20160511

සිරිධම්ම හිමි සහ අතුල සිරිවර්ධන -VFM නාලිකාවේ සංවාදය Video - Audio

පුළුවන් නම් එන්න කියන්නකො
මාත් එක්ක කතා කරන්න.
ඔය ඕන කතෘ කෙනෙකුට.
කතා කරලා පුලුවනි නම් මාව පරද්දන්න කියන්න.
මාත් එක්ක සාකච්ඡා කරන්න එන්න කියන්න.
ඔවුන් එකෙක්වත් ඔලුවෙ පණ තියනකං
මං හොයාගෙන එන්නෙ නෑ..
ආවොත් පරද්දන බව දන්නවා..
මං කාටවත් බය නෑ.
මං සියල්ලන්ටම අභියෝග කරනෝ.
සියල්ලන්ව පරද්දනෝ.
සියල්ලන් පරසක්වල ගසනෝ.


සමහර මිනිස්සු කිව්වා බොරු කාරයයි කියලා.
ඒක මට ප්‍රශ්නයක් නෑ.

කොච්චර බොරුකාරයයි කිව්වත්
කිසිම ඇත්ත කියන්නෙකුට
මේ බොරුකාරයා ඉස්සරහ
කොන්ද කෙළින් තියාගන්න බැරි එකයි
ප්‍රශ්නෙ තියෙන්නෙ..

ඒ ඇත්ත කියනවයි කියන ඊනියා සත්‍යවාදීන් කිසි කෙනෙකුට
මේ බොරුකාරයා ඉස්සරහට ඇවිල්ල
හිටගෙන ඉන්න බැරි එකයි ප්‍රශ්නෙ.
 එක්කො කලන්තෙ දානෝ.
එක්කො චූ වැක්කෙරෙනෝ.
ඔය දෙකෙන් එකක් වෙනෝ.

----- සිරිධම්ම හිමි -----


 සිරිධම්ම හිමි රහත් වී නැත.
ඔහු උගන්වන දහම 

බුදු දහම මිශ්‍ර කළ මිථ්‍යා දහමකි.
----- අතුල සිරිවර්ධන -----


සංවාදය නරඹන්න.
17000ක් ඉක්මවා නරඹා තිබුණ මෙම වීඩියෝව
දැන් Youtube චැනලයෙන් ඉවත්කොට ඇත.
https://youtu.be/TR1LiI8lVXo

Audio සංවාදයට සවන්දෙන්න.
https://www.youtube.com/watch?v=WOyMnBeD45E

 
 '''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
VFM විවාදයේදී මා අතින් වූ වරදක් පිළිබඳව
වෛද්‍ය ශිෂ්‍ය චමිල ජයසේකර මගේ අවධානය යොමු කළා.

----- අතුල සිරිවර්ධන -----





Chamila Jayasekara
Chamila Jayasekara · 

ඔබ තුමා vip සාකච්චාවේදී කියනවා, රහත් බව ප්‍රකාශ කිරීමේ වැරද්දක් මම දකින්නේ නැ කියලා .... එත් බුදු හමුදුරුවෝ රහත් බව ,උපසම්පදා බික්සුන්ට හැර වෙනත් අයට ප්‍රකාශ කිරීමෙන් වලකින්ට කියලා විනය සික්ෂාපදයක් දාලා තියනවා .... ඉතින් ඔබ තුමා එහෙම කියන්නේ බුදුහාමුදුරුවන්ටත් වඩා දන්න නිසාද?

 Athula Siriwardhane
ඔව්. ඔබ හරි.. 
සමාවෙන්න.. Chamila 

මම ඒ ප්‍රකාශය වැරදි බව පිළිගන්නවා.
 අදාළ සියලු දෙනාගෙන් සමාව අයදිනවා.

මම රේරුකානේ හිමියන්ගේ
උපසම්පදා ශීලය පොත
නැවත බැලුවා.
එහි 85 පිටුවේ මෙසේ සඳහන් වෙනවා.
" සත්‍යවශයෙන් ඇත්තාවූ
උත්තරී මනුෂ්‍ය ධර්මය වුවද
උපසම්පන්නයෙකුට මිස
අනුපසම්පන්නයන්ට නොකිව යුතුය."
අනුපසම්පන්නයන් වන  
සාමණේර භික්ෂූන්ට හෝ ගිහියන්ට
උත්තරී මනුෂ්‍ය ධර්ම වූ ධ්‍යාන මාර්ග ඵල ආදිය ප්‍රකාශ කිරීමෙන්
පචිති ඇවැත් වේ.
තමාට නැති උත්තරී මනුෂ්‍ය ධර්මයන්
තමා තුළ ඇතැයි අධිමානයෙන් පවසන අයට
ඇවැත් නොවන බවත් එහි සඳහන් වේ.

අවධානය යොමු කිරීම පිළිබඳව
චමිල ජයසේකරට
අනේක වාරයක් ස්තූති කරනවා.
අදාළ සියලු තැන්වල
මේ ප්‍රකාශය පළ කරන්නටද කටයුතු කරනවා.
මගේ ප්‍රකාශයක වරදක් ඇත් නම්
පදනම් සහිතව පෙන්වා දෙන අයට
ස්තූති කරනවා.

බුදුන් වහන්සේ වදාළ දෙයක් කියන විට
මා අතින් වරදින්න පුලුවන්.
ඒත් උන් වහන්සේගේ ප්‍රකාශ
හිතා මතා වෙනස් කිරීමක්
කිසි විටක සිදු නොකරන බව කිව යුතුයි.

=================================================

උත්තරී මනුෂ්‍ය ධර්මයන් ප්‍රකාශ කිරීම
පිළිබඳව අදාළ පිටු
රේරුකානේ හිමියන්ගේ " උපසම්පදා ශීලය " පොතෙන්.



---------------------------------------------------------------






6 comments:

  1. Hats off for you, Athula ayya!!

    ReplyDelete
  2. ඔබතුමා ලියනා දෑ කලක් පරිහරණය කල කෙනෙක් හැටියට මට දැන් ටිකක් තේරුම අඩුයි ඇයි මේ පලක් නැති ව්‍යායාම වල ඔබතුමා යෙදෙන්නේ කියලා

    ReplyDelete
    Replies
    1. ´´මහණෙනි,
      අනුන් මාගේ හෝ ධර්මයේ හෝ
      සංඝයාගේ හෝ නුගුණ කියද්ද,
      එවිට තොප විසින් මෙය,
      මේ හෙයින් වෙන්ට නුපුළුවන.
      මෙය මේ නිසා අසත්‍යය. මෙය අප කෙරෙහි නැත.
      මෙය අප කෙරෙහි දකින්ට නැත.
      බොරුව බොරුව මෙන් එළිදරවු කළ යුතුය´´.
      --------------------------------------
      Thissa..
      Pilithuru denna thiyagena hitiya nisaa pamaawuna.

      Delete
  3. the announcer should be unbiased, instead he is trying to make athula is wrong...this samantha badra hasn't not only become rahath, he is not belongs even to priesthood, he is only wearing a robe...and misleading innocent people...all the best athula...

    ReplyDelete
  4. බොරුව බොරුව මෙන් එළිදරවු කළ යුතුය

    ReplyDelete
  5. Dear Athula, I could not have been any more prouder of your attempt to expose and dispel unsubstantiated claims of Ven Pitiduwe Siridhamma as a "Rahath" Buddhist priest. I agree that he is an extremely well read and educated Buddhist Monk who also have developed skills in Rhetor and a marketing aspect. His skills has found him an area where he can excel as well as the weakness of the audience. Thus far, his claims have gone unchallenged by anyone and this is the grounds he has developed skillfully to dwell on.

    His attitude towards anyone challenging him and his applications of a Dhamma in a ridiculing fashion and demeaning nature is uncharacteristic of a Rahat status in my opinion. He is quick to recognize words where he can degrade someone and goes right into negating the opponents case immediately. He has excellent debating skills.

    Using low quality vocabulary by him shocked me. When you brought it up towards the latter part of the show, dispelling it by the moderator took me by utter surprise and even dismay as it to be a biased show favoring the Con artist Buddhist Priest.
    Hemnath

    ReplyDelete