20180323

ලිංගික නිදහසේ සීමාව කොතනද?

Sithumini Rathnamalala
[[[ බුදු දහමේ සමලිංගිකත්වය කාමයේ වරදවා හැසිරීමක් කියලා තියෙන්නේ කොතැනද ? ]]]

ලිංගික නිදහසේ සීමාව කොතනද?

බලු මිනිස් විවාහ, ගව මිනිස් විවාහවලට
නිදහස ඉල්ලන්නට මිනිසුන් ප්‍රමාද වැඩිද?

සිතුමිණි වගේ නිරාගමිකයන් පවා
බුදු දහමට අනුව හරි වැරදි සෙවීම
ඉතාම හොඳ ප්‍රවණතාවයක්.

ගිහියන්ට බුදු දහම සලකන්නෙ
මොන්ටිසෝරි දරුවන්ට වගෙයි..
ඔවුන් ඒ සැලකීමට සුදුසුයි.
දුකෙන් මිදෙන්නට නම්
සැප විඳිය යුතුයි කියලයි
ඔවුන් හිතාගෙන ඉන්නෙ.
අයිස් ක්‍රීම් එකකින්, උණු තේ එකකින්
ඔවුන් විඳින සැප කියන්නෙ
දුකෙහි ඔවුන්ට ප්‍රිය පරාසය බව
ඔවුන්ට පෙන්වා දෙන්න බෑ.

දුකෙන් මිදෙමින් නිවනට යන පාර
නිවන පැත්තට යද්දි පටු වෙනවා.
නිවනෙන් ඈතට යන කෙනෙකුට
වැරදි කරන්න සීමා මායිම් නෑ.

දුකෙන් මිදෙන්න යන කෙනෙකුට
සීමා මායිම් තියන නමුත්
දුක් විඳින කෙනෙකුට සීමා නෑ.
සැපක් කියා හිතෙන ඕනම දුකක්
විඳින්න අවකාශ තියනවා.

බුදු දහමෙ භික්ෂුව කියන්නෙ
දුකෙන් මිදීම එකම අරමුණ කරගත්
විශේෂ මිනිසුන් පිරිසක්.
ඔවුන්ට චේතනාන්විත ශුක්‍ර මෝචනයත්
අකැප විදියටයි සඳහන් වෙන්නෙ.
ස්ත්‍රියක සමග මෛථූන්‍යයෙහි යෙදීම
සතර පාරාජිකාවෙන් එකක්.

ගිහියන්ට ඒ විනය නීති පැණවීම
ප්‍රායෝගික නැති බව ඇත්තයි.
පන්සිල් වලින් එහාට, අටසිල් පවා
රහතුන් විසින් රැකෙන විශේෂ සීලයක් ලෙස
බුදුන් වහන්සේ දක්වනවා.
ස්වාභාවික නොවූ කාමයෙහි හැසිරීම
කාමයෙහි වරදවා හැසිරීම අනුව
තමන්ගේ නැණ පමණින් අරුත් දක්වන්න
ගිහියාට ඉඩ හසර තියනවා.
සිතුමිණි හැසිරෙන්න යන ප්‍රදේශය
පවතින්නෙ ඒ අවකාශය තුළයි.

තිරිසන් සතුන් සමග සංවාසය ගැනත්
සමලිංගික සේවනය ගැනත්
භික්ෂූන්ට විනය නීති පණවා තියනවා.
එහෙම කරන්නෙ වරදක් තියන නිසයි.

ශීලාචාර ගිහි සමාජයක
සමලිංගිකත්වය වෙනම අරන්
කතා කළයුතු දෙයක් නොවෙයි..
ඒ චර්යාව සම්පූර්ණයෙන්ම අස්වාභාවිකයි.

ලිංගිකව සම වර්ගයා සමග
සමලිංගික සේවනයෙ යෙදීමත්
තිරිසන් සතුන් සමග ලිංගික සේවනයෙ යෙදීමත්
බුදු දහමෙ ගිහියන්ට එපා කියල නෑ.
කරන්න කියලත් නෑ..
ඒ ගැන කතා කිරීමෙන් පවා
බුදුන් වහන්සේ වැළකී තියනවා.

බුදුන් වහන්සේ එපා කියල නැති නිසා
තව පරම්පරාවක් දෙකක් යද්දි
ඇමරිකාව වගේ රටවල් වල
බලු මිනිස් විවාහ, ගව මිනිස් විවාහ
නිරාගමික පිරිස් අතර පිළිගනීවි.
අපේ රටවල් වල අයත් අවසර ඉල්ලාවි.

බුදුන් වහන්සේ එපා කියල නැති නිසා
එදාටත් සිතුමිණි වගේ අය
බලු මිනිස් විවාහ, ගව මිනිස් විවාහ ඉල්ලා
සටන් වදීවි.