අට ලෝ දහමින් නොසැලී
අකම්පිතව, සෝක නොකර, කිළිටි නොවී, ක්ෂේමව,
ආනෙඤ්ජ සමාපත්තියෙන් වෙසෙන පුද්ගලයා පිළිබඳව
පසිඳුරන් ඇසුරෙන් සහ මනසින් විඳින
කම් සුවයට ඇලුණු පුද්ගලයන් දක්වන ප්‍රතිචාරය මෙහි දැක්වේ.
ආනෙඤ්ජ සමාපත්තිය
[ ආනෙඤ්ජ සමාපත්තිය යනු නොසැලී විසීමයි. ]
සුනක්ඛත්තය,මෙලොවැ ඇතැම් පුරුෂ පුද්ගලයෙක්
යම්හෙයෙකින් පස්කම්ගුණයෙහි ඇලුණේ වේ නම්,
සුනක්ඛත්තය,
එකාන්තයෙන් පඤ්චකාමගුණයෙහි අධිමුක්ති ඇති පුරුෂපුද්ගල හට
ඒ කාමගුණ සභාග වූ මැ කථාව පවතී,
ඊට අනුරූප ධර්ම වූ විතර්කය ද විතර්ක කෙරෙයි,
විචාරණය කෙරෙයි,
ඒ (කාමගුණ කථා කරන) පුරුෂයා ද භජනය කෙරෙයි,
ඔහුගෙන් සතුටට ද පැමිණෙයි,
යළි ආනෙඤ්ජසමාපත්ති පිළිබැදි කථාව කරනු ලබන කල්හි
නො අසනු කැමැති වෙයි, ඇසීමට කන නො නමයි,
දැනුමට සිත නො එළවයි, ඒ පුරුෂයා නොබෙජෙයි,
ඔහු ගෙන් නොසතුටට පැමිණෙයි.
යම්සේ සුනක්ඛත්තය,
පුරුෂයෙක් සිය ගමින් හෝ නිගමයෙන් හෝ
බොහෝ කල් වෙන් වැ වසන්නේ ද,
හේ ඒ ගමින් හෝ නිගමයෙන් හෝ පැමිණි
නොබෝකල් ඇති අන්‍යතර පුරුෂයකු දක්නේ නම්,
හේ ඒ පුරුෂයා අතින් ඒ ගම හෝ නිගමය හෝ පිළිබඳ
ක්‍ෂෙම බව ද සුභික්ෂ බව ද නිරාබාධ බව ද පුළුවුස්නේ ය,
ඔහට ඒ පුරුෂ ඒ ගම හෝ නියම්ගම හෝ පිළිබඳ ක්‍ෂෙම බව ද
සුභික්ෂ බව ද නිරාබාධ බව ද පවසන්නේය.
සුනක්ඛත්ත,
එ කිමැයි සිතයි ද?
ඒ පුරුෂ ඒ (පැමිණි) පුරුෂයාගේ බස් අසනු කැමැතිවන්නේද,
ඇසීමට කන නමන්නේද, දැනුමට සිත එළවන්නේද, ඒ පුරුෂයාත් සෙවුනේද,
ඔහුගෙනුදු සතුටට පැමිණෙන්නේ නො වේ දැ?’ යි.
එසේ යැ වහන්ස,
එසෙයින් මැ සුනක්ඛත්තය,
තෙල කරුණ විද්‍යමාන වෙයි:
යම් හෙයෙකින් මෙලොව ඇතැම් පුරුෂපුද්ගලයෙක්
පඤ්චකාමගුණයෙහි ඇලුණේ වන්නේ ද,
සුනක්ඛත්තය,
ලොකාමිෂයෙහි ඇලුණු පුරුෂපුද්ගලහට
ඊට අනුරූප වූ මැ කථාව පවති,
ඊට අනුරූප වූ ධර්මය මැ විතර්ක කෙරෙයි,
විචාරණය කෙරෙයි,
ඒ පස්කම් ගුණයෙහි ඇලුණු පුරුෂයා භජනය ද කෙරෙයි,
ඔහුගෙන් සතුටට ද පැමිණෙයි,
යළි ආනෙඤ්ජසමාපත්ති පිළිබැදි වූ කථාව කරන ලබන කල්හි
අසන්නට නොරිසි වෙයි. ඇසීමට කන නො නමයි,
දැනුමට සිත නොඑළවයි, ඒ පුරුෂයා භජනය ද නොකෙරෙයි,
එයින් සතුටට ද නොපැමිණෙයි.
හේ මෙසේ දතයුතු වන්නේ ය.
ආනෙඤ්ජ සමාපත්තිසංයොජනයෙන් යුක්ත නො වූ
පඤ්චකාමගුණාමිෂයෙහි ඇලුණු පුරුෂපුද්ගලයෙකැ’ යි කියා යි.
සුනක්ඛත්තය,
තෙල කරුණ විද්‍යමාන වෙයි:
මෙලොවැ ඇතැම් පුරුෂපුද්ගලයෙක්
ආනෙඤ්ජසමාපත්තියෙහි ඇලුණේ වේ ද,
සුනක්ඛත්තය,
ආනෙඤ්ජසමාපත්තියෙහි අධිමුක්ති ඇති පුරුෂපුද්ගලහට
ඊට අනුරූප වූ කථාව පවතී,
ඊට අනුරූප වූ ධර්මය විතර්කවිචාර ද කෙරෙයි,
ඒ පුරුෂයා භජනය ද කෙරෙයි, ඔහුගෙන් සතුටට ද පැමිණෙයි.
යළි පඤ්චකාමගුණාමිෂයෙන් යුක්ත වූ කථාව කරනු ලබන කල්හි
අසනු නො කැමැති වෙයි, ඇසීමට කන නො නමයි,
දැනුමට සිත නො එළවයි, ඒ පුරුෂයා ද ඇසුරු නොකෙරෙයි,
ඔහුගෙන් සතුටු ද නොවෙයි.
යම්සේ සුනක්ඛත්තය,
නටුයෙන් ගිලිහුණු පඬුවන් වූ පත්‍රයෙක්
හරිද්වර්ණය පිණිස අභව්‍ය වේ ද,
එසෙයින් මැ සුනක්ඛත්තය,
ආනෙඤ්ජසමාපත්තියෙහි ඇලුණු පුරුෂපුද්ගල හට
යම් ලොකාමිෂසංයොජනයෙක් ඇද්ද,
එය ගිලිහුණේ වෙයි.
හේ මෙසේ දතයුතු වන්නේ ය:
ලොකමිෂසංයොජනයෙන් විසංයුක්ත වූ
ආනෙඤ්ජසමාපත්තියෙහි අධිමුක්ත ඇති
පුරුෂ පුද්ගලයෙකැ’ යි කියා යි.

ආනෙඤ්‌ජ සූත්‍රය
ආපායික වර්ගය - තික නිපාතය - අඞ්‌ගුත්‌තර නිකාය
===================================
බුදුන් වහන්සේගේ විශේෂ සූත්‍ර දේශනා කොටස්
ත්‍රිපිටක දහම් මිණි හි වරින් වර පළ වේ.