20150926

මේ මොහොතේ දුක් විඳිනවාද? දුකෙන් මිදෙනවාද?



ඔබේ අත ගින්නට පිළිස්සීම කියන්නෙ
සොබා දහමෙ නීතියක් ක්‍රියාත්මක වීමක්.
ඒ මොහොතෙ
ඔබ තුළ ද්වේශය පහළ වෙන්නත් පුළුවන්..
ප්‍රඥාව පහළ වෙන්නත් පුලුවන්.
සාමාන්‍ය කෙනෙකුගෙ හිතේ ද්වේශය පහළ වෙනවා.
ඔහු ඒ ද්වේශයෙන් දුක් විඳිනවා.

බුදු දහම අනුව විදසුන් වඩන කෙනෙක්
අතේ පිළිස්සීමත්, හිතේ ද්වේශයත් පිළිබඳ සිහියෙන්
ඒ දෙකටම උපේක්ෂාවෙන් වෙසෙනවා.
ඔහුට පිළිස්සීම පිළිබඳවත් ද්වේශය පිළිබඳවත්
ඒ දෙකෙන් ඇතිවෙන දුකෙන් මිදෙන ආකාරය ගැනත්
ප්‍රඥාව පහළ වෙනවා.

අත්දැකීමකදි
රාගය හෝ ද්වේශය ඇතිවීමත්
නැත්නම් ඒ ගැන මෝහයෙන්, නොදැනුවත්ව පසුවීමත්
සොබා දහමේ නීති අනුව සිදු වෙනවා.
ඒ තුන් ආකාරයට
සිතේත් කයේත් සිදුවෙන වෙනස්කම් ගැන
සිහියෙන් සහ උපේක්ෂාවෙන් විසීමෙන්
ප්‍රඥාව පහළ වීමත්
සොබා දහමේ නීතියක්.

බුදු දහමෙහි හරය වන්නේ
සොබා දහමේ ඒ නීති මාලාවයි.

අත්දැකීමක් වශයෙන්
ඔබ පිළිස්සෙන මොහොතෙ
ඒ ගැන ඇතිවෙන ද්වේශය නිසා
ඔබ අත්දැකීම දකින්නෙ නෑ.
ප්‍රඥාව පහළ වෙනතුරු
ඔබ නැවත නැවත අත පුළුස්සාගන්නවා.

බුදු දහමට අනුව පුහුණු වෙලා
ඒ මොහොතෙ ඔබ සිහියෙන් සිටියොත්
ඒ පිළිස්සීමට උපේක්ෂාවෙන් හිටියොත්
ඔබට ඒ අත්දැකීම
සම්පූර්ණයෙන්ම විඳින්න පුලුවන්.
අත ගින්නට පිළිස්සීම පිළිබඳව
ඔබට ප්‍රඥාව පහළ වෙනවා.

ඔබට පුලුවන් මේ අත්දැකීමෙන් ලද ප්‍රඥාව
වචනයට නගලා ප්‍රකාශ කරන්න.
ඔහු මෙතෙක් නොපිළිස්සුණ කෙනෙක් නම්
ඔහු ඔබව සැක කරනවා.
යම් කෙනෙකුගෙ අත
ගින්නට පිළිස්සිලා තිබුණොත්
ඔහු තුළ යම් බුද්ධියක් පහළ වෙනවා.
පිළිස්සෙන අවස්ථාවෙ
ඔහු තුළ ද්වේශයක් පහළ වෙන නිසා
ඔහු අත්දැකීම නිසි ලෙස දකින්නේ නෑ.
ඒ නිසා ඔබේ ප්‍රඥාව මෙන්
ඔහුගෙ බුද්ධිය සම්පූර්ණ නෑ.
ඔහුට ඔබ ගැන ශ්‍රද්ධාවක් ඇතිවෙනවා.

ඔහු නැවත පිළිස්සෙන්නට පෙර
ඔබේ යෝජනාව අනුව
බුදු දහමට අනුව පුහුණු වෙලා
ඒ මොහොතෙ සිහියෙන් සිටියොත්
ඒ පිළිස්සීමට උපේක්ෂාවෙන් හිටියොත්
ඔහුටත් ඒ අත්දැකීම
සම්පූර්ණයෙන්ම විඳින්න පුලුවන්.
අත ගින්නට පිළිස්සීම පිළිබඳව ප්‍රඥාව
ඔහුටත් පහළ වෙනවා.

මිනිසා විඳින සියලු දුක්වලටම
මේ රටාව අදාළයි.
බුදුන් වහන්සේ විසින්
ප්‍රඥාවට එකම මාර්ගය වන
විපස්සනාව සොයා ගත්තෙ
දුක් විඳින විට සිහියෙන් සහ
උපේක්ෂාවෙන් විසීමෙන්.
අපිට දේශනා කළේත් ඒ මාර්ගයයි.
ඒ මාර්ගයේ යන අයගෙ දුක
දිනෙන් දින අඩු වෙනවා.

20150925

සේයා සදෙව්මි, මාධ්‍ය කරුවෝ සහ දෙමව්පියෝ.



අප ජීවත්වෙන රටේ වෙසෙන වැසියන්
අතර කවර ආකාරයේ ම්ලේච්ඡයන් සිටිනවාද,
ඔවුන්ට අපරාධයක් කිරීම කොතරම් පහසුද යන්න
මේ දෙමව්පියන් නොදන්නාකමත්
ඒ අනුව නිවසේ අනාරක්ෂිතව ජීවත් වීමත්
මේ අනතුරට ප්‍රධාන හේතුව බව
අපරාධකරුගේ ප්‍රකාශයෙන්
පැහැදිලි වෙනවා.

“මම දරුවාගේ ගෙට ඇතුළු වුණෙත් ඉස්සරහින්. පස්සේ දරුවව අරගෙන එළියට ගියෙත් ඉස්සරහ දොරෙන්. මගදී දරුවා නැගිටලා අඬන්න ගත්ත නිසා දරුවාගේ උඩ ඇඳුම ගලවලා බෙල්ලට තියලා තද කළා. ඊට පස්සේ දරුවා කිසිම ශබ්දයක් කළේ නැහැ” යැයි කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු දුනේෂ් ප්‍රියශාන්ත රහස් ‍පොලිසිය හමුවේ පා‍පෝච්චාරණය කරමින් පවසා ඇත.
කවුලුවත් හැරදමා, දොරත් හැර තිබියදීත්
සේයා නිවසේ සිටිනවාදැයි සොයන්නට ඔවුන් නොපෙළඹුණේ
අද සමාජය පවතින තැන ගැන
ඔවුන්ට ඇති නොසැලකිල්ල නිසා නොවේද?

සේයාගේ දෙමව්පියන්
මෝහයෙන් පසුවෙන දෙදෙනෙක් බව
ඔවුන්ගේ අසාමාන්‍ය හැසිරීමෙන් වැටහුණා.

මේ හැසිරීම සැසඳිය යුත්තේ
තමන්ගේ නැගණිය දූෂණය කොට මැරූ
සිවු දෙනෙකුට පුද්ගලිකව මරණ දඬුවම දුන්
සුමතිපාලගේ පුවත සමගයි.

ඔවුන් සේයාගේ මරණයෙන් පසුවත්
බොහෝ අවස්ථාවල හැසිරුණේ
හැඟීමෙන් තොරවයි.
මළගෙදරට පැමිණි පිටස්තර අය හඬද්දී
ඔවුන් කතා කළේ හැඟීමකින් තොරවයි.
බොහෝ දෙනෙක් ඔවුන්ගේ නරුම හැසිරීමෙන්
කම්පාවට පත් වුණා.
මේ ස්වභාවය ඔවුන්ගේ සාමාන්‍ය ස්වභාවය බව
අපරාධකරුගේ ප්‍රකාශයෙන් සහ
රාත්‍රියේ සේයා ගැන සැලකිලිමත් නොවීමෙන්
වැටහෙනවා.

දැරිය අම්මේ අම්මේ යැයි කියමින් දැඟලීමට පටන් ගත් නිසා දරුවාගේ කටතද කර වඩාගෙන නිවසේ ඉදිරිපස දොරටුවෙන්ම කැලයට රැගෙන ගොස් අතවර කර මරා දැමූ බව සැකකරු පවසා තිබෙනවා.
නිවසෙන් පිටතට රැගෙන යන මගදී දරුවා යළිත් ඇහැරී කෑ ගැසීම නිසා දැරිය ඇඳ සිටි බැනියම ගලවා බෙල්ලට දමා තද කළ බවත්, එවිට දැරිය කෑ නොගැසූ බවත්, ඔහු පවසා තිබෙනවා. දරුවා ඒ වෙලාවේ මැරෙන්නට ඇතැයි සැක කළ බවත්, අතවර කිරීමෙන් පසුවද යළිත් එම පටිය තද කර කැලයට දමා සහෝදරියගේ නිවසට නොගොස් ගම්පහ ගෙදරට ගිය බවත්, ඔහු පවසා තිබෙනවා.
එසේම පසුවදා උදේ සේයාගේ අතුරුදන්වීම සොයන්නට ගත් අවස්ථාවේදී අයියා “උඹ මොකද බයවෙලා” කියා මගෙන් අහන්න ගත් බවත්, එවිට දරුවා දූෂණය කර විසිකර ඇලට දමා ආවේ මම බවත්, කාටවත් හරි කිවුවොත් උඹ මරනවා කියා අයියාට තර්ජනය කර එම ගමෙන් පිටවී කැලෑවැදී තැන් තැන්වල ජිවත් වූ බවත් සැකකරු පවසා තිබෙනවා.

මේ අපරාධය මුල සිටම
සවිස්තරව වාර්තා කළ මාධ්‍ය වලට
අප ස්තූතිවන්ත විය යුතුයි.

උපන්දා සිට මැරෙන තුරු
තමන් ජීවත්වෙන රටේ
සිදුවෙන්නෙ මොනවාද කියා
සමස්ත ජනතාවම දැනගත යුතුයි.
ඔවුන්ට වැරැද්දට ලක්වෙන්නාටත්
වරදට පෙළඹෙන්නාත්, වරද කරන්නත් ගැන
නියම ආකාරයෙන් දැනගන්න ලැබෙන්නෙ
ඒ මගිනුයි.

මෙවන් සිදුවීමක් මින්පෙර සිදුවී තිබුණා නම්
මේ දෙමව්පියන් දැනුවත්වී තිබුණා නම්
සේයා සදෙව්මිගේ දිවි ගැලවෙන්න තිබුණා.

තවත් සේයා සදෙව්මිලා රැසකගේ දෙමාපියන්
මේ සිදුවීමෙන් ලද කම්පනයෙන් තැති ගෙන
ඔවුන් පසුවෙන නින්දෙන් අවදිවෙන්න ඇති. 
 ==============================================
තොරතුරු අන්තර්ජාලයෙන්.

20150923

පුංචි ‘සේයා’ - සෑම දෙනෙතකම කඳුළක සේයාවක්



2015-09-23 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.138.20 , විකුණුම් මිල රු.142.93 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.211.50 , විකුණුම් මිල රු.219.77 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.152.94 , විකුණුම් මිල රු.159.64 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.139.60 , විකුණුම් මිල රු.145.85 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.103.39 , විකුණුම් මිල රු.108.10 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.96.27 , විකුණුම් මිල රු.101.23 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.96.91 , විකුණුම් මිල රු.101.02 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.14 , විකුණුම් මිල රු.1.19 |
සෑම දෙනෙතකම කඳුළක සේයාවක් ඉතිරිකර නික්මගිය පුංචි ‘සේයා’
2015 සැප්තැම්බර් මස 21 16:00:14 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
   5
 
වඳුරන්ගේ සහ රිලවුන්ගේ ජීවන රටාව තුළ උන්ගේ පැටවුන්ට ඇත්තේ අසීමිත ආරක්ෂාවකි. අනාරක්ෂිත යැයි හැෙඟන සෑම තැනකදීම උන් සිටින්නේ තම පැටවා බඩෙහි එල්ලාගෙනය. ආරක්ෂිත යැයි සිතෙන විටකදී පැටවා මදකට බිමින් තැබූව ද යම් විපතක් සිදු වූ අවස්ථාවකදී වඳුරා සහ රිලවා කරන්නේ තම තමන්ගේ පැටවුන් තෝර තෝරා නොසිට අතට අසුවන පැටවකු බඩෙහි එල්ලාගෙන වහාම එම ස්ථානයෙන් ඉවත්වීමයි. ආරක්ෂිත ස්ථානයකට ගොස් උන් තම තමන්ගේ පැටවුන් හුවමාරු කර ගනිති. එමනිසා වඳුරු හා රිලා සමාජය තුළ පැටවුන්ට සිදුවන අනතුරු අවමය.
 
17_SLMA_P6_Back
එහෙත් දියුණුම යැයි පැවසෙන මිනිස් සමාජය තුළ තම දරුවාට ඇත්තේ කෙබඳු ආරක්ෂාවක්ද, තමාගේ නොවන අල්ලපු නිවසේ දරුවා දූෂණය කරන්නට පමණක් නොව මරා දමන්නට තරම් මිනිසා ම්ලේච්ඡු වී තිබේ.

මෑත කාලයේ අසන්නට ලැබුණු අතිශෝක ජනක සිදුවීම් දෙකක් පසුගිය සතියේදී වාර්තා විය. ඒ උඩුගම්පොල හා කොටදෙණියාව ප‍්‍රදේශ වලිනි. උඩුගම්පල දී ඝාතනය වූයේ අවුරුදු තුනහමාරක දැරියකි. සාහසිකයා එම දැරිය ළිඳට දමා තිබුණේ පණ පිටිනි. අනෙක් සිදුවීම වාර්තා වූයේ කොටදෙණියාව අකරන්ගහ ප‍්‍රදේශයෙනි. පෙර පාසල් දැරියක වූ සේයා සදෙව්මි ඝාතනයට ලක්වන්නේ සාහසික ලෙස දූෂණයට ලක්කිරීමෙන් පසුවය. වැඩිහිටි ස්ත‍්‍රි‍්‍රයකට හෝ ඉසිලිය නොහැකි බරපතළ ලිංගික අපයෝජනයකට මෙම පස් අවුරුදු දැරිය ලක්වී තිබිණි.
 

 
සේයා සදෙව්මි බක්මීවැව දැරිය උපත ලබන්නේ 2010 සැප්තැම්බර් 16 වැනිදාය. ඇයට වැඩිමහල් සහෝදරයකු සහ බාල සහෝදරියක් ද සිටියි. ඇගේ පියා වෘත්තියෙන් ඉංග‍්‍රීසි ගුරුවරයෙකි. මීගමුව ප‍්‍රදේශයේ ජාතික පාසලක ඔහු සේවය කළේය. මව ආසන්න ප‍්‍රදේශයක රෙදි විවීම් ආයතනයක සේවය කළාය. මේ නිසා සේයා වැඩිපුරම ඇති දැඩි වූයේ තම මවගේ මව වූ ආච්චි අම්මාගේ සෙවණේය.

සේයාගේ පියා අපයෝජන සිද්ධියකට චෝදනා ලද්දේ මීට වසර කිහිපයකට පෙරදීය. මේ නිසා ඔහුට ගුරු වෘත්තිය තාවකාලිකව අහිමි වන අතර අධිකරණය හමුවේ නඩුවක් ද ගොනු වන්නේය. මෙම සිදුවීම වඩාත්ම නරක විදිහට බලපෑවේ ඔවුන්ගේ පවුල් කුටුම්භයටය. එම සිදුවීමෙන් පසුව සේයාගේ මවත්, පියාත් අතර විවිධ මතභේද, ගැටුම් ඇති වූ අතර එය ඍජුවම බලපෑවේ කුඩා දරු තිදෙනාටය. එහෙත් ආච්චි අම්මාගේ සෙවණ තිබූ නිසා සේයා ඇතුළු දරු තිදෙනාට මද හෝ අස්වැසිල්ලක් තිබිණි.

මෙම සිද්ධියෙන් පසුව තම දරු තිදෙනාට සමාජයට මුහුණ දීමට නොහැකි බව පවසමින් සේයාගේ මව පියා සමග දබර ඇති කර ගත්තාය. ”අපේ තාත්තා අම්මාට ගැහුවා” සේයා දිනක් පෙර පාසල් ගුරුවරිය සමග එසේ පවසා තිබුණි. මව හා පියා අතර තිබිය යුතු මනා සම්බන්ධය බිඳවැටීමෙන් පසුව එම නිවස ”පිස්සාගේ පලාමල්ල” බවට පත් විය. අප එසේ ලියා තබන්නේ, සේයා දැරිය අතුරුදන්වී යැයි වූ ආරංචියට අප එම නිවෙසට ගිය අවස්ථාවේ දුටු දර්ශනය නිසාය. 

මිනිස් වාසයකට සුදුසු අයුරින් නිවස තනා තිබුණ ද එහි තිබූ අපිළිවෙළ අප දැඩි මවිතයට පත් කළේය. මිදුල පුරා කැලය වැවී තිබුණි. නිවස පිටුපස මුළුතැන්ගෙට බද්ධවී තිබුණේ විශාල තුඹසකි. විෂගෝර සතුන් එහි සිටින්නට පුළුවන. නිවසේ මුළුතැන්ගේ පෙදෙස විවෘත වෙන්නේ පාළු වත්තකටය. කුඩා දරුවන්ගේ ආරක්ෂාව පිණිස කිසිදු පියවරක් නොගෙන තිබූ බව මේ කරුණු සනාථ කළේය.
1
 
සේයා ඇතුළු පවුලේ පිරිස නිදාගන්නා කාමරයට සාලයෙන් පළමුව ඇතුළුවිය හැකිය. එහෙත් එම කාමරයට ආරක්ෂිත දොරක් නැත. එම කාමරයේ ජනේලයේ දොර පියන් තුනක් ඇති අතර ඉන් දෙකකට ගී‍්‍රල් සවි කර ඇතත් එක් පියනකට පමණක් ග‍්‍රීල් සවි කර නොතිබිණි. පුදුමයට කරුණ එය නොවේ. දහඩිය දමන නිසා ඔවුන් විවෘත කර තබන්නේ ග‍්‍රීල් සවි කළ ජනෙල් පියන් නොව ග‍්‍රීල් සවි නොකළ ජනේලය වීමයි. සේයා පැහැරගෙන යන්නට පැමිණි සහාසිකයා ඇතුළුවන්නට ඇත්තේ ද එම ජනෙල් කවුළුවෙනි. තවත් කුඩා කාමර දෙකක් නිවසේ තිබූ අතර ඉන් එකක ආච්චි අම්මා නිදා සිටියාය.

සිද්ධිය වූ පසුගිය 11 වැනිදා රාත‍්‍රියේදී සේයාගේ මව දරුවන් සමග රූපවාහිනිය බලමින් සිටියාය. පෙර පාසල් වියේ පසුව දරුවකු සාමාන්‍යයෙන් රාත‍්‍රි 8.30ත් 9ත් අතරවත් නින්දට යා යුතු වුවත් සේයා නින්දට ගියේ එයටත් පසුවය. රාත‍්‍රි 9.30ට පමණ පුංචි සේයා සාලයේ පුටුව උඩම දැඩි නින්දකට වැටී සිටියාය. සේයාව උස්සගෙන ගොස් කාමරයෙන් තැබූ මව යළි රූපවාහිනිය ඉදිරියට ගියාය. සේයා කාමරයේ ඇඳ උඩින් තබා එන විටත් ග‍්‍රීල් රහිත ජනෙල් පියන විවෘතව තිබුණි.

ඒ වන විට රූපවාහිනියේ විකාශය වෙමින් තිබුණේ මෙගා ටෙලි නාට්‍යයකි.

”මමත් දරුවනුත් රූපවාහිනිය බලමින් සිිටියා. සේයා දුවට පුටුව උඩම නින්ද ගියා. පස්සෙ 9.30ට විතර මම දුවව උස්සගෙන ගිහින් ඇඳෙන් තිබ්බා. මම 9.45ට විතර කාමරයට ගිහින් බලන කොට දුව ඇඳේ හිටියේ නැහැ. මම හිතුවේ අම්මගෙ කාමරයට ගිහින් ඇති කියලයි.” ඒ සේයාගේ මව කියන කතාවයි.
”මම හයර් එකක් ගිහින් ගෙදර එන විට රාත‍්‍රි 12.10ට විතර ඇති. ඒ එන විට කාමරයේ දුව හිටියේ නෑ. බිරිඳගෙන් ඇසුව විට කීවේ අම්මගෙ ළඟට ගිහින් ඇති කියලයි. උදේ තමයි දන්නේ දුව ගෙදර කොහෙවත්ම නැහැ කියලා.” ඒ සේයාගේ පියා කියන කතාවයි.

සේයාගේ දෙමාපියන් ලෙස මේ දෙදෙනා කෙතරම් වගකීම් රහිත ද යන්න තේරීම ඔබට බාරය. අච්චි නිදා සිටින අල්ලපු කාමරය අඩි දෙක තුනක් එහායින් පිහිටා තිබුණත් තම දරුවා හරිහැටි නිදා සිටිනවාදැයි යන්න හෝ බලන්නට මේ දෙමාපියන්ට වුවමනාවක් ඇති නොවීම පුදුම සහගතය.

මේ සිද්ධිය වෙන්න කලින් දවසෙ දුව නිදා ගත්තේ මගේ ඇඳේ. එදා මම කීවා ඔයා ගිහින් අම්මාලා එක්ක සැපට නිදා ගන්න. මේ ලෑලි ගොඬේ නිදා ගන්නේ නැතුව කියලා. හැමදාම මා ගාවට එන්නේ නෑ. ඉඳලා හිටලා එනවා” ඒ සේයාගේ ආච්චි අම්මා කියන කතාවයි.
 
”අපි මළගෙදරක ගිහින් ? 10ට විතර ගෙදර ආවේ. පසුව මා නිදා ගත්තා. මම පාන්දර 5.30ට අවදි වුණා. වෙනදා නිදාගෙන ඉන්න ළමයි තුන්දෙනාගෙන් හිටියේ දෙන්නෙක් විතරයි.  කාමර දෙකේම බැලූවත් ළමයා හිටියේ නෑ” ඒ සේයාගේ සීයා කරන කතාවයි.

මේ හතර දෙනාගේ ප‍්‍රකාශවලට අනුව සේයා නිවසින් අතුරුදන් වන්නේ රාති‍්‍ර 9.30ත් 9.45ත් අතර කාලය තුළය.

සේයාගේ පියා ගුරු වෘත්තියට සමුදීමෙන් පසුව ආසන්න ප‍්‍රදේශයක පිහිටි ඇඟලූම් කම්හලක රාති‍්‍ර සේවා මුරයක සේවකයින් ප‍්‍රවාහනය සඳහා පිටත්ව යයි. බොහෝ දිනවල එම සේවය නිම කර ඔහු නිවසට එන්නේ රාත‍්‍රි 12 පසුවීමෙන් පසුවය. එදා සේයාගේ සීයා ද නිවසේ නොසිටි අවස්ථාවක මැදියම් රාත‍්‍රිය වනතුරු අනාරක්ෂිත ජනේලයක් විවෘත කර තබා සිටින්නට තරම් වුවමනාවක් තිබුණේ කාටද?

විවෘත කළ ජනේලයෙන් යම් කිසි කාමාතුරයකු ගෙට පැන්නාද?

වෙනදාට බුරන බල්ලා එදා නොබිරුවේ කුමක් නිසාදැයි මතුවන තවත් සැකයකි.

සේයාගේ නිවෙස අසලින් දිවෙන අතුරු මාර්ගය බඩල්ගම-මරඳගහමුල ප‍්‍රධාන මාර්ගයෙන් පටන් ගෙන එම නිවෙස අසලින් ගොස් වෙනත් ආසන්න තැනකින් එම මාර්ගයටම වැටෙයි. සේයාගේ නිවස අසලම මාර්ගය අනෙක් පස පිිහිටා ඇත්තේ සේයාගේ මහප්පා හෙවත් තාත්තාගේ අයියාගේ නිවසයි. සුරංග නමැති ඔහු ප‍්‍රකාශ කරන්නේ වැදගත් සාක්ෂියකි.

”මම දැක්කා රෑ 11ත් 12ත් අතර මල්ලිලාගේ නිවස පැත්තට වාහනයක් යනවා. මම හිතුවේ මල්ලීගේ වාහනය කියලා. ඒ හින්දා මම ගොඩාක් වුවමනාවෙන් ඒ දිහා බැලූවේ නැහැ. ඒත් ඊට පැය කාලකට පස්සෙ තමයි මල්ලිගෙ වාහනය ගෙදරට ආවේ. වෙනදාට වෙනත් වාහනයක් ඒ වෙලාවට යන්නෙ නෑ.’’

ඔහුගේ ප‍්‍රකාශය අනුව මැදියම් රාත‍්‍රියට ආසන්නව තිබියදී සේයාගේ නිවෙස අසල තිබී ධාවනය වූ වාහනය කුමක්දැයි මහත් ගැටලූවක් වී තිබේ. මෙම වාහනය එදින වෙනත් නිවසකට පැමිණි බවට කිසිදු සාක්කියක් නොමැති අතර ප‍්‍රධාන මාර්ගයෙන් ඇතුළුවී සේයාගේ නිවෙස අසලින් ගොස් යළි ප‍්‍රධාන මාර්ගයට ගොස් ඇතැයි තොරතුරු හෙළිවී තිබේ.

සේයා නිදා සිටි ඇඳේ ඇතිරිල්ල මත සටහන්ව තිබූ මිනිස් පා සලකුණ කියා පාන්නේ ඇය රැගෙන යන්නට පැමිණි පුද්ගලයා ඇඳ මත සිටගෙන ඇති බවයි. පෙර පාසල් යන වියේ පසුවන දරුවකු නින්දට ගිය පළමු පැය දෙක තුළ සිටින්නේ තද නින්දේය. ඒ කාලය තුළ ඇය අවදි වූවා නම් ඇය අනිවාර්යයෙන්ම නින්දෙන්ම හඬන්නීය. එහෙත් පැමිණි පුද්ගලයා ඇය අවදි නොකරම නිදා සිියදීම ඇයව රැගෙන ගොස් ඇති බව පැහැදිලිය. ඔහු ඇඳ මතට පාදය තබන්නට ඇත්තේ සේයාව හරියාකරව ග‍්‍රහණය කර ගැනීමට විය හැකිය.

සේයා සදෙව්මි නිදා සිටි අඳේ මෙට්ටය යට ඇය හැඳ සිටි කලිසම තිබීමෙන් හෙළි වන්නේ ඝාතකයා එම ස්ථානයේදීම ඇයගේ ඇඳුම් ඉවත් කර ඇති බවය. එසේ නම් ඇය එම ස්ථානයේදීම දූෂණයට ලක්වී දැයි යන ගැටලූව ද පැන නගී. 

ඝාතකයා සේයාව ද රැගෙන එම ජනෙල් කවුළුවෙන් පැන ගියේ නම් එය මහත් අසීරු කටයුත්තකි. සේයාව අවදි කර ගෙන ජනේලයෙන් රැගෙන ගියා යැයි සිතීම අපහසුය. මේ නිසා සැක පහළ වන්නේ පිටුපස දොරින් ඝාතකයා දැරිය ද රැගෙන පලා ගියේ ද යන්නයි. 

ඝාතකයා පිටුපස දොරින් පලායාම ජනේලයෙන් පැන යාමට වඩා ආරක්ෂිත එකක් වන්නේ පිටුපස දොරින් එහා කොටස ඉතා පාළු වත්තකට විවරව තිබීමයි. ජනේලයෙන් පැන්නේ නම් අතුරු මාර්ගයේ ගමන් ගන්නෙකුට හෝ සේයාගේ මහප්පාගේ නිවෙසට හෝ එය පෙනෙන්නට ඉඩ වැඩි අතර පිටුපස දොරින් පැනයාම කිසිවකුගේ ඇස නොගැටෙයි. පිටුපස දොරින් එලියට ආ විට මීටර් 100ක් පමණ දුරකට නිවෙසක් පිහිටා නැත. නිවාස දෙකක් දෙපසින් පිහිටි යද ඒවායේ අවධානයට අසු නොවී ඝාතකයාට ලෙහෙසින්යෙන්ම අතුරු මාර්ගයට පැන පාළු මාවත දිගේ අසල ඇති කුඹුරුයායට පැන ගත හැකිය.

සේයාගේ මළ සිරුර තිබී හමුවූයේ ද මේ වෙල්යාය කෙළවර වූ ඇළ මාර්ගය අසල තිබියදීය. අතුරු මාර්ගයෙන් බැස වෙල්යාය දිගේ මළ සිරුර හමු වූ ස්ථානය තෙක් ප‍්‍රදේශය ජන ශූන්‍ය ප‍්‍රදේශයකි. ඝාතකයා දැරිය දූෂණය කළේ හා ඝාතනය කළේ සිරුර හමු වූ ස්ථානයේ නම් එම ස්ථානය අකරන්ගහ ජයසුන්දරාරාම විහාරයේ භූමිය කෙළවරය. එම ස්ථානය අසල විශාල බෝගසක්ද පිහිටා තිබේ. මේ නිසා ඝාතකයා මේ අධම කාර්ය කර ඇත්තේ පූජනීය භූමියක සෙවනකදී වීම මෙම සිදුවීමේ ශෝචනීයත්වය පෙන්නුම් කරයි. විහාරස්ථානය පෙනි පෙනීම බෝගසක් අසලටම පැමිණෙන්නට සිදුවීම මෙම අධමයාට වූ සරදමක් වැනිය.
2

සේයාගේ ඝාතනය කෙරෙහි සමහරුන්ගේ සැකය එල්ල වූයේ ඇගේ පියා දෙසටය. ඊට ප‍්‍රධාන හේතුව ඔහු මීට පෙර යම් සිදුවීමකට සම්බන්ධ නිසාය. තවත් බොහෝ දෙනකු සැක සිතුවේ පියාගෙන් පලිගැනීමේ අදහසින් තවත් පාර්ශ්වයක් එකට එක කිරීමක් ලෙස මෙය සිදු කර ඇති බවටය.

සේයා ඝාතනය කිරීම පිළිබඳ වාර්තා කරන්නට ගිය මාධ්‍යවේදීන්ට ද ඔහු ප‍්‍රචණ්ඩ ලෙස සැලකීම සැකය තවත් වැඩිවන්නට පටන් ගත්තේය. විටෙක ගමේ පිරිස් ඔහු ඉල්ලා නිවෙස වට කළහ. මේ නිසා සේයාගේ පියාටත්, මවටත් සේයාගේ දේහය මිහිදන් කළ දින කනත්තට යාමේ අවස්ථාව ද අහිමි විය.

පුංචි සේයා ගමේම පිහිටි පෙර පාසලට ඇතුළත් වන්නේ 2015 ජනවාරි 14 වැනිදාය. ළමයින් 32ක් සිටි එම පෙර පාසලේ දීප්තිමත්ම ශිෂ්‍යාව වූයේ සේයාය. පෙර පාසලේ ප‍්‍රධාන පාලිකා එල්. කමලා පද්මිණි සඳශීලි මහත්මියට අනුව සේයා දිනපතාම පෙර පාසල් පැමිණියාය. ඒ තම ආච්චි අම්මා සමගය. පෙර පාසල සමග සබඳතාව පැවැත්වූයේ ද ආච්චි පමණි. පෙර පාසලට පැමිණි විට සේයා ගුරුතුමියගේ ආදරය සොයා ආවාය. ගුරුවරිය ඉඳගෙන සිටින විට ඇගේ උකුලේ වාඩිවී ඇෙඟ් ඇතිල්ලෙන සේයා, යළි යළිත් පැමිණ ගුරුවරියගේ උණුසුම පැතුවාය. දිනපතා විවිධ කොණ්ඩා කටු හා ”බූල් බෑණ්ඞ්” ගසාගෙන කොණ්ඩය සරසාගෙන පැමිණෙන ඇය ගුරුවරිය ඉදිරියට ගොස් ”ටීචර් අද මම ලස්සනදැයි” විමසන්නීය.

”සේයා හොඳ මතකයක් තිබුණු දරුවෙකි. පෙර පාසල ඇරෙන්නේ දවල් 11ට. ඒත් ඇයට ගෙදර යන්න වුවමනාවක් නෑ. පුතේ හෙටත් එන්න දැන් ගෙදර යන්න කියලා මා කිව්වාට පසුව ඇය යනවා” ඒ ගුරුවරියගේ කතාවයි.

සේයා පෙර පාසලට එන්නේ බොහෝ විට තම ආච්චි අම්මා සමගය. සමහර දිනවලට සීයා සමගද එන්නීය. ඇය අවසන් වරට පෙර පාසල් පැමිණි ඇය අතුරුදන් වූ පසුගිය 11 දින ඇය තම වතුර බෝතලය ද පෙර පාසලේ අමතක කර දමා ගොස් තිබිණි. පෙර පාසලේ සේයාට හිමි පුංචි පුටුව ඇය නොමැතිව හුදකලාවේ තිබෙනු දක්නට ලැබිණි. පෙර පාසලේ පුංචි මිතුරු මිතුරියන්ට සේයාගේ සේයාව වත් යළි කිසි දිනක දක්නට නොලැබෙන බව නම් ස්ථීරයි.
ඇගේ ඝාතනය පිළිබඳව ළඟම ඥාතීන් සහ අසල්වාසීන් 50කට ආසන්න පිරිසකගෙන් ප‍්‍රශ්න කරගෙන ඇති බව කී වැඩබලන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ප‍්‍රියන්ත ජයකොඩි මහතා ප‍්‍රකාශ කළේ දැරියගේ ඝාතනය සම්බන්ධව වැදගත් තාක්ෂණික සාක්ෂි ලැබී ඇති බවය. නිවස අසල පදිංචිකරුවන් කිහිප දෙනකු ද ප‍්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව මෙම ඝාතනයේ වැඩිදුර පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබිණි.
 

පසුගිය කාලයේ සිදුවූ ළමා අපචාර
පසුගිය කාලය පුරා දරුවන් අපචාරයට ලක් කිරීම හා ඝාතන සිද්ධීන් වැළක් වාර්තා විය. යාපනයේ සිවලෝගදන් විද්‍යා ශිෂ්‍යාව සමූහ දූෂණයට ලක් කර ඝාතනය කරන ලදී. දෙණියාය ප‍්‍රදේශයේ 34 හැවිරිදි සිව්දරු පියකු විසින් 16 වියැති දැරියක දූෂණය කර ටයි පටියෙන් ගෙල සිරකර මරා දමන ලදී.
කිලිනොච්චියේ අවුරුදු 03ක දැරිය දුෂණය කර ඝාතනය කළේ 14 හැවිරිදි පිරිමි දරුවකු විසිනි. අක්මීමන අට හැවිරිදි දැරිය දූෂණය කර මරා දැමීමේ ද 28 හැවිරිදි අධමයකු විසිනි. මානියම්ගම පියෙක් තමාට ජාතකව උපන් 08 හැවිරිදි දැරිය දූෂණය කර මරා නිවෙසේ මුළුතැන්ගේ තුළ වළ දමා තම දියනිය අතුරුදන් යැයි පොලිසියට පැමිණිලි කළේය. මෙම පියා වසර දෙකක් පුරාම තම දියණිය අපයෝජනයට ලක් කර තිබිණි. ක‍්‍රිෂ්ණකුමාර් දුශ්‍යන්ති දැරියගේ දූෂණය කර මරා දැමූ සිරුර හමුවන්නේ කිිරුලපන ඇළ මාර්ගයක තිබියදීය. කාතන්කුඩි 12 හැවිරිදි සාබ්දීන් ෆාතිමා දැරිය දූෂණය කර මරා දමන්නේ ඇගේ මාමාය.
3
 
මේ පසුගිය කාලයේදී වූ සිදුවීම් කීපයක් පමණි. මේ හැම සිදුවීමකම විශේෂත්වය වන්නේ දරුවාගේ දෙමාපියන්ගේ නොසැලකිල්ලය. සමහර අම්මලා මෙගා ටෙලි නාට්‍යයක තමා පි‍්‍රය කරන චරිතයට තරම් හෝ තම දියණිය කෙරෙහි අවධානය යොමු නොකරයි.

රටේ පැතිර යන ළමා අපචාර හා ඝාතන සිද්ධීන් පිළිබඳව අප අවසන් වශයෙන් දෙකටනxකටුලන්ද පුරාණ විහාරයේ විහාරාධිකාරී ශාස්ත‍්‍රපති වෙන්නවත්තේ රතන ජෝති හිමියන්ගෙන් විමසීමක් කළෙමු. 

උන්වහන්සේ ප‍්‍රකාශ කරන්නේ දරුවාට හා කාන්තාවට අවශ්‍ය රැකවරණය අද සමාජය තුළින් ඉවත්ව ඇති බවයි. බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ දරුවන් හා කාන්තාවන්ට ආරක්ෂාව, රැකවරණය ලබා දිය යුතු බවය. එහෙත් අද සමාජය දරුණු ලෙස එම වගකීම පැහැර හැර ඇති බවත්, ඒ නිසා විශේෂයෙන්ම දරුවන් අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බවද උන්වහන්සේ කීහ.

සේයා සදෙව්මි දැරිය කාමාතුර යක්ෂයාට බිළි වූ අවසන් දැරිය නොවේ. මේ මුග්ධයෝ තම මුග්ධ ආශාවන් තව තවත් පොදි බඳිමින් සැරිසරති. එහෙත් වඳුරු හා රිලා සමාජය මෙන් අපත් අපගේ දරුවන්ට නිසි ආරක්ෂාව ලබා දෙන්නේ නම් අපේ දරු පරපුර රැකගැනීම එතරම් අපහසු කාර්යක් නොවනු ඇත.
 
m

20150916

මරණ දඬුවමද? කැලෑ නීතියද?


මහින්ද පාලන සමයේ
අපරාධ නඩුවල සැකකරුවන්
ආයුධ පෙන්වන්න ගෙන ගොස් කළ මිනීමැරුම්

ගෝත්‍රික ම්ලේච්ඡ ක්‍රියා ලෙස හඳුන්වන්නට
යහපත් ජනතාව පෙළඹුණා.


එකම ඝාතන සිද්ධියකට සම්බන්ධ
සැකකරුවන් තිදෙනෙකු

අත්අඩංගුවට පත් වි
ඔවුන් පොලිස් අත්අඩංගුවේ දී මියයාම සහ
සිව්වැන්නද පොලිස් වෙඩි පහරින්ම මියයාම
මහින්ද පාලනය වැනි
ආශ්චර්යමත් කාලයක පමණක් සිදුවිය හැකි
අපූර්ව සිද්ධි මාලාවක්.

අධිකරණයෙන් නඩු විභාග කොට
අපරාධකරුවාට නිදොස් නොවන බව
නීතියෙන් ඔප්පු කොට මරණ දඬුවමක් දෙන්නෙ
සමාජයෙ සිටින අපරාධකරුවන් විය හැකි අය අතර
නීතියට බිය පිරිස වරදට බිය කරන්නයි..

මරණ දඬුවම විත්තිකරුවාට දඬුවමක් නොවෙයි..

මරණ දඬුවමට විරුද්ධ වෙන
බොහෝ දෙනෙක් කතා කරන්නෙ
මේ සත්‍යය ගැන අවබෝධයක් නැතිවයි..

මරණ දඬුවම දෙන්නෙ
විත්තිකරුවාට දඬුවමක් ලෙස නම්
එය පළිගැනීමක් සහ මුග්ධ ක්‍රියාවක්.
දඬුවමක් ලබන කෙනෙකුට
හැදෙන්න අවස්ථාවක්
දඬුවමෙන් පසුව තිබිය යුතුයි..


මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම් දීම
බොහෝ රටවල සිදුවෙන දෙයක්..
එසේ කරන්නේ ඔවුන් සමාජයෙන් ඉවත්කිරීමට නොවේ.
මත්ද්‍රව්‍ය ජාවාරම නතර කිරීමටත් නොවේ.
පාලනය කිරීමට පමණි.

නීතියට බිය කිරීම රාශ්ඨ්‍ර පාලනයේ අංගයක්.

සමාජයේ විශාල කොටසක් වැරදි නොකරන්නෙ
ඔවුන් යහපත් නිසා හෝ පවට බිය නිසා නොවෙයි..
නීතියට බිය නිසයි.
දියේ ගිලෙන කෙනෙකුට දර කොටයක් මෙන්
ඔවුන්ටත් නීති අවශ්‍යයි.

රථවාහන රියදුරන් පාරේ වමෙන් යන්නෙ,
නිශ්චිත වේගයකින් යන්නෙ,
මාර්ග නීති පිළිපදින්නෙ,
නීතියට බිය නිසයි.

නීතියෙන් පණවන දඩ ගැසීමේ පටන්
සිර කිරීම ආදී සියලු දඬුවම් වලින් කරන්නේ
මිනිසා වරදට බිය වැද්දීමක්..
මරණ දඬුවම එහි උපරිමයයි..

අධිකරණයෙන් නඩු විභාග කොට
අපරාධකරුවාට නිදොස් නොවන බව
නීතියෙන් ඔප්පු කොට මරණ දඬුවම දීම
සාධාරණ ක්‍රියාවලියක්..
අපරාධකරුවන් ලෙස රටට පෙන්වන සැක කරුවන්
ආයුධ පෙන්වන්නට ගෙනගොස් මරණ දඬුවම දීම
එවැන්නක් නොවෙයි.

පොලීසියෙන් ආයුධ පෙන්නන්න ගෙන ගොස්
මරා දැමූ අය අතර නිවැරදි කරුවන් සිටියාද කියන්න
කිසිවෙකුත් දන්නේ නැහැ..
පොලීසියට ඕනෑ තරමක් සැක කරුවන් අල්ලා
අපරාධකරුවන් ලෙස හඳුන්වා
මරන්නට පුලුවන්.

---------------------------------------------------------------------
පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් මියයාම ගැන ඇතැමුන් එල්ල කරන චෝදනාවලට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පිළිතුරු වශයෙන් සිදුකළ ප්‍රකාශයකි, මේ.
“පොලිස් අත්අඩංගුවේදී කවුරු හරි සැකකරුවෙකු මිය ගියා නම් ඒ ගැන පරීක්ෂණ පවත්වන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ හැටියට මහේස්ත්‍රාත්වරයෙකු විසින්. ඒක තමයි නීතිය. ඉතින් මහේස්ත්‍රාත්වරයා එම ස්ථානවලට ගොස් පරික්ෂා කරලා තියෙනවා. සාක්ෂි සටහන් කරනවා. ඒ වගේම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා සැලකිල්ලට ගන්නවා. අවශ්‍ය නම් පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකළ වෛද්‍යවරුන්ගේ සාක්ෂි කැඳවනවා. කැඳවලා ඒ ගැන තීරණයක් ලබාදෙනවා. ඒ අනූව එම විමර්ශන අධිකරණ විසින් සිදුකරනවා. පොලීසිය කරන්නේ විමර්ශනයක් සඳහා සහය ලබාදීම පමණයි. මීට පෙර වුණත් පොලිස් අත්අඩංගුවේදී මිය ගිය සැම සැකකරුවෙක් සම්බන්ධයෙන්ම අධිකරණය තීරණයක් ලබාදී තිබෙනවා".

මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ සිදුවු පොලිස් කොස්තාපල්වරයා සහ ඔහුගේ බිරිඳ ඝාතනයේ ප්‍රධාන සැකකරු කැටයම් චින්තක නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් අටක් යොදවා ඇති බවද හෙතෙම පැවසීය.
-------------------------------------------------------------

පොලිස් අත් අඩංගුවේදී මියගිය තිදෙනා
ඝාතනය නොවූ බවට අධිකරණයත් සාක්ෂි දැරීම
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගේ නිදහසට කරුණයි.
ඒ අවස්ථාවේ සිටි සියලු දෙනාම
එකම ප්‍රකාශයක් කළොත්
ඒ ප්‍රකාශය සාක්ෂි වශයෙන් පිළි ගන්නට
අධිකරණයට සිදු වෙනවා.
ඔවුන් කළා යැයි කියන අපරාධය කළේ
ඔවුන් විසින්මද යන්න කිසිවෙක් සොයන්නේ නෑ.

ප්‍රධාන සැකකරු කැටයම් චින්තක නැමැත්තා
අත්අඩංගුවට ගැනීම සඳහා
පොලිස් කණ්ඩායම් අටක් යොදවා කළ පරීක්ෂණ
මෙසේ සාර්ථක වෙයි..
-------------------------------------------------------------
මාතර කඹුරුපිටියේදී පොලිස් කොස්තාපල් වරයෙක් සහ ඔහුගේ  බිරිද ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන කැටයම් චින්තක හෙවත් චින්තක වසන්ත නැමැත්තා  පොලීසිය සමග ඇතිවු  වෙඩි හුවමාරුවකදී මියයයි.

ඝාතනයෙන් පසු සැගව සිටි මෙම පුද්ගලයා සෙවීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබුණු බවත්,ඉකුත් රාත්‍රීයේ නයිගල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් හා මොහු අතර ගැටුමක් ඇතිවුණු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

4, පොලීසිය විසින් තමන් වටකර ඇති බව දැනගත් සැකකරු පොලීසියට වෙඩිතැබූ බවත්, එහිදී පොලීසිය විසින් එල්ල කළ ප්‍රතිප්‍රහාරයේදී සැකකරු ජීවිතක්ෂයට පත්වූ බවත් හෙතෙම කියා සිටියේය.

2, 3, මෙම ඝාතනයේ තවත් සැකකරුවන් දෙදෙනෙක් පසුගියදා අත් අඩංගුවේ සිටියදී සගවා තිබු  ආයුධ පෙන්වීමට ගොස්  දෙනගම වැවට වැටී මිය ගියේය.

මෙසේ වැවේ ගිලීමෙන් මරණයට පත්ව ඇත්තේ 24 හැවිරිදි ලියනආරච්චි කොස්වත්තගේ ධනුෂ්ක සඳරුවන් නොහොත් (සුරංග) නැමැත්තා සහ 31 හැවිරිදි සමරසිංහගේ ජනක ප්‍රසන්න නැමති හක්මන මීඇල්ල ප්‍රදේශයේ පදිංචි කරුවන් දෙදෙනෙකි.

1, ඊට පෙර මෙම  සිද්ධියේ තවත්  සැකකරුවෙක්  ඕවිටිගම ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්විය.
ඕවිටිගම ප‍්‍රදේශයේ සගවා තිබූ ආයුධ තොගයක් පරීක්ෂා කිරීමට පොලිසිය සැකකරු රැගෙන ගොස් ඇති අතර එහිදී සැකකරු හදිසියේම එම අවියක් රැගෙන පොලිසියට වෙඩි තැබීමට උත්සාහ කර ඇති බව  වාර්තා විය. එහිදී පොලිසිය පෙරලා වෙඩි තැබීමෙන් අජිත් පි‍්‍රයදර්ශන නමැති මෙම සැකකරු මියගියේය
Source: http://lfn.lk/local-news/item/757/757
------------------------------------------------------------.

මේ සැක කරුවන් සැබැවින්ම ඝාතන කළාද
නැත්නම් .....
වෙනත් කෙනෙක් හෝ පිරිසක් කළ ඝාතනවල සැකය
ඔවුන් වෙතට යොමු කළාද කියා
කවදාවත්ම හෙළි නොවනු ඇත.

මුල් අපරාධවල සැබෑ ඝාතකයා
මේ සිදුවීම්වල නියමුවෙක් වුවත්
ඔහු මේ ඝාතන කරවන්නේ
තමා ආරක්ෂා වීමට වුවත්
සිදුවීම ගැන සෙවීම මේ ඝාතන සමග වැළලී යාම
ස්වභාවයකි.

ඔවුන්ගේ පරීක්ෂණ වලදී
ඉදිරිපත්වෙන සාක්ෂි අනුව
පොලිස් අත් අඩංගුවේදී මියගිය තිදෙනා
ඝාතනය නොවූ බවට අධිකරණය සාක්ෂි දැරුවත්
ඔවුන් කළා යැයි කියන අපරාධය සිදුකළේ
ඔවුන් විසින්මද යන්න කිසිවෙක් සොයන්නේ නෑ.

එකම සිද්ධියක් සඳහා අත් අඩංගුවට පත් වූ
සැක කරුවන් තිදෙනෙකු සමාන ආකාර වලට
අත් අඩංගුවේදී මිය යාමත්
සිව්වැන්නාද පොලිස් වෙඩි පහරින්ම මිය යාමත්
ඔවුන් කළ හෝ කළායැයි කියන වරද
පොලිස් කොස්තාපල්වරයෙකු සහ
ඔහුගේ බිරිඳ ඝාතනය වීමත්
හින්දි චිත්‍රපටියක සිදුවීම් මාලාවක් වැන්න.

එහෙත්
සිදුවන්නට ඇත්තේ කුමක්දැයි සැකකළද
ජනතාව නිහඬව සිටියහ.

මේ ක්‍රියාවලිය සමග ගැටෙන්නට ගොස්
වැවේ පැන මාංචු පිටින් පීනන්නට
ජනතාව ඉදිරිපත් නොවීම
අරුමයක් නොවෙයි.

එහෙත් 
පිටතට නොපෙන්වූ ද්වේශය
ඔවුන් තුළ කැකෑරීම සාමාන්‍ය සිදුවීමක්.
සාමය රකින්නන් දුන් ආදර්ශය මත
ඔවුන් වෙත යොමු කළ නොහැකි ද්වේශය
අපරාධ වල සැකකරුවන් කෙරෙහි යොමුවීමත්
එවැනිම සාමාන්‍ය දෙයක්.

මේ සිද්ධි වලින් උත්තේජනය වූ
රටේ ආවේගශීලී ජනතාව
නීතිය අතට ගන්නට දැරූ උත්සාහයන්
රට පුරා තැන් තැන් වලින් වාර්තා විය.

කැලෑ නීතිය  අනුගමනය කරන වියරු මිනිසුන්
නඩු නැතිව  විත්තිකරුවා මරන්නට පෙළඹී
අනුමාන හා සැක කිරීම් මත
නිදොස් අහිංසක මිනිසුන් ඝාතනය කරන්නට
පෙළඹෙනු ඇත.

මහමග සිදුවෙන රිය අනතුරකදී
රියදුරා සම්පූර්ණයෙන්ම නිදොස් වුවත්
කැලෑ නීතිය අනුව ක්‍රියා කරන ජනතාව
ඔහු පහරදී මරාදැමීම
සිදු විය හැකි දෙයක තිබිණ.

ම්ලේච්ඡ ගෝත්‍රික ක්‍රමයට
විත්තිකරුවා නඩු නැතිව මරන්නට වලිකන
වියරු මිනිසුන් තරම් පහසුවෙන් සහ
අඳබාල ආකාරයෙන්
නීතිය මරණ දඬුවම දෙන්නේ නැත.

පොලීසියත් උසාවියත්
නිවැරදිව ක්‍රියා කරනු ඇතැයි
විශ්වාස කරන ජනතාවක්
නීතිය අතට ගන්නේ නැත.

රාජ්‍ය ආයතන කැලෑ නීතිය අනුව
සැකකරුවන් අත් අඩංගුවේ මරා දාන විට
ජනතාවත් කැලෑ නීතිය අනුව ක්‍රියා කිරීම
අතුරු ඵලයක් පමණි.

හමුදාව විසින් කළා යැයි සැක කරන
යුධ අපරාධ පිළිබඳව
ජනතා විශ්වාසය ගොඩ නැගෙන්නට
පොලීසියේ කෙටි දුර මෙහෙයුම් සහ
ඉන් උද්දීපනය වූ ආවේගශීලී පිරිස්
කැලෑ නීතිය අතට ගැනීම හේතුවන්නට ඇත.

ජනතාවත් පොලීසියත් හැසිරෙන ආකාරයට
හමුදාවේ සමහර සෙබලුන් දකුණේ හැසිරෙන ආකාරයට
හමුදා සෙබළුන් නොහැසිරෙනු ඇතැයි සිතන්නට
අපට හේතු නැත.

ආගම් ජාති භේද වලින් තොරව
ජනතාව රකින්නට ඇති ආයතනවල
සාමාජිකයන්ගෙන් සුළු පිරිසක්
ම්ලේච්ඡ ගෝත්‍රික ක්‍රමයට අපරාධවල යෙදීමත්
ඉතිරි බහුතරය එම අපරාධ වසන් කිරීමත් සිදුවන විට
ජනතාව අතර සිටින ආවේගශීලීන්
ඔවුන් අනුව හැසිරීම රට අරාජික වීමක්.

මහින්ද පාලනය විසින්
මෙවැනි සිදුවීම් වලදී
මුනිවත රකින්නට ඇත්තේ
ජනතාව පොලීසියට බිය වූ විට
රටේ උදාවෙන තත්වය අනුව
රජය කැමති ආකාරයට
බියපත් ජනතාව නිදහසේ පෙළන්නට
ඔවුන්ට හැකිවන නිසා විය හැක.

රටේ යහපාලනය පැතූ බහුතර ජනතාව 
අරාජික පාලන ක්‍රමය ප්‍රතික්ෂේප කළ නමුදු
පොලීසියත් අධිකරණයත් යථා පරිදි ක්‍රියා කරන බවට
පදනම් සහිත විශ්වාසයක්
නව රජය විසින් ජනතාව තුළ ගොඩ නැගිය යුතුය.

අද රට පිරිහී වැටී ඇති අගාධය අනුව
මිනිසුන් ලෙස ඇදහිය නොහැකි දරුණු අපරාධ
නිරන්තරයෙන් සිදුවෙන විට
අනාරක්ෂිතභාවයෙන් පෙළෙන රටේ ජනතාව
මිනී මැරුම් හා ළමා අපචාරවලට
මරණ දඬුවම පැණවීම ඉල්ලා සිටිනවා නම්
ඔවුන් කැලෑ නීතියට යොමුවෙනවාට වඩා
මරණ දඬුවම පැණවීම සුදුසු නොවේද?


20150915

මරණීය දණ්ඩනය පිළිබඳ මඩිහේ පඤ්ඤාසීහ හිමි මතය




රාෂ්ට්‍ර පාලනයෙහි ඇඟිලි ගසන්නට නො ගිය බුදුරජාණන් වහන්සේ
Picture 
  අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමිපාණන් වහන්සේ
Picture බුද්ධ ධර්මය අවිහිංසාව පදනම් කොට ඇති වූවකි. රාෂ්ට්‍ර පාලනය අනෙකෙකි. බුද්ධ ධර්මය රාෂ්ට්‍ර පාලනයටත් රාෂ්ට්‍ර පාලනය බුද්ධ ධර්මයටත් උපකාර ය. එහෙත් ධර්මානුකූල ජීවිතයත් රාෂ්ට්‍ර පාලනයත් එකට කළ නොහැකි ය.

මරණීය දණ්ඩනය ගැන බෞද්ධ මතය ය යි විශේෂ මතයක් ප්‍රකාශ කරන්නට නැත. ජීවිතයට ජීවිතයක් ගැනීම වැනි ඉගැන්වීම් බුද්ධ ධර්මයෙහි නැති හෙයිනි. තමා ගේ ජීවිතය සඳහා වත් අන්‍යයනට හිංසාවක් පීඩාවක් කිරීම බුද්ධ ධර්මයෙහි නූගන්වයි. එසේ නම් කෙනෙකු මැරීම ගැන කවර කතා ද?

දිනක් ආරාමයට පැමිණි කේසී නම් අශ්වයන් හික්මවන්නකු හා බුදුරජාණන් වහන්සේ අතර සාකච්ඡාවක් ඇති විය. “ඔබ අශ්වයන් හික්ම වන්නේ කෙසේ දැ යි” බුදුරජාණන් වහන්සේ ඇසූ හ. “ස්වාමීනි, මම සමහර අසුන් පරුෂභාවයෙන් හිකමවමි, සමහරුන් මෘදුභාවයෙන් හික්මවමි, සමහරුන් මෘදු පරුෂ දෙකින් හික්මවමි” යි කී ය. “ එසේ හික්මවන්නට බැරි අසුන් හට කුමක් කරනුවා දැ” යි බුදුරජාණන් වහන්සේ නැවැත ඇසූ හ. “ඔවුන් මරා දමමි” යි කේසි කී ය.

අනතුරු වැ කේසී, “ඔබ වහන්සේ ශිෂ්‍යයන් හික්මවන්නේ කෙසේ දැ” යි ඇසී ය. “මමත් සමහරුන් නරකෙහි නරක විපාක පෙන්නා පරුෂ භාවයෙන් ද හික්මවමි. සමහරුන් හො‍‍ෙඳහි හොඳ විපාක පෙන්නා මෘදු භාවයෙන් ද හික්මවමි” යි බුදුරජාණෝ කී හ. “එසේ හික්මවන්නට බැරි අයට කුමක් කරනුවා දැ”යි කේසි ද ඇසී ය. “ඔවුන් මරා දමමි” යි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ හ. එවිට කේසී, “ස්වාමීනි, ඔබ වහන්සේ ගේ ශාසනයෙහි මැරීම තහනම් නො වේ දැ” යි ඇසී ය. “එසේය, එහෙත් මා මරන්නේ ඔබ මරණ ලෙසට නො වේ. මාගේ මැරීම නම් වරද කළ තැනැත්තා ගණන් ගන්නේ නැති වැ කිසිවකට වැද්ද ගන්නේ නැති වැ වෙන් කැර කොන් කැර තැබීම යි” බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ හ.

මෙය බුද්ධ ධර්මයෙහි සඳහන් බ්‍රහ්ම දණ්ඩය යි, ඉහළ ම දඬුවම යි. මේ ඉහළ ම දඬුවම කරන්නේ ද වරද කළ තැනැත්තා හදන අදහසින් ම ය. ඉතා දැඩි වරද කළ තැනැත්තා ද කෙසේ හෝ හදාගන්නට උත්සහ දරනුවා විනා මරාදැමීමක් බුද්ධ ධර්මයෙහි නූගන්වෙයි. ගණනින් 999 ක් මිනිසුන් මැරූ අංගුලිමාල පවා වනසන්නට හෝ වැනැසෙන්නට හෝ ඉඩ නො තබා හදාගත් සැටි ධර්මයෙහි සඳහන් වෙයි. බුද්ධ ධර්මයෙහි නොහික්මුණවුන් හික්මවනු සඳහා මුලින් සඳහන් ක්‍රම තුන මෙන් ම සතර වැනි වැ කී ඉහළ දඬුවම ද පනවන්නේ වරද කළ තැනැත්තා හදා ගන්නා අදහසිනි. ඒ නිසා බුද්ධ ධර්මය අනුවැ කවර දඬුවමක් හෝ දිය යුත්තේ හැදීම, නැවැත නිසි මඟට පමුණුවාගැනීම පරමාර්ථ කැර ගෙන ය.

බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි ද රාෂ්ට්‍ර පාලනය කළ රජවරු වරද කළවුනට නොයෙක් දඬුවම් දුන් හ; දවස්හුල තැබූ හ. එකල වරද කළවුනට නියම කළ දෙතිස් වදය විඳිනු තබා දකින්නට අසන්නට බැරි තරම් තද ය.

දිනක් උත්තර සාමණේරයෝ උදෑසන ගමනක් යන්නාහු වැවක් අසල පාත්‍රය තබා දියට බැස මුව සේදූ හ. මේ අතර ආරක්‍ෂක පුරුෂයන් විසින් ලුහුබඳිනු ලැබූ සොරු පිරිසක් වැව අසලින් දුවන්නාහු අතේ තුබුණු රන් රුවන් පාත්‍රයෙහි දමා සැඟැවී ගත් හ. ආරක්‍ෂක පුරුෂයනට අසු වූවෝ නිරපරාධ වූ උත්තර සාමණේරයෝ ය. විනිශ්චය ස්ථානයෙහි දී සාමණේරයන් ගේ නිදහසට සාක්‍ෂ්‍ය නො වී ය. එහෙයින් හුල තබන්නට නියම විය. මෙය දැනගත් බුදුරජාණන් වහන්සේ හුල තබා සිටින තැනට ගොස් ඉතා දැඬි වේදනාවෙන් සිටි සාමණේරයන් ‍ෙග් හිස මත දෑත තබා “මෙය ඔබේ පෙර කර්ම විපාකයකැ”යි පවසා දහම් දෙසා රහත් කළ හ. මෙබඳු ඉතා දරුණු වධ බන්ධන සියැසින් දුටුවේ වී නමුත් රාෂ්ට්‍ර පාලන යෙහි ඇඟිලි ගසන්නට නො ගිය බුදුරජාණන් වහන්සේ එකී දඬුවම් වළක් වන්නට ද නො ගිය හ. එහෙත් රජකම රැකගැනීමට හෝ රට රැකගැනීමට හෝ අන්‍යයනට හිංසා පීඩා කිරීමේ භයානක කම ඉතා තදින් කා වැදී යන ලෙසින් ඒ රජවරුනට දහම් දෙසූ බව පබ්බතොපම සූත්‍රාදියෙන් මැනැවින් පැහැදිළි වෙයි.

පෙර පැවැති මේ දඬුවම් ඉතා කර්කශ ය, දරුණු ය යි බොහෝ දෙනා කියති. එය එසේ ය. එහෙත් ඒ දඬුවම් දෙන්නට සිදු වූයේ කලාතුරෙකිනි. එයින් සුළු දඬුවමක් වුව ද දුන් විට එය දුටුවන් පමණක් නො වැ ඇසුවෝ ද වරද කිරීමට බිය වූ හ. එයින් අපරාධ අඩු වී ය. මෙකල තිබෙන දඬුවම් කොතරම් ළිහිල් දැ යි කිව හොත් ඇසුවන් තබා දුටුවෝ ද බිය නො වෙති. අද දඬුවම්වල ඇති ළිහිල්කම නිසාත් සිරගෙවල තිබෙන පහසුකම් නිසාත් බොහෝ දෙනා අපරාධ කිරීමට බිය නො වෙති. මරණීය දණ්ඩය නතර කළ යුත්තේ බෞද්ධ රටකට නොගැළැපෙන නිසා නො වේ. බෞද්ධ රටකට නොගැළැපෙන දේ රජය මඟිනුත් මහජනයා විසිනුත් අප්‍රමාණ වැ සිදු කරද්දී මරණීය දණ්ඩනය පමණක් බෞද්ධ රටකට නො ගැළැපේ ය යි කීමේ තේරුමක් නැත. කවර රටෙක හෝ වර්තමාන මරණීය දණ්ඩනය නතර කළ යුත්තේ එය දඬුවමක් නොවන නිසා ය.

කවර දඬුවමක හෝ පරමාර්ථය විය යුත්තේ වරද කළ තැනැත්තාත් සමාජයත් හදා ඔහුටත් සමාජයටත් ශාන්තියක් සැලැසීම ය. වර්තමාන මරණීය දණ්ඩ වන එල්ලුම් ගහෙන් හෝ විදුලිය පුටුවෙන් හෝ එ කී පරමාර්ථය සිදු වන්නේ නැත. එපමණක් ද නො වැ නපුරු හිතින් මැරී මී ළඟ ජාතියෙහි දරුණු කෙනෙකු වී සමාජයට මඟ කරදරකාරයකු වන්නට ද ඉඩ තිබේ.

බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි විශාලා මහනුවර පැවැති ලිච්ඡවී රාජ්‍යය සමූහාණ්ඩුවෙකි. ඔවුහු බෞද්ධ වූවාට පසු රාජ්‍ය පාලන විධි ද මැනැවින් සකස් කැරගත් හ. ඔවුන් ගේ දණ්ඩ නීති ද සකස් කැරගන්න‍ා ලදි. එහි විනිශ්චයකරුවන් ගේ විශේෂ ලක්‍ෂණය වූයේ විත්තිකරු වරදට පෙළැඹුණේ කවර කවර හේතූන් නිසා දැ යි විමසා බලා නිදහස් කිරීමට යම්තම් හෝ කරුණු ඇතොත් ඔහු නිදහස් කොට වරදට පෙළැඹුණු හේතූන් නැති කොට හොඳ පුද්ගලයකු කිරීම යි. එසේ නිදහස් කොට හදන්නට බැරි තරම් වරද කළ කෙනෙකු වුව ද තද දඬුවම් දීමෙන් හෝ හදාගැනීමට උත්සාහ දැරීම යි. මේ ක්‍රමය මෙ කලට වුව ද ඉතා අවශ්‍ය ය.

දිනමිණ 1958.03.17

Source : http://buddhistlk.weebly.com/35123515349935393514-350334993530349735053514.html

20150914

කොටදෙණියාවේ සදෙව්මි කාමභෝගී චින්තනයේ ගොදුරක්..



අද සිදුවෙන ලිංගික අපරාධ වලට
අපරාධ කරුවන්ගේ නොදැමුණු කම මෙන්ම
පසුගිය කාලයේ 
රජමැදුරේ පටන් අතුපැල දක්වාම
ඔවුන්ට උත්තේජන සපයන කාමභෝගී ජීවන රටාවත්
ප්‍රධාන හේතුවක්.
අහිංසක සුන්දර දැරිවියන්
රූමත් ළඳුන් මෙන් හැඩ ගන්වා
සමාජයට ඉදිරිපත් කොට
ඔවුන්ට ලැබෙන කාමුක ලිංගික අවධානය
දරුවාට හිමිවෙන ආදරය සෙනෙහස මෙන් දකිමින්
බොළඳ තාවකාලික තෘප්තියක් ලබන
නොමේරූ මන්ද බුද්ධික දෙමව්පියන්
ඒ සුලු අත්වැරැද්ද නිසා
මල් කැකුළුවන් ආදරණීය දරුවන්
සදහටම අහිමි කරගන්නවා.

කාමාතුරයන්ට ආත්ම දමනය දෙන්න බැහැ.
ලබාගන්නට ඔවුන්ට හැකියාව ඇත්තෙත් නෑ.
ඔවුන් සිරගත කොට තබන්නට
සමාජය නීති හදන්නේත් ඒ නිසයි.

ඒත්
දරු සෙනෙහස ඇති දෙමව්පියන්ට
ආත්ම දමනයෙන් කටයුතු කරමින්
දරුවන් කාමාතුරයන්ට ගොදුරුවෙන ආකාරයට
විචිත්‍ර අයුරින් සැරසීමෙන් වළකින්න පුලුවන්.
දරුවන් අඩ නිරුවතින් සමාජයට යැවීමෙන්
වළකින්න පුලුවන්.

දැනෙන කරදරයකින් තොරව
ඇය වැඩිවිය පැමිණියත්
අඩ නිරුවත් සැරසිලිවලින් පොළඹවාගෙන
ඇය සොයාගන්නා පෙම්වතාගෙන්
ඇය දූෂ්‍ය වන්නට ඇති බාධක
අද ඉතාම අවමයි.

අඩ නිරුවතට වශීවී
ඇය සමග විවාහ වෙන තැනැත්තාටත්
ඇය වටින්නේ කෙටි කාලයයි.

ජීවිතය වරද්දාගන්නා කාන්තා චරිත වල
අතීතය විමසා බැලුවොත්
ඔවුන්ගේ ඇඳුම් ආයිත්තම් වල
ප්‍රධාන අංගයක් ලෙස
අඩ නිරුවත භාවිතා කරන්නට ඇති.

කාමාතුර නිර්මාණ කරුවන්
සමාජගත කරන කාමුක පොත්පත්,
චිත්‍රපට, ටෙලි නාට්‍ය හා ගීත ආදියත්
ලිංගික අපරාධ රැල්ලට දක්වන්නේ
විශාල අනුග්‍රහයක්.

කාමය පෙන්වා කාමය උද්දීපනය කිරීමට
ඒ කලා නිෂ්පාදන උත්තේජන සපයනවා.

කාමුක කලා උත්තේජනවලින් උද්දීපනය වී
ලිංගික නිදහස තව තවත් අවශ්‍යයි කියා
කෑ මොර දෙන කාමාතූරයන්
වැඩිවිය පැමිණි යුවතියන් පමණක් නොව
දරුවන් පවා අඩ නිරුවත් කිරීම
සමාජයෙන් බලාපොරොත්තු වෙනවා..
මුස්ලිම් කාන්තාවන්ට පවා
ප්‍රදර්ශනයට නිදහස ලබාදෙන්නට
ඔවුන් උත්සාහ කරනවා.
ඔවුන් දෙමව්පියන් වූ පසුව
ඒ කාමුක චින්තන රටාවට
ඔවුන්ගේ දරුවන්ද ගොදුරු වෙනවා.

තමන්ගේ කාමුක සිතිවිලිවලට අනුරූපව
සමාජය හා සංස්කෘතිය වෙනස් කරන්නට කරන
කාමාතුර බලපෑම් වල අවසාන ප්‍රතිඵල
අද සිදුවෙන කාම අපරාධ වලින්
පැහැදිලිව පෙනෙනවා.

ලිංගික අපරාධ වලට හේතුව
ලිංගික නිදහස නැතිවීමද
ලිංගික නිදහස වැඩිවීමද කියා
නිදහස සොයන කාමාතූරයන්ගෙන්
මෙවන් ඛේදවාචක වලදී
විමසිය යුතුයි..


කාමභෝගී නායකයන් පරාජයවී
අල්පේච්ඡ නායකයන් මතුවෙන මේ යුගයේ
රටේ ජනතාවත්
සිය කාමභෝගී චේතනා
ආත්ම දමනයෙන් පාලනය කරගෙන
අල්පේච්ඡ චින්තන රටාවකින්
සැනසිලිදායක ජීවන රටාවකට හුරු වුණොත්
මෙවැනි අපරාධ අඩුවෙන්නට
ඒ වාතාවරණය හේතු වනු ඇති.
===============================


පුංචි ‘සේයා’ - සෑම දෙනෙතකම කඳුළක සේයාවක්

  ===================================

"Little Susie"

Somebody killed little Susie
The girl with the tune
Who sings in the daytime at noon
She was there screaming
Beating her voice in her doom
But nobody came to her soon...

A fall down the stairs
Her dress torn
Oh the blood in her hair...
A mystery so sullen in air
She lie there so tenderly
Fashioned so slenderly
Lift her with care,
Oh the blood in her hair...

Everyone came to see
The girl that now is dead
So blind stare the eyes in her head...
And suddenly a voice from the crowd said
This girl lived in vain
Her face bear such agony, such strain...

But only the man from next door
Knew Little Susie and how he cried
As he reached down
To close Susie's eyes...
She lie there so tenderly
Fashioned so slenderly
Lift her with care
Oh the blood in her hair...

It was all for God's sake
For her singing the tune
For someone to feel her despair
To be damned to know hoping is dead and you're doomed
Then to scream out
And nobody's there...

She knew no one cared...

Father left home, poor mother died
Leaving Susie alone
Grandfather's soul too had flown...
No one to care
Just to love her
How much can one bear
Rejecting the needs in her prayers...

Neglection can kill
Like a knife in your soul
Oh it will
Little Susie fought so hard to live...
She lie there so tenderly
Fashioned so slenderly
Lift her with care
So young and so fair

 

20150909

සමන්තභද්‍ර ඔෂෝගේ අනුගාමිකයෙක්ද?


ඔෂෝ
වයස විසි එකේදී
මෝක්ෂය ලැබුවා යැයි පවසන
රජ්නීශ් නම් ඉන්දියානුවෙකි.
ඔහුගේ ජීවිතය දෙස බලන විට
ඔහු හින්දු සමථ භාවනාවන් මගින්
ඉහළ තලවල ධ්‍යාන ලබාගත්
තර්කනයෙහි දක්ෂ බුද්ධිමතෙක් බව
සිතිය හැකිය.

ඔහු නිවන මෙන් අර්ථ දක්වන්නේ
ඔහු ලැබූ ධ්‍යානය විය හැකිය.

ලෝකයේ පවතින දර්ශනවාද පිළිබඳව
ඉන්දියානු විශ්ව විද්‍යාල වලින් හදාරා
මහාචාර්ය කෙනෙකු වූ රජ්නීෂ්
ආචාර්ය රජ්නීශ් නමින්
වසර ගණනාවක් විශ්වවිද්‍යාලයෙහි සේවය කොට
පසුව ප්‍රසිද්ධ කතා පවත්වමින්
සිය ගෝලබාල පිරිස වැඩි කරගත්තේය.

බුදුන් වහන්සේ, ක්‍රිස්තුන් වහන්සේ ඇතුළු
ආගමික නායකයන් හා වෙනත් විවිධ පුද්ගලයන්
වරෙක අගය කරමින් සහ වරෙක හෙළා දකිමින්
අපූර්ව දේශනා ක්‍රමයක් මගින්
අති විශාල අනුගාමිකයන් රැසක් ලොව පුරා
ඇති කරගත්තේය.

නිදහසේ කාමයෙහි හැසිරීම අනුමත කිරීමෙන්
විවාදාත්මක අවස්ථාවන්ට මුහුණ දුන් ඔහු
පසුව භගවාන් ශ්‍රී රජ්නීශ් නමින්
නම වෙනස් කරගත්තේය.

ඉන්දියාවෙ පූනා නගරයෙහි
සිය ආශ්‍රමයක් පවත්වාගෙන ගිය ඔහු
දස දහසක් පමණ පිරිසකට
දිනපතා උදේ සහ සවස
දේශන දෙකක් පවත්වන්නට
පුරුදු වී සිටියේය.

සුඛෝපභෝගී කාමභෝගී ජීවිතය තුළින්
විමුක්තිය සොයාගන්නට ගෝලයන් යොමු කළ ඔහු
හින්දු බෞද්ධ ආගම් වල එන
භාවනා ක්‍රම ඇසුරෙන්
ඔහුගේම භාවනා ක්‍රම සිය ගණනක් ඉගැන්වීය.

කිසිවක් නොකර වාඩිවී සිටීම
හොඳම භාවනාව ලෙස
ඔහු දේශනා කළේය.

විශ්වයත් සමග ඒකත්වයට පත්වීම
ඔහු ඉගැන්වූ තවත් ක්‍රමයකි.

වසර 59ක්වූ ඔහුගේ ජීවිතයේ
අවසාන කාලය ඔහු ගතකළේ
ඇමරිකාවේ තනාගත්
සුවිශාල ආශ්‍රමයකය.

නීතියෙන් වැරදිකරුවූ ඔහු
ඇමරිකාවෙන් පිටුවහල් කරනු ලැබ
ලොව කිසිදු රටකට ඇතුල්වීමට ඉඩ නොදීම නිසා
යළි ඉන්දියාවට පැමිණ ටික කලකින්
මිය ගියේය.

අදත් ඔහුගේ අනුගාමිකයන්
ලොව පුරා විසිරී සිටින අතර
චර්යාවන් සහ දේශන වල සමාන බව නිසා
සමන්තභද්‍ර ඔෂෝගේ අනුගාමිකයෙක්ද යන
පැනය අපට ඇසීමට සිදු වෙයි..

මේ පැනයට පිළිතුරු දිය හැක්කේ
ඔහුත් ඔෂෝත් දෙදෙනාම දන්නා
ඔහුගේ අනුගාමිකයන්ටයි.
-------------------------------------------------

පහත දැක්වෙන්නේ
අන්තර්ජාලයෙන් සොයා ගත්
ඔෂෝ දේශනයක සිංහල අනුවාදයකි.
සමන්ත භද්‍ර අනුගාමිකයන්ගේ විමර්ශනය සඳහායි.

ආදරය රැදෙන්නේ එක මොහොතකට වුවත්, එය සම්පුර්ණ නම්, එක දිව්‍යයමයයි. ඔබ කෙනෙක් එක්ක මුළු ජිවිත කාළයම ගත කලත් ඒක සම්පුර්ණ ඇත්තක් නොවුණා නම්, ඒක අවලස්සනයි. එය ඔබව දීප්තිමක් කරන්නේ නැහැ. එය අනෙකාවත් සෑහීමකට පත් කරන්නේ නැහැ. ඒ නිසා තමන්ව ඔහු තුල ගිල්ලවා දමන්න. ඔහුටත් ඔබ තුල ගිලෙන්න ඉඩ ලබා දෙන්න.

වනාන්තරයේ ජිවත්වන නුගත් මිනිහෙක් වඩා යහපත්, මොකද ඔහුට වැඩියෙන් ආදරයත්, අඩුවෙන් තරගකාරීත්වයක් තිබේන නිසා, හදවත වැඩියෙන් මනස අඩුවෙන් වැඩ කරන කෙනෙක් නිසා.

ප්‍රේමවන්තයන් දෙපළකට නිශ්ශබ්දතාවයේ එකින් එකා සමග වාඩී වී සිටිය හැකිය. නිශ්ශබ්දතාවය ඔබ එකතු කරන්නා බවට පත් විය හැකිය. සත්තකින්ම...!! ප්‍රේමවන්තයන්ට පමණයි නිශ්ශබ්දතාවය තුල එකට වාඩී වී සිටිය හැක්කේ. ප්‍රේමවන්තයෝ එකට එකතු වන ඕනෑම විටෙක ඔවුන් නිශ්ශබ්ධව සිටිවී. මොකද නිශ්ශබ්දතාවයේදී දෙදෙකාටම එකතු වීමට, ඒකාත්මික වන්නට හැකියාව උදා වන නිසා.

පුද්ගලයන් දෙදෙනෙක් ඇත්තෙන්ම එකිනෙකාට ආදරය කරනවා නම්, ඔවුන් කිසිමදාක කුමන කාර්‍ය්යක් අරභයාවත් රණ්ඩු කරන්න සිදුවනවා යන්න අදහා ගන්න බැහැ. මොනම හේතුවක් නිසාවත් එක් අයෙක් මොනම හෝ අදහසක් බලෙන් පටවන්න ඔවුන් උත්සහා කරන්නේ නැහැ. ඔවුන් හැම විටම අනෙකාගේ මතයටත් ඉඩ සලසා දෙන්න උත්සහා කරාවී. රළු ක්‍රියාවකට යන්නේ නැතිව.

තමන් ප්‍රේමවන්තයෝ යැයි සිතන මිනිස්සු අඛණ්ඩවම එකිනෙකාට හිරිහැර කිරිමේ යෙදී සිටිනවා. ඔවුන්ට ඕනෑ කරන ප්‍රතිරූපය නිර්මාණය කර ගන්න අනෙක් පුද්ගලයගේ, සෑම කෙනෙකුටම ඕනේ අනෙක් පුද්ගලයා තමන්ගේ හුදු රූකඩයක් බවට පත් කර ගන්න. රැහැන් තමන් අත තබා ගත හැකි. මේ නිසා දැං නිරන්තර ගැටුම්, වේදනාව අමිහිරි පිළිකුල් සහ කාළකණ්නිකමයි පවතින් යන්නේ.

ඔබ අහස නම්, ඔබ නිර්භීතව සිටින විටදී, එවිට එතැන සගවන්නට දෙයක් ඉතිරිව නැහැ. එවිට ඔබට විවෘත විය හැකියි, එවිට ඔබ ඔබගේ සියලු සීමා මායිම් අස්කර ගන්න පුළුවන්. එවිට ඔබට හැකියාව ලැබෙනවා අනෙක් තැනැත්තාට ඔබව පසාරූ කරගෙන ඔබේ අරටුව දක්වාම එන්නට යැයි ආරාධනා කරන්න.

වැඩෙන්න,
වඩ වඩාත් අව්‍යාජ පුද්ගලයෙකු බවට පත්වී තමන්ට ආදරය කරන්න.
තමන්ට ගරු කරන්න පැවැත්ම ඔබව නිර්මාණය කල ආකාරයටම.
----ඔෂෝ----
===========================================


වැරදි දේට පක්ෂපාතී වන්නා




[[[ "ඇයි සර් අපි රටට මෙච්චර සේවයක් කරලත් අපට මෙහෙම කරන්නේ?"  
හමුදා බුද්ධි නිලධාරීහු 
රහස් පොලීසියේ ලෑල්ලක නිදිකිරා වැටෙන අතර තුර
සිය ඉහළ නිලයන්ගෙන් විමසති. ]]]
මහින්ද පතිරණගේ වාර්තාවකින්...
----------------------------------

ඔබ එසේ සිතුවත්
මහින්ද පතිරණ මෙන්ම
ඔබත් සේවය කළේ රටට නොව
රට අයිතිකරගත් පිරිසකටය.

කාගේ හෝ යටතේ වැඩ කරන ඔබට
රටට සේවය කළ නොහැක.
ඔබ සේවය කරන්නේ
ඔබ පත් කළ තැනැත්තාටය.
දහසක් අතරින්
ඔවුන් ඔබ වෙන් කරගත්තේ
ඔබ පත්කරගත්තේ
ඒ පක්ෂපාතිත්වය නිසාය.

ඔබ ඔවුන් කරන්නේ මොනවාද බැලුවේ නැත.
ඔවුන් කළ කී සියල්ල ඔබට හොඳය.

ඔබේ සොයුරන් ආයුධ පෙන්වන්නට ගොස්
සැක කරුවන්ට කෙටි නඩු තීන්දු දුන්නාක් මෙන්
ඔබට කරන්නට කී ඕනෑම දෙයක්
හොඳ නරක නොබලා ඔබ කළහ.

රට වෙනුවෙන් යයි මුළාවී
රටට වින කරන්නන් ඔබ රකින්නට ඇත.
රටට ප්‍රයෝජනවත් අය නසන්නට ඇත.

ඔවුන්ට අවාසිදායක කෙනෙකු ඝාතනය
අද ඔවුන්ට අවාසිදායක අවස්ථාවේ
ඔවුන්ගේ අණට රකින ඔබම
හෙට ඔහු මැරීම ඔවුන්ට වාසියක් වන විට
ඔවුන්ගේ අණටම
ඔහු මරාදමන්නටත් ඉඩ ඇත.

වැරදි දේට පක්ෂපාතී වන්නා
වැරදි දේ නැසෙන විට
වැරදි දේත් සමගම නැසී යයි..

සත්‍යය දකින සුළුතරය
අනිත් පැත්තට මාරුවී
ජනතාවෙන් බහුතරයක්
වෙන පිරිසක් තෝරාගත් විට
ඔවුන් තෝරාගන්නා අයට ඉඩදී
ඉවත්වූ අය සමග
ඔබත් ඉවත් විය යුතුය.

හාම්පුතුන්ගේ සේවකයන් ලෙස
ඔබේ පක්ෂපාතිත්වය අගය කළයුතුය.

ඔබේ සැබෑ හාම්පුතුන් වන්නේ
ඔබේ හාම්පුතුන්ගේද හාම්පුතුන් වූ
රටේ බහුතර ජනතාවයි.

හාම්පුතුන්ට පක්ෂපාතී වූ ඔබ
හාම්පුතුන් සමගම  ඉවත් විය යුතුය..

ඔබ කළ කී දේ අනුව
සොබා දහමෙන් වේතනය ලබා ගන්නට
ඔබේ කාලය පැමිණ ඇත.

ඔබට සුබ පතමු.

20150908

බන්දුලාල් බණ්ඩාරිගොඩට අනුව ආතල් කියන වචනය නිර්වචනය කළොත්?


මෛත්‍රී කරත්ත ටික වෙන් කරලා දෙද්දි
ඉන්න හොඳම කෙනාට කරත්තෙ දෙන්න වෙනවා.

විජයදාසට බුද්ධ ශාසනය දීම ඒ වගේ දෙයක්..
සහතික ටික බැලුවාම ඔහු තමයි සුදුසු.
ඒත් ඔහුට තියෙන්නෙ සහතික ටිකත්
හොඳ ගතිගුණත් විතරයි.

නවක මන්ත්‍රී
බන්දුලාල් බණ්ඩාරිගොඩ ඔහුට වඩා
ඒ සඳහා සුදුසු වෙන්න පුලුවන්.
දහම් පාසල් ගුරුවරුන්ට පඩි දෙන්න
ඒ දිනවල බලයෙ හිටපු
පසුව මහින්ද පිළේ කෙන්ක්
යෝජනා කළ රැස්වීමක
ඔහු ඒකට විරුද්ධ වුණා.
ඔහු කිව්වා
දහම් පාසැල් ගුරුවරයෙකුගෙ සේවය
මිළ කරන්න බෑ...
පඩි ගන්න බලාගෙන එන අයට
දහම උගන්වන්නත් බෑ කියලා.
බුද්ධශ්‍රාවකයෙක් සිතන්නෙ එහෙමයි.










එ.ජා.ප. පළාත් සභා මන්ත්‍රි බන්දුලාල් බණ්ඩාරිගොඩ
Mawbima, 2014-04-08
තෝරාගත් කොටස්


  
( 2014 දී..)
රටේ විනය පිරිහිලා.
සදාචාරාත්මක වශයෙන්
විශාල සෝදාපාළුවකට පත්වෙලා තියෙනවා.
මිනිස්සු ඉන්නේ පීඩනයක.
මේවාට විසඳුම් ලැබෙන්නේ
රටේ නායකයාගේ ක්‍රියා පිළිවෙත
යහපත් වුණොත් විතරයි.
ඔවුන් ආදර්ශවත් වෙලා විනය හදන්න ඕනෑ.
බුදු දහමෙන් කියන්නේ
'ශාසනයේ ආයුෂ තියෙන්නේ විනයත් සමඟ කියලයි.
රටක පැවැත්ම තියෙන්නෙත් විනයත් සමඟයි.
-----------------------------------

01. ඔබට අනුව ආතල් කියන වචනය නිර්වචනය කළොත්?

මම දකින විදියට එක එක්කෙනා තම තමන්ට අනුව තමයි ඔය වචනය විග්‍රහ කරන්නේ. සමහරු ඉතින් විවිධ දේවල් කරනවා කායික හා මානසික වශයෙන්. තවත් අය විවිධ දේවල් රැස් කරනවා. මම නම් ඉතින් නිදහසේ සැහැල්ලුවෙන්, මනසේ බර අඩු කරගෙන ඉන්න පුළුවන් නම් ඒක තමයි ආතල් කියලා හිතන්නේ.

08. ඔබතුමා ඔය කියන සාධාරණය ගැන කතා කරනවා නම් ගාල්ලෙන් එකට ආපු ඔබට විපක්‍ෂ නායකකම නොදෙන්න නායකත්ව මණ්ඩලය තීරණය කරන්නේ ඇයි?අපි ප්‍රතිසංවිධානයක් ඉල්ලලා කතා කළේ පක්‍ෂය ගොඩනඟන්න අවශ්‍ය නිසා. එහෙම නැතිව කාටවත් පෞද්ගලිකව වෛරයකින්, ද්වේෂයකින් නෙවෙයි. සමහර වෙලාවට මේ වගේ තීරණයක් ගන්න එවැනි කාරණාත් හේතුවෙන්න ඇති කියලා මට හිතනවා. නමුත් මේ වගේ දේවලින් මම සැලෙන්නේ නැහැ. මම අටලෝදහම අනුව ජීවත් වෙන කෙනෙක්. ජනතාවගේ ආදරය හැමදාම මට තියෙනවා.

09. ගාල්ලෙන් අංක 7 වුණු ආතල් එක මේ තීරණය නිසා කැඩුණේ නැද්ද?

මම ඇත්තටම බුදු දහමත් එක්ක ජීවත් වෙන උදේ සවස බුදුන් වඳින කෙනෙක්. ඒ නිසා මේ හැමදෙයක් දිහාම මම බොහොම උපේක්‍ෂාසහගත විදියට බලනවා. මේ ඡන්ද ප්‍රමාණය මට ලැබුණහමත් මට කල්පනා කළේ 91 ඉ¼දලාම මම පත්වුණාම හිතුවේ මගේ ආතල් එක ගන්නවාට වඩා මේ ලබාගත්තු ඡන්ද ප්‍රමාණය රැකගන්නේ කොහොමද කියලයි. ඒ නිසා මෙය මට ආතල් එකකට වඩා හැමදාම දැනුණේ බරක් විදියට. මේ ගැන ලොකු කලකිරීමක්, මානසික පීඩාවක් හිතේ නෑ. අටලෝ දහමට අනුව සියල්ලටම මුහුණ දෙනවා.

12. පෞද්ගලික ජීවිතය ඇතුළේ ඔබ ජීවත් වන්නේ ආතල් එකේද?

මම බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක්. මම කලාවට හරිම ළැදි කෙනෙක්. ඉඩක් ලැබෙන හැම වෙලාවෙම ගීතයක් අහනවා. සංගීත ප්‍රසංගයක් තිබ්බාම වේදිකාවට නැඟිලා ගීතයක් ගායනා කරන්න, පුළුවන් විදියට ලස්සනට අඳින්න පලඳින්න ප්‍රියමනාප විදියට ජීවත් වෙන්න, හිනා වෙලා සතුටින් ජීවත් වෙන්න මම හරිම කැමැතියි. ඒක තමා මගේ ආතල් එක. මගේ ගෙදර සාමාජිකයෝ නවයයි. මම තමා බාලයා. මහගෙදර මායි අම්මයි ජීවත් වෙනවා. තාත්තා නැති වුණා. ඉතින් මම කුරුල්ලා වගේ ආතල් එකේ ඉන්න මිනිහෙක්.

13. මන්ත්‍රිතුමාට දැනෙන විදියට ආණ්ඩුවේ ඉන්න ආතල්ම දේශපාලනඥයා කවුද?

මට පේන විදියට ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්න රෙජිනෝල්ඩ් පෙරේරා ආතල් එකේ ඉන්නවා වගේ පේනවා. බොහොම නිදහසේ, කලාකාමී අදහස් තියෙන ආතල් පොරක් කියලා මට හිතෙනවා.

14. එතකොට ආණ්ඩුවේ ඉන්න ආතල් කඩාගත්තු දේශපාලනඥයා කවුද?

ආණ්ඩුවේ බන්දුල ගුණවර්ධන තමයි ආතල් කඩාගත්තු ඇමැති. අඩුගාණේ පහ වසරේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල දෙද්දිවත් පොඩි උන්ටවත් ආතල් දෙන්න දන්නේ නැති ඇමැතිවරයෙක් ඔහු.

15. එ.ජා.පෙ. ඉන්න ආතල්ම මන්ත්‍රිවරයා කවුද ඔබට දැනෙන විදියට?

සුජීව සේනසිංහ මන්ත්‍රිතුමා හරිම සැහැල්ලුවෙන් ඉන්න හොඳ දැක්මක් තියෙන පරාර්ථකාමී කෙනෙක්. මහලොකු දේවල් එතුමාගේ ඔළුවේ පුරෝගෙන නැහැ. මට හිතෙනවා ඔහු ආතල් එකේ ජීවත් වෙනවා කියලා.