නව අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ
අදින් වසර එකහමාරකට පමණ පෙර 2013 06 22 දිවයිනට ලියූ
පහත දැක්වෙන ලිපිය කියවන විට
මෛත්‍රී විසින් කළ පත්වීම ඉතා නිවැරදි බවක් හැඟෙයි..
මිනිස් ශිෂ්ටාචාරය ආරම්භයත් සමඟ ම ලෝකයට පහළ වූ විෂය, දේශපාලන විද්‍යාවයි.
අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් පරිදි ජන සමාජයක ජීවත් වන ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන්
මහ ජනතාවගේ සම්මුතියෙන් රජ කෙනකු පත් කර ගැනීම අවශ්‍ය විය. ඔහු මහා සම්මත රජ ලෙස හැඳින්වීය. ජනතාවගේ ජීවිත සහ දේපළ පිළිබඳ ඉරණම තීන්දු වන්නේ ඔවුන් ජීවත්වන රට තුළ පවතින දේශපාලන ක්‍රමවේදය මතය. ප්‍රජාතන්ත්‍රවාදය තරමක් හෝ ක්‍රියාත්මක වන රටක ජනතාව දේශපාලනයෙන් බැහැර ව ජීවත් වනවා යෑයි කිවහොත් එය මුසාවකි. ජනතාවගේ මානව හිමිකම් පමණක් නොව ඔවුන් ජීවත් වීම සඳහා ආහාර පාන ගැනීම, වස්‌ත්‍රාභරණයෙන් සැරසීම, විනෝදාංශවල යෙදීම යනාදී සෑම අංශයක් කෙරෙහිම දේශපාලනය ඉතා දැඩි සේ බලපා ඇත. රටක රාජ්‍ය නායකයන් ධාර්මිකව සහ අවංක ව ජනතාව ආදරයෙන් රැක බලා ගැනීම රාජ්‍ය පාලකයාගේ මූලික අංගයකි.
එකල පූජකයන් වශයෙන් කොටසක් නොසිටි නමුත් ලෝකෝත්තර සුවය අරමුණු කරගෙන දැහැන් වඩමින් සිටි පුද්ගලයන් ජායකයන් ලෙස හැඳින්වීය. ජනතාව හෙවත් පාලිතයන් ශ්‍රද්ධාවෙන් ඡායකයන්ට දෙනු ලබන දැ පාලකයන් අනුභව කළහොත් හෝ බදු වශයෙන් රජයට දෙනු ලබන දැ ඡායකයන් අනුභව කළහොත් ස්‌වභාව ධර්මයා පවා අනුකම්පා විරහිත ව විරසක වී අව්ව වැස්‌ස සුළඟ යනාදිය නිසි කලට ලබා නොදී මුළු මහත් රාජ්‍යයම ව්‍යසනකාරී තත්ත්වයකට පත් කරනු ලැබේය යන්න ආදි කාලයේ පටන් පිළිගත් සම්මුතියයි.
බෞද්ධ රටක ආගමික දර්ශනය නිසි ලෙස පවත්වාගෙන යැම සඳහා රාජ්‍ය පාලනයද ධාර්මිකව ගෙන යැම අත්‍යවශ්‍ය වේ. චක්‌කවත්ති සීහනාද සූත්‍රය හා කූටදත්ත සූත්‍රය ඊට හොඳම උදාහරණ වේ. එමෙන්ම කොසොල් රජු දුටු සිහින 16 සම්බන්ධව වදාළ මහා සුපින ජාතකයද එය සනාථ කිරීම පිණිස උපහැරණ ලෙස ගත හැකිය. රටක රාජ්‍ය නායකයා අධාර්මික වුවහොත් ඔහුගේ මැති ඇමැතිවරුන් ද අධාර්මික වන බවත්, මැති ඇමැතිවරු අධාර්මික වන විට රටේ ජනතාවද අධාර්මික වන බවත්, රටක ජනතාවද එසේ අධාර්මික වන විට එරට පවතින පැවිදි සමාජයද දුසිල්වත් වන බවත් බුද්ධ දේශනාවලින් පැහැදිලිය. අධාර්මිකත්වයෙන් පිරුණු රටක ගස්‌වැල්වල හට ගන්නා පලදාවේ රස ගුණ පවා හීන වන බව "රාජෝවාද" ජාතකයෙන් පැහැදිලි කර ඇත.
රටක දේශපාලනය සමාජයේ සෑම අස්‌සක් මුල්ලක් නෑරම විහිදී ඇති බවත්, අධාර්මික පාලනයක් පවතින රටක ජනතාවගේ සියලු දුක්‌ඛ දොaමනස්‌සයන්ට රාජ්‍ය පාලනය බලපාන බවත්, ගණ්‌ඩ තීන්දු ජාතකය මඟින් තහවුරු කොට ඇත. එහි සඳහන් කම්පිල්ල නම් රටේ පංචාල නම් රජු අයුක්‌තියෙන් සහ අධර්මයෙන් රට පාලනය කළ නිසා බෙහෝ ජනයා දැඩි පීඩාවට සහ කම්පාවට පත්ව සිටියහ. රජු විසින් ජනතාවට ඉසිලිය නොහැකි බදු බර ජනතාව වෙත පැටවීම සහ රාජ්‍ය බලය භාවිත කර රාජ්‍ය නිලධාරීන් ද රජු අනුගමනය කරමින් සියලු දූෂණයන්හි යෙදීම නිසා රට තුළ දුර්වල මෙන්ම අරාජික තත්ත්වයක් නිර්මාණය වී පැවතිණි. එකල ගැටතිඹිරි ගසක රුක් දෙවියෙක් ලෙස අරක්‌ගෙන ඉපිද සිට මහ බෝසතාණෝ රජතුමාගේ අධාර්මික පාලනය නිසා ජනතාවට විඳීමට සිදුව ඇති ආදීනව පෙන්වීම පිණිස දිනක් රාත්‍රියේ පංචාල රජු ඉදිරියේ පෙනී සිට මෙසේ පවසා අතුරුදන් වූහ. එනම් "මහරජ මේ රටේ ජනතාව ඔබ ගැන කෙබඳු ආකල්පයක් දරන්නේදැයි පරීක්‍ෂා කිරීම පිණිස අප්‍රසිද්ධ වේශයෙන් ගම් දනව් වෙත ගොස් ජනතාවගේ අදහස් විමසා සිටීම ඉතාමත් යෝග්‍ය වන්නේය.
එම උපදේශය දැඩි සේ සිතට ගත් පංචාල රජු සිය පුරෝහිත සමඟ අප්‍රසිද්ධ වේශයෙන් පසල් දනව්වකට යමින් සිටිය දී වළක වැටී අත පය වීසි කරමින් මැහැල්ලක් රජුට ශාප කරමින් විලාප නඟමින් සිටියා ය. එම මැහැල්ල සිය නොසැලකිල්ල නිසා වළක වැටී තුවාල වීම මත අසාධාරණ ලෙස රජුට ශාප කරන්නේ මන්දැයි ප්‍රශ්න කළ විට ඇය පුරෝහිතයාට පිළිතුරු දෙන ලද්දේ පහත සඳහන් පරිදිය.
මට දීග දෙන වයසේ දියණියන් දෙදෙනකු සිටියත් ඔවුන් දීග ගෙනියන්න කිසි පිරිමියෙක් එන්නේ නැහැ. ඔවුන් නිසි කලට දීග දුන්නේ නම් මට සහ දියණියන්ට සුවසේ ජීවිත ගත කිරීමට ඉඩ තිබුණත් දැන් ඒ සියල්ල අහිමි වී දූවරු දෙදෙනා ද නඩත්තු කරන්නේ කැලයට ගොස් දර ටිකක් කපාගෙන විකිණීම මඟිනි. දැන් දියණියන් දෙදෙනාද ගෙදරට නාකි වී ඇත. මේ රටේ පාලකයා අධාර්මික නිසා අපට මෙහෙම දුක්ත ඉරණමක් අත් වී ඇතැයි කියමින් මැහැල්ල කෙඳිරිගාමින් පැහැදිලි කළාය. මැහැල්ලගේ ශාපය ඉතා සාධාරණ හේතුවක් ඇති ව කරනු ලබන්නක් බව පංචාල රජුට වැටහිණි.
මෙරට වර්තමාන තත්ත්වය සලකා බැලූ කල මෙහි යථාර්ථය මැනවින් තේරුම් ගත හැකිය. පාලකයන් දැහැමින් තොරව ජනතාවට අකාරුණිකව කටයුතු කිරීම නිසාම සමාජයට වරින් වර ලේ වැගිරීම් සහිත ව්‍යසනවලට මුහුණ දෙන්නට සිදු ව ඇත. රට ගොඩ නඟන ආර්ථික සැලැස්‌මක් නැති නිසාම පුංචි පවුල රත්තරන් දේශපාලන තේමාව කරපින්නාගත් ආණ්‌ඩු මෙරට අනාගතය භාර ගැනීම පිණිස ඉපදීමට නියමිතව සිටි දූ දරුවන් තිඹිරි ගෙයිදී ම හුස්‌ම හිර කොට මරා දමන ලදී.
ඉහත පරිදි පංචාල රජු එම සිද්ධිය දැකීමෙන් පසු තවදුරටත් ඉදිරියට යන විට දක්‌නට ලැබුණේ කකුලේ කටුවක් ඇනීම නිසා වේදනාවෙන් කෑ ගසන මහලු මිනිසෙකි.
"මගේ කකුලේ ඇනුණුq කටුව නිසා මට දැනෙනවා වගේ සිය ගුණයක වේදනාවක් දුෂ්ට රජාගේ පපුවේ හීයක් ඇනී ඌටත් දැනීයන්" යනුවෙන් කෑ මොර දෙමින් ඔහු රජුට ශාප කළේය. එවිට වෙස්‌වලාගත් පුරෝහිතයා එම මහල්ලාගෙන් "ඇයි නාකියෝ උඹ අහිංසක රජුට බණින්නේ, මේ පාරට කටු ගෙනත් දැම්මේ රඡ්ජුරුවන්ද?" යනුවෙන් විචාරාලූහ.
එවිට මහල්ලා "මේ දුෂ්ට පංචාල රජාගේ අධාර්මික පාලනය නිසා මුළු රටම සොර සතුරන්ගෙන් ගහන වෙලා. දහවල් කාලයේ උගේ රාජ භටයෝ අපේ ඔළුව කනවා. රෑ කාලයේ හොරු අපගේ ඔළුව කනවා. උන්ගෙන් බේරෙන්න තමයි අපි ගෙවල් වටේ කටු අකුල් දමාගෙන ජීවත් වන්නේ. ඉන් කටුවක් තමයි මගේ කකුලේ ඇනුණේ" කියමින් දිගින් දිගටම රජුට ශාප කළේය.
අද වන විට මෙරට ජනතාවටද කිසිදු කටයුත්තක් සාධාරණ ලෙස ඉටු කර ගැනීම අසීරුය. දේශපාලනඥයන්ට අල්ලස් හෝ කොමිස් මුදලක් නොදී කිසිවක් කර ගත නොහැකි තරම් ය. සාමාන්‍යයෙන් කොන්ත්‍රාත් එකක් දෙන විට 10% ක හෝ 20% ක කොමිස් මුදලක් ලබා දීම සාමාන්‍ය දෙයකැයි ඇමැතිවරයෙක් පසුගිය දිනක ප්‍රසිද්ධ රැස්‌වීමක දී ප්‍රකාශ කළේය. එසේම විදුලි බිල පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ දී ද තවත් ඇමැතිවරයෙක් එසේම පැවසුවේය. කොටින්ම කිවහොත් දරුවකු පාසලේ පළමු වැනි වසරට ඇතුළු කිරීමට පවා ලක්‍ෂ දහයක් පහළොවක් වැනි මුදලක් අල්ලස් දීමට සිදුවී ඇති බව නොරහසකි. සුළුÊමුදලක් අල්ලස් ලෙස ගනු ලබන පහළ ශ්‍රේණිවල අයට එරෙහිව අල්ලස් දූෂණ නීතිය ඉතා සුළුවෙන් ක්‍රියාත්මක වන අතර මැති ඇමැති ඉහළ නිලධාරිවරු විසින් කරනු ලබන දූෂණ සම්බන්ධව නීතිය කොහෙත්ම ක්‍රියාත්මක නොවේ.
පංචාල රජු තවදුරටත් ඉදිරියට පසල් දනව්වට යන විට දකින්නට ලැබුණේ නගුල් තලයකට කකුලක් කැපී ලේ ගලමින් සිටිය දී ඒ අසල සිටි පංචාල රජුට ශාප කරමින් කෑ ගසන ගොවියෙකි. ඔහු දැත් හිස මත තබා "පංචාල රජා යුද්ධයකදී වත් කඩු ගෑවිලා නැසීsයන්" යනුවෙන් කෑ ගසමින් සිටියේය. තමන්ගේ නොසැලකිල්ල නිසා ගොනාට තුවාල වූ පලියට රජුට ශාප කරන්නේ මන්දැයි පුරෝහිතයා ඔහුගෙන් විමසූ විට ඔහු පැවසුවේ උදේ පටන් ඔහු එම ගොනා ගෙන් වැඩ ගත් බවත්, දහවල් ඔහුගේ බිරිඳ ආහාරය පිණිස ගෙන ආ ආහාර රාජ භටයෝ උදුරාගෙන කා ඇති බවත්, නැවත කෑම උයාගෙන ඒම පිණිස ඇය ආපසු ගිය බවත්, පංචාල රජුත් එක්‌ක තිබූ කේන්තිය නිසා සාලි නම් මෙම ගොනාට පහර දුන් බවත්ය. ඔහුගේ බිරිඳ එන මඟ බලමින් බඩගින්නේ සී සානා විට ගොනා හෙම්බත් වී වැටී තුවාල වූ බවත් දුෂ්ට පංචාල රජු එයට වගකිව යුතු බවත් ගොවියා පැවසී ය. ගොවියාගේ ප්‍රකාශයේ සාධාරණ බව රජුට අවබෝධ විය.
වර්තමානයේ ගත් කල ද තත්ත්වය එසේ නොවේ යෑයි කිසිවකුට කිව නොහැකිය. ජනතාවට අයිති දැ ද සූරාගෙන කෑම එකල සමාජයේ මංකොල්ල කෑමක් ලෙස සිදු වුවත් අද සමාජයේ එය සිදුවන්නේ අල්ලස් ගැනීම, කොමිස් ගැනීම යනා දී දූෂිත ක්‍රමවේදයන් මඟිනි. වරෙක ජනතාවට අයිති ඉඩම්වලින් ඔවුන් පන්නා දමමින් ඒවා මුදලාලිලාට විකිණීම, ජනතාව දුක් මහන්සියෙන් හරි හම්බ කරගත් ව්‍යාපාර, කර්මාන්ත බලහත්කාරයෙන් පාලකයා පවරා ගෙන ඥති මිත්‍රාදීන්ට බෙදා දීම යනාදිය පමණක් නොව ත්‍රස්‌තවාදීන් විසින් මාවිල්ආරු සොරොව්ව වැසීමෙන් අනාථ වූ ගොවියන්ට ලබා දුන් සහනාධාරය පවා පාලකයන් විසින් සොරකම් කිරීම මෙරට සාමාන්‍ය තත්ත්වය බවට පත්ව ඇත.
පංචාල රජු තවදුරටත් පසල් දනව්වට යමින් සිටිය දී දකින්නට ලැබුණේ කුලප්පු වී කඹය කඩාගෙන කැලෑ වදින කුළු දෙනක් කිරි හට්‌ටියක් බිඳ දමා විසිරී ඇති බවත් ඒ අසල ඇසක් තුවාල කරගෙන සිටි ගොපල්ලකු "කුරිරු පංචාලයාගේ ඔළුව කිරිමුට්‌ටිය බිඳිනවා සේ කුඩු වෙයන්" යනුවෙන් ශාප කරමින් සිටි හැටිය. මෙතරම් දරුණු ලෙස රජුට ශාප කරන්නේ මන්දැයි පුරෝහිතයා ගොපල්ලාගෙන් විමසූ විට ගොපල්ලා පැවසුවේ "මෙම පංචාල රජුගේ මැති ඇමැතියන්ගෙන් පටන්ගෙන ඉහළ සිට පහළ දක්‌වා ම ජනතාව එක සේ දුක් පීඩාවට පත් කරනවා. උන්ට කොපමණ කිරි දොවා දුන්නත් මදි, අපේ වැස්‌සියන්ගේ කිරි ප්‍රමාණවත් නැති නිසා කැලෑවෙන් කුළු ගවයන් අල්ලාගෙන අපට කිරි දොවන්න සිදු වෙලා. උන්ගෙන් කිරි දොවන එක ලේසි නැහැ. ඉල්ලන තරම් කිරි නොදුන්නොත් උන් අපිට හිරිහැර කරනවා. මේ කුළු දෙනගෙන් මගේ ඇස තුවාල වුණේ ද පාලකයාගේ නොසණ්‌ඩාල වන්දි භට්‌ටයන් නිසා තමයි" යනුවෙනි. එසේ පවසමින් ඇස අල්ලාගෙන තව දුරටත් ශාප කළේ ය. සිය වරද නිසා එම විපත සිදු වූ බව රජු තේරුම් ගත්තේය.
තම දුප්පත්කම නිසා පාසලේ සේවා ගාස්‌තු ගෙවා ගත නොහැකි වූ ගැහැනු දරුවකු පොල් ගෙඩි කිහිපයක් සොරකම් කළ බව පවසමින් පොලිසිය සහ අධිකරණය මගින් එම දරුවා සිර භාරයට පත් කරන ලදී. එහෙත් පොලිසියේ ඉහළ ම නිලධාරියාගේ පටන් පහළ දක්‌වා ම උදවිය දේශපාලන චණ්‌ඩින්ට සහ පාතාලයන්ට සැලියුට් ගසනවා අපි ඕනෑ තරම් දැක ඇත්තෙමු. අඹු දරුවන් පෝෂණය කරන්නට ආදායමක් නොමැතිකම නිසාම පොල් ටිකක් හෝ කෙසෙල් කැනක් සොරකම් කළ වරදට සිර දඬුවම් විඳින ජෝන් ලා, මාටින්ලා අප්පුහාමි ලා ඕනෑ තරම් සිර ගෙවල්වල ඇත. එහෙත් කෝටි තිස් දහසකට වඩා සොරකම් කළ සොරුන් කෝප් වාර්තාව මඟින් හෙළිදරව් වුවත් ඔවුන් සියලු දෙනා නිරුපද්‍රිතව හිර ගෙදරට නොගොස් රජ ගෙදරට ගොස් මැති ඇමැතිකම් වරප්‍රසාද ලබා ගැනීම සිදු වූයේද කම්පිල්ල නුවර නොව මෙම ශ්‍රී ලංකාව තුළමය.
රජු සහ පුරෝහිතයා තවදුරටත් ඉදිරියට ගමන් කරද්දී දක්‌නට ලැබුණේ හිඳුණු දිය කඩිත්තක ගෙම්බන් දෙදෙනෙක් "ඕකා මැරීයන්, ඕකා මැරීයන්" යනුවෙන් කෑ ගසමින් සිටින දර්ශනයකි. එවිට පුරෝහිතයා ගෙම්බන්ගෙන් ඇසුවේ උන් ශාප කරන්නේ කාටද යනුවෙනි. උන් රජුට ශාප කරන බව පැවසූ විට එයට හේතු විචාළ කල ගෙම්බන් පැහැදිලි කළේ රටේ මහත් සාගතයක් පැතිරී ඇති බවත්, කපුටන්ට කෑමට යමක් සොයා ගැනීමට නොහැකිව දිය කඩිතිවල සිටින ගෙම්බන් ගිලින බවත්. මේ සියලු අපරාධ සිදු වන්නේ පංචාල රජුගේ අධාර්මිකකම නිසා නිසි කලට වැසි නොලැබෙන නිසා බවත් යනුවෙනි. ගෙම්බන්ගේ චෝදනාවේ සාධාරණත්වය හොඳ හැටි තේරුම් ගත් රජු සහ පුරෝහිතයන් සාධාරණ ලෙස රට පාලනය කර රට නැංවීමට අධිෂ්ඨාන කර ගත්හ.
මහා සුපින ජාතකයේ සඳහන් වන්නේ කොසොල් රජු දුටු සිහින දහසය පිළිබඳව බුදුන්a වහන්සේ අර්ථ විවරණ ලබා දුන් සැටිය. ඒ අතරින්a හතරවැනි සිහිනය ලෙස ඔහු දැක තිබුණේ ආරෝහ පරිණාහ සම්පන්න මහා ගොන් යුග පරම්පරා අඟ යොදා තරුණ වූ ගොන් නාම්බන් රථ සකටාදී වූ භාරයන් සඳහා මුල්ගල හිස යොදන්නවුන් ය. එකී නාඹු (තරුණ) ගොනු මුල යොදන ලද කරත්ත ඇදගත නොහැකි ව ඔවුන් කරේ ඇති විය ගස සමඟ බිම ඇද වැටී සිට ඇත. ගැල් ඇදගත නොහූ තැන වෙළහෙළ¹ම් ආදිය අඩපණ වී රටේ සමෘද්ධිය නැති ව ගියේය. ඒ පිළිබඳව බුදුන් වහන්සේ දේශනා කළේ "මහ රජුනි, මීට විපාක අනාගත කාලයෙහි අධර්මිෂ්ඨ වූ රජ දරුවන් සමයේ ඇති වන්නේය. අනාගතයෙහි අධර්මිෂ්ඨ රඡ්ජුරුවෝ උගත් නුවණැති කාර්ය කර්තව්‍යයෙහි සමර්ථ සුදුස්‌සන්ට මහා අමාත්‍යාදී තනතුරු නො දී තරුණ වූ අඳ බාල පිරිස්‌වලට අමාත්‍ය තනතුරු ආදිය පිරිවර ලබා දෙති. අධිකරණ විනිශ්චයෙහිලා ද එවැනි වූ අඳ බාලයන් පත් කරනු ලබන්නේ ය. එකල් හි ගැල් ඇද ගන්නට අසමර්ථ ගොන් නාම්බන් කරේ බැඳි විය ගසුත් සමඟ බිම වැටී සිටින්නා සේ රටේ ආර්ථිකය ඇතුළු සියලු අංශවලින් රට පිරිහී විනාශ වන්නේය.
කොසොල් රජු දුටු අට වැනි සිහිනය වූයේ රජ මාළිගාවේ දොරකඩ බොහෝ හිස් වූ කළ තිබිය දී එක මහා කළයක පමණක් පැන් පිරී තිබූ සැටිය. සියලු ජනයා එසේ පිරී තිබූ කළයට ම පැන් ගෙනවුත් වත් කළ අතර එහි පැන් උතුරා යද්දීත් තව තවත් පැන් වත් කළේ ය. එහි අර්ථය පහදමින් බුදුන් වහන්සේ දේශනා කළේ "මහ රජ අනාගතයෙහි පහළවන අධාර්මික රජවරුන් කල ලොව පිරිහෙන්නේය. රට දුප්පත් වන්නේය. ජනතාව දුක්ත තත්ත්වයට පත් වන්නේ ය. ජනතාවගේ අටු කොටු සියල්ල හිස්‌ව තිබිය දීත් ජනතාව ලවා දුක් මහන්සි වී හරි හම්බ කරන සියලු අස්‌වැන්න රජුගේ භාණ්‌ඩාගාරය වෙත ම ගෙන ගොස් ගොඩ ගසා ගන්නේය. ජනතාවට ආහාර පාන පවා නොමැතිව කෘශ තත්ත්වයට පත් වන්නේය. එහෙත් අධර්මිෂ්ඨ රජුට එය ප්‍රශ්නයක් නොවන්නේය යනුවෙනි.
මහ රජු දුටු නව වැනි ස්‌වප්නය වූයේ පස් පියුමින් ගැවසී ගත්තා වූ වටින්මකොට ඇත්තා වූ එක් පොකුණක පාද දෙකකින් යුත් සත්ත්වයන් බැස පැන් බොන දර්ශනයකි. එම පොකුණේ ගැඹුරු තැන්වල ජලය බොරව තිබුණේය. එහෙත් එහි ඉවුරු අසබඩ පැන් බොර නොවී ප්‍රසන්නව තිබුණි. බුදුන් වහන්සේ එය විස්‌තර කළේ "මහ රජ, අනාගතයේ රජ දරුවෝ අධාර්මික වන්නාහුය. ඡන්දයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් භයෙන් අගතියට යමින් වස්‌තු කාම ලොල් ව අල්ලස් ගනිමින් අධර්මයෙහි ම ඇලී සිටින්නාහ. රට වැසියන් කෙරෙහි ශාන්තිය, මෛත්‍රිය, කරුණාව ඇත්තේ ම නැත. ඔහු චණ්‌ඩ ය. පරුෂය. ජනතාව පීඩාවට පත් කරමින් අය පඬුරු ලබා ගනිමින් පීඩිතයන්ට කිසිවක් නො දී ඔහුගේ සුඛ විහරණය ම බලන්නේය. යනුවෙනි.
කොසොල් රජු දුටු එකොළොස් වැනි ස්‌වප්නය වූයේ ලක්‌ෂයක් වටිනා සඳුන් හරයක් මී කුණකට විකුණන ආකාරයයි. එහි අර්ථය ලෙස බුදුන් වහන්සේ දේශනා කළේ. "අනාගතයෙහි අධර්මිෂ්ඨ රජකුගේ කාලයේ දී උන්වහන්සේ දේශනා කළ නිර්වාණය පිණිස වූ සද්ධර්මය දෙසීමට අසමත් යම් භික්‌ෂූන් වහන්සේලා චතුර්විධ රක්‌තයන්ට ලොල් ව මාලිගාවල, වාහල්කඩවල, සතරමං සන්ධි වල, වීදි මධ්‍යයෙහි දේශනා කිරීම නිසා උන් වහන්සේගේ ශාසනය පිරිහෙන බවය.
දොළොස් වැනි සිහිනය ලෙස රජු දැක තිබුණේ හිස් වූ වියළි ලබු දියෙහි ගිලෙන ආකාරයයි. බුදුන් වහන්සේ එය පැහැදිලි කරමින් දේශනා කළේ අනාගතයේ අධර්මිෂ්ඨ රජවරු යටතේ උගත් බුද්ධිමත් කාර්යශූර පුද්ගලයන් අධිකරණ විනිශ්චයයන්ට පත් නොකොට දුශ්ශීල පාපී පුද්ගලයන් විනිශ්චය මණ්‌ඩලවලට පත් කරමින් සතර අගතිය වපුරමින් රට අරාජික වන ආකාරයට පාලනය කරන බවයි.
බුදුන් වහන්සේ දේශනා කළ "ගවංෙච් තරමානානං - උජුං ගඡ්ජත්ති පුංගවො" යනුවෙන් අදහස් කරන්නේ "ගව රැළක නායක හරකා කුමන දෙසට ගමන් කරයි ද රැලේ අනෙක් හරක් ද ඒ දෙසට ගමන් කරනු ලැබේ යන්නයි රාජ්‍ය පාලනය තුළ ද සිදුවන්නේ එය මය.
ගණ්‌ඩ තීන්දු ජාතකය කම්පිල්ල රටේ පංචාල රඡ්ජුරුවන්ගේ සමයට ලඝූ කොට තේරුම් නොගත යුතු අතර බෞද්ධ දර්ශනයේ පැහැදිලි ලෙස සඳහන් දස රාජ ධර්ම හා සප්ත අපරිහානි ධර්ම තුළින් වර්තමානය සම්බන්ධව විමසා බැලීම අවශ්‍ය ය. රටක පාලකයන් අදමිටු වන විට නීතියේ ආධිපත්‍යය බිඳ වැටේ. එවැනි රටක ව්‍යාපාරයක්. කර්මාන්තයක් ආරම්භ කිරීමට විදේශීය ආයෝජකයන් පමණක් නොව දේශීය පුරවැසියා පවා අකැමැති වේ. එනයින්ම ආර්ථිකය අඩාල වේ. පාලකයන්ගේ දූෂණ හේතුවෙන් ගොවි ජනයාට සපයනු ලබන පොහොර කෘමි නාශක යනාදිය පවා බාල වර්ගයේ ඒවාය. ඒ නිසා මිනිස් ජීවිත විනාශ කරන ආසනික් වැනි විෂ ජනතාවට කැවීම නිසා රටේ ම ජනතාව රෝගීන් බවට පත් වේ. එපමණක් නොව දරුවන්ට දීම සඳහා ආනයනය කරන කිරි පිටි, සීනි යනාදියේ පවා වස විෂ අඩංගුය. රාජ්‍ය තන්ත්‍රය ඒවා සඟවමින් ජනතාවට වස කෑමට තිබෙන අවස්‌ථා වැඩි දියුණු කරයි.
පංචාල රජුට උපදෙස් දීමට බෝසතාණන් වහන්සේ රුක් දෙවියෙක් ලෙස ඉදිරිපත් විය.
වර්තමාන ( 2013 )පාලකයන්ට උපදෙසක් හෝ දීමට කිසිදු දෙවියකු ඇත්දෝ හෝ යි
ජනතාව සුසුම් හෙළමින් සිටින්නේ ඔවුන්ට කර ගත හැකි වෙනත් යමක් නැති නිසාය.
නව අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ
2013/06/22 දිවයිනට ලියූ ලිපියක්..

============================================
ඔබ සිහින මවන නීතිය සහ ජනතා පරමාධිපත්‍යය
නැවත පිහිටුවන්නට
ශක්තියත් ධෛර්යයත් ලැබේවා.
ඔබ සිහින මවන නීතිය සහ ජනතා පරමාධිපත්‍යය
නැවත පිහිටුවන්නට
ශක්තියත් ධෛර්යයත් ලැබේවා.
නව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා
සිය ධුරයේ වැඩ ආරම්භ කළේ, සුවිශේෂී තීරණයක් ගනිමිනි.
ඒ, සුළු වැරදි සහ දඩ මුදල් ගෙවා ගත නොහැකිව
බන්ධනාගාරගතව සිටින සිරකරුවන් පිරිසක්
නිදහස් කිරීමට ගත් තීරණය යි.
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ,
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනපති පදවිප්‍රාප්තිය සහ
ශුද්ධෝත්තම පියතුමන්ගේ ශ්‍රී ලංකා සංචාරය පදනම් කරගෙන
මෙම පියවර ගත් බව ය.
ඒ අනුව, සුළු වැරදි සඳහා දඬුවම් ලබමින් සිටි පිරිසකට සහ
වයස අවුරුදු 75ට වැඩි සිරකරුවන් පිරිසකට නිදහස හිමි වනු ඇත.
ඊට අමතරව,
දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාරගත වූවන් පිරිසක් ද
අද දිනයේ නිදහස් කිරීමට නියමිත ය.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ,
මේ යටතේ වැලිකඩ බන්ධනාගාරයෙන් සිරකරුවන් 65 දෙනෙකු
නිදහස ලබන බව ය.
සෙසු බන්ධනාගාරවලින් ද සිරකරුවන් පිරිසක්
නිදහස් කිරීමට නියමිත ය.
- Newsfirst.lk