දසතින් ගැලූ
රුදුරු ගං වතුරට ගොදුරු වී
සේසතම නැති වූ ඔබට
ඔබේ මුලු සසරටම
මෙන්න සුලු සහනාධාරයක් .
ගං වතුරට හසු නොවී
ඔබට ඉතිරි වූ දේ සමග
ඔබ ජීවිතය ගොඩ නැගිය යුතුයි.
රුදුරු ගං වතුරට ගොදුරු වී
සේසතම නැති වූ ඔබට
ඔබේ මුලු සසරටම
මෙන්න සුලු සහනාධාරයක් .
ගං වතුරට හසු නොවී
ඔබට ඉතිරි වූ දේ සමග
ඔබ ජීවිතය ගොඩ නැගිය යුතුයි.
තවත් ගංවතුරක් පැමිණ
සියල්ලම සෝදාගෙන ගිය පසුත්
ඔබ මේ සිටිනවාට වඩා සැනසිල්ලෙන් ඉන්න නම්
ඔබ කුමක් කළ යුතුද.?
භෞතිකව කළ යුතු දේ
ඔබ දැනටමත් සැලසුම් කොට හමාර ඇති.
ඔබ සිතින් විඳි කයින් විඳි දුක් දොම්නස්
සෝ තැවුල් රැස එදාට යළි නොවිඳින්නට
ඔබ ශක්තිමත් වුණාද.
ඒ ශක්තිය ඔබ දුක් විඳින
හැම මොහොතකම ඔබ ළඟ තියනවා.
ජීවිතය ගංවතුරට යටවෙලා
සිතයි කයයි මුලු ලෝකයයි දැවෙද්දි
ඔබ ඒ ගින්නෙන් පිළිස්සිය යුතු නෑ.
ඔබ ඒ ගින්න ඔබ විදියට
විඳිය යුතු නෑ.
සිතයි කයයි මුලු ලෝකයයි දැවෙද්දි
ඒ සියල්ලම ගැන සිහියෙන්
ඒ සියල්ලටම උපේක්ෂාවෙන්
අවශ්‍ය දේවල් කරගෙන
සැනසිල්ලෙ ඉන්න පුලුවන්.
සිත කියන්නෙත් අනික් ඉඳුරන් වගේම
තවත් එක ආයතනයක්.
ඇස දකින රූපය,නහයට දැනෙන සුවඳ
කණට ඇහෙන ශබ්දය, දිවට දැනෙන රස,
කයට දැනෙන ස්පර්ශ ගැන සිහියෙන්
ඒ සියල්ලටම උපේක්ෂාවෙන් ඉන්න
පුහුණු වුණ කෙනෙකුට
සිත ඇති කරගන්න හැඟීම්,
සිතිවිලි ගැන සිහියෙන්
ඒ සියල්ලටම උපේක්ෂාවෙන් ඉන්න පුලුවන්.
මගේ සිත කියන්නෙ මම නොවෙයි..
ඔබේ සිත කියන්නෙ ඔබ නොවෙයි.
සිත කියන්නෙත් අනික් ඉඳුරන් වගේම
තවත් එක ආයතනයක්.
ඔබට විපස්සනා තිබුණා නම්
ඔබ මේ ආපදාවට පත්වුණ මොහොතෙ
ඔබ ලෝකයත් ඔබත් දකින්නෙ වෙනස් විදියකට.
ඔබ විඳින දුක්, ඔබට එන ප්‍රශ්න
විපස්සනා වැඩීමෙන් නැති වෙන්නෙ නෑ.
ඒත් ඔබ ඔබට ඇති කරගන්න ප්‍රශ්න සහ
අනික් අයට ඇති කරන ප්‍රශ්න
විපස්සනා කළොත් අඩු වෙනවා.
විපස්සනා කරන කෙනෙකුගෙ දුක අඩුවෙන්නෙ
ඔහු ප්‍රශ්න අමතක කරලා නෙමෙයි.
අඬලා හැපිලා දුක කියලා නොවෙයි.
අනිත් හැම කෙනෙකුටම වඩා
ප්‍රශ්න වලට සංවේදීව
ඒ ප්‍රශ්න ගැන හිතමින් විඳවන්නෙ නැති නිසයි.
ඔබ දුක් විඳින්නෙ ගංවතුරෙන් නොවෙයි.
ඔබට නැතිවුණ දේ නිසා නොවෙයි.නැතිවුණ දේ ගැන ඔබ තුළ ඇතිවෙන ප්‍රපඤ්ච නිසයි.ඔබ තුළ ඇතිවෙන හැඟීම් සහ සිතිවිලි නිසයි.
සියල්ලම සෝදාගෙන ගිය පසුත්
ඔබ මේ සිටිනවාට වඩා සැනසිල්ලෙන් ඉන්න නම්
ඔබ කුමක් කළ යුතුද.?
භෞතිකව කළ යුතු දේ
ඔබ දැනටමත් සැලසුම් කොට හමාර ඇති.
ඔබ සිතින් විඳි කයින් විඳි දුක් දොම්නස්
සෝ තැවුල් රැස එදාට යළි නොවිඳින්නට
ඔබ ශක්තිමත් වුණාද.
ඒ ශක්තිය ඔබ දුක් විඳින
හැම මොහොතකම ඔබ ළඟ තියනවා.
ජීවිතය ගංවතුරට යටවෙලා
සිතයි කයයි මුලු ලෝකයයි දැවෙද්දි
ඔබ ඒ ගින්නෙන් පිළිස්සිය යුතු නෑ.
ඔබ ඒ ගින්න ඔබ විදියට
විඳිය යුතු නෑ.
සිතයි කයයි මුලු ලෝකයයි දැවෙද්දි
ඒ සියල්ලම ගැන සිහියෙන්
ඒ සියල්ලටම උපේක්ෂාවෙන්
අවශ්‍ය දේවල් කරගෙන
සැනසිල්ලෙ ඉන්න පුලුවන්.
සිත කියන්නෙත් අනික් ඉඳුරන් වගේම
තවත් එක ආයතනයක්.
ඇස දකින රූපය,නහයට දැනෙන සුවඳ
කණට ඇහෙන ශබ්දය, දිවට දැනෙන රස,
කයට දැනෙන ස්පර්ශ ගැන සිහියෙන්
ඒ සියල්ලටම උපේක්ෂාවෙන් ඉන්න
පුහුණු වුණ කෙනෙකුට
සිත ඇති කරගන්න හැඟීම්,
සිතිවිලි ගැන සිහියෙන්
ඒ සියල්ලටම උපේක්ෂාවෙන් ඉන්න පුලුවන්.
මගේ සිත කියන්නෙ මම නොවෙයි..
ඔබේ සිත කියන්නෙ ඔබ නොවෙයි.
සිත කියන්නෙත් අනික් ඉඳුරන් වගේම
තවත් එක ආයතනයක්.
ඔබට විපස්සනා තිබුණා නම්
ඔබ මේ ආපදාවට පත්වුණ මොහොතෙ
ඔබ ලෝකයත් ඔබත් දකින්නෙ වෙනස් විදියකට.
ඔබ විඳින දුක්, ඔබට එන ප්‍රශ්න
විපස්සනා වැඩීමෙන් නැති වෙන්නෙ නෑ.
ඒත් ඔබ ඔබට ඇති කරගන්න ප්‍රශ්න සහ
අනික් අයට ඇති කරන ප්‍රශ්න
විපස්සනා කළොත් අඩු වෙනවා.
විපස්සනා කරන කෙනෙකුගෙ දුක අඩුවෙන්නෙ
ඔහු ප්‍රශ්න අමතක කරලා නෙමෙයි.
අඬලා හැපිලා දුක කියලා නොවෙයි.
අනිත් හැම කෙනෙකුටම වඩා
ප්‍රශ්න වලට සංවේදීව
ඒ ප්‍රශ්න ගැන හිතමින් විඳවන්නෙ නැති නිසයි.
ඔබ දුක් විඳින්නෙ ගංවතුරෙන් නොවෙයි.
ඔබට නැතිවුණ දේ නිසා නොවෙයි.නැතිවුණ දේ ගැන ඔබ තුළ ඇතිවෙන ප්‍රපඤ්ච නිසයි.ඔබ තුළ ඇතිවෙන හැඟීම් සහ සිතිවිලි නිසයි.
ඔබ සිතින් විඳවන
දුක් වේදනා සෝ තැවුල් සියල්ලම ඔබට දැනෙන්නෙ
කයෙහි ඇති වෙන වේදනා වලට
ඔබ සංවේදී නිසයි.
සිතින් විඳවන දුක් වේදනා සෝ තැවුල් සියල්ලම නොදැනෙන
නරුමයන් සැනසිල්ලෙන් ඉන්නෙ ඔවුන් ඇවිදින මළ කඳන් නිසයි.
මේ සියල්ල නොදැනෙන නරුමයෙකුට
ඇවිදින මළ කඳකට
විපස්සනා වැඩීමෙන් ප්‍රයෝජනයක් වෙන්නෙ
ඔහු තුළ සිහිය වැඩෙන නිසයි..
ඔබ සිතින් විඳවන
දුක් වේදනා සෝ තැවුල් සමග ඔබට දැනෙනකයෙහි ඇති වෙන වේදනා වලට ඔබ සංවේදී නම්
ඔබට ඒ වේදනා වලට උපේක්ෂාව පුහුණු විය හැකියි.
එවිට සිතත් පසිඳුරන් වැනි බාහිර ආයතනයක්.
දුක් දොම්නස් සෝ තැවුල් විඳින ඔබ නොවෙයි.
ඔබේ සිත දුක් දොම්නස් සෝ තැවුල් විඳිද්දි
කයෙහි දැනෙන වේදනා ගැන සිහියෙන්
උපේක්ෂාවෙන් ඉන්න පුලුවන් වූ දාට
ඔබ නියම මිනිහෙක්.
ඔබට දුක් වේදනා දැනෙනවා නම් සැනසෙන්න.
ඔබ සජීවී සංවේදී මිනිසෙක්.
නිර්වින්දිත නරුමයෙක් නොවෙයි.
ඔබ සිතින් විඳවන
දුක් වේදනා සෝ තැවුල් සියල්ලම ගැන සිහියෙන්
ඒ සියල්ලටම උපේක්ෂාවෙන්
කළ යුතු දේ කරගෙන ජීවත් වන්න..
ඔබ ප්‍රඥාවන්තයෙක්.
සත්වයාගේ විශුද්ධියට,
සෝක පරිදේව සමතයට හා ඉක්මවීමට.
දුක් දොම්නස් අස්තංගත වීමට
ප්‍රඥාව ඉහළ යාමට,
නිවන සාක්ශාත් කිරීමට
“එකම මාර්ගය” සතර සතිපට්ඨානයයි.