20140311

අත්දුටුවයි සත්තයි! දුක හා දොම්නස සංසිඳෙනවා.



දුක් විඳින කෙනෙක්
දුකෙන් මිදෙන්න කරන්නෙ
සතුට සෙවීමයි.

සතුටු වෙන්න සොයා ගත් දේ
වෙනස් වෙන කොට
නැවත ඔහු දුක් විඳින්නට පටන් ගන්නවා.

නැවත සතුට සොයනවා.

දුකත් සතුටත් අතර දෝලනය වෙමින්
දිවිය පුරාම ඔහු දුක් විඳිනවා.

දුකෙන් ක්ෂණිකවම මිදෙන මග
ඒ මොහොත තුළම තියනවා.

දුක කියන්නෙ කායික දුකක්
හා මානසික දොම්නසක්.
කායික හා මානසික වෙනසක්.

ඒ වෙනස හඳුනාගෙන
ඒ වෙනසට උපේක්ෂාවෙන් ඉන්න පුළුවනි නම්
දුක සංසිඳෙනවා.

දුකක්, වේදනාවක්, දොම්නසක්, තරහක් ආවම
ඔබ තුළ තියන වෙනස හඳුනාගන්න.

ඒ වෙනස වෙනස් වෙන හැටි දකින්න.

ඒ වෙනසට උපේක්ෂාවෙන් ඉන්න.

දුක හා දොම්නස සංසිඳෙනවා.