20180324

සමලිංගිකත්වය බුද්ධිමතුන්ගේ රෝගයක්. ( ප්‍රඥාවෙන් සුව කළ හැකියි.)


සමලිංගික ප්‍රඥාවන්තයන් නෑ.
ප්‍රඥාවන්ත සමලිංගිකයන් නෑ.
සමලිංගිකත්වය
බුද්ධිමතුන්ගේ රෝගයක්.

සමලිංගිකත්වය මෝඩකමක්.
ඒත් මෝඩ නූගත් සමලිංගිකයන්
විශේෂිත සිරකඳවුරු වල සිටියත්
සාමාන්‍ය සමාජය තුළ නෑ..

සමලිංගිකත්වය
බුද්ධිමත් කම නිසා ඇතිවෙන
මන්ද බුද්ධික බවේ අතුරු ලක්ෂණයක්.
වඩාත් නිවැරදිව කිව්වොත්
මඳ ප්‍රඥාවේ ලක්ෂණයක්.

සාමාන්‍යයෙන් බුද්ධිමතුන් තුළ දකින
මන්ද බුද්ධික බව වෙනත් අවස්ථාවන් වලත්
අපිට අහන්න දකින්න ලැබෙනවා.
සමලිංගිකත්වය ඉන් වෙනස් වන්නෙ නෑ.

නූගතුන් අතර සමලිංගිකත්වය තියෙන්නෙ
සිර කඳවුරු, හමුදා කඳවුරු වැනි
නීත්‍යානුකූල සිර කඳවුරු තුළ සහ
පන්සල් පල්ලි වැනි සංස්කෘතික සීමාවන් වලට
අකමැත්තෙන් කොටුවී දුක් විඳින
මානසික සිරකඳවුරු තුළයි.
ඔවුන් කම් සුවයට ඍජුවම ආදේශක සොයනවා.

සත්වෝද්‍යානවල ඉන්න සතුන් තුළත්
එවැනි අස්වාභාවික හැසිරීම් තියනවා.
අපේ සත්වෝද්‍යානෙත් තියනවා.
මිනිස්සුන්ටත් ඒ හැසිරීම් හුරු වෙන්නෙ
සංස්කෘතියෙ සීමාවන් ඉක්මවා යන අයට සහ
ඒ සීමාවන් තුළ අකමැත්තෙන් කොටු වුණ අයට
ඒ හිරවීම තුළ සොයාගන්න සිදුවෙන
අස්වාභාවික විසඳුම් නිසයි..

ඒ අස්වාභාවික තත්වය  සමාජය හෙළා දැකිය යුතු නෑ.
ඒ වගේම සමානාත්මතාවයෙන් භාරගත යුතුත් නෑ.

සමාජයෙන් කොන් නොවී හැසිරෙන්නට
සාමාන්‍ය සමාජය තුළ සමලිංගිකයන්
ඔවුන් විඳින උපකල්පිත කම්සුවයට
උපකල්පිත හේතු සාධක හොයාගෙන
තාර්කික ආවරණයක් මනසින් හදාගෙන
අපත් ඒ සිර කඳවුරට කොටු කරගන්න
අප්‍රමාණ උත්සාහයක් දරනවා.

අප ඉදිරියේ කවර තර්ක ඉදිරිපත් කළත්
ඔවුන් කම්සුව විඳින්නෙ චිත්ත රූපයක් සමගයි.
ඔවුන් දකින්නෙ තමන්ට අවශ්‍ය දේ විනා
සමස්තයට සාපේක්ෂව සත්‍ය දේ නොවෙයි.

සමස්තය නොදකින බුද්ධිමතා
"දකින වපසරිය" සාධාරණීකරණය කරගෙන
තමන්ගේ දුර්වලකම විශේෂත්වයක් ලෙස
සමාජයට ඔප්පු කිරීමට සමත් වීම නිසා
අද සමහරු සමලිංගිකත්වය පිළිගන්නවා.
ඒ ඔවුන්ගේ මන්ද බුද්ධිකභාවයට
සමලිංගික බවේ ඇතුළාන්ත ස්වභාවය
ගෝචර නොවීම නිසයි.

සමාජයේ සිටින තවත් බිරිසක්
සමලිංගික බව තමන් විඳින කම්සුවයට සමානයැයි
ඒ පිළිබඳ කිසිදු අත්දැකීමක් නැතිව
බුද්ධියෙන් උපකල්පනය කරනවා.
ඒ උපකල්පනයක් සමග එකඟ වෙලා
ඔවුනුත් සමලිංගිකයාගේ උපකල්පිත කම්සුවය
තර්කයෙන් සාධාරණීකරණය කරනවා.

සමලිංගිකයන් නොවී සමලිංගිකත්වයට
උල්පන්දන් දෙන පිරිසේ ඉන්න ස්ත්‍රී පුරුෂයන්
ජීවිතේ එක වරක් හෝ ඒ අත්දැකීම
විඳ පසක් කළ යුතුයි.
ඒ අත්දැකීම තමන්ගෙ සැබෑ අත්දැකීමට
හැම විදියෙන්ම සසඳා බැලිය යුතුයි.
කායික-මානසිකවත් පූර්ව අපර වශයෙනුත්
සංසන්දනය කොට විමසිය යුතුයි.
තර්කයෙන් එකඟවීම වංචාවක්.
පළමුවෙන්ම ආත්ම වංචාවක්.
බුද්ධිමතුන් ආත්ම වංචාවට දක්ෂයි.

චිත්තරූපයක් සමග කම් සුව විඳීම
ස්වයං වින්දනය බව කවුරුත් දන්නවා.
සමලිංගිකත්වයත් ඉන් වෙනස් වෙන්න
තමන් වෙනුවට වෙනත් සම වර්ගයේ කෙනෙක්
ආදේශ වෙලා සිටින නිසයි.

සමලිංගිකයා සංවාසයෙහි යෙදෙන්නෙ
විරුද්ධ ලිංගිකයා මෙන් සිතන
ආදේශකයක් සමගයි.

තමන් කම් සුව ලබන සමලිංගිකයා
විරුද්ධ ලිංගයට ආදේශකයක් නොවෙයි නම්
ඒ විදියට සමලිංගිකයන්ගෙන්
ලිංගික සුවයක් සොයන්නේ ඇයි.?

විරුද්ධ ලිංගයක් අවශ්‍ය වෙන්නෙ
ලිංගිකව සුවයක් ලබන්නටයි.
ඒ සුවය උපකල්පනයක් පමණයි.

බුද්ධිමතා ජීවත් වෙන්නෙ
උපකල්පන සමගයි.

ප්‍රඥාවන්තයන්
චිත්ත රූප මවාගෙන
විඳින්නෙ නෑ.
බුද්ධිමතුන්ට ලිංගික සුවයත්
උපකල්පන සමග විඳින්න පුලුවන්.
ඔහු තර්ක හදාගෙන සිත රවටාගෙන
කම් සුවය වැනි විකෘති යමක්
කම් සුවය මෙන් විඳිනවා.
බුද්ධිමතුන්ට වංචා කරන්න පුලුවන්.
ආත්ම වංචාව වඩාත් හොඳින් කරන්න
බුද්ධිමතුන්ට පුලුවන්.

ප්‍රඥාවන්තයා කියන්නෙ
මේ මොහොතෙ පවතින සත්‍යය
ඒ ආකාරයෙන්ම දකින කෙනෙක්.
ඔහු ස්ත්‍රී පුරුෂ වෙනසත් ඒ ආකාරයටම දකිනවා.
ඒ නිසා ප්‍රඥාවන්තයාට සමලිංගිකයන්ගෙන්
සැබෑ කම් සුවයක් විඳින්න බැහැ.

කාය වේදනා මට්ටමේ පටන්
ප්‍රඥාව දියුණු කරන කෙනෙකුට
සමලිංගිකත්වය සුව කරගන්න පුලුවන්.

20180323

ලිංගික නිදහසේ සීමාව කොතනද?

Sithumini Rathnamalala
[[[ බුදු දහමේ සමලිංගිකත්වය කාමයේ වරදවා හැසිරීමක් කියලා තියෙන්නේ කොතැනද ? ]]]

ලිංගික නිදහසේ සීමාව කොතනද?

බලු මිනිස් විවාහ, ගව මිනිස් විවාහවලට
නිදහස ඉල්ලන්නට මිනිසුන් ප්‍රමාද වැඩිද?

සිතුමිණි වගේ නිරාගමිකයන් පවා
බුදු දහමට අනුව හරි වැරදි සෙවීම
ඉතාම හොඳ ප්‍රවණතාවයක්.

ගිහියන්ට බුදු දහම සලකන්නෙ
මොන්ටිසෝරි දරුවන්ට වගෙයි..
ඔවුන් ඒ සැලකීමට සුදුසුයි.
දුකෙන් මිදෙන්නට නම්
සැප විඳිය යුතුයි කියලයි
ඔවුන් හිතාගෙන ඉන්නෙ.
අයිස් ක්‍රීම් එකකින්, උණු තේ එකකින්
ඔවුන් විඳින සැප කියන්නෙ
දුකෙහි ඔවුන්ට ප්‍රිය පරාසය බව
ඔවුන්ට පෙන්වා දෙන්න බෑ.

දුකෙන් මිදෙමින් නිවනට යන පාර
නිවන පැත්තට යද්දි පටු වෙනවා.
නිවනෙන් ඈතට යන කෙනෙකුට
වැරදි කරන්න සීමා මායිම් නෑ.

දුකෙන් මිදෙන්න යන කෙනෙකුට
සීමා මායිම් තියන නමුත්
දුක් විඳින කෙනෙකුට සීමා නෑ.
සැපක් කියා හිතෙන ඕනම දුකක්
විඳින්න අවකාශ තියනවා.

බුදු දහමෙ භික්ෂුව කියන්නෙ
දුකෙන් මිදීම එකම අරමුණ කරගත්
විශේෂ මිනිසුන් පිරිසක්.
ඔවුන්ට චේතනාන්විත ශුක්‍ර මෝචනයත්
අකැප විදියටයි සඳහන් වෙන්නෙ.
ස්ත්‍රියක සමග මෛථූන්‍යයෙහි යෙදීම
සතර පාරාජිකාවෙන් එකක්.

ගිහියන්ට ඒ විනය නීති පැණවීම
ප්‍රායෝගික නැති බව ඇත්තයි.
පන්සිල් වලින් එහාට, අටසිල් පවා
රහතුන් විසින් රැකෙන විශේෂ සීලයක් ලෙස
බුදුන් වහන්සේ දක්වනවා.
ස්වාභාවික නොවූ කාමයෙහි හැසිරීම
කාමයෙහි වරදවා හැසිරීම අනුව
තමන්ගේ නැණ පමණින් අරුත් දක්වන්න
ගිහියාට ඉඩ හසර තියනවා.
සිතුමිණි හැසිරෙන්න යන ප්‍රදේශය
පවතින්නෙ ඒ අවකාශය තුළයි.

තිරිසන් සතුන් සමග සංවාසය ගැනත්
සමලිංගික සේවනය ගැනත්
භික්ෂූන්ට විනය නීති පණවා තියනවා.
එහෙම කරන්නෙ වරදක් තියන නිසයි.

ශීලාචාර ගිහි සමාජයක
සමලිංගිකත්වය වෙනම අරන්
කතා කළයුතු දෙයක් නොවෙයි..
ඒ චර්යාව සම්පූර්ණයෙන්ම අස්වාභාවිකයි.

ලිංගිකව සම වර්ගයා සමග
සමලිංගික සේවනයෙ යෙදීමත්
තිරිසන් සතුන් සමග ලිංගික සේවනයෙ යෙදීමත්
බුදු දහමෙ ගිහියන්ට එපා කියල නෑ.
කරන්න කියලත් නෑ..
ඒ ගැන කතා කිරීමෙන් පවා
බුදුන් වහන්සේ වැළකී තියනවා.

බුදුන් වහන්සේ එපා කියල නැති නිසා
තව පරම්පරාවක් දෙකක් යද්දි
ඇමරිකාව වගේ රටවල් වල
බලු මිනිස් විවාහ, ගව මිනිස් විවාහ
නිරාගමික පිරිස් අතර පිළිගනීවි.
අපේ රටවල් වල අයත් අවසර ඉල්ලාවි.

බුදුන් වහන්සේ එපා කියල නැති නිසා
එදාටත් සිතුමිණි වගේ අය
බලු මිනිස් විවාහ, ගව මිනිස් විවාහ ඉල්ලා
සටන් වදීවි.

20180317

ජයග්‍රාහී "කූඹියෝ" ලකාගේ නොවිඳීමෙහි ප්‍රතිඵලයකි.


VPN මගින් "මොනම හේතුවකටවත්"
ෆේස්බුක් නොගිය අය අතර
ලකා වැන්නෙකුත් සිටීම
VPN මගින් ෆේස්බුක් නොගිය අපට
වෙනම සතුටකි.

කූඹි කෑමට ලක්වූවන් අතර
අන්තිම එපිය සුරතාන්තයක් කරගෙන
එහි රස විඳින්නට යොමුවෙන පිරිස
අවසානයෙන් පසු පත්වෙන ඉරණමට
ඔවුන් යොමු කරන නියමුවා ඔහුය.
ඔවුන් සොයන සුරතාන්තයට යොමුකළ
කම් සුවයෙහි දායකයා ලකාය.

එහෙත් ලකා කියන්නේ වෙනම කතාවකි.
ඔහුට පළමු කොටසත් අවසාන කොටසත්
දෙකම එකය...

"එක්ව බිම වාඩිවී බැලීමේ ආතල් එක
මේ වන විට වෙනස්මානයකට ගොස් ඇත."
ලකා කිය

=========================
හිතවතුනි,
මොනම හේතුවකටවත් VPN වලින් ෆේස්බුක් නොයන ස්ථාවරයක සිටියෙමි. එබැවින් බොහොමයක් දේ මා නොදනියි. අප හැදුවේ ගෙදර සාලයේ සිට මිනිස්සුන්ට බලා ආතල් ගන්නා නාට්ටියකි. පළමු කොටසත් අවසාන කොටසත් මටනම් එකමය. එක්ව බිම වාඩිවී බැලීමේ ආතල් එක මේ වනවිට වෙනස්මානයකට ගොස් ඇත. මේ කිසිම Event එකකට මාගේ සම්බන්දයක් නැත. ඒවා ඒ ඒ කණ්ඩායම් හා ආයතන විසින් සංවිධානය කරන දේය. මටද ස්තාන දෙකකින් ආරධනා ලැබී තිබිණි. මම ඒ දෙකටම සහබාගි වෙමි.
ස්වාධීන රූපවාහිනිය මෙහි නිළ හිමිකරුය. එබැවින් ඔවුන්ට ඕනෑම ආකාරයෙන් ඒ වෙනුවෙන් උත්සවයක් සංවිධානය කළ හැක. හිතවතුනි, වෙනදා මෙන්ම සාලයේ හෝ ලැප්ටොප් එකේ හෝ මෙය බලන්න. මමද කොහේ සිටියත් හැම තත්පරයකම අවසානය ගැන වෙනදාමෙන්ම ඔබ කියන දේ බැලීමට පුල පුලා බලා සිටිමි.
මෙය පටන් ගැනීමටත්, හැදීමටත්, විකුණාගැනීමටත් පාරවල් ගනේ, සිකුරිටි ගේට්ටු ඉදිරිපිට, reception වල පැය ගනන් දවස්ගනන් චාටර් වූ මටත් දමිතයාටත් මේ අවසන් කොටසට සම්බන්ධයෙන් වන සිදුවීම් දෙස බලා කීමට ඇත්තේ "ඒක වෙනමම වෙනමම වෙනමම ආතල් එකක් " බවය.....
=========================

සුරතාන්තය
එකම විඳීම ලෙස සලකන රාගිකයාට
කවර ස්ත්‍රියක වුව දූෂණය කළ හැක.

එහෙත්,
ජීවිතයට සංවේදීව
කම් සුව විඳින්නාට ඔහු හෙළූ පළමු බැල්මත්
සුරතාන්තය මෙන්ම සුන්දරය.

අප කූඹියන් සමග එක්වූයේ
කූඹියෝ බවත් නොදැන අයිටීඑන් එකටත් පෙර
අහම්බෙන් දුටු පළමු කොටස දුටු දාමය.
ඉන් පසු අඩු වැඩි වෙමින් ඊට බැඳෙමින්
එහි අවසානයෙහි මුව විටේ පසු වෙමු.

එදා කූඹියෝ දෙස හෙළූ පළමු බැල්මට
අද ලබන සුරතාන්තය දෙවෙනි වේදැයි
මා තුළ ඇති අනියත අවිනිශ්චිතයම
අතිශය වෙනස් කෝණයකින්
ලකාටත් ඇති බවට සැක නැත.
එහෙත්
ප්‍රතිඵලය කුමක් වුවද
ඊට සංවේදීවන නමුත්
ඒ ප්‍රතිඵලයද ලකා නොවිඳින බවත්
මට සැක නැත.

මා ලකා තුළ අගය කරන්නේ
ඔහු විඳින නොවිඳීමය.

නොවිඳීම නාඳුනන අයට
ලකාගේ නො විඳීම පෙනෙන්නේ
නෂ්ඨකාමය මෙන් විය හැක.
එහෙත් ඔහු කාමය නි වැරදිව විඳින
අතළොස්සක් වූ වාසනාවන්තයෙකි.

කම් සුවයට යටත් නැති ඔහු
ස්ත්‍රියට යටත් නැති බවද
ඔහුගේ බිරිඳට වඩා නිසැකව
මට කිව හැක.

ලකා VPN මගින් ෆේස්බුක් නාවේ
විඳීම තුළ විඳිය නොහැකි සුවයක්
නොවිඳීම තුළ විඳි නිසාදැයි නොදනිමි.

එහෙත්
අවම වශයෙන් ඔහු සිය ජීවිතයෙන්
ආස්වාදයෙහි ආදීනව දැන හඳුනා
ආස්වාදය ඉක්මවා එක පියවරක් තබා
ඒ තුළින් නිස්සරණය ( වහල් නොවීම )
පසක් කළ කෙනෙකු බව නම් දනිමි.

කූඹියෝ සහ එහි ජනප්‍රියත්වය ගැන
ලකා කියන බොහෝ දේ අසා දැක ඇති නිසා
ඔහුගේ "නොවිඳීමෙහි සාන්ද්‍රණය" ගැන
යම් හැඟීමක් මා තුළ ඇති වී ඇත.

ෆේස්බුක් ජාලයෙහි ආකර්ෂණයට හසු නොවුණ
අතළොස්සක් වූ ෆේස්බුක් ක්‍රියාකාරීන් වන අප
ෆේස්බුක් නැති ජීවිතයෙන් අප විඳි සුවය
ඒ දින හත අට තුළ නොවිඳි VPN කැරලිකරුවන්ට
වචනයෙන් විස්තර කිරීම කළ නොහැක.

නොවිඳීම විඳීම ඉක්මවා යන සුවයකි.

"නිවනෙහි ඇති සුවය කුමක්දැ"යි
සැරියුත් හිමියන්ගෙන් විමසූ විට
"නොවිඳීමමයි සුවය"
උන් වහන්සේගේ පිළිතුර විය.

නොවිඳීම විඳින්නට
නිවනටම පත්විය යුතු නැත.

විඳින්නට සියලු දේ සහිතව
නොවිඳිනා එක් අසුරු සැණක
නිවන
අප තුළත් ඇතිවී නැති වෙයි.

නිස්සරණය
පුහුදුන් පුද්ගලයාගේ නිවනයි.
ආස්වාදයෙහි ආදීනව දකින්නා
වරින් වර දකින නිවනයි.
ඒ නිවන ලකාට අළුත් නැත

කූඹි ගුල ඇතුළු ෆේස්බුක් ප්‍රතිචාර සියල්ල
ලකාත් හැඟීම්බරව රස විඳින නමුත්
ඒ වින්දනයෙන් උද්දාම වී, උමතු වී
කූඹි කෑවුන් අතරට වැටී තුවාල කරගන්නට
ලකා බොළඳ වූයේ නැත.

අද කූඹියෝ අවසාන එපිය බලා චූන් වී
ඉදිරි දින කිහිපයක් තුළ ආතල් ලබා ගෙන
පශ්චාත් සුරතාන්තයෙන් පෙළෙමින් නික්ම යන
කූඹියෝ රසික ජනතාව විසිර ගිය පසු
කූඹියෝ සමග තනි වී හූල්ලන්නට
ලකා පසුබිම හදා ගත්තේ නැත.
ඔහුට කූඹියෝ රසික ප්‍රතිචාර
ජීවිතය වූයේ නැත.

ලකා නිරතුරුවම කීවේ
ඔහුගේ කාර්යය හමාර වී ඇති හෙයින්
කූඹියෝ අයිති රසිකයාට බවය.
කූඹියෝ මගින් රසිකයා විඳින්නා වූ අපූර්ව සුවය
ඇත්තටම අති සොඳුරු වෙනමම ආතල් එකකි.
අපට ඒ සොඳුරු රසික විඳීම සුවිශේෂී වන්නේ
වෙනත් සුවිශේෂී හේතුවක් නිසාය.

'පබා' 'බට්ටී' බලා කලකිරී
2010 දෙසැම්බර් වලින් පසු
අද කාලයේ ටෙලි නාට්‍ය පමණක් නොව
සමස්ත රූපවාහිනි නාලිකා වර්ජනය කොට
වසර අටකට වැඩි කාලයක්
කිසිදු ටෙලි නාට්‍යයක් නරඹන්නේ නැතිව
කඩුල්ල වැනි පැරණි සුභාවිත ටෙලිනාට්‍ය
අන්තර්ජාලය හරහා යළිත් නරඹමින්
කලක් තිස්සේ පිපාසිතව උන් අප පවුලට
කූඹියෝ පෑදි දිය දෝතක් විය.

කූඹියෝ වැනි
අපූරු ටෙලි නාට්‍යයක් නිර්මාණය කළ
ලකා ඇතුළු කණ්ඩායමේ සියල්ලෝම පාහේ
රසිකයාගේ තාවකාලික ආනන්දයට වහල් වී
බොළඳ ලෙස අමන්දානන්දයට පත් නොවෙන
විශේෂ කණ්ඩායමක් බව කිව හැකිය.

නිර්මාපකයා රසිකයාට යටත් නම්
දූෂණය වන්නේ ඔහුගේ නිර්මාණයයි.

රසිකයාගේ වින්දනය දකින  නිර්මාපකයා
තමා කළ සංග්‍රහය ගැන සතුටු විය යුතුය.
එහෙත් රසිකයාගේ සතුට යනු
ඔහු දක්කන්නට නාස් ලණුවක් නොවන බව
ලකා දන්නා බව අපට පැහැදිලිය.
එහි සැබෑ පදනම
'සංවේදීව' නොවිඳීමයි.

මෝහයෙන් නොවිඳීම
සංවේදීව නොවිඳීමෙන්  වෙනස්ය.

සංවේදීව කූඹියෝ රස විඳින
සුවහසක් රසිකයන් ඉදිරියේ
අද වෙනත් කිසිදු ටෙලිනාට්‍ය කරුවෙකු
මුහුණ නොදෙන තරම් සුවිශේෂී
ප්‍රබල අභියෝගයකට ලකා මුහුණ දී ඇත.
කූඹියන්ගෙන් එහාට යන නිර්මාණයක්
අද රසික සහෘදයන් හෙට ඔහුගෙන් ඉල්ලා සිටියි.
මේ සියලු ප්‍රතිචාරයන්වල අවසානයේ
නියත පොදු ගුණාකාරය එයයි.

ලකා ඒ අභියෝගයට මුහුණ දෙන්නේ
වඩා විශාල ප්‍රතිචාරයක් සඳහා නොව
මේ ප්‍රතිචාර දැක් වූ අප සියල්ලන්ගේ
ආදරණීය බලාපොරොත්තු පෙළට
සාධාරණය ඉටු කිරීමට බවත්
අපි දනිමු.

ලක්මාල්...
ඒ අභියෝගයට
සාර්ථකව මුහුණ දෙන්නට
අපි ඔබට සුබ පතමු..










20180306

"මෛත්‍රී හොරෙක්ද.?"


මෛත්‍රී හොරෙක් කියලා කියන
එකම දේශපාලනඥයෙක්වත්
අපිට හමු වෙන්නෙ නෑ.

මහින්ද, විමල්, අනුර, ගම්මන්පිල ආදී
කිසිම කෙනෙක් මෛත්‍රී හොරෙක් කියන්නෙ නෑ.
එහෙම කියලා මිනිස්සු විශ්වාස නොකළාම
ඒ බොරුව වෙන බොරු වගේ නොවෙයි.
ඒ බොරුව අහු වෙනවා.
ඒ නිසා ඔවුන් ප්‍රවේශම් වෙනවා.

එහෙම කරන්න හැදුවොත්
මෛත්‍රී හොරෙක් නොවෙයි කියල
හයි ලයිට් වෙනවා.

"මෛත්‍රී හොරෙක්" කියන එක රැල්ලක්.

ෆේක් එකවුන්ට් වලින් එන
මාධ්‍ය කණ්ඩායම් සාමාජිකයන් විසින්
රස්සාවක් වශයෙන් ඇති කරන
අස්වාභාවික ගොබෙල්ස් රැල්ලක්.

අන්තර්ජාලය පුරා පැතිරෙන
පෝස්ට් වලින් ඇති කරපු රැල්ලක්
අනිත් ඔක්කොම රැල්ලට ගසාගෙන ගියත්
රැලි වලට අහුවෙන්නෙ නැතුව ඉන්න
කෙනෙකුට ශක්තියක් තියෙන්නෙ ඕන.
ඒ ශක්තිය නැති මිනිස්සු
බහුල වශයෙන් ඉන්න රටක් මේ.

මට මගේ කියල චින්තනයක් තියනවා.
මුළු ලෝකෙම එක පැත්තක් ගත්තත්
මගේ මතය මා තුළින්ම බිඳෙන තුරු
මම ඒ මතයෙ ඉන්නවා.

මෛත්‍රීට විරුද්ධ වෙන්න ඔබට තියන
සාධාරණ අයිතියම
මෛත්‍රී වෙනුවෙන් පෙනී සිටින්නට
මටත් තියනවා.

ලංකාවෙන් 44%ක් ඉන්නෙ තමන්ගෙ කියල
නිදහස් ස්වාධීන මතයක් නැති
උත්පත්තියෙන්ම මහරගම මිනිස්සු.
මහින්ද විසි කරනවානම්
පොල්ලෙල්ලටත් ඡන්දෙ දෙන මිනිස්සු.
මෛත්‍රී හොරෙක් කියල කෙනෙක් කිව්වොත්
මහරගම මිනිස්සු ඔක්කොම ඒක කියනවා.

මෛත්‍රී හොරෙක් නොවෙයි කියා හිතන අපි
මහරගම මිනිස්සු වෙනුවෙන් යමක් කළ යුතුයි.
ඉඳහිට හෝ ස්වාධීනව හිතන කෙනෙක්
ඔවුන් අතරෙත් ඉන්න පුලුවන්.

ජනපති කම ගත්තට පස්සෙ
එකපාරටම මෛත්‍රී හොරෙක් වුණා නම්
ඒක පුදුම සිදුවීමක්.
මිනිස්සු ගහෙන් ගෙඩි එන්න වගේ
හොරකම් වලට පෙළඹෙන්නෙ නෑ.

හොරකමෙන් වැළකීම
එක මොහොතෙන් කරන්න පුලුවන්.
පෙළඹීම කල් ගතවෙලා සකස්වෙන
ප්‍රවණතාවයක්.

තමන්ගෙ කියල හැඟීමක් නැති
කුඩා දරුවන් හොරකම් කරන්නෙ
එහෙම දෙයක් දැනගෙන නොවෙයි.
වැඩිහිටියන් දරුවන් හොරකම්වළින්
උවමනාවෙන් වැලැක්වුවේ නැත්නම්
හොරකමට ඇබ්බැහි වෙන්න පුලුවන්.

ගෙදරින් පිට හමුවෙන කිසිම දෙයක්
පාරෙ වැටිලා තිබිල අහුලගෙනවත්
ගේ ඇතුළට අරන් එන්න එපා කියල
මගේ පුතා මොන්ටිසෝරි යද්දිම
මම ඔහුට නීතියක් දැම්මා.

මොන්ටිසෝරි වයසෙදි
රුපියල් දෙකක් අරන් ගිහින
මම ඔහුට තදින් දඬුවම් කළා.
පස්සෙ රුපියල් සියයක් අරගෙන ගිහින්
කලින් දඬුවම පණස් ගුණයකින්
වැඩි කරල දෙන්න බැරි නිසාම
එදා දඬුවම් නොකර කියල දුන්නා.
කාලයකට ඒ පුරුද්ද මග ඇරුණා.

පුතා පහ වසරෙදිත්
බඩු ගේන්න කඩේ ගිය වෙලාවට
ඉතුරු සල්ලි වලින් කඩචෝරු කන්න
අපි නොදැනුවත්ව හුරුවෙලා හිටියා.
මම පස්සෙන් ගිහින් අතටම ඇල්ලුවා.
ඒක අපට කළ හොරකමක් කියලා
අපි ඔහුට කියල නතර කළා.
කඩේටත්
කිව්වා.

පුතා පස්සෙ දවසක ඒ කඩෙන්ම
ටිපි ටිප් එකක් හොරෙන් අරන් කාල
කොළේ වීසි කරල ගෙදර ආවම
බිරිඳට සුවඳ ආවා.
ඇහුවාම ඔහු පිළිගත්තා.

මම පාරට ගිහින් බැලුවාම
කොළෙත් පාරෙ තිබුණා.
මම ඔහුත් කොළෙත් අරන් කඩේට ගියේ
දඬුවම් දෙන්නත් සූදානමින්.
"ටිපි ටිප් එක බලමින් ඉන්නවා මම දැක්කා"
මුදලාලි මාත් එක්ක කිව්වා.
කඩේ තව කීප දෙනෙක් සිටියා.
මම ඔහුට එතනදිම දඬුවම් කළා.
ඒක ඔහු කරගත් අනතුරට කළ
හදිසි ප්‍රථමාධාරයක්.
නැත්නම් ඔහු හොරෙක් වෙන්න ඒ ඇති.

හොරකම් කරන්න අවශ්‍ය වෙන
හිරි ඔතප් නැති ප්‍රවණතාවය නිසා
ඔහු ලොකු වුණාම හොරෙක් වෙන්නත් පුලුවන්.
පොලීසියට භාර දීම හැරෙන්න
එදාට අපිට වෙන කරන්න දෙයක් නෑ.
මට ඒක කරන්නත් පුලුවන්.
මම මොනතරම් දුකෙන් වුණත්
ඒක කරනවා.
දෙමව්පියන් වශයෙන් අපේ වගකීම
අපි ඉටු කරල තියන නිසා
එදාට අපි වැරදි නෑ.

මේ අත්දැකීම නැතිව හැදෙන දරුවන්
ලක්ෂ ගාණක් ලංකාවෙ ඉන්නවා.
මව/පියා කාර්යාලයෙන් අරගෙන එන පෑන,
පැන්සල, කොලේ අරගෙන පාසල් යන
ලක්ෂ ගාණක් ලංකාවෙ ඉන්නවා.
ඒ දරුවො හොරකමට එරෙහිව
හැදෙන්නෙ කොහොමද?

ඔබත් හොරකම් කරල ඇති.
මමත් පුංචි කාලෙ කරල තියනවා.
ඒ අතීතය අමතක කරන්න.
ඔබ මේ මොහොතෙත් හොරෙක්ද?

මේ මොහොතෙත් ඔබ හොරෙක් නම්
රට කරවන මහ හොරුන්ට විරුද්ධ වෙන්න
ඔබට ආත්ම ශක්තියක් තියනවද?

ඔබ තුළ, ඔබේ චරිතය තුළ
හොරකමට ඇති ප්‍රවණතාවය
ඔබ මෛත්‍රීට විරුද්ධ කෙනෙක් කරන
ප්‍රධානම දුර්වලකමයි.
ඔබ කුඩාවට හෝ හොරකම් කරනවා නම්
"මෛත්‍රී හොරෙක්" කියා හිතන එක, කියන එක
ඔබේ හිතට ලොකු සැනසිල්ලක්.
නැත්නම් ඔබේ මේ අපිරිසිදු බව
ඔබට වද දෙන ගැටළුවක්....

හොරකමට නැඹුරු ප්‍රවණතාවයක් ඇති
සාමාන්‍ය ඕනම කෙනෙක් තුළ බැලුවොත්
තමන්ගෙ මට්ටමෙන් පෑනක් පැන්සලක් හෝ
හොරකම් කරන ප්‍රවණතාවයක් තියනවා.
හොරකම් කරන අය අනිවාර්යයෙන්ම
බාහිර සැප සම්පත් වලට, උපකරණවලට
යාන වාහනවලට, ගේ දොර ඉඩකඩම් වලට
ඇඳුම් පැළඳුම් වලට, කෑම බීමට කෑදර වීම
පොදු ප්‍රවණතාවයක් ලෙස තියනවා.

එවැනි මිනිසුන් සියයට අසූවක්
මෛත්‍රීට එරෙහිව මහින්දට, රනිල්ට
පසු ගිය දවස්වල කැමැත්ත දුන්නා.

මෛත්‍රීට විරුද්ධව 80%ක්.

මේ තරම් හතුරො ඉන්න මෛත්‍රීට
මේ වසර තුන තිස්සෙ වුණත්
දූෂණ චෝදනා නැත්තෙ ඇයි.?

මෛත්‍රී ඇමති කාලෙ කීප වතාවක්
ඔහු මරන්න හැදුවා... ඔහු බේරුණා.
ඔහු දූෂිත නම් ඔහු මරන්න අවශ්‍ය නෑ.
ඔහු නොමරා මරන්න ඒ හොඳටම ඇති.

මෛත්‍රී දූෂිත නෑ කියල  මම හිතන්නෙ
ඒ හේතු කිහිපය මතම නොවෙයි.
ඊට වඩා ප්‍රබල හේතු තියනවා.

මෛත්‍රී දූෂිත නෑ කියල
මම සැකක් නැතුව හිතන්නෙ
මෛත්‍රී ගතකරන ජීවිතය ගත කරන්න
ඔහුට දූෂණ වල යෙදෙන්න අවශ්‍ය නෑ
කියලා මට පැහැදිලිව පෙනෙන නිසයි.

හානා හීය පානා අඬහැරෙන් දැනේ.

චතුරිකා හෝ දහම් දූෂණ කළාය කියල
කවුරු හරි බොරුවට හෝ කිව්වොත්
මම ඔවුන් දෙන්නා සැක කරනවා.
ඔහුගෙ සොහොයුරන් සැක කරනවා.
දූෂණ වල යෙදිය යුතු විදියෙ ජීවිත සහ
උවමනාවල් ඒ අයට තියන බව පෙනෙනවා.
දහම්ගෙ යාලුවො සැක කටයුතුයි.
චතුරිකාට අවධානය අවශ්‍යයි.
ඇයට මොනවා හෝ කරන්න අවශ්‍යයි.
දූෂණ වංචා සහිත දේකට
චතුරිකා පෙළඹෙන්න ඉඩ තියනවා.

ඒත්
මෛත්‍රී හෝ, ඔහුගෙ බිරිඳ හෝ
අපි නොදන්නා අනික් දියණිය හෝ
දූෂිතයි කියා කිව්වාට පිළිගන්න තරම්
හේතු කිසිවක් මට තවම හමුවෙලා නෑ.
ඔවුන්ට සතුටෙන් ඉන්න යාන වාහන,
ගේ දොර ඉඩකඩම් අනවශ්‍ය බව
අපිට බැලුවාම පෙනෙනවා.

ජනපතිකම නැති දවසක
මෛත්‍රීට පොළොන්නරුවට වෙලා
හේනක් කුඹුරක් කරගෙන ඉන්න පුලුවන්.
බලය සොයාගෙන පන්සල් ගානෙ යන්න
මෛත්‍රී ක්‍රියා කරන එකක් නෑ.

මෛත්‍රී හොරෙක් කියා විශ්වාස කරන
ඕනම කෙනෙක් තමන්ගෙ ජීවිතය
තමන්ට අවංකව පරීක්ෂා කර බැලුවොත්
ඔහු ඉතාම සුළුවෙන් හෝ සැක බිය නැතුව
හොරකම් කරන්න ලැජ්ජා නැති කෙනෙක්.

හොරකම අහඹුවක් නොවෙයි.

හිතා මතා සැලසුම් කරල කරන
භාරදූර කාර්යයක්, බර වැඩක්.

හොරකමක් කරන්න ඇතිවෙන උවමනාවට
පළමුව හිතේ පහළවෙන රාගය වැඩිලා
ඒ හොරකමෙන් විඳින්න පුලුවන් සැප ගැන
කාමච්ඡන්දයක් කෙනෙකුට ඇති වෙනවා.
ඒ බලය නිසයි හොරකම සිදුවෙන්නෙ.

මේ ක්‍රියාවලිය ඇත්තටම දුකක්.
ඒ දුක නොතේරෙන අය පමණයි,
හොරකමට ඇබ්බැහි වෙන්නෙ.

හොරකම් වලට යොමුවෙන අයට
ඒ සල්ලි වලින් කරන්න වැඩ තියනවා.
ඒ විදියෙ අරමුණු මත
දූෂණ වලින් සල්ලි හොයන අය
මේ රජය තුළත් ඉන්නවා.

මෛත්‍රී සල්ලි වීසි කරල බලය ගන්න
අතීතයේ කවදාක හෝ හිතුවා නම්
වසර 47ක් තිස්සෙ දූෂණ චෝදනා
කිසිවක් නැතිව ඉන්න ලැබෙන්නෙ නෑ.
2015 දිනන්නෙත් නෑ.

බලය හොයන අය සල්ලි හොයනවා.
සල්ලි හොයන්න බලය හොයනවා.

මෛත්‍රීට දූෂණ චෝදනා තිබුණා නම්
ඒ චෝදනා එළියට එන්නෙ මහින්දගෙන්..
ඔහු සමග ජනපතිවරණයට ආව වෙලාවෙ
ඒ චෝදනා ඉදිරිපත් කළා නම්
මෛත්‍රීට දිනන්න ලැබෙන්නෙ නෑ.

මම මෛත්‍රී හොරෙක් නෙවෙයි කියන්නෙ
මගේ හිතේ තියන භක්තිය නිසා නොවෙයි.
මේ වගේ නොයෙක් කෝණ වලින් හිතා බලල
මට සැක සහිත තැන් හමු නොවුණ නිසා
මම දරන මතය වෙනස් වෙලා නෑ.

මෛත්‍රී හොරෙක් කිව්වාම ඔව් කියා අදහන අය
මොන යම් හේතුවක් නිසා ඔහුට විරුද්ධ අයයි.
ඔවුන්ට තියන ලොකුම ගැටළුව වෙන්නෙත්
එවැන්නෙක් ඔවුන් අතර සිටීම නිසා
මත්පැන් බොන පිරිසක් අතර
නොබොන කෙනෙක් ඉන්නවා වගේ
ප්‍රශ්නයක් ඇති වෙනවා.

ලංකාවෙ ඡන්ද දායකයන්ගෙන් 80%කට
දූෂණ වංචා ප්‍රශ්නයක් නෑ.
මෛත්‍රීත් හොරෙක් කියල හිතන්න, කියන්න
ඒ සියයට අසූවක් ජනතාව කැමතියි.
ඒ සියයට 80 හඳුනාගන්න පුලුවන්.
ඔවුන්ගේ චරිත, කතා බහ ආදිය
අනන්‍යතාවයක් සහිතව සමානයි.

මේ රටේ හොරකම් නවත්වන්න නම්
ඒ නවත්වන පුද්ගලයාට 50%ක් ජනතාව
බලය ලබා දෙන්න ඕන.
ඒ ශක්තිය නැත්නම් බහුතරය විසින්
ඔහු විනාශ කරනවා.

ලංකාව පුරාම විසිරී ඉන්න
ඕනම පොල්ලෙල්ලකට ඡන්දෙ දෙන
මහරගම මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ
මහින්ද, රනිල් වගේ දක්ෂ හොරු මිසක්
හොරකම් නැති කරන අය නොවෙයි.

හොරකමට විරුද්ධ අය අතරෙත් ඉන්න
මැර චරිත බලාපොරොත්තු වෙන්නෙ
හොරු විනාශ කරන මැරයෙක්.
එහෙම කෙනෙක් බලයට ආවොත්
ඉන්න හොරු අල්ලලා හිර කරලා
මැරයා කෑම පටන් ගන්නවාට සැක නෑ.

දූෂණ නැති කරනවා නම් කරන්නෙ
රටේ බහුතරයක කැමැත්තත් ලැබෙන,
චරිතයෙන් මෛත්‍රී වගේ කෙනෙක්.

අද ලැබී තියන
සුළු නිහඬ ජනප්‍රියත්වයෙන්
මෛත්‍රීට ඒක කරන්න බැහැ.
ගහක් වුණත් බිම වැටෙන්න
ගුරුත්ව කේන්ද්‍රය පනින්න අවශ්‍ය
යම් සීමාවක් තියනවා.

ලෝක ස්වභාවය ඒකයි.

ප්‍රජාතන්ත්‍රවාදී නැති
ඒකාධිපති මැරයෙකුටවත්
සියයට පණහක ජනතා කැමැත්ත
ලබාගන්න බැරි නම් බලයෙ හිටියත්
විශාල වෙනස්කම් කරන්න බෑ.

ලංකාවෙ 80%ක්ම ඡන්දෙ දුන්නෙ
හොරුන්ට සහ හොරු විසි කල
පොල්ලෙලිවලට බව අපි දන්නවා.
ඉතුරු විස්සෙනුත් මෛත්‍රීට ලැබුණ
ඡන්ද ප්‍රතිශතය කීයද?

මේ ප්‍රතිශතයෙ බලයෙන්
රට වෙනස් කරන්න තරම් ශක්තියක්
මෛත්‍රීට ලැබෙන්නෙ නෑ.

ඉදිරි අවුරුදු දෙකේ රට යන්නෙ
දූෂණය පැත්තටද නැත්නම්
දූෂණ විරෝධය පැත්තටද කියල
ඉදිරි මැතිවරණ වලදි බලමු.

මෛත්‍රී බලයෙ ඉන්න තුරුම
යමක් වෙන්න පුලුවන් කියන
දැඩි විශ්වාසයෙන් නොසැලී
මම ඉවසීමෙන් බලාගෙන ඉන්නවා.
මට කිසිම හදිසියක් ඇත්තෙ නෑ.

ත්‍රී වීලරයක් හරවන්න වගේ
බර වහනයක් හරවන්න බෑ.
පල්ලමේ වේගයෙන් ඇදිලා යන
දූෂිතයන් සහිත බර වාහනය
ආපසු හරවාගෙන කන්ද ඇදීම
ඊටත් වඩා අමාරු වැඩක්.

මෛත්‍රී මේ දූෂිත රටේ
තිරිංග තද කරන්න උත්සාහ කළත්
මම උපරිම තෘප්තිමත්.

කවමදාවත්
දූෂණ වංචා නැතිම කරන්න බෑ.
ඒත් අවම කරන්න පුලුවන්.
ඒ බලාපොරොත්තුව තියනවා.

මෛත්‍රීට බලය නැති වුණදාට
නැවත ඔහු බලයට එනතුරු
මම ඒ බලාපොරොත්තුව අත් හරිනවා

20180302

ඔබේ චිත්‍රකථා පොත මුද්‍රණය කර ලොව පුරා බෙදා හරින්න.


ඔබේ චිත්‍රකථා පොත
සියලු අයිතීන් ඔබටම තබාගෙන
සිංහලෙන් ඉංග්‍රීසියෙන් හෝ
වෙනත් ඕනෑම භාෂාවකින්
Kablam නම්
මුද්‍රණ සමාගම මගින්  මුද්‍රණය කරවා
ලෝකය පුරා බෙදා හැරීමත්
ඔවුන්ගේම සහෝදර සමාගමක් වන
Indyplanet මගින් කළ හැකියි.

පොත අන්තර්ජාලය මගින්
Kablam වෙත යොමු කිරීම හැර
වෙනත් කිසිදු වියදමක්
ඔබට දරන්නට වන්නේ නෑ.

ඔබේ පොතේ විස්තර
පහත දැක්වෙන ෆෝරමයට පුරවා
පොතක මුද්‍රණ ගාස්තුව සොයා ගන්නට
ඔබට මේ මොහොතේත් පුලුවන්.



ලෝකයේ කවර රටක කෙනෙක් වුවත්
ඔබේ පොතෙන් එක පොතක් හෝ ඉල්ලුවොත්
ඒ පොතෙන් එක පිටපතක් මුද්‍රණය කොට
ඒ ඇණවුම් කළ තැනැත්තාට යවන්නට
ඒ සමාගමට පහසු කම් තියනවා.
ඔවුන් ඒ සඳහා නිශ්චිත
මුද්‍රණ ගාස්තුවක් අය කරන අතර
පොත යැවීමේ ගාස්තුවත්
පොත මිලට ගන්නා තැනැත්තාම
ගෙවිය යුතුයි.

පොතේ මුද්‍රණ වියදම නිශ්චිත වන අතර
ඒ ඔවුන් ලබන එකම ආදායමයි.

ඔබට කැමති ඕනෑම මුදලකට
ඔබේ පොත මිල කළ හැකි අතර
ඔවුන්ගේ මුද්‍රණ ගාස්තුව (==X)
ඔවුන් පොතේ මිලෙන් අඩු කරගෙන
ඉතිරි මුදල ඔබට ලබා දෙනවා.
වෙනත් කිසිදු ගාස්තුවක්
ඔබ ගෙවිය යුතු නෑ.

ඔබේ පොත විකුණුනේම නැතත්
ඔබට නැති වෙන දෙයක් නෑ.

by
Asiri99

සැලකිය යුතුයි.
ඔබ උපයන මුදලෙන් කිසියම් සියයට ගණනක්
ආදායම් බදු ලෙස ගෙවීමට සිදු විය හැකිය.
ඒ සඳහා අවශ්‍ය නීතිමය අවශ්‍යතා
ඔබ විසින් සපුරාලිය යුතුය.


Am I surrendering any rights to my comic
by listing it at IndyPlanet?


Absolutely not.  None.

By listing your titles at IndyPlanet you grant us

the right to do only ONE thing –to print and fulfill orders

on your behalf for as long as you allow the item to be listed at the site.  
That’s it.   Nothing else.
You retain all other rights.
You may withdraw the listings at any time with no penalty whatsoever.
==========================================

How do I get my files to Kablam?


    There are a couple of different options actually.

After you’ve placed your order, you’ll have the option of either sharing the files with us through cloud-based storage service such as Dropbox or Google Drive, etc.  Or you can send us a direct link to a PDF or an archive file (zip, sitx, rar, etc.) if you have them stored on your website.

OR … you can choose to upload them directly to us using our Uploads Center.

There is a 300mb limit on uploads, so if your archive file is larger than that —

1) make sure your files are all compressed using a loss-less algorithm such as zip or lzw and —

2) if your files are compressed and the archive is still more than 300mb, then you’ll have to send your files in batches of archives. For example, two 150mb archives instead of one 300mb archive.

In order to have access to the Uploads Center you will need an active order or re-order with the change option selected.
======================================

About Ka-Blam

In 2005, after nearly a decade of freelancing for publishers large and small, Thomas Florimonte Jr. and Barry Gregory left the world of creative work-for-hire and formed Ka-Blam Digital Printing.

After a few months of preparation, Ka-Blam officially opened for business in early 2006.

The idea was a simple one … create a high quality, low cost printing solution for the under-served independent comics community.

Thomas and Barry created a system that would allow independent publishers and self-publishing creators to set print runs based on their immediate needs — not on quantity thresholds — and then to re-order in any quantity at their convenience as they needed.  Such a system would allow creators and smaller publishers to focus on creating and marketing their comics, not worrying about how they were ever going to afford a
print run.

Ka-Blam’s innovations didn’t stop there.  Ka-Blam was the first comics printer to structure pricing in such a way as to make full color comics printing easily affordable for anyone.  At the time Ka-Blam launched there was virtually no such thing as a full color “small press” comic.  Now more than half of Ka-Blam business is now from full color comics printing.

Ka-Blam was also the first to eliminate setup fees, further lowering the barrier to entry for small publishers.

The independent comics scene took notice.

Ka-Blam’s growth has been explosive. In a little over seven years of operation Ka-Blam has amassed almost 16,000 registered users, processed nearly 200,000 orders, and put almost 2 million comics into print. From two part-time employees working out of a small office with one digital press, Ka-Blam now has five full time employees  and operates from a multi-office suite more than seven times the size of their original space.

In 2007, Ka-Blam launched IndyPlanet.com the first printed-on-demand online comics shop.  IndyPlanet  quickly grew into the greatest selection of independent comics available anywhere ever. There are now more than 7,000 comics available at IndyPlanet … with more added every single day.

Over the years, Ka-Blam has also expanded their offerings to include not only comic book printing, but also paperbacks,  posters and prints, pre-lined artboards, and coming soon will be trading cards and wide-format printing.