20130101

කලා නිර්මාණ සහ රසික වින්දනය

Abercrombie Fitch Sea Shore  

කලා නිර්මාණවල තීව්‍රතාවය
සහ රසිකයා ලබන වින්දනය
ගැන හිතනකොට
කොතනක හරි කියැවෙන
බුදුන් වහන්සෙගෙ උපමාවක්
මතක් වෙනවා.

දියේ ඇඳි ඉරක්.
වැල්ලේ ඇඳි ඉරක්.
ගලේ කෙටූ ඉරක්..

මේ ඉරි තුනට
කාරණා දෙකක් බලපානවා.
1,ඉර ඇඳෙන තියුණු කම.
2, ඉර ඇඳෙන පෘෂ්ඨයට
දැනෙන ප්‍රමාණය සහ
පෘෂ්ඨය දරාගන්න ප්‍රමාණය.

කලා නිර්මාණයකදි
කලා ශිල්පියා පෘෂ්ඨය වගේ
ඔහු තෝරාගන්නා
අරමුණ ක්‍රියාකරන්නෙ
ඇඳෙන ඉර විදියටයි.

දිය කපන්න වුණත් ලෙහෙසියෙන් පුලුවන්..
දිය කැපුවත් ඉර පවතින්නෙ නැහැ.
වැල්ලෙ ඉරක් ඇඳෙනවා..
කල් පවතින්නෙ නැහැ,
ගලේ ඉරක් කොටන්න අමාරුයි..
කොටන ඉර කාලාන්තරයක් පවතිනවා.

දකින දේ
මේ විදියට දැනීමත්, විඳීමත්
කලා ශිල්පියාට වගේම
රසිකයාටත් පොදුයි..
කලාශිල්පියා සියුමැලි නම්
තෝරාගන්න අරමුණුත් සියුමැළියි..
නිර්මාණත්ත් සියුමැලියි.
විඳින රසිකයාත් සියුමැලියි.

විශ්ව කලා ක්ශේත්‍රයේ
ප්‍රබල නිර්මාණ ඇසුරු කිරීමෙන්
කලා ශිල්පියා ලබන පන්නරය
ඔහු දකින දේ අනුව ඔහු තුළ ඇඳෙන
ඉරටත් ඔහුගේ නිර්මාණ වලටත් බලපානවා.

කිසියම් අරමුණකින් ඇති කෙරෙන හැඟීම වගේම
නාද, ස්වර සංගති, රංගන රටා
වර්ණ, හැඩතල ආදිය අතර රිද්මයත්
ඉරක් හිතේ ගැඹුරට ඇඳෙන්න බලපානවා.

ඒ විදියට ශිල්පියා තෝරාගන්නාදේ අනුවත්
ඉදිරිපත් කරන විදිය අනුවත්
රසිකයනුත් හැඩගැහෙනවා.

දියේ ඇඳි ඉරක් වගේ දැනෙන දෙයක්
වැල්ලේ ඇඳි ඉරක්
ගලේ කෙටූ ඉරක් වගේ දැනෙන විදියට
තව කෙනෙකුට හැඟෙන්න සලස්වන එක
විශ්වකර්ම වැඩක්..

හැම කලා ශිල්පියෙක්ම
උත්සාහ කළයුතු ඒ සඳහායි.