20131007

අනිච්ච = කැමති සේ නොපවතින ටකේ කරේ



කැමති සේ පවතින්නෙ නැහැ කියන
සරල සත්‍යය
ජීවිතයෙ සමහර අවස්ථාවලට අදාළයි..

අනිත්‍යය හැම ක්ෂණයකටම අදාළයි.



අනිච්ච යනු
හටගැන්ම හා අස්තඞ්ගමයයි.
එනම් වෙනස්වීමයි.

මහණෙනි,
කෙසේ වඩන ලද
කෙසේ බහුල කරන ලද
අනිච්ච සඤ්ඤාව
සියලු කාමරාගය ගෙවා ද . . .
සියලු අස්මි මානය ගෙවා ද,
නසා ද යත්:

රූපය මෙසේ යැ,
රූපයේ හටගැන්ම මෙසේ යැ,
රූපයේ අස්තඞ්ගමය මෙසේ යැ,
වේදනාව මෙසේ යැ,
වේදනාවේ හටගැන්ම මෙසේ යැ,
වේදනාවේ අස්තඞ්ගමය මෙසේ යැ,
සංඥාව මෙසේ යැ,
සංඥාවේ හටගැන්ම මෙසේ යැ,
සංඥාවේ අස්තඞ්ගමය මෙසේ යැ,
සංස්කාර මෙසේ යැ,
සංස්කාරයන්ගේ හටගැන්ම මෙසේ යැ,
සංස්කාරයන්ගේ අස්තඞ්ගමය මෙසේ යැ,
විඥානය මෙසේ යැ,
විඥානයේ හටගැන්ම මෙසේ යැ,
විඥානයේ අස්තඞ්ගමය මෙසේ යැ,

මහණෙනි,
මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද
අනිච්ච සඤ්ඤාව
සියලු කාමරාගය සියලු රූපරාගය ගෙවයි.
සියලු භවරාගය ගෙවයි.
සියලු අවිද්‍යාව ගෙවයි.
සියලු අස්මිමානය ගෙවයි. නසයි.
බුදුන් වහන්සෙ අනිත්‍යය දුකක් කියන්නෙ
මිනිහෙකුට බැලූ බැල්මට පෙනෙන
සරල දුක ගැන නෙමෙයි.
තණ්හාව දුකට හේතුවේ කියන්නෙත්
කැමති දේ නොලැබීම කියන එකමයි.

ඒ ධර්මය සත්‍ය වෙන්නෙ
මිනිසෙකුගෙ සිතට අදාළවයි.

සිත දැනගත්තත් නැතත්
ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදී
දුක් ඇතිවෙන්නෙ කිසිම දෙයක්
නිත්‍ය නැති නිසයි.

නැවතුණ දෙයක්
ක්‍රියා කරවන්න අමාරුයි..
ක්‍රියා කරන දෙයක්
නවත්වන්න අමාරුයි.

වෙනස් වෙන්න තියන අකමැත්ත
මූලික ලක්ෂණයක්.
අනිත්‍යය දුකයි.
වෙනස් වීම දුකයි.

අනිත්‍ය කියන වෙනස්වීම නැත්නම්..
කැමති සේ පවත්වාගන්නට
හැකි දේ තිබිය යුතුයි..

ඒත් අනිත්‍ය නිසා වෙනස් වෙනවා
කැමති සේ පවතින්නෙ නැහැ.

මේ දෙකින් වඩාත්
සියුම් දේ අනිත්‍යයයි.

කැමති සේ පවතින්නෙ නැහැ.
කියන එක බුද්ධි ගෝචර
සරල සත්‍යයක්.

අනිත්‍යය කියන්නෙ
ගැඹුරු, ප්‍රඥා ගෝචර සත්‍යයක්.

අනිත්‍ය නිසා
විඳින්න වෙන දුක් වලින්
එකක් කැමති සේ නොපැවතීමෙ දුක.
කැමති සේ පැවතුණත්
වෙනස් වීම නිසා දුක ඇතිවෙනවා.

කැමති සේ පවතින්නෙ නැහැ කියන
සරල සත්‍යය
ජීවිතයෙ සමහර අවස්ථාවලට අදාළයි..

අනිත්‍යය හැම ක්ෂණයකටම අදාළයි.

මහණෙනි,
කෙසේ වඩන ලද
කෙසේ බහුල කරන ලද
අනිච්ච සඤ්ඤාව
සියලු කාමරාගය ගෙවා ද . . .
සියලු අස්මි මානය ගෙවා ද,
නසා ද යත්:

රූපය මෙසේ යැ,
රූපයේ හටගැන්ම මෙසේ යැ,
රූපයේ අස්තඞ්ගමය මෙසේ යැ,
වේදනාව මෙසේ යැ,
වේදනාවේ හටගැන්ම මෙසේ යැ,
වේදනාවේ අස්තඞ්ගමය මෙසේ යැ,
සංඥාව මෙසේ යැ,
සංඥාවේ හටගැන්ම මෙසේ යැ,
සංඥාවේ අස්තඞ්ගමය මෙසේ යැ,
සංස්කාර මෙසේ යැ,
සංස්කාරයන්ගේ හටගැන්ම මෙසේ යැ,
සංස්කාරයන්ගේ අස්තඞ්ගමය මෙසේ යැ,
විඥානය මෙසේ යැ,
විඥානයේ හටගැන්ම මෙසේ යැ,
විඥානයේ අස්තඞ්ගමය මෙසේ යැ,
 ----------------------------------------------------------------------

මහා සතිපට්‌ඨාන සුත්‌තං

සුත්‍තන්‍තපිටකෙ දීඝනිකායො (දුතියො භාගො) 2. මහාවග්ගො

පුන ච පරං භික්‌ඛවෙ, 
භික්‌ඛු ධම්‌මෙසු ධම්‌මානුපස්‌සී විහරති පඤ්‌චසු උපාදානක්ඛන්‍ධෙසු. 
කථඤ්‌ච පන භික්‌ඛවෙ, භික්‌ඛු ධම්‌මෙසු ධම්‌මානුපස්‌සී විහරති 
පඤ්‌චසු උපාදානක්‌ඛන්‍ධෙසු: 

ඉධ භික්‌ඛවෙ, භික්‌ඛු 
‘ඉති රූපං, ඉති රූපස්‌ස සමුදයො, ඉති රූපස්‌ස අත්‍ථඞ්ගමො, 
ඉති වෙදනා, ඉති වෙදනාය සමුදයො, ඉති වෙදනාය අත්‍ථඞ්‌ගමො, 
ඉති සඤ්‌ඤා, ඉති සඤ්‌ඤාය සමුදයො, ඉති සඤ්‌ඤාය අත්‍ථඞ්‌ගමො, 
ඉති සඞ්‌ඛාරා, ඉති සඞ්‌ඛාරානං සමුදයො, ඉති සඞ්ඛාරානං අත්‍ථඞ්‌ගමො, 
ඉති විඤ්‌ඤාණං, ඉති විඤ්‌ඤාණස්‌ස සමුදයො, ඉති විඤ්‌ඤාණස්‌ස අත්‍ථඞ්ගමො’ති, 

ඉති අජ්‌ඣත්‌තං වා ධම්‌මෙසු ධම්‌මානුපස්‌සී විහරති, 
බහිද්‌ධා වා ධම්‌මෙසු ධම්‌මානුපස්‌සී විහරති, 
අජ්‌ඣත්‌තබහිද්‌ධා වා ධම්‌මෙසු ධම්‌මානුපස්‌සී විහරති. 
සමුදයධම්‌මානුපස්‌සී වා ධම්‌මෙසු විහරති, 
වයධම්‌මානුපස්‌සී වා ධම්‌මෙසු විහරති, 
සමුදයවයධම්‌මානුපස්‌සී වා ධම්‌මෙසු විහරති.

‘අත්‍ථි ධම්‌මා’ති වා පනස්‌ස සති පච්‌චුපට්‌ඨිතා හොති. 
යාවදෙව ඤාණමත්‌තාය පතිස්සති මත්තාය, අනිස්‌සිතො ච විහරති, 
න ච කිඤ්‌චි ලොකෙ උපාදියති.
එවම්‌පි ඛො භික්‌ඛවෙ, භික්‌ඛු 
ධම්‌මෙසු ධම්‌මානුපස්‌සී විහරති පඤ්‌චසු උපාදානක්‌ඛන්‍ධෙසු.