලොකෝ පකම්පිතෝ,
සබ්බේ ලෝකො පජ්ජලිතෝ”
තරංග මට්ටමටත්
කාලයත්, අවකාශයත් ඉක්මවා
අසංඛත වූ නිවන දක්වාම
විස්තර කරනවා.

බුදුන් වහන්සෙගෙ ධර්මයේ
මුළු න්‍යායම
පටිච්ච සමුප්පාදයෙහි අඩංගු වෙනවා.
“පටිච්ච සමුප්පාදය දකින්නා ධර්මය දකිනවා.
ධර්මය දකින්නා පටිච්ච සමුප්පාදය දකිනවා.”
කියා උන්වහන්සේ කියන්නේ ඒ නිසයි.

ඒ වගේම
ආනාපාන සතියෙන් පටන්ගෙන,
කය, වේදනා, සිත, සිතේ ධර්මතා
වශයෙන් නිවන දක්වාම
ඒකායන පිළිවෙත් මග
සතර සතිපට්ඨානය තුළ අඩංගු වෙනවා.

සතර සතිපට්ඨානයෙන් කරන්නෙ
මනෝ විද්‍යාවෙ
උප විඤ්ඤාණය ලෙස හඳුන්වන කොටස
පාලනය කර ගන්නා ගමන්
ඒ ක්ශෙත්‍රය
මිනිස් සිත බවට පත්වනතුරුම
පිරිසිදු කිරීමයි.

රහතන් වහන්සේ කෙනෙකුට
උප විඤ්ඤාණයක් නැහැ.

මිනිස් සිත පිරිසිදු කරන්නට හැකි
උපරිම තලයට
පිරිසිදු වෙලා අවසානයි.

සාමාන්‍ය කෙනෙකුට වුණත්
මේ පිරිසිදු කිරීම
කර ගත් තරමට
ජීවිතයට සහනය
ලැබෙනවා.