20160603

සමලිංගික ජීවියා මානසික නපුංසකයෙක්.

සමලිංගික සේවනයේ යෙදෙන අයට
ඒ හැසිරීම සාමාන්‍ය දෙයක්.

ලිංගික උවමනාව ස්වාභාවිකයි.
ලිංගික උවමනාව ඉටු කරගන්න
ස්වාභාවික එක් විකල්පයක් තියනවා.
අනික් හැම විකල්පයක්ම අස්වාභාවිකයි.

කාමය ස්වාභාවික වුණ පමණින්
කාමය තෘප්තිමත් කරගන්න භාවිතා කරන
හැම විකල්පයක්ම ස්වාභාවික වෙන්නෙ ඈ.
ඒ සඳහා ස්වභාව ධර්මයෙන් ලැබුණ
නිශ්චිත උපකරණ සහ නිශ්චිත තාක්ෂණයක්
හැම සත්වයෙකුටම තියනවා.

මිනිස් මනසෙ තියන
අතීතය සිහි කිරීමෙ හැකියාව භාවිතා කරමින්
අනාගතය සඳහා රූප මැවීමෙ හැකියාව නිසා
කාමය පිළිබඳ චිත්ත රූප මවන්නට
මිනිස් මනස පෙළඹෙනවා.
ඒ පෙළඹීම නිසා කය
කාමයෙන් ආරෝපණය වෙනවා.

මොළයත් ස්නායු පද්ධතියත්
කාමයෙන් සන්තෘප්ත කරගන්නට
මිනිසා පෙළඹෙන්නෙ කාමුක අරමුණුවලින්
කයෙහි ඇතිවෙන හෝමෝන ක්‍රියාකාරිත්වයෙන් උපදින
සුඛ වේදනා ඔහුට ප්‍රිය නිසායි.
ඒ සුඛ වේදනා නිසා උපදින
රාග සංස්කාර ඔහුගෙ විඥාණය
අතික්‍රමණය කරමින්
ඔහු අන් මිනිසුන්ට වඩා කාමයට කෑදර
කාමාතුරයෙකු බවට පත්වෙනවා.
ආතුරයෙක් කියන්න මානසික රෝගියෙක්.

එක්‍රැස් වෙන රාග සංස්කාර වලින්
මනස සන්තෘප්ත වෙලා කාම සාන්ද්‍රණය වැඩි වෙලා
මනස එක් තලයකට උද්දීපනය වුණාට පස්සෙ
කායික මෝචනයක් සෙවීම මනසෙ ස්වභාවයක්.
ස්වප්න මෝචනය, ක්ෂණික මෝචනය කියන්නෙ
මනස පෙත්තටම පිරී උතුරා යෑමක්.

මේ ආකාරයේ මනසක්
ස්වාභාවික මාර්ග ලැබෙන තුරු
ඉවසන්නට සූදානම් නෑ.
එවැන්නෙක් පෙළඹෙන ස්වාභාවිකම විකල්පය
ස්ත්‍රී දූෂණයයි.
ඔහුගෙ විකල්පය කුඩා දරුවෙක් වෙන්නත් පුලුවන්.
මහළු ස්ත්‍රියක් වෙන්නත් පුළුවන්.
ඔහු බලාපොරොත්තු වෙන්නෙ වින්දනයකට වඩා
ඔහු පෙළන කාමයට විකල්ප දොරටුවක්.
ඔහුට අනික් සත්වයා අදාළම නැහැ.
කාමයෙන් වියරු වැටෙන ඔහු
මිනිසෙක් නොවෙයි.

ස්ත්‍රී දූෂණයකට යොමු නොවෙන අය
සිතේ තියන කාම සාන්ද්‍රණය අධික වීම නිසා
ස්වයං වින්දනය, සමලිංගික සේවනය සහ
වෙනත් නොයෙකුත් අස්වාභාවික චර්යාවන් කරා
යොමුවෙන්නෙ ස්වාභාවික ලිංගික හැසිරීම
ඔවුන්ට විකල්පයක් නොවෙන අවස්ථාවෙයි.

සමලිංගික හැසිරීම දෙස
සමාජය වපරැසින් බලන්නෙ
මේ හැසිරීම මානසික රෝගී තත්වයක් ලෙස
ඔවුන්ට හැඟෙන බැවින් විනා
ද්වේශයෙන් නොවෙයි.

මේ අමුතු බැල්ම සමලිංගික ජීවියාට
වටහා ගන්නට බැහැ.
ද්වේ ලිංගික ස්ත්‍රී පුරුෂයන් දෙස
ඔවුන් එවැනි වෙනසක් ඇතිඅව බලන්නෙ නෑ.
ඔවුන්ට සම\ලිංගික සහ ද්වි ලිංගික හැසිරීම්
දෙකම ස්වාභාවිකයි.

සමලිංගික සේවනයේ යෙදෙන අයට
තමන්ගෙ මානසිකත්වය සහ චර්යාවන්
ස්වාභාවිකයි කියා හැඟෙන්නෙ
අඳ ගොළු බිහිරන් ඔවුන්ගෙ චර්යාව
සාමාන්‍ය දෙයක් මෙන් හිතන අයුරිනුයි.
සමාජයෙත් එක් කොටසක් එහෙම හිතන්නෙ
ඔවුන්ගෙ ජීවිත තුළත් යම් කලක
ඔවුනුත් සමලිංගික අත්දැකීම් ඇති නිසයි.

කායික මානසික රෝගයක්
හැමෝටම වැළඳී තියන දෙයක් නම්
ආ ඒක සාමාන්‍යයි කියා
පොදු ''පිළිගැනීමකට'' ලක් වීම ස්වභාවයක්..
සමාජය කොහොම පිළිගත්තත්
කායික මානසික රෝග කියන්නෙ
මිනිසාට හානිකර දේවල්..
කය පිනවන බොහෝ දේ මනසට හානිකරයි.
ඒ හානිය පෙනෙන්නෙ කය දුර්වල වුණාමයි..

ස්වාභාවික විදියට පිටින්
හැසිරීමක් තියන කෙනෙකුට
තර්කයෙන් සාධාරණීකරණය කරන්න පුලුවන්.
ඒත් එයින් වෙන හානිය තර්කයෙන්
ආවරණය වෙන්නෙ නෑ.

සමලිංගික හැසිරීම කියන්නෙ
විකෘති ක්‍රියාවකට වඩා
විකෘති මානසික තත්වයක්.

කාමය ස්වාභාවිකයි.
කාමය කියන්නෙ චුම්බකත්වය වගේ
ස්වාභාවිකව ඇතිවෙන බල ක්ෂේත්‍රයක්.
චුම්බක ක්ෂේත්‍රයකට
යකඩ කෑල්ලක් ඇතුල් වුණත්
ක්ෂේත්‍රය ක්‍රියාත්මක වෙනවා.
යකඩ කෑල්ල ආකර්ෂණය වෙනවා.
මනසක් තියනවා නම්
දෙකම තෘප්තිමත් වෙයි.

ඉතාම අස්වාභාවික කම් සුව සෙවීම් ඒ වගෙයි.

චුම්බක ක්ෂේත්‍රයක්
ප්‍රබලම අයුරින්  ක්‍රියාත්මක වෙන්නෙ
චුම්බක දෙකක විරුද්ධ ධ්‍රැව දෙකක්
එකිනෙකට ආකර්ෂණය වීමෙනුයි.
කලාතුරකින් දකින්නට ලැබෙන
සාර්ථක විවාහයක් ඒ වගෙයි.
කාමයට ස්වභාවික විකලපය සොයා ගත් ඔවුන්
කය මනස දෙකෙන්ම පෑහෙනවා.

සමලිංගික සම්බන්ධයකදි වෙන්නෙ
සමාන ධ්‍රැව දෙකක්
බලපෑමකින් එක් කිරීමයි.

කලක් තිස්සේ කාමය උපාදාන කරගෙන
කායික කාම සාන්ද්‍රණය අධික වීමෙන්
ස්වාභාවික නොවන විකල්පයක් ලෙස
සමලිංගික සේවනයට ඇබ්බැහි වුණ දෙදෙනෙක්
එකට එක් වෙන වෙලාවට
මේ අමතර බලය ඔවුන්ට දැනෙන එකක් නෑ.
ඒත් සමලිංගික සේවනයට හුරුවුණ කෙනෙක්
තමන් කලක් තිස්සේ දන්න හඳුනන කෙනෙක් වුණත්
පළමුවරට ආශ්වාදයකට යොමු කරගන්න හදන විට
ස්ත්‍රී දූෂණයක මෙන් බලය යෙදවීමක්
අවශ්‍ය වෙන්න පුලුවන්.

ස්ත්‍රී දූෂණයකදි වගේම පිරිමි දරුවන් මැරුම් කන්නෙ
එවන් අවස්ථාවලදි වින්දිතයා විරුද්ධ වූ විටයි.
නැත්නම් ඔහුගෙ අකමැත්ත මත
දූෂණය හෙළිවේය යන බිය නිසායි.

කාමය උත්තේජනය වියහැකි වයසෙ
එකිනෙකා ප්‍රිය කරන ස්ත්‍රී පුරුෂ දෙදෙනෙක්
අවසර කල් රහස් තැන ඇතිව
සිය කැමැත්තෙන් එකට හැසුරුණොත්
ඔවුන් අතර ලිංගික එක්වීමක් සිදුවීමට
බොහෝ ඉඩකඩ තියනවා.

සමලිංගික සේවනයට
ඇබ්බැහි වුණ දෙදෙනක්ම නොවෙයි නම්
එක්කෙනෙක් සමලිංගිකයෙක් වුණත්
එහෙම නොවුණ දෙන්නෙක්
අවසර කල් රහස් තැන ඇතිව
කොතරම් එකට හැසුරුණත්
ලිංගික එක්වීමක් වෙන්න ඇති අවකාශය
ඉතාම අවමයි.

සිදුවෙන හානියක් පිළ්බඳව
හැඟීමක් නැති නිසා
සමලිංගික එක්වීම් වලදි
නරුමයන් ලෙස ඉවසන අය
පසුව ඒ මාර්ගය
විකල්පයක් කරගන්න පුලුවන්.

ස්ත්‍රී පුරුෂ ආකර්ෂණය
දෙපැත්තෙන්ම සිදු වෙන දෙයක්.
සමලිංගික සේවනයක් සිදු වෙද්දි
පළමු වර වෙන්නෙ දූෂණයක්.
ඒ පෙළඹවීම ඒක පාර්ශවිකයි.
කන්‍යාවියක් පිරිමියෙකුට
ආකර්ෂණය විය හැකියි.
ඒත් කන්‍යාභාවය තියන පිරිමි දරුවෙක්
ලිංගික උවමනාව මත වෙනත් පිරිමියෙක්
සොයාගෙන යන්නෙ නැහැ.

සමලිංගික දූෂණයකදි සිදු වෙන්නෙ
අමතර ශක්තියක්, බලයක් සහ
සිත් දිනා ගන්නා උපක්‍රම භාවිතයෙන්
හුරුපුරුදු සමලිංගික ජීවියෙක් විසින්
ඔහු හෝ ඇය ගොදුරු කර ගැනීමයි.
එයින් මානසිකව ආසාදනය වෙන නවකයාත්
කල්යාමේදී සමලිංගික ජීවියෙක් බවට
පරිණාමණය විය හැකියි.

ඔහුගෙ මානසිකත්වය අපූර්වයි.
ඔහු ස්වභාව ධර්මයෙන් පිට පැන
ඔහුගේම ලොවක ජීවත් වෙන
අපූරු ජීවීන් වර්ගයක්.
කායිකව ස්ත්‍රී පුරුෂ භාවය රැකුණත්
සමලිංගික ජීවියෙක් කියන්නෙ
මානසික නපුංසකයෙක්.
ඒ වෙනසට සමාජය ගරු කළ යුතුයි.
හිංසා නොකළ යුතුයි.

මනස විකෘති වීමෙන් චර්යාව වෙනස් වුණාට
පොදු සමාජය විසින්
සමලිංගික ජීවීන් කොන් කළ යුතු නැහැ.
සමාජයට වෙනස් ආකාරයෙන්
නිදහසේ ජීවත් වෙන අතර
ඔවුන් සාමාන්‍ය ස්ත්‍රී පුරුෂයන් ලෙස
සමාජයෙන් සැලකිලි සෙවිය යුතුත් නැහැ.
එවැනි අස්වාභාවික තත්වයක්
සාමාන්‍ය දෙයක් ලෙස පිළිගන්නා තැනකට
පොදු සමාජය පත්විය යුතුත් නෑ.
ඔවුන්ගේ නිදහස ඔවුන්ට භුක්ති විඳින්නට ඉඩදී
සමාජය ඔවුන් නොසලකා හැරීම ප්‍රමාණවත්.

එවැනි ස්ත්‍රී පුරුෂයන්ටම වෙන් වූ
නිවාස සංකීර්ණ, සමාජ ශාලා, ක්‍රීඩාගාර
ආපන ශාලා, සිනමා ශාලාහෝ
විශේෂ සිනමා දර්ශන ආදිය
ඔවුන් සඳහාම ඇති විය යුතුයි.
ඔවුන් පැහැදිලිවම කොලනියක් ලෙස
විභේදිත උප සංස්කෘතියක් ලෙස
පැවැත්ම සකස් කරගත යුතුයි.

තමන්ගෙ වෙනස පිළිගෙන ඒ වෙනසට අනුව
සමාජයෙන් ලැබෙන ප්‍රතිචාර දරා ගැනීමට
සමලිංගික ජීවියා හුරු විය යුතුයි.
සවිමත් විය යුතුයි.


ගිහි ජීවිතයෙ දුක නිවන්න බුදු දහම ප්‍රමාණවත් නැද්ද?


 

[[[බුද්දාගම පැවිදි ජීවිතය උසස් ලෙස සලකන සහ එයට උනන්දු කරන අතර ගිහි ජීවිතයක් අවශ්ය නම් ඊටද අනුමැතිය තිබේ. එහිදී ගිහි ජීවිතය සාර්තක ලෙස ගතකිරීමට අවශ්ය යම් යම් උපදෙස් ද අඩංගුය. නමුත් ප්‍රායෝගික තත්වයක් තුල ගිහි ජීවිතයේ සැමියා සහ බිරිඳ අතර ඇතිවන මත ගැටුම් කලමනාකරගත යුතු ආකාරය ගැන ඉගැන්වීම් බුදු දහම තුල අල්පය. මන්ද බුදු දහම දර්ශනයකි ඒ නිසාම එහි සමාජ ජීවිතයට අත්යවශ්යවන නීති පද්දතියක් නැත. ඇත්තේ උපදෙස් පමණි. ]]]]
Ramzy Razeek


මේ ප්‍රකාශය වැරදි අවබෝධයක් රම්සි..
ඒත් අපේ අයගෙ වගේ
 ද්වේශ සහගත මඩ ගැසීම් නැතිව
 සංයමයෙන් දැරූ උත්සාහය අගය කරනවා.
ඒ සංයමය ඔබට යම් දහමකින් ලැබුණාද
 ඒ දහමට මම ගරු කරනවා.

මිනිසා සංවර නොවෙනවා නම්
 දහමෙ වරදක් නොවෙයි.
ඒ අසංවර අශීලාචාර මිනිසාගෙ
 වරදක් තියෙනවා.

බුදු දහම ගිහියාට පැවිද්දාට කියා වෙනසක් නෑ.
බුදු දහම අනුව
 දුක දෙදෙනාටම එකයි.
දුකට හේතුව දෙදෙනාටම එකයි.
දුකෙන් මිදෙන මග දෙදෙනාටම එකයි
 දුකෙන් මිදීම දෙදෙනාටම එකයි.

ඒ නිසා ගිහියන් වුණත්
 සෝවාන් ආදී මගඵල ලබනවා.
කලාතුරකින් කෙනෙක් රහත් වෙනවා.

පැවිදි ජීවිතය උසස් කොට සලකන්නේ
 පැවිද්දෙක් න්‍යායිකව
 දුකෙන් මිදීම සඳහාම
 නිවන් දැකීම සඳහාම
 කැපවී සිටින කෙනෙක් නිසායි.
ඔවුන් අතර සමහරක්
 ප්‍රායෝගිකව අපායගාමී වීම
 අදාළ නෑ.

යහපත් පැවිද්දා
 ගිහියාට වඩා උසස් වගේම
 අයහපත් පැවිද්දා ඉතාම පහත් කෙනෙක් ලෙස
 බුදු දහමෙ සැලකෙනවා.

මහණෙනි, 

යම්සේ දෙපසින් ගිනි ඇවිළ ගත්තාවූ, මැද අසූචි තැවරුණු සොහොන් පෙණෙල්ලක් ගමෙහි දැවකිස සිදු නො කෙරේ ද, වනයෙහිත් දැවකිසක් සිදු නො කෙරේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා ද එසේ (සොහොන් පෙණෙල්ලට) උපමා කොට කියමි. (හෙතෙම) ගිහිසැපතින් පිරිහුනේ අර්හත්වඵල සඞ්ඛ්‍යාත ශ්‍රාමණ්‍යාර්ථය ද, සම්පූර්‍ණ නොකෙරේ යැ යි.
 
ගිහියා පව්කම් "කළ" යුතුයි.
ඒත් දුසිල්ව ජීවත් වෙන පැවිද්දාට
 ඔහු ලබන සිවුපසයෙන්, වැඳුම් පිදුම් වලින් පවා
 පව් රැස් වෙනවා.
දුසිල් පැවිද්දා හොරෙක්.
ණය කාරයෙක්.

ගිහි ජීවිතයේ සැමියා සහ බිරිඳ අතර ඇතිවන
 මත ගැටුම් කලමනාකරගත යුතු ආකාරය ගැන
 අමුතු ඉගැන්වීමක් අවශ්‍ය වෙන්නෙ
 පත පොතෙන්, දේශනා වලින්
 දහම හදාරණ අයටයි..

ඔබ මුස්ලිම් වුණත්
 විපස්සනා මගින් සිහියත්, උපේක්ෂාවත්
 මනාව පිහිටුවා ගත්තොත්
 ඔබේ දහමට අනුව ජීවත් වෙන අතරම
 ඒ දියුණු වෙන සිහියත්, උපේක්ෂාවත් නිසා
 ගිහි ජීවිතයේ සැමියා සහ බිරිඳ අතර ඇතිවන මත ගැටුම්
 කලමනාකරණය කරගන්න ඔබට පහසු වෙනවා.

මගේ විවාහ ජීවිතයෙ මත ගැටුම් අතර
 වසර විසි නවයක පරතරයක් තියනවා.
අපි දිනපතා බොහෝ
දේ පිළිබඳ
 මතවාදීව ගැටෙනවා.
අපි දවසම ගත කරන්නෙ  එකම පරිසරයක.
හැම තීරණයක්ම ගන්නෙ කතා කරලා.
තනි තීරණයක් ඉඳහිටවත් කෙනෙක් ගත්තොත්
 අපි දෙන්නාම එක විදියට  ඊට විරුද්ධ වෙනවා.
දොස් පවරනවා.

අපි විපස්සනා නොකළ දෙන්නෙක් වුණා නම්
 අපි මාස තුනක්වත් එකට ඉන්න එකක් නෑ.

ඒත් කාලය ගත වෙද්දි
 අපි අපේ මත ගැටුම් ඉතාම අඩු වෙහෙසකින්
 අඩු කාලයකින්, අඩු වියදමකින්
 විසඳා ගන්න පුරුදුවුණා.

බුදු දහමෙන් කරන්නෙ
 හිත පිරිසිදු කිරීමයි.
හිත පිරිසිදු කරන්න විපස්සනා කරන කෙනෙක්
 හිත පිරිසිදු කර ගැනීමට අමතරව
 ඉතාම වැදගත් දක්ෂතාවයක් පුහුණු වෙනවා.
ඔහු සිත හොඳටම අපිරිසිදුව,
කැළඹිලා තියන අතරත්
 ඒ අපිරිසිදු කමෙන් දූෂිත නොවුණ
 පිරිසිදු වචන කතා කරන්න හුරු වෙනවා.
පිරිසිදු ලෙස ක්‍රියා කරන්න පුරුදු වෙනවා.

සිරිධම්ම හිමි සමග VFM විවාදයෙදි
 ඔහු මට සැලකූ ආකාරය නිසා
 ඇතුළතින් සිදුවූ ස්වාභාවික වෙනස්වීම්
 ඔහු සමග දබර වෙන්නට
 හොඳටම ප්‍රමාණවත්ව තිබුණා.
ඒත් මම තීරණාත්මකව
 ඒ සියල්ල ගැන සිහියෙන්,
ඒ සියල්ල ගැන උපේක්ෂාවෙන්
 මා සතු කාර්යය කරගත්තා.

විපස්සනා පුහුණුවෙන් තොරව
 මම ඔහුට මුහුණ දුන්නා නම්
 ඔහු ජයග්‍රහණය කරනවා.
VFM වැඩ සටහන
 ධර්මය හොයන කෙනෙකුට
 අහන්න පුලුවන් තැනක තිබුණේ
 ගිහි ජීවිතයට අවශ්‍ය වෙන සියල්ලම
  බුදු දහම මගින් සපයා තිබුණ නිසයි.
___________________________________

සිතෙහි ක්‍රෝධය ඉපදී තිබියදී
ඉතා වේගයෙන් දුවන රථයක් මෙන්
සිත මනාව හසුරුවා ගන්නා තැනැත්තා
නියම රියැදුරකු යැයි මම කියමි.


සාමාන්‍ය රිය එළවන අන් ජනයා
නිකම් තෝන් ලණුව අල්ලන්නෝ ය.

“යො වෙ උප්පතිතං කොධං
රථං භන්තං ච ධාරයෙ
තමහං සාරථිං බ‍්‍රෑම්
රස්මිග්ගාහො ඉතරො ජනො”

මෙහි බුදුන් වහන්සේ අගය කරන්නෙ
ක්‍රෝධය නැති තැනැත්තා නොවෙයි.
ක්‍රෝධය පවතිද්දී
හිත මනාව හසුරුවා ගන්නා තැනැත්තායි.
ක්‍රෝධය කෙමෙන් කෙමෙන් නැතිවෙන්නට
ඒ පදනම උපකාරීවෙනවා.

අත්තානං දමයන්ති පණ්ඩිතා.
බුදු දහමෙ මූලිකම පදනම
පිරිසිදු බව නොවෙයි..
අපිරිසිදු තැනැත්තාගේ
ආත්ම දමනයයි..
පිරිසිදු වෙන්නට හැකියාව ලැබෙන්නේ
ආත්ම දමනය ඇත්තාට පමණයි.

___________________________________

ශීල, සමාධි, ප්‍රඥා මාර්ගය
සරලවත් අඩු නැතිවත් දේශනා කරමින්
බුදුන් වහන්සේගේ කාර්යය
 උන්වහන්සේ සපුරාම ඉටු කොට තියනවා.
දහමෙ කිසිම අඩුවක් නෑ.
බුදු දහමෙන් ප්‍රයෝජනයක් නැති
 කිසිම මිනිසෙක් මිහිපිට නෑ.

ලිඳ තමන් තුළම තියනවා.
ළිඳ පිරෙන්නම වතුර තියනවා.
බඳුනෙ සිදුරු වහගන්න තැන ඉඳන්
 තනි තනියෙන් වතුර අරගෙන
 සසරටම පිපාසය නිවාගන්න
 විපස්සනා ක්‍රමය පවතිනවා.

හිල්කූඩ වලින් වතුර අදින අයත්
 ඔබ මෙන් කවදාවත් වතුර ගැන නොසෙවූ අයත්
 බුදු දහම ගැන වැරදි අර්ථ කථන දෙනවා.

ඇවිත් බලන්න.
විඳ පසක් කරන්න.

 
බුදු දහම පිළිපදින කෙනෙකුට
 ජාති, ආගම්, කුල භේදවලින් තොරව
 පව් කරන්න හිත කියද්දි
 සිල්වත්ව ඉන්න පුලුවන්.

හිත හොඳටම දූෂ්‍ය වුණත්
 සංවරව හැසිරෙන්න පුලුවන්.

සිදුවෙන දේ ප්‍රඥාවෙන් දකින්න පුලුවන්.