20140206

ආලෝක පින්තාරු Bullet Time - Stop Motion ඡායාරූප ක්‍රමෝපායන්




The Matrix චිත්‍රපටයේ පලමුවරට දුටු
මේ දර්ශනය ඔබට මතක ඇති.
http://youtu.be/VxNiEEtYe4Q?t=56s
කාලය මොහොතකට නතර වුණාක් වැනි
මායාකාරී හැඟීමක්
මේ දර්ශනයෙන් ලැබෙනවා

චිත්‍රකතා රචකයන් ලෙස අත්දැකීම් ඇතිව
The Matrix චිත්‍රපටය තැනූ වැකොව්ස්කි සොහොයුරන්
මේ දර්ශනය සඳහා බොහෝ උපක්‍රම සිතා බැලුවා.

ඉන් එක් ක්‍රමයක් වූයේ
අරමුණ වටා තැනූ පීලි මාර්ගයක
අතිවිශාල වේගයකින්
සිනෙ කැමරාවක් ධාවනය කරවීමයි.
කැමරාවට හානි නොවී
එතරම් දුරක් එතරම් අඩු කාලයකින්
ආවරණය කළහැකි තාක්ෂණයක්
ඔවුන්ට හමු වුණේ නැහැ.

අවසානයේ ඒ සඳහා
ඔවුන් භාවිතා කළ ක්‍රමය
ඉතා පැරණි ක්‍රමයක්.






ක්‍රියාවක්  නතර කරන්නට නිශ්චල රූප කැමරා සමූහයක් භාවිතා වූයේ
සිනමා කැමරාව සොයාගන්නටත් පෙර Eadweard Muybridge විසින් 1877දීයි.

Eadweard Muybridge

මේ සඳහා හේතුවූයේ,
මද වේගයෙන් දුවද්දී අශ්වයෙකුගේ පාද හතරම
පොළවෙන් ඉහලට එසවෙන අවස්ථාවක් ඇතිද යන්න පිළිබඳව 
Eadweard Muybridge හා කැලිෆෝනියාවේ ආණ්ඩුකාරවරයා අතර වූ වාදයකි.
 Eadweard Muybridge
දුවන අශ්වයෙකු පාද තබන විට ක්‍රියාත්මක වෙන ලෙස
නිශ්චල කැමරා පේලියක් තබා රාමුවෙන් රාමුව රූගත කළා..
පසුව ඔහු එම රූප පෙළ
වෘතාකාර තැටියක අලවා ආලෝකයක් ඉදිරියේ දර්ශනය කළා.

තෝමස් අල්වා එඩිසන්ට
සිනමා කැමරාවේ මූලධර්මය සොයාගන්නටද
මූලාශ්‍රය මේ වන්නට ඇතැයි අනුමාන කෙරෙනවා.

මේ ක්‍රමය සිනමාවේදී වරින්වර භාවිතා වුනත්
ඉතා නිර්මාණශීලී ලෙස භාවිතාවූයේ
වසර සියයකට පමණ පසුව
The Matrix චිත්‍රපටියේ දර්ශන සඳහායි.

එක් තත්පරයකට රාමු 30ක්
චිත්‍රපට ගතකරන
සිනමා කැමරාවකින්
එක් තත්පරයකදී කරන කාර්යය මෙහිදී කරන්නේ
එක් වරකට එක් රාමුවක් රූ ගත කරන
සාමාන්‍ය නිශ්චල රූප කැමරා 30කින්.
එකකට පසු එකක් වශයෙන්
ක්‍රියාත්මක වෙන මේ කැමරා වල
එක කැමරාවකින් එක රාමුව බැගින්
ලබාගෙන එක දිගට ධාවනය කිරීමෙන්
ඔවුන් සෙවූ ප්‍රතිඵලය ලැබුණා..
දර්ශනය දීර්ඝ නම් කැමරා ප්‍රමාණය වැඩි කරනවා.
පරිගණකය ආධාරයෙන් සකස් කරගත්
කැමරා මාර්ග දර්ශක
The Matrix  චිත්‍රපටියේ  දර්ශන ප්‍රයෝග සඳහා උපයෝගී විය.

නිල් හෝ කොළ පැහැති තිර පිටුපස අවකාශයෙහි
ලේසර් ඉලක්ක පද්ධතියක් සවිකල
සංකීර්ණ වක්‍රයක කැමරා පෙළ සවි කෙරිණ.
දර්ශන පථය අරමුණ වටා යන ආකාරයට
කැමරාවෙන් කැමරාවට
ඉතා කුඩා කාල අන්තරයන් සහිතව
කැමරා ක්‍රියාත්මක කෙරිණ.

පරිගණකය මගින් රාමු එක්කිරීමෙන් වේගය අඩු කරන්නටත්
රාමු අඩු කිරීමෙන්  වේගය වැඩිකරන්නත් හැකිවිය.
පරිගණකය මගින් කෙරෙන ත්‍රිමාණ සජීවීකරණයෙන්ද
මේ කාර්යය කරගත හැක.

http://youtu.be/APMECk6afZM?t=20m59s
කාලය මොහොතකට නතර වුණාක් වැනි
මායාකාරී හැඟීමක් මේ උපක්‍රමයෙන් ලැබෙනවා.


චිත්‍රපටියෙන් පසුව මෙවැනි දෘෂ්ඨි ප්‍රයෝග සිනමා,
රූපවාහිනී සහ සජීවීකරණ ක්ෂේත්‍රවල බිහි වුණා.

සිනමාව
Scary Movie, Deuce Bigalow: Male Gigolo, Shrek and Kung Pow: Enter the Fist

රූපවාහිනිය
The Simpsons and Family Guy; in the OVA series FLCL;

වීඩියෝ ක්‍රීඩා
Conker's Bad Fur Day.
===============================================================

ආලෝක පින්තාරු Bullet Time - Stop Motion ඡායාරූප ක්‍රමෝපායන්
සියල්ලම උපයෝගී වූ අවස්ථාවක් මේ.


LightSpin Documentary Film from Eric Pare on Vimeo.
--------------------------------------------------------------------------

 Eric Paré  LightSpin,  ව්‍යාපෘතිය
නර්තන ශිල්පීන් සහ කෘතිම ආලෝකය භාවිතා කරගෙන
The Matrix ශෛලියෙන් නිර්මාණය කරන ලද 
LightSpin පර්යේෂණාත්මක නිර්මාණකරණය පිළිබඳ
කෙටි වාර්තාවකි මේ.

දෘෂ්ඨි ප්‍රයෝග මුසු කර ගනිමින් එරික් කරන
මෙම නිර්මාණයේදී නර්තන ශිල්පීන් කිහිපදෙනෙක්
ඉතා සුවිශේෂී රිද්මයකට අනුව ආලෝකමත් කරමින්
කැමරා 24ක් මගින් දිගු කාලීන අනාවරණ ලබාදෙමින්
ඔහු අත් කරගන්නා ප්‍රතිඵලය චිත්තාකර්ශණීයයි..

"මේ ව්‍යාපෘතිය සඳහා මට රාමුවෙන් රාමුව ඡායාරූපගත කරන්නට සිදුවුණා.
නර්තන ශිල්පියාට අනාවරණයන් දෙකක් අතර ඉතා ස්වල්ප ලෙස වෙනස් වෙන්නට උපදෙස් දුන්නා."
"මෙම ආලෝක ප්‍රයෝගය සිදුකළේ
ඉතා ප්‍රබල  flashlight on strobe mode—320 lumen එකක් භාවිතා කරමිනුයි.
මා මෙහි මැද කලු පැහැති ඇඳුමක් ඇඳගෙන ආලෝක ප්‍රභවය භ්‍රමණය කළා.
කළු හැඳගෙන ක්‍රියාකාරීව සිටින නිසා මා අනාවරණයට හසුවන්නේ නැහැ."


LightSpin,  ව්‍යාපෘතිය


නර්තන ශිල්පීන් වටා සවිකළ කැමරා 24කින්
අංශක 360ක් පුරා සටහන් කරගත් රූගත කළ
නිශ්චල ඡායාරූප 500,000ක් පමණ
අවසාන සංස්කරණයේදී රාමු 2,000කට අඩුකර
අංශක 360ක කවාකාර දර්ශනපථයක් තනාගැනීමට
Paré  සමත්විය
"නර්තන ශිල්පියා මනාව ආලෝකමත් වනවාද කියා බලමින්
හැම රාමුවකම එකම තැනක් ආලෝකවත් වන ලෙස
පසුපස ඇති කැමරාවලින් සැඟවී
ඔහු සමග සමපාත වී ක්‍රියාකරන්නට මට සිදු වුණා.
ආලෝක ප්‍රභවය දකුණු අතේත්
කැමරා ක්‍රියා කරවන PocketWizard උපාංගය
වම් අතේත් තිබුණා.
සියල්ලම අතින්ම සිදු කළා."

මුලදී ඔහු අනාවරණ සිදු කළේ කැමරා කවයෙන් පිටත සිටයි.
ආලෝක ප්‍රභවයන් සීලිමේ එල්ලා තිබිණ.

"ඒක හරිම එකාකාරීයි.
මට ඕන වුණේ එය නෙමෙයි."

සේයාරූවලට යම් නිර්මාණශීලීත්වයක් එක් කරන්නට
අදෘෂ්‍යමාන ලෙස රඟපෑමේ භූමිකාව
ඔහු සකසා ගත්තා.


The 24 camera rig setup

පූර්ව පර්යේශණ වල අත්දැකීම් මත
Paré  ට එක් එක නර්තන ශිල්පියා සමග
පැයක කාලයක් ගත කිරීම ප්‍රමාණවත් විය.
මුලු වැඩ සටහනටම ගත වූයේ මාසයකි.

එහෙත්, තවදුරටත්
මුනිවරයෙකුගේ ඉවසීමෙන් කටයුතු කළයුතු වූයේ
තත්පර දෙකක රාමු ප්‍රමාණය රූගත කරගැනීමට
විනාඩි පහක් පමණ අවශ්‍ය වූ හෙයිනි.
පසුබිම කළුපැහැති බව සහතික කරමින්
කැමරා පෙනෙන්නට ඇත්නම් ඉවත් කරමින්
සෑම දර්ශන මාලාවක්ම සංස්කරණය සඳහා
පැයක් පමණ ගත විය.

පළමු 24 x 360 පර්යේෂණයේදී අකුල් හෙලූ
තාක්ෂණික මාර්ග බාධක මග හරිමින්
පරිගණක මෘදුකාංග හා දෘඪාංග
පූර්ණ ලෙස ග්‍රහණය කරගනිමින්
අවසානයේ ඔහු මනසින් දුටු ශෛලිය
නිර්මාණය කරගන්නට ඔහුට හැකි විය.

Dancer Leon Kupferschmid in the LightSpin series


Dancer Kim Henry in the LightSpin series

පරිගණක තුනක් භාවිතයෙන් තාක්ෂණික විරාමයන් අවම කරගැනීමෙන්
සංස්කරණය නොකළ දර්ශන වඩාත් ඉක්මණින් නැරඹිය හැකි විය.
නර්තනශිල්පීන්ට ඔවුන්ගේ රංගනය වැඩි දියුණු කරගන්නටද
ඉන් රුකුලක් ලැබිණ.

පර්ගණක තුනක් සහ කැමරා 24ක්
තනි පුද්ගලයෙකුට බරක් වුවද
එම තාක්ෂණික පහසුකම් සියල්ල සහිතවද
බලාපොරොත්තුවූ ප්‍රතිඵලයම ලබා ගැනීමට Paré ට නොහැකි විය.
වීඩියෝව මදවේගී සහ ස්වාභාවික වීම වෙනුවට
අධිවේගී සහ සජීවී විය.


Dancer Lucie Vigneault


Dancer Margie Gillis
"මා මුලින්ම අදහස් කළේ
දර්ශන ඉතා මදවේගී විය යුතු බවයි.
අවසාන වීඩියෝ දර්ශනය වේගවත් වූයේ
අපට තිබුණු කැමරා සංඛ්‍යාව
24කට සීමා වීම නිසාය.

එම කැමරා ප්‍රමාණය
සුමුදු නිර්මාණයක් සඳහා
කිසි සේත් නොසෑහෙයි.

හොඳ ප්‍රමාණයේ නිර්මාණයක් සඳහා
කැමරා 60ක 70ක කවයක් අවශ්‍යයි.

මෙම අඩුව මගහැරවීමට
අපි වඩාත් තාක්ෂණික සංගීතයක්
එක් කළෙමු.

එය සාර්ථක විය.
=======================================================

LightSpin යළි REMIX කරන්නට කැමති අය
මෙම වෙබ් අඩවියට පිවිසෙන්න.
http://livepx.net/s/LivePixel/sample/extendedplayer.html

LightSpin සංස්කරණය සඳහා
එරික් නිශ්පාදනය කළ Live Pixel JPEG Player නම් මෘදුකාංගය
තමන්ට රිසි පරිදි වෙනස් කරගෙන භාවිතා කරගන්නට
නොමිලයේ මුදා හැර ඇත.

Eric’s LightSpin tutorial.

ආධාර කරගන්න

 http://thecreatorsproject.vice.com/blog/create-light-painted-bullet-time-stop-motion-photographs

 ====================================================

 The MATRIX revisited

Behind the scenes.