20160212

ස්පැගටි රාස්සයා සහ ෆැස්ටෆාරියානු දහම හෙළා නොදකිනු.



ෆැස්ටෆාරියානු දහම
නිරාගමිකයා තමන්ගෙ ආගමික ඇබ්බැහිය තුළින්ම
සහනය පතා නිර්මාණය කරගත් පැරඩියක්. 


කෙනෙක් ආගමිකයෙක් වන්නේ උපතින් නොවෙයි..
ඔහු කරන ආගමික ක්‍රියාවන් මගිනුයි.

ආගම් ප්‍රතික්ෂේප කරන නිරාගමිකයා
පැරඩි අතුරෙන් එකක් තෝරාගෙන ප්‍රොමෝට් කරන්නෙ
ඒ පැරඩියෙන් තමන්ගෙ හිස් තැනක් පිරෙන නිසා.
ආගම් ප්‍රතික්ෂේප කරන නිරාගමිකයා අතෘප්තිමත්..

නිරාගමික ස්වීඩනයේ
ජනගහනයෙන් බාගයක්ම තනිව ජීවත් වන්නෝය.

මානසික ප්‍රශ්නවලින් මිදීමට
නිර්වින්දක පරිභෝජනයට ඇබ්බැහිවීම අතින්
ඉහළම සංඛ්‍යාව සිටින්නේ
නිරාගමික ස්කැන්ඩිනේවියානු රටවල් වලය.

නිරාගමික ස්කැන්ඩිනේවියානු රටවල් වල
තනිව මිය යාම ඉහළ මට්ටමක පවතී.
ස්වීඩනයේ එක් පුද්ගලයෙකු මියගිය බව
ලෝකයට හෙළිවූයේ වසර දෙකකට පසුවය.
ඔහු මියෙනතුරුම ජීවත්වන්නට ඇත්තේත්
මියගිය කෙනෙකු මෙනි.

නිරාගමිකයා ආගම් ප්‍රතික්ෂේප කරන්නේ
ඔහුට තනිව ඉන්නට හැකි නිසා නොවෙයි.
කලින් කලට නාඳුනන පිරිසක් සමග
කල්ලි ගැහී සැනසෙන්න ඔවුන්ට ලැබෙන හොඳම තැන
ආගමික දේවස්ථාන පමණයි.

 
ඔවුන් ඒ පරිසරයට, ආගමික වෘත වලට
කුඩා කල සිටම ඇබ්බැහි වී තිබුණා.



ඒ ආගමික ඇබ්බැහිවීම් වලින් ඔවුන් පොළඹවනවා.
ඔවුන්ගෙ පැරඩිය තුල ඔවුන් විකෘති සහනයක් ලබනවා.
ආගමික ආකාරයෙන් හැසිරී
ආගම් සිනාවට ලක් කරන
මුවාවෙන්
ආගමික කල්ලි ගැසීමේ තෘප්තිය විඳිනවා.

කෙල්ලෙක් එක්ක සම්බන්ධ වෙන්න කැමති කොල්ලො
සෙනග ඉස්සරහ ඈ සිනාවට ලක් කරන්න
ඈ නැති කමෙන් ඔහුගෙ හිතේ තියන අපහසුව නිසයි.
මේ ස්වභාවය මිනිස් ලක්ෂණයක්..
ආගමක් එක්ක සම්බන්ධ වෙන්න නොහැකි කම
ඔවුන්ගේ ප්‍රශ්නයට මූලික හේතුවයි.
ඔවුන් ආගම් සිනාවට ලක් කරන මුවාවෙන්
අලුත් පල්ලියක් නිර්මාණය කරගෙන සැනසෙනවා.

ෆැස්ටෆාරියානු දහම
නිරාගමිකයා තමන්ගෙ ආගමික ඇබ්බැහිය තුළින්ම
සහනය පතා නිර්මාණය කරගත් පැරඩියක්.
ඒ පැරඩිය තුළින් ඔවුන් ලබන තෘප්තිය
ආගමිකයන් මෙන්ම
කල්ලි ගැසී ලබන ස්වයං වින්දනයක්.

ආගමිකයන් ඔවුන් අදහන දෙවි කෙනෙක් වටා
භක්තියෙන් රොක්වෙන විදියට නොවුණාට
ආගමිකයන් මෙන්ම හුදෙකලාවෙන් මිදෙන්නට
කල්ලි ගැසීමේ ආශාව මුදුන්පත් වෙනවා.

මනසින් ආගම් ප්‍රතික්ෂේප කළාට
නිරාගමිකයාටත් හදවතින් ආගමක් අවශ්‍යයි..
නිරාගමිකයන්ටත් ආගමිකයන් මෙන්
කල්ලි ගැසෙන්න කේන්ද්‍රයක් අවශ්‍යයි.
ස්පැගටි රාස්සයා සහ ෆැස්ටෆාරියානු දහම විසින්
ඒ අවශ්‍යතාවය ඉටු කරනවා.

ආගම් ප්‍රතික්ෂේප කරන අයත්
ආගමක් අටවා ගැනීම විහිළුවක් මෙන් පෙණුනත්
මූලික මිනිස් අවශ්‍යතාවයකින් පලා යන්නට
මිනිසාට නොහැකි බව ඔවුන් වක්‍රව පිළිගන්නවා.

කෙනෙක් ආගමිකයෙක් වන්නේ උපතින් නොවෙයි..
ඔහු කරන ආගමික ක්‍රියාවන් මගිනුයි.


ඔවුන් ඒ තුළින් ලබන සැනසිල්ල දෙස බලා
අප සතුටු විය යුතුයි.
ආගමක් අවශ්‍ය හැම කෙනෙකුටම
තමන්ගේ සිතට ගැලපෙන ආගමක් තිබිය යුතුයි.

නිරාගමිකයා වෙනස් ආකාරයකට අදහන
ෆැස්ටෆාරියානු දහම ඔහුගේ සැනසීමට හේතු වේවා.

සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා