20140310

අප්‍රාණික අගුලක වුණත් හැඟීමක් දැනෙනවා නම්




රජරට රැජින දුම්රියෙ එද්දි
මගේ පුතා පෙන්වපු දසුනක් මේ .
මම ඒ විශ්මය තීව්‍ර කරන්න උත්සාහ කලා.

  • දර්ශ රණවක wow.. looking animation art...'
  • දර්ශ රණවක I like this.. he telling something ...
  • Dinusha Deshapriya Samaratunga wonder how you child view's creativity...
  • Sharmane Warnakulasuriya wow.. yr son is so creative....
  • Lakindu Amendra wow pattai appa...
  • Dilhan Maduranga This is something we can call "අපූර්ව"
  • -Chandana Liyana Arachchi- ඇත්තටම අපුරුයි
  • Janith C Pemasundara සර්ට වගේම පුතාටත් හොද ඇහැක් තියෙන බව පේනවා
  • Gihan Harshana අපේ වචනයෙන් කියනවනමි.........පට්ට
  • Kaveen Manishka Kariyawasam දැක්ක ගමන් මට මතක් උනේ මේක!
  • Kaveen Manishka Kariyawasam මට මතක් උනේ මළගිය ඇත්තෝ පොතේ එක තැනක කියන්නේ ජපානේ මිනිස්සු හිත්පිත් නැති යන්ත්‍ර පවා සායම් කර විසිතුරු කර ඒවාට ජීවයක් එක් කරනවා කියන කොටස......
  • Kaveen Manishka Kariyawasam ඒ වගේම මතක් උනා කලින් වතාවක් ඔබතුමා සමුහයකට පළකරපු මේ වගේම දෘඩ වස්තුවක සුන්දරත්වය පිලිබඳ චයාරුපය
  • Sriyantha De Silva Aramuna nam apoorui.pht ekat tikak balance wnanam ???
  • Athula Siriwardhane .
    පුතා මේ මුහුණු සොයන්න පටන් ගත්තෙ
    ඒ ඡායාරූපයෙන් පසුවයි.. කවීන්..
  • Athula Siriwardhane .
    Sriyantha.
    ඡයාරූපයක් සමබර කරද්දි

    ඇහැට සුවයක් වෙන විදියට
    ස්ථානගත කරන්නයි
    බොහෝ අය පෙළඹෙන්නෙ.

    ඒත් ඡායාරූපයක් දැනෙන්නෙ
    හැඟීමක් ඇතිවෙන ආතතියක්
    හිතා මතාම ඇති කිරීමෙන්..

    හැඟීම විඳිනවා නම්
    රාමුව හරි..
  • Udesh Kotuwegedara අපූරු දැක්මක්...
  • Nimalsiri Jayasena athula...hariyatama hari
  • Nadun Akalanka පට්ට
  • Lakindu Amendra kamak na neda mn meka mage 4n eke lock screen ekata dammata? eka niyameta match wenawa...
  • Athula Siriwardhane .Thanks...
    අන්තර්ජාලයෙ පළ කරන දේවල් පස්සෙ
    මම එළවන්නෙ නැහැ.

    මම එක තැනක දාන එකක්
    වෙනත් අය විසින්
    තව දෙතුන් තැනක පළ කිරීම
    අගය කිරීමක් කියලයි මම දකින්නෙ.
  • Sajith Fernando හරි අපූරුයි
    පණ තියෙනවා
  • Lakindu Amendra ඇත්තමයි. මේක හරිම ලස්සන පින්තූරයක්. මං ඒකයි මගෙ 4n එකේ lock screeen එකට දාන්නද කියල ඔයාගෙන් ඇහුවෙ. කලාකරුවෙක් සතු දෙයක් අනවසරයෙන් ගන්න එක හරි මදි කියල මට හිතුනා.
  • Athula Siriwardhane .
    750+ ලයික් දමපු
    හැම කෙනෙකුටම

    ස්තූතිවන්ත වෙනවා..
    පුතා වෙනුවෙනුත්...

  • Ishan Anushka Herath next cover photo
  • AV Hertz wow.. awsome feeling
  • Athula Siriwardhane .
    මට මේ ප්‍රතිචාරය අදහන්නත් අමාරුයි..
    සාමාන්‍යයෙන් මගේ ඡායාරූපයකට

    ලයික් වැටෙන්නෙ උපරිම 30ක් 40ක්...
    නිතර ස්තූති කරල
    ඡායාරූපය උඩට ගැනීමත්
    මම කරන්නෙ නැහැ.
    කෘතඥතාවය දැණුනත්
    මම ස්තූති කිරීමෙන් වළකින්නෙත්
    ඒ හේතුව නිසයි.
    ඉතාම කලාතුරකින්
    ලයික් 100ක් ඉක්මවල තියෙනවා.
    200ක් දක්වා ගිය බවක් මතක නැහැ.
    පැය 3ක් ඇතුළත් 500 ඉක්මවා යාම
    කොහොම සිදු වුණාද කියල
    හිතන්න අමාරුයි.

    සැබෑ මුහුණක හැඟීමක අපි දකින
    හැඟීම් නිරූපණයකදි මතුවෙන
    පොදු ලක්ෂණ සහිත
    හැඩතල කීපයක් මෙහි තියනවා.

    අප තුළ හැඟීමක් ජනිත කරන්නෙ
    අපේ විඥාණය තුළ සටහන් වුණ
    ඒ පොදු ලක්ෂණයි.

    මිනිසුන්ගේ හෝ සතුන්ගේ
    ඡායාරූපවල වුණත් අපි විඳින්නෙ
    මේ ලක්ෂණම තමයි.

    මම පුද්ගලිකව කැමතියි
    මෙවැනි අජීවී වස්තූන්ට
    ජීවයක් කවන්න.

    අපි නිතර දකින මානයෙන් මිදිලා
    නව මානයකින් දකින මෙවැනි ඡායාරූප
    අපි ගන්න අනික් ඡායාරූප වලටත්
    අපූර්වත්වයක් එක් කරන්න
    හේතු වෙන්න පුලුවන්.

    මෙවැනි අජීවී වස්තුවක හැඟීම් දකින්න
    අපි පුරුදු වුණොත්
    මිනිසුන් සහ සතුන්ගෙ
    සියුම් හැඟීම්වලට පවා
    සංවේදී වීම පහසු වෙයි.

    ඉතින්,
    මේ අගය කිරීමෙදි,
    ඔබේ රසඥතාවයට යමක් එක්වුණා නම්
    ඔබේ අගය කිරීම සම්පූර්ණයි.
    අපේ ගනුදෙනුව සම්පූර්ණයි.

    ඔබට නැවත වරක් ස්තූතියි.
  • Sajith Fernando සමහරවිට මේ වගේ සමූහ ගැන ඔබගේ තිබුනු යම් ආකල්ප වැරදි වෙන්න පුළුවන්...
  • Athula Siriwardhane .
    මේ සමූහ ගැන
    වැරදි හෝ නිවැරදි ආකල්ප

    ඇතිකරගන්න බැහැ සජිත්...

    මේ සමූහ දවසින් දවස වෙනස් වෙනවා.

    අපේ ආකල්පත්
    බිල්ඩින්ග් බ්ලොක් සෙට් එකක් වගේ
    දවසින් දවස අලුතෙන් හිතමින්
    ඒ වෙනස්වෙන ආකාරයට
    අලුතෙන් හදාගන්නවා නම්
    හිත කැළඹෙන්නෙ නැතුව ඉන්න පුලුවන්..
  • Sajith Fernando එහෙමනම් මම සාර්ථකයි
  • Athula Siriwardhane . ඒ කොහොමද?
  • Sajith Fernando මම කැළඹෙන්නේ නැහැ
  • Athula Siriwardhane .
    හිතේ තරහක් දුකක් තියෙද්දිත්
    කැළඹෙන්නෙ නැතුව ඉන්න පුලුවන්ද?
  • Sajith Fernando කැළඹුන අවස්ථා ඇත්තේම නැහැ කියන්න බැහැ.
    මම අවසන්වතාවට කැළඹුනේ ඔබගේ ප්‍රකාෂයක් නිසා.
  • Athula Siriwardhane .
    එහෙනම් මගේ ප්‍රකාශය සාර්ථකයි..
  • Sajith Fernando කෙනෙක්ගේ ප්‍රකාෂය මුළුමනින්ම අසාර්ථක වුනත් තව කෙනෙක් කැළඹෙන්න පුළුවන්
  • Athula Siriwardhane .
    ඒ කියන්නෙ කැළඹීම
    ප්‍රකාශයට සාපේක්ෂ නෑ කියන එකද...
  • Sajith Fernando ප්‍රකාෂය අතිශයින් අසාර්ථකයි
    පේන්න තියෙන දෙයක් ගැන
    ඇති කරගත් වැරදි වැටහීමක් ඒක

    කැළඹීම අතිශය තාවකාලිකයි
    මිනිත්තු කීපයක් පමණ
  • Athula Siriwardhane .
    මොකක්ද ප්‍රකාශය?
  • Sajith Fernando අමතක කලා
  • Athula Siriwardhane .
    කැළඹීම ඔබේ වගකීමක්..
    ප්‍රකාශය වැරදි නම්

    දැනගන්න වටිනවා...
  • Sanjeewa Marasinghe 889 likes .. damn... U deserve a medal
  • Athula Siriwardhane .
    They deserve the prize.. not me Sanjeewa..
  • Charith Gunarathna මේ photo එක සුපිරිම එකක්. මන් ගොඩක් ආසයි. Urban Decay
  • Sajith Fernando මතක තියාගත්තා නම් තවම කැළඹිලා
    මම මොකටද ලේ පුච්චගන්නේ
    ඔබගේ හෝ ගිම්හාන මහත්මයාගේ වෝල් එකේ තිබුනා වගේ මතකයි
  • Athula Siriwardhane .
    ඔබේ ක්‍රමයත් සාමාන්‍ය ක්‍රමයමයි..
    මම හිතුවා වැරදියි..
  • Sajith Fernando නැහැ මම මුළු මනින්ම අමතක කලා
    ඒත් කැළඹීම ගැන විමසූ නිසා මම මතක් කලා අවසන් වරට කැළඹුනේ කවදද කියලා.
    සිද්ධිය මතක නැහැ

    නමුත් කැළඹුනා මතකයි
    පිළිතුරු දෙන්න තරම්වත් වෙලාවක් කැළඹීම හිතේ තියාගත්තේ නැහැ
    ඔබට මා ගැන කැමති විදිහකට තේරුම් ගන්න පුළුවන්
  • Athula Siriwardhane .
    සජිත්,
    ප්‍රතිචාර දක්වන

    පොදු ක්‍රම තුනක් තියනවා...
    1 කැමතිවෙනවා.
    2, අකමැති වෙනවා..
    3, නොසලකා හරිනවා.

    හතරවැනි ක්‍රමයකුත් තියනවා.
    ඔබ දරන වගකීම් අනුව
    ඔබ හතරවැනි ක්‍රමය සොයා ගත යුතුයි..
    ඉහත ක්‍රම තුන
    ඔබේ වගකීම් අනුව
    ඔබට ගැලපෙන්නේ නැහැ..
  • Athula Siriwardhane .
    සිද්ධිය අමතක කළාට
    පිච්චුණ ලේ තවම තියනවා.

    සිද්ධිය මතක තියෙද්දි
    ලේ පිච්චෙන්නෙ නැතිව ඉන්න
    හතරවෙනි ක්‍රමයට පුලුවන්..
  • Sajith Fernando ඔබ හිතනවා ඇති මම මතක තියාගෙන ඉන්නවා කියලා
    සිද්ධිය අමතක වුනත්
    එහෙම නම් මේ ප්‍රතිචාරය වෙනස් වෙන්න තිබුනා

    මම මේ ප්‍රතිචාර දක්වන්නේ සිදුවීමක් නොවුන ගානට
    මගේ හිතේ ඔබ ගැන කලකිරීමක්වත්
    ඔබ ගැන කැළඹීමක්වත් නැහැ
  • Dileepa Wattegama පින්තූරු ගන්න හෑම කෙනෙක්ට හෑම අතින්ම මෙ පින්තූරෙ හොඳ ආදර්ශයක්, තාක්ෂයනය, කලාව, වර්න, හෑඩතල, ස්තානගත කිරීම, මේ හෑමදෙයක් ගෑනම හිතන්න පුලුවන් සරල පින්තූරයක් මේක. අපි නොදකින අපේ වට පිටවේ සුන්දරත්වය සොයන්න අපිව උනන්දු කරවන පින්තූරයක් මේක. හරිම අගෙයි අතුල සර්.....
  • Dileepa Wattegama ඒ වගේම මෙහි ඈති එකම දෝශය වන්නේ නිවෑරදිව නාභිගත නොවීමයි... එය පින්තූරය රස විඳින්ට කොතරම් බදාවක්ද යන්න බලන ප්‍රේක්ෂකයගේ දෘෂ්ටියට අනුව තීරනය වේ....
  • Athula Siriwardhane ප්‍රේක්ෂකයගේ දෘෂ්ටියට අනුව... ow Dileepa
  • Athula Siriwardhane .http://ridmasankalana.blogspot.com/2013/05/19.html
    නිදහසට කරුණක් නොවෙයි දිලීප..
    ...See More

  • Athula Siriwardhane .
    අප්‍රාණික අගුලක වුණත්
    හැඟීමක් දැනෙනවා නම්
    විඳින්න කැමති බව...
    නැවත වරක් තහවුරු කරමින්
    පැය විසි හතරක් තුළ 1000+ ලයික් දමපු
    හැම කෙනෙකුටම නැවත ස්තූතිවන්ත වෙනවා..
    පුතා වෙනුවෙනුත්.......