සරලව
කර්මයක් කියන්නෙ
මනසෙහි පහළ වෙන ආවේගයක්...
වචනයෙන් හෝ ක්‍රියාවකින්
බාහිර ලෝකයෙහි යම් වෙනසක්
කම්පනයක් ඇති කිරීමයි.
විදුලි පරිපථයක තියන බොත්තමක් එබීමෙන්
විදුලි සීනුවක් වදින්න සැලැස්විය හැකියි.
විදුලි බල්බයක් දැල්වෙන්න සැලැස්විය හැකියි.
අපිට මාසේ අන්තිමට බිල එන්නෙ
අපි භාවිතා කළ විදුලියටයි.
කර්මයත් ඒ වගෙයි.
කර්ම විපාකය සකස් වෙන්නෙ
සිතේ ඇතිවෙන චේතනාවටයි.
විදුලි සීනුවක් වදින්න සැලැස්විය හැකියි.
විදුලි බල්බයක් දැල්වෙන්න සැලැස්විය හැකියි.
අපිට මාසේ අන්තිමට බිල එන්නෙ
අපි භාවිතා කළ විදුලියටයි.
කර්මයත් ඒ වගෙයි.
කර්ම විපාකය සකස් වෙන්නෙ
සිතේ ඇතිවෙන චේතනාවටයි.
ඔබේ නිවස ඉදිරිපිටට එන ඔබේ සතුරෙක්
ඔබට අසභ්‍ය වචනයෙන් බණිනවා.
ඔබේ දෙසවන් වල මේ කටුක හඬ ස්පර්ශ වෙනවා.
මේ සිදුවීම නිසා
ඔබ තුළ උපදින වේදනා ඔබට අප්‍රසන්නයි.
මේ අප්‍රිය වේදනා නිසා
ඔබ තුළ ද්වේශ සංස්කාර ඇති වෙනවා.
ඒ කායික ප්‍රතිඵලයයි.
මනසත් මේ ද්වේශය පෝෂණය කරනවා.
චිත්ත මට්ටමේදි
හැඟීමක් වන ද්වේශය
සිතුවිලි බවට පත් වෙද්දි
ව්‍යාපාද නීවරණය බවට පත් වෙනවා.
1, කටුක ස්පර්ශය
2, කටුක වේදනාව
3, සංඥාවට දුක්ඛ වේදනාව
4, ද්වේශ සංස්කාරය
5, ව්‍යාපාද නීවරණය
මේ ව්‍යාපාද සිතුවිලි වලට
විඥාණයෙ රැස්වෙලා තියන
පැරණි ද්වේශ සංස්කාරත් එක් වෙනවා.
ඔබේ විඥාණයෙ
ඔබ ගැන ඔබ තැන්පත් කරගෙන තියන
මානයෙහි ප්‍රමාණය අනුව සහ
ඔබ තනාගෙන තියන ප්‍රතිරූපය අනුව
මේ වචන අසල ඉන්න අයට ඇසීමෙන්
අන් අය ඔබ ගැන සිතන ආකාරය
වෙනස් වෙන විදිය පිළිබඳව
ඔබේ විඥාණය තුළ නැගෙන තොරතුරු සහ
පැරණි ද්වේශ සංස්කාර නිසා
පළමු ද්වේශය මානසිකවත් වැඩෙනවා.
මේ අප්‍රසන්න අත්දැකීම අවසාන කරන්නට
ඔබට ස්වාභාවික උවමනාවක් ඇති වෙනවා.
කායික මානසික පසු බිම තුළ ඇතිවෙන
වේදනා දුක් සහිත වීම නිසා
ඉන් ඇති වෙන්නෙ තණ්හාවයි.
හතුරෙක් දුටු විගස
ගොරවාගෙන හපාකන්න පනින
තිරිසනුන් තුළ ඇතිවෙන ආකාරයටම
ද්වේශයෙන් මනස දැවෙන විට
මිනිසා තුළත්
පොරකන්න අවශ්‍ය හෝමෝන ඇති වෙනවා.
ඔබ සිල්වතෙක් හෝ නිවටයෙක් නම්
ඒ ද්වේශයට යටත් වෙලා
ඔහුට හානියක් නොකරන්න පුලුවන්.
නිවටයා ක්‍රියාත්මක නොවෙන්නෙ දුර්වලකම නිසයි.
සිල්වතා ඉදිරිපත් නොවෙන්නෙ ආත්ම දමනය නිසයි.
ක්‍රියාවට නැගුණෙ නැතත්
සිල්වතා තුළත් නිවටයා තුළත්
එකම ආකාරයට ද්වේශය ඇති වෙනවා.
කායිකව වෙනස්කම් සිදු වෙනවා.
හෘදයේ ක්‍රියාකාරිත්වය ඉහළ යනවා.
රුධිර පීඩනය වැඩි වෙනවා.
විරෝධාකල්පික හෝමෝන
රුධිර ධාරාවට එක් වෙනවා.
කායිකව ඔහු දූෂ්‍ය වෙනවා.
මේ දූෂ්‍ය වීම ඔහුටම අප්‍රසන්නයි.
පළමුව දෝෂාරෝපණය නිසා
ඔහු තුළ ද්වේශය ආරෝපණය වුණා.
ඔහු තුළ නව ද්වේශ සංස්කාර ඇති වුණා.
ඒ අනුව විඥාණය කැළතී
පැරණි ද්වේශ සංස්කාර පහළ වීමෙන්
විඥාණය මානසිකව ඒ ද්වේශය පෝෂණය කළා.
හෝමෝන කායිකව ක්‍රියා කරමින්
ඒ ද්වේශය පෝෂණය කළා.
ඔහුගෙ ද්වේශය නිසා ඔහු දූෂ්‍ය වුණා.
මේ කායික මානසික දූෂණය දරාගෙන
සිල්වතාත් නිවටයාත් ඇතුළතින් දුක් විඳිනවා.
ඔවුන්ගෙන් වචන සහ ක්‍රියා සිදු වෙන්නෙ නෑ.
ඔවුන්ගෙ පාපී චේතනාවෙන් ඔවුන් දැන් දැවෙනවා.
ඉධ තප්පති.
පාපී චේතනා නිසා
කායිකව අනවශ්‍ය හෝමෝන ප්‍රමාණයක්
රුධිර ධාරාවට එක් වී තියනවා.
ඒ හෝමෝන තියන බව දැනෙන තුරු
ඔහුගෙ මනස ද්වේශයෙන් පසු වෙනවා.
ඔහු සිදුවීමෙන් පසුවත් දැවෙනවා.
පෙච්ච තප්පති.
මේ හෝමෝන සහ කායික ව්‍යුහයේ
ක්‍රියාකාරිත්වය පමණ ඉක්මවීම
ඔහුගෙ කයේ පැවැත්මට හානියක්.
මානසිකව ඔහු තුළ ඇති වූ ද්වේශ සංස්කාර
අනුසය කෙලෙස් ලෙස විඥාණයේ තැන්පත් වෙනවා.
ඔහු පසුවත් දැවෙන්නට හේතුවක්.
ඔහුගේ ද්වේශ සංස්කාර ප්‍රමාණය ඉහළ යනවා.
ද්වේශ සංස්කාර පවතින තුරු
ඔහු දුක් විඳිනවා.
ඔබ මැර චරිතයක් නම්
ඔබ සංස්කාර වලට යටත් වී
ද්වේශයෙන් ක්‍රියා කරන්න පෙළඹෙනවා.
මානසිකව ඇතිවෙන ද්වේශ සංස්කාර සහ
කායිකව නිපදවෙන හෝමෝන නිසා
ඔබත් ඔහුට ද්වේශ සහගතව
ප්‍රති උත්තර දෙන්න පුලුවන්.
නැත්නම් නිවසේ ඇති යකඩ පොල්ලක් ගෙන ගොස්
සතුරාට මැරී වැටෙන්නම
පහර දෙන්න පුලුවන්.
ඔබ මනඃ වචී කාය කර්ම
තුනම කරනවා.
ඔබේ කර්මය සකස් වෙන්නෙ
ඔබ ඔහුට බැණ වදින මොහොතේ හෝ
ඔහු මැරී වැටෙන මොහොතේ නොවෙයි.
ඔබේ කර්මය සකස් වෙන්නෙ
මනඃ කර්මය ඇරඹෙද්දිමයි.
ඔහුගේ රළු, කටුක නොසරුප් වදන්
ඔබේ සවනෙහි ස්පර්ශවීමෙන්
ඔබ තුළ උපදින වේදනාව
සංඥාව විසින් දුක්ඛ වේදනාවක් ලෙස
හඳුනා ගැනීම නිසා
පළමු ද්වේශ සංස්කාරය පහළ වෙන මොහොතෙම
ඔබේ කර්මය ඇරඹෙනවා.
කර්මය මනසෙහි පටන්ම කර්මයයි.
ද්වේශ චේතනාව කර්මයයි.
මනසෙන් ඇරඹෙන කර්මයෙහි
දෙවන පියවර වචනයයි.
තෙවන පියවර ක්‍රියාවයි.
මහණෙනි,
මේ පුද්ගලයෝ තුන්දෙනෙක් ලොව්හි විද්‍යාමාන වෙත්.
කවර තුන් දෙනක යත්:
මහණෙනි,
මෙලොවෙහි කිසි පුද්ගලයෙක්
ව්‍යාපාද සහිත කායසංස්කාරය රැස් කෙරෙයි.
ව්‍යාපාද සහිත වාක්සංස්කාරය රැස් කෙරෙයි.
ව්‍යාපාද සහිත මනඃසංස්කාරය රැස් කෙරෙයි.
හේ ව්‍යාපාද සහිත කායසංස්කාරය රැස් කොට,
ව්‍යාපාද සහිත වාක්සංස්කාරය රැස් කොට,
ව්‍යාපාද සහිත මනඃසංස්කාරය රැස් කොට
ව්‍යාපාද සහිත පැවැත්මක් සකස් කරගනියි.
ව්‍යාපාද සහිත පැවැත්මක් සකස් කරගත් නිසා
ව්‍යාපාද සහිත ස්පර්ශ ලබයි.
නිරයෙහි මෙන් ඒකාන්තයෙන්ම
ව්‍යාපාද සහිත වෙදනා විඳින්නේ ය
මහණෙනි,
ධර්‍ම තුණෙකින් සමන්වාගත බාල තෙමේ දතයුතු වේ.
කවර තුණෙකින යත්:
අකුශල වූ කායකර්‍මයෙන,
අකුශල වූ වාක්කර්‍මයෙන,
අකුශල වූ මනඃකර්‍මයෙන.
මහණෙනි,
මේ ධර්‍ම තුණෙන් සමන්වාගත වූ බාල තෙමේ දතයුතු වේ.